Monday 22 April 2019

සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිහිපයක්

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිට අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධනට ආරක්ෂක රැස්වීම් වලට සහභාගී  වීමට ඉඩ නුදුන්නා නම් ඒ  ඇයි ?

තිලංග සුමතිපාල මහතා එම රැස්වීම්  වල සිටියානම් ඒ කුමන වගකීමකින්ද?

ආරක්ෂක ලේකම්වරයා ට මේ ගැන කලින් දැන්වීමක් එවා  තිබුනා නම්, ඔහු ඒ ගැන ක්‍රියා නොකළා නම් ඔහු ඉල්ලා අස්  නොවන්නේ ඇයි ?

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යැවූ ප්‍රහාර ගැන අනතුරු හැඟවීම් ඇතුලත් ලිපිය සමාජ මාධ්‍ය ජාලයන්ට හෙළි කලේ කවුද?

ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති අර ලියුම ගැන දැන  සිටියානම් ප්‍රධාන පල්ලි වල ආරක්ෂාව තර නොකළේ ඇයි ?
හමුදාපති නොදැන සිටි බවට ආරංචියක් තිබේ.

Army says Police did not share intelligence report


හරීන්  ප්‍රනාන්දුගේ පියා පවා  දැනගත් දෙයක් රනිල්, රුවන් ඇතුළු කැබිනට්  මණ්ඩලය දැන  නොසිටියේ යයි කීම ඇත්තක්  වන්නේ කෙසේද?

ආරක්ෂක මණ්ඩලයට නොගෙන් වූවාට අගමැතිට හදිසි අවස්ථාවක ආරක්ෂක හමුදාවලට අණ දීමට නොහැකිද?

සිරියාවේ අයිසිස් සංවිධානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියායි කියන  25ක්  පමණ වූ අන්තවාදීන් අත් අඩංගුවට නොගත්තේ ඇයි?

අවසන් වශයෙන්  වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී   තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?



19 comments:

  1. අජිත් ධර්ම මහතා සහය දක්වන අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ, බුද්ධි අංශ දුර්වල කොට ඔවුන්ව පවා දීම මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවූ හේතුවයි.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ කිසිම ආණ්ඩුවකට සහය දක්වන්නේ නැහැ.
      //බුද්ධි අංශ දුර්වල කොට ඔවුන්ව පවා දීම මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවූ හේතුවයි.// ඒ කොහොමද? කාටද පාවා දුන්නේ ?

      Delete
    2. ආරක්ෂක ලේකම් වහාම ඉල්ලා අස්විය යුතුයි කියලයි මම හිතන්නේ .

      Delete
    3. මෙයාවද පාවල දුන්නේ : වුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. යහළුවකු ඒවා තිබුණි.
    //මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා ඔක්තෝබර් 26 වනදා සිට අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධනට ආරක්ෂක රැස්වීම් වලට සහභාගී වීමට ඉඩ නුදුන්නා නම් ඒ ඇයි ?

    එසේ ඉඩ නොදුන් බව නොදනිමි. එසේ වූවා නම් ඒ මාමා සහ බෑනා නිසා විය හැකි ය. කෙනෙකුට අවශ්‍ය නම් ඊට ග්‍රා.නි. මානසිකත්වය හෝ කූප මණ්ඩුක මානසිකත්වය කියා ද කිව හැකි ය.


    ආරක්ෂක ලේකම්වරයා ට මේ ගැන කලින් දැන්වීමක් එවා තිබුනා නම් ඔහු ඉල්ලා අස් නොවන්නේ ඇයි ?

    ඔහු සිටියද නොසිටියද වැඩි වෙනසක් නැතිව ඇති. ඔහු එය බරපතල ලෙස සැලකුවේ නැති බව කීවා. ඉතා අමාරුවෙන් ලබා ගත් තොරතුරු විදේශ ඔත්තු සේවයක් ලංකාවට දැනුම් දෙන්නේ මන්ද කියා තේරුම් ගැනීමට නොහැකි මන්ද මානසිකත්වයක් තිබීමම ඔහුට තනතුර හිමි වීමට හේතු වූවා විය හැකි යයි සිතමි. නැතිනම් මා නොදන්නා දෙයක් පරදේසින් එහෙ ඉඳන් දන්නේ කොහොමද කියා සිතුවා විය හැකි ය. එවැන්නන් සිතන්නේ එසේ බව මම දනිමි. ජනපති ද එසේ සිතන බව සත්ත ය.

    ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති අර ලියුම ගැන දැන සිටියානම් ප්‍රධාන පල්ලි වල ආරක්ෂාව තර නොකළේ ඇයි ?

    පල්ලිවල ආරක්ෂාව තර කිරීම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ වගකීම නොවේ. පොලිස්පති ඒ ගැන වගකිව යුතු ය. තොරතුර ලද ජනපති ඒ ගැන කිසිවක් නොකියා තිරුපති ගිය නිසා ඔහු ද ඒ ගැන නොතකා සිටියා විය හැකි ය.

    හරීන් ප්‍රනාන්දුගේ පියා දැනගත් දෙයක් රනිල්, රුවන් ඇතුළු කැබිනට මණ්ඩලය දැන නොසිටියේ යයි කීම ඇත්තක් වන්නේ කෙසේද??

    රනිල් ඇතුලු කැබිනට් මණ්ඩලය ඒ ගැන නොදැන සිටි බව හරින්ගේ පියාද විශ්වාස නොකරන්නට ඇත. ඔහුට ද ඒ බව කියා ඇත්තේ ඔත්තු සේවා නිලධාරියෙකි. ඒ නිසා ඔහු එය විශ්වාස කරන්නට ඇත. හරින්ගේ පියාට ඇවිදීමට නොහැකි ය.

    ආරක්ෂක මණ්ඩලයට නොගෙන් වූවාට අගමැතිට ආරක්ෂක හමුදාවලට අණ දීමට නොහැකිද?

    නොහැකි ය. වගකීම ජනපති සතු ය.

    සිරියාවේ අයිසිස් සංවිධානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියායි කියන 25 පමණ අන්තවාදීන් අත් අඩංගුවට නොගත්තේ ඇයි

    ඒ ගැන නොදනිමි. ඡන්ද 25ක් නොවැ!

    අවසන් වශයෙන් වසර දහයකට පෙර අවසන් වූ LTTE සමග යුද්ධයේදී තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට සිටි බව ඇත්තක් ද?

    නොදනිමි. ජාතික තවුහිද් ජමාද් යනු ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයෙන් කැඩී ගිය එකකි. හරියට විජේවීර කැඩී ගියා වාගේ, නැත්නම් පෙරටුගාමීන් කැඩී ගියා වාගේ. (මව් සංගමය ක්‍රියාකාරී මදි නිසා). ඒක දේවවාදීන් නොවන අය මරා දමන අය ස්වර්ගයට යනවා යයි ඔවුන් විශ්වාස කරනවා වන්නට පුලුවන. මොහමඩ් සහරාන් ස්වර්ගයට යාමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙය කළා විය හැකි ය. එනිසා ඔබද ඔබගේ ආරක්ෂාව ගැන බලාගත්තොත් හොඳයි නේද. //

    ReplyDelete
  4. මේ බ්ලොග් එකෙන් හරි අජිත් අයිය මෙහෙම දෙයක් කල එක හරි. මටනං හිතෙන්නෙ මේ ඔක්කොම කලේ බොදු බල සේනා, සිංහ ලේ හෝ එකට සම්බන්ද අය කියල. මොකද යුද්දෙදි සිංහල කමට බෝම්බ බැඳගෙන මැරෙන්න නොහිටිය සිංහල බෞද්ද තරුණ කොල්ලන්, දැනට අවුරුදු කිහිපයකට කලින් ඉඳල බොදු බල සේනා හෝ ඒ වගේ සන්විදාන නිසා හිප්නොටයිස් උනා කියල මට හිතෙනව. සමහරක්විට මේකට පවතින ආණ්ඩුවේ UNP නොවන අයත් සම්බන්ද වෙන්න පුළුවන් වගේම UNP අයත් සම්බන්ද වෙන්න පුළුවන්. මොකද UNP ගොඩක් අය කතෝලික අය. ඒත් ඒ කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ. අනික බංග්ලාදේශයෙන් හරි වෙන රටකින් හරි ඇවිල්ල මෙහෙම එකම දවසක මෙච්චර දරුණු දෙයක් කරන්න අනික කොළඹ වගේ ප්‍රදේශවල ලොකු ස්ථානවල මෙහෙම දේවල් කරන්න ආරක්ෂක අංශ දේශපාලන හයිය නැතුව බැහැ. මේ දේවල් මට හිතුන දේවල් මිසක් වෙන මගුලක් නිසා නෙමෙයි කියා කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාවට මෙච්චර දෙයක් නම් කරන්න බැහැ මල්ලි

      Delete
    2. අජිත් අයියෙ. අපි හැමෝන්ටම වැරදුන තැන තමයි මෙතන. යුද්දෙ අන්තිම දවස් මට මතක නැහැ. ඒත් 2009 වෙනකං මුස්ලිම් බෞද්ද අපිට කිසිම අවුලක් තිබ්බේ නැහැ. රට සාමකාමී උනහම කොහෙවත් නැති බෞද්ද අන්තවාදීන් ඒ රජය ප්ලාන්ට් කළා. හොඳම උදාහරණය අලුත්ගම. ++++ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ..

      2015 වෙනකොට එතකොටත් අළුත් ආණ්ඩුවක්. සංහිඳියාව.. ++++ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ..

      මම එතකොටත් මාතලන්ගෙ බ්ලොග් එකේ එකම කතාව රිපීට් කළා..

      2018 - කොහොමද අතිගරු සංගරත්නය ..?? සහ නානසාර ඇතුළු සංගරත්නයේ හැසිරීම සහ නුගත් සිංහල බෞද්ද තරුණයන්ගේ එකමුතු බව.

      මම එතකොටත් මාතලන්ගෙ බ්ලොග් එකේ එකම කතාව රිපීට් කළා..

      2019 - අද අපිට අදාලම නැති විදිහට (හොටෙල් අමතක කරන්න) ක්‍රිස්තියානි පල්ලි වලට ගැහුව.

      හැබැයි එක පන්සලකට අත තිබ්බෙ නැහැ.

      දකුණට ආවෙත් නැහැ. රටේ වාසනාවට (උගත්) තරුණයන් පිස්සු කෙලියෙත් නැහැ. (රටේ පිස්සු කෙලින්නෙ ටුක් ටුක් පදින රස්තියාදු ගහන ස්මාර්ට් ෆෝන් තියෙන රටට බර කාලකන්නි.)

      මේ මයිත්‍රී වෙන්න පුළුවන්. මහින්ද වෙන්න පුළුවන්. ඝෝට වෙන්න පුළුවන්. බැරිම උනොත් රනිල් වෙන්නත් පුළුවන්.

      එකක් මතක තියාගන්න අයියෙ. මම ඔය උඩ කියපු සේරම අවුරුදු 30ක් යුද්දෙ විකුණන් කෑව අය. උන්ට අද මැරුණ මිනිස්සු 300 ගානක් නැහැ. මොකද මට කෝල් කල අය මිනිස්සු 300ක් මැරිල මචං කියල කිව්වෙ ටෙස්ට් මැච් එකකට 300ක් ගහල අපේ ටීම් එක පැරදුනා කියල කියන ගානට.

      පොඩ්ඩක් හිතල බලන්න.

      Delete
    3. බොදු බල සේනාව නැති ප්‍රශ්නයක් අවුස්සන්න මුල් වුනා කියල මටත් හිතෙනව. යුද්ධෙන් පස්සේ කාටවත් ආයේ මුස්ලිම් මිනිස්සු එක්ක පැටලෙන්න ඕනේ වුනේ නෑ... හැබැයි හලාල් කතාවක් ඇදගෙන මේ අවුල් ඔක්කොම පටන් ගන්න බොදු බල සේනාව සහ කවුරු හෝ ඒවා ක්‍රියාත්මක කරපු අයගේ වැඩ හේතු වුනා කියල මට හිතෙනවා .

      Delete
    4. //රට සාමකාමී උනහම කොහෙවත් නැති බෞද්ද අන්තවාදීන් ඒ රජය ප්ලාන්ට් කළා. // ඇත්ත , එතන තනිකර ගියේ ගේමක්

      Delete
  5. විශ්‍රාමික ජනාධිපතිවරුන්ටත් දැන්වූවානම් (එක්කෙනෙක් විපක්ෂනායක අනිකා රනිල්ගේ ෆ්‍රෙන්ඩ්) ඇයි ඒ අයවත් මොකුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට බලයක් නැහැනේ

      Delete
  6. https://thattayagekolama.blogspot.com/2019/04/136.html

    ReplyDelete
  7. Jagath Pathirana26 April 2019 at 09:43

    තමුන් ත්‍රස්තවාදයට විරුද්ධයි කියලා කියන, facebookවල දාන මුස්ලිම් කෙනෙක් දැක්කොත් මෙහෙම කරන්න.

    කුරානයේ සහ හදීත්වල ත්‍රස්තවාදයට අනුබලදෙන එක වාක්‍යයක්වත් නැතිබව අල්ලාගේ නාමයෙන් දිවුරන්න කියන්න. දිවුරන්න බැරිනම් ආගම අතහරින්න කියන්න.
    ඒත් බැරිනම් ඔහු ඔබේ සතුරෙක්.
    මේ පනිවිඩය හැමෝටම බෙදා හරින්න.

    ReplyDelete
    Replies
    1. කුරානය කියවල තියෙනවයි

      Delete
  8. අජිත් ධර්ම ගෙ ප්‍රශ්න වලට උත්තර
    1) සිරිසේන තරහයිනේ රනිල් සහ රුවන් එක්ක.(නීලයි,කමලයි,චම්පයි,රේකයි මතකද? අන්න ඒගොල්ල වගේ තමයි)
    2)තිලංග රිංගන්නේ කියක් හරි හොයාගන්න. අනික කොහේ ගියත් අශ්වයා පිටම තමයි ගමන.
    3) ආරක්ෂක ලේකම් දැනගෙන හිටියලු මෙයා.බෝම්බෙ සයිස් එක මිනිහට ප්‍රශ්නයක් උනාලු! මැග්නිටියුඩ් එක මීටර් උන ගමන් ඔන්න මෑන්ස් ගෙදර ගියා!!
    4) පොලිසියෙ වැඩ එහෙමනේ.ඉහළ සිට පහලට ලියුම් පාස් කරන සෙල්ලම මෙතනදිත් උනා. එක ලියුමක් හුළඟට අහුවෙලා සමාජ මාධ්‍යයට ගියා.එච්චරයි.
    5)පල්ලිය ආරක්ෂා කරගන්න ලංකාවටම හිටියේ එක මිනිහයි.රමේෂ් රාජු. මඩකලපුවේ වීරයා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .