Thursday 17 November 2016

අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත හා මළවුන් සමග කතා කිරීම

මේ ලිපිය ලියවෙන්නේ "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" ලිපි පෙලට සම්බන්ධ අතුරු ලිපියක් ලෙසය. එහි එකොලොස්වන කොටස හා සබැඳේ.
"නයනේ සිතුවිලි" ගේ ප්‍රතිචාරය:  //අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි. ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? //
//මා එසේ කියන්නේ නැත. //
//දෙවියන් හා ප්‍රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.
ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි. //
බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි. // 
මේ ගැන මගේ පිළිතුර පහත ඇත. 
මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය. එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.
//මේ ගැන සම්පුර්ණ ලිපියක්ම ලියන්නට තීරණය කලේ මා මෙය හදාරා නැති බවට ඔබ සිතන හෙයිනි. //
ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි. එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි. එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?

මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි. ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.//

මේ ප්‍රතිචාරයට පිළිතුරක් දීම කොමෙන්ටුවේ අපහසු හෙයින් වෙනම ලිපියක් ලිවීමට තීරණය කළෙමි.  ඇත්තටම මට අවශ්‍ය ආගම් ගැන සාකච්ඡාවක් නොවුනත්  මෙය පැහැදිලි නොකර ඉදිරියට යාමට නොහැකි බව පෙනේ. සමහරවිට නයනේ කියන්නාක් මෙන් මට කිසියම් වචන පැටලීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමි.  නයනේ ගේ ප්‍රතිචාරයට වෙනම පිළිතුරු දීමට සිතුවේ මා මුල් අවධියේ සිට මේ අධිමානසික විද්‍යාවන් ගැන සොයද්දී සහභාගී වූ මිතුරා ද ඒ පිළිබඳව මේලයක් එවූ බැවිනි. එය මෙහි අගට ඉංග්‍රීසියෙන් දක්වා ඇත.

නයනේ කියන මේ කොටස මගේ අදහස් සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත හරවයි. //බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය//
මා මුල සිටම (ලිපි අංක 1-10 දක්වා) කීවේ මළගිය අය කියන්නේ ඔවුන් සිටින ස්ථානයේ (plain) සිට ආලෝකය දෙසට යන බවයි. ලවුලන් ඇතුළු මිඩියම් ලා පවසන්නේත් එය බවයි. නමුත් රුපවාහිනියේ පෙනී සිටින ඇතැම්  බටහිර මීඩියම් ලා තමන්ගේ ක්‍රිස්තියාන දහම ලං කරගෙන ආත්මයක් ගැන සමහරවිට කතා කරයි. එයට කිසිම සාක්ෂියක් "මළ ගිය අය " කියන කතාවල නැත. එඩ්ගාර් කේසි විශ්වාස කළ නොහැකි බව මා ලිව්වේද එබැවිනි. එනිසා ආත්ම කතාවක් මා කොහෙවත් කියා නැත.

දැන්  පටිච්ච සමුප්පාදය ගනිමු. මෙහි පටි + ඉච්ච හි  පටි යනු බැඳීම (bonding) හා ඉච්ඡ යනු කැමැත්ත (liking) යන අදහස දෙයි. එනම්  යමෙකට ඇති ඇලීම හා සම්බන්ධයයි. මෙයට ආශාව (craving) කියාද කිව හැක.  සම + උත්පාද = සමුප්පාද හි සම යනු එකම (same) හා උප්පාද යනු ඇතිවීම, තිබීම උපදීම යන අදහස, හෙවත් භව (existence) යන අදහස දෙයි.  එනිසා සමුප්පාද යනු පැවැත්ම හෙවත් භවය සඳහා යොමු කරවන්නක් හෙවත් බැඳීම ඇති කරවන්නක්  වෙයි.

උදාහරණයක් වශයෙන් යමෙකු එල්ල කර කෙනෙකුට සතෙකුට තරම් තද කෝපයක් පහල වුණායයි සිතමු.  එහිදී අප අර සතාට සමාන ලෙස පහුරු ගාන්නට, ගහන්නට යනවා යයිද සිතමු. අප භෞතිකව (ශාරීරිකව) නොකලත් සිතින් හෝ කරන්නේ යයි සිතමු. එවිට එතන අප විසින් "භවයක්" උපදවයි. එනම් සතෙකුට සමාන ක්‍රෝධාත්මක භවයක් අපේ සිතේ උපදී. එය අපේ  ජාති හෙවත් නැවත උපතකට හේතුවක් විය හැක.   එසේ වන්නේ අප ඒ මොහොත සඳහා බැඳීමක් ඇති කරගත් නිසාය. ථෙරවාද හාමුදුරුවරු පොලිසියට, විරුද්ධකරුවන් ට ගහ බැනගෙන යනු ඔබ බොහෝවිට දකින්නට ඇත. ඔවුන් එහිදී මේ බැඳීම හා නැවත උත්පත්තිය ඇති කර ගන්නා බව සිතිය හැකිය.

මේ භවය විසින්  එම නිසාම කම්ම බිජ ඇති කරයි. එනම් සංඛාර, කම්ම, කම්ම බීජ, කම්ම විපාක යනුවෙනි. මෙය ඊට පසු "ගතියක්" හෙවත් සංසාරයේ  ගතියක් හෝ ආසාවක් වෙයි. (ලිංගික අදහසක් ඉපදීමද මේ වැනිමය). කොටින්ම පටිච්ච සමුප්පාදයේ කියන්නේ ඇලීම/සම්බන්ධය නිසා ඇතිවන භවය මගින් නැවත ඉපදීම් සිදු කරන බවය.
මේ "භවය" යනු ඔබේ සිතෙහි නිතර ඉපිද මැරෙන සිතුවිලිය. (එනිසාම අපිද නැවත නැවතත් සිතුවිලි වශයෙන් ඉපිද මැරේ හෝ අපද මළවුන් වැනි යයි නයනේගේ තර්කයද නැගිය හැකිය).  මේ ඇලීම හා ඉන් උපදින භවය නිසා නැවත ඉපදීමද ඇතිවේ.
උදාහරණයක් වශයන් ආචාර්ය නලින්ද සිල්වා විද්වතා සඳහන් කරන  "සිංහල බෞද්ධයා" එම ඇලීම නිසාම නැවත ඉපදිය හැකිය. ඒ අනුව සිංහල බෞද්ධ සංකල්පයම පටිච්ඡ සමුප්පාද විරෝධිය.

දැන් මේ භව හෙවත් (existence) නමැති කොටස ගත්තොත් මා  දහවෙනි ලිපියේ  අප මේ  සොයන්නේ පැවැත්ම ගැන බව, එනම් එහි  ඔන්ටෝලොජිය (දේ යනු කුමක්ද) හා එපිස්ටමලොජිය (ඒ ගැන අප දන්නේ මොනවාද) ගැන බව  කීවේ එහෙයිනි. නාගර්ජුන ගේ ශුන්යාතය වටහා ගත  යුත්තේද මෙතනය.  පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයෙහිය.
ඔබට වෛරී භාවයක් ඉපදුනොත් එය මැඩ ගත්තොත් ගතියක් නොවුන හොත් "ජාති" හෙවත් නැවත ජන්මයක් ඇති නොවිය හැකිය. නමුත් ඔබ ඒ තුල තදින් ඇලී ගැලී සිට මරණ අවස්ථාවේදී පවා සිතුවොත් ඔබ අනිවාර්යයෙන්ම වෛරී ආත්මයක උපදී.

බුදු දහමේ ඇත්තේ හේතු-ඵල වාදයකි. පැවැත්මට හේතුවක් ඇත. ඉපදීමට හේතුවක් ඇත. මෙය නිව්ටෝනියානු සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන්නට වෙනස් බව මුල් ලිපියක සඳහන් කලෙමි.  පටිච්ච සමුප්පාදයෙන් මෙය මනාව  විස්තර කෙරේ.

මුලින්ම ම අශ්වඝෝෂ, නාගර්ජුන ආදීන් ගැන කතා කිරීමේදී (දහවෙනි කොටස) ඔවුන් අදහස් කළ  ධර්මකාය ගැන සටහන් කළෙමි.
නයනේ හා ප්‍රබෝද් නිවැරදිව කියන්නාක් මෙන් මහායානයේ දෙවි වරු (deities) සිටිති. එය මට ප්‍රශ්නයක් නොවන්නේ ගන්ධබ්බ අවස්ථාව ඔවුන් පිලි ගන්නා හෙයිනි.  ඔවුන්ට මෙහිදී මගේ තර්කය කිසියම්  විධිහකින් නොවැටහෙන්නේ ගන්ධබ්බ හා අන්තරා භවය යන වදන භාවිතා කිරීම  නිසා බව හඟිමි.

මා එම වදන භාවිතා කළේ එය පහත සඳහන්  සුත්‍රවල ඇති  නිසාය.  මේ සඳහා මේ ලිපිය අන්තර්ජාලයෙන් බාගෙන බලන්න. අන්තරාභාවය ගැන සඳහන් නොකරන්නේ ථෙරවාදීන් නිතර පරිශීලනය කරන මොග්ගලීපුත්ත තෙරුන්ගේ කථාවත්ථු පොතේ එය නැති නිසා බවද  11 වන ලිපියේ සඳහන් කළෙමි.

ථෙරවාදීන් කියන්නේ බුදුන් මේ අන්තර් අවස්ථාව ගැන නොකී බවයි. බුදුන් වදාළේ පැවැත්මේ (existence) අවස්ථා 3ක් ගැන බවයි. එනම් සංවේදී ලෝකය (ඇසට, කනට දැනෙන  sense world), රූප ලෝකය (form world ) සහ අරූප ලෝකය (formless world ) ගැන පමණක් බවයි. - (කථාවත්ථු පොත)- මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හිමි ග්‍රීක රජු මිලින්ද හෙවත් මෙනන්දොස් ට පවසන්නේ නැවත ඉපදීම මැරුණු ක්ෂණයකින්ම සිදුවන බවයි.  මේ ථෙරවාදී පාසලේ හැර අනි සියලු ගුරුකුල වල මහායානයේ හා වජ්රයානයේ (තන්ත්‍රයානයේ) ගන්ධබ්බයා ගැන පවසා තිබේ. මහා තණ්හා සංඛය සුත්‍රයේ මවගේ හා පියාගේ සංවාසයක්  නැත්නම්, මව තම සෘතුවේ නොසිටී නම් ගන්ධබ්බයකු (being-to-be-born) ඇති වන බව කියවේ. ඒ අනුව නැවත ඉපදීමට මව හා පියා අතර සංවාසය, මව සෘතුවේ සිටීම හා ගන්ධබ්බයකු සිටීම අනිවාර්ය වේ.


ථෙරවාදීන් හඳුන්වන්නේ පහත්  දේව කුලයක් වන  ශුද්ධවාසයේ උපදින්නේ ගන්ධබ්බයා යනුවෙනි.

අස්සලායන සුත්‍රයේ බ්‍රාහ්මණ වරුන් හත් දෙනෙකුට දෙසන බණේ දීද මේ අවස්ථා තුන ගැන කියවේ. එසේම වච්ඡට දෙසන කුතුහලාසල සුත්‍රයේ මෙසේ කියයි. උපාදානයක් (හේතුවක්, ආශාවක්) ඇතුව නැවත උපදිම  මිස ආශාවක් නොමැතිව නැවත ඉපදීමක් නැත. නැවත ඉපදීමට සිරුරක් සොයන්නේ ආශාවෙන් මඬනා ලද බැවිනි. මේ සිරුර සොයන්නේ ගන්ධබ්බ (intermediate state) තෙමේය.

බොජ්ජංග සීල සුත්‍රයේ සත්‍ය අවබෝධ කර ගන්නා සත් දෙනෙකු ගැන කියවේ. පළමු වැන්නා තම ජීවිතය තුල නිවන අවබෝධ කරගනී. දෙවැන්නා දහම ඉගෙනීම කරතත් ජීවිතය තුල අවබෝධ කර නොගෙන මරණය අවස්ථාවේ නිවන අවබෝධ කර ගනී. (ගන්ධබ්බයෙකු නැත) ඉන්පසු නැවත  නොඑනා (නුපදින)පස් දෙනෙකු ගැන කියවේ.

 තුන්වැන්නා නිර්වාණය තම ජීවිතයේ තුල දී අවබෝධ කර නොගෙන, මරණය එළඹෙන මොහොතේදී අවබෝධ කර නොගෙන නමුත් ගන්ධබ්බ අවස්ථාවේ , (අන්තරා පරිනිබ්බායි) (intermediate state)හි තණ්හා, ආශා ආදීන් මැඩ නිවන අවබෝධ කර ගනී. නැවත  නුපදී.

හතර වැන්නා තම ජීවිතයේදී, මරණයේදී, ගන්ධබ්බ අවස්ථාවේදී නිවන අවබෝධ නොකර ඉහත යදම් බිඳ ඉපදීමට තැත් දරන වෙලේ නිවන අවබෝධ කරගනී.

පහ සහ හය වැන්නවුන් දේව ලෝක දෙකක ඉපිද නිවන අවබෝධ කර ගන්නා අතර සත්වැන්නා අකනිටා නම් ඉහල ස්තරයක (ලෝකයක් ?) දී නිවනට පත්වෙයි. මේ සෑම අවස්ථාවකම  අන්තරා භවික අවස්ථාව පැහැදිලිව දක්වා තිබේ. මිට අමතරව තවත්  සුත්‍ර 18ක අන්තරාභවික හෙවත් ගන්ධබ්බ අවස්ථාව දැක්වේ.

 අන්තරා භාවයේ සැරිසරන ගන්ධබ්බ තෙමේ මුල් දින හත තුල මව්පිය සංවාසය හා මවගේ සෘතු පිහිටීම අනුව සුදුසු  ගැබ නොලැබිණි නම් දින හතකින් නැවත  මරණය වූ මුලින් ජීවත්වූ  පෙදෙසට පැමිණේ. (හත් දවසේ දානය) ඉන්පසු සති 7 කින්  පැමිණේ.  (දවස් 28 -තුන් මාසයේ දානය සති 12කි). ඉන්පසු සති 49 කින් පැමිණේ. (අවුරුද්දේ දානය සති 52). එසේම බිරිඳට ආදරයෙන්, පෙම්වතියට නිවසට ඇල්මෙන්, ක්‍රෝධයකින් මිය ගිය විට ගන්ධබ්බයා ඒ ඇල්ම සහිතව සැරිසරයි. නැවත උපදීමට ප්‍රිය කරයි. මේ ජිවිතයේ මියයන  හැමෝම වගේ එලෙස ඇල්මක් ඇතිව මියෙන අය නොවේද?  මෙය පිලි ගැනීමට ථෙරවාදීන් අකැමැත්ත දක්වන්නේ මේ නිසා විය හැකිය.

මා "තිබ්බතයේ මළපොත" කියවුයේ 1983 අපොස උසස්  පෙළ විභාගය කර ප්‍රතිඵල එනතෙක් ලැබුණු විවේක කාලසීමාවේ මහජන පුස්තකාලයේ තිබු පිටපතක් සොයා ගැනීමෙනි. ඉන්පසු නැවත සොග්යාල් රින්පෝචේ තුමාගේ "ජිවත් වන අයගේ සහ මළවුන්ගේ ටිබෙටන් පොත" (The Tibetan book of living and dying )   කියවූයේ මේ ගැන වඩාත් දැන  ගැනීමටය.

මේ පොතේ "බර්දොස් (Bardos and  other  realities ) සහ අනිකුත් යථාර්තයන්" නමින් පරිච්ඡේදයක් තිබේ. (පිටුව 106) තිබ්බතයේ ඇත්තේ වජ්‍රයානය හෙවත් තන්ත්‍රයානයයි. එය මහායානය තරම් ම පැරණි හා ගැඹුරු දහමකි.

බර්දොස් හි අවස්ථා හතරකි. ස්වභාවික බර්දෝ හෙවත් මේ ජීවිතය බර්දෝ , වේදනාකාරී බර්දෝ හෙවත් මියයන බර්දෝ , ලුමිනස් (luminous - දීප්තිය සහිත ) බර්දෝ හෙවත් ධර්මාත බර්දෝ  (නාගර්ජුන ගේ ධර්මකාය අදහස ) , කර්මයානුකුල බර්දෝ හෙවත් උපදින බර්දෝ (becoming) . මින් ධර්මාත හෙවත් දීප්තියක් ඇති බර්දෝ ගන්ධබ්බ අවස්ථාව හෙවත් අන්තරා භව අවස්ථාවයි.

මෙහිදී මරණින් පසු ඇති අත්දැකීම හෙවත් දීප්තියක් සහිත බර්දෝ (ආලෝකය සහිත) සිතේ දීප්තිමත් ස්වභාවය පෙන්නුම් කරන  ශබ්දය, වර්ණ සහ ආලෝක තුනෙන් සමන්විත  පිරිසිදු ආලෝකයකි. ලවුලන් ලා මියගිය වුන් ආලෝකය දෙසට යන බව කිහිප විටක්ම මට කියා තිබේ.

ඔවුන් (තිබ්බතයේ) කියන්නේ මුලික (primordial) බුදුවරයකු වන සමන්තභද්‍ර හිමි (අටවිසි බුදුන් ගෙන් කෙනෙක්) විසින් එම ධර්මය වදාළ බවයි.

මේ ගන්ධබ්බයා ට හෝ බර්දෝ හෙවත් ධර්මාත ට මුදල් අවශ්‍ය නැත. එනිසා එයින් ලොතරැයි නොම්මර ඉල්ලා ගත නොහැකිය. මීඩියම් වරු නිතර කියන කරුණක් නම් මුදල් ගැන ඔවුන්ගේ ඇල්මක් නැති බවයි. මුදල් ගැන ඇල්මක් ඇතිව මියගිය කෙනෙක් හමු වුවහොත් බොහෝවිට පෙර ජිවිතයේ මුදල් උපයා ගත් ආකාරය කියනු ඇත.

ඉතින් ලවුලන්ලා ඇතුළු මීඩියම් ලාගේ මොළයේ වෙනස් කම් සොයන ගමන්ම, පොළොවේ චුම්බක ක්ෂේත්‍ර සොයන ගමන්ම  බෞද්ධ දර්ශනයේ මේ පිලිබඳ ඇත්තේ මොනවාදැයි සෙව්වෙමි. එසේ කලේ මේරි බ්ලවට්ස්කි ගැන අහම්බෙන් කියවීමෙනි. ඇය හා ඕල්කට් ගේ සම්බන්ධය සොයාගෙන ඔවුන් මළවුන් ගෙන්වා දර්ශන (seance) කළ බව දැන, ඔවුන්ද ඉන්දියාවට බුදු දහම සොයා ගිය බව කියවීමෙනි.  මේ ගැන හතරවෙනි පස්වැනි කොටස් වල ලියා  ඇත. ඉන්දියාවෙන් ලංකාවට  පැමිණි ඔවුහු බෞද්ධ පුනරුදයටද උදව් වුනු අතර අනගාරික ධර්මපාල තුමන් සමග ඇති කරගත් ප්‍රශ්නය වන්නේ මේ ගන්ධබ්බ ප්‍රශ්නය බව සිතමි. එය ආත්මයේ දිගුවක් බවට කවුරුන් හෝ අනගාරික තුමාට වරදවා කියා තිබෙන්නට ඇත. සමහර විට ආචාර්ය නලින්ද සිල්වා මහතා ඕල්කට් බුදු දහමට විරුද්ධ වන්නේ, ඕල්කට් බෞද්ධයා යනු  බටහිර බෞද්ධයා ලෙස සඳහන් කර සිංහල බෞද්ධ අදහස් ඉදිරිපත්  කරන්නේත් මේ නිසා විය හැක.

නමුත් මට  එය අදාළ නැත. ලවුලන් ඇතුළු මීඩියම්  වරු සම්බන්ධ වන  මළගියවුන් (ගැන) කියන දේ මේ ගන්ධබ්බ හෙවත් අන්තරාභව අවස්ථාවෙන්  මට පැහැදිලි කර ගත හැකි විය.  ප්‍රශ්නය මෙය විද්‍යාත්මකව ඔප්පු කළ හැකිද යන්නය. ලිපි පෙළ ලියන්නේ ඒ සඳහා මගේ වූ උත්සාහය පමණි.

මගේ මිතුරා මේ ගැන එවූ සටහන පහත ඇත. ඔහුටද පිළිතුර ඉහත  දක්වා තිබේ.

//Ajith, you refuse to believe what.you have learnt since your childhood because of the wool that others have drawn over that. You don't test them because you need a physical explanation for everything. You think it is foolish or naive to accept anything which could not be explained physically. Am I right Ajith? Luckily you are open enough to investigate everything. But you try to explain everything from a physical point of view, which is limited to five senses. Unfortunately I am not wise or knowledgeable enough to explain those things to you at the moment. (From the blog posts I have seen in your blog so far, Nayane sithuvili is the best I have seen. He/she is such a good storehouse of knowledge and much more advanced than us in that respect. I do not know who that is, but what she/he has said so far is correct according to what I know). There are so many things that you have to accept as possible, without necessarily believing them to be true. - //

මගේ මිතුරා කියන ආකාරයට යමක් පිලිගන්නවා නම් දෙවියන් ලෝකය මැවූ  ලෙසද එවැනි මැවුම්කාර දෙවියකු ඇතැයිද  පිලිගත හැකි විය යුතුය. ඇයි තමන්ගේ සංවේදනයන්ට ගෝචර නොවූවාට දෙවියන් සිටිය හැකිය.  මා එයට සුදානම් නැත.
විද්‍යාවේ කියන ක්වන්ටම් අංශුන් හෝ වෙනත් කුඩා අංශුන් අපට ගෝචර නොවේ. නමුත් පරීක්ෂණ, නිරීක්ෂණ සහ ගණිතමය ආකාරයෙන් අපට ඒවා ඇතැයි කීමට පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් ඇත.

අන්තර්ජාල ලිපිය:                    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf
පටිච්ච සමුප්පාදය - https://puredhamma.net/paticca-samuppada/paticca-samuppada-introduction/

131 comments:

  1. අපේ බුද්ධාගම නම් මම කිසි සේත් පිලිගන්නේ නෑ. මෙහේ තියෙන්නේ බුදුන් දෙසු දහමක් නෙමෙයි.. ඒක මේ දේව ධර්මය හා අනෙකුත් ඉන්දියානු ඉගැන්වීම ඔක්කොම එක්ක පටල ගත්ත අච්චාරුවක්.. බුදුන් කිව්වේ මොකක්ද කියන්න එකඳු සාක්ෂියක්වත් නෑ.. ඉන්දියානු ඉතිහාසය ගත්තාම තේරෙන දෙයක් තමයි බුදුන් එක්කම ඒ දහමත් අහෝසී වී ගිය බව. ඒකට හේතුව වෙන්න ඇත්තේ ඉන්දියාවේ ඕන තරම් ආගම් හා දර්ෂණ තියෙන එක වෙන්න පුළුවන්.

    මෙහේ තියෙන්නේ එක එකාට ඕන විදියට හදා ගත්ත විකාරයක්. මෙහේට බිද්ධාගම එනකොටත් අපි හින්දු දේව සංකල්ප අදහපු බවට සාක්කි ඕන තරම්. එතන ඉඳලා යන්නේ ඒකේ සම්මිශ්‍රණයක්. වත්මන් සඟ පරපුර ඒකට තලේබාන් ධර්මයත් ඇතුලත් කරලා තියෙන්නේ. මහාවංශය වගේම, ත්‍රිපිටකයත් කිසිම හරයක් ඇති දේවල් නෙමෙයි. අනෙක අභිධර්මය තියා මොන ධර්මේ ඉගෙන ගත්තත්, මරුවා ඇවිත් කතා කරපු ගමන් අපි යන්න ඕන.

    මට එක අවස්ථාවක ඉස්පිරිතාලෙකදි හම්බ උනා තම ජීවිත කාලේ පුරාම ආරන්‍යයක බණ භාවනා කරපු හිමි නමක්. කැනසර් ට්‍රීට්මන්ට්ස් ගන්න. ඉතින් අද ඔහුට පිහිට වෙන්නේ ධර්මය නෙමෙයි. සුද්දෝ හදපු බෙහෙත් හා මැෂින්.

    ReplyDelete
    Replies
    1. හැම ආගමකම වාගේ ශාස්ත්‍රවරුන් මියගිය පසු ආගම අනුගාමිකයන් හා පූජකයන් විසින් වෙනස් කර හෝ පරිණාමය වී ඇත.
      වෙන එකක් තියා ඉතා පුරාණ ආගමක්වන යුදෙව් ආගමේද දෙවියන්ගේ වචනය ලෙස සලකනු ලබන අතීත යුදෙව් ලියවිලි එකතුවක්වන හීබෲ බයිබලයට පසු ආගමික උගතුන් විසින් විග්‍රහ අටුවා ටීකා ලෙස තල්මුද් හා ටෝරා යන පැහැදිලි කිරීම් සම්පාදනය කරන ලදී. ඒවා ඒ උගතුන්ගේ නිශ්පාදනය. හීබෲ බයිබලය මත සෑදුනු පරණ තෙස්තමේන්තුවේද ලතින් හා ග්‍රීක් ප්‍රභේද ඇත. ඉන් පසු ප්‍රොතෙස්තන්ත ලියවිලි බොහෝමයක්ද ඇත.
      ඉතා වෙනස් ප්‍රභේද වන සහ මෝර්මන්, ක්වේකර් හා ඊටත් අමුතු අලුත් කැඩී ගිය ආගම්ද ඇත. සර්පයන් කරේ දාගෙන දෙවියන් යදින අය මෙන්ම කෙලින්ම සාතන් අදහන අයද ඇත. ලතින් ඇමරිකාවේ අප්‍රිකාවේ විශේෂයින්ම තම සංස්කෘතියට අනුව කතෝලික ආගම හැඩගසාගෙන ඇත.

      ජේසුස්තුමා කිසිවක් ලිව්වේ නැත.
      දෙවියන්ගේ වචනය නබිතුමා පැවසූ ලෙස සටහන් කරගත් අනුගාමිකයින් පසුව Quran සම්පාදනය කරන ලදී. පසුව ශියා හා සුන්නි ලෙස බෙදුනු අතර සුන්නිවලින් බෙදී ගිය මෙමන්, බෝරා ආගම් ප්‍රභේදද ඇත.
      අතීත හෂාසින් හා වර්ථමාන තලේබාන් අයි එස් වැනි දරුණු ප්‍රභේදද, භාවනා කරන mystic ප්‍රභේදද ඇත
      බුදුන්වහන්සේ ගේ දේශනා සූත්‍ර වශයෙන් පසුව ලේඛනගතවී සංගායනාවලින් ක්‍රමවත්වී, මහායාන හීනයාන බෙදී මහායානවලින් චීන ජපන් මොන්ගෝලියන් කොරියන් ප්‍රභේදද, හීනයානවලින් බුරුම, තායිලන්ත ඕල්කොට්, සිංහල, සමන්තබද්‍ර ආදී විශේෂයන් ඇතිවී,ගමේ පංසල්, කොලඹ පංසල්, කෝවිල් දේවාල අනුබද්ධීත පංසල්, ආරණ්ය, අසපු මෙන්ම බුදුන් ලංකාවේ උපන්නේයයි සලකන කොටසක්ද ඇතිවී ඇත. ඔය ඔක්කොම ආගම පමණක් නොව ධර්මයද තමගේ දැනුම, විශ්වාසයන් , පසුබිම දේශපාලනය බිය සැක සතුට මත අර්ථකථනය කරති.

      ශාස්තෲකෙනෙක් හෝ එක මූලික පොතක් හෝ පටන්ගත් කාලයක් නැති නිසා හින්දු ආගම වෙනස් විදිහට ඇදහීම පහසුය. මනුෂ්‍ය ස්වාභාවයට ගැලපෙන්නේ හින්දු වැනි ආගමක් යයි මට ඉඳ හිට හිතෙන්නේ එසේ නොවන යුදෙව්, ක්‍රිස්තියානි (කතෝලික & ප්‍රොතෙස්තන්ත ),ඉස්ලාම් බෞද්ධ යන ආගම් මනුෂ්‍ය ස්වාභාවයට ඕනෑවිදිහට කොහොමහරි වෙනස්කරගත් හා වෙනස්කරගන්නා බැවිනි. ඒවා දැන් ශාස්තෘවරුන් අදහස් කල ආගම් ද නැද්ද කොයිතරම් වෙනස්වෙලාදකිවහැක්කේ අල්ලා/දෙවියන්වහන්සේ විසින් හෝ ජේසුතුමාගේ දෙවනි ආගමනයෙන් පමණි. එවිට ඒ ආගම් නැවත ෆැක්ටරි සෙටින් කර ගැනීමට හැකියාවක් ඇතත් බුදුන්වහන්සේ නැවත වඩින්නේ නැති නිසා බුද්ධාගම නම් නොනැවතී විකෘත/වැඩිදියුණු/නිවැරදි/වැරදි (වෙනස් අයගේ මත අනුව )වී පරිණාමය වනු ඇති බව මට හිතේ.

      කෙසේවෙතත් දැනටනම් ආගම් ඔරිජිනල් එක මොකක්ද යන්න ඒක කියන එක්කෙනා අනුව වෙනස්වේ.

      (මා මිත්‍ර ධර්මාජිත්තුමාගේ "මැරුණත් නන් ස්ටොප් මලවුන්ගේ මෙගා සීරීස්" එකට මෙතෙක් කල් මං හරියට කමෙන්ට් කලේ නැති එක ගැන එතුමාගේ අමනාපයක් ඇතිවෙයිද යන සැකයෙන් පසුවූ මම මගේ ඉන්ටෙරෙස්ට් එකක් වන ආගම් ඉතිහාසය හා සංසන්දනාත්මක ආගම් ගැන ලිවීමට අවස්ථාවක් මාතලන්තුමාගේ කමෙන්ට් එකෙන් ලැබූ නිසා එක තඩි ගලකින් කුරුල්ලන් දෙන්නෙක් ස්වර්ගස්ථ කිරීමට මේ පත කමෙන්ට් එක ඇද බෑවෙමි. මට නම් සුමානෙකට ඇති වගේ.)

      ආගම් විස්වාසකරන්නන් හා මෙය කම්මැලිකමින් කියවූ අයට අපහසුවක් වූයේනම් කමත්වා.

      Delete
    2. නමෝ නාරයන් හා ෆෙන් ෂුයි විවේච්නය කරන ලෙස ලිපියක් ලියන්නැයි කියා ඉල්ලන අය බොහෝය. ඔවුන්ගෙන් ඔබ ආගමක් අදහන්නේදැයි ඇසූ වීට අනිවාර්යයෙන් කියා උත්තර ලැබේ. ඉදින් මම කුම්ට උන් වෙනුවෙන් ලියන්නද? මට අනුවා ඒවාත් නොම්මර එකේ ආගම්ය.

      Delete
    3. @M,
      සොලමන්ගේ දේවාල, තාප්ප, ශුද්ධ කුරුස කෑලි, පෙරවූ රෙදි, සාන්තුවරයින්ගේ ඇට, මක්කමේ උල්කාපාත, සිරි පතුල්, දලදා, ධාතු, දේවාහරණ, ගස්, ගල්, පිලිම, වාලම්පූරි, ෆෙන්ශුයි, හාවන්ගේ කකුල්, ලකී ලාඩම්,හඳහන්, සුර, නූල්, මලවුන් කතාව, නැවත ඉපදීම, ඒලියන්ස්, බිග් ෆූට්, ලොක් නස් මොන්ස්ටර්, ටූත් ෆෙයාරි , නත්තල් පප්පා, නිට්ටෑවෝ, ඇනොනිමස් කමෙන්ටේටර් ඇල්ලීම ආදී මෙකී නොකී දේවල් වලින් සමහරදේ ඇත්තද සමහරදේ බොරුද සමහරක් මිත්‍යාවිශ්වාසද සමහරදේ සම්‍යක් විශ්වාසද සමහරදේ උසස්ද සමහරදේ පහත්වන්නේ ඒ ඒ දේවල් විස්වාසකරන්නා අනුවය. කිසිවක් 100% විශ්වාස නොකර හා අවිශ්වාස නොකර පිට සිටින මට පේන්නේ දේවල් ඇත්ත බොරු වීමට ඇති එකිනෙකට වෙනස් සම්භාවිතාවන් පමණි.
      මා වගේ විස්වාස / අවිස්වාස නොකරන වෙනත් අයකගේ ඒ සම්භාවිතා ප්‍රතිශතයන් එක් එක දේ ගැන වෙනස් විය හැකි අතර මගේම සම්භාවිතාවන්ද කාලයෙන් හා දැනුමෙන් වෙනස් විය හැක.

      දැන් නම් හොඳටම ඇති මං මේතරම් විශ්වාස අවිස්වාස ගැන ලියපු අන්තිම පාර බ්ලොග් ඇපොකැලිප්ස් එකක් වෙලා මහා බ්ලොගර් හොලොකෝස්ට්වුනා වගේ මතකයි.
      කොහොමවුනත් ඔබතුමා ගේ භාශාවෙන් ෆෙන්ශුයි වගේ ෆන් දේවල් ගැන ලියන දේ කියවන්න මං ආසයි

      The End !

      Delete
    4. ආගම් වල ඔරිජිනල් සොයා යාම පලක් නැති උත්සහයක් විය හැකිය. ප්‍රා ජේ ගේ ප්‍රථිචාරය ඉතාම හොඳ විශ්ලේශනයකි.
      ලංකාවේ ඇති බුද්ධාගමද අන් කිසිම ආගමකට ලංකාවේ හෝ ලෝකයේ ඇති වෙනස් නොවන බව තමයි ඇත්ත.
      ලංකාවේ ජීවත් වන සිංහල බෞද්ධ කියන ජන කොටස අදහන ආගම ප්‍රධාන වශයෙන් බුද්ධාගමයි. එහි ප්‍රබේධ කීපයක්ද ඇත. මෙන්න මේකයි මගේ හැඳින්වීම.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. වසී බෝලෙ අමතකවුනා ඉඳං

      Delete
    7. හැමෝම වගේ ප්‍රාත් තාම ඉන්නෙ බ්ලොග් හෝලක්‍රොස්ට් එක ඇති උනේ ඇනොනිමස් අල්ලන්නය කියලා. ඒත් එක ඇති උනේ ඒ රෙද්දකට නෙමෙයි. මට පෞද්ගලිකව මඩ ගහලා, මම ප්‍රෝෆයිල් එකෙන් දාපු පිළිතුර මකපුහේතුවට.

      ඒ වෙලාවේ ප්‍රා හිටියෙත් කොයි පැත්තෙද කියන එක අද මේ කොමෙන්ට් එකෙනුත් බොහෝම පැහැදිලියි.

      Delete
    8. මං හොලොකෝස්ට් එක වුනේ ඇනෝ අල්ලන ගිහින් කිව්වෙ නෑ. මං කිව්වෙ අපේ වාදයෙන් පස්සෙ ඔබ හා අන් අය අතරේ වලියක් වුනා කියල විතරයි. ඒ වාදයෙන් පස්සෙ මං ඔය වලියට කිසිම සම්බන්ධයක් නෑ මොකද මට තේරෙන්නෙ නැති නිසා ඇනෝ දාන්නෙ ඇයි කියලා සහ ඇනෝ අල්ලන්නෙ කොහොමද කියලා.
      ඔබේ හා මගේ වාදයේදී මං කොහෙත්ම ඔබේ පැත්තේ හිටියේ නෑ. ඒ නිසායි මා වාද කලේ !
      ඉන්පසුව ඔබ හා අනිත් අයගේ වාදය හෝ වදය තුල මං මොකෙක්ගෙවත් පැත්තේ හිටියේ නෑ. සතියකට දින කිහිපයක් පමණක් දවල් වරුවේ බ්ලොග් කමෙන්ට්කරුවෙක් වන මට බ්ලොග් හෝ බ්ලොග්කරුවන් ඔබලාට වගේ වැදගත් නෑ. (බ්ලොග් කරුවන්ගෙන් සමාව ඉල්ලමි.) කිසිම බ්ලොග්කරුවෙක්ගේ පැත්තක් මං ගන්නේ නෑ. බ්ලොග් නිසා හෝ වෙනත් කරුනක් නිසා හමුවී පුද්ගලිකව යාලු වූ අයගේ පැත්තනම් මං පුද්ගලික දේවල්වලදී ගන්නවා. ඒත් බ්ලොග්වලදී නෙමෙයි. බ්ලොග්කරුවන්ට පුද්ගලිකත්වය හා බ්ලොග් අනන්‍යතාවය ඉතා ලඟින් බැඳී යන දෙයක් විය හැක. එහෙත් කමෙන්ට්කරන මටනම් යාලුකම තිබෙන්නේ බ්ලොග්කරුවා සමග නොව පුද්ගලයා සමගය.
      මට නොතේරෙන බ්ලොග් වලි වලදී මාතලන්ගේ පැත්ත නොගත්තාට -.-.-.-. R ගේ පුද්ගලික දෙයකදී ඔහුගේ පැත්ත ගනිමි. මට ඒ දෙදෙනෙකි.

      Delete
    9. සරසා පෞද්ගලිකව බ්ලොග්කරුවෙකුට පහස කරන කොමෙන්ට් මම මකනවා. එක නිසා කණගාටුවෙන් වුවත් ඔබේ කොමෙන්ට් එක අහක් කරන්න වෙනවා. සම්මාන දීම ගැන ලොකු ප්‍රශ්න ඔබට තිබෙන බව ඇත්ත. යුඇන්පී කාරයන් ගෙනෙන්නේ හේතුව කියා ඇති නිසා ඕව ගැන මෙතන කතා කර පලක් නැත. ශ්‍රී ලංකා කාරයන් ගෙන්නිමටද මගේ අකමැත්තක් නැත.

      Delete
    10. ඒ බ්ලොග් වලිය මෙතනට අදාල කර නොගනිමු.
      //එවිට ඒ ආගම් නැවත ෆැක්ටරි සෙටින් කර ගැනීමට හැකියාවක් ඇතත් // මේක මරු කතාව. දිග කොමෙන්ටු වලට ස්තූතියි. සංවාදය හැදෙන්නේ එතන. ඇත්තටම ථෙරවාදයේ වැරැද්දක් හොයන්න මම ගියේ නැහැ. මේ ඔක්කොම අහම්බෙන් වගේ සොයා ගත්ත දේවල් මළවුන් ගැන හොයන්න ගිහිල්ල. මේ පැහැදිලි කරීම ලිව්වේ ඒකයි.
      //(මා මිත්‍ර ධර්මාජිත්තුමාගේ "මැරුණත් නන් ස්ටොප් මලවුන්ගේ මෙගා සීරීස්" එකට මෙතෙක් කල් මං හරියට කමෙන්ට් කලේ නැති එක ගැන// හා හා මරු නම. තරහක් අමනාපයක් නැහැ ඕවට. මේක නවත්ත ගන්න බැරුව මමත් ඉන්නේ. දිග වැඩි වුනා. අර ප්‍රේම කතාව පොඩ්ඩක් ලියල ආපහු මේකට එනවා.

      Delete
    11. .. // යුඇන්පී කාරයන් ගෙනෙන්නේ හේතුව කියා ඇති නිසා ඕව ගැන //

      හරි මට තේරුනා...

      මලවුන් ගෙන්නවා කියන්නේ යූ එන් පී පක්සේ ලොක්කන් ගෙන්වීම නේද?

      Delete
    12. // සරසා පෞද්ගලිකව බ්ලොග්කරුවෙකුට පහස කරන කොමෙන්ට් මම මකනවා. //

      බ්ලොග් කරුවන් "පහස" කොරන්න මම ලොල්ලෙක් ද ඕයි?

      විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා

      දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා

      වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා

      මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා?

      Delete
    13. මාතේ මාත් ඔය ෆෙන්ෂුයි කාලයක් හොයා බැලුව. ගෙයක් ලස්සන කර ගන්න නම් හොඳයි. වෙන මොනවත් ලැබෙයි කියන එක නම් අසත්‍යක් බවයි මගේ හැඟීම. හැම තැනම අවුල් කරගෙන ඉන්නවට වඩා පිරිසිදුව පිළිවෙලට ඉන්න කොට හිතටත් හොඳයි. ඒ ඇරෙන්න වෙන ගත යුතු දෙයක් නැහැ.

      Delete
    14. නැහැ යකෝ අපහාස අපහාස. වචනයක් වරදින්න බැහැනේ මූට. කවිය නම් මරු. දැන් අර දුමින්ද වගේම හොඳ කවි කාරයෙක් වෙලානේ. (නැත්නම් කාගෙන් හරි උස්ස ගත්තද?

      Delete
    15. @A D,
      මගේ යාලුවා අජිත් ධර්මකීර්ති මිස කොහෙත්ම කොලඹ ගමයා නොවනබව තේරුම් ගැනීම ගැන ඔබතුමාට අනේක වරක් පිං. මේ පිං බලෙන් ඔබතුමා මලවුන් සඳහා දොස්තර හොඳහිත(ඩොක්ටර් ඩූලිට්ල් ) ලෙස යෙහෙන් වැජබේවායි බ්ලොග්වල කමෙන්ට් කිරීමේදී ස්වාධීනත්වය තබා ගැනීමට කැමති මේ අසරණ කොමෙන්ට්කරුවා ප්‍රාර්ථනා කරයි

      Delete
    16. අජ්ජෝ ඕක දස්කොන් විසින් දන්ගෙඩියට යන කල ප්‍රමිලා ට කී කවිය

      Delete
    17. සරසා ගේ මුල් කොමෙන්ටුව නිසි බලධරයාගේ කතුරට හසුව මෙහි පළ කෙරේ.
      //// ආදී මෙකී නොකී දේවල් වලින් සමහරදේ ඇත්තද සමහරදේ බොරුද සමහරක් මිත්‍යාවිශ්වාසද සමහරදේ සම්‍යක් විශ්වාසද සමහරදේ උසස්ද සමහරදේ පහත්වන්නේ ඒ ඒ දේවල් විස්වාසකරන්නා අනුවය. //

      ඇයි... නෙලුන් යාය පැවැත්වීම, යූ ඇන් පී ලොක්කන් ප්‍රදාන ආරාදිත ලෙස ගෙන්වීම, යහපාලනේට කඩේ යන සිනුවර ශර්ලොක් හෝම්ස් ලා ට සම්මාන දීම වැනි දේ අමතක වුනාද හිටන්?/////

      Delete
    18. රසික සුරිය ආරච්චි මහතා ඔහුගේ බ්ලෝග ලියු මුළු කාලය පුරාම ජාතිවාදයට හා ජාතිවාදීන්ට එරෙහිව හඬක් නැගූ අයෙකි. ජාතිවාදයට රෙදි නැතිව කඩේ යන සරසා ඇතුළු ගැන්සියට වඩා අපට එය හොඳය. කොටින්ම මහින්ද වැනි ජාතිවාදී නොවූ අයෙකු පැරදුනේ මේ ජාතිවාදී ගැන්සි නිසා බව තේරුම් ගැනීමටවත් ඔවුන්ට නොහැකිය. රසික යහපාලනයට කඩේ ගියත් නැතත් ජාතිවාදයට එරෙහි වීම හොඳ දෙයකි. මාතලන් ට එරෙහිව දමා ඇති කොමෙන්ටුව ඉවත් කරන ලෙස මාද රසික ගෙන් පෞද්ගලිකව ආයාචනා කර ඇත. නමුත් බ්ලොග් කරුවෙකු තමන් ලියන්නේ මොනවාද, කොමෙන්ට් තබනවාද නැත්ද ගැන තීරණය කිරීම මගේ වැඩක් නොවන නිසා නිහඬව සිටියෙමි. තමන්ගේ බ්ලොගයේ අයිතිය තමන්ටය. ඒවායේ ලියන දේවල වගකීම බ්ලොග්කරු සතුය.

      Delete
    19. @ප්‍රා - දැන් ඉතින් තව නමක් හදපන්. දොස්තරලට මළ පනියි ඕව ලියන්න ගිහින්.

      Delete
    20. @සරසා - උඹත් දන්නා දේවල්. කොහෙන්ද හොයා ගත්තේ. ඇත්තටම ලස්සනයි.

      Delete
    21. ඔතන මහිස් එකක් කියන්නේ මොකක්ද? කිස් එකක්ද?

      Delete
    22. @ AD,

      අන්තරාදායකයි !!
      සරාස්තුමා බරාස් අනුකරණයෙන් ඇද බාන කමෙන්ට් සියල්ල ෆුල් සීරියස් ගැනීම කාලයා ඇවෑමෙන් අපේ එම්බැරස්මන්ට් එකටද සරාස්තුමාගේ අමන්දානන්දයටද හේතුවිය හැක.

      Delete
    23. // රසික සුරිය ආරච්චි මහතා ඔහුගේ බ්ලෝග ලියු මුළු කාලය පුරාම ජාතිවාදයට හා ජාතිවාදීන්ට එරෙහිව හඬක් නැගූ අයෙකි. ජාතිවාදයට රෙදි නැතිව කඩේ යන සරසා ඇතුළු ගැන්සියට වඩා අපට එය හොඳය. //

      හොස්ස ලඟින් මැස්ස ගිය සුද්දන් අතර මහජාතීන් මැද සුලුජාතිකයන් වී ජීවත්වන ඔබ සහ ශර්ලොක් හෝම්ස් ජාතිවාදයට විරුද්ද වීම ස්වබාවික ය...

      අපිට නම් තාම එහෙම ජාතිවාදී ප්‍රස්න නැත!! ඒ අප ට එදිනෙදා ජීවිතයේදී එවැනි දේ ගැන නොසිතෙන නිසා ය.

      අප අප ගැන පොරවල් සේ හිතාගෙන පොර මානසිකත්වයෙන් දැහැමෙන් සෙමෙන් වැජඹෙමු!


      ස ර ස තුමා ට හෙනහුරු අපලේ උදාවී කවදා හෝ සුද්දන් බහුතරේ ඉන්න රටක ජීවත් වෙන්න සිජ්ජ වුනොත් අන්න එදාට ස ර ස තුමාත් ඔබලා මෙන් ජාතිවාදීන් ට විරුද්දව මහ හඬක් නන්වමි!



      Delete
    24. // ඔතන මහිස් එකක් කියන්නේ මොකක්ද? කිස් එකක්ද? //

      දසිස්.... දස හිස් නොහොත් රාවනා//

      මහිස්... මහේ හිස.. දස්කොන් ට ඇති එකම හිස


      සීතා ගේ පහස නොලබාම රාවනා ඔහු ගේ හිස දහයම දන් දුන්නා නම් ප්‍රමිලා ගේ පහස ලැබූ දකොන් ඔහු ගේ එකම හිස දන් දීම කුඩා දෙයකි...

      Delete
    25. //Pra Jay17 November 2016 at 10:17
      @ AD,

      අන්තරාදායකයි !!
      සරාස්තුමා බරාස් අනුකරණයෙන් ඇද බාන කමෙන්ට් සියල්ල ෆුල් සීරියස් ගැනීම කාලයා ඇවෑමෙන් අපේ එම්බැරස්මන්ට් එකටද සරාස්තුමාගේ අමන්දානන්දයටද හේතුවිය හැක.//

      Im trying my best to impress AD so that he will give me an award during next Nelum Yaya!!

      Delete
    26. මහේසිය නිසා මං හිස් වෙලා මහිස් ගහලගියා කියල ගැස්කොන්තුමා කිව්ව්නෙ

      Delete
    27. එහෙමත් කිවුවද?.

      Delete
    28. @S,
      AD intends to give the next batch of awards only to people from BC era whom he is chatting up these days.
      I admit that you certainly don't sound as if you are from this world, but I think AD would require more sold proof of death.

      Delete
    29. @ ප්‍රා

      මේ බ්ලොග් ඔබට වගේම මටත් වැදගත් නෑ. මම ඒ බව අද පැරාගේ කොමෙන්ට් එකකත් සඳහන් කලා. මේ මගේ එක විනෝදාංශයක් පමණයි. මට නම් බ්ලොග්කරුවන් කියා විශේෂයක් නෑ. පෞදගලික සබඳතාවක් ගොඩ නගා ගන්න ඒ යකා බ්ලොග් එකක් ලියනවද, කුණු අදිනවද කියන දේත් මට අදාල නෑ. පුගලික ජීවිතේ දෙයකුත් මෙතනට ඈඳාගෙන ඇති බැවින් ඒ ගැනත් සඳහන් කිරීම වටී.

      සාමාන්‍යනෙ මා මූණට සිනාසී දෙපැත්ත කන උන්ට කොහෙත්ම මනාප නැත. අන් බ්ලොග් කරුවන් හෝ කොමෙන්ට් කරුවන් මෙන් ඔබ සමඟ මගේ කුළුපඟු බවක් නැති බව ඔබට වටහෙන්නටත් ඇත. ඒ කලින් සඳහන් කළ හේතුව නිසාවෙනි. පහත් ක්‍රියාවක් සඳහා ඔබ ඉඟි කළ පුදගලයා තවත් මිතුරන් සිටිද්දි ඔබම තෝරා ගනුයේ ඔබ ඒ කාර්යයෙයි දක්ෂයෙක් වන නිසාම බව, බ්ලොග් කරුවන් අතර කතා බහ වෙමින් පවති.

      ස්තූතියි..

      Delete
    30. පුහුල් හොරා කරෙන් දැනේ කියා අතීතයේ මිනිසුන් කීවේ මෙවත් දෑ සඳහාමය.

      Delete
    31. @ Maathalan,
      //ඔබ සමඟ මගේ කුළුපඟු බවක් නැති බව ඔබට වටහෙන්නටත් ඇත.//
      දැන් තමයි දන්නෙ

      //ඔබ ඉඟි කළ පුදගලයා....//
      වෙනත් පුද්ගලයෙක් අදහස් නොකලෙමි. කියා ඇත්තේ ඔබේ බ්ලොග් අනන්‍යතාවය (Matalan) හා පුද්ගලික අනන්‍යතාවය (-----R) දෙකක් ලෙස සලකන බවය. බ්ලොග්වල මා ඔබගේ පුද්ගලික නම සඳහන් නොකරන නිසා හිස්තැන් තබා ඇත. පුලුවන් නම් සාවධානව කියවා බලන්න.
      ස්තූතියි..

      Delete
    32. මේහ් ඔයාලගේ ලව් ෆයිට් එක අර ගල්කිස්සේ බීච් එකකට ගොහින් අඩියක් ගහලම කොර ගන්න අනේ.

      Delete
    33. //පුහුල් හොරා කරෙන් දැනේ කියා අතීතයේ මිනිසුන් කීවේ මෙවත් දෑ සඳහාමය//
      Jumping to conclusions කියන්නේත් ඒවගේ දෙයකි. මා තබා ඇති හිස් ඉඩ ගණන ගණන් කිරීමෙන් ඔබට වැටගෙනු ඇත.
      ඔබ හිතට එන දේ විවෘතව කීම ගැන මා අගය කරන නමුත් තව පොඩ්ඩක් හොඳින් නොකියවීම ගැන කණගාටුවෙමි

      Delete
    34. මම හිතුවා දැනෙන්න ඇති කියලා.. ඒක ඔබේ අදක්ෂ කමක්. මේ ඇති.

      Delete
    35. @සරසා ////හොස්ස ලඟින් මැස්ස ගිය සුද්දන් අතර මහජාතීන් මැද සුලුජාතිකයන් වී ජීවත්වන ඔබ සහ ශර්ලොක් හෝම්ස් ජාතිවාදයට විරුද්ද වීම ස්වබාවික ය.// මචෝ බොට හුඟක් වැරදිලා. මම වැඩ කරන්නේ සුද්දෝ තුන් දෙනක් එක්ක මගේ මේසේ. අවුරුදු 17 දැන්. උන් තරම් සොමි පොරවල් ටිකක් දැකල නැහැ. මේකේ වැඩිපුරම ඉන්නේ සුද්දෝ සුද්දියෝ. ප්‍රශ්න ඇති වෙනවා තමයි නමුත් ඒවා ජාතිවාදී ඒවා නෙමෙයි. මුන්ගේ ටිකක් අකමැත්තක් තියෙන්නේ මුස්ලිම් එවුන් එක්ක. ඒත් සම්ප්‍රදායික අය එක්ක. මුස්ලිම් අයත් ගොඩක් ඉන්නවා. එකෙක් මේ ලඟදි ලංකාවට ගිහින් ඇවිත් කිව්වා උඹලගේ රට මාරයි. උඹල ගේ මිනිස්සු මාර හොඳයි කියල. මම හිතුවේ උන් සවුත් ඉන්දියන් වගේ කියල. උඹල උන්ට වැඩිය මාර වෙනස් කියල. පොර ඉන්දියාවේ ඉපදිලා මෙහෙ ඉස්කෝලේ ගිය උතුරු ඉන්දියන් මුස්ලිම් එකෙක්. අපිත් එක්ක අඩි ගහල හැම් කාල ඉන්න එකෙක්. මචන් මට දෙපාරක් ජාතිවාදී වගේ සිද්දි වෙලා තියනවා. දෙකම කල්ලන්ගෙන්. කළු ජාතික ඉස්කෝලේ කොල්ලෝ කිහිප දෙනෙක් ගෙන්. එච්චරයි.
      මචන් මම ජාතිවාදයට එරෙහි වුනේ 1983 ඉඳන්. ඇහින් දැකපු දේ නිසා.

      Delete
    36. කොහොමත් කියන්නට තියෙන දේ මූණට කියමි. එක එකා සමඟ තැන් තැන් වල කේලාම් කීමට යෑම මගේ සිරිතක් නොවේ.

      Delete
    37. දැන් ඔය නයිජල් ෆරාජ් ගේ පක්ෂේ ඉන්දියන් හා ලංකාවේ එවුන් ඉන්නව කියල උඹ දන්නවද? ලංකාවේ වගේම මෙහෙත් ඔය රාවන් බලය , කොටි වගේ ඉංග්‍රීසි උන් ඉන්නව. වැඩිපුරම රස්සා නැති ඒරියා වල. ඔය ඉන්ග්ලිෂ් ඩිෆෙන්ස් ලීග් වගේ. උනුත් ඒවා හදාගෙන ඉන්නේ මුස්ලිම් එවුන්ට විරුද්ධව. ෂරියා ලෝ එකට විරුද්ධව. මම බන් ෆ්‍රී මේසන් එකෙත් හිටිය. උඹ බණ කතා කරනවා.

      Delete
    38. @M,ඔබට අවශ්‍යනම් ඔබට විරුද්ධව කටයුතු නොකර ඇති බවත් පැහැදිලි කරදිය හැක. ඒත් ඔබ conclusion එකකට පැමිණ ඇත්නම් එයින් ඵලයක් ඇත් දැයි නොදනිමි.

      Delete
    39. දන්නෝ සියල්ල දනිති.

      Delete
    40. / ඒ ආගම් නැවත ෆැක්ටරි සෙටින් කර ගැනීමට හැකියාවක් ඇතත් බුදුන්වහන්සේ නැවත වඩින්නේ නැති නිසා බුද්ධාගම නම් නොනැවතී විකෘත/වැඩිදියුණු/නිවැරදි/වැරදි (වෙනස් අයගේ මත අනුව )වී පරිණාමය වනු ඇති බව මට හිතේ./ ++++++++++++++++++++++

      බුද්ධාගමේ ෆැක්ටරි රීසෙටිං නැති වුනාට, අළුත් නිව් වර්ෂන්ස් රිලීස් ෂෙඩූල් කරලයි තියෙන්නේ, ඊළඟට එන්න තියෙන්නේ මෛත්‍රී වර්ෂන් එක. දැනට දුවන සම්මා සම්බුදු වර්ෂන් එකේ ඔයාල කරදර වෙන බග්ස් / කොන්ෆ්ලික්ට්ස් සේරම අයින් කරලා තමයි නිව් වර්ෂන් එක දාන්නේ.
      අළුත් වර්ෂන් එක රිලීස් වෙන්නේ බරනැස් වල බේස් වෙලා මේ දීපංකරේම පාලනය කරන කේතුමතී රාජ්‍යෙයන්ලූ, බන පොතෙත් පැහැදිලිව ලියල තියෙන දේ අපේ ඉංජීනේරු / දොස්තර මල්ලිලාට නොතේරෙන හැටියක්.


      Delete
    41. ඇණයා ත් මේ පැත්තේ ඇවිත්නේ අද. මම හිතුවේ අමතක වෙලා වත්ද කියල. අර රැස් වළල්ල විහිදෙන ප්‍රතිම වර්ෂන් එක අමතක වුනාද?

      Delete
    42. // Ajith Dharma17 November 2016 at 11:16
      @සරසා ////හොස්ස ලඟින් මැස්ස ගිය සුද්දන් අතර මහජාතීන් මැද සුලුජාතිකයන් වී ජීවත්වන ඔබ සහ ශර්ලොක් හෝම්ස් ජාතිවාදයට විරුද්ද වීම ස්වබාවික ය.// මචෝ බොට හුඟක් වැරදිලා. මම වැඩ කරන්නේ සුද්දෝ තුන් දෙනක් එක්ක මගේ මේසේ. අවුරුදු 17 දැන්. //

      අජ්ජෝ... ඇත්තටම උඹට විහිලු කියන දේ තේරෙන්නෙ නැද්ද හැබෑටම හිටන්?

      Delete
    43. //කියා ඇත්තේ ඔබේ බ්ලොග් අනන්‍යතාවය (Matalan) හා පුද්ගලික අනන්‍යතාවය (-----R) //

      අම්බටසිරි....

      මාතලන් ගේ ඇත්ත නම බැඳුම්කර් නේ!! R අකුරෙන් ඉවර වෙන්නේ.....

      Delete
    44. @සරසා නැහැ බන්. මම ඕටිස්ටික්. විහිළු කියන්නේ මොනවාද?

      Delete
    45. මිස් වෙලා මේක.
      @ප්‍රා සහ නයනේ:
      //ආගම් වල ඔරිජිනල් සොයා යාම පලක් නැති උත්සහයක් විය හැකිය. ප්‍රා ජේ ගේ ප්‍රථිචාරය ඉතාම හොඳ විශ්ලේශනයකි.// මේ ඇත්තේ ආගම් වල ඔරිජිනල් හොයා යාමේ උත්සහයක් යයි කීම කරුණ සම්පුර්නයෙන්ම වරදවා පිට අල්ලේ ගැසීමකි. ථෙරවාදීන් හෝ මහායානිකයන් මොන ආගම ඇදහුවත් ප්‍රශ්නයක් නැත. මළවුන් සිටිනවාද යන්න සොයා යාමේදී ගන්ධබ්බයා සාර්ථක ලෙස ප්‍රහේලිකාව මැදට පැමිණීම හේතුවෙන් සොයා ගත් කරුණුය. අවාසනාවකට එහිදී ථෙරවාදයේ දුර්වල තැන්ද හසුවීම වැලැක්විය නොහැකි විය..

      Delete
  2. අද බුදු දහම බුදුන්වහන්සේ පිරිනිවන්පාලා ටික කාලයක් ගියාම හාමුදුරුවරුම වෙනස් කරගත් ධර්මය, බමුණන්ගේ අදහස්, අශෝක රජතුමාට අසල්වැසි රටවල් සුහදව තියාගන්න අවශ්‍ය සංකල්ප, හින්දු ධර්මයේ ආභාෂය, අපේ රටේ දේශපාලනය, ජාතිවාදය, ව්‍යාපාරික අවශ්‍යතා, කුලය මේ හැමදේකින්ම වර්ණ ගන්වලා විකෘති කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්වභාවිකව වෙන දෙයක් වගේ නේද?

      Delete
  3. මෙතරම් දීර්ඝ වූ පැහැදිලි පිළිතුරක් ගොනු කිරීමට අජිත් ගත් උත්සහයට මම ඔබට ගරු කරමි.
    මෙහි බැලූ බැල්මට එකඟ විය හැකි හා නොහැකි තැන් ඇති බවක් දකිමි.
    එහෙත් ලිපිය කිහිප වරක් තැන්පත් මනසින් කියවා ඔබ කියන්නට තැත් දරන දෙය නිවැරදිවම වටහා ගැනීමකින් තොරව පිලිතුරක් ගොනු කිරීමට යත්න දැරීම නුසුදුසුයැයි සිතමි.
    හැකි ඉක්මනින් පිළිතුරක් ගොනු කරන්නම්.

    ReplyDelete
    Replies
    1. නයනේ ඔබේ ප්‍රතිචාර වලට මම ඉතාමත්ම කැමතියි. මම දවස් ගණනක් කරුණු මතක් කර ගනිමින් මේක ලිව්වේ. ඔබට එක්නාග විය නොහැකි බොහෝ තැන් තිබිය හැකි බව මම දන්නවා. මම මෙය ලිව්වේ ම තරමක් දුරට පටිච්ච සමුප්පාදය හා එහි ඇති භව සංකල්පය මෙන්ම අභිධර්මයේ සිතේ ඇතිවන ප්‍රභේද ඉගෙන තිබෙන බව පැහැදිලි කරන්න. මම හෙව්වේ මළවුන් සිටිනවාද යන් ගැන විස්තරයක්. පැමිණියේ "අන්තරා භවය " අවස්ථවට. ඉන් පස්සේ බුදුන් මෙය දෙසුවද නැත්ද යන ප්‍රශ්නය ඇති වුණා. ඒ අනුව කළ සොයා බැලීමේදී ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ පොත් පවා කියෙව්වා. ඊට පස්සේ ආපු නිගමනය තමා ඔය.

      Delete
    2. ආනන්ද මෛත්‍රිය හිමියන් අවසාන කාළෙදි රෑ දහවල් හැඳින ගත්තේ උපස්ථායකයින්ට් පින් සිඳු වෙන්න.

      Delete
    3. ඒක වෙන්න පුළුවන්. මෙතන ඇත්තටම ඒ හිමියන්ගේ පොත් කියෙව්වෙත් එයා මේක තේරුම් ගත්තේ කොහොමද කියල බලන්න.

      Delete
    4. අානන්දත් එහෙමද
      මං දැක්ක රේරුකානෙගෙ ගෝලයෙන් පත්තරේට කියල තිබුන සම්මුඛ සාකච්ඡාවකදි නායක හාමුදුරුවන්ට රෑ දාවල් හදුනන්නෙත් නෑ කියල.

      Delete
    5. රේරුකානේ චන්දිවිමල හිමියන් අවසන් කාලයේ පුර්ණ ලෙස තරමටම අන්ධ වෙලා සිටිය බව උන්වහන්සේගේ ගෝල නමක් විසින් සනාත කරලා තිබෙනවා. එයින් මට හිතෙන විදියට කිසිම දෙයක් ගම්‍ය වෙන්නේ නැහැ උන්වහන්සේගේ ධර්ම දැනුම සම්බන්ධයෙන්. මසැස අන්ධ උන පමණින් 'මනස' අන්ධ වෙනවාද? අපි හැමෝටම වෙලා තියෙන්නේ මසැස පෙනෙද්දී මනස අන්ධ වීම.

      ආනන්ද මෛත්‍රී හිමියන්ගේ සමහර දේශනා මිනිසුන් කියෙව්වේ ධර්මය ගවේෂණයට වඩා බුද්ධ ධර්මයේ අඩුම වටිනාකමක් ලබාදෙන 'මැජික්' විස්තර දැනගැනීමට. ඒවා බොහොම ලාමකයි. හැබැයි, ධර්මයේ සමහර කරුණු වලට පැහැදිලි කිරීම් සඳහා පරිශීලනයට වරදක් නැහැ. ඒවා බේස් කරගෙන බුද්ධ ධර්මය විස්තර කිරීමට යාම නරක ප්‍රතිපල ගෙනදෙනවා. උන්වහන්සේගේ පොත් 'අදහපු' ගොඩදෙනෙක්ට බුද්ධ ධර්මය මිස් උනේ ඒකයි

      Delete
    6. අැස් අන්ධවුනාට පරිසරය ගැන දැනුම නැකිවෙන්න පුලුවන්දද ඒ වගෙ කෙනෙකුට.අැස් එක්කම මනසක් අන්ධ වුනාද.
      අානන්දද හිමියන් මේ ලෝකෙට අාපු කතාවට හිනායනව. සමහර භූතකතා මනෝ විකාර නේද.

      Delete
    7. මට ඒ ගැන නිගමනයක් දෙන්න හැකියාවක් නැහැ. තාවකාලික අන්ධ භාවයට පත්වුන කෙනෙක් හැටියට මටත් රෑ දවල් පැටලුනා. මොකද මම එතෙක් කාලයක් එහෙම සංවේදනයක් ගන්න පුරුදු වෙලා හිටියේ නැති නිසා. අන්ධ රහතන් වහන්සේලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, මට නම්.
      ඔබ ඔය කියන කතාව නම් මම දන්නේ නැහැ. මොකද මම ඒ පතපොත සහ කතන්දර කියවීම නතර කලේ ඒ කොටසට කලින්. මම ඒ වගේ මැජික් කියවන්න වැඩි කුතුහලයක් නැහැ. අනෙක් කාරණේ මට නොදැනෙන දෙයක් තවත් කෙනෙකුට දැනිල තියෙනවා නම්, මම ඊට හිනාවෙන්නේ නැහැ. එක්කෝ මම දුර්වල නිසා නොදැනුනා වෙන්න පුලුවන් . ( හිතන්නකෝ හරියට ටියුන් නොකරපු සංවේදී උපකරණයක් කියල) යමක් ඇති, නමුත් මට උනන්දුවක් නැහැ ඒ ගැන.

      Delete
    8. @ලිඛිතා සාදරයෙන් පිලිගන්නවා කොළඹ ගමයාගේ බ්ලොගයට.
      // ඒවා බේස් කරගෙන බුද්ධ ධර්මය විස්තර කිරීමට යාම නරක ප්‍රතිපල ගෙනදෙනවා. උන්වහන්සේගේ පොත් 'අදහපු' ගොඩදෙනෙක්ට බුද්ධ ධර්මය මිස් උනේ ඒකයි// මෙතන ලිපි පෙළේ කිසිම ලිපියක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ පොත් බේස් කරගෙන ලියා නැහැ. (ඔබ කීවේ ඒ ගැන නම්) - බේස් කරගත්ත පොත සහ මුලාශ්‍ර ඔක්කොම නිවැරදිව දීල තියනවා ඔප්පු කර ගන්න පුළුවන් විධිහට. මුලිකව කැප්‍රා ගේ පොත, ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/, ඒ වගේම මේ ලිපියේ දමල තියෙන පර්යේෂණ පත්‍රිකාව http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf අනිත් යොමුවන් හැම එකම දීල තිබෙනවා. මේ කිසිම දෙයක් මම අදහනවා කියලත් නැහැ. මගේ ගන්ධබ්බ හා මළවුන් සිටීද කියන ප්‍රශ්න දෙකට තර්කාන්විත පිළිතුරක් හෙවිම තමා මුඛ්‍ය අදහස.

      Delete
    9. මේක පුද්ගලිකව ගන්න එපා. මම ලිව්වේ පොදුවේ. ධර්මය හොයනවා කියලා ගොඩක් දෙනෙක් පරිශීලනය කරන්නේ 'ධර්මය වගේ පෙනෙන' වෙනත් දෙයක්. හරියට ඔපදමපු විදුරු කැබලි දියමන්ති ලෙස සිතනවා වගේ. බොහොම අපහසුයි වෙන්කර හඳුනා ගන්න. ඒකනේ මෙතරම් අමාරු සසරින් මිදෙන්න?
      බුද්ධ ධර්මය ගැඹුරින් හදාරනවා නම් මට දැනුන සහ හැඟුණ දේ තමයි පාලි දැනුමේ ඇති වටිනාකම. මොකද පාලි භාෂාවෙන් 'මන' කිව්වහම සිංහලෙන් ගම්‍ය අදහසයි, වෙනත් භාෂාවකින් එන අදහසයි අතර පරස්පරයක් තියෙන්න ගොඩක් ඉඩ තියෙන බව මට වැටහුනා. ඒ කියන්නේ හරියටම අර්ථ නිරුපනය කරන්න අමාරුයි තනි වචනෙකින්. ඉංග්‍රීසි මුලාශ්‍ර කියෝනකොට මට වැටහුනා සිංහලෙන් තරම් විස්තරයක්, ගැඹුරක් එයින් ජනිත වෙන්නේ නැහැ කියල. ඒකයි මම අදහස්කලේ.

      අදහන්න එපා. විමසන්න. නමුත් ඇත්ත තමයි තර්කයක් ගොඩනැගෙන්නේ සමහරවිට උපකල්පන මත. ඉතිං ඒවා අසම්පුර්නයි උපතින්ම. තර්කයට බඳුන් නොවෙන දේවල් තිබෙනවා. ඒවා නමුත් බොරුයි කියන්න බැහැ. කොටිම්ම IR තියෙනවා කියලා හොයාගන්නකල් එවැන්නක් ගැන කිසි කෙනෙක් විස්වාස නොකර ඉන්න පුළුවන්. නමුත් IR වල පැවැත්ම ඒ විස්වාසය තිබ්බත් නැතත් වෙනස් වෙනවද?

      Delete
  4. ස ර ස තුමා දවසක් එතුමා ගේ ඤාති මලගිය ප්‍රානකාරයෙක් එක්ක කතා කොලා හිටන්:

    ස ර ස තුමා: ඉතින් ඔබතුමා දන් අවුරුදු කීපකට කලින් මලා... දැන් මලවුන් ගේ ලෝකේ හොඳද?

    මලවුන්: යකෝ උඹ මට කතා කොරන්න පටන්ගන්නකම් ම මලවුන් ගේ ලෝකේ පුදුම හොඳක් තිබ්බෙ.... දැණ් නම් ඉතින් සුවවර් නැහැ හිටන්!

    ReplyDelete
    Replies
    1. මලගිය බ්ලොග්කාරයෙක් වෙන්නැති

      Delete
    2. අනිවාර්යයෙන්ම. සරසා කොහොමද දන්නේ නැහැ හොයා ගත්තේ.

      Delete
  5. මට උඩ ලියන්න අමතකවූ දෙයක් තමා මේක. පොඩි පරීක්ෂණයක්. වචන 300 විතර ලිපියක් කට පාඩම් කරලා යහලුවෙකුට කියන්න. යහළුවට කට පාඩම් කරන්න කියන්න. දවස් දෙකකට විතර පස්සේ එයාට තව යාලුවෙකුට කියන්න , කියන්න. ඊට දවස් දෙකකට පස්සේ තව යාලුවෙකුට ඒ තෙවැනි යාලුව මගින්. හැබැයි කට පාඩම් කරන්න තහනම්. ඔහොම දහයක් වෙනකම් ගිහිල්ල 21 දවසේ අර දහවෙනි යාලුවගෙන් අහන්න ආපහු. අර වචන 300 ම ඒ විධිහට තියෙයිද? තිබුණය කියමු. දැන් ඕක වචන දාහක විතර සුත්‍රයක් හැටියට ගන්න. දවස් 20 වෙනුවට අවුරුදු 300 ගන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට කපුටෙක් වමනේ කරා වෙනවානේ............

      Delete
    2. පළමු ධර්ම සංගායනාව තිබ්බේ ආනන්ද හිමියන්ගේ සහභාගිත්වයෙන් පරිනිර්වාණයෙන් පස්සේ. දෙවෙනි එක තිබ්බේ අවුරුදු 100 පස්සේ. තුන්වෙනි එක අශෝක රජුන්ගේ කාලේ අවරුදු 250 කට විතර පස්සේ. පලමුවරයා ලිව්වේ මාතලේ අලුවිහාරේදී. එතකල් අවුරුදු කීයක්ද? මොනවා හරි හැලෙන්න කල් ඇතිනේ.

      Delete
    3. ඔය අළුවිහාරේ කේස් එක ගැනත් මත කීපයක්ම තියෙනවා.

      Delete
    4. තුන්වන සංගායනාව ගැනත් ප්‍රශ්න තියනව නේද.
      අලුවිහාරෙ කතාවත් ඒ වගෙයි.
      ක්‍රිපූ 6 සියවසේ ඉන්දියන් මොඩලයෙ දිව්‍යලෝක වගෙ දේවල් බුදුකෙනෙක් කිවුව වෙන්න බෑ.
      සමහරවිට විකෘතිවීම අශෝක යුගයෙම අාරම්භවෙන්නම අැති. බඩගිනි බුද්ධාගම ඒ කාලෙ වර්ධනය වුන නිසා.
      භාවනාව , ඒ වගේම අධිමාවසික විද්‍යාවන් පස්සට දාල දානයම ඉදිරියට අාවෙ ඒ කාලෙ . තමන්ගෙ දරුවගෙ මස් භික්ෂූන්ට පිදීමෙ කුසල් සිත් අැතිිඅය, කලවෙ මස් උයල දීල අපූරුවට අැවිදගන යන උපාසිකාවො, සිත පහදවල දං දීල දිව්‍ය ලෝකෙ ඉපදිලා අස්ස කරත්තවල ගිහින් බඩුගහන දෙයිවරු ගැන ලිවුවෙ ඔය කාලෙ පැවිදිවුන බඩගිනි භින්ෂූන් තමයි. මං හිටියනම් මුංට බඩපැලෙනකල් කන්න අරන් දෙනව ඉදා කාපියවු අැතිවෙන්න කාල ඉවරවෙලා බනපොත් ලියපියවු කියල.නැත්නම් තොපි ලියන්නෙ බන නෙමෙයි බඩ ගැන කියල..

      Delete
    5. ඔහොම ප්‍රශ්නත් පෙනෙනවා නේද. ප්‍රශ්නේ සැබෑ බුදුදහම ගැන කතා කරන අය එවැනි දේ ඉවසා දරා සිටීම.

      Delete
  6. මට මාර ප්‍රශ්ණයක් තියෙනවා. ලෝකයේ ජීවය ආරම්භ වෙද්දී තිබුණු ජීවිතවලට වඩා මේ වෙද්දී ජනගහනය වැඩියි. සත්වගහණයත් වැඩියි....
    ඒ කියන්නේ ඒ කාලයේ ආත්ම වලට වඩා දැන් ආත්ම වැඩියි...
    ආත්මයක් භෞතික ශරීරයක් ඇතුලට ගිහින් ජීවයක් ලැබෙනවානම් ලෝක ජනගහනය වැඩිවෙද්දී ආත්ම වැඩිවෙන්නේ කොහොමද?
    අලුතින් ආත්මත් නිපදවෙනවද?
    ඕව අහන්න ගිහින් අපේ පන්සලේ හාංදුරුවොත් මාත් එක්ක තරහ වුණා.

    ReplyDelete
    Replies
    1. //ජනගහනය වැඩියි. සත්වගහණයත් වැඩියි.... //

      සුවර් ද?


      Delete
    2. සරස @ අනේද කියන්නෙ.
      පෘථිවිය ඒකකයක් ලෙස ගත්තත් වැඩිවුනාද අඩුවුනාද කියන්න බැරි එකේ විශ්වය ගත්තම කිසිම අදහසකට එන්න පුලුවන්ද

      Delete
    3. //ලෝකයේ ජීවය ආරම්භ වෙද්දී තිබුණු ජීවිතවලට වඩා මේ වෙද්දී ජනගහනය වැඩියි. සත්වගහණයත් වැඩියි.... // පරිණාමවාදයට අනුව නම් වැඩිවෙනවා තමා එන්න එන්නම. හැබැයි පුනරුත්පත්තිය ගත්තොත් බැක්ටීරියා , වයිරස් ම තියෙනවනේ බිලියන් ගානක්. හේ හේ ඇයි කෘමි ලෝකය ගත්තම.

      Delete
  7. දැන් මේ ලිපිය බැලුවහම පිළිතුරක් කොතැනින් පටන් ගන්නද කියල කොහෙත්ම හිතා ගන්න බැහැ.
    පිළිතුරු දිය යුතු ප්‍රශ්න කෙල කෝටියක් ඇතිවෙලා
    මට හිතෙන්නේ මේවට පිළිතුරු ලෙස මම මගේ බ්ලොග් එකෙන් වෙනමම ලිපි පෙලක් පටන් ගත්තොත් හොඳයි වගේ.
    නැහැ අජිත්ටනම් මෙතනම පිළිතුරක් ඉක්මනින් දෙනවා වෙලාව හොයා ගැනීමේ දුශ්කරතාවයක ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මටනම් වෙලාවටත් වඩා ඉන්ටනෙට් ප්‍රශ්න. කලින් ලිපියත් මිස්වුනා. මේක දැක්කෙ අහම්බෙන්.මේකට කොමෙන්ට් කරන්වම කැෆේ එකකට යන්න හිටියෙ.

      Delete
    2. වෙනම ලිපි පෙළක් ලියන්න බෞද්ධ සාකච්චාවකට කැමති නම්. හැබැයි ගල් මුල් එයි. මම මේ ලිපිය ලිව්වේ අතුරු ලිපියක් වශයෙන්. සමහර කට්ටිය නම් පල්හෑලි කියල කියනවා කියලත් ආරංචි වුනා. ඒකෙ අවුලක් නැහැ. අපිනේ කතා කරන්නේ.

      Delete
  8. සිතිවිලි කියන්නෙ භවයට නේද. පටිච්ච සමුප්පාදයෙ ඒ වගෙ අදහසක් නේද කියවෙන්නෙ.
    ක්‍රිපූ 6 සියවසේ ඉන්දියානු සමාජයෙ කාබන් කොපි වගෙ දිව්‍ය ලෝක වගෙ දේවල් විශ්වාස කරන්නම බෑ. ඊට වඩා අර සූත්‍රවල කියපු විදියෙ නිවන් දකින 7 දෙනා වගෙ ඒව පිලිගතහැකියි.
    ථේරවාදය ලංකාවෙදි ලියවුනා කියන්නෙ ඒ යනවිට ලංකාවෙ තිබුන අැදහිලිත් මිශ්‍රනොවුන කියන්න අමාරුයි. මහායානය ඊට කලින් ලියවුනාද

    ReplyDelete
    Replies
    1. //සිතිවිලි කියන්නෙ භවයට නේද.// ඒක උඩ ලියල තියනවා. මහායානය සංස්කෘත භාෂාවෙන් ලියවුනා කිල්යල කැප්‍රා ආදී විද්‍යාඥයන් කියනවා. නාලන්දා විශ්ව විද්‍යාලයේදී. මුස්ලිම් ආක්‍රමණ වලින් විනාශ කරන කම් ඒක ඒ දවස්වල ලෝකේ තිබ්බ ප්‍රධානම විශ්ව විද්‍යාලයක්. නාලන්දාවේ ලිව්ව කියල කියන්නේ. මම ර දාපු පොත "the point of proban ' තනිකර සංස්කෘත වලින් ලියල තියෙන්නේ. එහෙම්ම නොනැසී තියනවා.
      //මේ ලිපියේ බුද්ධ ගයාවේ පන්සලේ ඇති පොත් හලින් පොතක් මිලදී ගත් බව කීවෙමි.
      ඒ සංස්කෘත භාෂාවෙන් ලියැවුණු පොතේ ඉංග්‍රීසි පරිවර්තනය වන පී ගෝකාල් (P. P. Gokhale ) විසින් ලියන ලද "හේතුබින්දු" හෙවත් "ප්‍රොබන් වල තර්කය" (A Point of proban) නමැති පොතයි. ප්‍රෝබන් යනු සංස්කෘත හෝ හින්දි වලින් "හේතු" යන තේරුම දෙයි. එනම් සාධනය කිරීම, ඔප්පු කිරීම වැනි අරුතකි.//
      https://kolambagamaya.blogspot.co.uk/2016/11/materialist-paranormal.html

      Delete
  9. කොටපු දිග කොමෙන්ට් 2 ක් පබ්ලිෂ් වුනේ නෑ. මේ ෆෝන් එකෙන් මල වදයක්.
    ථේරවාදය ලියවුනේ ලංනාවෙදි සෑහෙන කාලයනට පසුවනම් ඊට කලිව් ලියවුන මහායාන ලියව්ලි ගැන විශ්වාසය තැබිය හැකියි. ලංකාවෙදි විවිධ අැදහිලි මිශ්‍රවුනේ. නෑකියන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. මෙතන සම්පුර්ණයෙන් ථේරවාදය වැරදි කියල අදහසක් කොහෙත්ම කියැවෙන්නේ නැහැ. දෙකේම බුදු දහම නිවැරදිව තිබෙනවා. හුඟක් දේවල් සමානයි. මේ ප්‍රශ්නයේදී විතරක් මහායාන අදහස සත්‍යට වඩා ලඟයි කියල නිවැරදිව තර්ක කරන්න පුළුවන්.

      Delete
  10. 'මළවුන් සමග කතාකරයි'
    සමූහයක් මෙය පිලිගන්නවා මූත් මළගිය ආත්මයක් වෙනුවෙන් අප පුරුදුව සිටිනවා පින් ලබාගන්න හෝ පින්දෙන්න,ඒ පින් යනාදියෙන් කාගේ හෝ ආත්මයකට වාසනාවක් ලැබෙනවා මනුස්ස ලෝකෙ ජීවයක් ලබාගන්න.ඒත් අහඹු ලෙස ලක්ෂ වාරයක් හෝ ඊට වැඩි බලාපොරොත්තුවක් තබාගෙන ඒ මළ අයව සිහිකර කරන පින් වලින් බලයක් නිර්මාණය වන බව පරීක්ෂණ වලින් අපහසුවෙන් හෝ ඔප්පු කර පෙන්වීමට අප කාටත් මානුසික බලයක් ඇත.

    ReplyDelete
    Replies
    1. //ඒත් අහඹු ලෙස ලක්ෂ වාරයක් හෝ ඊට වැඩි බලාපොරොත්තුවක් තබාගෙන ඒ මළ අයව සිහිකර කරන පින් වලින් බලයක් නිර්මාණය වන බව පරීක්ෂණ වලින් අපහසුවෙන් හෝ ඔප්පු කර පෙන්වීමට අප කාටත් මානුසික බලයක් ඇත.// ඒ කොහොමද කියල තව ටිකක් පැහැදිලි කරා නම් ?

      Delete
    2. මම මෙතන කරන්නේ ඇත්ත වශයෙන්ම මේ මලවුගේ කතා කිරීම ගැන හෝ ඒවැනි අධිමානසික බලයන් තිබෙනවද යන්න ගැන මගේ අත්දැකීම් ඇසුරෙන් කරන විශ්ලේෂණයක්. එය පැවැත්ම පිලිබඳ දර්ශනවාදී අදහසකට යා දෙනවද කියල බැලීමට කරන උත්සාහයක් . මේකේ ලියන දේවල් විචාර බුද්ධියෙන් මැන බලා තමන් කැමති තීරණයක් ගත හැකියි.

      Delete
  11. පටිච්ච සමුප්පාදය ගැන තවත් විග්‍රහයක් (මදක් වෙනස්) මෙහි ඇත. මුලික අදහස් එකමය. ඉංග්‍රීසියෙනි.
    පටිච්ච සමුප්පාදය

    ReplyDelete
  12. //බොජ්ජංග සීල සුත්‍රයේ සත්‍ය අවබෝධ කර ගන්නා සත් දෙනෙකු ගැන කියවේ.//

    මෙම සුත්‍ර දේශණාව සඳහන්වන තැන පෙන්නුවොතින් කියවා බැලිය හැක.

    ඔබ කියූ අනෙක් සූත්‍ර දේශණාද එසේ දැක්විය හැකිනම් කියවා බලා අදහසක් ඉදිරිපත් කළ හැක.

    ReplyDelete
  13. තමන් හොයා ගත්ත නම් වඩා හොඳයි උඩ ලියපු ඒවත් බලල .
    https://suttacentral.net/en/sn46.3
    ලංකාවේ බොජ්ජංග පිරිත කියල එකක් තියනවා. මේ දෙක පටල ගන්න එපා. ලංකාවේ කියන පිරිත නිවන සඳහා සිත අවදි කිරීම awakening ට හේතු හෝ ආකාර 5 හෝ 7ක් දෙනවා. (මට මතක නැහැ හරියට) ඒකෙන් පස්සේ මේක. සුත්‍ර පිටකය සමුත්ත නිකාය වගේ කොටසක.

    ReplyDelete
    Replies
    1. සංයුත්ත නිකාය: දැන් ලංකාවේ දෙන්නේ මේ වගේ තේරුමක්: මේකේ ඔය intermediate කතාව හලලා තියෙන්නේ. ඒ වෙනුවට බඹලොව උපදිනවා කියල එකක ආරුඪ කරලා තියෙන්නේ. එහෙනම් මේ මීඩියම් ල කතා කරන්නේ බඹ ලොවට : මොක වුනත් අවුලක් නැහැ.
      මහණෙනි, මෙසේ වඩනලද්දාවූ, මෙසේ බහුලකරන ලද්දාවූ, සත්තබොජ්ඣංගයන්ගෙන් වනාහී ඵල සතක්, ආනිසංස සතක් කැමැති වියයුත්තාහුය. ඵලසත, ආනිසංස සත කවරේද? මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නොපැමිණෙන්නේ නම් මැරෙන කාලයෙහි රහත් බවට පැමිණෙන්නේ වෙයි. ඉදින් මරණයට පෙර, මේ ආත්ම භාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොවදී පිරිනිවන් පාන්නේ වන්නේය. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත් බවට නො පැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බවට නොපැමිණෙන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බඹලොවදී පිරිනිවන්පාන්නේ නොවන්නේ නම් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් පිරිනිවන් පාන්නෙක් වන්නේය. ඉදින් මරණයට පෙර, මේ ආත්මභාවයෙහිදීම රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, ඉදින් ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි (සුද්ධාවාසයේදී කල්ප පන්සියයට ප්‍රථම රහත් වන්නෙක්) නොපාන්නේ නම් ඉදින් ඕරම්භාගි සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්චපරිනිබ්බායි (සුද්ධාවාසයේ කල්ප පන්සියයකට පසුව රහත් වන්නේ) නොපාන්නේ නම් ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී (උත්සාහයක් නැතිව) රහත් වන්නෙක් වෙයි.

      “ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත් බව නොලබන්නේ නම්, ඉදින් මැරෙන කාලයෙහි රහත් බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් උප හච්චපරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂයකිරීමෙන් අසංස්කාර පරිනිබ්බායී පුද්ගලයෙක් පිරිනිවන් නොපාන්නේ නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂයකිරීමෙන් සසංඛාර පරිනිබ්බායී (උත්සාහ කිරීමෙන් රහත්වන්නෙක්) වෙයි.

      “ඉදින් මරණයට පෙර මේ ආත්මභාවයෙහිදීම රහත්බව නොලබන්නේනම්, ඉදින් මැරෙන කාලයෙහි රහත්බව නොලබන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි පුද්ගලයෙක් නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී පුද්ගලයෙක් නොවන්නේ නම් ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමී (පිළිවෙළින් අකනිටා බඹලොවට පැමිණ රහත්වන්නෙක්) වෙයි.

      “මහණෙනි, මෙසේ වඩනලද බහුල කරන ලද සත්ත බොජ්ඣංගයන් ගෙන් මේ ඵල සත, මේ ආනිසංස සත කැමති වියයුතු යයි වදාළසේක.

      Delete
    2. සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ තමයි බොජ්ජංග පිළිබඳ ප්‍රධාන වශයෙන් විස්තර වෙන්නෙ. එම කොටසෙහි වර්ග 18ක් යටතේ සූත්‍ර දේශණා 135ක් පමණ තියනව. එලෙසම තවත් ස්ථාන වල බොජ්ජංග පිළිබඳව සඳහන් වෙනව. එබැවින් ඔබ කියවූ තැන සඳහන් කරානම් සොයාගැනීම පහසුයි. කෙසේ නමුත් ඔබ මේ සඳහන් කළ කොටස අනුසාරයෙන් සූත්‍ර දේශණාව සොයාගැනීමට උත්සහ කරන්නම්. ඉන්පසු අදහසක් දක්වන්නම්.

      Delete
    3. ~ සීල සූත්‍රය ~ සංයුක්ත නිකාය-බොජ්ජංග සංයුක්තය-පර්වත වග්ගය

      මෙහි දැක්වෙන අන්තරා පරිනිබ්බායී කියන එක අන්තරාභවයකට ඇති සම්බන්දයක් නොපෙනෙයි. එය අනාගාමී වීමේන් පසු නිවන කරා යා හැකි තවත් එක් විදිහක් මිසක් අන්තරාභවයක් පිළිබඳව සඳහනක් නොවේ. සුද්ධාවාස බඹ ලොව වාසයක කරන කාලය අතරතුරදී අරහත්වය අවබෝධ කිරීමයි. එම බඹ ලොව සම්පූර්ණ ආයුෂ ගෙවී යාමට ප්‍රථම එම බඹ ලොවදීම අරහත්වයට පත්ව පිරිනිවන් පෑමයි.

      Delete
    4. අදහස්, කොමෙන්ටුවට ස්තූතියි. ඔය මම දාපු සිංහල පරිවර්තනයෙනේ බඹලොව කතාව තියෙන්නේ. ඔබ අර පර්යේෂණ ලිපිය කියවන්න . සිංහල පරිවර්ථනය නොවේ. අන්තර පරිනිබ්බායි කියන්නේ මුළු වාක්‍ය යේම අදහස. ඊළඟ වාක්‍යය උපක්කා පරිනිබ්බායි . ඉංග්‍රීසි එක දාන්නම් . ඔය ලිපියේ තව සුත්‍ර 18 තිබෙනවා. ඒවා වලත් ඔය ගැනම තියනවා.
      ප්‍රශ්න කිහිපයක්?
      දැන් බඹලොව කියන්නේ මොකක්ද?
      ථෙරවාදයේ තව තැනක ශුද්ධාවාස ගැන කියවෙනවා ඒ කොයි වෙළෙද එහෙ උපදින්නේ
      හාමුදුරුවරු බ්‍රහ්මණ කට්ටිය පහත කරන්න හැබැයි වැඩියම පහත නොකරන්න බඹලොව ගැට ගැහුවද කවුද දන්නේ
      දැන් අන්තර භාවය, ගන්ධබ්බය හෝ බඹලොව තුනටම සාක්ෂි නැහැ. නමුත් මළගියවුන්ට කතා කරන (බොරු අඩුවෙන් කියන අය ) කියනවා මැරිච්ච අය ක්ෂණයකින් එනව. මාස්ටර්ලා ඉන්නවා. ලඟදි මැරුණම එක තලයක ඉන්නේ. ඊට පස්සේ තලවල උඩට යනවා තල (plain) හතක් තියනවා. ඒ මොනවාද?
      මොනවටද සාක්ෂි තියෙන්නේ?

      Delete
    5. මෙන්න තව සුත්‍රයක්
      http://dharmafarer.org/wordpress/wp-content/uploads/2010/02/33.10-Nanakarana-Metta-S-2-a4.126-piya.pdf

      Delete
    6. 12 Bhikshus, when these seven awakening-factors44 have been developed and cultivated here in this
      way,45 seven fruits and benefits may be expected. What are the seven fruits and benefits?
      13 (1) One attains final knowledge early in this very life.
      (2) If one does not attain final knowledge early in this very life, then one attains final knowledge at
      the time of death.
      THE 5 KINDS OF NON-RETURNERS:
      (3) If one does not attain final knowledge early in this very life or at the time of death, then with the
      utter destruction of the five lower fetters,46 one becomes an attainer of nirvana in the interval [intermediate
      state] (antar,parinibby) [D 3:237].
      (4) If one does not attain final knowledge early in this very life, or at the time of death, or in the interval
      [intermediate state], then with the utter destruction of the five lower fetters, one becomes an attainer
      of nirvana upon landing (upahacca,parinibby) [D 3:237].
      (5) If one does not attain final knowledge early in this very life, or at the time of death, or in the interval
      [intermediate state], or upon landing, then with the utter destruction of the five lower fetters, one
      becomes an attainer of nirvana without exertion (asakhra,parinibby) [D 3:237].47
      (6) If one does not attain final knowledge early in this very life, or at the time of death, or in the interval
      [the intermediate state], or upon landing, then with the utter destruction of the five lower fetters, one
      becomes an attainer of nirvana with exertion (sa,sakhra,parinibby) [D 3:237].48
      (7) If one does not attain final knowledge early in this very life, or at the time of death, or in the interval
      [intermediate state], or upon landing, or with exertion, then with the utter destruction of the five lower

      Delete
    7. fetters, one becomes one bound upstream, heading towards the Akaniha49 realm (uddhasoto
      akaniha.gm) [D 3:237].
      19 Bhikshus, when these seven awakening-factors have been developed and cultivated here in this
      way, these seven fruits and benefits may be expected. (S 46.3/5:69 f)
      This list of the five kinds of non-returners is found in the (Bojjhaṅga) Sla Sutta (S 46.3/5:69 f) and
      a number of canonical passages, namely:
      Sagti Sutta (D 33.1.9(18)/3:237)
      (Indriya) Vitthra Sutta 1 (S 48.15/5:201)
      Eka,bj Sutta (S 48.24/5:204 f)
      Satt’nisasa Sutta (S 48.66/5:237 f)
      (Iddhi) Phala Sutta 2 (S 51.26/5:285)
      (npna) Phala Sutta 2 (S 54.5/5:314)
      Sarakni Sutta 2 (S 55.25.8/5:378)
      (Uddes) Sikkh Sutta 2 (A 3.86.3/1:233, only last & first kinds mentioned)
      (Uddes) Sikkh Sutta 3 (A 3.87.3/1:234)
      (Cattro Puggal) Sayojana Sutta (A 4.131/2:133 f, listed in reverse)
      Dukkha Anatt Nibbna Sutta 1 (A 7.16.4/4:13 f)
      Dukkha Anatt Nibbna Sutta 2 (A 7.17.4/4:14)
      Purisa,gati Sutta (A 7.52/4:70)
      (Satta,puggala) huneyya Sutta 1 (A 7.80/4:146)
      (Sriputta) Sa,updisesa Sutta (A 9.12.6/4:380)
      (Dihi,sampanna) Niha Sutta (A 63.3/5:120)
      (Sotpanna) Avecca Sutta (A 64.3/5:120)
      Puggala Paññatti (Pug §42-46/16 f)
      The Sla Sutta (S 46.3/5:69 f) discusses the five types of non-returners in the same order as
      at the Sagti Sutta (D 33.1.9/3:237), listing themafter someone who has become anArahat “at
      the time of dying”: clearly this implies that the order represents a decreasing speed of spiritual
      attainment. This would certainly make it likely that the first of the five types of non-returners
      attains nibbna “in between” death and rebirth.
      The interpretation given in the Theravdin Abhidhamma and commentaries, though, is that
      this non-returner attains nibbna immediately after “arising” in a new rebirth, or at some
      time before the middle of the life-span there (Pug 16; AA 4:7). Less contentiously, the next of
      the non-returners is seen as one who comes to attain nibbna between the mid-point of his lifespan
      there and his death; the fifth type is one who is reborn in each of the five “pure abodes” until
      he attains nibbna in the last of these (Pug 17). (Harvey, 1995:100; emphasis added; refs rev)

      Delete
    8. අජිත් මහතාණෙනි. මම ථේරවාදී බුදු දහම සත්‍යයැයි ඔප්පු කිරීමට උත්සහ නොකරමි. එමෙන්ම අනෙක් මතවාදයන්ද අසත්‍යයැයි ඔප්පු කිරීමටද උත්සහ නොකරමි.

      මෙම මතවාදයන් ඇසුරෙන් ඔබතුමා ඔබගේම මතයක් ගොඩනාගනිමින්, මෙම ලිපි මාලාව සකස් කරයි. එම මතයන්ද මා විසින් විවේචනයට බඳුන් නොකරමි. ඔබගේ මතයට උදව්වක් ලෙස ඔබ සඳහන් කරනලද සූත්‍ර දේශණාවේ කරනු පමණක් පැහැදිලි කරමි.

      බුදු දහමෙහි සඳහන් කරනු ලබන ලෝක විස්තරය මෙසේය.

      සක්වලක් ලෝක 31කින් සමන්විතය. මෙවැනි සක්වලයන් ගණන් කල නොහැකි ප්‍රමාණයක් විශ්වයෙහි පවතී.

      සක්වලක ඇති ලෝක 31, ප්‍රධාන වශයෙන් කොටස් 3කි.

      1. කාම ලෝක 11 කි.
      2. රූප ලෝක 16 කි.
      3. අරූප ලෝක 4 කි.

      # කාම ලෝක 11 නැවත කොටස් 3කි.

      1. අපාය 4කි.
      නරක, තිරිසන්, ප්‍රේත, අසුර

      2.මනුස්ස ලෝකය

      3. දිව්‍ය ලෝක 6කි
      චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය.

      # රූප ලෝක 16කි. රූපාවචර ධ්‍යානයන් දියුණු කිරීමෙන් මෙම ලෝකයන් වල ඉපදෙන බැවින් රූපී ලෝක යැයි කියනු ලැබේ.

      එවා නැවත කොටස් 6කි.
      1. ප්‍රථම ධ්‍යානික බ්‍රහ්මලෝක
      බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහාබ්‍රහ්මය

      2. දෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
      පරිත්තාභ, අප්පමානාභ, ආභස්සර

      3. තෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
      පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණර

      4. හතරවන ධ්‍යානික බ්‍රහ්මලෝක
      වේහප්පය, අවිහය, අතප්පය

      5. අසඥ්ඥ තලය

      6. ඉහළම තලයේ බ්‍රහ්මලෝක
      සුදස්ස, සුද්ස්සී, අකනිඨා

      මින් අසඥ්ඥ තලය වේහප්පය සහ අවිහය අතර පිහිටන අතර, අවිහය, අතප්පය, සුදස්ස, සුදස්සී, අකනිඨා යන බ්‍රහ්ම ලෝකයන් 5 සුද්ධාවාසයන් යනුවෙන් හඳුන්වනු ලබයි.

      මෙම සුද්ධාවාස බ්‍රහ්මලෝක වල උපදින්නේ අනාගාමී අය පමණි. එනම් අනාගාමීව සිටියදී මිය ගියහොත් සුද්ධාවාස ලෝක 5න් එකක පමණක් උපත ලබයි. අන් තැනක උපත නොලබයි.

      # අරූප ලෝක 4කි.
      අරූපාවචර ධ්‍යාන පුරුදුකිරීමෙන් මෙම බ්‍රහ්ම ලෝක වල උපදින බැවින් අරූප ලෝක ලෙස හඳුන්වයි.

      1. ආකාසනඤ්ඤායතනය
      2. විඤ්ඤාණඤ්ඤායතනය
      3. ආකිඤ්චඤායතනය
      4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය

      මෙම සීල සූත්‍රයෙහි සඳහන් වන්නේ අනාගාමී ඵලය ලැබූ අය පමණක් උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද එහි සම්පූර්ණ ආයුෂ ගෙවී යාමට ප්‍රථම, අතරමගදී අරහත්වය අවබෝධකර ගනිමින් පිරිණිවන් පෑම පිළිබඳවයි.

      //ලඟදි මැරුණම එක තලයක ඉන්නේ. ඊට පස්සේ තලවල උඩට යනවා තල (plain) හතක් තියනවා. ඒ මොනවාද?//

      මේවා ථේරවාදී අදහස් නොවෙයි.

      Delete
    9. අජිත් මහතාණෙනි. මම ථේරවාදී බුදු දහම සත්‍යයැයි ඔප්පු කිරීමට උත්සහ නොකරමි. එමෙන්ම අනෙක් මතවාදයන්ද අසත්‍යයැයි ඔප්පු කිරීමටද උත්සහ නොකරමි.

      මෙම මතවාදයන් ඇසුරෙන් ඔබතුමා ඔබගේම මතයක් ගොඩනාගනිමින්, මෙම ලිපි මාලාව සකස් කරයි. එම මතයන්ද මා විසින් විවේචනයට බඳුන් නොකරමි. ඔබගේ මතයට උදව්වක් ලෙස ඔබ සඳහන් කරනලද සූත්‍ර දේශණාවේ කරනු පමණක් පැහැදිලි කරමි.

      බුදු දහමෙහි සඳහන් කරනු ලබන ලෝක විස්තරය මෙසේය.

      සක්වලක් ලෝක 31කින් සමන්විතය. මෙවැනි සක්වලයන් ගණන් කල නොහැකි ප්‍රමාණයක් විශ්වයෙහි පවතී.

      සක්වලක ඇති ලෝක 31, ප්‍රධාන වශයෙන් කොටස් 3කි.

      1. කාම ලෝක 11 කි.
      2. රූප ලෝක 16 කි.
      3. අරූප ලෝක 4 කි.

      # කාම ලෝක 11 නැවත කොටස් 3කි.

      1. අපාය 4කි.
      නරක, තිරිසන්, ප්‍රේත, අසුර

      2.මනුස්ස ලෝකය

      3. දිව්‍ය ලෝක 6කි
      චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය.

      Delete
  14. අජිත් මහතාණෙනි. මම ථේරවාදී බුදු දහම සත්‍යයැයි ඔප්පු කිරීමට උත්සහ නොකරමි. එමෙන්ම අනෙක් මතවාදයන්ද අසත්‍යයැයි ඔප්පු කිරීමටද උත්සහ නොකරමි.

    මෙම මතවාදයන් ඇසුරෙන් ඔබතුමා ඔබගේම මතයක් ගොඩනාගනිමින්, මෙම ලිපි මාලාව සකස් කරයි. එම මතයන්ද මා විසින් විවේචනයට බඳුන් නොකරමි. ඔබගේ මතයට උදව්වක් ලෙස ඔබ සඳහන් කරනලද සූත්‍ර දේශණාවේ කරනු පමණක් පැහැදිලි කරමි.

    බුදු දහමෙහි සඳහන් කරනු ලබන ලෝක විස්තරය මෙසේය.

    සක්වලක් ලෝක 31කින් සමන්විතය. මෙවැනි සක්වලයන් ගණන් කල නොහැකි ප්‍රමාණයක් විශ්වයෙහි පවතී.

    සක්වලක ඇති ලෝක 31, ප්‍රධාන වශයෙන් කොටස් 3කි.

    1. කාම ලෝක 11 කි.
    2. රූප ලෝක 16 කි.
    3. අරූප ලෝක 4 කි.

    # කාම ලෝක 11 නැවත කොටස් 3කි.

    1. අපාය 4කි.
    නරක, තිරිසන්, ප්‍රේත, අසුර

    2.මනුස්ස ලෝකය

    3. දිව්‍ය ලෝක 6කි
    චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය.

    # රූප ලෝක 16කි. රූපාවචර ධ්‍යානයන් දියුණු කිරීමෙන් මෙම ලෝකයන් වල ඉපදෙන බැවින් රූපී ලෝක යැයි කියනු ලැබේ.

    එවා නැවත කොටස් 6කි.
    1. ප්‍රථම ධ්‍යානික බ්‍රහ්මලෝක
    බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහාබ්‍රහ්මය

    2. දෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    පරිත්තාභ, අප්පමානාභ, ආභස්සර

    3. තෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණර

    4. හතරවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    වේහප්පය, අවිහය, අතප්පය

    5. අසඥ්ඥ තලය

    6. ඉහළම තලයේ බ්‍රහ්මලෝක
    සුදස්ස, සුද්ස්සී, අකනිඨා

    මින් අසඥ්ඥ තලය වේහප්පය සහ අවිහය අතර පිහිටන අතර, අවිහය, අතප්පය, සුදස්ස, සුදස්සී, අකනිඨා යන බ්‍රහ්ම ලෝකයන් 5 සුද්ධාවාසයන් යනුවෙන් හඳුන්වනු ලබයි.

    මෙම සුද්ධාවාස බ්‍රහ්මලෝක වල උපදින්නේ අනාගාමී අය පමණි. එනම් අනාගාමීව සිටියදී මිය ගියහොත් සුද්ධාවාස ලෝක 5න් එකක පමණක් උපත ලබයි. අන් තැනක උපත නොලබයි.

    # අරූප ලෝක 4කි.
    අරූපාවචර ධ්‍යාන පුරුදුකිරීමෙන් මෙම බ්‍රහ්ම ලෝක වල උපදින බැවින් අරූප ලෝක ලෙස හඳුන්වයි.

    1. ආකාසනඤ්ඤායතනය
    2. විඤ්ඤාණඤ්ඤායතනය
    3. ආකිඤ්චඤායතනය
    4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය

    මෙම සීල සූත්‍රයෙහි සඳහන් වන්නේ අනාගාමී ඵලය ලැබූ අය පමණක් උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද එහි සම්පූර්ණ ආයුෂ ගෙවී යාමට ප්‍රථම, අතරමගදී අරහත්වය අවබෝධකර ගනිමින් පිරිණිවන් පෑම පිළිබඳවයි.

    //ලඟදි මැරුණම එක තලයක ඉන්නේ. ඊට පස්සේ තලවල උඩට යනවා තල (plain) හතක් තියනවා. ඒ මොනවාද?//

    මේවා ථේරවාදී අදහස් නොවෙයි.

    ReplyDelete
  15. අජිත් මහතාණෙනි. මම ථේරවාදී බුදු දහම සත්‍යයැයි ඔප්පු කිරීමට උත්සහ නොකරමි. එමෙන්ම අනෙක් මතවාදයන්ද අසත්‍යයැයි ඔප්පු කිරීමටද උත්සහ නොකරමි.

    මෙම මතවාදයන් ඇසුරෙන් ඔබතුමා ඔබගේම මතයක් ගොඩනාගනිමින්, මෙම ලිපි මාලාව සකස් කරයි. එම මතයන්ද මා විසින් විවේචනයට බඳුන් නොකරමි. ඔබගේ මතයට උදව්වක් ලෙස ඔබ සඳහන් කරනලද සූත්‍ර දේශණාවේ කරනු පමණක් පැහැදිලි කරමි.

    බුදු දහමෙහි සඳහන් කරනු ලබන ලෝක විස්තරය මෙසේය.

    සක්වලක් ලෝක 31කින් සමන්විතය. මෙවැනි සක්වලයන් ගණන් කල නොහැකි ප්‍රමාණයක් විශ්වයෙහි පවතී.

    සක්වලක ඇති ලෝක 31, ප්‍රධාන වශයෙන් කොටස් 3කි.

    1. කාම ලෝක 11 කි.
    2. රූප ලෝක 16 කි.
    3. අරූප ලෝක 4 කි.

    # කාම ලෝක 11 නැවත කොටස් 3කි.

    1. අපාය 4කි.
    නරක, තිරිසන්, ප්‍රේත, අසුර

    2.මනුස්ස ලෝකය

    3. දිව්‍ය ලෝක 6කි
    චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය.

    # රූප ලෝක 16කි. රූපාවචර ධ්‍යානයන් දියුණු කිරීමෙන් මෙම ලෝකයන් වල ඉපදෙන බැවින් රූපී ලෝක යැයි කියනු ලැබේ.

    එවා නැවත කොටස් 6කි.
    1. ප්‍රථම ධ්‍යානික බ්‍රහ්මලෝක
    බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහාබ්‍රහ්මය

    2. දෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    පරිත්තාභ, අප්පමානාභ, ආභස්සර

    3. තෙවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණර

    4. හතරවන ධ්‍යානික බ්‍රහ්මලෝක
    වේහප්පය, අවිහය, අතප්පය

    5. අසඥ්ඥ තලය

    6. ඉහළම තලයේ බ්‍රහ්මලෝක
    සුදස්ස, සුද්ස්සී, අකනිඨා

    මින් අසඥ්ඥ තලය වේහප්පය සහ අවිහය අතර පිහිටන අතර, අවිහය, අතප්පය, සුදස්ස, සුදස්සී, අකනිඨා යන බ්‍රහ්ම ලෝකයන් 5 සුද්ධාවාසයන් යනුවෙන් හඳුන්වනු ලබයි.

    මෙම සුද්ධාවාස බ්‍රහ්මලෝක වල උපදින්නේ අනාගාමී අය පමණි. එනම් අනාගාමීව සිටියදී මිය ගියහොත් සුද්ධාවාස ලෝක 5න් එකක පමණක් උපත ලබයි. අන් තැනක උපත නොලබයි.

    # අරූප ලෝක 4කි.
    අරූපාවචර ධ්‍යාන පුරුදුකිරීමෙන් මෙම බ්‍රහ්ම ලෝක වල උපදින බැවින් අරූප ලෝක ලෙස හඳුන්වයි.

    1. ආකාසනඤ්ඤායතනය
    2. විඤ්ඤාණඤ්ඤායතනය
    3. ආකිඤ්චඤායතනය
    4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය

    මෙම සීල සූත්‍රයෙහි සඳහන් වන්නේ අනාගාමී ඵලය ලැබූ අය පමණක් උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද එහි සම්පූර්ණ ආයුෂ ගෙවී යාමට ප්‍රථම, අතරමගදී අරහත්වය අවබෝධකර ගනිමින් පිරිණිවන් පෑම පිළිබඳවයි.

    //ලඟදි මැරුණම එක තලයක ඉන්නේ. ඊට පස්සේ තලවල උඩට යනවා තල (plain) හතක් තියනවා. ඒ මොනවාද?//

    මේවා ථේරවාදී අදහස් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ලෝක ගැන මමත් කියවල තිබෙනවා. ඔය ලෝක තිබෙනවද නැත්ද කියන්න අපි කාටවත් බහ. මහායානයේ හෝ වජ්‍රයානයේ තියෙන ඒවා ගැනත් ඒකම තම කියන්න තියෙන්නේ.
      මෙතන මෙහෙම දෙයක් තමා දැනට මම ඉදිරිපත් කලේ.
      1. ලවුලන් ගේ මිදියම් වරුන්ගේ සංගමය ට ඇතුළුව මා විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ කතා අක්රමින් කරන ලද අත්දැකීම් ඇසුරෙන් - අවස්ථා කිහිපයක් සත්‍ය බව පිලි ගැනීම.
      2. ඒ සුළු සිද්ධීන් ඇසුරෙන් මළවුන් සමග කතා කරීම සත්‍ය යක් යයි උපකල්පනය කර ඒ සඳහා දත්ත, තර්ක හා ලියවිල් සෙවීම.
      3. එම සෙවීමේදී මහායානය, වජ්‍රයානය - ගන්ධබ්බ අවස්ථව/අන්තර භවය හමුවීම.
      4. මේ කිසිවකින් එම උපකල්පනය නිවැරදි හෝ ඔප්පු කළ හැකි බවක් නොකියවේ.
      බොජ්ජංග සුත්‍රය ගැන කිවොත් awakening හෙවත් සිත වැඩි කල විට අර හත් දෙනෙක්ගෙන් කෙනෙඋ වන්නට පුළුවන් කියා කියනවා. හිත අවදි වීම ගැන තියෙන ඒවා වල - mindfulness හෙම එකක්. ඒ ගැන මම කලින් ලිපි වල ලියල තිබෙනවා. පහ ගත්ත යට තමා ඔබ අනාගාමී කියන්නේ.
      මෙතැන් තර්කය අනාගාමී නොවුනත් එම අන්තරභාවයට යා නොහැකිද යන්න? එසේ යන්නේ නැත්නම් නිකන් වෙනත් උපතක් ලබනවද? එතන බඹලොව නම් අන්තරා භාව ස්ථානය වෙන දේකින් replace වෙනවද අනාගාමී නොවුන නම්. ඕව තමා ප්‍රශ්න.

      Delete
    2. මේක මගේ අදහසක් විතරයි. මළවුන් අප සමග මිඩියම් ල හරහා සම්බන්ධ වෙනවා නම් ඔවුන් සිටින්නේ ඒ වජ්රයානයේ හෝ මහායානයේ කියවෙන අන්තර භාවය/ගන්ධබ්බ අවස්ථාව කියල තමා මට කරන්න පුළුවන් නිගමනය. වෙනත් තැනක පසුව ඉපදෙන විට ඔවුන් සම්බන්ධ කරන්න බැහැ. නමුත් මාස්ටර් ල කියල ජාතියක් ඒ විස්තරත් දෙනවා කියල කියනවා. කර්නල් ඕල්කට් ල හෙම ඒවා දැකල බුද්ධාගම හොයා ගිය බව තමා අනිත් කරුණ. මේ සම්බන්ධතාවය තමා මම හොයා ගත්තේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක නිවැරදිම නිගමනයක් කියල.

      Delete
    3. අජිත් මහතා. මෙතන ගැටළුව තියෙන්නෙ පරිවර්ථනයේ. පාලි වලින් ඉංග්‍රීසි හෝ සිංහලට පරිවර්ථනය කිරීමේදී තමයි ඔය අන්තරාභවය කියන එක ඇතුලත් වෙලා තියෙන්නෙ. සීල සූත්‍රයේ තියෙන්නෙ

      " නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති"

      කියල විතරයිනෙ. මෙතන අන්තරාපරිනිබ්බායී කියන එක විස්තර කරල නෑ. නමක් සඳහන් කරල විතරයි. ඒක පරිවර්ථනය කරද්දි ඒ ඒ අයගේ මතය ඇතුලත් වෙලා තියන බවයි පෙනෙන්නෙ. ඔබ දක්වපු ඉංග්‍රීසි පරිවර්ථනයෙත් එහෙමයි. පරිවර්ථක තමයි කියන්නෙ අතරමැදි අවස්ථාවක් ගැන. දේශණාවෙ එහෙම එකක් නෑ.

      Delete
    4. අදහස්, ඔබ කොමෙන්ට් දිගටම යන්නේ ස්පෑම් එකට. ඊමේල් එක නිසාද නැත්නම් ඔබේ බ්ලොග් අඩවිය ඒකට සම්බන්ධ නිසාද දන්නේ නැහැ.
      දැන් ඔබ ඔය පාලි ලියවිල්ල දාල තියනවනේ.
      1. පලවෙනි කාරනේ ඕක එන්නේ කටපාඩමින්. එනිසා බුදුන් වදාල දේ ලඟින් යන්න පුළුවන් මිසක් ඒකම ද කියන්න බහ .
      2. ඔය කැප්‍රා වගේම මේ පර්යේෂණ ලිපියත් කියන්නේ නාගර්ජුන සිටි නාලන්දාවේ සංස්කෘත වලින් ලියපුව පරිනිර්වාණයෙන් වසර 100-200 අතර නිසා වඩා සත්‍යයට බරයි කියල.
      3. සංස්කෘත වලින් අන්තර හෝ අන්තරා කියන්න intermediate හෙවත් අතර මැද කියන එක.
      4. පාලි පරිනිබ්බයි කියන්නේ සංස්කෘත භවය / හෙවත් state of being - අපේ පැවැත්මේ එම අවස්ථාව.
      වචන දෙක එකතු කලහම එන්නේ අන්තරා භවය - වෙන තැන්වල ඔකටම ගන්ධබ්බ කියලත් කියනවා.
      එක නිසා පරිවර්තක තමයි කියන්නේ අතරමැදී අවස්ථාව කියන එක පිලි ගන්න අමාරු ඒකයි. ලෝකයේ පැරණිම භාෂාවක්. සංස්කෘත. පාලි වලට වඩා පරණයි අදටත් භාවිතා වෙන භාෂාවක්.
      ඔය තර්කයම අනිත පැත්තට ගත්තොත් අන්තරාපරිනිබ්බයි කියන්නේ බඹලොව වෙන්නේ කොහොමද? පරිනිබ්බයි කියන්න පරිනිබ්බාන කියන වචනේ ක්‍රියා පදයක් නේද .

      Delete
    5. සංස්කෘත ඩික්ෂනරි එකකින්:
      අන්තරා සහ
      භවය

      පරිනිබ්බයි කියන එක state of being හෙවත් භව කියලත් කිව්වා හැකි.

      Delete
    6. ඔබේ ප්‍රතිචාරය වැදගත්. මොකද මට තව දෙයක් අතපසු වුනු දෙයක් මතක් වුනා. ලංකාවේ සලකන්නේ බුදුන් වදාල භාෂාව පාලි කියල. ත්‍රිපිටකය ලියල තියෙන්නේ පාලි වලින් බව ඇත්ත, නමුත් බුදුන් ගේ කාලයේ මගධ දේශයේ භාවිතා වුනේ මගධ ප්‍රක්‍රිට් කියන භාෂාව. ඒක සන්ස්ක්‍රිට් හෙවත් සංස්කෘත භාෂාවේ දයලේක්තිකයක්. පාලි කියන්නේ එහි දයලේක්තිකයක්. මගධ ප්‍රක්‍රිත් ඉන්දු - ආර්ය භාෂාවක්. බුදුන් වහන්සේ භාවිතා කරන්න වඩා ඉඩ තියෙන්නේ මගධ ප්‍රක්‍රිත් මිසක් පාලි නෙමෙයි. ටිකක් හොයල බලන්න.
      https://en.wikipedia.org/wiki/Prakrit

      Delete
    7. සූත්‍ර දේශ්ණාවන් සංගායනය වුනේ පාළි භාෂාවෙනි. ඒ ආනන්ද හිමියන් මතක තබාගෙන සිටි ආකාරයෙනි. ඉන්පසු කටපාඩමින් පවත්වාගෙන ආවේ එම ආකාරයෙන්මය. ඒත් රහතන් වහන්සේලාය. ඒ නිසා කටපාඩමින් පැවතගෙන ආ ධර්මයෙහි අඩුපාඩු ඇතැයි කීම අනර්ථය. එම ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කලේත් රහතන්වහන්සේලාමය. මෙම ධර්මයමයි ශ්‍රාස්තෘන්වහන්සේ. ඒ පිලිබඳව උන්වහන්සේලාගේ තිබුනු අසීමත ගෞරවය නිසා එහි වෙනසක් වී ඇතැයි මම පිලිනොගනිමි.

      සංස්කෘත භාෂාවට පරිවර්ථනය සිදු වුනේ පසුකාලීනවය.

      අන්තරා කියන එකත්, භව කියන එකත් හරි. නමුත් පරිනිබ්බායී කියන්නේ පරිනිර්වාණයට පත් කියන එකයි. ඒක භවය කියන වචනයත් එක්ක සමාන කමක් නැත.

      වෙනස් වචන 2ක් එක්කහු වීමෙන් සෑදෙන වචනයක් එම වචන දෙකේම අර්ථයට හාත්පසින්ම වෙනස් තේරුමක් දෙන වචනයක් සෑදීම විය හැකි දෙයක්. ඒ නිසා වචනයක් බෙදා දක්වා එම බෙදූ වචන වල තේරුම් ගෙන ඒවා මඟින් මුල් වචනයේ තේරුම් ගැනීම වැරදි විය හැකියි. ඒ නිසා ධර්ම කරුණු එලෙස විග්‍රහ කර ගත නොහැක.

      ධර්ම කරුණක් විග්‍රහ කරීම ධර්මයේ සිදුකර ඇති ආකාරයෙන්ම ඉගෙනගත යුතු අතර මෙවැනි ක්‍රම වලින් විකෘති අදහස් හෝ තෙරුම් ඇති විය හැක.

      Delete
    8. සමාවෙන්න. වරදක් සිදුවුනා.

      //භව කියන එකත් හරි//

      භවය යනු පැවැත්ම නොවෙයි. භවය යනු විපාක පිණිස කර්ම සකස් වීමයි.

      එය state of being ලෙස විස්තරකිරිම වැරදිය.

      Delete
    9. සූත්‍ර දේශ්ණාවන් සංගායනය වුනේ පාළි භාෂාවෙනි. ඒ ආනන්ද හිමියන් මතක තබාගෙන සිටි ආකාරයෙනි. ඉන්පසු කටපාඩමින් පවත්වාගෙන ආවේ එම ආකාරයෙන්මය. ඒත් රහතන් වහන්සේලාය. ඒ නිසා කටපාඩමින් පැවතගෙන ආ ධර්මයෙහි අඩුපාඩු ඇතැයි කීම අනර්ථය. එම ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කලේත් රහතන්වහන්සේලාමය. මෙම ධර්මයමයි ශ්‍රාස්තෘන්වහන්සේ. ඒ පිලිබඳව උන්වහන්සේලාගේ තිබුනු අසීමත ගෞරවය නිසා එහි වෙනසක් වී ඇතැයි මම පිලිනොගනිමි.

      සංස්කෘත භාෂාවට පරිවර්ථනය සිදු වුනේ පසුකාලීනවය.

      අන්තරා කියන එකත්, භව කියන එකත් හරි. නමුත් පරිනිබ්බායී කියන්නේ පරිනිර්වාණයට පත් කියන එකයි. ඒක භවය කියන වචනයත් එක්ක සමාන කමක් නැත.

      වෙනස් වචන 2ක් එක්කහු වීමෙන් සෑදෙන වචනයක් එම වචන දෙකේම අර්ථයට හාත්පසින්ම වෙනස් තේරුමක් දෙන වචනයක් සෑදීම විය හැකි දෙයක්. ඒ නිසා වචනයක් බෙදා දක්වා එම බෙදූ වචන වල තේරුම් ගෙන ඒවා මඟින් මුල් වචනයේ තේරුම් ගැනීම වැරදි විය හැකියි. ඒ නිසා ධර්ම කරුණු එලෙස විග්‍රහ කර ගත නොහැක.

      ධර්ම කරුණක් විග්‍රහ කරීම ධර්මයේ සිදුකර ඇති ආකාරයෙන්ම ඉගෙනගත යුතු අතර මෙවැනි ක්‍රම වලින් විකෘති අදහස් හෝ තෙරුම් ඇති විය හැක.

      Delete
    10. භවය ට state of being කියන්නේ සංස්කෘත භාෂාවෙන්. ඒක වැරදියි කියන්නේ කොහොමද? සිංහලෙන් ඔබ කියන්නේ you නෙමේ කියනවා වගේ කතාවක් ඒක.
      ආනන්ද හාමුදුරුවෝ හිටියෙත් මගධ දේශයේ නිසා උන්වහන්සේ පාලි කතා කලා කියන එකත් පිලි ගණන් ලෙහෙසියෙන් බහ. බුදුන් ගේ නෑදෑයෙක් වශයෙන් උන්වහන්සේ කතා කරනන් ඇත්තෙත් ප්‍රකිත්.

      ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ රහතන් වහන්සේ ල කියන්නේ ඉතිහාසය. ඒක අපි දන්නේ නැහැ. පිටිදුවේ සිරිධම්ම හිමියෝ රහත්ය කියල තමන්ම කියනව වගේ කතාවක් ඒක.
      // ඒ පිලිබඳව උන්වහන්සේලාගේ තිබුනු අසීමත ගෞරවය නිසා එහි වෙනසක් වී ඇතැයි මම පිලිනොගනිමි.// කාලාම සුත්‍රයට අනුව මෙහෙම හිතන එක ප්‍රති විරෝධී නැත්ද?
      සංස්කෘත භාෂාවට පරිවර්ථනය සිදු වුනේ පසුකාලීනවය. - මෙයට ඔබට සාක්ෂි තිබේද? මම කලින් ලිපියක (9) ඉදිරිපත් කළ ප්‍රොබන් ගැන පොත ලියා ඇත්තේ සංස්කෘත භාෂවෙන් ක්‍රි.පූර්ව 100-200 අතරය. නාලන්ද විශ්ව විද්‍යාලයේ භාෂාවද සංස්කෘතය. එනිසා ඔබගේ කතාව පිළිගත නොහැකිය.
      http://4freedoms.com/group/heritage/forum/topics/india-nalanda-library-university-and-monastery-destroyed

      Delete
    11. //වෙනස් වචන 2ක් එක්කහු වීමෙන් සෑදෙන වචනයක් එම වචන දෙකේම අර්ථයට හාත්පසින්ම වෙනස් තේරුමක් දෙන වචනයක් සෑදීම විය හැකි දෙයක්. ඒ නිසා වචනයක් බෙදා දක්වා එම බෙදූ වචන වල තේරුම් ගෙන ඒවා මඟින් මුල් වචනයේ තේරුම් ගැනීම වැරදි විය හැකියි. ඒ නිසා ධර්ම කරුණු එලෙස විග්‍රහ කර ගත නොහැක.

      ධර්ම කරුණක් විග්‍රහ කරීම ධර්මයේ සිදුකර ඇති ආකාරයෙන්ම ඉගෙනගත යුතු අතර මෙවැනි ක්‍රම වලින් විකෘති අදහස් හෝ තෙරුම් ඇති විය හැක.// ලියා ඇති කට වචනයෙන් ආ ධර්මය නිවැරදි යයි කිසිවෙකුට කිව නොහැකිය. අන්ධ භක්තියෙන් පමණක් එසේ පිලි ගත හැකිය. අන්තරපරිනිබ්බන යනු බඹලොව යයි කිමද එවැන්නකි.
      ලෝකය දියුණු වන්නේ අපි ලෝකය "විමසන" නිසා නිසා හැමදේම මෙසේ යයි පිලි ගන්න නිසා නොවේ.

      Delete
    12. භවයට ධර්මයේ නිර්වචනය තමයි "විපාක පිණිස කර්ම සකස් වීම" කියන එක.

      භාෂාව පිලිබඳව හෝ ත්‍රිපිටකය වැරදි කියන එක ඔබේ අදහසක්. මගේ අදහස ඊට වඩා වෙන නිසා ඒ ගැන අදහස් දැක්වීම වාදයට මුලපිරීමක්. ඒ නිසා තවදුරටත් ඒ ගැන කථා කිරීම තේරුමක් නෑ.

      ධර්මය අන්ධ භක්තියෙන් පිළිගැනීමක් නෑ. ධර්මයේ තියෙන්නේ කිසියම් ක්‍රමවේදයක් සහ එය පිලිපැදීමෙන් ලැබියහැකි ප්‍රතිලාභ. අවශ්‍යනම් කර බැලිය හැක. අවශ්‍ය නැත්නම් ප්‍රශ්ණයක නැත. නමුත් සත්‍යද අසත්‍යදැයි ඔප්පු කල නොහැක. එපමණකි.

      විමසීම හොඳය. නුවණින් විමසීම ධර්මය තුලින්ම වර්ණනා කර ඇත.

      Delete
    13. අදහස් අවකාශය සමඟ 100% එකඟ වෙමි. සංවාදය වින්දෙමි

      Delete
    14. අදහස් - භාවය කියන පාලි වචනයේ තේරුම මම ලිපියේ දක්වා තිබෙනවා. එහි සංස්කෘත තේරුම් කිහිපයක් තිබෙනවා. අනික ඔබට හැකිනම් සාක්ෂි දෙන්න කියල මම ඇහුවා බුදුන්ගේ දර්ශනය මුලින් ලියා තිබුනේ සංස්කෘත භාෂාවෙන් නොවේ කියා? බුදුන් පවා නාලන්දාවට වැඩම කරලා තියනවා. මම ඉන්දියාවේ ගිය වෙලේ නාලන්දාවටත් ගියා. භාෂාව හෝ ත්‍රිපිටකය වැරදි කියා මා කිවූ දේ වරදවා ලියා නොමග යවන්න එපා. තර්ක කකරන්න හැකිනම් තර්ක කරන්න. ත්‍රිපිටකය සාමුහිකව ගෙන වැරදි යයි මා කොහේ වත් කියා නැහැ. ඔබ ධර්මය කියන දේ ථෙරවාද පොත් පත්වල තියෙන දේ විතරක් නෙමෙයි. ථෙරවාද පොත් පත් වල තියෙන හැම දෙයක්ම හරි කියන්නත් බැහැ. කට වචනයෙන් ගෙනා සියලු දේ හරි කියන්නත් බැහැ. මගේ මුලික තර්කය තියෙන්නේ එතන. මම සංස්කෘත ඩික්ෂනරි යේ පටන් හැම මුලාශ්‍රයක්ම ඔබලාට දී තිබෙනවා.
      ඔය ධර්මය ආකාරයෙන් සත්‍ය අසත්‍ය කියන්න බැහැ කියන කතාව තමා දේවාගම් අදහන අය වෙන ආකාරයකින් කියන්නෙත්. අපට ඔප්පු කරන්න බැහැ . විශ්වාසය තියා ගන්න. විශ්වාස කරන අයට තමා පේන්නේ, එන්නේ, දැනෙන්නේ වගේ කතා. මළවුන්, හොල්මන් ගැන කියන සමහරු කියන්නෙත් ඒ වගේ කතා. මම හැම දෙයක්ම හැකි ආකාරයෙන් සොයා බලා , තර්ක කර, සාක්ෂි ඇත්නම් ඒවා එකතු කර යමක් පිලි ගන්නා කෙනෙක්.
      මමත් දහම් පාසල් ධර්මාචාර්ය විභාගේ කරලා තිබෙනවා. ඒකෙන් අදහස් වෙනේන්ත් නැහැ මම ඔය ඔක්කොම දන්නවා කියල. මම හැම වෙලේම අවදියෙන් ඉන්න කෙනෙක් මේ කාරණා ගැන. කිසියම් අලුත් සාක්ෂියක් ලැබෙනවා නම් ඔය මම ලිව්ව මීඩියම් ලාට මෙන්ම අනිත් යහලුවන්ටත් මම නොවරදවාම ඒවා යවනවා.
      දැන් ඔබ කියන්නේ මම නුවනින් විමසන්නේ නැතුව මේවා මෝඩ කමින් විමසනවා කියලද? ඔය ධර්මයේම තියනවා තැනක - ධර්මය ගැන සැක පහල කරන්න එපා අපායේ යනවා කියල. හමුදුර්වරු, රහතන්වහන්සේලා ගැන සක පහල කරන්න එපා වගේ කතා-ඕව හාමුදුරුවරු ලියපු අමු බොරු. පරස්පර විරෝධී කුහක කතා ඒවා. බුදුන් වහන්සේ වගේ කෙනෙක් එහෙම කියන්න කිසිම හේතුවක් නැහැ. බුදුන් වහන්සේ ඊට වැඩිය විවෘත කෙනෙක්. නැත්නම් අර ජයිනයෝ කියන එක අහල පන්සිල් පද පහ පනවන්නේත් නැහැ.
      ඔබල දෙදෙනාටම "ධර්මය යයි ඉගැන් වූ දේ ප්‍රශ්නයකින් තොරව පිලිගන්න යන අදහස තදින් කා වැදී ඇති බව තමයි පෙනෙන්නේ.
      මේ මම නාථ දෙවියෝ ගැන කලකට කලින් ලියපු එකක්. කැමති නම් කියවන්න.
      පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

      Delete
    15. ත්‍රිපිටකයේ / වජ්රයනයේ/ මහායානයේ සමාන තැන් බොහොමයක් තියනවා. ඇත්තටම සමාන තැන් වැඩියි. ඒ සමාන දේවල් හුඟක් නිවැරදි යයි අපට පිලි ගන්න පුළුවන්. අපි කතා කරන්නේ අසමාන වූ ඉතාම ඉතා සුළු කොටසක්. නමුත් ඒක ටිකක් බලවත් එකක්. එපමණයි. ඉහත ලියු එක සිත රිදවන්න ලිවූ එකක් නොවන බව කරුණාවෙන් සලකන්නැ.

      Delete
    16. අජිත් මහතාණෙනි.
      කෙටියෙන් කිව්වොත් මම පෞද්ගලිකව ධර්මය තර්ක කරන්නේ නෑ. හේතුව එය තර්කයෙන් ගත යුත්තක් නොවීම.

      ඒ වගේම එය අන්ධ භක්තියෙන් පිලිගන්නා දෙයකුත් නෙවෙයි.

      එය කියා දෙන විදිහට කර බලා, එම කියලා ප්‍රතිඵල ලැබේදැයි විමසන එකක්.
      .
      එසේ ප්‍රතිඵල ලැබේනම් තමයි සැකය දුරු වෙන්නෙ. තර්කයෙන් එන්නෙ තවත් ප්‍රශ්ණ විතරයි.

      මං කියන්නෑ ඔබ මෝඩකමින් විමසනවා කියල. මං කියන්නෙ ඔබ වරදි තැනින් අල්ලගෙන කියල

      ධර්මය සැක කිරීමෙන් අපායෙ යනව කියල එකක්නම් නෑ. සැක කල යුතු තැන සැක කල යුතුයි. විමර්ශණය එන්නෙ එතකොට.

      සෝතාපන්න කෙනා අපායෙන් නිදහස් කියල තියෙන්නෙ. සොතාපන්න කෙනාගෙ තමයි සැකය සම්පූර්ණයෙන්ම ප්‍රහීණ වෙලා තියෙන්නෙ. ඒ දෙක කතා දෙකක්.

      //අපි කතා කරන්නේ අසමාන වූ ඉතාම ඉතා සුළු කොටසක්. //

      ඒක ඇත්ත. ඉතාම සුළු කොටසක්. නමුත් ඒක අපැහැදිලියි කියන එක කුසලයට බධාවක් වෙන්නෙ නෑ කියන එකයි මගේ අදහස.

      අප කල යුත්තේ ඒ අපැහැදිලිතාවය ඔස්සේ අල්ලගන යන්නේ නැතිව, පැහැදිලිව තියන කුසලය ගැන සිත යොදවන එක. නැත්නම් කාලය නාස්ති වෙලා යනව කියන එක.

      //ඉහත ලියු එක සිත රිදවන්න ලිවූ එකක් නොවන බව කරුණාවෙන් සලකන්නැ. //

      ස්තූතියි. මම එසේ නොසිතමි. මෙය සංවාදයක් බව මට වැටහෙයි. නමුත් තර්කයෙන් සිත් රිදවීම් ඇතිවිය හැකියි නේද? ඒ නිසාමයි තර්කය අතහැර සංවාද කලයුත්තේ.

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. This comment has been removed by the author.

      Delete
    20. // බුදුන්ගේ දර්ශනය මුලින් ලියා තිබුනේ සංස්කෘත භාෂාවෙන් නොවේ කියා?//
      ත්‍රිපිටකය සංස්කෘත භාෂාවට හරවන්න එපා කියල බුදුරජාණන් වහන්සේ උපදෙස් දීල තියනව. හේතුව සංස්කෘත කියන්නෙ වේද ග්‍රන්ථ ලියා තිබුණු භාෂාව නිසා.

      ත්‍රිපිටකය සංස්කෘතයට හැරෙව්වෙ ලාභ සත්කාරයන්ට ගිජු වුනු භික්ෂූණ්. එසේ හරවා තර්ක කර රජවරු පහදවාගන්න එහෙම කලේ. ඒකෙන් වුනේ බ්‍රාහ්මණයො, බෞද්ධයො ගැන වෛර බැඳගත්ත එක. ඊට පස්සෙ අවස්ථාව ආපු ගමන් රාජ්‍ය අනුග්‍රහය අරන් නාලන්දා විශ්වවිද්‍යාලය ගිනි තියල, භික්ෂූණ්වහන්සේලා දහස් ගණන් ඝාතනය කරල දාල ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම බුදුදහම අතුගාල දාන තැනට වැඩකරපු එක.

      මේ මම දන්න ඉතිහාසය. තවදුරටත් සොයාබැලීම වටිනව.

      Delete
    21. අදහස්, තර්කය කියන්නේ අවශ්‍යම දෙයක්. නාලන්දාවේ අශ්ව ඝෝෂ තෙරුන් මෙන්ම නාගර්ජුනයන් පවා පිළිගත් දෙයක්. තර්කය හා ලොජික් එක නොමැතිව හේතුඵල වාදය වටහා ගත නොහැකියි. එසේ නම් හේතුඵල වාදය යනුද නිෂ්පල දෙයකි.
      මට වැටහෙන ලෙස (මේ මට සිතෙන් දෙයක් බව කරුණාවෙන් සලකන්න) ඔබ කිසියම් හාමුදුරු නමක් සමග කතා කරනවා කියා මේ ගැන.
      //ත්‍රිපිටකය සංස්කෘත භාෂාවට හරවන්න එපා කියල බුදුරජාණන් වහන්සේ උපදෙස් දීල තියනව. හේතුව සංස්කෘත කියන්නෙ වේද ග්‍රන්ථ ලියා තිබුණු භාෂාව නිසා.// මේ කතාව හාමුදුරු වරු කිහිප දෙනක්ම මට කියා තිබෙන දෙයක්. මේ කතාවේ කිසිම තර්කනුකුලාව බවක් මෙන්ම අත්තක් නැහැ. එකක මේක ඔප්පු කරන්න බැරි කතාවක්. ඇත්ත කතාව කියල නිකාය තුනේම තියෙන්නේ නම් සාමාන්ය් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු නිසා බුදුන් මුලින් වැලකුණා. පසුව තීරණය කලා කියල දේශනා කරන්න. එහෙම හිතුවනම් මුල් භික්ෂුන් 60 දෙනා සෑම දිශාවකටම යැව්වේ ඇයි? ධර්ම මගධ දේශයේ එවකට පවතී ප්‍රකිත් වලින් දේශනා කරන්නද? නැහැ.
      මේ කතාවට කිසිම සාක්ෂියක් නැහැ.

      Delete
    22. නාලන්දාව ගිනි තබා විනාශ කලේ මුස්ලිම් එවුන්. මුස්ලිම් ආගමිකයන් තමන්ගේ ධර්මය හැර අනිත් සියල්ල වැරදි යයි විශ්වාස කරන පිරිසක්. මේ අන්තවාදීන් ලෝකයේ හුඟක් පුස්තකාල ගිනි තිබ්බා. දැනුත් ඔය අයිසිස් දහපදුරා හැත්ත කොච්චර් ගිනි තිබ්බද පොත් පත් පුස්තකාල. ඔබ ට කවුද මේ දේ කියන්නේ. බ්‍රාහ්මණයෝගිනි තිබ්බ කතා.
      //eader Bakhtiyar Khilji
      The third and most destructive attack came when the ancient Nalanda University was destroyed by the Muslim army led by the Turkish leader Bakhtiyar Khilji in 1193. It is believed that Buddhism as a major religion in India had a setback for hundreds of years due to the loss of the religious texts during the attack.//.

      Delete
    23. https://en.wikipedia.org/wiki/Nalanda

      Delete

    24. Shobhit Tripathy, तत् त्वं असि
      Written Oct 26, 2014
      Buddha was one of the greatest spiritual masters that India produced.Even though he tried to deviate from the practices and teachings at that time, the core values of sanatana dharma remained intact. Infact Santana dharma incorporated the teachings of the Bodhisattva and made him an avatar of Lord Vishnu.

      The question of whether Buddha would object to his teachings being written down in sanskrit or for that matter any language is ridiculous. Such a high soul as the buddha would not bother as to which language his teachings are written down. But as far as my knowledge tells me, his teachings of the eightfold path were written down much later and that too in pali as it was the local language at that time.But a spiritual master like the Buddha wouldn't have had any issues with his teachings being read by people in more and more languages.Language presents no barrier to eternal wisdom.

      Delete
    25. ඔය ප්‍රශ්නය ගොඩක් තැන් වල කතා වෙන දෙයක්. මේ තව අදහසක්. මට ට්‍රාන්ස්ලේට් කරනන් කම්මැලියි.
      Following passage from Old Path White Clouds, Chapter 68

      The next afternoon Venerables Yamelu and Tekula visited the Buddha at his hut. These two bhikkhus were brothers from the brahmana caste. They were well-known for their expertise in linguistics and ancient literature. When they recited the scriptures, their voices were clear as bells and as resonant as drums. They bowed to the Buddha, and he invited them to be seated.

      Venerable Yamelu spoke, “Lord, we would like to speak to you concerning the question of language as it relates to the dissemination of the teaching. Lord, you usually deliver your talks in Magadhi, but Magadhi is not the native tongue of many bhikkhus, and the people in some of the regions where the bhikkus teach do not understand Magadhi. Thus, they translate the teaching into local dialects. Before we were ordained, we had the good fortune to study many dialects and languages. It is our observation that the sublime and subtle nuances of your teaching have been hampered by being translated into local dialects and idioms. We would like your permission to render all your teachings into the classical meter of the Vedic language. If all the bhikkhus studied and taught the teaching in one language, distortion and error could be avoided.”

      The Buddha was silent for a moment. Then he said, “It would not be beneficial to follow your suggestion. The Dharma is a living reality. The words used to transmit it should be the words used daily by the people. I do not want the teaching to be transmitted in a language that can be understood by only a few scholars. Yamelu and Tekula, I want all my disciples, both ordained and lay, to study and practice the Dharma in their native tongues. That way the Dharma will remain vital and accessible. The Dharma must be applicable to present life, and compatible with local culture.”

      Understanding the Buddha’s intent, Venerables Yamelu and Tekula bowed to him and took their leave.

      Delete
    26. https://nalandauniversity.wordpress.com/about/

      Delete
    27. //මට වැටහෙන ලෙස (මේ මට සිතෙන් දෙයක් බව කරුණාවෙන් සලකන්න) ඔබ කිසියම් හාමුදුරු නමක් සමග කතා කරනවා කියා මේ ගැන//

      එහෙම කරන්න තිබුනනම් හොඳයි. නමුත් එහෙම කෙනෙක් නැති එකයි ප්‍රශ්නෙ.
      //තර්කය කියන්නේ අවශ්‍යම දෙයක්//

      තර්කයක් කියන්නේ යමක් හරි හෝ වැරදි කියල ඔප්පු කිරීමට උත්සහ කිරීමක්. නමුත් මටනම් තෙරෙන්නෙ එහෙම යමක් ඔප්පු කිරීම නෙවෙයි බුදුදහමෙ කරන්නෙ. කරුණු සහිතව ප්‍රත්‍යක්ෂ කරගැනීම.

      හේතු ඵල දහම තර්කානුකූල දෙයක් නෙවෙයිනෙ.

      අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව කියන එක තර්කානුකූලව ඔප්පු කරන්නෙ කොහොමද ?

      //නාගර්ජුනයන් පවා පිළිගත් දෙයක්.//

      මිලිඳු රජු තර්කයෙන් බුදුදහම බොරු කියල ඔප්පු කරපු කරන්න උත්සහ කරපු නිසා තමයි හාමුදුරුවරු නාගර්ජුන හාමුදුරුවන්ව යොදාගන්නෙ ඒකට. එතනදි විවාදයක් ඇතිවෙන්නෙ නෑ අන්තිමට. කරුණු පැහැදිලිකිරීමක් පමණයි වෙන්නෙ. වාද කරානම් පානදුරා වාදය වගේ ඒව. ඒව දින්නෙ කථිකත්වය සහ තර්ක හැකියාව මත.

      තර්ක කිරීම නිසා තමයි තාර්කික නොවන දේවල් සමඟ ගැටෙන්නෙ.

      ඒ නිසා තමයි මන් කියන්නෙ පියවරෙන් පියවර ප්‍රත්‍යක්ෂ කිරීමෙන් හැර වෙන ක්‍රමයකින් මේ ධර්මය අල්ලන්න බෑ කියල.

      ඉතිහාසය පිලිබඳ මගේ දැනුම නිවැරදි නොවෙන්න පුළුවන්.

      Delete
    28. හේතු ඵල වාදය ගැන කතා කරන්න ගියොත් අපහු පටිච්ච් සමුප්පාදේට යන්න වෙනවා. කිසිම එයක් ස්වාධින පවතින්නේ නැහැ උපදින්නේ නැහැ කියන. ඉතා සරලව ගත්තොත් හැම දේකම ම (මෙතන සිතුවිලි හා දේවල්) හේතුවක් හෝ හේතු සමුහයක් නැතිව පදින්නේ වත් පවතින්නේ වත් නැහැ. ඇරිස්ටෝටල් ගේ කෝසලිටි කියන අදහසත් ලඟින් යනවා. ඔඅ දර්ශනවාදයේ තර්ක කරන කරුණු.
      මෙතන මම බුදු දහම බොරු කරනන් හදනවා නෙමේ. ඒ අදහසින් ආවොත් වැරදි පැත්තට තර්ක කරන්නේ. හරි තැන මොකක්ද කියන එක.
      //ඒ නිසා තමයි මන් කියන්නෙ පියවරෙන් පියවර ප්‍රත්‍යක්ෂ කිරීමෙන් හැර වෙන ක්‍රමයකින් මේ ධර්මය අල්ලන්න බෑ කියල// දැන් අපි කරන්නේ මොකක් කියලද ඔයා හිතන්නේ. ධර්මය කියන්නේ මේ ලෝකයේ දැනුම් සම්භාරය. බුදු හාමුදුරුවන් දෙසු ධර්මය විතරක් නෙමේ. අපි කරන සංවාද තුලිනුත් ධර්මය පැහැදිලිව අවබෝධ කර ගැනීමක් කරන්නේ.
      පටු විධිහට ගියොත් - ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කරලා බණ භාවනා කරලා මම මරුනහම බලන්න ඕනේ ගන්ධබ්බය ඉන්නවද කියල. හැබැයි එතකොට මට ආපහු ඇවිල්ල මේක ලියන්න බැහැනේ.
      අපි දෙන්නට මැරුණට අපස්සේ තමා බලන් වෙන්නේ. එහෙම නම් මේ කිසිම දෙයක් හොයන එකවත් කරන එකවත් තේරුමක් නැහැ. මේකන් වෙන්නේ මොකක්ද දන්නවද? මිනිස්සු නිකන් ඉන්න එක.
      ඔහේ ධර්මය මේකයි කියල පිලි අරන් ඉන්නවා. ඕක අනුගමනය කරන අය හුඟක් අඩුයි.
      මේක තමයි කර්මය අනුව අපට ලැබුන දේ කියල උදාසීනව ඉන්න ජනතාවක් තමා බිහි වෙන්නේ.
      කෙසේ වෙතත් අගන සංවාදයක යෙදීම ගැන ඔබටත් අනිත් අ යටත් ස්තුතියි . හොඳ මතයන් කිහිපයක් හුවමාරු වුණාමේ පිළිබඳව මම වෙනම ලිපියක් ලියන්න අදහස් කලා. මොකද නැත්නම් මුලික ලිපි පෙළේ අදහස මග හැරෙන නිසා.
      ස්තූතියි.

      Delete
    29. //පටු විධිහට ගියොත් - ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කරලා බණ භාවනා කරලා මම මරුනහම බලන්න ඕනේ ගන්ධබ්බය ඉන්නවද කියල. හැබැයි එතකොට මට ආපහු ඇවිල්ල මේක ලියන්න බැහැනේ.
      අපි දෙන්නට මැරුණට අපස්සේ තමා බලන් වෙන්නේ. එහෙම නම් මේ කිසිම දෙයක් හොයන එකවත් කරන එකවත් තේරුමක් නැහැ. මේකන් වෙන්නේ මොකක්ද දන්නවද? මිනිස්සු නිකන් ඉන්න එක.
      ඔහේ ධර්මය මේකයි කියල පිලි අරන් ඉන්නවා. ඕක අනුගමනය කරන අය හුඟක් අඩුයි.
      මේක තමයි කර්මය අනුව අපට ලැබුන දේ කියල උදාසීනව ඉන්න ජනතාවක් තමා බිහි වෙන්නේ.//

      අපි ඔබේ ලිපියේ මාතෘකාවෙන් බාහිරට යැවුන මේ ඔස්සේ සංවාද කරන්න ගිහින්. අපි වෙනම අවස්ථාවක මේ ගැන කථා කරමු.
      ඔබ සඳහන් කල මේ මතයෙ තමයි ගොඩ දෙනෙක් ඉන්නෙ. ඒක ථේරවාදී බුදුදහමට අනුව වැරදි. කුසලය සහ වීර්‍යය ගැන කථාකරන ධර්මය පැත්තක දාල කර්මයට හැමදේම බාර දීල කම්මැලිකමේ ඉන්න පිරිසක් බිහිවෙලා තමයි. මේ ජීවිතෙම ප්‍රතිථල ලැබෙන ධර්මයක්, පරලොවට බැර කරල තමයි. ඒක ඒ අයගෙ නොදැනුවත්කම.

      බොහොම ස්තූතියි මෙහෙම අවස්ථාව දුන්නාට අජිත් මහතාණෙනි.

      ලිඛිතා, ඔබටත් ස්තූතියි.

      Delete
  16. අදහස්, ඔබේ දීර්ඝ පිළිතුරට ඉතා ස්තුතියි. මේක ස්පෑම් ෆෝල්ඩරේට ගිහින්න් තිබ්බේ. ඇයි කියන්න දන්නේ නැහැ. මගේ ඊමේල් එකේ දැකල ගිහින් ච්ලියර් කලේ.

    ReplyDelete
    Replies
    1. //ලඟදි මැරුණම එක තලයක ඉන්නේ. ඊට පස්සේ තලවල උඩට යනවා තල (plain) හතක් තියනවා. ඒ මොනවාද?//

      //මේවා ථේරවාදී අදහස් නොවෙයි. // - මේවා ථෙරවාදී අදහස් කියල මම කොහෙවත් කියල නැහැ. ඒවා කියන්නේ මීඩියම් ලා හෙවත් මළවුන් සමග කතා කරනවා යයි කියන අය. මගේ මුල් ලිපි වල ඒ ගැන කියා තිබෙනවා.

      Delete
    2. ඔව්. මගේ දැනුම ථේරවාද බුදුදහම තුල තියන නිසා මං එහෙම සඳහන් කලේ.

      Delete
  17. හම්මියෝ.. ලිපිය කියවලා මොලේ දන්න ගත්තා.. කොමෙන්ට් කියෝලා පපුව දන්න ගත්තා .. ඊස් ඇට වලියක් නැති දවසක් ගැන හීන දකිමින්..

    ReplyDelete
  18. අජිත්,
    මම ඔබට පිළිතුරක් දෙන්න පොරොන්දු වුනත් ඒකට කාල වේලාව සොයා ගත නොහැකි වුනා. ඒ ගැන ඔබෙන් සමාව අයදිනවා
    අනෙක මේ ලිපිය තුල ඔබ බොහෝ පුලුල් කරුනු සාකච්චා කර තිබෙන නිසා ඒවාට පිළිතුරු සැපයීමේදී එකින් එක ගෙන ව්ග්‍රහ කල යුතු බැවින් ඉතා දීර්ඝ වූ පිලිතුරක් සැකසෙනවා.

    එහෙත් කෙසේ හෝ මෙයට පිලිතුරක් දීමට මා බැඳී සිටින වග පිළිගන්නවා. හැකි ඉක්මනින් එය ඉටු කිරීමට යත්න දරනවා.
    පසු ගිය සති කීපය තුල මා කිසිදු බ්ලොග් අඩවියක් අඩු තරමින් කියැවීමෙන් හෝ දායක වූයේ නැහැ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .