හුඟක් දවසකින් බ්ලොගය පැත්තේ එන්න බැරි වුණා. ඒ තරමට වැඩ අධිකයි. ඒ අතරේ මම ෆේස්බුක් එකේ මගේ දත්ත කොපමණ තියනවද කියල බැලුවා. දැන් ඒක සකර්බර්ග් කාරය බාගත කරන්න දෙන නිසා. වැඩි අවුලක් නැහැ. යහළුවෝ මැසෙන්ජරය හරහා එවපු පණිවුඩ, කළ කතාබහ ඔක්කොම තියනවා. ඩිලීට් කරපුව නැහැ. එයාලා එවපු ඡායාරූප, වීඩියෝ වගේම මම යවපු ඒවත් තියනවා. මගේ මොබයිල් එකේ තිබ්බ හැම යහළුවෙක්ගේම දුරකථන අංකත් සකර්බර්ග් කාරයා පරිස්සමට අරන් තියල.
වෙන එකක් තබා මගේ පින්තූර හැම එකක්ම වගේ පිළිවෙලට තියනවා. අනිත් ඒවා බැලුවේ නැහැ කම්මැලියි. මම දන්නවනේ මම මොනවාද පෝස්ට් කළේ කියල. ඇත්තටම බැලුවොත් මගේ අතේනේ පාලනය තියෙන්නේ, මම මොනවාද බුකියට දාන්නේ කියන එක. වැරදියට පාවිච්චි කළානම් ඉතින් මගෙනේ වැරැද්ද.
බ්ලොග් ලිපියක් කියෙව්වා සුජීව කොකාවල ලියපු. "ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්" කියල. ඔය ඉන්ස්ටග්‍රෑම් , යුටියුබ් තාරකාවෝ තාරකාවියෝ ගැන හොඳ ලිපියක් . ඒක කියවනකොට හිතුන මේක ලියන්න ඕනේ කියල.
ඇමෙරිකාව (බටහිර) සහ රුසියාව අතර සිරියාව සම්බන්ධවත්, බ්‍රිතාන්‍යය හා රුසියාව අතර අර රුසියානු ඒජන්තයාට විස දීම පිළිබඳවත් ප්‍රශ්න ඇතිවෙලා තියන අපහසු කාලයක් මේක. එනිසා අදාලයි ටිකක්.
දැනට අවුරුදු හතරකට කලින් මම බ්ලොග් ලියන කෙනෙක්ට යමක් කිව්වා. මගේ ඉංග්‍රීසි බ්ලොගය ගැන. ඒකෙ මම රුසියානු දේශනයක් අහල පරිවර්තනය කරගෙන (රුසියානු භාෂාව පුළුවන් නිසා) කිසියම් ලිපියක් ලීවා. ශෙයාර් කළේ ගූගල් ප්ලස් එකේ විතරයි. සුමානෙකට විතර පස්සේ ලියුමක් ආවා ඇනලිස්ට් රස්සාවකට එන්න කැමතිද කියල අහල. ඇත්තටම මගේ රැකියාවට අනුව මම බිස්නස් ඉන්ටෙලිජන්ස් ඇනලිස්ට් (SQL රිපෝර්ට්ස් ) සහ වර්ක්ෆ්ලෝ ප්‍රොග්‍රමින්ග් කරන කෙනෙක්. ඉතින් මම හිතුවේ ඒ පැත්තෙන් කියල.
හැබැයි එවල තියෙන ඒජන්සිය මම ලියා පදිංචි එකක් නෙමේ නිසා බැලුව ටිකක් . යටම ලියල තිබුන මේකට සම්මුඛ පරීක්ෂණයට එනවනම් බිරිඳට විතරයි කියන්න පුලුවන් කියල. පස්සේ මම දන්නා කෙනෙකුට ඉංග්‍රීසි ජාතියෙකුට) ලියුම පෙන්නුවා. එයා ඒකෙ වෝටර් මාක් එක බලල කිව්වා සැබෑවටම ඒ ආයතනයෙන් තමයි කියල. මිනිහ නම් කිව්වේ වහාම යන්න කියල සම්මුඛ පරීක්ෂණයට රස්සාව හොඳයි කියල. මම ගියේ නැහැ. නමුත් මට දැන ගන්නට ලැබුන ඔවුන් මගේ බ්ලොග් ලිපිය කියවල කියල. (මේලය මම තියන් ඉන්නව තවම)
අර යාය දාන්න කරපු සාකච්ඡාවකදී (ඉහත කිව්වා වගේ) ඔය කතාව මම අර අවුල් වෙන සහෝදරයට කියල ඒ මහත්මය හොඳටම අවුල් වුන වග මතකයි. බ්ලොගයත් දින කිහිපයකට නැවැත්තුවද කොහෙද? යාය දාල කරන්න හදන්නෙත් ඒ වගේ දෙයක් කියල ඒ මහත්මයට හිතෙන්න ඇති. නමුත් මගේ අදහස වුනේ නම් ඒක නෙමෙයි. බ්ලොග් වඩා ජනප්‍රිය කරන එක. ආරක්ෂාව තියෙන්නෙත් එතනම තමයි.කොහොමත් දැන් ගිය දේ ගියා.
ඉතින් මම ඔය සිංහල බ්ලොගයේ උනත් සිරියාව ගැන එහෙම ලියනවා. කාලයක් නොලිය ඉඳල ඉංග්‍රීසි බ්ලොගයේ මම තවත් ලිපියක් ලීව පහු දවසක. මට කුර්දිස්ථාන් යහළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. සමහර අය ඔය මානව හිමිකම් පැත්තේ හෙම සෑහෙන ක්‍රියාකාරියි. තුර්කියේ එර්ඩොගන් අයියට විරුද්ධව හෙම.
මට කෙනෙක් කතා කලා. කොහොමද නොම්මරේ හොයා ගත්තේ කියල අදත් මම දන්නේ නැහැ. එයාගේ බ්ලොග් එකක් තියනව බලන්න කියල. මැද පෙරදිග ගැන ලිපි හුඟක් තියනවා . හුඟක් ලිපි ෆෝල්ස් ෆ්ලෑග් මෙහෙයුම් ගැන. කොමෙන්ටුවක් දෙකකුත් දැම්ම. මිනිහ ඊට පස්සේ අහනවා මම අර ලිපිය ලියන්න හේතුව මොකක්ද ? අර නගරය වැටුනොත් මොකක්ද වෙන ප්‍රශ්නය? කුර්දි මිනිස්සු මොනවාද කියන්නේ ඒ ගැන, වගේ දේ.
මම එයාට කිව්වා විස්තර හොයා ගන්න පුළුවන් තැන් කිහිපයක්. (ලන්ඩන් වල) කතා බහ කරලා ටිකක් අඳුන ගත්තට පස්සේ කිව්වා එයා ස්පෙෂල් ෆෝසස් වල හිටියේ. කිසියම් දෙයක් වෙලා දැන් අවුට්. බ්ලොග් ලියනවලු. ඒක තමයි රස්සාව. ඇනලිස්ට්. මගේ එක බලල ඒකෙ ලියල තියෙන කරුණු කොහොමද ලිව්වේ කියන එක මිනිහට ප්‍රශ්නයක් වුණා කියල. මම දන්නේ කොහොමද කියන එකලු එයාගේ ප්‍රශ්නේ.
අර නගරය වැටුනේ නැහැ. ඒ කිව්වේ අයිසිස් කාරයෝ ඒක ඇල්ලුවේ නැහැ. ලොකු රටකින් ආධාර (ගොඩක්) සටන් වැදී හිටි කුර්දි සේනාංක වලට ලැබිලත් තියනවා.
මේ සාකච්ඡා වලදී හොයා ගත්ත තවත් දෙයක් තමයි ගුගල් එකෙන් හෝ වෙනත් මෘදුකාංගයකින් දවසට හිට්ස් පනහකට සියකට වඩා එන ලිපි මාක් වෙනව කියන එක. ඒක අපි හැමෝම දන්නා දෙයක්නේ. නමුත් "වෙන අයත්" මේ දේම කරනවා. ඉංග්‍රීසි ඇර ඇරබික් හෝ රුසියානු හෝ වෙනත් භාෂාවල බ්ලොගයක් වුනත් ඒවා මාක් කර ගන්නවා. ඒ අතර කිසියම් ට්‍රිගර් වචන කිහිපයක් තිබෙනවා නම් ඒවා යවනවා විශ්ලේෂකයෝ (ඇනලිස්ට් ලා) ගාවට, ඒගොල්ලෝ ළඟ ඔය ගුගල් ට්‍රාන්ස්ලේට් එකට වැඩිය දියුණු මෘදුකාංග තියනවා. ඇත්තම කියනවා නම් ඔය ජාතියේ හුඟක් මෘදුකාංග වුනත් එලියට ආවේ මුලින් ආරක්ෂක සංවිධානවල භාවිතා වුනාට පස්සෙනේ.
හැබැයි මම දන්නේ නැහැ ඒ ගොල්ලෝ සිංහල ඒවාට (බ්ලොග් හා වෙනත්) එහෙම කරනවාද කියල. දැනට නම් හිතන්නෙත් නැහැ.
හැබැයි ඒකෙන් පස්සේ නම් මමත් අවුල් වුණා. ඉංග්‍රීසි බ්ලොගය නම් තවම නැවත ලියන්න පටන් අරන් නැහැ. ලියන්න හිතන් ඉන්නවා. සම්පුර්ණයෙන්ම වෙනස් මාතෘකාවල් ගැන.
ඉතින් හොඳම වැඩේ අන්තවාදී මොනවහරි ලියන එක. හුඟක් සමාජවාදී/කොමියුනිස්ට්වාදී අන්තයට ගිය ඒවා ලියන කොට ඒ ගොල්ලන්ගේ වැඩි අවධානයක් නැහැ. ඒගොල්ලෝ මේ නට් කේස් කියල නිකන් ඉන්නවා. මොකද ඒවගේ අදහස් තියන පක්ෂ ඇතුලේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ ගොල්ලොන්ට. අන්ත දක්ෂිනාංශික බ්ලොග් ආදිය ගැන වුනත් එහෙමයි. ඇතුලට දාල තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. මතකද මන්ද එංගලන්තේ නාසි වගේ සංවිධානයක නායකයා වෙලා හිටියේ රට තුල රාජ්‍ය රහස් සංවිධානයක නිලධාරියෙක්. එංගලන්තේ තැනකට බෝම්බ ගහල මිනිස්සු මරන්න නියෝගයක් දෙන්න සංවිධානේ අනුමත වුණාම මිනිහ ඉල්ලා අස් වුණා . හෙළි දරව් වුනේ එහෙම. සංවිධානෙත් දෙකට කැඩුනද කොහෙද?
ඉස්සර සෝවියට් කාලේ සහ දැන් පුටින් ගේ කාලේ වුනත් රුසියානු හෝ වෙනත් ළඟ රටවල කාන්තාවෝ හරි පිරිමි හරි බටහිර රටක පදිංචි වෙලා, කාට හරි කෙනෙකුට ආදරේ කරලා කසාද බැඳලා අවුරුදු ගණන් ඉන්නවා. හදිසියේ මැරිලා යන්නත් පුළුවන්. ඒ වගේම හදිසියේම අණක් ආවොත් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල, ඒ අණ අනුව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. අණ පිළිපැද්දේ නැත්නම් ඉතින් මැරුණා වගේ තමයි ඉතින්. හැංගිලා ඉන්න වෙන්නේ.
ඔන්න ඔහොමයි තත්වේ.
ඉතින් ඒ වුනාට මේ අවුරුද්දේ බ්ලොග් ලිපි කිහිපයක්ම ලියන්න හිතේ තියනවා. ඔය කෙහෙල්මල් කවුද ගණන් ගන්නේ. අපේ අතේ නේ යතුර තියෙන්නේ. ඒ දවස් වල ජෝර්ජ් ඕවෙල් ගේ "1984" කියවල හෙම හිතුවේ ඒ පොතේ කියන්නේ සෝවියට් දේශය ගැන කියල. සෝවියට් ඔත්තු සේවා මොනවාද කියල හිතෙනවා දැන් තියෙන ඒවා බැලුවම. වෙලාවකට හිතෙනවා ඕවේල් ලිව්වේ වර්තමාන 2018 සමාජය ගැනද කියලවත්. එකම වෙනස සෝවියට් දේශය බලෙන් කෙරුවට දැන් අපේ දේශපාලන අදහස් සහ අපේ දත්ත අපි විසින්ම කැමැත්තෙන් දෙන්නේ. ඕන කෙනෙකුට කැමති විධිහට බලා ගන්න. එකතු කර ගන්න. විශ්ලේෂණය කරන්න.
මම කවදාවත් නැකත් බලපු එකෙක් නෙමෙයි. ජීවිතේටම. නමුත් සිංහල අවුරුද්දට (නත්තලට වගේම) කෑම මේසයක් හදල ළමයින්ට කන්න දීලා කොහේ හරි ඇවිදින්න යනවා. හාමුදුරු කෙනෙක් ඉන්නවා ළඟ පන්සලක . එයාවත් බලල එනවා ගිහින්. හුඟක් විට යහළුවෙක් වගේ තමා එතුමාව ආශ්‍රය කරන්නේ. හාමුදුරුවෝ දන්නවා මම ඔය දෙවියෝ විශ්වාස කරන්නේ නැති, නැකත් විශ්වාස කරන්නේ නැති, පුනරුත්පත්තිය වුනත් ප්‍රශ්න කරන තාලෙ කෙනෙක් කියල. හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
සිංහල අවුරුද්දට කෑම මේසේ පිළියෙළ කරන්නේ සංස්කෘතික අංගයක් වශයෙන්.මගේ අදහස නම් ඒවා රැක ගන්න එක වටිනවා කියල. කිරිබත සහ රුලන් කේක් හදන්නේ බිරිඳ . අනිත් කැවිලි කඩෙන් ගන්නේ හදන්න දන්නේ නැති නිසා. මගෙන් පස්සේ දුරු දෙන්න නම් කරන එකක් නැහැ. ඒත් කියන්න බැහැ . ලොකු දුව දැනටමත් සිංහල/ඉන්දියන් කෑම වලට පුදුම ආසයි.
සුබ පතන්න කලින් මේකත් කියල දාන්නම්. මම දන්නවා සිරියාවට බෝම්බ ගහනවා. අප්‍රිකාවේ දිළිඳු දුවා පුතාල කන්න නැතිව ඉන්නවා. දුප්පත් මිනිස්සු තමයි රතිඤ්ඤා හදන්නේ. යුරෝපයේ අනාථයෝ පිරිලා. ලංකාවේ දුප්පත්තු හුඟකට අවුරුද කන්න මුදල් නැතිය කියල. (බුකිය බැලුවහම නම් එහෙම හිතෙන්නේ නැහැ) අපි ඉතින් පුළු පුළුවන් විධිහට උදව් කරනවනේ. උත්තරය ඒ වුනාට එතන නෙමේ තියෙන්නේ.
දෙවෙනි ලෝක යුද්ධය සමයේ ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදා තුන් පැත්තකින් වට කරගෙන සිටියදී, මිනිසුන් හාමතේ පාරේ මිය යද්දී තමයි ශේස්තොකොවිච් එයාගේ හත්වෙනි සිම්ෆනි එක ලියල වාදනය කලේ. කවුරුත් බැන්නේ නැහැ මිනිස්සු මැරෙද්දි එයා ඒක ලියල වාදනය කලා කියල. මොකද මිනිස්සු තේරුම් ගත්ත. ජීවිතය ඉදිරියට යා යුතුයි කියල.
ඒ අතරේම දැන ගන්න ලැබුන අපේ මාතලන් මහත්මයා අලුත් වෙබ් අඩවියක් හදල කියල. මාතලන්ගේ පත්තරේ මෙතන තියෙන්නේ. ගිහින් බලන්න.
මගේ බ්ලොගය කියවන්න ආපු ප්‍රතිචාර දමපු හැමෝටම , මගේ බ්ලොග් රසික රසිකාවියන්ට, සියලුම ඇනෝ වරුන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ සිංහල සහ හින්දු නව වසරක් උදා වේවා. අපට තව තවත් හොඳ සාරවත් ලිපි කතා කවි නිසඳැස් කියවීමට ලැබේවා.

අපෙ චාම් අවුරුදු කෑම මේසය |

සීතලේ ගැහෙමින් වාදනය මෙහෙයවන ශෙස්තකොවිච් |