පසුගිය කාලයේ ම නිතර කියවූ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් විය. මෙම බ්ලොග් අඩවිය බොහෝ විට ලෝකයේ කිසියම්ම හෝ තැනක සියදිවි නසා ගන්නා බෝම්බකරුවෙකු හෝ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක ඒ පිළිබඳව තිබෙන විකල්ප වාර්තා ඉදිරිපත් කරන්නකි.
බොහෝ විට ඇතැම් රටවල ඩීප් ස්ටේට් නමින් හඳුන්වන රහස් ඔත්තු සේවා තුලම රහසේ ක්‍රියාත්මක වන රහස් ඔත්තු කණ්ඩායම් (ගෘප්) වල ක්‍රියා ද හෙළිදරව් කෙරිණි. (ගැඹුරු මුහුද සහ ඩීප් ස්ටේට් ලිපිය) මෙවැනි ඇතැම් කණ්ඩායම් වල ක්‍රියා ඒ ඒ රටවල දේශපාලන නායකත්වයට නොදන්වාද ක්‍රියාත්මක වේ. ඒ අතරම කිසියම් රටක දේශපාලන ප්රවණතාවන් වෙනස් කිරීමට යොදා ගන්නා ව්‍යාපාරයන් මෙහෙයවීමද මේවායින් කරනු ලබයි.
පසුගියදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව මා ලිපියේදී ප්‍රශ්නයක් ඇසුවෙමි.
//අවසන් වශයෙන් වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?//
දැන් කවුරුත් දන්නා පරිදි එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා දැනුවත්ව එවැනි මුස්ලිම් ඔත්තුකරුවන් ප්‍රමාණයකට මුදල් ගෙවා තිබූ බව දැන් නොරහසකි. දෙවැනි ලිපියේදී මා කිවේ ආරක්ෂක සේවා එවැනි දේ කරන බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැන්නක් කරන්නට ඇත්තේ එදා තිබූ තත්වය සළකා බලා විය හැක. නමුත් ඔවුන් (තව්හාද් ජමිත්) පසුව වෙනස් වන්නට ඇත. එය ඔහු බලාපොරොත්තු නොවූ තත්වයක් වන්නට ඇත.
මේ ළඟදී ෆේස්බුක් හි ගිය සංවාදයක අයිසිස් සංවිධානය සැදුවේ එක්සත් ජනපදය නොවේ යයි කියා අනූප නම් මහතෙකු පළ කළ කොමෙන්ටුවකට පිළිතුරු වශයෙන් තවත් යොමු සමග පහත පින්තූර දෙක පළ කළෙමි.
පළමු වැන්නේ හිටපු ඇමෙරිකානු සෙනෙට් වරයෙකු වන ජෝන් මැකේන් හා පසුව අයිසිස් සංවිධානයේ සිරියාවේ නායකයා වූ තැනැත්තාගේ පින්තූරයකි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය සිරියානු ජනාධිපති ඉවත් කිරීමට සිරියානු "නිදහස් විමුක්ති කාමීන්ට" උදව් කරන කාලයේය. අයිසිල් ලෙස එදා හැඳින්වූ අයිසිස් ඉන් එක සංවිධානයක් විය.
මේ පින්තුරය නිවැරදි නොවන බව fact check වෙබ් අඩවිය පවසයි. ඔවුන් කියන්නේ ඒ සිටින්නේ නිදහස් සිරියානු හමුදාවේ (free Syrian army) නායකයා බවයි. එනම් අසාද්ට විරුද්ධව එක්සත් ජනපදය ප්රමුඛ බටහිර සන්ධානය විසින් ආධාර කල සිරියානු විරුද්ධ පක්ෂයයි.
මෙහිද ප්‍රශ්නයක් තිබේ. ජනාධිපති ඔබාමා ගේ උප ජනාධිපතිවරයාව සිටි ජෝ බයිඩන් කිහිප වතාවකදීම අසාඩ් ට විරුද්ධව ගොඩ නගන ලද සන්ධානයේ අල් නුස්රා බ්‍රිගේඩය , අල් කයිඩා සහ අයිසිල් වරු සිටින බව පිලි ගත්තේය. වෙනත් අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයේ යහළුවන් වන සෞදි අරාබිය සහ තුර්කිය අයිසිල් එකට සහය දුන් බව පිලි ගත්තේය. මේ සඳහනට ඔහු පසුව සමාව ඉල්ලා සිටියේය.
(Obama’s “Anti-ISIS” Coalition Built ISIS, Biden Admits )
(Joe Biden apologised over IS remarks, but was he right?)
(Behind Biden’s gaffe lie real concerns about allies’ role in rise of the Islamic State)
දෙවැනි පින්තූරයේ ඇත්තේ නැටෝ රටක් වූ තුර්කි ජනාධිපති එර්ඩොගන් අයිසිස් එකට ආයුධ සැපයූ වගුවකි. ඔහු අයිසිස් වරුන්ගෙන් නිත්‍යානුකුල නොවන ලෙසට අයිසිස් ඉරාකයේ පාලනය කළ තෙල් නිධි වලින් තෙල්ද ලබා ගත්තේය. මේ ඇමෙරිකා එක්සත් ජනපදය නොදැනුවත්ව නොවේ. (ලිපිය දිග වැඩි වන නිසා ඒ ගැන නොලියමි) මේ පින්තූර ලැබෙන්නේ කුර්දිවරුන් හරහාය. ඒ කුර්දි වරුන් තුර්කි ජනාධිපති එර්ඩොගන් ට විරුද්ධ බැවිනි.
සෝවියට් හමුදා වලට සටන් කළ මුජහදීන් වරුන්ට සහය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය එම ගරිල්ලා කණ්ඩායම් පසුව අල් කයිඩා වශයෙන් සංවිධානය වී තමන්ට පහර දේ යයි කිසි විටෙක නොසිතන්නට ඇත. බොහෝ විට ජෝන් මැකේන් ට සිදුවන්නට ඇත්තේද එයයි. ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තමන්ගේ චන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන් ගේ මේ විනාශකාරී විදේශ පිළිවෙත දැඩි ලෙස විවේචනය කළේය. අන්තිමේදී ඇමෙරිකාවට සිදු වූයේ කුර්දි ගරිල්ලන් සමග එකතුව අයිසිස් එකට පහර දීමටය.
මේ ගැන ලිපියක් මම 2014 දී (The Kobeningrad) ලීවෙමි. ඇමෙරිකා එක්සත් ජනපදය කෝබෙන් නගරය බේරා ගැනීමට කුර්දි හමුදාවලට සහය දුනි.
අන්තවාදී ප්‍රහාරයක් වැනි සිද්ධියකදී එය මවාගත් හෝ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම අරභයාකරන ලද්දක් දැයි සොයා බැලීම මා ඉහත සඳහන් කල බ්ලොග් අඩවියේ සිරිතකි.
මා දන්නා පරිදි මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවූ කිහිප දෙනෙක් විය. ඉන් එක් අයෙකු මැද පෙරදිග සටන් කළ, ප්‍රබල රටක කමාන්ඩෝ සෙබළෙකි.
බ්ලොග් අඩවියේ අවසන් ලිපි දෙක පළවූයේ ශ්‍රී ලංකාව ගැනය. මගේ මේ ලිපියට "ජනාධිපති සිරිසේන සිරකරුවෙක්ද - පල්ලියේ ඛේදවාචකය හා රෝහණ විජේවීරගේ පුනරාගමනය" සම්බන්ධ කරුණු සෙවීමේදී යොදා ගත් ලිපිවල ඇතැම් මූලාශ්‍ර ගත්තේ මෙම බ්ලොග් අඩවියෙන්ය. මා පල කරන්නේ සිංහලෙන් නිසා ප්‍රශ්නයක් වේ යැයි නොසිතුවෙමි. නමුත් ආරක්ෂාව සඳහා එම බ්ලොග් අඩවියේ යොමුව පළ නොකලෙමි.
කෙසේ වුවද මගේ බ්ලොග් ලිපිය පළකර දින පහකට පමණ පසු වර්ඩ් ප්‍රෙස් විසින් මේ බ්ලොග් අඩවිය ඉවත් කර ඇත. බ්ලොග් අඩවිය ලියූ අය එය කරන ලද්දේ නිර්නාමික ලෙසය. බ්ලොග් අඩවිය කරන්නේ කවුද යන්න දැන සිටියේ ඇතැම් කුර්දි ජාතික වාමාංශිකයන්ය. නමුත් මේ වාමාංශික කුර්දිවරු සිරියාවේ දී එක්සත් ජනපද ආරක්ෂාව හා හමුදා සහය ලැබූවන්ය. ජනාධිපති ට්‍රම්ප් ඔවුන් අත හැර දමාවිද යන්න කීමට තවම කල් වැඩිය. මේ නිසා මේ අඩවියේ බ්ලොග්කරුවන් හෙළිදරව් වීමට ඇති ඉඩකඩ ද වැඩි වූ බව දැන් සිතේ.
බටහිර රටවල හෝ රුසියාවේ භාෂණයේ නිදහස සීමාවන තැනක් තිබේ. ඒ එම රටවල රහස් ඔත්තු සේවාවන් හා ආරක්ෂාව සම්බන්ධ ක්රියාකාරීත්වයන් පිලිබඳවය. එතැනදී භාෂණයේ නිදහස සීමා කිරීමට ඔවුන් පැකිලෙන්නේ නැත. විශේෂයෙන් "ඩීප් ස්ටේට් " පැත්ත ඔවුන් දැඩි ලෙස ආරක්ෂා කරනු ලබයි. චීනය, ඉරානය සෞදි අරාබියාව වැනි රටවල එවැනි නිදහසක් නැති නිසා ඒ රටවල් කොහොමත් ප්‍රකාශන නිදහස රකින රටවල් ලෙස නොසිතමි.
කෙසේ හෝ වේවා ශ්‍රී ලංකාවේ තර්ජනය තවම පහව ගොස් නැත. මුස්ලිම් වරුන් පල්ලිවල කඩු ගෙනැවිත් තබමින් සංවිධානය වූයේ බොදුබල සේනා , මහසෝන් බලකා ආදීන් ගෙන් ආරක්ෂා වීමට බව මගේ හැඟීමය. නමුත් ඉන් සමහරෙක් වඩාත් සංවිධානය වී ශ්‍රී ලංකාවට දරුණු පහරක් එල්ල කර තිබේ. මිනිස් ඝාතනයට අමතරව සංචාරක ව්‍යාපාරයටද එල්ලවී ඇත්තේ දරුණු පහරකි.ශ්‍රී ලංකාවේ ජනතාව සාමයෙන් සිටිනු දකින්නට අකමැති, එහි ආර්ථිකය දියුණු වනු දකින්නට අකමැති ලංකාවේම ඉපදුනු මිනිසුන් සිටීම කණගාටුවට කරුණකි . චීනයේ උර්ගු මුස්ලිම් වරුන් මුහුණදී ඇති දරුණු තත්වයට ද බොහෝ අන්තවාදී මුස්ලිම්වරු කැමති නැත . එනිසා ඉදිරියේදී ලෝකයේ චීනය හා සම්බන්ධ ව්‍යාපාර වලට පහර දේ යයි බියක් මා තුල පවතී. ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපාර බොහොමයක් ඇත්දැයි මම නොදනිමි.
මට කිව හැක්කේ පරිස්සම් වන්න මිතුරනි කියා පමණකි.
බ්ලොග් අඩවිය ඉවත් කර ඇත |

සෙනෙටර්ජෝ න් මැකේන් අයිසිල් (පසුව අයිසිස්) නායක සමග |