ගොවි මහතාගේ බිරිඳ වන එලිසබෙත් හෙවත් ලිස් මගේ බිරිඳට ඔවුන් විදුලිය සපයා ගන්නේ ජලයෙන් බව කියා තිබුණි. සරෝජ් අපේ ගොවි මහතා වන ක්‍රිස් ගෙන් ඒ බව විමසුවේය. ක්‍රිස් ගේ දර උදුන නරඹමින් සිටින අපට එතැන ගලා යන දොළින් එහා පැත්තේ කුඩා මඩුවක් දක්නට ලැබිණි. එය පෙන්වමින් ක්‍රිස් කීවේ ඒ ඔහුගේ ජල විදුලි බලාගාරය බවයි. මගේ දියණියන් ද ඇතුළු සියල්ලෝම ක්‍රිස් විහිළුවක් කරන්නේ යැයි සිතා සිනාසුනු නමුත් මාත් සරෝජ් නුත් ක්‍රිස් අමතා එය පෙන්වන මෙන් ඉල්ලා සිටියෙමු. සරෝජ් ලේඛනයට හා ජන මාධ්‍ය වලට ඇති ඇල්ම නිසා බිබීසියේ රැකියාව කලත් ඔහුත්මා මොස්කව් වල ඉගෙනුම ලැබූ අයුරෙන්ම සෝවියට් උකරයිනයේ කීව් නගරයේ අවසන් කලේද විදුලි ඉංජිනේරු උපාධියකි. එනිසා විදුලි උත්පාදන ක්‍රම ගැන අප දෙදෙනාගේම සෑහෙන උනන්දුවක් තිබේ.
කුඩා මඩුව කුමක්ද |
දොළ පහර උද කුඩා කඳු මුදු නේ ජාල උල්පත තිබේ |
පෙල්ටන් ටර්බයින් එකක් |
මෙවැනි පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය |
ක්‍රිස් මිනි ජෙනරේටරය සමග |
මිටර පුවරුව |
උත්පාදනය වන විදුලිය ප්‍රමාණය මිනිත්තු 15 ඇතුළත |
ක්‍රිස් පවසන අන්දමට වතුර වැඩි ශීත සමයේ පද්ධතිය පුර්ණ ධාරිතාවයෙන් විදුලිය නිපදවයි. වතුර අඩු ග්‍රීෂ්ම සමයේ (වේල්සයේ මේ කාලයටත් වැස්ස ඇති නිසා ලංකාවේ වැසි නැති කාලය සමග සැසඳිය නොහැකිය.) අඩු කිලෝවොට් ගණනක් නිපදවයි. ඒ කාලයට ගොවිපලට ප්‍රධාන පද්ධතියෙන් (main grid) විදුලිය සැපයේ.
ක්‍රිස් පැවසූ අන්දමට පවුම් 8000 පමණ ආයෝජනයක් ඔහු කළ අතර මුළු මුදලම වසර තුනකින් පියවා ගෙන ඇත. දැන් තනිකරම මේ පද්ධතියෙන් ලැබෙන්නේ ලාභයකි. භාවිතා නොවන විදුලියෙන් ඒකකයක් පැන්ස 70 ගානේ ප්‍රධාන පද්ධතියට විකුණන නිසා අමතර අදායමක් ද ලැබේ. ඒ විදුලි බිල 90% පමණ අඩු වීමෙන් ලැබෙන ලාභයට අමතරවය.
ටර්බයිනයෙන් ඉවත වන ජලය අසල ඇති දොළට යොමු කෙරේ.
මෙහිදී මට මතක්වූ කතාවක් නම් ලෙනින් හා රුසියන් විප්ලවය ගැනය. රුසියන් විප්ලවයෙන් පසු ලෙනින් හා බෝල්ෂෙවික් ආණ්ඩුව ප්‍රවේණි ගොවීන්ට ඉඩම් බෙදා දුන්හ. විශාල ඉඩම් යායවල් වල ගොවි ජනපද පිහිටවූහ. ලෙනින් කීවා යයි පොත් වල තිබෙන්නේ මේ ගොවීන් ස්වේච්ඡාවෙන් එකතුවී විශාල ගොවිපලවල් පිහිටවනු ඇත යන්නය. එසේ එකතුවී වැඩ කරීමෙන් ඔවුන්ගේ ගොවි නිෂ්පාදනද දියුණු වී සමුහ ගොවිපළවල් බිහිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
ලෙනින් මිය ගිය පසු සෝවියට් දේශයේ බලයට පත්වූ ස්ටාලින් රතු හමුදා ලවා සියළු ගොවීන් බලහත්කාරයෙන් සමුහ ගොවිපළ වලට ගාල් කරන ලදී. එයට එරෙහි වුවන්ට වෙඩි තබා මරා දමන ලදී. උක්රයිනයේ එක්දාස් නමසිය විසි ගණන්වල සාගතයක් ඇතිවී මිලියන් ගණනක් මිය ගියේ ඒ හේතුව නිසා යයි කියනු ලැබේ.
සෝවියට් දේශයේ අවසාන කාලයේ මේ සමුහ ගොවිපලවල නිෂ්පාදන අඩුත් නොවී වැඩිත් නොවී තිබුණි. එනම් පස් අවුරදු සැලැස්මවල් අඩුවට හදා තිබුණි. නිෂ්පාදන ධාරිතාව එකම තැනක තිබුණි. ඒවායේ වැඩ කල වැඩි හරියක් ගොවි මැනේජර් ලා පලදාව පස්ස දොරෙන් පන්නා පෞද්ගලික මාකට් එකේ විකුණා තිබුණි. නැතිනම් තම තමන්ගේ පාවිච්චියට ගෙන තිබුණි.
හොඳ විග්‍රහයක්
ReplyDeleteස්තූතියි
Deleteපරිසරයට හිතකාමී ජීවිතයක් ගත කරනකොට අපිටත් හිතකර ජීවියක් ලැබෙනවා...
ReplyDeleteඒක ඇත්ත
Deleteඑංගලන්තෙන් ආපු ස්මෝල් ඊස් බියුටිෆුල් කට්ටිය ලංකාවේත් මයික්‍රෝ හයිඩ්රො තාක්ෂණය බොහොම දියුණු කලා, එත් ආණ්ඩුව ඒ වැඩේට අත ගහපු ගමන් දුෂණය උපරිමයට ගිහින් සේරම දියකඳුරු ඉවක්බවක් නැතුව විනාශ කරලම දැම්මා, දැන් ඒවා ආපහු වල්වැදිලා, ආණ්ඩුව සුර්යබල උත්පාදනයට අත්ගැහුවමත් ඒ අලකලන්චියම වේද මන්ද?
ReplyDeleteදැන් මෙතැන ක්‍රි කරේ වතුර උල්පතක් හොයාගෙන ඒක පාවිච්චි කරපු එක. එහෙම නැතුව අවට පරිසරයට හානියක් නැහැ. අර පොඩි මඩුව බලන්නකෝ. ඒක ලෑලි වලින් වහල හිතන්නවත් අමාරුයි. පහළ දොළටත් කිසි ප්‍රශ්නයක් නැහැ. සුර්ය බලය පාවිච්චි කරනන් පුලුවන්නම් හොඳයි. එංගලන්තේ හරියට සුර්ය බලය නැතිවත් අපි පැනල් 15 දාල මගේ විදුලිය බිල මාසෙට පවුම් 25 (රුපියල් 5000) පමණ බස්සගෙන තියනවා. සමර් එකට ඊටත් අඩුයි.
Deleteලංකාවේ වුනේ (1998 -සුනාමිය දක්වා) මහබැංකුව හරහා ග්‍රාන්ට් එකක් දුන්නා ව්‍යපෘති වියදමෙන් 50% විතර, ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එකටයි, පරිසර වාර්තාවටයි ග්‍රාන්ට් එකෙන් ගෙව්වා, එක රස වැටුණු බ්‍රිටිෂ් චරිටි එකට වැඩ කරපු ලංකාවේ ගොතයෝ වැරදි තොරතුරු දාලා කරන්න හොඳ නැති තැන වලත් මයික්‍රෝ හයිඩ්රො හැදුවා , ප්‍රොපොසල් ලියන කෙනාට ලක්ස එකහමාරයි, පරිසර වාර්තාව දෙනකෙනට පහස්දහයි වගේ සම්මත ගනනක් ගත්තා.
Deleteලංකාවෙත් මේ වගේ කුඩා විදුලි උත්පාදක යන්ත්‍ර සවි කරන්න මමත් මීට අවුරුදු 20කට කලින් උත්සහ කරා. නමුත් එක අසාර්ථක උනා. ලොකුම හේතුව උනේ අවසර ලබා ගැනීමේ අපහසුතාවය. මේ ව්‍යාපෘතිය නිසා මගේ ආර්ථිකය බින්දුවටම වැටුනා. අදටත් කඳුකරයේ බොහෝ ගම්මාන වලට මේ ආකාරයට විදුලිය සපයන්න පුළුවන්. නමුත් මේ ගැන උනන්දුව දැන් නම් ඇත්තෙම නැහැ.
ReplyDeleteමෙන්න මෙයාව හොයා ගන්න, උදව් කරයි Janathakshan Snr. Engineer Rohitha Ananda
Deleteබොහොම කණගාටුදායකයි. ලංකාවේ ග්‍රිඩ් එකට ගන්නේ නැහැනේ නේද? විදුලි බල මණ්ඩලයේ කට්ටිය අන්චිය අදිනවද?.
Deleteඅපේ රටේ තියෙන්නේ සම්පත් හිඟයක් නොමෙයි. සම්පත් ඌන උපයෝජනය
ReplyDeleteඔව් ඒක හරි. හරියට කළමනාකරණය වෙන්නෙත් නැහැ මම හිතන්නේ.
Deleteක්‍රිස් ඇතුළු ගොවි මහත්වරුන්ට අපේ ආචාරය, ආදරය සහ ගෞරවය පුදකරන්න...
ReplyDeleteමෑතක අපි කිතුල්ගල ගිය වෙලාවක මේ වගේ පුංචි බලාගාරයක් දැක්කා. ඒකත් ගමේ පවුල් කීපයකට විදුලිබලය නිපදවන පෞද්ගලික තැනක් මට මතක විදියට...
එහෙමයි, ආයේ එහෙ ගියොත් කියන්නම්. කිතුල්ගල සෑහෙන්න පොඩි දිය ඇලි වගේ තියනවා දැක්ක
Deleteපරිසරහිතකාමී විදියට ක්‍රිස් ඔය වැඩේ කෙරුවාට අපේ රටේ ඕක කරන්නේ ගලන දොළ පාර හරහා සිමෙන්ති බැම්මක් බැඳලා වතුර නවත්වලා ස්වභාවික පරිසරයට කරන්න පුළුවන් හානි ඔක්කොමත් කරලයි.
ReplyDeleteමම හිතන්නේ එංගලන්තේ නීති තායි ඒ පැත්තෙන්. තමන්ගේ වත්ත ඇතුලේ යමක් හදන්න වුනත් planning permission එකක් තියෙන්න ඕනේ.
Deleteදොස් නොකියමින් අඳුරට හැමදේට නිතී
ReplyDeleteක්‍රිස් ජල විදුලියත් නිවසෙම හදා ඇතී
රැස් වූ ජලෙන් පරිසරයට හානි නැතී
විස් තරෙ එගැන ලිව්වට මම දෙමිය තුතී....
ජයවේවා!!!
දුමියා ඉතින් එන්නේ කවියෙන් ම වගේ
Deleteදුමියගේ පැත්තෙ ගියෝතින් කවි ගොඩක් වගේ
දුමියගේ කවි පොතක් ගන්නට හිසේ රදේ
කින්ඩල් එකේ වත් දැම්මොත් හිතෙයි අගේ
අගේ ඇති විස්තරයක්. අපේ රටේත් මේ වගේ ව්‍යපෘති කරන්න හැකි තැන් තියනවා. එත් ඒවාට ගම්බදව දැඩි විරෝධතාවක්ද ඇති වෙනවා. හේතුව මේ මිනි හයිඩ්‍රෝ ව්‍යාපෘති මගින් ජල දහර දුෂණය ගම්වාසින්ට භාවිතයට ගැන්මට නොහැකි වීම දේශපාලන මත ඉස්මතු කරන්න යැම වැනි හේතු මත මේවා අත හැර දමනවා. එත් සාර්ථකව මේ වගේ දේ කරන තැනුත් තියනවා මාලිම්බඩ ප්‍රෙද්ශයේ මා එවන් එකක් දැක තියනවා. එය අදාල වැවිලි සමාගම මගින් හදලා තියෙන්නේ.
ReplyDeleteපරිසර හිතකාමින් සේ පෙනිහිටින එන්ජිඕ මුදල් ලබන්නන් තමා ලොකුම ඇණය. එවන් දෙයක් විදිමත්ව පරිසර හිතකාමිව කරන්න ඕන විදිය කියලා දෙන්න ඒකට මග පෙන්වන්න කිසිවෙක් නෑ. විරුද්ධ වෙන්න ඒ මගින් ඩොලර් ගෙන්න ගන්න කණ්ඩායම් නම් ඕන තරම් රටේ.
මේ ලිපි මාලාවට මම හුගක් කැමතියි.
//හේතුව මේ මිනි හයිඩ්‍රෝ ව්‍යාපෘති මගින් ජල දහර දුෂණය// මෙහම ජාල දහර දූෂණය වීමක් වෙන්නේ නැහැ නේද? ටර්බයින් එක "හෝදන " වතුර විතරයි. විරුද්ධ වෙන්නේ ඇයි කියන එක හිතා ගණන් අමාරුයි. නමුත් හදන්නන් වලේ හදල පරිසරය විනාශ කල යුතු නැහැ. දැන් ක්‍රිස් ඒ පයිප්පෙත් පිටට නොපෙනෙන්න වහල තියෙන්නේ. අග හරිය විතරක් එලියට දාල
Deleteමෙහෙ තේ වතුවල සෑහෙන්න කාලයකට ඉහතදිත් තිබුනා - https://en.wikipedia.org/wiki/Pelton_wheel
ReplyDeleteසුද්දෝ හිටි කාලේද? පස්සෙද?
Deleteඅපේ රටෙත් ගෙවල් වලට සූර්‍ය් කෝෂ වලින් විදුලිය ගන්නවනම් ඒකෙන් රටට ලොකු ඉතුරුවක් කරගන්න පුළුවන්. අපේ රටේ පිහිටීමත් ඒකට ලොකු උදව්වක්. දැනට රජයෙන් ඒකට වැඩ සටහනක් කරනව කියල ...
ReplyDeleteමාත් දැක්ක පත්තරේ, අඩු ගානට රජය ජනටහ්වට සපයනවම් හරි නය මුදලකට දෙනවා නම් හරි හොඳයි. අනික ගෙදරට අනවශ්‍ය ටික මේන් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්.
Deleteඅපේ මිනිහයිඩ්‍රොයි අරකයි මේකයි කියල නොඉඳුල් වනාන්තර වල ඇතුලෙත් තියන දියපාරවල් අවහිර කරලා නටන නාඬගං නිසා ජයිව විවිධත්වයට මරු පහරක් වැදිල කියන එක හංගන්න හොඳ නෑ.මුදල් බලය ඇඟේ හයිය පාවිච්චි කරලා නීති අස්සෙන් රිංගලා අනාගත පරම්පරාවට, ලෝකයට සම්පත් අහිමි කරන උදවිය වැඩි නිසා මේ වගේ ව්‍යාපෘතියක් හරියට කරන කෙනෙකුට උනත් දැන් නම් තියෙන්නෙ අභියෝගයක්.මොකද මිනිස්සු ගිණිපෙනෙල්ලෙන් බැට කාලයි ඉන්නෙ.
ReplyDeleteහරියට කරනවා නම් මෙන්න වැඩ..
ජයවේවා..!!
ඒක ඇත්ත . බ්ලොග් වලට සමාජ ජාල ෆේස්බුක් වගේ ඒවා තියෙන එකේ හොඳ මෙන්න මේක. මොන දේශපාලකයා වුනත් බිස්නස් කරය වුනත් කමක් නැහැ ඒවගේ දේවල් හෙළි කරනවා නම්. ඔන්න ඔය වැඩේ නිසා තමා මිනිසුන්ට හොඳ දෙයක් වුනත් එපා වෙන්නේ. ස්තූතියි
Deleteලංකාවේ මිනි හයිඩ්‍රො ව්‍යපෘති කරන්නෙ ඉතාම සංවේදී පරිසර පද්ධතිවල .ඉතින් මේවගෙ ලැබෙන වාසියට වඩා සිදුවන හානිය වැඩියි.පොඩි බැම්මකින් පරිසර පද්ධතියක් මුලුමනින්ම වෙනස් වෙනවා .ලංකාවෙ වතුර පාරවල හා ඒ ආශ්‍රිව ජීවත්වෙන මාළු,ගෙම්බො,කක්කුට්ටො වගේ සත්තු බොහොමයක් ඒක දේශීයයි(ලංකාවේ මිරිදිය කක්කුට්ටො ඔක්කොම ඒක දේශීයයි ) ඒ සතුන්ට ජීවත් වෙන්ඩ තියන සීමිත පරිසර පද්ධති මේ වැඩවලින් විනාශ වෙලා මේ සත්තු ලෝකෙන් වඳවෙලා යයි .
ReplyDeleteIf you get a chance, please check the links bellow.
Deletehttp://www.earthrangers.com/wildwire/risk/american-eels-and-their-ladders/
http://www.kleinschmidtgroup.com/projects/fish-passage/opg-eel-ladder-design/
දෙදෙනාටම බොහොම ස්තූතියි. අපි හොයන්න ඕනේ හැම වෙලේම පරිසරයත් රැකගෙන කරනන් පුළුවන් හොඳම විසඳුම. මිනිසුන්ගේ අවශ්‍යතා සපයා ගන්න ගමන්. ඔය බැමි බැඳීම ගැන නම් මගේ ඇත්තෙත් එහෙම අදහසක්. මම ජර්මනියේ දැකල තියනවා තියෙන දිය පාර එහෙම්ම තියල බැම්මක් බඳින්නේ වෙනත් තැනකින්. බැම්මට වතුර ගෙනියන්නේ වෙන කෘතීම ඇලකින්. මෙතන බක්කරේගේ කතාව හරි. නමුත් දැන් ක්‍රිස් හෙම වතුර ගන්න තැන ඉතා සියුම් දැළක් තුලින් වතුර යන්නේ. සත්තු හෝ මාළු අහුවෙන්න විධිහක් නැහැ. එහෙම තැන්වල වතුර ගණන් පුළුවන් දැලක් හරහා. ප්‍රශ්න අවම වෙන ලෙස. මොකද ජාල විදුලි බලය ඇත්තටම ඉතා පිරිසිදු ලෙස බලය උපද්දවන ක්‍රමයක්. හැබැයි එංගලන්තේ වගේ තද නීති තියෙන්න ඕනේ. බලන්න එන නිලධාරීන්ව සල්ලි වලට ගන්න බැහැ. ලෙහෙසියෙන් ප්ලැනින් දෙන්නේ නැහැ හොයන්නේ නැතිව.
Deleteලංකාවෙත් දැන් ප්‍රොටෝවෝල්ටික් පැනල් පාවිච්චි කරලා ගෙදර නිපදවන විදුලියෙන් අතිරික්තය ජාතික සැපයුමට දෙන්න පුළුවන්. මම දන්නා ගෙදරක රුපියල් විසිදාහක බිලක් රුපියල් සියයට බස්සල තියෙනවා. ඒ අය බැටරිවලින් බැකප් තියාගන්නෙ නැහැ. නිපදවෙන ප්‍රමාණය කෙලින්ම ජාතික පද්ධතියට දෙනවා. ලංකාවෙ තියෙන මිනි හයිඩ්‍රො වසංගතේ නැතිවෙන තරමට මම නම් කැමතියි. අපේ මාමගෙ බිරිඳගෙ ගමේ මහගෙදරට කලිං විදුලිය ගත්තෙත් මීටර් දෙසීයක් විතර ප්‍රපාතයකට වතුර බට දිගේ අරගෙන ඒකෙන් ඩයිනමෝවක් කරකවලයි. සිංහරාජය කිට්ටුව මිනිස්සුත් වාහන ඕල්ටර්නේටර් එකක් නැවත ඔතලා හදාගන්න ජෙනරේටර් වලිං කාලයක් විදුලිය ගත්තා. ඒකෙං අඩු වේගයකින් විදුලිය ගන්න පුළුවන්ලු. මමත් ගෙයක් හදපු දවසට හොඳ පැනල් සෙට් එකක් ගෙනත් ගෙදරට හයිකරගන්නවා.
ReplyDeleteඅපිත් බැක් අප් එකක් නැහැ. කෙලින්ම ග්‍රිඩ් එකට දෙනවා පාවිච්චි නොකරන ටික. සුරංග ඒක කරන්න.පය 10 තද හිරු රැස් තියන රටකට ඉතා ගැලපෙනවා.
Deleteඉස්සර තේ වතුවල තිබුන mini hydro ක්‍රම දැනට වඩා පරිසර හිතකාමී. ගලහ වතුයායේ තිබුන කුඩා ජල විදුලි බලාගාරයෙන් ගලහ ටවුන් එකටත් විදුලිය දීලා තිබුනා. 1980 ගනන්වල ෆැක්ටරි එක ගිනිගත්තා.
ReplyDeleteමම හරියට දන්නේ නැහැ. එහෙම කලා නම් හොඳයි. පස්සේ හැමෝම හැමතනම් කරනන් ගිහිල්ල වෙන්න ඇති අලවුනේ.
DeleteGood day! This is my first visit to your blog! We are a group of volunteers and starting a
ReplyDeletenew project in a community in the same niche. Your blog provided
us valuable information to work on. You have done
a marvellous job!
Good information. Lucky me I recently found your blog by chance (stumbleupon).
ReplyDeleteI have saved it for later!