සන්නාලියනේ සන්නාලියනේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ
හදවත සසල කරවන, ජීවිතය ගැන සිතන්නට පොළඹවන මේ ගීතය අමරදේවයන්ගේ හඬින් ගැයෙන කොට සිත අමුතු නිද්‍රාවකට පත්වෙනවා. පිණි බිඳුවක් වැනි මේ ජීවිතය ඉතා කෙටි කලකින් අප හැර දමා යා යුතුයි. අද ඒ ගීය ගැයූ මහා ගාන්ධර්වයා නික්ම ගිහින්. ශෝකය මුසු වුනත් ඔහු ඉතිරි කර ගිය වස්තූන් බොහෝයි. ඔහුගේ අමරණිය හඬ මෙන්ම අප අතර තබා ගිය ගීත නිධානය අපේ හදවත් සතුටට ඉදිරියටත් පත් කරාවි. ඒ වගේම අපේ හෙලන සුසුම් සමගත් ඒ අමරණිය හඬ රැඳී පවතීවි.
එවැනි සුසුමක් හෙලෙන ආරංචියක් මට අසන්නට ලැබුනා අමරදේවයන්ගේ මරණයත් සමගින්ම. ඒ ඉන්දිරා ජයසුරිය ඩිකර් ගේ සමු ගැන්ම ගැන. ඇය මියගියේ පිළිකා රෝගය උත්සන්න වීමෙන්. ඒ රෝගය සමග ඇගේ සටන ගැන හා පුතු වෙනුවෙන් ඇය කළ කැපකිරීම ගැන ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුනා කලකට පෙර. මම දුටුවා තරුරසි මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා ඒගැන අද හිමිදිරියේ.

ලංකානිව්ස්වෙබ් හි චන්දිම සහෘදයා සමග කතා කරද්දී ඔහු ඉඳහිට මතක් කරන දේ අතරින් මතකයට නැගුනේ ඔහු කරු ජයසූරිය මහත්මා ගැන කී කතා දෙකක්. එකක් තමා කරු ජයසූරිය තම දියණියන්ට පිය සෙනෙහස ලබාදීමට නොහැකි වීම ගැන තැවුණ හැටි. දේශපාලනයට ජීවිතය කැප කරපු නිසා දියණියන් දෙදෙනාට නිසි ආදරය දැක්වීමට නොහැකි වීම ගැන විටින් විට ඔහු තුල මතුවන වේදනාව.
ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නරෝද්නික් වාදී ක්‍රියා මාර්ගයක් අරන් දේශපාලකයන්, කලාකරුවන් , පැරණි වාමාන්ශිකයන් මෙන්ම කුඩා ව්‍යවසායකයන් පවා ඝාතනය කරන කාලේ ඒ තර්ජනය කරු ජයසුරියටත් තිබුන. මර්දනකාරී රාජ්‍ය බලයට එරෙහිව මිස පුද්ගලයන්ට එරෙහිව අවි භාවිතා කළ යුතුද යන ප්‍රශ්නය පසෙකට දමමු. කරු ජයසුරිය ඒ දිනවල ප්‍රේමදාස රජයේ පෞද්ගලීකරණය පිලිබඳ කටයුතු වල ප්‍රධානියා. එනිසා ජවිපෙ සන්නද්ධ අංශයේ තර්ජනය ඔහුටත් එල්ල වුණා.
මාර්තු මාසයේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය වුණා. තේවිස් ගුරුගේ ජුලි 23 හා එල් ඩබ් පණ්ඩිත ජුලි 27 ඝාතනය වුණා. ජවිපෙට බැරවුනු ප්‍රේමකිර්ති ද අල්විස් ගේ ඝාතනය සිදු වුණේ ජුලි 31. එනිසා හිටපු ජනපති ප්‍රේමදාස මහතා තීරණයක් ගත්ත කරු ජයසුරිය තානාපති කරලා ජර්මනියට යවන්න.
කරු ජයසූරිය යුවල තීරණයක් ගත්තා දියණියන් දෙදෙනා නතර කරන්න බිරිඳගේ නැගණිය වෛද්‍ය රත්නා අඹේපිටියගේ හා ඇගේ සැමියා වන වෛද්‍ය ගුණසිරි අඹේපිටිය යුවළගේ නිවසේ. ඔවුන් ජිවත් වෙන්නේ එංගලන්තයේ ලීඩ්ස් ප්‍රදේශයේ . එනිසා පොඩි දුව වයස දොළහේ සිටම හැදුනේ දෙමාපියන්ගෙන් ඈත්ව වෙන රටක. පියෙකුගේ සෙනෙහස දුවට හරියාකාරව නොදුන් ඒ වේදනාව කරු ජයසුරිය මහතාට තිබුන.
දුව ඉපදුනු වෙලේ කරු පොඩි ගවුමක් ගන්න ඇති දුවට.
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
ඇය උගත්තේ හොඳ ග්‍රැමර් විදුහලක් වන ෆුල්නෙක් වල නිසා ඔවුන් නැවත දුවරුන් ගෙන්වා ගත්තේ නැහැ. පාසැල අවසන් කරලා බ්‍රඩ්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයේම උගෙන් ශාස්ත්‍රපති උපාධිය ලත් ඉන්දිරා විවාහ වුනෙත් එංගලන්තයේ බ්‍රිතාන්‍ය වැසියෙක් සමගමයි. ඉන්දිරාගේ හා මාර්ටින් ගේ විවාහය සිදු වුනේ ශ්‍රී ලංකාවේ.
ඉන්දිරාගේ හා මාර්ටින්ගේ විවාහය සිදු වුනේ 2003 වසරේ ශ්‍රී ලංකාවේදී. කරු ජයසූරිය මහතා ට ඒ පිළිබඳව තියෙන්නෙ නිරහංකාර සතුටක්. ඔහු ඒ පිළිබඳව කියන්නෙ 'Wedding of the year' කියලා.
සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
පොඩි දූ සනීප වෙන සැමවිටම වෙනත් රාජකාරි අතරේ කරු ජයසුරිය එංගලන්තෙට දුවන් ආවේ දුව බලල යන්න.
වසර 1997 දී කරු ජයසුරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා. ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටයවල දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා. ඊට පස්සේ එක මේසේ ඒගොල්ල සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම කතා කරන්න බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "
කරු දේශපාලනය කලේ තමන් ට හරිය කියල හිතෙන එක. ඔහු ව්‍යවසායකයෙක් නිසා පෞද්ගලිකරණය හොඳයයි කියල ඔහු හිතන්න ඇති. රජයෙන් ඔහුට දුන් වගකීම ඒක. රටට ආදරය කෙනෙක් හැටියට හුඟක් වෙලාවට ජවිපෙ රජයක් යටතේ වුනත් ඔහු දෙන වගකීමක් පවා භාර ගන්න තිබ්බ. එහෙම නැත්නම් විමල් විරවංශ නියෝජනය කල පක්ෂය රාජ්‍ය බලය ලැබුන නම් චීනය වගේම පෞද්ගලිකරණයේ සමහර කොටස් වලට එකඟ වෙන්නත් ඉඩක් තිබෙනවා. දෙපක්ෂයේම භිෂණය නොතිබුනා නම් පවුල්අවුල් වීම, දෙමාපිය සෙනහස දරුවන්ට අහිමි වීම් වගේම පළුටාව වගේ සිදුවීම් පවා නොවෙන්න ඉඩ තිබ්බ. මිට වැඩිය දේවල් අහිමි වුන පවුල් තියනවා. ඒකත් ඇත්ත.
නමුත් ඒවා ඔක්කොම වෙලා ඉවරයි.
අමරදේවයන් ඉපදිලා තියෙන්නේ 1927 දෙසැම්බර් 5. පිරිපුන් දිවියක් ගත කරලා ඔහු නික්ම ගියා.
ඉන්දිරා ඉපදිලා තියෙන්නේ 1975 සැප්තැම්බර් 26. තමන්ගේ පුතුට ජීවිතය දීලා ඇය නික්ම ගියා. පිලිකා වගේ රෝගයක් හැදුණු කාන්තාවන්ට ඇය ධෛර්යයක් වගේම ආදර්ශයක්. ගිම්හානයේ ඉල් මස දෙවැනිදා, අඳුරු සීතල ලන්ඩනයේදී ඉන්දිරා දශක හතරක කෙටි ජීවිතයට සමුදෙමින් නික්ම ගිය දිනට පසුදා හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් ද නික්ම යන්නට යෙදුනා.
භාරතයේ මහා කිවිඳියක වූ සරෝජනි නායිඳුගේ කවියක් ඇසුරෙන් මීට වසර හතළිහකට පෙර අපෙන් සමුගෙන ගිය මහගමසේකර ශූරීන් විසින් ගේයපදයකට පෙරලූ දිවංගත ඔස්ටින් මුණසිංහයන් සංගීතවත් කළ 'සන්නාලියනේ' ගීතයේ කටුක අමිහිර යථාර්ථය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය තනිවම අත්විඳින්නට ඇති.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ
ඔවුන් දෙදෙනාටම සුභ ගමන්.
දෑසට කඳුලක් නැගෙන වෙලේ අමරදේවයන්ගේ ලයාන්විත කටහඩින් නැළවෙන්නට අපට පුළුවන් ඔහු මුළු මහත් ජනතාවකට තබා ගිය සංගීත දායාදය නිසා.