Thursday 7 December 2017

රෝහින්ගියා ප්‍රශ්නයේ තවත් පැත්තක්

රෝහින්ගියා අනාථයින් 
බුරුමයේ අවුන් සාන් සුකී සෙනෙට් පදවියට පත්වී බුරුම හමුදා වල අසීමිත දේශපාලන බලය යම් ලෙසකින් අවම කරන ලදී. එහෙත් රෝහින්ගියා මුස්ලිම් වැසියන්ට බුරුම හමුදා විසින් හදිසි මෙහෙයුමක් දියත් කොට නැවත තාඩන පීඩන කිරීමට පටන් ගනුයේ ගිය මසදීය. එයට අවුන් සාන් සුකීද නිහඬව සිටිමින් අනුමතය  දී ඇති බවට,  මුලින්  ඇගේ බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා කල සටනට සහය දුන් ඇතැම් බටහිර මාධ්‍ය විසින් චෝදනා කරන  ලදී. ඇතැම්  බටහිර මානව හිමිකම් ආයතන සහ අයර්ලන්තය වැනි රටවල් ඇයට පුද කල නම්බු නාමයන් පවා අවලංගු කිරීමට පෙළඹුණි.

නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද? කාටත් අද අමතකවී ඇති යේමන් යුද්ධය හෙවත් සවුදි අරාබිය විසින් යේමනයට එරෙහිව කරන බෝම්බ දැමීම් මතකයට නගා ගන්න.  ඉරානය සහය දෙන  හුති කැරලිකරුවන්ට එරෙහිව යයි කියමින් මේ බෝම්බ දැමීම හා අසාධාරණ යුද්ධයක් නිර්මාණය කිරීම ගැන නිව්ස්වීක් සඟරාවේ ලිපියකි  මේ.  මෙය පළවුයේ පසුගිය සැප්තම්බරයේය. මේ පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩන් හි ගාඩියන් පුවත්පතේ  පළවුණු ලිපියකි. සවුදි බෝම්බ යේමනය සුන්නත්දූලි කරන බවට මෙහි චෝදනා කර තිබේ.

ළමුන් ඉතා විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර බොහෝ අය සාගින්නේ මිය යති. මේ ගාඩියන් ලිපිය පලවන්නේ ජුලි මාසයේය.
බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත  දිගින් දිගටම යේමනයට  එරෙහිව සවුදින් කරන යුධ අපරාධ ගැන හඬ නැගු පුවත් පතකි.

මේ අතර තවත් සිද්ධීන් දාමයක් සිරියාවේ දිග හැරෙමින් තිබුණි. මම රුසියාවේ පූටින්ට සහය දක්වන්නෙක් නොවෙමි. එහත් පූටින්ගේ සහයෙන් සිරියානු ජනාධිපති අසාඩ් ගේ හමුදා අයිසිස් වරුන්ට එරෙහි යුද්ධය සාර්ථක ලෙස නිම කරමින් තිබේ. මේ මස ඇතුලත බොහෝ අයිසිස් ත්‍රස්තවාදීන් අල්ලාගෙන සිටි නගර මුදා ගැනීමට සිරියානු හමුදා සමත් විය. මා  කලකට ඉහත සිරියාව  ගැන ලිපි පෙළක් ලියුවෙමි. ඒ සිරියන් යුද්ධයේ තවත් පැත්තක් යනුවෙනි.

එහිදී එවකට සිටි  ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් සවුදි සහය ඇතිව අයිසිස් සංවිධානය සිරියාවේ අසාද් ට එරෙහිව  නිර්මාණය කල බව පැවසීමි. මෙය හරියටම අසූ ගණන්වල  ඔසාමා  බින් ලාඩන් ට  ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් හමුදා වලට විරුද්ධව  සටන් කරන්නට ආයුධ සහ පිරිස් සැපයීමට සමානය. ඔසාම පසුව අල කයිඩාව මගින් බටහිරට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලේ දහස් ගණන් ඇෆ්ගන් වැසියන් ඝාතනය  කරමිනි. එහෙත් ඇතැම් සමාව යදින්නන් බබ්‍රක් කර්මාල් කාලයේ ඝාතන  දස දහස් ගණන් වී යයි පච නිර්මාණය කරමින් ඉතිහාසය අලුතින් ලියන්නට තැත්  කරති.

මේ ජෝ බයිඩන් ගේ අයිසිස් ම පසුව බටහිර රටවල ත්‍රස්ත  ක්‍රියා කරන්නට පටන් ගති. ඔවුහු අති දරුණු ලෙස ඉරාකයේ යෙසිඩි  ජනතව මන්ම  සිරියානු ජනතාවද  ඝාතනය කළහ. ගැහැනුන් හා ළමුන් දුෂණය කළහ. වහලුන් ලෙස විකුණුහ. සමලිංගිකයන් උස ගොඩනැගිලි වලින් තල්ලු කරමින්ද පණ පිටින් පුලුස්සමින්ද මරා දැමුහ.

අවසානයේදී  ඇමෙරික එක්සත් ජනපදයද බ්‍රිතාන්‍යයද අයිසිස්  වරුන්ට එදිරිව සටන් කරන්නට ඉරාකය සහ කුර්දි වරුන්ට සහය දුන්හ.  එහෙත් මේ සටනේ වඩාත්ම ජයග්‍රාහී වූයේ පුටින් ගේ රුසියානු හමුදා උපදේශක වරුන් හා සිරියානු හමුදාවය. සවුදියේ හා තුර්කියේ මැදිහත්වීම සිරියානුන් තව දුරටත් ඉවසුවේ නැත.

ඇමෙරිකානු උපාය සිරියාවේදී පරාජය කිරීමට පුටින්ට සහ අසාද්ට හැකිවුණි. එසේම ඔක්තෝබර්  අග වනවිට සවුදි අරාබියට එරෙහිව ප්‍ප්‍රබල  විවේචන බටහිර ජන මාධ්‍ය විසින් පළ කරන්නට පටන් ගති. බටහිර වැසියන් ගේ සවුදි විරෝධතාවය සෑහෙන ප්‍රමාණයකට ඉහල ගියේය. තෙරේසා මේගේ රජයට හෝ ඇමෙරිකාවේ ට්‍රම්ප් ටද මේ විරෝධය සමනය කරීමට කිසිවක් කළ නොහැකි විය. සවුදියට බ්‍රිතාන්‍ය ආයුධ විකිණීම ගැන බරපතල චෝදනා එල්ල විය.

දැන් රෝහින්ගියා කැරලිකරුවන් ගැන කතාකරමු.  රෝහින්ගියා  කැරලිකරුවන් පිරිසක් සවුදි වහාබ් ආගම අදහති. ඔවුන්ට සවුදියේ සහය හිමිවන බවට බොහෝ චෝදනා එල්ල විය. මේ එවන් එක ලිපියකි. මෙය පළවුයේ 2016 දීය.

හදිසියේම සවුදියේ ඔටුන්න හිමි කුමාර රුසියාවේ ආයුධ මිලදී ගැනීමේ සංචරයකය්ට ගියේය.  (ආයුධ මිලදී ගන්නා  නිසා මෙන්ම තෙල් නිසාද බ්‍රිතන්‍ය හා ඇමෙරිකානු පාලකයන් සවුදිය පැත්තේය) මෙය  සිදුවුනේ ඔක්තෝබර් පස් වැනිදාය. රුසියාව සමග ආයුධ මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කර සවුදිය තමන්ට එරෙහි රුසියාවේ විරුද්ධතාවය සමනය කර ගත්හ.
යේමනයේ සවුදි බෝම්බ වලින් මිය යන දරුවන් 

හදිසියේම තිරශ්චින ලෙස ක්‍රියා කරන බුරුම හමුදා රෝහින්ගියා කැරලිකරුවන්ට එරෙහිව සටනක් පටන් ගත්තේය. පසුගිය  අගෝස්තු 27 වනදා රෝහින්ගියා  කැරලිකරුවන් කල ප්‍රහාරයට පිළිතුරු ලෙසිනි. කොහොමත් දරුණු බුරුම හමුදා අහිංසක වැසියන් බොහොමයක් මරා දැමු අතර බුරුම හමුදාවට  එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා හා යුධ අපරාධ චෝදනා  එල්ල විනි. බොහොමයක් රෝහින්ගියා මුස්ලිම් වැසියන් යුධ අනාථයන් ලෙසට බංග්ලාදේශයට පලා ගියහ.

බීබීසී ප්‍රමුඛ බටහිර මාධ්‍ය මොන බෝම්බය ගැසුවත් ඉස්ලාමික ත්‍රස්තවාදීන් යන වචනය භාවිත කරන්නේ නැත. බ්‍රිතාන්‍ය  අගමැති තෙරේසා  මේ පවා එලෙස හැඳින්වීම ගුණ ගරුක ඉස්ලාමික  වැසියන්ට නිගරුවකි යයි  කීවාය. නමුත් ටයිම්ස් සහ අනිකුත් මාධ්‍ය හදිසියේම බෞද්ධ  ත්‍රස්තයන් ගැන කතා කරන්නට පටන් ගති.  සියලුම මාධ්‍ය වල රෝහින්ගියාව ප්‍රධාන මාතෘකාව  බවට පත්වුණි.

ඇමෙරිකාවේ හා සවුදියේ සැලසුම් සිරියාවේ අන්ත පරාජයකට ලක්වීමේ ප්‍රධාන පුවතක් හිමින්ම වැළලී ගියේය. එසේම යේමනයට දරුණු ලෙස බෝම්බ දමමින් සිටි  සවුදියට එරෙහිව එල්ලවෙමින් තිබු බටහිර ජනතාවගේ  විරෝධයද ක්‍රමානුකුල ලෙස  හැරුනේ රෝහින්ගියා වටය.

යේමෙනයේ සිටින්නේ, මිය යන්නේ මුස්ලිම් වැසියන් නොවේද? සිරියාවේ මිය යන්නේ මුස්ලිම් වැසියන් නොවේද? නමුත් රෝහින්ගියා  මුස්ලිම් වැසියන් ගේ දුක හදිසියේම වඩා දරුණු වූයේ  කෙලෙසද? එය එසේ නොවේ යයි මම නොකියමි.   අවුන් සාන් සුකී නිහඬව සිටින්නේ ඇයි? බුරුමයට ගිය පාප් වහන්සේ මුලින් නිහඬව සිටියේ ඇයි ? ආර්ජන්ටියා වෙන් පැමිණි  උන්වහන්සේ නිතර අසාධාරණයට අයුක්තියට එරෙහිව කතා කල කෙනකි.  ඔහු විසින් රෝහින්ගිය අනාථයන් ගැන වචනයක් දෙකක් හෝ  පැවසුවේ බංගලාදේශයේ දීය.
ඒ සිදුවූයේ කුමක්ද යන්න පාප් වහන්සේ මෙන්ම අවුන් සාන් සුකී ද දන්නා නිසාය.

බංග්ලාදේශයේ මුස්ලිම් වරුන් සවුදියේ මෙන් සුන්නිය. සිරියාවේ හෝ යේමනයේ මෙන් ෂියා මුස්ලිම් වරුන් නොවේ. රෝහින්ගියා මුස්ලිම් බහුතරයක්ද සුන්නිය. කොටින්ම  සවුදිය කලේ බුරුම හමුදාවලට කැරලිකරුවන් ලවා  පහර දීමය. බුරුම හමුදාවේ  නොපනත්කම හා මුග්ධ භාවය දන්නා සවුදිය තමන්ගේ ආගමම  අදහන රෝහින්ගියා මුස්ලිම් වැසියන් බිල්ලට දුන්නේය. සමහර විට මත්ද්‍රව්‍ය විකිණීමෙන් පවා ආදායම් සොයන බුරුම ජනරාල් වරුන් සවුදි මුදලට යටවන්නට ද බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

කෙසේ හෝ වේවා යේමන් ප්‍රශ්නය සහ සිරියාවේ පරාජය මද කලකට වසා  ගැනීමට හැකිවීම සවුදියේ ජයග්‍රහණයකි. බටහිර ජනටහ්වගේ විරෝධය  අඩු වූ සැනින් සවුදියේ ඔටුන්න  හිමි කුමාරයා  තමන්ගේ බලය තහවුරු කර ගත්තේය. ඔටුන්නු හිමි මොහමඩ් බින් සල්මන් කුමරු විරුද්ධ වාදීන් අත් අඩංගුවට ගන්නට නියම කලේ නොවැම්බර් හය වනදාය. යේමන මිසයිල කතාවක් කරලියට ගෙන තවත් විරුද්ධ වාදී කුමරකු ගේ හෙලිකොප්ටරය වැටී ඔහු මිය ගියේද මේ කාලයේය.

ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදීන් හා බුරුම අන්තවාදීන් අතර වෙනසක් නැත. ඔවුන් කටයුතු කරන න්‍යාය පත්‍රය ලියවෙන්නේ වෙනත් තැන්වලය. රෝහින්ගියා අනාථයන්ට රැකවරණ දෙනවාට  බහුතරයක් සිංහල හෝ දෙමල ජනතාව  විරුද්ධ නැත. මේවා අවුළුවන්නේ දේශපාලන හේතූන් මත මිස වෙන මොනවා ට වත් නොවේ. විල්පත්තු කාරයා හැම ආණ්ඩුවකම සිටින්නේද මේ අනුවය.

කෙටියෙන්ම සිදුවූයේ එයයි. හෙට හෝ අනිද්දා වෙනවිට බුරුම ප්‍රශ්නය හදිසියේ තවත් කාලයකට නිවී යනු ඇත. බුරුමයේ සුකී ද නැවතත් බටහිර මාධ්‍ය වල ඩාලින් වනු ඇත .

බටහිර මාධ්‍ය නැවතත් යේමන් ප්‍රශ්නය අදින්නට පටන් ගෙනය. යේමනය නැවත  කරලියට එනු මේ ලිපියෙන්  පෙනේ.

වාමාංශිකයන්   හා ලිබරලුන්ව  අන්දන්නේ  එලෙසය. පොඩි තල්ලුවකින් ඔවුන් රෙද්ද උස්සාගෙන දඟලනු බලා  සිනා වෙන්නේ අනිකෙක්ය.

අලුත්ම ගිනි පුපුර යේරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට පිලි ගනිමින්  ඩොනල්ඩ් ට්‍රම්ප් අවුළුවා ඇත . තවත් යුද්ධයක් දෙකක් පටන් ගතහොත් තවත් ආයුධ සමුහයක් විකිනීමට හැකිය. ආර්ථිකය ගොඩ නංවා ගන්නේ වෙන බයිලා වලින් නොව යුද්ධ මගිනි.

යේමනයේ සවුදි බෝම්බ පින්තුරය 

CHILDREN AT WAR: SAUDI ARABIA IS BOMBING YEMEN BUT BLAMES HUMANITARIAN DISASTER ON IRAN-BACKED HOUTHIS

Saudi bombs are decimating Yemen. Yet May’s glad-handing goes on

Myanmar's Rohingya insurgency has links to Saudi, Pakistan - report

Putin Welcomes Saudi Arabia Into His Middle East Sphere of Influence

Myanmar's Rohingya rebels - What you need to know

At least 71 killed in Myanmar as Rohingya insurgents stage major attack

20 comments:

  1. "එහත් පූටින්ගේ සහයෙන් සිරියානු ජනාධිපති අසාඩ් ගේ හමුදා අයිසිස් වරුන්ට එරෙහි යුද්ධය සාර්ථක ලෙස නිම කරමින් තිබේ."
    Putin doesn't care about ISIS. Only thing he cares about is supporting Assad in getting rid of the Kurdish rebels. Most of their so called ISIS attacks are to Kurdish rebels.
    ON the other hand USA doesn't care about ISIS. They support Kurdish rebels, to get rid of Assad.
    It's just a proxy war between USA and Russia.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට සාධක නැහැ.
      https://www.reuters.com/article/us-mideast-crisis-kurds-referendum-russi/russia-becomes-iraq-kurds-top-funder-quiet-about-independence-vote-idUSKCN1BV1IH

      Delete
    2. http://www.kurdistan24.net/en/interview/d770c4fa-c1a8-4bd4-bb91-01411fff97e5

      Delete
    3. සෝවියට් දේශය කාලේ ඉඳන්ම කුර්දි වරුන්ට රුසියාව සහය දීල තියනවා. අයිසිස් වරුන්ට විරුද්ධව කුර්දි කරන සටනට සහයෝගය දෙන්නේ ඇමෙරිකාව. නමුත් කුර්දින්ට ඉරක හමුදා ගහනකොට ඇමෙරිකාව නිහඬව හිටිය. රුසියාව සටන් කරන්නේ ෆ්‍රී සිරියන් හමුදාවට එරෙහිව (ඇමෙරිකාවේ සහයෝගය ලැබෙන) සහ අයිසිස් ලා එක්ක. කුර්දි සෙබළුන් සමග නොවේ.

      Delete
  2. මගේ අදහස නම් මෙයයි.

    මොකා මොනවා කළත්, අපට වෙනත් මිනිසෙකුගේ දුකේ දී අනුකම්පාවක් ඇති නොවේ නම් අපට මිනිස්කම නැත, අප මිනිසුන් නොවේ.

    අරූ මෙහෙම කළා, මූ මෙහෙම කළා කීම තම නිරුවත වසා ගැනීමට දරන උත්සාහයකි.

    සියළු සත්වයන් සුවපත් වේවා කියමින්, ඇතෙකු මැරුණාට හඬමින් දුකට පත් මිනිසුන් ගැන නිශ්ක්‍රීයව සිටින්නේ කෙසේ ද?

    අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම
    http://rasikalogy.blogspot.com.au/2017/09/arseholedness.html


    ???

    ReplyDelete
    Replies
    1. දැන් රසික ඇත්තටම කියනවද මම නිරුවත වසා ගන්න මෙහෙම ලියනවා කියල ? එහෙම නැත්නම් ඔබතුමා නිරුවත වසා ගන්න එහෙම ලියනවද කියල? දැන් බලමු. අපි රෝහින්ගියා මුස්ලිම් වරුන්ට බුරුම බෞද්ධ හමුදාව කරන දස වැඩ දරුණු වැඩ ලියනවා. ඇත්තටම බෞද්ධ හමුදාවක් නෙමේනේ ඕක. අන්ත ජාතිවාදී තිරශ්චින හමුදාවක්. උන්ව විවේචනය කරන්න ඕනේ. රෝහින්ගියාවට සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනේ යේමනයටත් ඒ සාධාරණය ඉෂ්ට කරන ලෙසටම. එක ඇෆ්ඝනිස්ථානයට හා සිරියා වටත් අදාලයි.
      තමන් එක කඳවුරකට අයිති වුනහම ඒ කඳවුරේ ඒවා ගැන කතා නොකර තව කඳවුරක වැරදි ගැන විතරක් කතා කරන එක දෙබිඩි කමක් හැටියටයි මට පෙන්නේ. දැන් ඔය ලිපිය කියෙව්වා නම් ඔයාට හිතෙනවද මට රෝහින්ගිය මිනිසුන් ගැන අනුකම්පාවක් නැහැ කියල. ඝාතනය කරන ලද දෙමල මිනිසුන්ගේ සිට ජන මාධ්‍ය වේදීන්ගේ සිට වැලිකඩ හිර ගෙවල සිරකරුවන්ගේ සිට දැනුත් ඝාතනය වන හැම මිනිහෙක් ගැනම අනුකම්පාවක් සහ ඝාතනය කරනවුන් ගැන සාධාරණ වෛරයක් මට තියනවා. එසේම සංරක්ෂණය කල යුතු සතෙක් මර දමන කොට එන දුකත් තියනවා. සත මරාන්නේ කලින් මිනිහ ගැන දුක්වෙන්න ඕනේ කියල කියනකොටම එතන දෙබිඩි කමක් තියෙන්නේ.

      Delete
  3. අජිත් රෝහින්යා ඉතිහාසය & බුරුම හා තායි/චීන දේශ සීමා ගැටුම් හා සංක්‍රමණ ඉතිහාස කියෙව්වද? සෑහෙන ගැටුම් සංකීර්ණතා හා ව්‍යාකූල ඉතිහාසයක් හා ජනවාර්ගික ප්‍රශ්න තියෙන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ප්‍රා. හුඟක් වෙලාවට ලංකාවේ දෙමල ජාතික ප්‍රශ්නය හා සමානයි. රෝහින්ගියා මුස්ලිම් වරුන් අවුරුද දහස් ගනනක් ඒ අ රටේ ජිවත් වන මිනිස්සු. ලංකාවේ යාපනයේ හා නැගෙනහිර දෙමල මිනිසුන් වගේ. එසේම අලුතින් බංගලා දේශයෙන් සංක්‍රමණය වුනු අයත් ඉන්නවා. හේතුව බංගලා දේශය තමා වර්ග කිලෝමිර්ටරයකට ජනගහනය වැඩියෙන්ම ඉන්න රට. ලංකාවේ මධ්‍යම කඳුකරයේ වැඩටගෙන ආ දෙමල අය වගේ. ලංකාවේ කියනවා දෙමළ ජනතාව ලඟදි ආව කල්ලතෝනි හැටියට. බුරුම ජාතිවාදීන් ඒ කතාවම කියනවා රෝහින්ගියා වරුන්ට. ඤාණසාර වගේ තග හාමුදුරුවරු එහෙත් ඉන්නවා.


      ජේ ආර් වෙනස් ආර්ථික ක්‍රමයකට යනකොට ඉන්දියාව දෙමලකැරලි කණ්ඩායම් තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න භාවිතා කලා. දෙමල කැරලි කණ්ඩායම් දෙමළ මිනිස්සු ඉන්න තැන වල ඉඳන් ප්‍රහාර දීල ඒ මිනිස්සු ඉන්දියානු හා ලංකාවේ හමුදා ප්‍රහාර වලින් මැරුණහම ඒවා භාවිතා කලා බටහිර ප්‍රචාරණයට. එකට විරුද්ධ වුනු රාජිනි තිරනගම් හෙම මැරුව මතකද.

      මම රෝහින්ගියා මිනිසුන් වෙනුවෙන් නිතර පෙනී හිටින කෙනෙක්. රෝහොන්ගියා විතරක් නෙමේ යේමනයේ සිට වෙන ඕනෑම තැනක්. මේ පාර මම නිහඬ වුණා කතා නොකර. මොකද මම වැඩ කරන තැන්වල හෙම මුස්ලිම් අයත් බොහෝ පුවත්පත් කලාවේදීන් පවා එක පාරටම බුරුම ප්‍රශ්නය ඇදල ගත්ත. හරියට ඒක අද ඊයේ උනා වගේ. යේමනයේ මුස්ලිම් වරු මුස්ලිම් නෙමේද කියන ප්‍රශ්නය මම ඇහුව. සිරියාවේ මැරෙන්නේ කවුද කියල ඇහුවා? වෙන කිසිම දෙකට කතා නොකරන අය මේ ප්‍රශ්නයේදී ඉටැහැ සංවේදී උන. ඒක ඇත්ත. බුරුම හමුදව තිරශ්චිනයි. නමුත් මෙතැන් උනේ ඒ මිනිසුන්ව තව කාගෙවත් ගෝලීය අවශ්‍යතාවයකට බිල්ලට දීමක්.

      Delete
  4. මියන්මාරයට ආපු පාප් මේ ගැන කිසිවක් කතා නොකිරීමත් වරදක්.ලෝක දේශපාලනයේ එක සාධකයක් විදියට කතෝලික සභාවේ නායකයා ගන්න පුළුවන්.

    කොහොම වුනත් ලෝක සාමය කියන පිරුවටය යටින් සැඟවුණු න්‍යායන් බොහෝ තියෙන බවයි මෙව්වා කියවන විට පෙනි යන්නේ.

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප් දැන් කරන්නේ මොකක්ද? යෙරුසලම ගැන. ඕක සවුදිය හා අනිකුත් රටවල් සමග කතා කරගෙන කරන දෙයක්. ඇවිලිලා නැත්ද

      Delete
  5. මටත් ඇතිවු ප්‍රශ්ණයක් තමයි පාප්වහන්සේ රෝහින්ග්යා මුස්ලිම්වරුන්ට දක්වන සැලකිල්ල යේමනයේ මුස්ලිම්වරුන්ට දක්වන්නේ නැත්තේ ඇයි කියන එක. සව්දියේ තෙල් බලය මගින් ලෝක ජනමතයන් අඩුවැඩි කිරීමක් සිදුවෙනවා වගේ පේන්නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සවුදි තෙල් වලින් හුගක් දේ කරනවා.

      Delete
  6. අමුතු රසවත් හරවත් දැනුමක් ලබාදුන් තොරතුරු ගොනුවක්!

    ReplyDelete
  7. ඔබ මෙහි මතු කල කරැනු පිලිගන්නවා. සවුදි ය ඉතා සූක්‍ෂම ආකාරයට තම සුන්නි ආගම ව‍්‍යාප්ත කරගෙන යනව. මෙයට දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ රටවල මුස්ලිමානුවන් අසුවන බවයි මට හිතෙන්නෙ. යෙමන් ප්‍රශ්නය මඟ හරවන්න රෝහින්ගයාව බිල්ලට දීමේ තර්කය මාත් අනුමත කරනව. නමුත් රෝහින්ගයා කැරලි කරැවන් ඒ ප්‍රදේශයේ බෞද්ධයනට කරපු හිරිහැර ගැන හුඟක් ඒ දිනවල වාර්තා වුනා. ඒ වාර්තා අසත්‍ය ද? ඒ ගැනත් යම් සඳහනක් කලොත් ඔබේ විශ්ලේෂණය සම්පූර්ණ වේවි.

    ReplyDelete
    Replies
    1. http://www.independent.co.uk/news/world/asia/rohingya-burma-myanmar-muslim-attack-ambush-police-dead-machetes-rakhine-a7911601.html
      සුදත් සමාවෙන්න ටිකක් බිසී වුණා වෙන ලිපියක් ලියන්න ගිහින්. ඔව් මේ තියෙන්නේ අගෝස්තු මාසේ ප්‍රහාරය. මේකට වැඩි ප්‍රසිද්ධියක් ආවේ නැහැ.

      Delete
    2. මේ තියෙන්නේ 2016 ISG කියපු එක
      The International Crisis Group (ICG) said in a report on Thursday that a group of Rohingya Muslims that attacked Myanmar border guards in October had links with Saudi Arabia and Pakistan.
      http://www.dw.com/en/is-saudi-wahhabism-fueling-rohingya-muslim-insurgency/a-36791809

      Delete
    3. මේ කොටස කවුරුත් වැඩිය හයිලයිට් කරන්නේ නැහැ.
      The ICG said that Rohingya who have fought in other countries, as well as some Pakistanis and Afghans, gave clandestine training to Rakhine villagers over two years before the attacks.
      "It included weapons use, guerrilla tactics and, HaY members and trainees report, a particular focus on explosives and IEDs," the group said, referring to improvised explosive devices.
      The ICG identified HaY's leader as Ata Ullah, who was born in the southern Pakistani city of Karachi to a Rohingya migrant father before moving as a child to Mecca, Saudi Arabia, according to the report.
      "Though not confirmed, there are indications he went to Pakistan and possibly elsewhere, and that he received practical training in modern guerrilla warfare," the ICG said.
      Islamist groups such as the Taliban, "Islamic State" (IS) and al Qaeda in the Indian Subcontinent have often condemned the violence against Rohingya in Myanmar and called for jihad against the authorities and the majority Buddhists.

      Delete
    4. ඔව් මටත් හිතුන බටහිර මාධ‍්‍ය වල ඇති පක්‍ෂග්‍රාහී බව. මොන හේතුවකටද කියල මට නම් තේරැමක් නැහැ

      Delete
  8. මට හිතෙන විධියට, බටහිර රජයන් හා මාධ්‍ය ආයතන හැසිරෙන්නෙ හරියට ඒ ගොල්ලො සර්ව සාධාරනයි, සෙස්සෝ ඊට අවනත විය යුතුය යන විධියටයි. නමුත් ඔවුන් කල සමහර දේවල් ඔවුනටම පාරා වළල්ලක් වුන හැටි ඔබ අපූරැවට පෙන්නල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදත්. දිගටම වෙන්නේ එක නේද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .