Monday 19 May 2014

තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්

මම රුසියාවේ නව වෙනස හා පුටින් යන්නේ කොයිබටද යන්න ගැන ලියපු ලිපියට සමාජ සුභ සාධක කියල කොමෙන්ට් කරන බ්ලොග් යාලුව කොමෙන්ටුවක් දාල  තිබුන ලංකාවේ තරාතිරම් පිළිබඳව හා  නිලධාරිවාදය ගැන. එයාගේ එපා වීම මට හිතා ගන්න පුළුවන්. මට තිබෙන අත්  දැකීම්  කීපයක් එතකොට මතක් වුණා.
පලවෙනි එක තමා මගේ විදුලි ඉංජිනේරු උපාදිය අවසන් කාලේ වෙච්ච දෙයක්. මම ශිෂ්‍යත්වයක් ලැබී සෝවියට්  දේශයට (ඒ කාලේ සල්ලි ගෙව්වේ නැහැ පෞද්ගලික උපාධි නෙමේ )  ගියත් ලංකාවේ විශ්ව විද්යාලයකට යන්න අවස්ථාවත් ලැබිල තිබුනේ.  ඒ දවස් වලත් රුසියන් උපාධිය ඉවර කරලා ආවහම ලංකාවේ සැහෙන කැපිලි තිබෙනවා රස්සාවකට ගියාම. හුඟක් ඒවා එන්නේ මොරටුවේ ඉවර කරපු අය  ගෙන්. මේ අපේම යාලුවන්ගෙන් එකට A/L  කරපු.
ඉතින් අපේ විදුලි  ඉංජිනේරු උපාදිය අවසන් කරලා Msc එකට නිබන්ධනය ලියන්න කලින් ප්‍රයෝගික පුහුණු ගොඩක් කරන්න ඕනේ. ඉතින්  ලංකාවේ මාසයක් විතර දාගත්ත  විදුලි බලාගාර (power stations ) බලන්න එහෙම.. ඉන් එකක වුනු දෙයක් මේ. ඉතින් අපි රුසියාවේ ඉඳල ආවහම ලංකාවේ කෑම කන්න පුදුම ආසාවක් නේ තියෙන්නේ . ලංකාවේ තරම් රහ කෑම  කොහෙවත් නැහැ කියලත් හිතෙනවා වෙලාවක. ඉතින් අපි ඔය මාළු පාන් , රොටි, කට්ලට් චයිනිස් රෝල්ස් කන්න පෙරේතයෝ. ඉතින් අපි දවස්  කීපයක්  බලාගාරයේ කැන්ටිමෙන් ඕව කෑව.  මෙන්න හතරවෙනි දවසේ වගේ අපි බලාගත්ත ඉංජිනේරු උතුමාණෝ අපව කැඳෙව්වා  office  එකට. එයා  අපට පොඩි සද්දයක් දැම්ම? "මට පැමිණිල්ලක් ලැබිල තිබෙනවා (අනිත් ඉන්ජන්ගෙන් වෙන්න ඕනේ) ඕගොල්ලෝ අර common (පොදු) කැන්ටිමෙන් කනවා කියල. ඔයාල ඉංජීනේරු  ශිෂ්‍යයෝ  තව මාස  කීපයකින් ඉංජිනේරු වරු හැටියට එලියට එනවා. පොදුවේ අනිත් කම්කරුවන්ටයි අනිත් අයටයි තියෙන කැන්ටිමෙන් කන්න එපා. sandwich එකක් ගෙනත් office එකේ ඉඳන් කන්න" ඊට අමතරව කීව  - ඔය රුසියාවේ පුරුදු මෙහෙට  කොහොමත් අවශ්‍ය නැහැ කියල. "
ඉතින් අපි කැන්ටිමෙන් කෑවම ඔය ලංකාවේ ඉන්ජන්ගෙන් අඩු වෙන්නේ මොකක්ද ? ............(මේ සිද්ධියට මුහුන පාපු එක යාළුවෙක් වත් මන් ඇතුළුව දැන් ලංකාවේ නැහැ).


සමාජ සුබසාධක බ්ලොග් අඩවිය ----සමාජ සුබසාධක දර්ශනය යනු ප්‍රතිගාමීත්වය භංගවීමෙන් ඇතිවන සම සාධාරණ මානව හිතවාදීත්වයකි.සුබසාධනය අවශ්‍ය වන්නේ පීඩිතයන්ටය.මෙය වෛරය වැපිරවීමක් නොවේ. ප්‍රභූ ලෝකයේ නිර්ප්‍රභූ නියෝජනයක් ඉල්ලා සිටීමේ අහිංසකත්වය පමණි - 
උපුටා ගත්තේ - 
http://subasadhaka.blogspot.co.uk/





2 comments:

  1. විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂන ගැන මම දාපු කොමෙන්ටුවකට කෙනෙක් විහිලු කොමෙන්ටුවක් දාල තිබුන.සමාජවාදය ගැන කතා කරන එවුන් තුල සම සාධාරණ හැඟීම් නැහැ.උන් ධනපතියන්ටත් අන්තයි.ඉන්දියාවෙ හා ලංකාවෙ සමාජවාදය ගැන කතා කරන අය ඇත්තටම සමාජවාදීන් නොවන්නාක් සේම උන් වෙනත් හීනමානයක් වසා ගන්නට කරන රඟ පෑමක් පමණයි.මම මෙහෙම කියන්නෙ අත්දැකීමෙන්.
    ඇත්ත කතාව මේකයි මුන්ව අරුන් ගනන් ගන්නෙ නෑ.මුන්ට පහල එවුන් එක්ක ඇයි හොදයියකට මුන් කැමති නෑ.මුන්ට ප්‍රශ්නෙ අරුන් මුන්ව ගනන් නොගැනීම.යූ ඇන් පී පවුල් වල කොල්ලො කැම්පස් එකේදි ජේවීපී වෙන්නෙ ඔය නිසයි.ගමේදි උන්ගෙ තාත්තල යූඇන්පී මහ රාළහාමි එනකොට ලේන්සුව අතට ගන්නව.මුන් බයේ හැංගෙනව.මුන් ලොකු වෙලා කැම්පස් ආවම මුනුයි රාලහාමිගෙ ළමයිනුයි එකට ඉන්නෙ.මුන් ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගෙ.ඊට පස්සෙ ජේවීපී කරනව.ඒත් සම සාධාරණ හැඟීම මුන්ගෙ ලේවල නෑ.එළියට ඇවිත් හදන්නෙ බමුණු කුලයක් හදන්න.
    අජිත් කියපු ඉන්ජිනේරුවන්ට රදලන් හෝ ධනපතියන් වෙන්න හැකියාවක් නෑ.උන්ට පුළුවන් විදියට ජනතාව පෙළනව.
    අපි කළ යුත්තේ ගැඹුරු විශය කරුණු ඉගැන්වීමට වඩා සම සාධාරණ හැඟීම ජනතාවට ඉගැන්වීමයි.ගැඹුරු ලෙස විශය හැඳෑරීම අවශ්‍යයි.පුද්ගලිකව මටත් අවශ්‍යයි.අජිත් ගෙ බ්ලොග් එකෙන් මම යම් ඉගෙනගැනීමක් කරනව.ඒ ගැන ස්තුතියි.

    සම සාධාරණ හැඟීම කියන්නෙ හීනමානෙන් පෙළෙන එවුන්ට ඉහලට නගින්න බැරිකමට කියන අදෝනාවක් නොවෙයි .ප්‍රගතිශීලී මානසිකත්වයක්.

    ReplyDelete
  2. මම දැන් යන ශිෂ්‍ය උද්ඝෝෂණ වලට සහයෝගය දෙනවා. හැම ශිෂ්‍යයෙක්ම එහෙම නැහැ. මගේ ප්‍රශ්නය ඔය උද්ඝෝෂණ කරලා කොහොම හරි රැක ගන්න නිදහස් අධ්‍යාපනයත් භුක්ති විඳලා රස්සාවලට එන අය දාන පාට් ගැන. රඟපෑම් නම් හරියට තියනවා. සිගිරි නොගිය කට්ටියගේ පටන් මොරටුවේ අපට සම කාලීනව උද්ඝෝෂණ කරපු අය දක්වා. මිනිසුන් හිතන විධිහත් වෙනස් කිරීම අවශ්‍යයි. මම ඔය ත්‍රිමාණ, පෙරටුගාමී පක්ෂය වගේ අය කරන විශ්ලේෂණ අගය කරන්නේ එකයි.
    ඔයාගේ කොමෙන්ටුවකට දැමු උත්තරය මම පල කලේ අපි එයටත් ඉඩ දිය යුතු නිසා. මම කාව හරි, දෙයක් හරි විවේචනය කරනවානම් එයට ප්‍රති විරෝධී විවේචනයත් බලා පොරොත්තු වියයුතුයි. ඒවා මැදහත් සිතින් අර ගන්න.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .