Saturday, 3 May 2014

ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක්

ජන රැලේ යනවා වමේ සංවාදයක්. වැඩේ සැහෙන්න හොඳයි. ඒක  කියන්න එපයි ඉස්සෙල්ල. සුමිත් චාමින්ද කියල මහත්මයෙක් මහා පතරංග ජාතකයක් ලිය තිබුන වමේ එක්සත්භාවයක අවශ්‍ය කම ගැන. පලවෙනි කොටස දාල  තිබුන 2014 මාර්තු 30 පත්තරේ. තියෙන  වැඩ අස්සේ කියවන්න සෑහෙන කාලයක් ගියා. දෙවන  කොටස එනකන් හිටිය උත්තරයක් ලියන්න. නමුත් මගේ "නිර්මාණශීලි ශක්‍යතාවයන් හා මානුෂ  ශක්තින් පිලිබඳ එතුමා කියන්න වගේ අත  හැර  දමා දෙවියන්ට යාඥා  කරන්නේ නැති නිසා අර්නෙස්ටෝ ලැක්ලව්  කියන්නේ මොකක්ද කියල හෙව්වා.  හැබැයි ඒ මහත්මය මේ කියන්න මොනවද කියල  මම තවම තේරුම් ගන්න උත්සාහ  කරනවා. (උපුටාගැනීම  ජනරළ පත්තරෙන්) 
"පශ්චාත් පෙරේස්ත්රෝයිකානු සහ පශ්චාත් තෘෂ්නි යුද කාලින විමුක්ති දේශ පාලනය මුහණ දී තිබෙන්නේ ද ඉහත කි ආකාරයේ භාව සත්තවාදී  නිමේෂයකටය. " - මේ කියන්නේ ලිපියේ මුලින් තියෙන දෙයියෝ හොයන්  යන්න එපා කියන එකද  නැති එකද?
ඊළඟට එයා  කියනවා මෙහෙම. "ධනවාදී භාණ්ඩ හුවමාරුකරණයේ ක්‍රියාවලිය හුදු ආර්ථික අර්බුදයකින්  ඔබ්බට ගොස් සමස්ත ශිෂ්ටාචාරය අර්බුදයක් කර ඉමහත් විනාශකාරී ලෙස ගමන් කිරීම අනිත් අතින්  දිස් වෙමින් පවතී."  මේ නම් කියන්නේ අර කොල්වින්ගේ කේනමන් ගේ ඉඳන් සෝමවංශ අමරසින්හ දක්වා කියන මේ කුණු ගඳ ගසන ධනවාදී සමාජය විනාශයට යනවා කියලනේ.  ප්‍රශ්නේ ඒක  නෙමේ. එක තවම උනේ නැති නිසා ධනවාදය , යුද්ධ කරමින්, යුද්ධ අවුලවමින් තවම වැජඹෙන නිසා ඒකට උත්තර හොයන එක නෙමෙයිද?
එතකොට ඊට පස්සේ කියනවා "හොර්කයිමර් සහ අඩනෝ පසුගිය  සියවසේ  මැද භාගයේදී විශිෂ්ට ලෙස විශ්ලේෂණය කල පරිදි බටහිර ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියෙහි නිශේධනීය තර්කනයවූ අධිපතිවාදය එහිම සාධනීය තර්කනය වූ මානව විමුක්තිවාදය යටපත් කරලමින් පෙරට එමින් පවතී."  හෝක්හයිමර් ගේ විවේචනාත්මක ප්‍රමේය? (critical theory) එක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියල පැහැදිලි කලා  නම් හොඳයි. නැත්නම් මෙතන සුමිත් චමින්ද කියන්න හදන්නේ මොකක්ද කියන එකට අර්ථ කතන දහයක් විතර දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒ ලිපියේ එන ඊළඟ කරුණු ටික සංයුක්ත කරලා ගත්තම මෙහෙම දෙයක් වැටහෙනවා.
1. වමට ප්‍රජාතාන්ත්‍රික බහු විධාත්වයක් අවශ්‍ය බව.
2. ඒ පිළිබඳව චාමින්දගේ  පක්ෂය හා පෙසපේ සංවාද කල බව.
3. වම නැවත එකතු කල යුතු බව.
4. තමන් x (එක්ස්)  "x  සාමාජිකයෙක් වෙලා හිටි බව."
දැන් මෙතන පොඩි විමසුමක් කලොත් මං  අර කලින් "පිචන් ඇමෙරිකන් " ලිපියේ කිව්වා වගේ , මන්  රෝයල්, මං  ආනන්දේ , මන් තර්ස්ටන් , මන් ගුරු  කුලේ , මන් කටුබැද්දේ වගේ මන් හිටියේ එක්ස් කණ්ඩායමේ ටයිටල් එක එනවා.  දැන් වම එකතු වෙනවා කියන්නේ පශ්චාත් එක්ස් දේශපාලනයේ කඩා  ගත්ත ඒවා ආයි  හදා  ගන්නද? මොකද අවසානයේ මෙහෙම කියුමක් තිබෙනවා. - ත්‍රිමාණ වෙබ් අඩවියේ පලවූ විශිෂ්ට දේශපාලන විශ්ලේෂණයක් (මේකට මම එකඟයි ඒකෙ  හොඳ ලිපි  යනවා)  මගින් අවධාරණය කර තිබු කරුණක් එනම් -"ප්‍රජාතාන්ත්‍රික අරගලයන් තුලට ඇතුල්වී ඒවා නව- ලිබරල් ධනවාදී හෙජමොනික සැකැසුමකට එරෙහි ගෝලීය ප්‍රති-හෙජමොනික ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමේ උපාය මාර්ගය පිළිබඳව " අවධානය යොමු කරන බව.  මං  ත්‍රිමානේ  හොයල බැලුව මේ ලිපිය.  දැක්කොත් දැක්ක කෙනෙක් ලින්ක් එක දාන්න.
එතකොට හෙජෙමොනි කියන්නේ කණ්ඩායමක් මගින් කිසියම් ක්‍රියාවලියක් පාලනය කිරීමක් : leadership or dominance, especially by one state or social group over others.  දැන් එතකොට අපිව ධනවාදී සමාජ කොටසකින් කරන සැකැස්මට  එරෙහිව ඒවාම  ප්‍රති හෙජෙමොනික ව්‍යාපාර කිරීම. කාටවත් තේරෙනවද  මේ මොකක්ද කියල. දන්නවනම් කොමෙන්ටුවක් දාන්න.

මේ දීර්ඝ ලිපියේ  දෙවන කොටස පලවෙලා තිබෙනව ජනරල අප්‍රේල් 13 කලාපයේ.  ලිපියේ මුල හරියේ  x කණ්ඩායමේ ඇතිවුන  ප්‍රශ්න හා x -men  සහ x -women  සමග දීප්ති කුමාර ඇති කර ගෙන  තිබෙන (වෙබ් අඩවිවල රඟ  දැක්වෙන) ප්‍රශ්නත් සාකච්චා කරන අතර පුද්ගලිකව පහර දෙනවට වඩා න්‍යායික සංවාදයකට එළඹෙන ලෙස කරන ඉල්ලීමක් තිබෙනවා. ඒක  දැනට අපට අදාල නැති x -men ලා  බේරා  ගත යුතු දෙයක් නිසා ලිපියේ අගට යමු. මෙහි වැදගත්ම කරුණක් හැටියට සාකච්චා කරන්නේ ලැක්ලාව් 'On Populist Reason " පොතේ ඉදිරිපත් කරන ලද තර්කයකුයි. අවශ්‍ය කෙනෙකුට මේ පොතේ pdf කොපියක් මෙතනින් බාගන්න පුළුවන්.
 http://doublesession.net/indexhibitv070e/files/laclau-on-populist-reason.pdf
මෙහි සුමිත් චමින්ද මහතා කරන පැහැදිලි කිරීමට අනුව D  යනු සමාජයීය ඉල්ලීම්ය. ඒවා අබ්යන්තරිකව බෙදී ඇති බව ග්‍රීක් අක්ෂරයක් වන තේටා 
 වලින් පෙන්වයි. Tයනු පසමිතුරු බලවේගයයි. ඉල්ලීම් ඉදිරිපත්වන්නේ මෙම බලවේගයට එරෙහිවයි.  ලැක්ලාව් විසින් ඉදිරිපත් කල රූප සටහන්  ලිපියේ 1 සහ 2 යනුවෙන් පලවී ඇත. ඒවා පහත දැක්වේ.
 රූප සටහන  1
 රූප  සටහන 2
සාර්වාදය නමැති Tනමැති පසමිතුරු බලවේගයට එරෙහිව D1, D2, D3,, D4
යන ඉල්ලීම් යම් සාම්‍යතා දාමයකට එක්ව ඇති බව චමින්ද කියයි. (ලැක්ලාව්  මෙහිදී කියන්නේ මේ හැම D1, D2  යන්නක්ම එක හා සමාන බවයි.) "All of them, however, are equivalent to each other in their common opposition to the oppressive regime (this is what the upper semicircle represents -Ernesto Laklav ).  "නමුත් මෙවැනි සාම්‍යතා දාමයක් යම්කිසි හෙජමොනික දේශපාලනික මැදිහත්වීමකින් තොරව ඉබේම නිර්මාණය විය නොහැකි බව චාමින්දගේ අදහසයි.  ලැක්ලාව් කියන්නෙ මෙසේයි ? 
"In that case, the same democratic demands receive the structural pressure of rival hegemonic projects" එනම් මෙවැනි තත්වයකදී ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ඊට ප්‍රතිවාදී  සංවිධිත හෙජමොනික ව්‍යාපාරයන්ට මුහුණ දෙන බවයි.  චාමින්ද මෙය වර්තමාන රාජ්‍ය බලාධිකාරයට සමාන කරමින්  එම බලාධිකරයේ එහිමවූ හෙජමොනික  තර්කනයක් ඇති බව වටහා ගත යුතු බවක් කියයි. මෙවැනි බලාධිකාරයක් පවතින බව සත්‍යයකි. 
මෙහි දෙවැනි රූපය පිලිබඳ චාමින්දගේ විස්තරය බලමු.  චමින්ද කියන්නේ Dඉල්ලීම, a , b ,c  යන විකල්ප සාම්‍යතා දාමයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නයක් පෙනෙන බවත්, ඒ අනුව Dකුමන සාම්‍යතා  දාමයට සුසම්බන්ධ කරගත හැකිවේදැයි යන්න නිශ්චය වනු ඇත්තේ සංයුක්ත හෙජමොනික අරගලය මගින් බවත්ය.  එසේම එකිනෙකට පසමිතුරු සාම්‍යතා  දාමයන්  දෙකක  පවතින බව කෙටි ඉරි මඟීන් පෙන්වන බවත් එහි පිඩනයට ලක්වීමට D1 හට සිඳුවන බවත් ඔහු පවසයි.  (ලැක්ලාව් පවසන්නේත් මෙයයි.) චාමින්ද කියන්නේ  මෙසේ සුසම්බන්ධිය තර්කනයන් දෙකක්  අතර අස්ථාවර තත්වයකට පත්වූ හැඟවුම්කාරකයක්  (signifier ) ලැක්වියානු  අරුතින් පාවෙන හැඟවුම්කාරකයක්  වේ.   ලැක්ලාව් පවසන්නේ I shall call signifiers whose meaning is 'suspended' in that way 'floating signifiers'. මට තේරෙන විධිහට හිස් හැඟවුම්කාරක හෙවත් "අර්ථය  තාවකාලිකව අත් හිටවූ "හැඟවුම්කාරක පාවෙන හැඟවුම්කාරක වෙන බවයි. 

සුමිත් චාමින්ද ඉන්පසු මෙසේ කියයි. එනම් ඔහු කලින් ඉදිරිපත් කල න්‍යායික පසුබිම තුල (ලැක්ලාව් ඇතුළුව) දීප්ති කුමාර ගුණරත්නගේ විශ්ලේෂණය කල පරිදි , ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කාරණය  ගෝලීයවත් දේශීයවත් පාවෙන හැඟවුම්කාරකයක් බවට පරිවර්තනය වී ඇති බවයි.  
දීප්ති කුමාර  ගුණරත්නගේ මුල් ලිපිය මා  කියවා  නැති නිසා චමින්ද කියන දේ ( දීප්ති ලියු බව කියන ) හරි කියා පිලි ගනිමු.  හැබැයි ලැක්වියානු  අරුතින් එතකොට මේ ප්‍රජතන්ත්‍රවාදය අර්ථය අත්  හිටවා  ඇති හිස් හැඟවුම්කාරකයකි.  
ඊළඟට ඔහු ප්‍රශ්න දෙකක්  අසයි.
1. මෙවන් තත්වයක් තුල වාමාංශික බලවේග විසින් කල යුත්තේ හුදෙක් ධනපති අධිරාජ්‍යවාදි බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බැවින් එය මුලුමන්න්ම ඉවත දමා වඩා  පිරිසිදු වාමාංශික සටන් පාඨ  තේරීමද ?
2. නොඑසේ නම් සැබෑ හෙජමොනික අරගලය තුලට නොබියව ඇතුළුවී ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක්  සඳහා  සටන් කිරීමද?
අංක එකට එකඟ වුනොත්  සුම්ත් චාමින්දට අනුව මේ සංයුක්ත අරගලය නිර්දේශපාලනීකරණය කරා  යයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ එයින් රතුපස්වල, තුන්නන ආදී "සැබෑ  සමාජ අරගල අවකාශය" මග හැර යාමක්  වන බවයි. 

ලක්වියානු අර්ථයෙන් ගත කල මෙය මෙසේ විය හැකියි. එහෙත් සෑම ප්‍රජාතන්ත්‍ර අරගලයකටම වාමාංශික පක්ෂ වලට සහභාගී විය නොහැකියි. සුමිත් චමින්ද මේ පවසන්නේ ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන ඊනියා සටන් වලටත් වාමාංශික පක්ෂ සහභාගී විය යුතු බවද? ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුයි? ජනතාවගේ ප්‍රශ්න - එදිනෙදා  ප්‍රශ්න - වතුරට සටන් කිරීම, කුණු ඉවත් කිරීම ගැන , ඩෙංගු ගැන ඉදිරිපත් විය යුතුයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් ඉන් එහාට යාමෙන් වික්‍රමබාහු වගේ රනිල් සමග එකම වේදිකාවකට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නගින්නට හේතුවක් නැත. 

ඉහත කොටස් දෙක මා ලියුවේ එර්නෙස්ටෝ ලැක්ලාව් ගේ රූප  සටහන් දෙක ඇසුරින් සුමිත් චාමින්ද මහතා වාමාංශික පක්ෂ එක්සත් වී අරගල වලට මුහුණ දිය යුතු බව නිගමනය කල බව පැහැදිලි කරන්නයි. මගේ අදහස නම් මේ රූප සටහන් දෙකෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා සමාජවාදය පිලිබඳ අරගල පැහැදිලිව නොපෙන්වන බවයි. එයට හේතුව මේ හැම අරගලයක්ම සැලසුම් සහගත ඒවා නොවෙන නිසා සහ සෑම  අරගලයකම තීව්‍රතාවයන් එකිනෙකට වෙනස් නිසයි. මේක වෙනත් විධිහකට කියනවනම් විශ්වයේ පරිණාමය ගත්තත් ජීවීන්ගේ පරිණාමය ගත්තත් සමාජ පරිණාමය ගත්තත් හුඟක් දේ සිදුවන්නේ අවිධිමත් ආකාරයට (chaotic ). අපි නොයෙකුත් ගණිතමය සමීකරණ, තර්කන ආදියෙන්  මේවා පැහැදිලි කර ගන්නවා පමණයි.  මෙය මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
සෝවියට් දේශයෙන් 1934දී ඇමෙරිකාවට ගිය තාරක විද්‍යාඥයෙකු වන ජෝර්ජ් ගැමොව් (1904-1908) තාරකාවල ඇති මුලික අංශුන් පිලිබඳ සොයා ගැනීමක් කලා. තාරක තුල න්‍යෂ්ටික දහනය සිදුවීමේදී පරමාණුක අංශුන් එකිනෙක ගැටෙනවා. මේ ගැටීම සඳහා අංශුන් ගමන් කරන්නේ ඉතාමත් අසංවිධිත (chaotic) ආකාරයට. මේ ගැටීමක් වෙන්න කලින් (ක්වොන්ටම්  උමගක්) Quantum tunnelling තුලින් ගමන් කිරීම හෙවත් බාධක විනිවිද යාමක්  (barrier penetration ) කියා දෙයක් සිදු වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි බෝලයක් තාප්පයකින්  එහාට විසි කරනවා කියා හිතන්න. අපි අවශ්‍ය ප්‍රමාණයට ගතික බලයක් (චාලක ශක්තිය - kinetic energy ) තාප්පයට වඩා උඩින් බෝලය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ බෝලයේ චාලක ශක්තිය උඩදී ගුරුත්වාකර්ශන  විභව ශක්තියට පෙරලෙන අතර එය  තාප්පයේ ගුරුත්වාකර්ශන  විභව ශක්තියට වඩා  වැඩි  විය යුතුයි. මෙය ක්වොන්ටම් චලිතයේදී සිදුවන්නේ මදක් වෙනස් විදියකට. අංශුව න්‍යෂ්ටියේ වැදීමට නම් අංශුවේ සම්පුර්ණ ශක්තිය බාධකයේ ශක්තියට වඩා  වැඩි විය යුතුයි. නමුත් ඇත්තටම සිදුවන්නේ මේ සම්පුර්ණ ශක්තිය නැති වුනත් එක්තරා අවස්ථාවක න්‍යෂ්ටිය හෝ ඉලෙක්ට්‍රෝනය තව න්‍යෂ්ටියක ගැටීම සඳහා මේ බාධකය උඩින් ගමන් කරන බවයි. මෙහිදී අංශුව ලබා ගන්න ශක්තිය ට ගැමොව් ශක්තිය හා එහි උච්චතම අවස්ථාවට  ගැමොව් මුදුන (Gamov  peak - රූප සටහන බලන්න.) කියා කියනවා. එතැනදී අංශුව බාධකයෙන් පැන  න්‍යෂ්ටිය හා ගැටෙනවා. මෙය සිදුවුනේ නැත්නම් තාරකාවල වෙන මුලද්‍රව්‍යය ඇති වන්නේ වත් කොටින්ම ග්‍රහලෝක, ජිවය පවා ඇති වන්නේ වත් නැහැ.
 (ප්‍රස්ථාරය 1)

මෙතන අපට වැදගත් මෙන්න මේ හරිය. තාරකාවල ඇතුලේ අංශුන් වල අසංවිධිත ගමන වගේම තම අරගලත්. ඒවා සැලසුමකට කොතන හරි ඇති වන්නේ නැහැ. ඇති වන හේතූන්  තිබෙනවා. ඇතිවුනාට  පස්සේ නොයෙකුත් ක්‍රමවලින් එහි තීව්‍රතාවය වැඩි කර ගන්න පුලුවන්. උදාහරණයක් වශයෙන් යුක්රණයේ මයිඩන්  වල ඇතිවුන යනුකොවිච් විරෝධී රැලි මුලදී සුළු විරෝධතාවයක් ලෙස පටන් ගත්තත් පසුව වෙනත් EU  හා ඇ.එ .ජනපදයේ මුදල් ආධාර හා මීඩියා  අනුග්‍රහයෙන් එය වැඩි කරගෙන යනුකොවිච්  එලවා  දැමීම.  (මෙහි හරි වැරැද්ද මෙතැනදී සාකච්චා නොකෙරේ).  දැන් නැවත සුමිත් චාමින්ද මහතා  ඉදිරිපත් කල ලක්ලාව්  ගේ පින්තුර විග්‍රහයට යමු. එහි D1, Dආදී අරගල සාම්‍යතා දාමයක තිබුනත් එහි  තීව්‍රතාවයන්  වෙනස්.  (ප්‍රස්ථාරය 2  බලන්න)

ඒ හැම අරගලයක්ම  මේ මුදුනට එන්නේ නැහැ. ලංකාවේ අධ්‍යාපන කප්පාදුවට හා %6 ක පඩි වැඩි වීම සඳහා ගිය අරගලය බලන්න. එය ශක්තිය මුලදී එකතු කර ගත්තත් මුදුනට එන්න බැරිව මිය ගියා . අනික් හැම අරගලයක්මත් එහෙමයි. එසේ නම් කල යුත්තේ චාමින්ද කියන ආකාරයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී හෝ අනිකුත් මෙකි නොකී ආකාරයේ අරගල වලට  ධනපති හෝ වෙන ඕනෑම පක්ෂයක් සමග එකතුවීතිබෙන ශක්තියත් වැය කිරීමද? එසේ නැත්නම් කල යුත්තේ අසංවිධිත ආකාරයෙන් ඇතිවන අරගල තෝරා බේරා අකාලයේ අවසන් වෙන ඒවාට සාපේක්ෂ මැදිහත් වීමක් කර නිශ්චිත වාස්තවික තත්වයන් තුල ඇතිවන අරගල වලට වාමාංශය එකතුවී ගැමොව්  පීක්  එකට යාම නොවේද ? එහිදී දයලේක්තික වාදී  ලෙස වඩාත් ඉදිරියෙන් සිටින පක්ෂයට හෝ  පක්ෂ සමුහයට ගන්න නිවැරදි ක්‍රියාමාර්ග තුල  බාධකයෙන් අනිත් පැත්තට යාමට හැකි වෙනු ඇත.
(මම මේ ලිපියේ මුල හරියේ චාමින්ද මහතාගේ ලිපිය පතරංග ජාතකයක් ලෙස හැඳින්වුවත් මගේ පිළිතුරත් ඒ ආකාරයටම දික් වීම ගැන කණගාටුයි.)

මුලාශ්‍ර : ‘The origin of chemical elements’ (1948) by Alpher, Bethe & Gamow,
'On Populist Reason' - Ernesto Laclau

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ  ලිපිය: http://3mana.com/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/



13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙය ත්‍රිමාණ වෙබ් අඩවියේ පල කළාට ස්තුතියි.

    ReplyDelete
  4. තවත් ලැබුන කොමෙන්ටුවක්:

    මේ තියෙන්නෙ සුමිත් බේස් කරගන්න දීප්තිගෙ ලිපිය
    http://3mana.com/%E0%B7%83%E0%B7%91%E0%B6%B8-%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%BA/

    මුල්ම කාරණය මේ ලිපිය පුරාවට සුමිත්ගේ ලිපිය පැහැදිලි කරගැනීමට උත්සාහ කිරීමක් මිස අජිත් සහෝදරයාගේ තර්කය මොකද්ද කියන එක පැහැදිලි නෑ. විශේෂයෙන් සුමිත්ගේ සහ දීප්තිගේ ලිපිය කියවල බැලුවොත් ඒවා එකම තර්කයක අඩු වැඩි ව‍ශයෙන් වන දිගුවක් විදිහටයි මට දැනුනේ. මෙතනදි අජිත් සහෝදරයා සුමිත්ගේ සමහර කරුණු වලට කවුන්ටර් කරන බවක් පෙනුනත් ප්‍රධාන තර්කයට කවුන්ටර් කිරීමක් මට අහුවෙන්නෙ නැහැ.

    තාක්ෂණික වශයෙන් සමහර නිර්වචන ගැන පොඩි අවධානයක් යොමුකළානම් හොදයි වගේ මට හිතෙනවා. උදා - හෙජමොනික කියන එක, ඒකෙ නිර්වචනය විකියෙ තියෙන එකත් මම අහලා තියෙන එකත් එක වගේ.
    Hegemony (UK /hɨˈɡɛməni/, US /hɨˈdʒɛməni/;[1][2][3] Greek: ἡγεμονία hēgemonía, "leadership" and "rule") is an indirect form of government, and of imperial dominance in which the hegemon (leader state) rules geopolitically subordinate states by the implied means of power, the threat of force, rather than by direct military force.[4] In Ancient Greece (8th century BCE – 6th century CE), hegemony denoted the politico–military dominance of a city-state over other city-states.[5]

    සුමිත්ගේ ප්‍රකාශ උපුටා ගැනීම සම්බන්ධයෙනුත් එහෙමයි.

    කෙහොම වුණත් මේ වගේ දෙයක් ගැන අජිත් සහෝදයරගේ උනන්දුව සහ කැපවීම අගය කරනවා. ඒ වගේම ඔහුට තියෙන භෞතික විද්‍යා දැනීම සමාජ විද්‍යාව තේරුම් කිරීමට යොදාගැනීමට වඩා දර්ශනය තේරුම් ගැනීම යොදාගත්තොත් තවත් වැඩදායක වෙයි කියලා මට පොඩි අදහසක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිප්යේ අන්තිම හරිය කියෙව්වද? සුමිත් ගේ ලිපිය පත්තර දෙකක සම්පුර්ණ පිටු දෙකක ගිය එකක්. මම මට අවශ්‍ය ටික විතරයි අරගත්තේ. අන්තිම හරියේ මම එය ලිව්වා ලක්ලව් ගේ ප්‍රමේය වැඩි දියුණු කිරීමක් කරලා තියෙනවා. භෞතික විද්‍යාව ඇසුරෙන්. ඔය ඒක කියෙව්වද.

      Delete
    2. අනික ඔබ මාක්ස්වාදය හරියට කියවල නැහැ. මාක්ස් සහ එංගල්ස් දයලෙක්තිකය ගැන හදාරන කොටත් භෞතික විද්‍යාව හා ගණිතය සැහෙන්න හදාරලා හිටියේ.

      Delete
    3. ඔබගේ හෙජෝමොනිය නිර්වචනය එකක්. නමුත් එහි තේරුමක් leadership or dominance, especially by one state or social group over others. මේ දෙකේ වැඩි වෙනසක් නැහැ.

      Delete
    4. How did you read chaminda's article ?
      Send that link .

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  5. Hard copies of the paper was sent to me by someone. If you want I can post them back or ask the same person to send you the copies.

    ReplyDelete
  6. Replies
    1. sorry what is your address? I did not see the comment. Apologies.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.