|
ගොවිපළේ බංගලාව (මුලදී බාන් එකක්) |
මේ දවස්වල හැමෝම පරිසර හිතකාමී වෙලාය. ට්‍රම්ප් ලොක්කා පරාස දූෂණය කියා එකක් නැතැයිද විද්‍යාඥයන් බොරු කියන්නේ යයිද පැවසූ පසු නව ප්‍රංශ ජනාධිපතිවරයා කාලගුණ විද්‍යාඥයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ට ප්‍රංශයට පැමිණ රැකියා කරන ලෙස ආරාධනාවක් ද කළේය. බ්‍රිතාන්‍යයේ දැන් කලක සිට වඩා පරිසර හිතකාමී ප්‍රදේශ හා ස්ථාන වලට නිවාඩු යෑමේ සිරිත බෝවී තිබේ. අපේ නිවසේ 2015 මුල් කාලයේ
හිරු එළියෙන් විදුලි බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පරිසර හිතකාමී ප්‍රදේශ වල නිවාඩු යෑමේ අදහස අපේ සිත් වලද තිබුණි.
සාමාන්‍යයෙන් අපි වසරකට වරක් වේල්සයේ හෝ එංගලන්තයේ
ලේක් දිස්ත්‍රික්කය,
පීක් දිස්ත්‍රික්කය හෝ ස්කොට්ලන්තය වැනි කඳු සහිත පෙදෙස් වල සංචාරයට යන්නෙමු. ඒ වසර විස්සක පමණ සිට එන පුරුද්දකි. ඒ මමත් බිරිඳත් දෙදෙනාම ඇවිදීමට (hiking) බොහෝ කැමැත්තක් දක්වන හෙයිනි.
ඉතින් සාමාන්‍යයෙන් අපි
වේල්සයේ ස්නොව්දෝනියා ජාතික වනෝද්‍යානය පැත්තට යන නමුත් මෙවර ගියේ
බ්‍රෙකන් බීකන් නමැති පළාතටය. මේ පළාත් දෙකම ලංකාවේ නුවර එලිය, ඇල්ල, දියතලාව, හෝර්ටන් තැන්න, බදුල්ල වැනි පෙදෙස් සේ සුන්දරය. අපි නැවතුනේ "ද බීස්ට් " නම් ගොවිපලකය. බීස්ට් කියන්නේ කුළු හරකුන්ටය. මේ පැත්තේ ඒ කාලයේ එවැනි හරක් රංචු සිටි නිසා එම නම ලැබී ඇතැයි ගොවිපල අයත් ක්‍රිස් නමැති ගොවි මහතා පැවසීය. මේ ගොවිපළ තිබෙනෙන් බ්‍රේකන් බීකන් ජාතික වනෝද්‍යානය ආසන්නයේ ය නගරයට යාබදවය.
අප නැවතුනේ මේ ගොවිපලේ බාර්න් කොන්වර්ශන්(barn conversion) එකක් කළ බංගලාවකය. බාර්න් යනු ඇත්තෙන්ම වී, තිරිගු , පිදුරු වැනි ගොවිපලේ අස්වැන්න හා නොයෙකුත් ආම්පන්න ගබඩා කරන විශාල ශාලා වැනි ඒවාය. ඉන් කුඩා ප්‍රමාණයේ ඒවා බංගලා වලට හරවා සංචාරකයන්ට නවාතැන් දීමෙන් ගොවිපල අයිතිකරුවන් අමතර ආදායමක් උපයා ගනී.
|
මේ තියෙන්නේ බංගලාවක් කරන ලද බාන් එකය |
මගේ මිතුරු සරෝජ් සහ ඔහුගේ පවුලත් අපේ පවුලත් ද සමග ලංකාවෙන් රැගෙන ආ අරක්කු බෝතලයකුත්, වයින් බෝතල් කිහිපයකුත් කජු බැදුම් හා බැදපු රටකජු සමග අපි වේල්ස් ගියෙමු. උයන්නට අවශ්‍ය කෑමද රැගෙන ගියේ කුස්සියකුත් තිබෙන හෙයිනි.
|
ඇතුළත සුව පහසුවට නිමවා තිබේ |
මේ බාන් එක ඇතුලේ තිබු විසිත්ත කාමරයට අපේ නිවෙස් වල ඒ කාලයේ තිබූ දර වලින් උණුසුම සපයන පෝරණුවක් තිබුණි. පහත ඇත්තේ එයයි.
|
නිවසේ ඇතුළත ඇති උදුන |
අපේ සිත් ගත්තේ මේ නිවසට මෙන්ම අනිත් ගොඩනැගිලි දෙකටද (ගොවි මහතා ගේ නිවස ද ඇතුළුව) හා අසල තිබූ විශාල බාර්න් එකටද නෑමට උණු වතුර හා කාමර රත් කිරීමට තාපවිකිරක හරහා යන උණුවතුර සපයන විශාල දර පෝරණුවයි. (Wood Burner)
|
ක්‍රිස් හා ඔහුගේ දර පෝරණුව |
දර පෝරණුව වටේ වතුර යාම සඳහා පයිප්ප පද්ධතියක් සවිකර තිබේ. ඒ රත්වන වතුර ඉන්පසු යැවෙන්නේ තාප හුවමාරු පද්ධතියටයි. (heat exchanger)
|
තාප හුවමාරු පධතිය |
මෙයට අවශ්‍ය දර තමන්ගේ අක්කර 18 පමණ වන ගොවිපලෙන්ම සපයා ගන්නා බව ක්‍රිස් පැවසීය. දීර්ඝ ශීත සමයේ නිවෙස් තුනම ඉතා හොඳින් උණුසුම් ව පවත්වා ගත හැකි බවද ඔහු කිවේය. අප සිටි දිනවල කාමර ඉතා හොඳට උණුසුම්ව පැවති අතර උණු වතුරද අඩුවක් නොමැතිව ලැබුණ බැවින් ඔහු කීවේ ඇත්තකි.
|
එකතු කරන ලද දැවීමට ගන්නා දර |
මේ පොරනුවෙන් පිටවන් කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන පරිසර දූෂණය හා දර නාස්තිය ගැන අපි ක්‍රිස් ගෙන් විමසුවෙමු. ක්‍රිස් ට අනුව දර මෙන්ම වෙනත් අපද්‍රව්‍යද දහනය කරන අතර බොහෝ දර අවට මුකලානෙන් මෙන්ම ඉවත් කරන ලද ඒවාද නිසා ඒවා අපතේ යාම වැළකේ. එංගලන්තයේ ගෑස් බොයිලර් වලින්ද කාබන් ඩයොක්සයිඩ් හා සමහර විටෙක කාබන් මොනොක්සයිඩ් වායුවද පිටවන් නිසා මෙය අවම බවද ඔහුගේ අදහස විය. එසේම ඔහුගේ ගෑස් බිලද ඉතා අඩුය . (කෑම ඉවීමට පමණක් භාවිතා වේ. )
- ඊළඟට - ක්‍රිස් විදුලිය සපයා ගන්නා ආකාරය
wow
ReplyDelete:)
Deleteඅපූරු නිවාඩුවක් වගේ... ඊලඟ සටහනත් දාමුකෝ එහෙනම්...
ReplyDeleteහොඳ එකක්
Deleteතවදුරටත් පින්තූර සමඟ සංචාරක විස්තර බලාපොරොත්තු වෙමි...
ReplyDeleteඑහෙමයි බොස්. ඊළඟ එක බලන්න
Deleteඈත රටකට සිරිය විඳිනට ගියේ සතුටක් හිත තියන්
ReplyDeleteසීත ඇතිමුත් බාන් කුටියතුළ උණුහුමක් රඳවා තියන්
පාත ඇති පින්තූර හොඳමය පරිසරේ රැකගෙන තියන්
ඈත සිටි මිතුරාට දුමියත් මෙලෙස තුතිදුන් බව කියන්.....
ජයවේවා!!!
බාන් එකටත් කවියක් ලියන්න තරම් සිරා කවියෙක් දුමි කියන්නේ
Deleteදර කියන්නේ හොඳ ඉන්ධනයක්.හැබැයි ඉඩකඩ අවම පරිසරයකදී දර කියන ඉන්ධනයෙන් ලොකු වැඩක් ගන්න අපහසුයි."ක්‍රිස්" ට නම් අක්කර 18 ඉඩමක් තියෙන නිසා අවුලක් නැහැ.නැතිනම් දර හොයන්න ඕනේ.ගබඩා කරන්න ඕන.දහනය නිසා තවත් අයට කරදර නොවෙන්න වග බලා ගන්න ඕන.
ReplyDeleteඔව් තමන් ජිවත්වන පරිසරය අනුව සොයා බලා කරපු එකක් නේ. හැමෝටම හරියන්නේ නැහැ. අර මගේ පළමු ලිපියේ බිරිඳගේ සහෝදරිය කරන්නේ කාබනික ද්‍රව්‍යත් එක්ක ගෙදර අපද්‍රව්‍ය ඔක්කොම උනාට දාන එක. ක්‍රිස් ඒක දැනට කරන්නේ නැහැ. මේකෙන් ලාභයක් තිබෙන නිසා.
Deleteතාමත් මේ වගේ උඳුන් නුවරඑළියේ වතු බංගලාවලදි දකින්න පුළුවන්. කොහොම වුවත් අගේ ඇත් සංචාරයක්. ඇවිදීම කඳුනැගීම මගේත් ප්‍රියතම විනෝදාංශයනේ.
ReplyDeleteස්තූතියි. අපිටත් පොඩි කන්දක් වුනත් පේන්න බැහැ. නමුත් ගොඩක් උස කඳු නැගීමට නොහැකි වීම . මේ රටේ උසම කන්ද නම් නැග්ගා.
Deleteෆාම් එකෙ බෙදිලා ගිහින් පොඩි වෙන කොට, ගස් වැවෙන වේගයට වැඩිය වෙගෙන් දර ඕනෑ වෙලා, වෙනත් ඉන්ධන අවශ්‍ය වෙනවා!
ReplyDeleteඔය ප්‍රශ්නේ අපි ඇහුවා රසික. එංගලන්තේ ඔය සීන් එක වෙනවා අඩුයි. ක්‍රිස් ගේ පවුලේ අනිත් අය ෆාම් එක එපා කිව්වලු. ඒ අයට ඔවුන්ගේ කොටසේ වටිනාකමට මුදල් දීල ක්‍රිස් සම්පුර්ණයෙන්ම අරගෙන. එයාගේ ළමයින්ට වුනත් කරන්න කියන්නේ එහෙමයි. ෆාම් එක නොබෙද තමයි ලියන්නේ. එනිසා හුඟක් වෙලාවට ඔය ප්‍රශ්නය එන්නේ නැති වෙයි. ආවොත් ගෙදර අපද්‍රව්‍ය දහනය කරන එකක් හැටියට පෙරලන්න පුළුවන්. නමුත් එතකොට එන තාපය මදි.
Deleteමම වැඩියෙන්ම කැමති ඔන්න ඔය පිලිවෙලටයි, නිමාවටයි. නියමයි අජිත් අයියා ඊළඟ එකත් ලියමු.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteනියම සටහනක්,වටේ පිටේ පරිසරය පේන පින්තූර ටිකකුත් දාන්න
ReplyDeleteස්තූතියි. ඒවත් දාන්නම්
Deleteක්‍රිස් ගෙ අදහස නියමයි.අළු ටික උනත් අහක යන්නෙ නෑ නෙ.
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි
Deleteඉතාමත් හොඳ යි .ස්තුතියි .
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි
Delete