අවුරුද්ද අවසන් වෙන්න කලින් ලිපි කිහිපයක් ලියන්න හිතේ තිබුනත් වැඩ අධික කම නිසා ලියා ගන්න බැරි වුන. දැන් 2018 අවුරුද්දත් එළඹිලා. පසුගිය අවුරුද්ද පුරාම බ්ලොගය කියවන්න පැමිණි මිතුරු මිතුරියන්ට ස්තූති කරන ගමන්ම ලියපු කිසියම් ලිපි කිහිපයක් ගැන නැවත සමාලෝචනයක් කරන්න හිතුන.
පහුගිය දවසක මගේ බිරිඳට හදිසි අනතුරක් සිදු වුණා. සති කිහිපයකට කලින් මේ පැත්තට ලොකු කුණාටුවක් හැමුවා. ගෙයි පිටිපස්සේ ඉඳගන්න තිබුන ඔන්චිල්ලා පුටුව (පින්තුරේ තියෙන එක වගේ) කැරකිලා වැටුන. ඒක ඇඹරිලා තිබුනේ. බිරිඳ ඕක උස්සල නැවත හිටවන්න යද්දී එක පැත්තක තියන යකඩ කණු දෙක එකතු වෙන කොටස කකුළට අත ඇරිලා. මහපට ඇඟිල්ලේ නියපොත්ත ගැලවිලා ඇඟිල්ල නවන තැන අස්ථිය බිඳිලා. දුවලට නිවාඩු නිසා ඒ ගොල්ල ගෙදර. මම ඔෆිස් එකේ. දුව කෝල් එකක් දීල කිව්වා ගෙදර එන්න හදිසි අනතුරක් කියල. විස්තරේ ඇහුවම දූ කීවේ අම්මගේ පයේ ඇඟිල්ලක් කැඩිලා. මම එයාට උපදෙස් දුන්න වහාම 999 (හදිසි අනතුරු සේවය) එකට කෝල් කරල ඇම්බියුලන්ස් එකට කතා කරන්න කියල. "අම්ම එපා කියනවා. ඒත් ලේ ගොඩයි" කියල දුව කියාපි. බිරිඳත් මොනවාද කියල කෑ ගහනවා ඇහුනා. මමත් එහෙම්ම බොස්ට "ගෙදර යනවා හදිසියක්" කියල මෙසේජ් එකක් දාල ඉක්මනින්ම ආවා. සාමාන්‍යයෙන් විනාඩි 5-10 අතර කාලයක් තුල මට වාහනෙන් ගෙදර ආව හැකියි.
මේ මනුස්සය අර ලේ ගලන ඇඟිල්ලත් එක්ක කකුල ඇදගෙන නාන කාමරේට ගිහින් තුවාලේ හෝදලා පොඩි බැන්ඩේජ් එකක් බැඳගෙන මම එනතුරු බලාගෙන ඉන්නව. ඇවිද ගන්නත් බැහැ. මමත් එහෙම්ම එයාවත් වත්තන් කරගෙන කාරෙකට දාගත්ත. තුවාලේ වේදනාවට එයා ට අමාරුයි කියලත් මට තේරුණා. සිහියත් නැතිවෙයි කියල මට බයයි. ඒත් මම ඇහුව "ඔයාට පිස්සුද මම එනකන්ම හිටියේ. 999 කතා කරලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්නේ නැතිව. ඒ මිනිස්සු තුවාලෙට තාවකාලික බැන්ඩේජ් එකක් දාල රෝහලට ගෙනියනව නේද" කියල.
"ඇම්බියුලන්ස් එකට කලින් ඔයා ගෙදර එනව කියල මට විශ්වාසයි" කියල එයා කිව්වා. ඒක ඇහැව්වම හිත සසල වුණා. එහෙම කියල අර වේදනාවත් මැඩගෙන මගේ වම් අත තදින් අල්ල ගෙන හිටිය රෝහලට යනකම්ම්. ඉඳ හිට මගේ ඇත තින් මිරිකෙන කොට මට තේරුණා එය දැඩි වේදනාවකින් ඉන්නේ කියල. බෙහෙත් දැම්මට පස්සේ දිනයක් දුන්න කැඩුම් බිඳුම් අංශයට යන්න. එතනින් කකුලට දාන්න වෙනම සපත්තුවක් දෙනවා කිහිලි කරු දෙකකුත් එක්ක. දැන්නම් හොඳයි එයාට. ඒත් මම කිව්වා මිට පස්සේ නම් ඔහොම කරන්න එපා. මාව විශ්වාස කලාට කමක් නැහැ. ඔයා ඇම්බියුලන්ස් එකටත් කතා කරන්න කියල. ඒ එක්කම මම කිව්වා "ඔයාට නම් පුදුම දරා ගැනීමේ ශක්තියක් තියෙන්නේ. අඬන්නේ වත් නැතිව ලේ ගලන ඇඟිල්ලත් හෝදලා බැන්ඩේජ් කරගෙන මං එනකන් හිටියනේ කියල"
ඊට පස්සේ මට මතක් වුනේ මම "ගුරු ගීතය " ට ලියපු විචාරයක්. මේ තිබෙන්නේ එයයි. "අයිත්මාතව් හැඬවූ ගම්ලතුන් ගේ ශෝකාන්තය " . චිත්‍රපටියේ අවස්ථා කිහිපයකදීම අල්තිනයි වැලහින්නියක මෙන් හඬන දර්ශන මගේ සිත් ගත්තේ නැහැ.
මට වැටහුනේ එයට හේතුව සෝවියට් දේශයේ මා දුටු හා දැන හඳුනා සිටි තරුණියන් මෙන්ම ඉන් පසුව එංගලන්තයේ ජිවත් වීමේදී හඳුනා ගත් තරුණියන් හා ගැහැණුන් දැඩි ලෙස වැලපෙන අන්දමක් නොදැකීම නිසා හටගත් නුහුරු ගතිය නිසා කියල හිතෙනවා. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩියි කියලත් එවෙලේ හිතුන.
බටහිර ගැහැණුන් මෙන්ම සෝවියට් ගැහැනුන් ද වේදනාවන් දරා ගැනීමට හුඟක් දක්ෂයි. මගේ සොයුරියන් ගෙන් එක් අයෙක් හඬනවා මම දැකල නැහැ. නමුත් අනිත් සොහොයුරිය ඉතා ඉක්මනින්ම හඬන්නට පෙළඹෙන බවත් මම දන්නවා. දැන් මට සිතෙන්නේ මගේ ලිපියේ එම කොටස ගැන නැවත සිතා බැලිය යුතු බවක්. ගම්ලත් මහතා බොහෝ විට ආසියාතික ප්‍රේක්ෂකයාට සමීප වන්නට උත්සාහ දරා ඇති යයි කියල දැන් හිතෙන්නේ.
මේ තිබෙන්නේ මගේ බිරිඳ ඒ ගැන ලියු ලිපියයි. එහිදී ඇයට ද මේ හඬා වැළපීම් ප්‍රශ්නයක් වුවත් සමස්තයක් ලෙස ඇය එම චිත්‍රපටය උසස් එකක් බවට නිගමනය කරනවා එම කොටසට මගේ දියණියන් දෙදෙනාද මදක් උපහාසාත්මක ලෙස සිනා සුනේ ඔවුන්ටද එවැනි වැළපීම් නුපුරුදු නිසා. මේ අනුව බලන කොට සමස්තයක් ලෙස ගතහොත් චිත්‍රපටය සාර්ථක බව ට මටද නිගමනයකට එළඹිය හැකියි.
හෙන්රි වර්ණකුලසූරිය මහතාගේ පොත් දෙකක් ගැන "විල්ලර වාඩියෙන් දඩ කඳවුරට " කියල ලිපියක් ලිව්වා කාලෙකට කලින්. ඉන් පස්සේ අවසන් වරට තරංගනී රසිකා ගේ "දේශ ද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය" කියෙව්වා. දෙවැන්න ගැන ලියු ලිපිය මේ. රසික සුරියආරච්චි තමන්ගේ ලිපියේ "බත්තලංගුණ්ඩුව " ගැනත් සඳහන් කරනවා. මම ඉන් පස්සේ වෙඩිවර්ධන මහතා ලියූ "මගේ ආදරණිය යක්ෂණි " පොතත් කියෙව්වා. "විල්ලර වාඩිය" හා "දඩ කඳවුර" කෘති දෙක කතෝලික ජනයා ගැන මෙන්ම ලංකාවේ දේශපාලනය දෙසත් ඒක පාක්ෂිකව බලල ලියපු කෘති දෙකක් හැටියටයි මට දැන් පෙනෙන්නේ. එයට මූලික හේතුවක් තමා තරංගනී රෙසිකා ගේ පොත. එහි එන චරිත මට හුඟක් සමීපයි. ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරපු විප්ලවවාදී චරිත ලංකාවේ ඕන තරම් හිටිය. කතෝලික ජනතාව පවා යුද්ධය හා ආගම වාදය යන අන්ත දෙක මැද්දේ හිර වෙලා සිටියා. එහෙම සිටියදී පවා ඔවුන්ගේ තරුණ පෙළ ජවිපෙ හා වෙනත් සංවිධාන සමගත් සමබන්ධ වුණා. හෙන්රිගේ ඒකපාක්ෂික වාදය මතු පිටට එන්නේ ඔය ගැන කතා කරද්දී.
එනිසා මම ලියපු මේ වාක්‍යය "යථාර්තය පිලිබඳ සම්පුර්ණයෙන් නොව යථාර්තය පිලිබඳ තමන්ගේ ප්රක්ෂේපණය කෘතියක දක්වන්නට කතුවරයෙකුට හැකිය. විල්ලරවාඩිය හා දඩ කඳවුර ඒ ප්රක්ෂේපණය සාර්ථකව ඉටු කර ඇත." ඉල්ලා අස් කර ගන්න වෙනවා. හෙන්රිගේ ප්රක්ෂේපනය යථාර්තය පිළිබඳ ඔහුගේ පෞද්ගලික ෆැන්ටසියක් පමණයි. ඔහු පෞද්ගලික ෆැන්ටසියක් සමාජ ගත කරනවා "මේක තමයි මම දැක්කේ. ඔයාල දකින්නෙත් ඒක" කියල. නමුත් මේ පොත් හෙන්රි තමන් විසින්ම මවා ගත්ත දේශපාලන කටු කම්බි වැටක් ඇතුළට වෙලා ලියපු පොත් දෙකක් හැටියට තමයි මට පෙනෙන්නේ.
ඉතින් දැන් නැවත තවත් අවුරුද්දක් ඇවිත්. මම දැක්ක දෙතුන් දෙනෙක් කියල තියනව අවුරුදු සුභ පැතුම් වලින් වැඩක් නැහැ. ඒවලින් වෙන දෙයක් නැහැ. යාලුවෝ හම්බ වුනාද? නැහැනේ. වගේ කතා. මට නම් හොඳ යහළුවෝ කිහිප දෙනෙක්ම හම්බ වුනා මේ අවුරුද්ද ඇතුළත. හොඳ බ්ලොග් ලිපි කියෙව්වා. වසරේ අසාර්ථක බවක් දැනුනේ නැහැ. ජිවිතේ ප්‍රශ්න තියනවා තමයි. නමුත් අවුරුද්දක් දවසට සුභ පැතුමක් එන එකත් මහා ලොකු ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නැහැ.
ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.