හතේ පන්තියයි අටේ පන්තියයි
අටේ පන්තියෙන් නමයට
නමයේ පන්තිය - නමය නරකද
නමය පන්තියේ අවසන කාලයේ මම "ළමා සාහිත්‍ය හවුල " නම් සංගමයක ලේකම් වරයා වුනෙමි. අපේ පැත්තේ තවත් ළමුන් පිරිසක් සමග ශීල ව්‍යාපාර, පොත් ප්‍රදර්ශන, කුඩා සඟරාවක් රෝනියෝ කර පළ කිරීම ආදිය කරන ලදී. කේ ජයතිලක වැනි කතුවරුන් ගෙන්වා කතා පැවැත්වීම, ජාත්‍යන්තර ළමා දින සැමරීම ආදිය ද කරන ලදී. මේවා කළේ ධම්මදේශ අම්බලම්පිටිය නම් ගුරු මහතෙකුගේ අනුශාසකත්වයෙනි.
මේ සමාජ වැඩ නිසා මගේ ඉගෙනීම මදක් අඩාල විය. එනිසා දහයේ පන්තිය වශයෙන් ලැබුනේ එක දෙක තුන නොව ඉහල අංකයක් සහිත එකකි. ඉන් හොඳක් ද සිදුවිය. මගේ පියා මට සමාජ වැඩ කොතෙක් තිබුනත් ඉගෙනීම් හරියට කළ යුතු යයි කියා අවවාදයක් දීමයි. සාමාන්‍යයෙන් ඔහු එවැන්නක් කළේ කලාතුරකිනි. නමුත් එම අවවාදය නිසා මා කළේ සමාජ සේවා වැඩ අඩුකර නැවතත් ඉගෙනීමට කාලය වැය කිරීමයි. අපගේ පන්ති භාර ගුරුතුමිය ඉතා කරුණාවන්ත කාන්තාවක් වූවාය. පන්තියේ දඟ කාරයන් වැඩිවූ හෙයින් ඇයට තත්වය පාලනය මදක් අපහසු වුවද ඇය කර හැරියේ නැත. බාස්කට් බෝල් ගහන කට්ටිය කිහිප දෙනෙක් නිතර දබර කර ගත්හ.
ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන උගන්නා සංගමයක අනුශාසක වරිය වූ නිසා අප කිහිප දෙනෙක් එයටත් එක් වුනෙමු. අපොස සාමාන්‍ය පෙළින් සියලුම විෂයන්ට විශිෂ්ඨ සම්මාන (D) සහිතව සමත් වුනත් ඉහත ලිපි වල සඳහන් ගුරුතුමාගේ විෂය ට මට සම්මානයක් පමණක් තිබුණි. එයට හේතුව මට එම විෂය එපා වීම දැයි අදටත් සිතේ.
උසස් පෙළ පන්තිය තිබුනේ පිහිනුම් තටාකය අසලය. ඒ දවස් වල බිෂොප් විද්‍යාලයෙන් පිහිනීමට එන ගැහැණු ළමුන් බැලීමට උදේ දහයට පමණ ඒ පැත්තේ ඇති ජනේල අසල සිසුන් ප්‍රමාණය වැඩි වේ. ප්‍රීතිමත් අවධියක් වූ මේ කාලයේ මම කලේ වැරැද්දක් දැයි තවමත් නොදන්නා මුත් ටියුෂන් නොගොස් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ කරන්නට තීරණය කළෙමි. මෙහිදී සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵල තිබු පන්තියේ අනිකුත් බොහෝ සිසුන් ටියුෂන් යන බව දැන ගතිමි. ඇතැමුන් යූස්ටස් හා කෙමිස්ට්‍රි නානා හෙවත් මිසිස් නානායක්කාර වැනි විද්‍යාලයේ ප්‍රසිද්ධ ගුරුවරුන් ගෙන් ටියුෂන් ගත්හ. මිසිස් නානායක්කාර ඉතා හොඳ දක්ෂ ගුරුවරියක් වූවාය. සමහරු බණ්ඩාර ගාවට ගියහ. අන්තිමේදී මමද බණ්ඩාරගේ රෝයල් ඉන්ස්ටිට්යුට් එකේ රිවිෂන් පන්තියක විභාගයට මාස 4 ක් තිබියදී ගෙවල් පැත්තේ යහළුවන් ගිය නිසා ගියෙමි. එහි ටියුට් ලෙස පරණ ගණන් සෑදු කොළ තොගයක් ලැබුණි.
මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ නිසා අපේ නිවස අවට වෙනත් දෙමාපියන් විසින් තම දරුවන්ට උගන්වන්නට කියා ඉල්ලීම් කර තිබුණි. එම නිසා කිහිප දෙනෙකුට ගණිතය හා විද්‍යාව උගන්වා මුදලක් උපයා ගතිමි.
අපොස උසස් පෙළ ට මා ලැබූ ලකුණු වලින් මට කොළඹ ඉංජිනේරු පීඨයට යාමට ලකුණු මදි විය. නමුත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික හා රසායන විද්‍යාව ඉගෙනීමට තේරී තිබුණි. ඒ කාලයේ වෛද්‍යවරයකු වීමට කොළඹින් අඩු ලකුණු ලැබූ සියල්ලෝම තෙවැනි වතාවටත් අපොස උසස් පෙළ කර වෛද්‍ය උපාධිය ගැනීමටම උත්සාහ කළහ. එසේ කර පසුව බැරිම තැන රසායන විද්‍යාව සමහ භෞතික විද්‍යාව හෝ බයෝ (බයෝ සයන්ස්) හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ගිය මගේ මිතුරන් දෙදෙනෙකුම අද උසස් යයි සම්මත රැකියා කරති.
මම ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමට 1984 දී සෝවියට් දේශයට ගියෙමි. සෝවියට් දේශයේ ප්‍රකට සමාජවාදය යටතේ ඉන්ජිනේරුව හා වෛද්‍යවරයා යනු තවත් රැකියා දෙකක් පමණක් බව තේරුම් ගතිමි. ලංකාවේ ලකුණු සම්මතය අනුව මොරටුව ට යන සිසුන් පසුව ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, රසායන විද්‍යා ඉංජිනේරු වශයෙන් තෝරා ගන්නා අතර වෛද්‍ය විද්‍යාලයට තේරුනේ නැතිනම් වෛද්‍ය, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය , කෘෂි කාර්මික ආදී පීඨ වලට තෝරා ගනී. හොඳින් සාමාන්‍ය පෙළ සමත් නම් බොහෝවිට විද්‍යා විෂයන් හැදෑරීම ලංකාවේ සිරිත වේ. ආර්ථික විද්‍යා විෂයන් හා කලා විෂයන් වලට යන්නේ අඩු ප්‍රතිඵල වලිනි. (එසේ නොවන අයද අතලොස්සක් සිටියහ.)
සමාජවාදී සෝවියට් දේශයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව, දර්ශන වාදය ආදියට මුලික තැනක් ලැබී තිබුණි. මේ අනුව මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ලොමොනොසොව් මණ්ඩපයේ මේ විෂයයන් සඳහා මුල් තැන දී තිබුණි. විද්‍යාඥයන් බිහි කරන විද්‍යා ඇකඩමි වලට තෝරා ගත්තේ මේවායිනි. මිට අමතරව ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වලද පර්යේෂණ සඳහා ඉඩකඩ සලසා තිබුණි.
මා පසුව ජිවත් වන එංගලන්තයේ මෙන්ම මා දන්නා පරිදි ජර්මනියේ ත් වෛද්‍ය විද්‍යාව හා සමහර ඉංජිනේරු විෂයන් හැදෑරීමට තරමක් වැඩි ලකුණු අවශ්‍ය වේ. එයට හේතුව ඒවාට ඉල්ලුම් කරන සිසුන් සංඛ්‍යාව තරමට විශ්ව විද්‍යාල වල ඉඩ නොමැති වීමයි. එසේ නොමැතිව ඇතුළු වීමට වැඩි ලකුණු තිබ්බේ නැතිනම් ලෙඩුන් මැරෙන නිසා වැනි හේතුවකින් නොවේ. ජර්මනියේ එසේ තෝරා නොගෙන එහෙත් සුදුසුකම් ඇති සිසුන් සඳහා එකම එක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් (Witten-Herdecke) තිබේ. (අනිත් ඒවා නොමිලේය). යුරෝපයේ හා ලෝකයේ අන් රටවල වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම් මෙහි දැක්වේ.
ඕනෑම විශ්ව විද්‍යාලයක පැවැත්මට ප්‍රමිතියක් අවශ්‍ය වේ. එම ඉගැන්වීමේ ප්‍රමිතීන් අනුගමනය කරන්නේ නැත්නම් එම උපාධියට පිලි ගැනීමක් නැත. එසේම වැඩියෙන් ලකුණු ලැබෙන තැනැත්තාට ස්ථානයක් ලැබීමේ ක්‍රමයද සාධාරණය. එදා සෝවියට් දේශය හෝ අද ෆින්ලන්තය වැනි රටවල අවශ්‍ය තරම් විශ්ව විද්‍යාල වල ඉඩ තිබූ හා තිබෙන හෙයින් ප්‍රශ්නයක් පැන නැගුනේ ද නැත.
දැන් මා පහේ පන්තියේ ඉගෙනීමේ ලබා ගැනීමේ සිට මේ කතා පෙළ ලීවේ කිසියම් හේතු කිහිපයක් ඇතිවය. මට ගුරුවරයකු දිනෙක තේරුමක් නැතිව ගැසූ නිසා හෝ රාජකීය විද්‍යාලය වෙනුවෙන් තරඟයකට සහභාගී වී දිනූ බව ලියන්නට නොවේ. මා අපව විවේචනය කරන බොහෝ අය මෙන්ම තවත් එක ශිෂ්‍යයකු ලෙස සිටි බවත්, අසාධාරණ කම් කොතැන සිටියත් සිදුවෙන බවත් ඒවා මැඩ පවත්වාගෙන ඉගෙනීම කළ යුතු බවත් කියන්නටය.
හේතු වලින් පළමුවැන්න නම් පහේ ශිෂ්‍යත්ව සමත් වූ පසු කොළඹ හෝ වෙනත් නගරවල හොඳ විද්‍යාල ලබාදී ඉන්පසු එම ශිෂ්‍යත්ව ලාභී සිසුන්ම අපොස උසස් පෙළ විභාගයේදී ගත් ලකුණු වලට වඩා අඩු ලකුණු ගත් සිසුන් විශ්ව විද්‍යාලයට එම ප්‍රදේශ වලින්ම විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේ අසාධාරණයයි. (කවුදෝ දැන් මෙය මෙසේ නොවේ යයි ප්‍රතිචාරයක දමා තිබුණි) මා කතා කරන්නේ 1984 තත්වය ගැනය. දැන් දිස්ත්‍රික් ක්‍රමය වඩා සාධාරණ දැයි නොදනිමි.
මෙහිදී මා හිතවත් වෛද්‍යවරයෙක් මෙවැනි කතාවක් කීවේය. දක්ෂයා නම් කොහේ වුනත් වැඩි ලකුණු ලබා ගතයුතු බවත් ඔහු දන්නා අයෙක් දුෂ්කර පළාතක A 3 ක් හෝ හතරක් ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණි බවත්ය. මේ ගැන විවාදයක් නැති මුත් මේ කතාවේ කිසියම් අසාධාරණයක් ගැබ්ව පවතී. අප ඈත පළාත් වල විදුහල් වල පළමු පන්තියේ සිට පළවෙනියා වෙමින් පැමිණ ඉන්පසු හොඳ පාසැලකට ගිය විගස එතැන උගන්නා සියල්ලෝම ශිෂ්‍යත්ව සමත් වූවන් වන බැවින් අර පළවෙනියා වීම ඉබේම මග හැරේ. එක වගේ දක්ෂ හැමෝටම පළවෙනියා විය නොහැකිය. ඉන්පසු විශ්ව විද්‍යාලයට යාමට සුදුකම් ලැබුවත් පිට පළාතක තමන්ට වඩා අඩු ලකුණු සහිත කෙනෙකුට ඒ තැන ලැබෙන විට එහි දී අනිවාර්යයෙන්ම අසාධාරණයක් සිදුවේ. මෙහිදී දිස්ත්‍රික් ක්‍රමයට අඩු ලකුණු වලින් එන සිසුවා ගැන තරහක් නැත. ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන කළකිරීමකි. "උඹලා ශිෂ්‍යත්වේ පාස් වෙලා ගියා නම් හොඳම ලකුණු ගනිල්ලා" වැනි දෙයක් ඉහත වෛද්‍යවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව පවතී. නමුදු එය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ.
දෙවැනි කාරණය නම් කොළඹ ඇති පහසුකම් අඩු පාසල් වල සිටින දරුවන්ට යන කළ දසාව කුමක්ද යන්නය. මේවා රාජකීය , ආනන්ද, නාලන්ද, විශාඛා, දේවී බාලිකා වැනි පාසල් සමග තරඟ කළ යුතුද? මා පහේ පන්තියේ (ඉහත ලිපිය බලන්න) උගත් ශාන්ත මයිකල් (එහි ගුරුතුමෙක් හැකිතාක් උත්සාහ කර මේ විද්‍යාලයෙන් මට පිටව යන්නැයි අවවාද කළේය ) , කොම්පඤඤ විදියේ සිරි සාරි පුත්ත මෙන්ම, දෙහිවල, රත්මලාන පැතිවල කොටහේනේ මෙන්ම තවත් තවත් කොළඹ ප්‍රදේශ වල පහසුකම් නැති ගුරුවරු නැති කුඩා පාසල් විශාල ප්‍රමාණයක් තිබේ. මේවායේ සමහර ළමයි පමණක් ටියුෂන් කඩ වලට යති. යාපනය, නුවර වැනි නගරවල ද තත්වය මෙයයි. දිස්ත්‍රික් ක්‍රමයට පහසුකම් අඩු ගම්වල ළමයින්ට දෙන වරප්‍රසාදය මේ කුඩා පාසැල් වල උගන්නා සිසුන්ට ලැබෙන්නේ නැත. කොළඹ හැම දෙයක්ම සුපිරි නැත.
තුන්වැනි කාරණය නම් සමාජ ජාල වල තර්ක කරන ඇතැම් තමන් සමාජවාදීන් ලෙස හා නිදහස් අධ්‍යාපනයට පක්ෂ වුවන් ලෙස හඳුන්වා ගන්නා අය අප විභාග සමත් නොවී වෙනත් රටවලට ගොස් මෙසේ සෝවියට් දේශය ගැන, නිදහස් අධ්‍යාපනය ගැන විවේචන කරන බවට කරන චෝදනාවයි. මගේම අත්දැකීම් තුලින් මට පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට වරම් ලැබුවත් ලංකාවේ පිළිගත් තත්ව අනුව හා දෙමාපිය බල කිරීම මත ඉන් සෑහීමකට පත් නොවී සිසුන් වෙනත් රටවල ඉංජිනේරු, වෛද්‍ය උපාධි ගැනීමට නික්ම යන බවයි. මා වැනි එසේ කල බොහෝ දෙනෙක් සිටි. ඊට අමතරව ඒ හේතුව නිසාම ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට (ඉංජිනේරු වෘත්තීන්, ගණකාධිකරණය වැනි) හා විවෘත විශ්ව විද්‍යාලයට ඇතුල් වන සිසුන් පිරිසද බොහෝය. ඒ කිසිවෙක් ඉගෙනීමේ දුර්වලයෝ නොවෙති. එකෙකු දෙන්නෙකු සිටීමට ඉඩ ඇති මුත් එවැනි අය බොහෝ විට මගදී පාඨමාලා හැර යති.
ඉතින් සමාජවාදී රටවල එවැනි වෙනස් කමක් නැත්නම් වැඩිම ලකුණු ප්‍රමාණක් ගත් සිසුන් පමණක් මිස, උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් ඇති අයට එසේ ඉගෙනීමට ඉඩ දිය නොහැකි යයි තර්ක කරන්නේ කෙසේද? අපොස උසස් පෙළ සමත්වන අයගෙන් 20% ඇතුලට යද්දී ඉතිරි විභාගය සමත් අයට කරන්නේ කුමක්ද? සයිටම් එකට යන්නේ ඉන් 1%-2% පමණය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසාම වැඩිදුර ඉගෙන උසස් පෙළ සමත් වන සිසු පිරිස අති විශාල නිසා මානුෂික වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් මෙතැන නැත්ද?
ශ්‍රී ලංකාවේ ඇති නිදහස් අධ්‍යපනය නිසා හා මධ්‍යම පන්තික සමාජ ස්තරයට පිවිසෙන්නට හෝ තිබෙන ස්ථානය රැක ගන්නට සිංහල, දෙමළ මුස්ලිම් ජනවර්ග තුනේම දෙමාපියෝ තම දරුවන්ට හොඳ ඉගෙනීමක් ලබා දීමට දැඩි වෙහෙසක් ගනිති. එසේ කරන්නේ දුප්පත් පොහොසත් භේදයක් නැතිවය.
බටහිර රටවල වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන් දරුවන් යවන්නේ තිබෙන හොඳම පාසල් වලටය. හතරේ පන්තියේ සිට ටියුෂන් යවා ග්‍රමර් විදුහල් හෝ හොඳ පෞද්ගලික විදුහලකට දමා ගනිති. මේ කිසිවෙක් කළු ජාතිකයන් ගේ හෝ දේශපාලන අනාථයින් ගේ ළමුන් වැඩිපුර උගන්නා පාසල් වලට තම ළමයින් ඇතුලත් කරන්නේ නැත. (ඒ පාසල් ටේබල් එකේ පහලය) ඉන්පසු ණය වී හෝ හොඳම විශ්ව විද්‍යාලයටද යවති. මට කිසි ඉරිසියාවක් නැත. එහෙත් මේ අය අතර අර සමාජවාදී ජවිපෙ, පෙසප හා අනිකුත් දේශපාලන පක්ෂ වලට අයත් දෙමාපියන්ද සිටී. ඔවුන් හා සයිටම් ළමයින් ගේ දෙමාපියන් අතර වෙනස කුමක්ද? මේ වාමාංශික දෙමාපියන් එසේ කරනේ තම දරුවන්ද අර උගත් සමාජ ස්තරයට ඇතුළත් කිරීමට නොවේද? බටහිර රටවල සිටින මේ අයට සමහර විට ණයවී දරුවන් අධ්‍යාපනයට යොමු කරන ලංකාවේ දෙමාපියන්ට වඩා මුදල් ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය අතිශයින් තරඟකාරී එකකි. බොහෝ දරුවන් ට උගන්වන්නේ ආත්මාර්ථකාමී වීමටය. අර හතේ පන්තියේ සිද්ධියේදී මෙන් සමාජ අධ්‍යයන පොත පෙන්වන්නට වත් මැලිවෙන සිසුන්ය සිටින්නේ.
දැනට වසර දහයකට පමණ පෙර එංගලන්තයේ සුදු ජාතිකයන් පෞද්ගලික ටියුෂන් දුන්නේ දුර්වල සිසුන්ට පමණි. ග්‍රමර් විදුහල් වල විභාග වලට පෙනී සිට සහජ දක්ෂතා ඇති සිසුන් පමණක් තේරුනි. ඉන්දියානු, චීන, ශ්‍රී ලාංකික දෙමාපියන් මේ තත්වය සහමුලින්ම වෙනස් කළහ. දෙකේ පන්තියේ සිට තම දරුවන් ටියුෂන් යවා මේ පාසල් වලට දරුවන් දමා ගනී. (දෙමළ ජාතිකයන් අතර මේ තරගය ඉතා දරුණුය. දරුවා බැරි වෙලාවත් අසමත් වුනොත් දවස් ගාණක් නොකා නොබී වැළපෙති. -ඇසින් දුටු සිදුවීමක් තිබේ).
අපේ දරුවන් ගේ ජ්‍යෙෂ්ඨ පන්ති සඳහා විදුහල් සෙවීමේදී අප නිවෙසට නුදුරු බානට් නගරයේ උසස් කාන්තා විද්‍යාලයක් බලන්නට ගියෙමු. එහි කලින් වසරේ එක පන්තියක සිසුන් සියල්ලම පාහේ දෙමළ වූ අතර එක අයෙක් සිංහල හා දෙතුන් දෙනෙක් චීන විය. ඒ පැත්තේ දෙමළ ජාතිකයන් වැඩිපුර නොසිටින නිසා දෙමළ සිසුවියක ගෙන් මා ඇසූ කල දැනගත්තේ ඇය කාරයකින් ඒමට පැය දෙකක් පමණ ගතවන දුරක සිට එන බවය. (හැතැප්ම 120 පමණ) මෙම විදුහලේ සීමිත දුර සීමාවට ඇතුලත් වීමට දෙමාපියන් මොකක් හෝ බොරුවක් කරන්නට ඇත.
විශ්ව විද්‍යාල වලට යන සුදු ඉංග්‍රීසි ජාතික සිසුන් මේ පැති වලින් ඒම අඩු වීමත් ඉංග්‍රීසි ජාතිකයන් දරුවන් ටියුෂන් යැවීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා අමාරු ඉංග්‍රීසි භාෂා විභාගයක් පැවත්වීමට මෙම විදුහල් දැන් කටයුතු කර තිබේ. ඉන් ආසියානු සිසුන් ඇතුලත් වීම අඩුකර සම තුලිතතාවට පත් කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. නමුත් ඉංග්‍රීසි භාෂා විභාගය සඳහාද හතු පිපෙන්නාක් මෙන් ටියුෂන් කඩ ඇතිවී තිබේ. දැන් මෙහිද එකම තරඟයකි. එනිසාම කොන්සර්වටිව් රජය තවත් ග්‍රමර් විදුහල් පිහිට වීමට යෝජනා කර තිබේ.
ඊළඟ ප්‍රශ්නය නම් මේ ආසියාතික සිසුන් බොහොමයක් වෛද්‍ය හා ඉංජිනේරු විෂයන් තෝරා ගන්නා නිසා මේ විදුහල් වල අනිකුත් විෂයන් (ඉංග්‍රීසි සාහිත්‍ය, ඉතිහාසය , භූගෝලය වැනි ) වලට බරපතල බලපෑමක් එල්ල වීමයි. විශ්ව විද්‍යාල පවා මේ තත්වය ගැන කණගාටුව පළ කර තිබේ. මගේ බිරිඳ උගන්වන ග්‍රමර් විදුහලේ පසුගිය වසර තුනට සිසුන් තිදෙනෙකු සියදිවි නසාගෙන තිබේ. තිදෙනාම ආසියානු සම්භවයකින් යුත් අයය. ඒවා පුවත්පත් වලට නිකුත් කිරීම වළකා ලීමට විදුහල් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මගේ බිරිඳ පවසන්නේ නිවෙස් වලින් එල්ලවූ බලපෑම් මත මේ සියදිවි නසා ගැනීම් සිදුව තිබෙන බවයි. තමන් උගත් අය නොවන නිසා තම දරුවන් ටියුෂන් යවන බව බොහෝ ආසියාතික දෙමාපියන් පවසති. නමුත් එංගලන්තයේ උගැන්වීම් පහත වැටී ඇත්නම් එසේ වී ඇත්තේද ගුරුවරු හිඟයක් ඇතිවී තිබෙන්නේද හැමෝම ඉංජිනේරු වෛද්‍ය වෘත්තීන් සඳහා පුහුණු වීමට යාම නිසා විය නොහැකිද? (මේ තත්වයට වෙනත් හේතුද තිබේ.)
සමහර වෙලාවට ලංකාවේ සමාජවාදීන් කියන විකාර නොව සෝවියට් දේශයේ තිබූ ක්‍රමය හෝ ෆින්ලන්තයේ තිබෙන ක්‍රමය වඩා හොඳ යයි මට සිතේ. කිසිම වෘත්තියකට හෝ පාඨමාලාවකට අමුතු තැනක් නැත. පාසල් නම් කර ඇත්තේ අංක වලින් පමණි. දුන්න පාසලට යා යුතුය. විභාග ඇත්තේ ඉගෙනීමේ තත්වය බලන්නටය. ලංකාවේ අධ්‍යපන ප්‍රතිපත්තියම වෙනස් විය යුතු යයි ම කියන්නේ එනිසාය.
(මේ ලිපි පෙළ මෙතනින් සමාප්තය.)
වැරදි කිහිපයක් ම තියෙනවා. සමහර විට ඔබ ලියන්නට ගොස් වූ ඒවා විය යුතුයි.
ReplyDelete/* තෙවැනි වතාවටත් අපොස උසස් පෙළ කර වෛද්‍ය උපාධිය ගැනීමටම උත්සාහ කළහ. එසේ කර පසුව බැරිම තැන භෞත - රසායනය (physical Science) සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට */
1. ඒ ලෙවල් බයෝ කරලා පිසිකල් සයන්ස් (මැත්ස්, පිසික්ස්) කරන්නේ නැත.
2. භෞත - රසායනය යනු පිසිකල් සයන්ස් නොවේ.
/* ලංකාවේ ලකුණු සම්මතය අනුව මොරටුවේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, රසායන විද්‍යා ඉංජිනේරු වශයෙන් තෝරා ගන්නා අතර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය , කෘෂි කාර්මික වශයෙන් තෝරා ගනී. */
3. මොරටුවේ විවිධ ක්‍ෂේත්‍ර සඳහා සිසුන් තෝරා ගන්නේ දෙවෙනි වසරේ දී ය. උසස් පෙළ ප්‍රතිඵල අදාල නැත.
4. පශු වෛද්‍ය, දන්ත, කෘෂි යනු වෛද්‍ය පීඨයේ පාඨමාලා නොවේ.
අවධානයෙන් කියවීම ගැන ස්තූතියි රසික.
Delete1. මට ඒ පාඨමාලාවේ නම් මතක නැහැ. රසිකට මතක නම් කියනවද ? අදහස වුනේ එවැනි කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන හා භෞතික විද්‍යාව තිබු පාඨමාලාවක් බව.
2. හරි නම මොකක්ද?
3. මේක නම් දන්නේ නැහැ හරියට. රසික ගිය නිසා දනනවා ඇති. මට ඇතුලේ එවුන් කිවේ (උසස් පෙළ කරන්න කලින්) වැඩිම ලකුණු එවුන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික් , ඉලෙක්ට්‍රිකල් යන බවත් ඊට පස්සේ මෙක් , ඊට පස්සේ සිවිල් , කෙමිකල් අන්තිමට වගේ කියල.
4. එක මම වෙනස් කලා . කියන්න ඕනේ වුනේ ඊළඟ ලකුණු පිළිවෙලට එම පීඨ වලට ඇතුලත් කර ගන්න බවයි. දෙවෙනි අවුරුද්දේ නොවේ.
This comment has been removed by the author.
Delete//කොළඹ ඉංජිනේරු පීඨයට යාමට ලකුණු මදි // කොළඹ කිව්වෙ මොරටුව(කටුබැද්ද) ගැන හිතලද ?
Deleteඒ කාලෙ ලකුණු වැඩි අය ගත්තෙ පේරාදෙනියටද...//කොළඹ ඉංජිනේරු පීඨයට නොතේරී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික හා රසායන විද්‍යාව ඉගෙනීමට තේරී තිබුණි.// කිව්වෙ ඒ නිසාද.?
මොරටුවට විතරයි. පේරාදෙණියට ගත්තෙ කීයෙන්ද කියල දන්නේ නැහැ. මන් හිතන්නේ ඉන්ජිනියරින්ග් නම් ඔක්කොටම බැහැ වගේ. ෆිසිකල් සයන්ස් වලට ආව කොළඹ විශ්ව විද්‍යාලේ. නමුත් ඉතින් යන්න හදන්නේ ඉංජිනියරින් වලටනේ.
Deleteමම කියන්නේ වැඩි ලකුණු වලින් ගන්න එක සාධාරණයි. ඒක හරි. නමුත් නගරවල වැඩි ලකුණු ඇති ළමයින් කපල පිටින් ළමයින් ඊට වඩා අඩු ලකුණු වලට ගන්න එක සාධාරණ නැහැ. කොළඹ , නුවර වැනි නගරවල තව ඕනේ තරම් පහසුකම් නැති පොඩි පාසැල් තිබෙනවා. මේක එහෙම එන ළමයින්ගේ වරද නෙමේ. ආණ්ඩුවේ වැරැද්ද.
Delete//ලංකාවේ අධ්‍යපන ප්‍රතිපත්තියම වෙනස් විය යුතු // එකගය.
ReplyDeleteඑසේය.
Deleteමතකයන් අවදිකරන පෝස්ට් එකක්
ReplyDeleteස්තූතියි
Deleteදැන් එතකොට ඔබතුමාගේ ළමයි අමතර පන්තිවලට යන්නෙම නැද්ද / යවන්නේම නැද්ද
ReplyDeleteමොකක් හරි විෂයකට දුර්වල යයි කියා හිතුනොත් යවනවා. දැනට එහෙම තත්වයක් නැහැ. ද්විතියික පාසලේ ඉගැන්වීම සතුටුදායකයි. මම සයිටම් එකට හෝ පෞද්ගලික අධ්‍යපනයට විරුද්ධ මම ළමයින් යැවීම දෙපිටකාට්ටු වැඩක් විශිහට හිතන්නේ නැහැ. නමුත් එයට විරුද්ධ අය තමන්ගේ ළමයින් පෞද්ගලික ටියුෂන් යවන්නේ ඇයි කියන ප්‍රශ්නය අහන්න කැමතියි ?
Deleteඅධ්‍යපණ ක්‍රමයේ ප්‍රතිපත්තිමය වෙනස පැහැදිළිවම අවශ්ෂ්‍යය. මන්ද නිදහස් අධ්‍යාපණයක් වෙනුවට මොන්ටිසෝරියේ සිට පැවැතෙනෙ ටියුෂන් විකෘතියක් ඇත. වත්මන් තත්වය අනුව ඒවා නොලබාද සමත් විය නොහැක.
ReplyDeleteඔබ සදහන් කරඇති කරුණු බොහෝ සංඛ්‍යාවකට එකග විය හැක. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමට ද්වීතික අධ්‍යාපණය යම් එක කඩ ඉමක් පමනක් වීම හොදටම සෑහෙන අතර. ඉන්පසුව ඔහුට අවශ්ෂ්‍ය උසස් අධ්‍යාපනය ඔහු විසින් ස්වාධීනව තීරණය කළ යුතුය. සාරවත් සාකච්චාවකි
නිදහස් අධ්‍යාපනය කියන එක නැති වෙලා තියන රටක ඒක රක ගන්න කතා කරන ලොකු විහිළුවක් වගෙයි මට පේන්නේ. ඔබට ස්තූතියි
Deleteලංකාවෙ සමස්ත අධ්‍යාපනයම වෙනස් විය යුතු බව පෙනීයනවා."දැනට ස්තරායනය වී ඇති අන්දමට" ඉහළම නිලයේ සිට පහළම නිලය වන ගුරුවරයා දක්වාම ආකල්ප මුළුමණින්ම වෙනස්වීම ඉතා කඩිනමින් අවශ්‍ය බව පෙනෙනවා. දැනට ගුරුවරයාගේ පමණක් ආකල්ප වෙනස් කරන්න තැත් කිරීම යුුුගයේ විහළුව වී ඇති බවක් පෙනෙනවා අධ්‍යාපනය ගැන බ්ලොග් මගින් සෑහෙන සාකච්ඡාවක් ඇති වීමට මෙයින් මුල පිරේවා!
Deleteඅජිත් ඔබ උසස් පෙළ පාසල් කාලයේ එම විදුහලේ ඉංග්‍රීසි කථා බහා හැකියාව ඉහලින්ම තිබුනද සැම සිසුවෙකුටම ?
ReplyDeleteමම හිතන්නේ නැහැ. මට තිබුනෙත් නැහැ. මම ප්‍රදීප් ජෙගනාතන් ගෙන් ඇහුව මතකයි ප්‍රින්සිපල් ට ශූරතා පලිහ දෙනකොට කියන්නේ මොකක්ද කියල. හැබැයි එලකියුෂන් වලට වෙනම පන්තියක් බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් කලා . ඒකට ගියා . ඊට අමතරව ප්‍රංශ, ජර්මන් හා රුසියානු පන්ති වලටත් ගියා. දැන් රුසියානු භාෂාව හොඳටත් ජරම්න් තරමකටත් කතා කරන්න හැකියි.
Deleteලංකාවේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම විකෘතියක්. කිසිම ප‍්‍රතිපත්තියක් නැති කමින් බැට කන්නේ අහිංසක දරුවන්. පිස්සු ටියුෂන් ක‍්‍රමයට දරුවන් දක්කන්නට දෙමව්පියන්ට සිදුවෙලා තියෙන්නේ දෙමව්පියන් සල්ලි හම්බුකිරිමේ චේතනාවෙන් කාර්්‍යබහුලවිම හා දරුවන්ට උගන්වන්න තරම් දැනුමෙන් සන්නද්ධ නොවිමයි.
ReplyDeleteසංවාදයට බදුන් විය යුතු හොද ලිපියක්.
ඒක ඇත්ත . කොපමන් ලියුවත් මෙය වෙනස් වන්නේත් නැහැ. මට සමාජවාදය හොඳයි කියල ඇත්තටම හිතෙන්නේ මේ වෙලාවට . ඔය ප්‍රශ්නය් එන්නේ නැති නිසා. නමුත් වැඩ සමාජ ප්‍රජාතන්තවාදී රටවල් වන ජර්මනියේ සහ ෆින්ලන්තයේ මේවා නැහැ. ඇමෙරිකාවේ කොහොමද දන්නේ නැහැ. කවුරුහරි ලියනවා නම් හොඳයි.
Deleteලංකාවේ අධ්‍යාපන ක්‍රමය වැරදිලා තියෙන්නේ කොයි කාලෙද... තාම ඒ වැරැද්ද හදාගන්න තියා වැරැද්ද කොතනද කියලා හොයන්නවත් ඕනකමක් නැති පාලකයන් ඉන්න රටක් නේ....
ReplyDeleteහරි ගියේ කන්නන්ගර තුමා නිදහස් අධ්‍යාපනය දුන්න කාලේ. වරදින්න පටන් ගත්තේ 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම හා 1972 දිස්ත්‍රික් බේසිස් ක්‍රමය පටන ගත්තට පස්සේ. සිංහල ළමයින්ට ඉංග්‍රීසි අහිමි වීම හා ළමයි කොටසකට උසස් අධ්‍යාපනය අහිමි වීම හරහා වෙන්න බැරිද?
Deleteනිදහස් අධ්‍යාපනය දුන්න එකෙන් ලංකාවේ කිසි කෙනෙක්ට අධ්‍යාපනයේ නියම වටිනාකම තේරෙන්නේ නෑ...මොකද ඒක නොමිලේම හම්බවෙන හින්දා... සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන් උනේ ගම්වල කොල්ලෝ කෙල්ලෝ ළිං වල ගෙම්බෝ වගේ වුන එක... දිස්ත්‍රික් ක්‍රමයෙන් වුනේ ඉගෙනගත්ත සමාජයත් පන්ති බේද තුළ සිරවීම.. සයිටම් ප්‍රශ්නේ උනත් හැමෝම තමන්ගේ කෝණේන් බලන්නේ ඒකයි.... මම නම් හිතන්නේ මෙතනින් ලොකුවටම වැරදිලා තියෙන්නේ අපි ලංකාව ලෝකයත් සමග දියුණු වුනේ නැති එක... සම්පුර්ණ සිලබස් එකම නවීකරණය වෙන්න ඕනේ.. ඔය ඔක්කොම මඟ හැරෙන්න තිබුණා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකලානම්...
Delete// සම්පුර්ණ සිලබස් එකම නවීකරණය වෙන්න ඕනේ..// මම මේකට එකඟයි. සිංහල රාජ්‍ය භාෂාව කරන ගමන් ඉංග්‍රීසි අනිවාර්ය බහ්ෂාවක් කරන්න තිබ්බ හැමෝටම. සිංහල නිශ අතම අපි වුනත් ඉගෙන ගත්තේ. නැත්නම් අපි කොතනද දන්නේ නැහැ. සයිටම් ප්‍රශ්නයේදී සිටම එක නෙමේ ප්‍රශ්නය කියල මම කලිනුත් ලියල තියනවා.
Deleteමමත් ශිෂ්‍තත්වයෙන් උතූරැ මැද සිට මධ්‍යම පලාතට පැමිණි අයෙක්. උසස් පෙළ ඉහලින් සමත් උනාට ලකූණු කීපයක් මෙරිට් වලින් යන්න අඩු උනා. මම විශ්ව විද්‍තාලයට ගියේ දිස්ත්‍රික් කෝටා එකෙන්. ඇත්තටම මා නිසා මගේ පාසල පිහිටි දිස්ත්‍රික්කයේ ඇත්ත වශයෙන්ම පදිංචි ලමයෙකුට විශ්ව විද්‍යාල වරම් අහිමි වූ බව දැනගත්තේ වසර ගනනාවකට පසුවයි.
ReplyDeleteඒ කියන්නේ ම ඔය කියන දෙහිම අනිත් පැත්ත නේද? ඔබ මෙන්ම ඔහු හෝ ඇයත් ඔය වැරදි සහගත ප්‍රතිපත්තියේ ගොදුරු නොවේද? ඒක තමයි එහෙම සිසුන් එන එක නමේ වරද ? වරද ඇත්තේ එසේ කරන රජය ඇයි එහෙම කරන්නේ කියන එක? අධ්‍යපනයට් යොදන මුදල වැඩි කරන්න දේශපාලකයන්ට පටි තද කර ගන්න කියන්න කෙනෙක් නැහැ.
Deleteපසුගිය අව්රැදු 35ක කලයේ ඉඳල තියෙන මේ කෝටා ක්‍රමය වෙනස් කිරීමට දැන් කාලයයි. ඔබ දන්නවාද යාපනය දුශ්කර දිස්ත්‍රික්තයක් ලෙස සලකන බව ?
Deleteදන්නේ නැහැ. අපි හිටපු කාලේ යාපනෙන් විශ්ව විද්‍යාලයට යාමට ගත යුතු ලකුණු ප්‍රමාණය කොළඹට වඩා වැඩියි
Deleteඋසස් අධ්‍යාපනය සඳහා සියළු දෙනාගෙන් මුදල් අයකිරීමටත් ඒ සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රම ඇතිකිරීමත් සිද්ධ කරලා ඒ මුදලින් උසස් අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න පුළුවන්.මුලින්ම සුදුසුකම් ඇති ආචාර්ය මහාචාර්යවරු ටිකක් හදන්න වෙනවා.අද තියන කැම්පස් ටිකටත් අචර්ය මණ්ඩලය මදිව තියාගෙන කිසි වෙනස් කමකට යන්න බෑ.
ReplyDeleteජයවේවා..!!
//උසස් අධ්‍යාපනය සඳහා සියළු දෙනාගෙන් මුදල් අයකිරීමටත් ඒ සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රම ඇතිකිරීමත් සිද්ධ කරලා ඒ මුදලින් උසස් අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න පුළුවන්// මේක දැනට එංගලන්තයේ ක්‍රියාත්මක වන ක්‍රමය නේ. අඩුපාඩුව කට තියෙන්නේ හැම අවුරුද්දෙම ගණන් වැඩි කරන එක. ආචාර්ය වරු මදි කියන එක නම් ඇත්ත .
Deleteඔබගේ මතක සුන්දරයි
ReplyDeleteමොන මතකයද කියල කල්පනා කරේ. :)
Deleteලංකාවෙ සමස්ත අධ්‍යාපනයම වෙනස් විය යුතු බව පෙනීයනවා."දැනට ස්තරායනය වී ඇති අන්දමට" ඉහළම නිලයේ සිට පහළම නිලය වන ගුරුවරයා දක්වාම ආකල්ප මුළුමණින්ම වෙනස්වීම ඉතා කඩිනමින් අවශ්‍ය බව පෙනෙනවා. දැනට ගුරුවරයාගේ පමණක් ආකල්ප වෙනස් කරන්න තැත් කිරීම යුුුගයේ විහළුව වී ඇති බවක් පෙනෙනවා අධ්‍යාපනය ගැන බ්ලොග් මගින් සෑහෙන සාකච්ඡාවක් ඇති වීමට මෙයින් මුල පිරේවා!
ReplyDeleteගුරුවරුන් කියන්නේ හොඳින් පඩි ගෙවා සිත සතුටින් තබා ගත යුතු කණ්ඩායමක්. ගුරුවරු තම කාලවේලාව අවසන් වෙලත් වැඩ කරන කට්ටියක්. ගුරුවරු ටියුෂන් දෙනන් පෙළඹෙන්නෙත් ඒ නිසා. විදුහල් වල තත්ත්වය් උසස් කිරීම අනාගතයට ආයෝජනයක් ලෙස සැලකිය යුතුයි කියල මම නම් හිතන්නේ. ස්තූතියි
Delete"ගුරුවරුන් කියන්නේ හොඳින් පඩි ගෙවා සිත සතුටින් තබා ගත යුතු කණ්ඩායමක්" මුළුමණින්ම එකඟයි.එහෙත් ගුරු ආකල්ප සංවර්ධනය පිණිස ගුරුවරයා නිවහල් හැඟිමක් ඇතිව තිබෙන බවක් පෙනී යන්නේ නැහැ. ඔහුගේ භූමිකාව තවමත් ඇගයෙන්නෙ යල්පැනගිය "නෑබෑ පොතට" (ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි සංග්‍රහය) අනුව පමණක්යි බව පෙනීයනවා. ගුරු ක්‍රියාවලිය අධීක්ෂණයට එන ඇගයුම් කරුවා ගුරුවරයාට වඩා උසස් අධ්‍යාපනයක් ලැබූ අධ්‍යාපනඥයකුවීම අතයවශ්‍යයි. එය ආයතන සංග්‍රහය කටපාඩම් කරගත් පරිපාලන නිහලධාරියකුගේ හෝ මුදල්රෙගුලාසි සංග්‍රහය දැනගත් ගණකාධිකාරීවරයකුගේ ඇසින් දකින්නකු නොවිය යුතුයි එහෙත් අදත් ලංකාව පුරා සිදුවන්නේ එලෙසින් පමණක් බව 2009 දක්වාම මගේ අත්දැකීම වුනා. මේ වන විට වුවද එය වෙනස් වී ඇති බවක් පෙනී යන්නේ නැහැ. අධ්‍යාපන කාර්යාලයේ කම්කරු තනතුරේ සිටින අය ඉදිරියේ පවා දෙකතුනට නැමෙන ගුරුවරුන් ඒ අවදියේ මට බොහෝ විට දකින්ට ලැබුණා. මේ සංවාදයට දැනට සේවයේ සිටින ගුරුවරුන් ඇනෝ ලෙසින් හෝ එක්වන්නේ නම් වටිනවා. ටියුෂන් දෙන්නන් මුලදී එක්වූයේ ඔබ පෙන්වා දෙන ආකාරයෙන් වුවද වර්තමානයේ විකාශනය වී ඇත්තේ ඉතා කණගාටුදායක තැනකට අජිත්. අද ඔවුන්ගෙන් ඇතැමකු සිසුන් හඳුන්වන්නේ සීයේ කෑලි දෙසෙීයෙ කෑලි ලෙස මිස දරු පැටවුන් ලෙස නොවේ. විදුහල්වල
Deleteභෞතික තත්ත්වය උසස් කිරීම කිසියම් මට්ටමක සිදුවෙමින් පැවතුනත්
එහි ගුණාත්මක තත්ත්වයේ සංවර්ධනය පසුගාමී තත්ත්වයක ඇති බව කණගාටුදායකයි අජිත්. මේ සඳහා විධිමත් අධ්‍යයනයක් කිරීම පිණිස විශ්ව විද්‍යාල අධ්‍යාපන පීඨයක් වැනි ආයතනයකට බලය පැවරීම ඉතා වැදගත්වේවි.
ඔබතුමා ගේ අදහස නම් ඉතා වැදගත්. // ඔවුන්ගෙන් ඇතැමකු සිසුන් හඳුන්වන්නේ සීයේ කෑලි දෙසෙීයෙ කෑලි ලෙස මිස දරු පැටවුන් ලෙස නොවේ. // මේක නම් හරිම සෝචනීය තත්වයක්. ඔබ මේ පිළිබඳව වඩා දීර්ඝ ලෙස ඉයවී යයි බලාපොරොත්තුවක් තිබෙනවා. //මේ සඳහා විධිමත් අධ්‍යයනයක් කිරීම පිණිස විශ්ව විද්‍යාල අධ්‍යාපන පීඨයක් වැනි ආයතනයකට බලය පැවරීම ඉතා වැදගත්වේවි.// මේක හොඳ අදහසක් තමා.
Deleteසමහර විශේෂ දක්ෂතා (ක්‍රීඩා, කලා) තියෙන ළමයි ලොකු ඉස්කෝල වලින් ගන්නවා. ඊට පස්සෙ එයාල ඉගෙනීමෙන් ඈත්වෙනවා. අන්තිමට විභාගෙත් ඇනගන්නවා. මං හොඳට දන්න යාළුවෙකුටත් ඔය දේ උනා...
ReplyDeleteඔව් එහෙමත් වෙනවා තමා. මම දනන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා.
Delete