අද දවසේ පෙළපාලියේ සුවිශේෂත්වයක් තිබෙනවා. එකක් තමයි ක්‍රිමියාව දැන් රුසියාවට ලැබී තිබීම. 1964 යුක්‍රෙනියන් ජාතික නිකිතා කෘෂෙව් ජනාධිපති (කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ) යුක්රනියාවට ලබා දුන් රුසියානු ප්‍රදේශය නැවත පුටින් ලබා ගැනීම රුසියානුවන් බොහොමයකගේ ජාතිකාභිමානය වඩවන්නක් වෙලා තිබෙන්නේ. පුටින් වුනත් කිව්වේ වෙච්ච අසාධාරණය සාධාරණ කලා කියල. ඒ වගේම බොහොම ඇමෙරිකානුවන් ප්‍රමාණයක් නොදන්නා දෙයක් තමයි ඇලස්කාව දැන් නිත්‍යානුකුලව අයිති රුසියාවට බව. අවුරුදු 100 බද්ද ඉවර වෙලා තියෙන්නේ. ගන්න ගියොත් යුද්දේ තමයි.
මම කියන්න හදන කාරණාව එක නෙමෙයි. මේ වීඩියෝව බලන විට මට සිහියට නැගුනේ 1984 සිට මම සෝවියට් දේශයේ සිටියදී මැයි 9 නැරඹු යුධ හමුදා ජයග්‍රහණ පෙළපාලි වලට බොහෝ සමාන කමක් මේ පෙළපාලියේ තිබු බව. 1991 රුසියාව කැඩුනට පස්සේ පහල දුප්පත් වගේ මිනිස්සු ඇරෙන්න අනිත් අය මහත්වරු (රුසියානු වචනය ගස්පදින් -sir ) වෙලා තිබුනේ යෙල්ට්සින් ගේ කාලයේ.
නමුත් අද තිබුන පෙළපාලියේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයා සොල්දාදුවන්ව හැඳින්වුයේ තවරිෂ් සොල්දාත් කියල. ඒකෙ තේරුම සොල්දාදු සහෝදරයා. ඉංග්‍රීසියෙන් නම් comrade soldier. ඒගොල්ලත් ජෙනරල්වරයට උත්තර දුන්නේ හැමෝම එකපාර තවරිෂ් ජෙනරාල් පොල්කොව්නික් එහෙම නැත්නම් අණදෙන නිලධාරී ජෙනරාල් සහෝදරයා කියල. ඒ විතරක් නෙමේ ජෙනරල් ඊට පස්සේ මුණ ගැහෙනවා මැදදී ආරක්ෂක ඇමතිව. (ඒකට වාහන දෙක රතු චතුරශ්‍රය මැදදී මුණ ගස්සවනවා) රුසියාවේ ආරක්ෂක ඇමති හැම වෙලාම තරු පහේ ජෙනරාල් කෙනෙක්. එයට අණදෙන නිලධාරී ජෙනරාල් කිවේ ආරක්ෂක ඇමති සහෝදරයා කියල. ඇමති තමන්ගේ පහල නිලධාරියට කිවේ ජෙනරාල් සහෝදරයා කියල. මේක මෙතනින් ඉවර වුනේ නැහැ. ආරක්ෂක ඇමති ත්‍රිවිධ හමුදාව පෙළපාලියට ලෑස්තියි කියල කියන්න පුටින් ගාවට යනවනේ. එතැනදී කිවේ යෙල්ට්සින්ට වගේ ඇති උත්තම ජනාධිපති උතුමාණෙනි නෙමේ. තවරිෂ් ව්ලදීමිර් පුටින් හෙවත් ව්ලැඩිමීර් පුටින් සහෝදරයා කියල. පුටින් නිවේදනය පිලි අරගෙන කතාව පටන් ගත්තේ . ඇරඹුවේ කොහොමද? තවරිෂ් සොල්දාත් හෙවත් සොල්දාදු සහෝදරවරුනි කියල.
දැන් මේක තේරුම් ගන්නේ කොහොමොද?
ක්‍රේම්ලිනයේ මේ එල්ලලා තිබෙන හමුදා ධජ දෙකේ තිබෙන දෑකැත්තයි මිටියයි දැක්කද? එතකොට ලං වෙලා බලන්න අනිත් ධජයේ CCCP අකුරු ටික. CCCP කියන්නේ රුසියානු භාෂාවෙන් USSR කියන එක. පුටින් කියන්නේ පරණ රහස් ඔත්තු සේවා නිලධාරියෙක්. ඔවුන්ට අපට ඉගැන්වුවා වගේම කොමියුනිස්ට්වාදී දර්ශනය හා මාක්ස්වාදය උගන්වා තිබෙනවා. එතකොට මේ පුටින් යන්න හදන්නේ චීන මාර්ගයේද? ධනවාදී නිෂ්පාදන හා සේවා ක්‍රම එක්ක තනි රටක සමාජවාදයක් ආයෙත් ?
මේ කතාව අහන ඔබට සිනහ පහළ විය හැකියි.ඇත්තෙන්ම සම සාධාරණ සමාජයක් ගොඩ නගන්න බෑ මිනිස් මනස ඊට සූදානම් නැත්නම්.මා කළින් ලිපිවල ප්‍රතිවිරෝධතා ගොඩ නැංවිය යුතු යැයි කීවේ ඒකයි.මාක්ස්වාදීන් කියනවා ප්‍රතිවිරෝධතා අහෝසි වන්නේ සමාජවාදය ගොඩ නැගූ පසු කියා.අපි මෙය ඉගෙනගන්න සිසුන් නිසා ඒ ගැන පසුව කතාකරමු.
ReplyDeleteතරාතිරම් ගැන මෙහි සදහන් කළ නිසයි මෙහෙම කියන්නෙ.ප්‍රපංචවාදීව හැමෝම මෙහෙමයි කියනවාත් නොවෙයි.
මම විවිධ වෘත්තීන් වලට අයත් අය ආශ්‍රය කරන කෙනෙක්. මේ අයව ටිකක් සමීපව දැන හදුනා ගන්න අවස්ථාව ලැබුන.ඒ කියන්නෙ ඔවුන්ව නිරීක්ෂණය කරන්න අවස්ථාව ලැබුන. වෛද්‍යවරු,ඉන්ජිනේරුවො,නීතීඥයො, පෞද්ගලික අංශයෙ ඉහළ වැටුප් ලබන නිළධාරීන් යන හැමෝටම වඩා මේ අයගෙ අමුත්තක් මම දුටුව. වෛද්‍යවරු,ඉන්ජිනේරුවො නීතීඥයො කියන්නෙ තමන්ගෙ වෘත්තීය පුහුණුව දිගුකාලීන වීම හේතුකොටගෙන ප්‍රභූත්වයට පත් වූවන්.පෞද්ගලික අංශයෙ උසස් නිළධාරීන් කියන්නෙ පළපුරුද්ද සහ බුද්ධිය උගත්කම මත ඉහලට ගිය අය.
නමුත් බදවාගැනීමේ සුදුසුකම සාමාන්‍ය උපාධිය පමනක් වූ මේ උදවිය පත්වීම ලැබූ අලුත ඉතාම අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ.සාමාන්‍ය නිර්ධන පන්තියෙන් ආපු හරියට ගෙයක් දොරක්වත් හදාගෙන නැති බස්වල යන අය.මටම පුදුම හිතුන මේ ගැන
මේ අය පහළ නිළධාරීන් ගැන දරණ ආකල්පය හා නිළධාරීවාදී අදහස් දැනගෙන මට පුදුම හිතුන. වැඩවසම් යුගවල රදලයන්ට වහල් යුගවල වහල්හිමියන් හැසිරුන විදිය ගැන මට තිබුන අදහස් නැති වෙලා ගියා.විභාගයක් පාස් වෙච්චි මුන් මෙහෙම අදකාලෙ හැසිරෙනවනම් මෙහෙම ආකල්ප දරනවනම් අතීතයෙ හිටපු අර වගෙ ප්‍රතිගාමීන් මොන විදියට හැසිරුනහම මොකද කියල.
මුන් හිතාගෙන ඉන්නෙ උන් රදල පත්වීමක් ලැබිල.අනෙක් අය උන්ගෙ වහල්ලු කියල.
පෞද්ගලික අංශයෙ ලොක්කො අනෙක් අය එක්ක එකට වැඩ කරනව. චීනයෙ ඉංජිනේරුව තමන්ගෙ වැඩය නිම වුන පසු කම්කරුව තවම වැඩේ කරනවනම් ඔහු ට උදවු කරනව.
යාහූ හෝ ගූගල් වගෙ සමාගමක විධායකයන් ඔක්කොම එක්ක එකට ඉදගෙන වැඩකරන හැටි මම දැක්ක නිව්ස් එකක.ඒක නිව්ස් එකක් නොවෙයි ඒ අය ගැන වෙන නිව්ස් එකක ඒ අය වැඩකරන හැටි පොටෝ එකක දාල තිබුන.වැඩ ලෝකයේ ටීම් වර්ක් කියන්නෙ සාමාන්‍ය දෙයක්.
අලුත පරිපාලන පාස් වෙලා එන අය කිසිම දෙයක් දන්නෙ නැතත් පුදුමාකාර උඩගු බවකින් ඉන්නෙ.මට මේකට හේතුව මොකක්ද කියල හිතාගන්න බැරිව තිබුනෙ. එහෙමනම් පුහුණුවෙදි මේ අයගෙ ඔළුව බ්‍රේන් වොශ් කරනව ඇති ඉංග්‍රීසි ආන්ඩු කාලෙ රාජ්‍ය සේවයෙ සම්ප්‍රදායන්ට අනුව. ඒ කාලෙ පරිපාලන සේවය වැඩවසම් ලක්ෂන මිශ්‍ර වෙලා දරුණු විදියට තිබුනෙ.කට වහරෙත් ඒජන්ත උන්නාන්සෙ කියන්නෙ නිකමටයැ.දැනටත් ආයතන සංග්‍රහයෙ තියෙන්නෙ අස්ස කරත්තෙ යන කාලෙ විස්තරනෙ.
මේ අය පහළ නිළධාරීන් ගැන දරණ ආකල්පය හා නිළධාරීවාදී අදහස් දැනගෙන මට පුදුම හිතුන. වැඩවසම් යුගවල රදලයන්ට වහල් යුගවල වහල්හිමියන් හැසිරුන විදිය ගැන මට තිබුන අදහස් නැති වෙලා ගියා.විභාගයක් පාස් වෙච්චි මුන් මෙහෙම අදකාලෙ හැසිරෙනවනම් මෙහෙම ආකල්ප දරනවනම් අතීතයෙ හිටපු අර වගෙ ප්‍රතිගාමීන් මොන විදියට හැසිරුනහම මොකද කියල.
මුන් හිතාගෙන ඉන්නෙ උන් රදල පත්වීමක් ලැබිල.අනෙක් අය උන්ගෙ වහල්ලු කියල.
කෙටි කාලීන පුහුණුව හා දිගුකාලීන පුහුණුව මත මිනිසුන් දෙකට බෙදෙන බව මම හිතනව.හමුදා වල තරාතිරම් ආදියත් සෙබලුන් බදවාගැනීම හා නිළධාරීන් බදවා ගැනීම ක්‍රම දෙකකට කරල මේ වැඩවසම් බෙදීම ගෙනයනව.රාජ්‍ය සේවයත් එහෙමයි.සැබෑවටම පැවති වැඩවසම් යුගයෙදි ශිල්පිය කම්කරුවෙක් වෙනව.ධනවාදී යුගයෙදි ප්‍රාග්ධනය නැති නිසා ශිල්පිය කම්කරුවෙක් වෙනව.අනාගතයෙදි ප්‍රාග්ධනය වෙන්නෙ දැනුම.දැනුම සම්බන්ධව හා තෝරාගැනීම් සම්බන්ධ මේ විශමතා නැති සම සාධාරන සමාජයක් ගොඩ නගන්නෙ කොහොමද?
ReplyDeleteඔය රැඩිකල් ප්‍රගතිශීලී සමාජවාදීන් කියන එවුන් ඔක්කොටම හපන් බමුණො.
සමාවෙන්න සති අන්තය තරමක් අවිවේකි නිසා උත්තරයක් ලියන්න බැරි වුනාට. ඔබගේ පිළිතුරට මම එකඟයි. ඒ අතින් මේ දියුණු ධනවාදී රටවල සේවය කරන එක ලෙහෙසියි හොඳයි. මගේ ආයතනයේ අයිතිකරු අපේ client (ගනුදෙනුකරුවන්) එන වෙලාවට ලිපිකාරිණිය ලවා තේ එකක් හද ගත්තට තමන්ම තම ඒවා කර ගන්නේ.අනිත් වෙලාවට අනික මගේ calendar එකට වැඩක් දැම්මත් අහල එක දාල ස්තුතියි කියලත් කියනවා. මෙතන ලංකාවේ වගේ sir ල නෑනේ. ලංකාවේ ඕකනම් ටිකක් ප්‍රශ්නයක්. ඔය කිව්වත් වගේ පෙළපාලි යන සමාජවදේ ගැන කතා කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පවා රස්ස්වට ගියාම අමුතු වෙනවා. සම්පුර්ණ ඇත්ත.
ReplyDeleteමා සේවය කරන කොළඹ පිහිටි blue chip ගණයට වැටෙන සමාගමේත් තත්ත්වය ඕක ම යි, ළමයෝ. සමාගම් අධ්‍යක්ෂ තමුන්ගේ තේ එක තමුන් විසින් ම සාදා ගත යුතු යි. අද වැඩට එන හාදයා අද ඉඳන් ම තමුන්ගේ කළමණාකරුට මුල් නමින් අමතනවා මිසක් 'සර්' කියන්නේ නැහැ. හැබැයි පුතෝ, වැඩ වැඩි වුණොත් සෙනසුරාදාත් ඇවිල්ලා වැඩේ ඉවර කරන්න ඕනේ. හොඳට ම වැඩ කරන අයට හොඳට ම සළකනවා. ඔය ළමයාගේ බොස් වගේ ම තමයි මගේ බොස්. මාව මොකක් හරි වැඩකට දාන්න කලින් මගෙන් අහනවා ඒක කරන්න කැමතිද කියලා. කැමතියි කියපුවහම ස්තුති යි කියනවා. අපි කවුරුත් ටයි පොලු අඳින්නේ නෑ. සිකුරාදා දවස්වලට කැෂුවල් අඳින්න පුළුවන්. සමාගම මැදිහත් වී නිවාස ණය, වාහන ණය අරන් දෙනවා. අවුරුදු 5 ක් හොඳින් වැඩ කළොත් සමාගමේ කොටස් පවා නොමිලයේ ලබා දෙනවා. අවුරුද්දකට සති අන්ත 5 ක් ලංකාවේ සංචාරක හෝටලයක නොමිළයේ ම ගත කරන්න පහසුකමත් ලැබෙනවා. ඉතින් මම මේ සමාගමට හිතෛශීව අවුරුදු 12 ක් ම වැඩ කරන එක පුදුමයක් ද?
Deleteකොච්චර හොඳද.
Deletehttp://www.lrb.co.uk/v36/n09/slavoj-zizek/barbarism-with-a-human-face
ReplyDeleteජිජැක් උන්නැහේ නම් පුටින්ව දකින්නේ සාර්ගේ ඈදාගැනීමේ පිලිවෙතේ අලුත් මුහුනුවරක් විදිහට.
ජිජැක් හුඟක් වෙලාවට හරි වෙන්න පුළුවන්. මම මෙතන කරන්නේ නිරීක්ෂණයක් විතරයි. හැබැයි මතකතබා ගන්න වෙන්නේ 1918 ට්‍රොට්ස්කි මෙහෙයවූ රතු හමුදා අසල වැසි රාජ්‍ය අල්ලා ගත් බව.
ReplyDeleteමෙය ත්‍රිමාණ වෙබ් අඩවියේ පල කළාට ස්තුතියි.
ReplyDeleteමගෙ කොමෙන්ට් එකෙන් මම කියන්න අදහස් කළෙත් ලංකාවෙ සමාජවාදී මානසිකත්වයක් නෑ.ලාංකිකයා සංස්කෘතිකමය ලෙසත් කිසියම් පරිණාමයකට ලක් වෙන්න ඕන.විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කියන්නෙ පන්තිය මාරු කරන්න හදන පිරිසක්.ඒ අයව ඉහල සමාජයෙන් පිළිගැනීමක් නොලැබෙන නිසා ඒ හිතේ අමාරුවට කරන කෑ ගැහිල්ලක් ඔය.
ReplyDeleteලංකාවෙ කරන හීනමාන විප්ලව වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.ලංකාවෙ සමාජය තවම තියෙන්නෙ වැඩවසම් මට්ටමේ.මුලින්ම කළ යුත්තේ සමාජවාදී මානසිකත්වයක් ගොඩ නැගීමයි.
//විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කියන්නෙ පන්තිය මාරු කරන්න හදන පිරිසක්.ඒ අයව ඉහල සමාජයෙන් පිළිගැනීමක් නොලැබෙන නිසා ඒ හිතේ අමාරුවට කරන කෑ ගැහිල්ලක් ඔය.//
Deleteකොහොමද බබා ඩිග්‍රිය කරලා පන්තිය මාරු කරන්නේ? ඩිග්‍රිය කම්ප්ලිට් කරන උන් ඔක්කොම ඉහල පන්තියකට යනවනම් ඉතින් ලංකාවේ තියෙන්නේ මාරම සමාජ ක්‍රමයක්නේ. මොන විප්ලවද, ඔක්කොටම එහෙනම් ඩිග්රි දෙමු.
තව දෙයක් මේදවස් වල ළමයි පෙළපාලි යන්නේ සමාජ වෙනසක් ඉල්ලලා නෙමෙයි. ඊට වඩා බොහොම අඩු ඉල්ලීම් වලට. එතන තියෙන්නේ පිළිගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි මුලික අයිතිවාසිකම් වල ගැටලුවක්.
එක නෙමයි ඔය බබා මේ දවස්වල ලංකාවේද ඉන්නේ?
විශ්ව විද්‍යාල ශිෂ්‍යයො නොයෙකුත් පන්ති (නිර්ධන, ධනපති දෙක ඇරුනාම ) නියෝජනය කරනවා. දැනට යන පෙළපාලි අඩිය නිශ්චිත ප්‍රශ්න කීපයක් වටා ගොනු වුනු උද්ඝෝෂණ කීපයක් නිසා ඒවාට සහය දිය යුතුයි. මන් හිතන්නේ සමාජ සුභ සාධක කියන්න හදන්නේ ඔය සමහර ශිෂ්‍ය අරගල වලට දායක වුනු නායකත්වය දීපු අය පවා දැන් ආණ්ඩුවේ ඉන්නවනේ . ඒ ගොල්ල ගැන වෙන්න ඕනේ. දැන් ගොඩක් ලංකාවේ දොස්තරලම බලන්නකෝ මිනිසුන්ට සලකන විධිහ. ළමයින්ට පයින් ගහන විධිය. ඒ ගොල්ලන්ට සල්ලි නොදී ඉගෙන ගන්න ත්‍රිම විතාන වගේ අය ජීවිතය පවා දුන්න. ඒකට වත් සලකනවද මේ ගොල්ලා ?.
Deleteඅජිත් කියන විධියට දොස්කරල ගැන කියන කථාව සාධාරන නැහැ. එක්කෙනෛක් දෙන්නෙක් කරන වැරදි පොදුකරණයෙන් බලන එක හොඳ නැහැ. අපගේ රෝහල් පද්ධතිය විවෘත ආර්ථිකය නිසා අබලන් වෙලා. නමුත් මුදල් නැති ලක්ෂ ගණනකට අඩු පහසුකම් යටත් කැත කුනු අතගාමින් වැඩ කරන ආකාරය බලන්න ජාතික රෝහලේ ඔපීඩී එකට හදිසි අනතුරු අංශයට යන්න. ඉඩක් තිබුනොත් පරණ ගොඩනැගිලිවල වාටුටුවල වැඩකරන දොස්තරවරු දිහා බලන්න. මාලිගාවත්ත වකුගඩු අංශය, පිලිකා රෝහල වැනි තැන්වල දොස්තරවරු විතරක් නොවේ විශේෂඥ මට්ටමේ අය පවා සේවය කරන්නේ මුදට වඩා මානුෂිකත්වය සලකලයි. ඔබ තරුණ අයෙක් නම් තරඟකාරී සමාජ බලපොරයේ ඉත්තෙක් බවට පත්වෙලා එහෙට මෙහෙට ඇදෙනවා. අසනීප වෙලා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බැරුව රජයේරෝහලක පිහිට පතන්න වුනු වෙලාවකදී පොදුවේ ලංකාවේ දොස්තරවරු ගැන තේරේවි.
Deleteතිලක්
තිලක් පොදුවේ රෝහල් වල ප්‍රශ්න තිබෙන බව මම පිලිගන්නවා. හැම දොස්තර කෙනෙකුටම වරදක් කියන්න බහ තමයි. මගෙත් ගොඩක් යාලුවෝ ඉන්නවා. නමුත් හුඟක් දොස්තරලා සාමාන්‍ය මිනිසුන්ට ටිකක පහත් කරලා සලකන බව පිලි ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ දොස්තරලා ප්‍රශ්න අහනවට කැමති නැහැ. මිනිසුන්ට ලෙඩේ ගැන කියන්නේ නැහැ. ඒ ගොල්ල ඔක්කොම දන්නා අය. මගේ පවුලේ අයට මේවා වෙලා තිබෙනවා. දියුණු රටවල් වල එහෙම බැහැ . ලංකාවේ ඉතාමත් හොඳ දොස්තරවරු දක්ෂ දොස්තරවරු ඉන්න බව මම පිලි ගන්නවා දොස්තර චන්න ජයසුමන වගේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කැප වෙන. නමුත් ඒ වගේම තමයි අනිත් පැත්තත්.
Deleteඅනික මම මගේ අම්මට හා පවුලේ අනිත් යට හැම වෙලේම කියන්නේ රජයේ රෝහලකට යන්න කියල. පෞද්ගලික ඒවා වල රඟේ මට මගේ තත අසනීප වුන කාලයේ තේරුණා. රජයේ රෝහලේ දොස්තරවරු හොඳට සැලකුව. නමුත් අර පෞද්ගලික රෝහලේ චැනල් කලොත් විතරයි රජයේ රෝහලේ වාට්ටුවට ඇඳක් එක්ක දාන්නේ ඒ consultant.
Deleteඔන්න මම බ්ලොග් එක ඇඩ් කළා, බලන්න අප්ඩේට් වෙලාද කියලා.
ReplyDeleteඔව් බොහොම ස්තුතියි.
Deleteසමාජවාදය ගැන කතා කරන ප්‍රධානම පක්ෂයෙ තියෙන්නෙත් අර අනෙක් පක්ෂ වල වගේම තරාතිරම්වාදයක්.මම ලියන්නෙ මේ තරාතිරම් මානසිකත්වය නැති කරන්නෙ කොහොමද කියන තැන ඉදගෙනයි.
ReplyDeleteසමාජවාදය ගැන කතා කරන ගොඩක් පක්ෂ වල සමාජවාදය කියන්න මොකක්ද කියලවත් පැහැදිලි අදහසක් තියෙනෙවද?
ReplyDelete