සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැවත රුසියාවට පැමිණි එඩි හන්ටින්ටන් USSR ගීතය ගයන අයුරු පහත වීඩියෝවේ.
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1ලිපියේ මුලින් සඳහන් කළ හැසිරීම් සෝවියට් දේශයේ බහුල දෙයක් නොවේ. එය අද බටහිර සමාජයේ වුවද සුළුතරයක් අනුගමනය කරන ජිවන රටාවකි. ලිපියේ මුඛ්‍ය අදහස වූයේ එවැනි නිදහසක් තිබු බව කීමට මෙන්ම ලෙනින් සහ ට්‍රොට්ස්කි ගේ සුක්ෂම මොලයෙන් විප්ලවය මෙහෙයවුවද ඔවුන් සාමාන්‍ය ලෙස ජීවත්වූ බව කියන්නටය.
සෝවියට් විවාහය පිලිබඳ ප්‍රබල වෙනස් කම් 1936න් පසුව ඇතිවුණු බව මුල් ලිපියේ සඳහන් කලෙමි. වසර 1926 ප්‍රධාන වෙනස් කම් දෙකක් කරන ලදී. විවාහය ලියා පදිංචිය රජයට අවශ්‍ය දෙයක් ලෙස සැලකුණි. එකට ජීවත්වීමට බාධාවක් නොමැත. දික්කසාදය තවත් ලිහිල් කරන ලදී. එනම් උසාවි යාමක් නොමැතිව දික්කසාදය ලියා පදිංචිය පමණක් ප්‍රමාණවත් විය. කාන්තාවන්ගේ විවාහ වයස 18 දක්වා දික් කරන ලදී.
ස්ටාලින් ගේ පාලන සමයේ ගබ්සාවන් කිරීම (1936 දී) තහනම් කරන ලදී. දික්කසාදය වඩාත් අපහසු විය. දෙපාර්ශ්වයම සිවිල් විවාහ දෙපාර්තමේන්තුවට (ශාඛා වලට)ගොස් දික්කසාදයට මුදල් ගෙවිය යුතු විය. දික්කසාද වූ බවට ගමන් බලපත්‍රයේ සටහනක් වැටුණි. මෙය සමහරවිට අවාසිදායක විය.
දෙවන ලෝක යුධ සමයේ 1944 ජුලි 8 දා සම්මත කල පනතින් රාජ්‍ය ධනවාදය වඩා තහවුරු කරමින් විවාහය ලියාපදිංචි කර නොමැති නම් කිසිම දේපලක සාමුහික අයිතිය අහිමි කරන ලදී. නිවෙස් මිලදී ගැනීමට අවසර නොතිබූ මේ කාලයේ කෙනෙකු සතුව තිබෙන ඕනෑම දෙයක අයිතියට මේ නීතිය බල පෑවේය. එකට ජිවත් වන කසාද නොබැදි අය සඳහා වූ නීති මාලාවේ අංක 8 කොටස අහෝසි කෙරිණි.
දික්කසාද වීමට නම් ඒ සඳහා අය කරන මුදල ගෙවීමට අමතරව පුවත් පත් දැන්වීමක්ද පල කල යුතු විය. දෙපාර්ශවයේම චෝදනා විභාග කරන ලදී.
කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් කිසිවෙකුට දික්කසාද වීම ඉතා අපහසු විය. පසුව පැවති ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ ( ජනාධිපති/පක්ෂ ලේකම්) සාපේක්ෂව නිදහස් කාලයේ මෙන්ම අප උගත් කාලයේදීත් (අසූව දශකයේ) එය එසේම විය. සාමාන්‍ය වැසියන්ට වඩා උසස් සමාජ දර්ශනයකින් හා උසස් විප්ලවීය මනසකින් යුත් කොමියුනිස්ට් පාක්ෂිකයන් දික්කසාද වන්නේ නැත යන මතයක් සමාජගත කර තිබුණි. ඒ දිනවල වෙන්ව ජිවත් වන සැමියා වෙනම නිවාඩුව ගත කිරීමට යන අතර බිරිඳ වෙනත් පෙදෙසක නිවාඩුවට තනියම යයි. බොහෝ අවස්ථාවල දෙදෙනාම තාවකාලික පෙම්වතුන් සොයා ගනී. මෙවැනි දේ ප්‍රසිද්ධ රහස්ව පැවතුනි. එවැනි කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් වූ කාන්තාවන්, සැමියා ගෙන් වෙන්ව, එහෙත් එකම නිවසේ ජිවත්වන්නේ රැකියාව සහ නිවස රැක ගැනීමටය. නමුත් ඔවුන් විදේශික ශිෂ්‍යයන් මෙන්ම වෙනත් නගර වලින් පැමිණියවුන් සමග ආදර සම්බන්ධතාවයන් පවත්වාගෙන ගියහ.
සමලිංගික සේවනය තහනම් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විය. නමුත් මා වෙනත් ලිපියක සටහන් කළ පරිදි දික්කසාද අසීරු වුවත් බ්‍රෙශ්නෙව් ගේ කාලයේ දික්කසාද ක්‍රමයෙන් වැඩි විය. බොහෝ කාන්තාවන් තනි දරුවෙකු සාදාගෙන තනිව ජිවත් වීමට වඩා කැමැත්තක් දැක්වූහ.
සෝවියට් දේශයෙන් පිටුවහල් කළ ට්‍රොට්ස්කි මුලින් තුර්කියේ ජිවත් වුනු අතර පසුව මෙක්සිකෝවට පලා ගියේය. වාමාංශික මිලිටන්ට් පන්නයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර හැර අනිකුත් ප්‍රධාන දහරාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ වඩා ප්‍රගතිශීලි රජයන් සමග කටයුතු කිරීමට පටන් ගති. එසේම මුලින් ට්‍රොට්ස්කිවාදිව සිටි දේශපාලන ක්‍රියාධරයන් වෙනත් ප්‍රධාන දහරාවේ දේශපාලනයන්ට එක්වන්නට විය. බොහෝ අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග එකතු විය.
බටහිර දක්ෂිණාංශික සමාජ ක්‍රමයෙන් වෙනස් වන්නට වීය.
සෝවියට් දේශයේ සිදුවුයේ කුමක්ද?
අසූව දශකය වනවිට ඇතැම් බටහිර වාදක කණ්ඩායම් සෝවියට් දේශයට ගෙන්වන ලදී. බොනි එම් සංගීත කණ්ඩායම 1978 දී මොස්කව් වල සංදර්ශනයකට පැමිණියහ. (ඉහත වීඩියෝව බලන්න) විශ්ව විද්‍යාල ආදියේ පැවති ඩිස්කෝ සැන්දෑ හැඳින්වුයේ ඩිස්කොටෙකා(තේකා) යන නමිනි.
සෝවියට් ඩිස්කෝ එකක්.
ඉතාලියානු ගායක යුවලක් වන රිචී හා පොවෙරි මෙන්ම ටොටෝ කුටුඥෝ ද සෝවියට් දේශයේ ඉමහත් ජනප්‍රිය විය. පහත ඇත්තේ ඉතාලියානු ගායිකා යුවල 1986 දී මොස්කව් හි කල ප්‍රසංගයයි.
ඉන්පසු එක දිගට ඔටාවන්, මොඩර්න් ටෝකින් , සි සී කැච් (ජර්මන් ), බනානරාමා ආදීන් මොස්කව් වන්දනාව කළහ.
ඔවුන්ගේ ගීත සෝවියට් ඩිස්කෝ සැන්දෑ වල ඉමහත් ජනප්‍රිය ඒවා විය. ක්‍රම ක්‍රමයෙන් ස්ටලින්වාදීන් ට නොදනුත්වම ඔවුන්ගේ දෙපය යටින් කාපට් එක ඇදීමට සෝවියට් දේශයේ ඉතිරිව සිටි ට්‍රොට්ස්කිවාදීන් හා ලෙනින් වාදීන් සමත්වූහ. නීතියට බියව සිටි ස්ටාලින්වාදී සෝවියට් වැසියාගේ සංස්කෘතික මනස ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදී . අප වැනි විදේශික ශිෂ්‍යයන් ලවා සෝවියට් දේශයේ තහනම් ගීත කණ්ඩායම් වන බ්ලැක් සබාත් ආදීන්ගේ ගීත තැටි පවා ගෙන්වා ඇසීමට රුසියානුන් නිර්භීත වූහ.
දැන් මගේ මුල් ලිපිය වන බංගලි ගමයා ගේ සෝවියට් නංගි නැවත කියවන්න. ලිපියේ සඳහන් ස්වේතා නමැති තරුණිය නොකළ එක දෙයක් විය. ඇය කිසිම විටෙක නේවාසිකාගාරයේ ස්තුඩ් සවියේත් හෙවත් ශිෂ්‍ය පාලනයේ කිසිවෙක් සමග කිසිම ඇසුරක් නොපැවැත් වූවාය. බංගලි සිසුවා කසාද බැඳීම දක්වා ඇගේ ගමන් මග තුල ඇය පාලනයට විරෝධය පෑවේ ඔවුන්ගේ සදාචාර නීති කිසිවක් නොතකමිනි. ඒ ඇය විරෝධය පල කිරීමට අපහසුම තැනක විරෝධය පල කළ අයුරුයි.
දෙවන ලිපියේ දීමා වෙළඳම් කළේ නීතියට පටහැනිවය. එසේම ඔහු විසින් බිරිඳට අමතරව ඇසුරු කළ එක තරුණියක පළාතේ පක්ෂ ලේකම් කෙනෙකුගේ දියණියකි. ඒ තරුණිය ඔහු සමග ගනුදෙනු කරන්නන්ට හඳුන්වා දීමටද ඔහු නොමසුරු විය. ඒ සෑම අවස්ථාවකම දීමා ඇගේ පියා ගැන මතක් කිරීමට අමතක නොකරයි. ඒ තරමක් අසාධාරණ ලෙස හෝ දීමා තම විරෝධය පල කළ අයුරුයි.
ජර්මනියේ 1800 ගණන් වල සිට පැවති දෙයක් වන ෆ්‍රී බොඩි කල්චර් හෙවත් නිදහස් ශරීර සංස්කෘතිය නැගෙනහිර ජර්මනියේ ඉතා ප්‍රසිද්ධව අනුගමනය කරන ලදී. (Freikörperkultur (FKK) is a German movement whose name translates to Free Body Culture. It endorses a naturistic approach to sports and community living. Behind that is the joy of the experience of nature or also of being nude itself, without direct relationship to sexuality. -wikipedia )
බටහිරට ඉතා ආසන්න දේශ සිමාවේ නිසාම නැගෙනහිර ජර්මනියේ ස්ටාසි රහස් පොලිසිය දැඩි පාලනයක් ජර්මන් ජනතාව අතර ගෙන ගියහ. නැගෙනහිර ජර්මනියේ වෙරළ ආසන්නයේ, වැව් ආසන්නයේ හා තුරින්ගියා කැලෑ ප්‍රදේශයේ නිරුවත් ජනපද (nudist colony) බොහොමයක් විය.මේ සංඛ්‍යාව බටහිර ජර්මනියට හෝ ස්වීඩනය ආදී රටවලට වඩා වැඩිවිය. මෙය ලිංගික නිදහසට කිසිසේත් සම්බන්ධ නොවිය. මිනිසුන් වැඩිපුරම රජයට තම විරෝධය පළ කලේ වෙරළ ආදී ප්‍රසිද්ධ ස්ථාන වල නිරුවත් වීමෙනි. තමන් අතර ස්ටාසියට සම්බන්ධ කෙනෙකු නොමැති වීමට නම් එසේ කළ යුතු බව ඔවුන්ට වැටහී තිබුණි.
නැගෙනහිර ජර්මන් වාසීන් බොහෝවිට බටහිර රේඩියෝ සේවාවන් ශ්‍රවණය කළ අතර බටහිර ගීත හරහා ප්‍රබල සංස්කෘතික ආක්‍රමණයක් ඇතිවිය. මේ සංස්කෘතික වෙනස ඇති කිරීමට බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ට්‍රොස්කිවාදී පක්ෂවල අනියම් සහය හිමි විය.
ට්‍රොට්ස්කි ගේ ජීවිතය ස්ටාලින් ගේ නියමයෙන් දරුණු ලෙස අවසන් කළද ට්‍රොට්ස්කිගේ සැලසුම පරාජය නොවිය.
බටහිර ගීත සමග ආ සංස්කෘතික රැල්ල සෝවියට් දේශය හරහා යාමට ගතවූයේ ඉතා සුළු කාලයකි.
පහත වීඩියෝවේ ඇත්තේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු මොස්කව් වල පැවති ඩිස්කොටෙකා එකක ගීත ගයන බටහිර සංගීත කණ්ඩායම්ය. (2014) තරුණ තරුණියන් සමග අවසාන සෝවියට් පරම්පරාවද මෙහි සිටී .
වැඩි දුර කියවන්න.

~ මතු සම්බන්ධයි