Wednesday, 18 June 2014

තරාතිරම්වාදය 2

මේ දෙවෙනි සිදුවීම්  ටික  වුනේ ඉන්දියාවේදී. (විදුලි බල මණ්ඩලේ වැඩ කරන යාලුවෝ අමනාප වෙන්න එපා මේක ලිවට. ඕගොල්ල මෙහෙම නැහැ කියල මම දන්නව)
මම අපේ මෑණියන්වත්  අරන් ඉන්දියාවේ වන්දනා ගමනක ගියා. මම ලංකාවේ යාලුවෝ එහෙම කියපුව අහල ප්‍රසිද්ධ බැංකුවකින් සංවිධානය කරන නඩයකට එකතු වෙන්න  ලෑස්ති වුන. ටිකක් ගැන වැඩියි. නමුත් සැප පහසුයි. ඉන්දියාව තුලත් අබ්යන්තර (internal flight ) ගුවන් සේවා ගමන් දෙකකුත් එක්ක. අම්ම ගත්  කටටම බැහැ  කිව්වා. එයට  යන්න ඕනේ වුනේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හා තව බන කියන්න එන හාමුදුරු වරු දෙන්නෙකුයි ගමේ  උපාසිකාවොයි යාළුවොයි  එක්ක. ඒක  ගණන් අඩු ටිකක් දීර්ඝ ගමනක්.  දුම්රියේ හා බස් වල යන්නේ. නමුත් ඒ ගොල්ල නැතුව බැහැ කිව නිසා මාත්  කැමති වුණා ගමන අමාරු වුනත්. කොහොමත් මම ගමනේ සංවිධායක ටුවර් ඔපෙරටර් ට කියල මටයි අම්මටයි වෙනම කාමරයක් වෙන් කර ගත්ත හැම තැනදීම නිදා ගන්න. ඒකට  මම වෙනම වැඩි පුර ගෙව්වා. (මට ගොරවන අය එක්ක නිදා ගන්න බැහැ)
දැන් කාමර බෙදනවනේ හැම දාම  හෝ දවසකට සැරයක් හෝටල් වල නිදා ගන්න. මට තමයි ඉස්සෙල්ලම වගේ යතුරක්  ලැබෙන්නේ. තනි කාමරයක්ම   ලැබෙන  නිසා.  ඕක දෙතුන් දෙනෙකුට ඇල්ලුවේ නැහැ. ප්‍රාදේශීය සභාවක කෙනෙකුයි,  විදුලි බල මණ්ඩලේ වැඩ කරන කෙනෙකුයි (මේ තැන්  වල වැඩ කරන කීප දෙනෙකුත් එකතු වෙලා හිටිය). ඒගොල්ල මේ ටුවර් ඔපෙරටර් (සංවිධායක ) ට වලියක් ඇද්ද. අපි විදුලි බල මණ්ඩලේ (ඈ ??) අපි අහවල් ප්‍රාදේශීය සභාවේ. අපිට  කලින් කාමර දෙන්න  කියලා . (අනිත්   කට්ටිය එක්ක කාමර share කරන්න පුලුවන්ද නේද?) අපේ මුඛරි සංවිධායකත් ඇරියේ නැහැ. මිනිහ කිව්වා "විදුලි බල මණ්ඩලේ ටයි අහවල් ප්‍රාදේශීය සභාවටයි කාමර වෙන් කරලා නැහැ ඉන්දියාවේ. අර මහත්තය කලින් ගෙවල වෙන් කරගෙන තියෙන නිසා එයාට දෙන්න වෙනවා. " ඒ වලිය ඉවරයි.
ඊට පස්සේ මේ කතාවේ ඉතුරු කෑල්ල ටිකක් කණගාටුදායකයි. මේ ගමන ඇත්තම අමාරුයි. නිදා ගන්නේ පැය  කීපයයි. බස් වල විසි වේවි දුවිලි ගැහුන පාරවල් වල යන්නේ.  ඉතින් මොකද වුනේ අර විදුලි බල මණ්ඩලේ එක්කෙනෙක් සංචාරය ඉඅවර වෙලා චෙන්නායි අන්තිම හෝටලේට ආවහම මැරුණා. මාත් ගියා බලන්න. එකට ආපු කට්ටියනේ. මොකක් හරි උදව්වක් වත් කරන්න. අර අනිත් යාලුවෝ හා නෑදෑයෝ වෙන්න ඕනේ, දුක පල කලේ මෙහෙම කියල. " අනේ මෙහෙම මැරෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. විදුලි බල මණ්ඩලේ වැඩ කලේ ---ආදී වශයෙන් " මට එක පාරටම කියවුනා " ඇයි විදුලි බල මණ්ඩලේ නම් මැරෙන්න තිබ්බේ කරන්ට් වැදිලද කියලා . හොඳ වෙලාවට ටුවර් ඔපරේටර් ගේ සහයිකාවට ඇහුනේ . එය මාව පැත්තකට ඇදල කීව ලංකාවේ අඬන්නේ එහෙමයි. සද්ද නැතිව ඉන්න කියල. අනික අපි උදව් කරන්න ඕනේ නැහැ. ඒ ගොල්ල ලංකාවට දේහය යවනව. මේ වගේ දේ වෙනවා නිතරම කියල.

ප්‍රශ්නේ මේකයි. මේ සිද්දි දෙකේදීම සාමාන්‍ය ආණ්ඩුවේ රස්සාවක් කරන අය  මෙහෙම ඉහල ගියේ කොහොමද? තමන්ට විශ්‍රාම වැටුප හා බැංකු නය ලැබෙන නිසාද? පළාත් සභාවල හොරකම් කරනවා කියමු. අනිත් අය ? අපි නිර්දන පන්තිය කියල, අරගලයකට එන්න කිවොත් ගහල එලවයි. ඇයි  මේ ඔක්කොමල්ල ඉහල පන්ති වලනේ.

ඕක තමයි ලංකාවේ වුනේ . 71 හෝ 89 හෝ දැන් කරන ශිෂ්‍ය අරගල වල හෝ මහජන සහභාගිත්වය අවම වෙලා තියෙන්නේ , ඔය කවුරුත් කෑ ගහන වැඩ කරන ජනතාව හිතන් ඉන්නේ තමන් සුළු ධනේශ්වර , තව ටිකක් වැඩ කරල සල්ලි ටිකක් හොයාගෙන කොහොම හරි ගෙයක් හදා  ගෙන කාරෙකක් වත් ගත්තොත්  ඉබේ ඉහල පන්තියට යන පිරිසක් වශයෙන්.  මේ ගොල්ලන්ට බලෙන් විප්ලව කරලා දෙන්න ගිහිල්ල නිකන් ඇන ගන්නේ මොකටද?

5 comments:

  1. ලංකාවෙ විප්ලව කරන්න යනවනම් කවුරුහරි එයාගෙ ඔළුව බලව ගන්න එකයි හොඳ.71 වාගෙම 87 දිත් නිර්ධන පංති විඥානයක් කාටවත් තිබුනෙ නෑ.ඇත්ත ප්‍රශ්නෙ කුල ප්‍රශ්න.ඉගන ගත්ත තරුණයන්ට විදින්න වුන කුල පීඩනය.ඉගන ගෙන ඉහලට ගිය අයත් කුල අසාධාරනකම්වලට ලක් වෙනව.87 දි කැරලිකරුවන් පිටුපස ශ්‍රීලනිපයත් හිටිය.ඒ ඒ අයගෙ පටු දේශපාලනය.එහෙම නැතිව පංති විඥානයෙන් ලංකාවෙ විප්ලව සිදු වුනේ නෑ.

    මගෙ බ්ලොග් එකේ මේ තරාතිරම් ගැන ඉතාම හාස්‍යජනා දේවල් පෙනවල දුන්න.පියන් කෙනෙක්වත් හිතන්නෙ නෑ ඌ නිර්ධන පන්තියෙ කියල.විදුලි බල මන්ඩලේ ඔහොම දෙයක් තියනව කියල මං ඇහුවමයි.වැඩි වැටුප් හා දීමනා ලැබෙන නිසා වෙන්න ඇති.

    පරිපාලන සේවය හා ආශ්‍රිත සේවා ගැනයි මට අත්දැකීම් තියෙන්නෙ.සාපේක්ෂව වැටුප් අඩුයි. නමුත් පරිපාලන හා ආශ්‍රිත සේවා වල ඕපන් පාස් වුන අය ඔළුව උදුම්මගෙන මහ පුදුමාකාර ලෙසයි ඉන්නෙ.ප්‍රශෙන් මේකයි.මේ අය විභාගයක් පාස් වුන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සාමාන්ය උපාධිධාරීන්.දොස්තරල ඉන්ජිනේරුවො නම් ඒ ලෙවල් ඉහලින්ම පාස් වෙලා යම් උසස් පුහුණුවක් ලබපු අයවත්නෙ.

    මේ රටේ මිනිසුන්ගෙ මානසිකත්වය ඔහොමයි.සම සාධාරණ හැඟීමක් මොකෙකුටවත් නෑ.හැම එකාම බලන්නෙ අනිකව පාගන්න.

    මේ වගෙ රටක සමාජවාදයක් හදනව කියන්නෙ .මධ්‍යම පන්තිය අතට බලය යාමක්.වමේ උන්දලගෙ කාරයන්ගෙ තියෙන්නෙම සුළු ධනේශ්වර මානසිකත්වය.එහෙම බැලුවොත් මුන්ට හරියන්නෙ ධනවාදෙම තමයි.

    ReplyDelete
  2. ඔබේ බ්ලොගය මම කියෙව්වා. ඇත්ත තමා. සමහර වාමන්ශිකයන්ට මේවා කතා කලහම තරහ යනවා. මොකද ඒ සමහර අයත් හැසිරෙන්නේ එහෙමයි. විදුලි බල මණ්ඩලේ විතරක් ඔහොම තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. ඔඅබ කියනවා වගේ අනිත් තැන්වලත් ඇති. මගේ ඇත දැකීම තමා ඒ. සමාජවාදය හදන්නේ කොහොමද නිදහස් අද්‍යාපනය අරගෙන පැනපු ගමන් ඔහොම වෙන ජෝට. ශිෂ්‍ය සංවිධාන පාලනය කල ජවිපෙත්, අනිත් පක්ෂත් මේවට තරමක් වග කියන්න ඕන බව මගේ හැඟීමයි. .

    ReplyDelete
  3. අනික නම් ලංකාවේ කොහොමටවත් විප්ලවයක් නම් සිදුවුනේ නැහැ. අවි අතට ගත් අරගල දෙකක් වුනා විතරයි.

    ReplyDelete
  4. "විදුලි බල මණ්ඩලේ ටයි අහවල් ප්‍රාදේශීය සභාවටයි කාමර වෙන් කරලා නැහැ ඉන්දියාවේ. අර මහත්තය කලින් ගෙවල වෙන් කරගෙන තියෙන නිසා එයාට දෙන්න වෙනවා. "

    මරු කතාව.

    ඇත්තටම අජිත් එය තත්වය තමයි මෙහේ තියෙන්නෙ, රජයේ සේවකයන් වෙන්න ඕනත් නෑ ඔය සීන් එකට. මම හොඳ උදාහරණයක් කියන්නං. අජිත් 88-89 කාලෙ ලංකාවෙ හිටියද කියන එක ගැන මට මතකයක් නෑ. මට ඒ ක‍ාලෙ තිබුන සමහර දේවල් පසු කාලයක අවබෝද වුනා. එකක් තමයි ගම්වල නිර්ධනයන් (මේ කට්ටිය කුලී වැඩ කරන මිනිස්සු වෙන්න පුළුවන් නැත්තං පොඩි පොඩි ආදායම් මාර්ග තියන අය වෙන්න පුළුවන්...) ජවිපෙ වැලඳගනිද්දි කුඹුරු අක්කර දෙකතුනක් තියන මිනිස්සු (මේ දෙගොල්ලම ආර්ථික අතින් මහලොකු වෙනසක් නෑ ඇත්තටම ධනපති කියන පිරිස එක්ක බැලුවම) ධනවාදය පැත්තට ගියේ. අන්තිමට කුඹුරු අයිතිකාරයො අනෙකාට විරුද්ධව හමුදාවට ඔත්තු දුන්න. කුඹුරුවල කුලී වැඩ කරපු එවුන් රෑට මුහුණු බැඳගෙන ඇවිල්ල අර මිනිස්සු කැතිගෑව.

    ReplyDelete
    Replies
    1. නැහැ මම 88-89 හිටියේ නැහැ. ඔය තත්වය මම අහල තියෙනවා. විකාරයක් තමා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .