මුල් ලිපිය දර පෝරණුව
ගොවි මහතාගේ බිරිඳ වන එලිසබෙත් හෙවත් ලිස් මගේ බිරිඳට ඔවුන් විදුලිය සපයා ගන්නේ ජලයෙන් බව කියා තිබුණි. සරෝජ් අපේ ගොවි මහතා වන ක්‍රිස් ගෙන් ඒ බව විමසුවේය. ක්‍රිස් ගේ දර උදුන නරඹමින් සිටින අපට එතැන ගලා යන දොළින් එහා පැත්තේ කුඩා මඩුවක් දක්නට ලැබිණි. එය පෙන්වමින් ක්‍රිස් කීවේ ඒ ඔහුගේ ජල විදුලි බලාගාරය බවයි. මගේ දියණියන් ද ඇතුළු සියල්ලෝම ක්‍රිස් විහිළුවක් කරන්නේ යැයි සිතා සිනාසුනු නමුත් මාත් සරෝජ් නුත් ක්‍රිස් අමතා එය පෙන්වන මෙන් ඉල්ලා සිටියෙමු. සරෝජ් ලේඛනයට හා ජන මාධ්‍ය වලට ඇති ඇල්ම නිසා බිබීසියේ රැකියාව කලත් ඔහුත්මා මොස්කව් වල ඉගෙනුම ලැබූ අයුරෙන්ම සෝවියට් උකරයිනයේ කීව් නගරයේ අවසන් කලේද විදුලි ඉංජිනේරු උපාධියකි. එනිසා විදුලි උත්පාදන ක්‍රම ගැන අප දෙදෙනාගේම සෑහෙන උනන්දුවක් තිබේ.
බංගලාව හා ගොවි නිවස අසලින් දොළ පහරක් ගොවිපල මැදින් ගලා යයි. එහි එතරම් වතුර නැත. සාමාන්‍යයෙන් අප දැක ඇත්තේ මිල් හෙවත් මෝලක් ක්‍රියා කරන ආකාරයයි. බැම්මක් බැඳ වතුර එකතු කර එය විශාල දැති රෝදයක් හරහා යවමින් මෝලවල් ක්‍රියාත්මක කලද ඉන් විදුලිය නිපදවීම අපහසුය. එසේම මේ දොළේ එතරම් වතුරද නැත.
ක්‍රිස් ගේ ජල විදුලිය නිපදවීමේ ක්‍රමය අප දුටුවේ මඩුවට ගිය පසුය. ඔහුගේ එම දොළ අසල කුඩා කන්දක් තිබේ. එහි මුදුනේ වතුර උල්පතක් තිබේ. ඔහු කළේ එම වතුර උල්පතට බටයක් දමා ජලය පහලට ගැනීමයි. එම drop එක හෙවත් බෑවුම මීටර 40 කි. (අඩි 120 පමණ ) කුඩා (mini) ජල ටර්බයිනයක් කරකැවීමට එය ප්‍රමාණවත්ය. පෙල්ටන් හා නෞටිලස් මෙවැනි මිනි ටර්බයින් ය. (තලබමනය)
ජෙනරේටරය අසල විදුලිය නිපදවන ප්‍රමාණය දැන ගැනීමට මීටර පුවරුවක් සවි කර ඇත.
මින් පෙන්වන්නේ මුළු පද්ධතියමය.
මෙම පද්ධතිය අප සිටින විට කිලෝවොට් දෙකක පමණ විදුලියක් මිනිත්තු 12 පමණ වේලාවකදී නිපදවීය. ක්‍රිස් ට අවශ්‍ය ලෙස තලබමනයට යන ජල ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය. ජල ප්‍රමාණය උපරිම අවස්ථාවේ උත්පාදනය වන විදුලි බලය පැයකට කිලෝ වොට් පැය 5 - 6 පමණ වේ. එය පහක් ලෙස ගතහොත් පැය 24 කට මෙම පද්ධතිය මගින් කිලෝ වොට් පැය 120 ක පමණ විදුලිය නිපද වේ. මාසයකට මෙය කිලෝ වොට් පැය 720 පමණ වේ. එංගලන්තයේ නිවසක සාමාන්‍ය පරිභෝජනය කිලෝ වොට් පැය 380- 400 පමණ වන නිසා මෙය ගොවිපලට ප්‍රමාණවත් බව සිතිය හැකිය.
ක්‍රිස් පවසන අන්දමට වතුර වැඩි ශීත සමයේ පද්ධතිය පුර්ණ ධාරිතාවයෙන් විදුලිය නිපදවයි. වතුර අඩු ග්‍රීෂ්ම සමයේ (වේල්සයේ මේ කාලයටත් වැස්ස ඇති නිසා ලංකාවේ වැසි නැති කාලය සමග සැසඳිය නොහැකිය.) අඩු කිලෝවොට් ගණනක් නිපදවයි. ඒ කාලයට ගොවිපලට ප්‍රධාන පද්ධතියෙන් (main grid) විදුලිය සැපයේ.
ක්‍රිස් පැවසූ අන්දමට පවුම් 8000 පමණ ආයෝජනයක් ඔහු කළ අතර මුළු මුදලම වසර තුනකින් පියවා ගෙන ඇත. දැන් තනිකරම මේ පද්ධතියෙන් ලැබෙන්නේ ලාභයකි. භාවිතා නොවන විදුලියෙන් ඒකකයක් පැන්ස 70 ගානේ ප්‍රධාන පද්ධතියට විකුණන නිසා අමතර අදායමක් ද ලැබේ. ඒ විදුලි බිල 90% පමණ අඩු වීමෙන් ලැබෙන ලාභයට අමතරවය.
ටර්බයිනයෙන් ඉවත වන ජලය අසල ඇති දොළට යොමු කෙරේ.
ගොවි මහතාගේ බිරිඳ වන එලිසබෙත් හෙවත් ලිස් මගේ බිරිඳට ඔවුන් විදුලිය සපයා ගන්නේ ජලයෙන් බව කියා තිබුණි. සරෝජ් අපේ ගොවි මහතා වන ක්‍රිස් ගෙන් ඒ බව විමසුවේය. ක්‍රිස් ගේ දර උදුන නරඹමින් සිටින අපට එතැන ගලා යන දොළින් එහා පැත්තේ කුඩා මඩුවක් දක්නට ලැබිණි. එය පෙන්වමින් ක්‍රිස් කීවේ ඒ ඔහුගේ ජල විදුලි බලාගාරය බවයි. මගේ දියණියන් ද ඇතුළු සියල්ලෝම ක්‍රිස් විහිළුවක් කරන්නේ යැයි සිතා සිනාසුනු නමුත් මාත් සරෝජ් නුත් ක්‍රිස් අමතා එය පෙන්වන මෙන් ඉල්ලා සිටියෙමු. සරෝජ් ලේඛනයට හා ජන මාධ්‍ය වලට ඇති ඇල්ම නිසා බිබීසියේ රැකියාව කලත් ඔහුත්මා මොස්කව් වල ඉගෙනුම ලැබූ අයුරෙන්ම සෝවියට් උකරයිනයේ කීව් නගරයේ අවසන් කලේද විදුලි ඉංජිනේරු උපාධියකි. එනිසා විදුලි උත්පාදන ක්‍රම ගැන අප දෙදෙනාගේම සෑහෙන උනන්දුවක් තිබේ.
කුඩා මඩුව කුමක්ද |
දොළ පහර උද කුඩා කඳු මුදු නේ ජාල උල්පත තිබේ |
පෙල්ටන් ටර්බයින් එකක් |
මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය |
ඔබට ඉහත පින්තුරයෙන් මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය දැනගත හැකිය. ඉහළ උස බිමක ඇති වතුර පයිප්පයක් මගින් පහළට ගෙන එනු ලැබේ. ඉන් ටර්බයිනය කරකැවෙන අතර යාන්ත්‍රික ශක්තිය විදුලි බලය ලෙස ජෙනරේටරයෙන් පරිවර්තනය කෙරේ. ඉන්පසු කුඩා ට්‍රාන්ස්ෆොර්මරයක් මගින් එය ග්‍රිඩ් එකට සම්බන්ධ කිරමට අවශ්‍ය විදුලි පරිපථයේ වෝල්ටේජ්එකේ අගයට "ස්ටෙප් අප්" කරනු ලැබේ.
ටර්බයින් එක ඇත්තේ සිමෙන්තියෙන් සෑදු රඳවනය තුලය.
නිල් පැහැයට තිබෙන්නේ විදුලිය නිපදවන ජෙනරේටරයයි.
ක්‍රිස් මිනි ජෙනරේටරය සමග |
මිටර පුවරුව |
උත්පාදනය වන විදුලිය ප්‍රමාණය
උත්පාදනය වන විදුලිය ප්‍රමාණය මිනිත්තු 15 ඇතුළත |
ක්‍රිස් පවසන අන්දමට වතුර වැඩි ශීත සමයේ පද්ධතිය පුර්ණ ධාරිතාවයෙන් විදුලිය නිපදවයි. වතුර අඩු ග්‍රීෂ්ම සමයේ (වේල්සයේ මේ කාලයටත් වැස්ස ඇති නිසා ලංකාවේ වැසි නැති කාලය සමග සැසඳිය නොහැකිය.) අඩු කිලෝවොට් ගණනක් නිපදවයි. ඒ කාලයට ගොවිපලට ප්‍රධාන පද්ධතියෙන් (main grid) විදුලිය සැපයේ.
ක්‍රිස් පැවසූ අන්දමට පවුම් 8000 පමණ ආයෝජනයක් ඔහු කළ අතර මුළු මුදලම වසර තුනකින් පියවා ගෙන ඇත. දැන් තනිකරම මේ පද්ධතියෙන් ලැබෙන්නේ ලාභයකි. භාවිතා නොවන විදුලියෙන් ඒකකයක් පැන්ස 70 ගානේ ප්‍රධාන පද්ධතියට විකුණන නිසා අමතර අදායමක් ද ලැබේ. ඒ විදුලි බිල 90% පමණ අඩු වීමෙන් ලැබෙන ලාභයට අමතරවය.
ටර්බයිනයෙන් ඉවත වන ජලය අසල ඇති දොළට යොමු කෙරේ.
ක්‍රිස් පැවසූ අන්දමට දර උදුන වැඩිපුර පාවිච්චි වන්නේ ශීත කාලයට පමණක් වන නිසා එහි වියදම (ආයෝජනය ) පියවා ගන්නට වසර 4-5 ක් ගතවී තිබේ. ඒ ඔවුන් ඉවීමට ගෑස් පාවිච්චි කරන නිසාය. කෙසේ වුවද දැන් ආයෝජනයන් දෙකම පියවා ඇති නිසා ඔහු උපයන්නේ ලාභයකි. එසේත් නැතිනම් බල ශක්ති පාවිච්චියට ඔහු ගෙවන්නේ අවම අගයකි. මා දැනගත් පරිදි ක්‍රිස් ගෙන් පසු එම පළාතේ ගොවිපලවල් දහයක් පමණ මේ කුඩා විදුලි උත්පදන් යන්ත්‍ර සවි කරගෙන් තිබේ. ගොවිපලවල් දෙක තුන එකතුව මධ්‍යම ප්‍රමාණයේ ජල විදුලි බලාගාරයක්ද පිහිටුවා අවට නිවෙස් වලටද විදුලිය දෙන බව ඔහු පැවසීය. තමන්ගේ දිරියෙන් කල්පනා කර කටයුතු කරන මේ ගොවි මහතුන් හිමිදිරි පාන්දර සිට නැගිට දවස පුරා මහන්සි වී වැඩ කරති.
මෙහිදී මට මතක්වූ කතාවක් නම් ලෙනින් හා රුසියන් විප්ලවය ගැනය. රුසියන් විප්ලවයෙන් පසු ලෙනින් හා බෝල්ෂෙවික් ආණ්ඩුව ප්‍රවේණි ගොවීන්ට ඉඩම් බෙදා දුන්හ. විශාල ඉඩම් යායවල් වල ගොවි ජනපද පිහිටවූහ. ලෙනින් කීවා යයි පොත් වල තිබෙන්නේ මේ ගොවීන් ස්වේච්ඡාවෙන් එකතුවී විශාල ගොවිපලවල් පිහිටවනු ඇත යන්නය. එසේ එකතුවී වැඩ කරීමෙන් ඔවුන්ගේ ගොවි නිෂ්පාදනද දියුණු වී සමුහ ගොවිපළවල් බිහිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
ලෙනින් මිය ගිය පසු සෝවියට් දේශයේ බලයට පත්වූ ස්ටාලින් රතු හමුදා ලවා සියළු ගොවීන් බලහත්කාරයෙන් සමුහ ගොවිපළ වලට ගාල් කරන ලදී. එයට එරෙහි වුවන්ට වෙඩි තබා මරා දමන ලදී. උක්රයිනයේ එක්දාස් නමසිය විසි ගණන්වල සාගතයක් ඇතිවී මිලියන් ගණනක් මිය ගියේ ඒ හේතුව නිසා යයි කියනු ලැබේ.
සෝවියට් දේශයේ අවසාන කාලයේ මේ සමුහ ගොවිපලවල නිෂ්පාදන අඩුත් නොවී වැඩිත් නොවී තිබුණි. එනම් පස් අවුරදු සැලැස්මවල් අඩුවට හදා තිබුණි. නිෂ්පාදන ධාරිතාව එකම තැනක තිබුණි. ඒවායේ වැඩ කල වැඩි හරියක් ගොවි මැනේජර් ලා පලදාව පස්ස දොරෙන් පන්නා පෞද්ගලික මාකට් එකේ විකුණා තිබුණි. නැතිනම් තම තමන්ගේ පාවිච්චියට ගෙන තිබුණි.

ඊළඟට - බැටළු නෑම්බියන් ගේ ලෑම්බින්