Tuesday, 20 May 2014

මාක්ස්ට වැරදුන තැනක්ද?

මේ මාක්ස්ට වැරදුන තැනක්  කියල විවේචන  මම තැන් තැන්  වල කියවල තිබෙනවා . සමහර අය බොර්ම් බෝවෙර්ක් හෙම උපුටල කියල තිබ්බ මේ කාරණය . මේක තියෙන්නේ ප්‍රග්ධනයේ 10 වන පරිච්චේදය හරියේ. මම තවම එතනට ආවේ නැහැ මේ ලිපි පෙලේ. දවසේ වැඩ මුර ගැන මාක්ස් කතා කරනවා ඒ කොටසේ. නමුත් මේ ගැන  මන් පොඩ්ඩක් කතා කරන්න අදහස් කලා.

මාක්ස් විසින්  ධනපතියන් කම්කරුවන්  සූරා  කෑම ගැන ලියු දේ හුඟක් ම බලගතුයි ඒ වගේම ඓතිහාසික වශයෙන් ගත්තම සාධක සහිතව ඔප්පු වෙනවා.   මාක්ස් කිවේ මේ සූරා  කෑම  කියන එක ධනවාදී ආර්ථික ක්‍රමයට ඔබ්බවල තිබෙන නිසා ඇතිවෙන සමාජීය ප්‍රතිවිරෝධතාවය හේතුවෙන් ධනපති ක්‍රමය අභාවයට යන බව ( කඩා වැටෙන බව).  මාක්ස් මේ පරාරෝපනය හෙවත් කලකිරීම පිලිබඳ මතය , ධනවාදී සූරාකෑම නිසා  කම්කරුවා ඔහුගේ මානුෂික භාවයෙන් දුරස්ථ  වීම ආදිය පැහැදිලි කිරීම සඳහා හේගල් ගේ  අතීත ලේඛන උපයෝගී කර ගත් තා . සූරා  කෑම පිලිබඳ නියමය සහ අතිරික්ත වටිනාකම තුලින් ඔහු දර්ශනවාදී දෘෂ්ටි කෝණයෙන් මිදී ආර්ථික ක්‍රමය පිලිබඳ දෘෂ්ටි කෝණයෙන් මේක විමසා බැලුව. ඒ නිසා  තමයි ඔහු කිවේ ධනවාදී නිෂ්පාදන ක්‍රමය නිසාම ධනවාදය කඩා  වැටෙනවා කියල.  
මාක්ස් එංගලන්තයට පිටුවහල්ව සිටියදී ඔහුට එවකට  ලෝකයේ තිබු කාර්මික දියුණුව ඉහලම රට ගැන හොඳින් විමර්ශනය කරන්නට ඉඩ  ලැබුන. ඔහු දුටුවා ටෙක්ස්ටයිල් (රෙදි නිෂ්පාදන කරන) කම්කරුවන් විඳින අන්ත දුක. ඔවුන්ගේ දරුණු දුප්පත් කම. යන්තම් කන්නට දෙයක් ඇතිව පන නල ගැට ගහ ගන්න හැටි. ඔහු පාවිච්චි කලා මෙය හඳුන්වන්න  විලියම් බ්ලේක් කවියාගේ කවියක සඳහනක්  "disturbing images of “dark satanic mills,” යනුවෙන්. එනම් යක්ෂයාගේ අඳුරු රෙදි මෝල  වල හිත කලම්බවන  පින්තුර  වශයෙන්.
කවිය කියවන්න  මෙතනින් යන්න;
http://en.wikipedia.org/wiki/And_did_those_feet_in_ancient_time#.22Dark_Satanic_Mills.22
අපි ලඟදි පීක් දිස්ත්‍රික්කයට ගිය වෙලේ පතල් කීපයකට ගියා . (පින්තුරය 1 හා 2 බලන්න.) මේවායේ නම් "යක්ෂයාගේ ගුහාව devil's cavern , treak cliff ගුහාව ආදී වශයෙන්. මේවා දැන් සංචාරකයන් ට බලන්න හොඳට හදල තියෙනවා පඩිපෙළවල් ඇතුළුව.
පින්තුරය 1
පලවන පින්තුරයේ තියෙන්නේ පුංචි ගුහාව. දෙවැන්න මහා පතල.
පින්තුරය 2
දෙවෙනි එකෙන් හැමෝම ඇතුලට යනවා ඊයම් කඩන්න.  පලවන එක තියෙන්නේ  ලොකු මිනිස්සුන්ට යන්න බැරි නිසා පුංචි ළමයි යවන්න. පුංචි ළමයි නුත් මේවල වැඩ කලා . මේ ළමයි සහ ගැහැණු පතල් වල මැරුන. නොයෙකුත් අතවර වලට ලක්වුණා. සමහර විට මුළු පවුලම. ඔවුන්ට ලැබුනේ සතියකට ශිලින් 3ක් - අද මුදලින් පවුම් 10 ක (රුපියල් 2000) ක වගේ මුදලක්. රුපියල් දෙදහකින් ජිවත් වෙන්න පුලුවන්ද සතියක්. එංගලන්තයේ දැන් සතියක් ජිවත් වන්න කෑමට  විතරක් සතියකට පවුම් 70ක් වත් ඕනේ. යන්තන්කාල ඉන්න. අනිත් වියදම් නැතුව. එතකොට පවුම් දහයකින් පාන් පෙත්තක් දවසකට කාල  ඉන්න පුළුවන් වෙයි . හිතා  ගන්න පුලුවන්ද දරිද්‍රතාවය. මුළු  පවුලම වැඩ කලේ ඒකයි පතල් වල. රෙදි කම්හල් වල. යන්තම් ජිවත් වෙන්න. එංගලන්තය එතකොට ලංකාව යටත් කර ගෙනනේ  හිටියේ. (කොටසක්). ලංකාවේ මිනිස්සු ඊට වැඩිය  හොඳට ජිවත් වුණා  එහෙම බැලුවොත්.
 පින්තුරය 3 - පතල් කම්කරුවන්ගේ මෙවලම්
 මාක්ස් පෙන්වන්න හැදුවේ මේ දරුණු දුප්පත් කම ධනවාදයේ නියත සලකුනක බව සහ ධනවාදයේ දියුණුව සමග මේ පීඩනය සහ දුප්පත්කම වැඩි වන බව. තමන් රක ගැනීම සඳහා කිසිම ආරක්ෂණ යාන්ත්‍රණයක් නැති නිර්ධන පන්තියේ   ආර්ථික දියුණුව ධනපතියාගේ අනුකම්පාව මත රඳා  පවතින බව.  නමුත් ධනපතියට වෙළෙඳපොලේ තරඟ කාරිත්වය එක්ක හැප්පෙන්න නම් තමන්ගේ ව්‍යාපාරය දුර්වල කර ගන්නේ  නැතුව තමන්ගේ ව්‍යාපාරය අවදානමකට ලක් කර ගන්නේ නැතුව මේ නිර්ධන කම්කරු පන්තියට  අනුකම්පාව දක්වන්න බැහැ කියල මාක්ස් කිව්වා . මේ ප්‍රතිවිරෝධතාවය තුල පන්තිය වර්ධනය වීමත් පන්ති විඥානය (පන්ති හැඟීම) වර්ධනය වීමත් තුල එම පන්තීන් විසින්ම තම ආර්ථික  අවශ්‍යතාවයන් නිරුවත් කරනවා. (expose - පෙන්වනවා යන තේරුම ). මෙහිදී ධනපති පංතිය  තමන් සතු සියලු  බලතල - රාජ්‍ය බලය (පොලිසිය, හමුදාව, අධිකරණය, සිවිල් නිලධාරීන් සතු බලතල) සහ ආගම පවා උපයෝගී කර ගන්නවා මේ කම්කරු හා වැඩ කරන පන්තිය පිලිබඳ තමන්ගේ ඒකාධිකාරී අයිතිය රැක  ගන්න. නමුත් වැඩ කරන පන්තිය තමන්ගේ පොදු පීඩනය විනාශ කරන්න ස්වභාවයෙන්ම එකතු වෙන බවත් ධනපතියන් ඉවතට තල්ලු කරන්නට සමත් වෙන බවත් මාක්ස් අනාවැකි පලකලා . එසේම  මේ  ප්‍රතිවිරෝධය පුපුරා  යන අවසන් පන්ති අරගලයක් තුලින් සමාජවාදය බිහි වෙනවා කියලත් ඔහු අදහස් කලා .
මේක මෙහෙම වුනාද?  මාක්ස් මෙතන වැරදිද?
 සිද්ධ වුනා  මෙහෙම දෙයක් බ්‍රිතාන්‍ය රැජින මුහුදු මංකොල්ලකරුවන් මගින් ප්‍රාග්ධනයක් ගොඩ නගා  ගත්ත ඉස්සෙල්ල . ඊට පස්සේ හොඳ නාවික හමුදාවක් හැදුවා ඉන්පසු බ්‍රිතාන්‍ය රජය අධිරාජ්යක් ගොඩ නැගුවාමේ ගොඩ නගන අධිරාජ්‍යය  තුල රටවල් පාලනය කරන්න තම රට වැසියාව  යවන්න පුළුවන් වුණා. ඒවගේම හමුදාවට මිනිස්සු ඕන වුනා . ඉතින් අර කම්හල් වල වැඩ කරනවට වඩා  මිනිස්සු යුද භටයන් වශයෙන් හා වෙන රටවල වැඩි පඩියට පදිංචියට යන්න පෙළඹුන. මේ පතල් වැහුනා. එහෙම නැත්නම් ධනපති පතල් අයිතිකරුවන්ට වෙන පතල් අයිති වුණා . රෝදෙශියාවේ (සිම්බාබ්වේ), දකුණු අප්‍රිකාවේ , ඇමෙරිකාවේ වගේ. ඒවා වල වැඩ කරන්න තවත්  අඩු පඩියට දේශීය කම්කරුවන් හිටිය. 
ඊට අමතරව එංගලන්තයේ කම්කරුවන් වෙනුවෙන් සංවිධාන ගොඩ නැගුන. ඒ කියන්නේ ඉහල පන්තිවලට අයව දැනුවත් කරන්න ගත්ත මේ දරිද්‍රතාවයන් ගැන. ඒ නිසා ගොඩක් මේ කම්හල් වැහුන. එහෙම නැත්නම් කම්කරුවන් ආරක්ෂා කරන්න නීති ගෙනාව . ඇමෙරිකාවේ වගේ මැයි  පළවෙනිදා කම්කරුවෙකුට වෙඩි තැබුවාට පස්සේ තත්වය තවත් වෙනස් වුණා. කම්කරුවන් හා වැඩ කරන ජනතාව යුරෝපයේ රටවල් වල පැය අටේ වැඩ මුරය ලබා ගත්ත . වැඩි පඩි ලබා ගත්ත. අයි අඩු පඩියට වැඩ කරන කම්කරුවෝ  යටත් විජිත වල ඉන්නවනේ. (ඊළඟට පසු කාලයකදී සෝවියට් දේශය වගේ රටවල් ඇති වුන නිසා ඒ තර්ජනය වළක්වන්නත් එංගලන්තය වගේ රටවල් කම්කරු වන්ගේ මාසික අදායම වැඩි කලා . වැඩි වුණා) . අර මාක්ස් කිව්ව දෙය වුනේ නැහැ.
උනේ නැත්තේ ධනපති අධිරාජ්‍යවාදය මේ ප්‍රතිවිරෝධතාවන් ඇතිවූ ප්‍රශ්නය වෙන ක්‍රමයකින් තරමක්  සමනය කරපු නිසා.
නමුත් මොවුන්ට හැමදාම මෙය කල හැකි වෙයිද? දැන් නැවත ආර්ථික ප්‍රශ්න මතු වෙමින් තිබෙනවා. නව වෙළඳ අධිරාජ්‍යවාදී  රටවල් ගැටෙනවා. ඉන්දියාව, චීනය , ඇමෙරික එක්සත් ජනපදය , යුරෝපා සංගමය , රුසියාව අමුද්‍රව්‍ය, ඉන්ධන, වෙළඳපොල බෙදා ගන්න සටනේ. මේ නිසා අලුත්  උත්තරය තියෙන්නේ space exploration හෙවත් අභ්‍යවකාශය ජය ගැනීම හා වෙනත් ග්‍රහ ලෝක මත. අර අධිරාජ්‍ය පිහිටෙව්ව  වගේ කම්කරු හා අනිකුත් පන්තීන්  ඒවාට පටවන එක. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ නාසා ආයතනය උල්කාපාත (asteroid ) වල පතල් හාරන්න බලා  පොරොත්තු වෙනවා.   අඟහරු ග්‍රහයා ගවේෂණය කරලා ජනාවාස පිහිටුවල ලෝහ හාරන්න බල පොරොත්තු වෙනවා. අර යටත් විජිත ක්‍රියාවලිය වගේමයි. අර එන ලෝක විප්ලවයක් හෝ සමාජවාදී අරගලයක් මේ මගින් නැති කරන්න පුළුවන් ආයෙත්.

මේ පින්තුර වල පෙන්වන්නේ මැන්චෙස්ටර් නගරය විද්‍යා කෞතුකාගාරයේ තිබෙන කාර්මික විප්ලවයේ ජයග්‍රහණ පෙන්වන යන්ත්‍රෝපකරණ.





මේ පල්ලහ පින්තුරය ඒ ළඟ  තියෙන versace සාප්පුව තියෙන බිල්ඩිම. ඒකට  විකුණන නිමි ඇඳුම් වැනි දේ එන්නේ රුමේනියාව වගේ තවම නැගී එන යුරෝපේ රටවල් හා දකුණු ආසියාතික රටවලින්. එංගලන්තේ පහල පනතින් වලටත් ඒවා මිලදී ගන්න පුළුවන්. අනික් මිනිස්සුන්ගේ බදු වලින් ගෙවන සහනාධාර මුදල් වලින් මේ සමහර පහල පන්ති වල මිනිස්සු කරන්නේ ඒවා මිලදී ගන්න එක.



ඉතින් මාක්ස්ට වැරදුනාද කියල තීරණය කරන්න.

4 comments:

  1. සමාජ සුබසාධක විසින් : 19 May 2014 22:46
    මාක්ස්වාදය ආගමක් කරගෙන රැවුල් වවාගෙන ඉන්න බමුණොත් තව එක ලෙඩ්ඩු ටිකක් තමයි.මාක්ස්ට වැරදුන තැන ගැන අපි හොයල බලන්න ඕන.සමාජයේ ශ්‍රම සමබන්ධතා අධ්‍යනය කරන්න ඕන.මම ඊලඟට ශ්‍රම සම්බන්ධතා ගැන ලිපියක් දානව.

    ReplyDelete
  2. මම මෙතන මාක්ස්ට වැරදුන කියල නම් නැහැ. මම කියන්නේ අපි භෞතික විද්‍යාවේ නිව්ටෝන්ගේ නියම අරන් බලමු. එය කාලය හා අවකාශය වෙනස් නොවෙන තත්ව මත තම ඔප්පු කරන්නේ. නමුත් අයින්ස්ටයින් ගේ නියමයන් බැලුවොත් නිව්ටෝන් ගේ නියම වැරදි වෙනවා. මොකද අප අවකාශය හා කාලය (space -time ) එකට අරගෙන එහි වෙනස් වීම ඇතුලත් කරන නිසා. එකෙන් කලින් එක වැරදි යයි කියා වෙන්නේ නැහැ. මාක්ස් ගේ සමහර අනාවැකි හා දේශපාලන ආර්ථික විද්‍යාවේ නියමයන් නුත් එහෙමයි. ඒ ඒ තත්ත්ව වලට අනුරූපව ඒවා හරි වුනාට තත්ත්ව වෙනස් වුනොත් ඒවා හරි යන්නේ නැහැ. ඉතින් මාක්ස්වාදියා එය හරියට අවබෝධ කර ගත යුතුයි.

    ReplyDelete
  3. අජිත් ඔබ කියන්නෙ එක පරාසයක් තුල සත්‍ය වන දෙයක් තවත් පරාසයක් තුල සත්‍ය වෙන්නෙ නෑ කියලද

    ReplyDelete
  4. ඔව් එහෙම වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බොහොමයක් භෞතික විද්‍යාවේ නියම ක්වන්ටම් තත්වයන් යටතේදී සත්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා වැරදි කියල. නිව්ටන් ගේ නියම වගේම මේවත් අපි තවම විදුහල් වල උගන්වනවනේ. මාක්ස් ගේ නියමයන් ඒ තත්වයන් වලදී සාධාරණව ඔප්පු කලට වෙනස් තත්වයන් වලදී එහෙම නොවෙන්න පුළුවන්. ලෙනින් සමහර දේවල් වෙනස් කලේ ඒ නිසයි. මන් හිතන්නේ විජේවීරත් උත්සහ කලා. නමුත් මහා ජනතාවගෙන් වියුක්ත අරගල සාර්ථක වෙන්නේ නැති මුලික සංකල්පය අමතක කරන්න හොඳ නෑ. කොටින්ම මිනිසුන්ට ඕනේ නැති දේ බලෙන් දෙන්න ඕනේ නැහැ. මිනිස්සු එතනට එන අවස්ථාවක් එනවා අරගලයකදී.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.