(ප්‍රාග්ධනය අංක 8)
අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C - M - C - commodity - money - commodity )
(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය)
දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) - මුදල්-භාණ්ඩ - මුදල් හෙවත් M - C - M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M - C - M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.
අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.
මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10.
අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C - M - C - commodity - money - commodity )
(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය)
දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) - මුදල්-භාණ්ඩ - මුදල් හෙවත් M - C - M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M - C - M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.
අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.
මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10.
[ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා - මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව) වෙනස් වූ ප්‍රමාණය යන්නයි]
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මක වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)
මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා.
(මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලමුවන වෙළුමේ, මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ)
ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවා මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )
අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ - මුදල් - භාණ්ඩ C - M - C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල්; M - C - M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.
M + ΔM ( delta M) යන්න නම් M මුල් මුදලේ අගයෙන් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත්;තොගයක් හෝ සංචිතයක් - මාක්ස්ගේ වචනය hoards) බවට පත් වෙනවා. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු; මුදල' (M' ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලිතය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි).
මෙය ලියුවේ පහත කොමෙන්ටුව තේරුම් ගන්න ආධාරයක් වශයෙන්.
බ්ලොග් කරුවෙකුගේ ප්‍රශ්න:
සමාජ සුභ සාධක - මට තියන ප්‍රශ්නෙ තත්වය ඕක නම් කොහොමද ලාභය අනවරත ව වර්ධනය වෙන්න කිසිම විදියක් නෑ.එක නිෂ්පාදකයෙකුට ආදායමක් ලැබෙන්නෙ එයාගෙ නිෂ්පාදන විකුනලයි.ඒ නිෂ්පාදන මිලට ගන්න අය ට සල්ලි ලැබෙන්නෙත් වෙනත් නිෂ්පාදකයකු ලඟ සේවය කරලයි.එහෙමනම් ලාභ ලැබීමේ වේගය වැඩි වෙන්න බෑ.කිසියම් අවස්ථාවකදි මේක හිර වෙන්න ඕන නේද?පොදුවෙ ගත්තම ලාභ ලැබීම නතර වෙන්න ඕන.මට හිතෙන්නෙ යුරෝපයෙ දැන් ඒක වෙලා කියල.ප්‍රාග්ධනය ගැන ඔයාට හොඳ දැනුමක් තියන හින්ද ඔයාට කොහොමද ඒක හිතෙන්නෙ.මම නම් ප්‍රාග්ධනය පොත කියවල නෑ.ඔය වටින් ගොඩින් අහපු දැනගත්ත දෙයක් මිස.
පිළිතුර - ඒක හින්ද තමයි මාක්ස්වාදයේ කියන්නේ ලාභය කෘතිමව වැඩි කරනවා කියල. මේ ලාභය තමා ධනපති පන්තිය බිහි කරන්නේ. ලාභ ලැබීමේ වේගයත් කෘතිමව තමා වෙන්නේ. මාක්ස් මේක තම ග්‍රන්ථයේ පලවෙනි කොටසේ ලිව්වා එකට බොහෙර්ම් බෝවෙර්ක් එකඟ නොවී විවේචනයක් ලියා පළ කලා. පස්සේ මාක්ස් දෙවෙනි වොලියුම් එකේ දී නැවතත් පැහැදිලි කලා . යුරෝපයේ හැම භාණ්ඩයකම සංයුක්තව ගත්තම ලාභ ලැබීම නතර වෙලා නැහැ. එයට හේතුව යුරෝපයේ නිෂ්පාදකයා පාවිචිචි කරන්නේ අඩු ශ්‍රමය. එංගලන්තයේ මාර්කස් ඇන්ඩ් ස්පෙන්සර් කම්හල තියෙන්නේ ලංකාවේ හොරණ. අයිෆෝන් කම්හල් තියෙන්නේ චීනයේ (අඩු පඩියට ) ඒ වගේ. ඊළගට යුරෝපයේ හොඳ වාහන වැඩි ගානට විකිනෙන්නේ දුප්පත් රටවල් වල හා චීනයේ, රුසියාවේ. එනිසා ඒ ලාභ එහෙමමම්යි. නමුත් මදි. මේක හදන්න නම් යුද්ධයක් ඕනේ. ඔයාට ඔය තේරෙන හැටි හරි. දැන් උක්රයිනය අවුලන්නේ ඒකයි . ඔය ඉරාකේ ගහන අයිඑසයිඑස් එකට මුලින් ආයුධ දුන්නේ කවුද සිරියාවේ ගහන්න ?
සමාජ සුබසාධක: ඔබ හරි. ඔය දේ තමයි වෙන්නෙ. දැනට යුරෝපයෙ නිෂ්පාදන වල ලාභය ක් ඇති.ඒ ආසියානු අප්‍රිකානු රටවලින් ලාභ ශ්‍රමය ගන්න නිසා. ඒත් මේ වැඩේ හැමදාම කරන්න බෑ. අපේ රටේ වුනත් ගාමන්ට් වල වේකන්සි පුරවන්න බෑ. මොකද මේ පඩියට කට්ටිය එන්නෙ නෑ.අපි දන්නව ගාමන්ට් වල උපරිම ශ්‍රම සූරාකෑමක් වෙනව .මෙහෙම සූරාකන එකෙත් සීමාවක් තියනව.පුටුවෙ වාඩිවෙන එක තහනම් කරල,මුත්‍රා කරන එකට කාඩ් ක්‍රම හදුන්වල දීල කරන්න පුළුවන් උපරිම වධ දීලත් සූරාකන්න පුළුවන් උපරිමයටම සූරා කාල දැන් ඉතිරිවෙලා තියෙන්න කස පහර දෙන එක විතරයි. ජීවන වියදම ඉහල යාමත් එක්ක මේ පඩි මදි.අපේ වගෙ රටවල ආර්ථික වර්ධනය වෙන කොට ජීවන වියදම වැඩි වෙනව.තව දුරටත් ලාභ ශ්‍රමය සොයාගෙන ආසියාවට අප්‍රිකාවට යන්න බැරි වෙනව.වැඩි පඩි ගෙව්වොත් ලාභයක් නැතිවෙනව කියමු.එහෙම වුනොත් ඉදිරියෙදි ආසියාවෙයි යුරෝපයෙයි නුපුහුණු කම්කරු වැටුප් සමාන වෙයි.
ලාභ ශ්‍රමය ගැන කියනවනම් ඔය කම්හල් ලඟදිම වැහෙනව.දැනටත් ගාමන්ට් වැහීගෙනනෙ යන්නෙ.ආසියාවට අප්‍රිකාවට අලුත් කර්මාන්ත ඉදිරි දශාක්යෙදි එයි කියල හිතන්න අමාරුයි.
පිළිතුර:මේක කාලය පිළිබද ප්‍රශ්නයක්.කවදහරි ලාභය වර්ධනය වෙන එක නතර වෙනව. ධනපති පන්තියෙ අවසානය උදා වෙන්නෙ එදාටයි.මේක ස්වාභාවික ක්‍රියාවලියක්.
මට හිතෙන විදියට ලංකාවෙ ශ්‍රමිකයකුගෙ වැටුප වගෙ දහ ගුණයක් දියුණු යැයි කියන රටක ශ්‍රමිකයෙකුගෙ වැටුප. අපේ රටවල වැටුප් වැඩි වුනාට ඒ වේගයෙන් අර රටවල වැටුප් වැඩි වෙන්නෙ නෑ.අපේ රටවල වැටුප් අර මට්ටමට එනව මිස.ග්‍රීසිය,ස්පාඥය වගෙ දකුණු යුරෝපීය රටවල ආර්ථිකය ඍන වෙනව.මේ දෙරටත් කඩා වැටෙන එක පටන් අරන්ද මන්ද.යන්තම් අල්ලගෙන ඉන්නෙ බ්‍රිතාන්‍යයයි ජර්මනියයි විතරයි.මම හිතනව සමස්තයක් වශයෙන් චීනය හැර ලෝකෙ හැම ආර්ථිකයකම වර්ධන වේගය 2.0 ට අඩු වෙලා.දැනටම ඒක වෙලා හුඟක් රටවල. මේක මෙහෙම වෙලා අද හෙටම ආර්ථික වර්ධනය 0 වෙනව. ධනපති ක්‍රමය නතර වෙන්නෙ අන්න ඒ වෙලාවෙ.
ප්‍රශ්නය - සමාජ සුභ සාධක කියනවා වගේ ලාභය වර්ධනය වන එක නතර වෙනවද? මාක්ස් කියන විධිහට M -C -M' ක්‍රියාවලිය දිගටම (නොනැවතී) සිදුවෙන නිසා ලාභය වර්ධනය වීම නතර වෙන්නේ නැහැ. ලිව්වේ 7 July 2014