Saturday, 12 June 2021

කාබනික ප්‍රශ්නය ගැන මගේ අදහස


මම ලෝකයේ ඕනෑම රටක කාබනික පොහොර භාවිතා කරනවට කැමතියි. ඒක අර ආණ්ඩුව කලාද මේ ආණ්ඩුව කලාද කියන එක කොහෙත්ම අදාල නැහැ. ඒක ප්‍රතිපත්තියක්. අපි හුඟක් වෙලාවට මිලදී ගන්නෙත් ඕගනික් එළවලු, පලතුරු සහ මස්. ටිකක් ගණන් වැඩියි තමා. නමුත් වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ගන්න කොට ඒවායේ ගාන අඩුවෙන්න ඕනේ නේද. ඒ කියන්නේ ඕගනික් (කාබනික) අහර ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම වැඩි වෙනකොට තව ගොවින් , සහ සමාගම් ඒවා නිෂ්පාදනය වැඩි කරනවා. එතකොට තිවන තරඟය මත මිල අඩුවෙන්න ඕනේ. මම බොන සෝයා කිරි දැන් එකම ගාන වෙලා තියෙන්නේ. මුලදී ගණන්. (කාබනික සහ නැති එක) ඒක එහෙමයි වෙළඳපළේ වෙන්නේ.
(බොරුනම් එකොන් ගෙන් අහන්න)

ඉතින් මේ කාබනික පොහොර භාවිතා කරන රටවල (යුරෝපයේ) රසායනික පොහොර තහනම් කළේ නැහැ. කලේ කාබනික පොහොර භාවිතා කරන ගොවීන්ට වැඩි සහනාධාර දෙන එක. රසායනික පොහොර වලින් හදන කෑම ලාභයි. නමුත් ඒක පාරිභෝගිකයා අතේ තියෙන්නේ. තමන්ට ඕන නම් කෘමි නාශක තියෙන එලවලු සහ කෑම කෑව හැකි. කාල පස්සේ පිළිකාවකුත් පොඩ්ඩක් හදා ගත්ත හැකි. නැත්නම් ඕගනික් එක ගත හැකි. ඒක තමයි නිදහස.
ඕක බලෙන් කරන්න ගියහම අර මා ඕ ගේ අණින් ගේ කුරුල්ලෝ මරපු චීනුන්ට වුන දේ වුනත් වෙන්න පුළුවන්. පිටින් ගෙන්වනවට වඩා ලංකාවේ කාබනික පොහොර හදන එක හොඳයි කියල විද්වතුන් කියනවා. නමුත් පහුගිය වසර ගණන පුරා සමාගම් විසින් ලංකාවට කාබනික පොහොර ගෙන්වනවා.දැන් කෑ ගැහුවට හුඟක් අය ඒකත් දැනගෙන තියෙන්නේ ඊයේ පෙරේද. ගොවීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම නිලධාරීන් හරහා පුහුණුව දෙන්න ඕනේ. ඒ පිළිබඳ පොත පතපත්‍රිකා ගහන්න ඕනේ. හිතුන පලියට පොල්ලකින් ගහනවා වගේ රටක වගා විනාශ කරන්න රජයකට බැහැ.ප්‍රශ්නේ තියෙන්නේ එතැන. කෘෂිකර්මය උගත් අයගේ උදව් අරගෙන සැලැස්මකට කරනවනම් හැමෝගෙම සහයෝගය ලැබේවි.

කෘෂිකර්ම නිලධාරීන්ටත් අවබෝධය නැතිනම් ඔවුන්ව පුහුණු කරන්න ඕනේ.

හැබැයි මටනම් හිතෙන්නේ විදේශ සංචිත සීග්‍රයෙන් අඩුවී ගෙන යන නිසා මේ රසායනික පොහොර තහනම පැනෙව්වා කියල. හැබැයි ඒත් ඉතින් මන්ත්‍රීන්ට ජීප් ගන්න විදේශ විනිමය තියෙනවා කියන්නේ ඉතින් එහෙම වෙන්නත් බැහැ.

ලංකාව දුප්පත් වෙනවට හෝ කරදරයේ වැටෙනවාට අපි කවුරුත් කැමති නැහැ. එනිසා බලයේ ඉන්න අය හොඳට කල්පනා ජාතියටම බලපාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් හොඳයි.

බ්‍රිතාන්‍යයේ මේ වැඩේ බොරුවට කරන්න බැහැ. මෙන්න මේ ලිස්ට් එකේ තියෙනෙන් කාබනික සහතිකය දෙන සංවිධාන (බ්‍රිතාන්‍යයේ) . ඒක නැතිව කාබනික ලේබල් නිකන් ගහල කිසි දෙයක් විකුනන්න බැහැ.

පින්තූරය අන්තර්ජාලයෙන් 

38 comments:

  1. එදා වේල හොයලා කාගෙන පුරුදූ
    රටකට කොහෙද දැකුමක් හොඳටම විහිදූ
    ඉතිං එයිද මෙරටට සිරිකත් ළන්දූ
    වැටෙයි රටට එක පෙළටම තව බිංදූ

    ReplyDelete
    Replies
    1. ලංකාව රටේ මිනිසුන් ගේ ධෛර්‍යය නිසාම ඉදිරියට යන රටක්.

      Delete
  2. අපි බොහෝ දෙනෙකුගේ මතය වන්නේ ඕකම තමයි. මීට කාලෙකට පෙර පසු අස්වනු හානිය අවම කර ගැනීමට කියලා ප්ලාස්ටික් ක්‍රේට් හඳුන්වලා දුන්නු ඇමතියා කලෙත් ඒ ටික මයි. එක රැයින් ඔය දෙවල් එහෙම කරණ්න බෑ. අනික අපි එහෙම වෙනස් වීම් වලට කැමති ජන කොට්ඨාශයකුත් නෙවෙයි. මේවා දීර්ඝ කාලීන සැලසුම් විදියට වෙන්න ඕන!
    මේ අපේ රට වල තියෙන සුජාත භාවයේ තියෙන හොඳ කම නිසාම අළුතින් යමක් කරණ්නට යන හැම කෙනාම බලන්නේ වපර ඇහින්. අනික පලමුව ඇවැසි සමාජ කථිකාව, අනෙකුත් දේශපාලන පක්ෂ, විද්වතුන්, සමාජ ක්‍රියා කාරීන් සියල්ලම පැත්තකින් තියලා තමයි "වෙනස් කොරන්න" පටන්ගන්නේ. ඒ නිසාම සමාජය තුලින් එන්නේම දැඩි ප්‍රථි රෝධයක් වගේම ඝර්ෂණයක්.
    තීන්දු තීරණ ගන්නේ හීනෙන් අවදි වෙලා වගේ! සමහර තීන්දු දිහා බැලුවාම "මෙච්චර කාලයක් දෙයියනේ එහෙමද වෙලා තියෙන්නේ?" කියලා බය හිතෙනවා. තමන්ගේ දේශපාලන නායකයා හට හිතට එන ඕනෑම අදහසක් තීන්දුවක් තීරණයක් කරේ තියාගෙන යන දේශපාලන ගෝල බාලයින්; කොටින්ම කේවට්ටයින්ගෙන් පිරුණු දෙශපාලනය්ක් පවතින අපේ රටේ මීට වඩා යහපත් දෙයක් බලා පොරොත්තු වෙන්නත් බෑ.
    ඔය කොම්පෝස්ට් කතන්දරේ ගත්තත් හිතන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා.
    එක්දහස් නවසිය තිස් ගනන් වලදී උපත් මරණ අනුපාතය සීයට තුනක්. මිනිහෙකුගේ පරමායුෂ අවුරුදු 58 ක්. අද වන විට එය 0.3 ක්. (මේ සංඛ්‍යා ලේඛණ වල යම් වරදක් වෙතොත් කමා වන්න. මතකයෙන් ලියන්නේ!) එතකොට රසායන පොහොර වලින්ම එසේ මහ විශාල වරදක් වීඇත්දැයි සිතිය හැකිද?

    මෙට හේතු දහසක් කියන්නට සමත් වුවත් නැවත මේ කාර්නා ඝැන හිතන්නට සිදුවනවා නොවේද?
    තවත් කරුණක් පසුගිය කාලයේ සාක්ච්ඡාවිය! රසායනික භාවිතය; වකුගඩු අකර්මණ්‍යවීමට සෘජුව බලපානවා නම් නුවර එළියේ ගොවීන් හට ඒ ගැටළුව නැත්තේ ඇයි? මන්ද ඔවුන් තරම් රසායනික ද්‍රව්‍ය භාවිතයක් රටේ වෙනත් කිසිදු පලාතකින් දැකිය නොහැකි බව මාගේ විශ්වාසයයි.
    මේ කරුණු කෙසේ වෙතත් ජනාධිපති මෙම තීරණය ජන මාධ්‍යය ඉදිරියේ ලෙහා පෙන්වීමට සති දෙක තුනකට පෙර වත් පොතේ සුපිරි වදන් පෙලක් පලවිය "මේවන විට පොහොර ගෙන්වීම සඳහා අවශ්‍ය විදේශ විනිමය හිග කමින් පෙලෙන මෙම රජය; ඉදිරි කාලය තුල කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමට පටන් ගනු ඇත!" මේ එම වදන් පෙලයි.
    මා කලින් පැවසූ ලෙස; පවතින රජයේ සුජාත භාවය පිළිබඳව හොඳින් දන්නා මහජනතාව මේ රජය ගන්නා කුමන විදියේ සුභවාදී තීන්දුවක් තීරණයක් පිළිබඳව රබර් ඇහෙන් බැලීම යථා තත්වයට ගෙන ඒමට; ගෝඨාභය, මහින්ද තබා: අපේ වියදමෙන් සෑදූ සොහොන් කොත යට දිරාපත් වන මහ එකා වලෙන් නැගිට ආවත් නොහැකි වනු ඇතැයි මාගේ පෞද්ගලික අදහසයි!

    ReplyDelete
    Replies
    1. //මේ අපේ රට වල තියෙන සුජාත භාවයේ තියෙන හොඳ කම නිසාම අළුතින් යමක් කරණ්නට යන හැම කෙනාම බලන්නේ වපර ඇහින්. අනික පලමුව ඇවැසි සමාජ කථිකාව, අනෙකුත් දේශපාලන පක්ෂ, විද්වතුන්, සමාජ ක්‍රියා කාරීන් සියල්ලම පැත්තකින් තියලා තමයි "වෙනස් කොරන්න" පටන්ගන්නේ. ඒ නිසාම සමාජය තුලින් එන්නේම දැඩි ප්‍රථි රෝධයක් වගේම ඝර්ෂණයක්.// මෙතනත් ඒ ප්‍රශ්නයම තියනවා කියල තමා පැහැදිලිවම පෙනෙන්නේ

      Delete
    2. Demographics of Sri Lanka
      Growth rate 0.612% (2019)
      Birth rate 17.04 births/1,000 population (2012 est.)
      Death rate 5.96 deaths/1,000 population (July 2012 est.)
      Life expectancy 75.94 years (2012 est.)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලංකාවේ අනිත් රටවල් වගේම වැඩිපුර ජිවත් වන්නේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා කෙලින්ම. බටහිර වෙදකම නිසා. මෙතැන මේ වැඩේ කරන්නේ විදේශ විනිමය ප්‍රශ්නය නිසා තමයි. නමුත් අපි සහයෝගය දෙන්න ඕනේ කාබනික ව්‍යාපෘතියට සැලස්මක් වශයෙන් අවුරුදු ගණනක. මැරෙන්න වෙන්නේ දැන් නෙමේ. පස්සේ. වකුගඩු අමාරුව වගේ ඕක දිර්ඝ කාලීන ප්‍රශ්නයක්. ඒකනේ ලෝකයේ කාබනික පොහොර වලට යොමු වන්නේ. මිනිසුන්ගේ සෞඛ්‍ය එමන්ම පරිසරයද විනාශ වෙන නිසා.

      Delete
    5. රසායනික පොහොර භාවිතය ගැන ඉතාම හොඳ, රසවත් පොතක් Silent Spring! රැචල් කාර්සන් ලියා තිබෙන්නේ. මම නම් කියෙව්වේ එහි සිංහල පරිවර්තනයයි. චන්දි රාජපක්ෂගේ පරිවර්තනය 'වසන්තය නිහඬ ය'- විසිදුනු පොතක්.

      හැමෝම කියවිය යුතු එකක් විදිහටයි මං එය දකින්නේ.

      Delete
    6. මගේ මස්සිනා බෝංචි ගොවියෙක්, කන්නයක් වී ඉන් පසු බෝංචි සහ තක්කාලි ඊට පස්සේ රාබු/නෝකොල්/ කුරක්කන්. පසුගිය වසර 3ක් තිස්සේ එයා භාවිතා කරන එකම පළිබෝධනාශකේ කොරැජන්ස්, දළඹුබෝ / පණුවෝ පාලනයට යොදන එකාබද්ධ පළිබෝධපාලන (IPM) ලේබලේ ඇති සින්තටික් එකක්,පරිසරයට සහ මිනිසාට ඇති හානිය ගොඩාාක් අඩුයි. එයා සාමාන්‍ය ගොවියෙක් අනිත් ගොවියන් තෙල් බෙහෙත් මුදලාලි කියන විදිහට තමයි ගොවිතැන, මම මේකතාව ලිව්වේ බොහෝ දෙනා කියන තරම් අති දරුණු යකෙක් දැන් නෑ කියන එක පෙන්වන්නයි, කෘෂි රසායන වෙළඳපොල අති සීඝ්‍රයෙන් හොඳ අතට හැරෙන එකක්. අපි පළු යනකං බනින බහු ජාතික බූවළු කොම්පැණි ඹව්වා ගැන පට්ට වොරි වෙන බව මම පෞද්ගලිකවම දන්නවා. මම කාලෙකට පෙර ලොකුම එකේ රීජනල් මැනේජරයෝ කීප දෙනෙක් එක්ක පොඩි වැඩත් කරා, අපිට වගේ නෙවෙයි උන්ට පොඩ්ඩ ගැස්සුනොත් නැතිවෙන්නේ යෝට්, පෙරාරි ජීවිතයක්.

      Delete
    7. ස්තූතියි , ස්තූතියි ඇනයා , මමත් පරණ ඉඩමක වගා කරනවා කෙනෙක් දාල ඉඩ තියෙනේ තැන්වල සාගතයක් එයි කියල. මගේ කොටස නිකන් දෙනවා නෑදෑයින්ට අහල පහා අයට , ඒ ගොවියා ගහන තෙල් හා පාවිච්චි කරන වතුර, පිස්සෙක් වගේ . මම මේ පාර දැකල කියල දීල ආව වතුර භාවිතා කරන විධිහ. රසායනික පොහොර භාවිතය සියයට සියයක් හොඳ කරනන් බැහැ. එංගලන්තේ දහයේ පන්තියේ පාඩම් වලට ඒවා වලින් වෙන පරිසර විනාශය ගැන ලියන්නේ ඒකයි. පර්යේෂණ වෙන්න ඕනේ කාබනික පොහොර නිසා අඩුවෙන පලදාව වැඩි කරන හැටි , තෙල් නොගහ හිටියොත් පනුවෝ කනවා කියල ගොවියෝ කියන පලවා විනාශ වෙන හැටි වලක්වන්න ක්‍රම. සෝවියට් දේශයේ පස කොපමන් විනාශ වෙලාද කියල දන්නේ පස්සේ.

      Delete
  3. බේයර්, මොන්සැන්ටෝ බීජ මොනපොලි එක ගැන විවේචන තියනවා නේද?
    ඇතත්, නැත්ත කෙසේ වෙතත්, බහු ජාතික සමාගම් වලට කෘෂිකර්මය කියන්නෙ ව්‍යාපාරයක්. කියුබාවේ, කාබනික පොහොර සහ ජීව කෘමිනාශක සාර්ථකව කරගෙන යනවා කියල කියනවා. කියුබාවෙන් ගතයුතු දේ ඇති නමුත්, පරමාදර්ශයක් නම් නෙමෙයි.

    GM crops වගේම භෝගයම තම කෘමිනාශක නිපදවා ගන්න ජාන වෙනස් කල භෝග, කෘතීම පොහොර භාවිතා නොකර වගා කලත් , ඒක කොච්චර හොඳ වේවිද කියන එක මතභේදයට තුඩු දෙන කතාවක්.

    කෘතීම පොහොර එකවර කපා නොහැර, අර ඔබ කිව්වා වගේ ක්‍රමවේදයක් භාවිත වඩා සුදුසුයි කියල හිතෙන්නේ, මිනිස්සුන්ට කන්න දෙන එක වඩා වැදගත් නිසා. මේ රැබිට් හෝල් එක දිගේ යන්න, මගේ දැණුම මඳි

    ReplyDelete
    Replies
    1. පෙසපේ මගේ යාලුවෙක්වන සේනක හෙට්ටි ආරච්චි ඔය වගේම කතාවක් කියල තිබබ් ෆේස්බුක් එකේ. බහු ජාතික සමාගම් විශ්වාස කරන්න බැහැ කියල. නමුත් මිනිස්සු හරියට වැඩේ ඉගෙන ගන්න කල් වෙන විකල්පයක් නැහැ. සමාජවාදය එනකන් හිටියොත් කෝච්චිය ගිහිල්ල හමාරයි

      Delete
  4. මී හරක් කතාවක් නම් එතැන කොළඹ ගමයා කිසිම රෙස්පෙක්ට් එකක් නැති ඩීල් ⁣කාරයෝ කුනු හෝඳන්න කඩේ ගිහිල්ල තොගේ රෙදි ගලවාගන්න එපා

    ReplyDelete
    Replies
    1. ඇනෝ ලිපිය හරියට කියවහන් , කාගේ කුණුද හෝදලා තියෙන්නේ

      Delete
  5. චුට්ට චුට්ට වස තියෙන ඒවටත් ප්‍රමති සහතික දුන්නා කිව්ව අහවල් ඇටේ රටේ කාබනික කියලා සහතික දුන්නොත් ඒවා ගැන හිතා ගන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඕක නම් ඉතින් ලොකු ප්‍රශ්නයක්, පාදෙනියට භාර දුන්නොත් මොකද හේ හේ පවුලේ අයට හරි නිවැරදි සහතිකයක් දෙයිනේ හේ හේ

      Delete
  6. මං අහල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවේ වගාවලින් 60% ක් කාබනික කියල සහ ඒ රට ඒ තත්ත්වයට ආවෙ අවු 20 ක් තිස්සේ ක්‍රමානුකූලව කරලයි කියලයි

    ReplyDelete
    Replies
    1. රයිගමය ඕකට විරුද්ධව එකක් ලියල තියනවා නේද. මම හරියටම ඕස්ට්‍රේලියාවේ තත්වය දන්නේ නැහැ. පෞද්ගලිකව ගත්තොත් මට අසාත්මිකතා තියනවා. එනිසා මම කාබනික වගාවට කැමැතියි. ප්‍රශ්නේ ඕක වැඩිවේගන යනවා. බ්‍රිතාන්‍යයේ ගොඩක් ළමයිනට රටකජු වලට අසාත්මිකතාව තියනවා. එන්න එන්නම් වැඩිවෙනවා.

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ මුළු වගා බිම් වලින් 8.8% ක් කාබනික වගාවන් ලෙස පවත්වාගෙන යන බවත්, ඒ ප්‍රමාණය හෙක්ටෙයාර් 35,645,000 (අක්කර මිලියන අනූවක් විතර) බවත් කියවෙනවා. ඒ අක්කර මිලියන අනූව, ඕස්ට්‍රේලියාවේ වගා බිම් වලින් 8.8% ක් උනත් ලෝකයේ මුළු කාබනික වගා බිම් වලින් 54% ක් බවයි කියැවෙන්නේ.

      කාබනික වගාවකට අනුමැතිය ලබා ගන්න නම්, අඩුම වශයෙන් වසර තුනක් වත් අඛණ්ඩව රසායනික පොහොර/බෙහෙත් නොයෙදූ බවට සහතික කර (ලංකාවේ දුං සහතිකේ වගේ හොරට ගන්න බැහැ) වගා කල යුතු වෙනවා. නමුත්, විශාල වගාවන් කාබනික ලෙස පවත්වා ගෙන යාමේ හැකියාවක් දැනට නම් පෙනෙන තෙක් මානයක නැහැ.

      මේ ලියන මගේත් එක විනෝදාංශයක් වෙන්නේ වගාවයි. උණුසුම් කාලයේදී ලංකාවේ හේන් එළවලු (පතෝල, වැටකොළු, කරවිල, වට්ටක්කා, රතු ලූනු, ගොටු කොළ, මුකුණුවැන්න වැනි)ත්, සීත කාලයේදී බීට්, රාබු, ස්නෝ පීස්, ලීක්ස්, බ්‍රොකොලි, කේල්, සිල්වර් බීට්, කෝලිෆ්ලවර් වැනි දේත් සාර්ථකව වගා කරනවා. රසායනික පොහොර යෙදුවාට, රසායනික නොවන කෘමි නාශක බොහෝ විට භාවිතා කරනවා. ඒ උනාට කෘමි සතුන්ගෙන් බේරන්නම බැරි උනාම, රසායනික බෙහෙතුත් ගහනවා. මට මෙහේ තිබිලා "මැලතියොන්" පවා හමු උනා. එහි උපදෙස් වලට කියන්නේ මැලතියොන් ස්ප්‍රේ කලොත්, දින තුනක් යනතුරු අස්වනු නෙලන්න එපා කියලා විතරයි. ග්ලයිපොසේට් ගැන කියන්න ඕනෑ නැහැනේ!

      ලංකාවේ පාලකයෝ කාබනික පොහොර හදන්න බලාපොරොත්තු වෙන්නේ 2 මිනිට් නූඩ්ල්ස් හදනවා වගේ කියලයි මට හිතෙන්නේ. මටත් කොම්පෝස්ට් ටැංකි දෙකක් තියනවා. ඒවාට දාන Grass ( lawn) clippings, උදුරාපු එළවළු වැල්, ගස් (ගස් නම් shredder එකට දාලායි කොම්පෝස්ට් දාන්නේ ) කොම්පෝස්ට් වෙලා ප්‍රයෝජනයට ගන්න මාස 5-8 අතර කාලයක් (දේශගුණයේ උණුසුම්/ශීත බව මත) ගත වෙනවා. නමුත් ලංකාවේ කිසිම පුවතක, මේ කියන කොම්පෝස්ට් පෝර සෑදීමට ගතවන කාලය ගැන කිසිම සඳහනක් නැහැ.

      කාබනික පොහොර ඉතාම හොඳයි, ඒ ගැන විවාදයක් නැහැ. ඒ උනාට, මේ රසායනික පොහොර තහනමට GR ක්‍රමය (GR කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, Gazette Reverse ) ක්‍රියාත්මක නොකොළොත්, අපේ රටේ නැවතත් බැමිණිටියා සායක් (මිනි සායක් නොවෙයි, මැක්සි සායක්) ඇතිවෙනවා.

      Delete
    3. https://raigamahandiya.wordpress.com/2021/06/12/අ-කාබනික-ලෝක
      ඔව්. රයිගම් කියන්නෙ එහෙමවත් නෑකියලයි.
      රයිගම්ගේ මේ ගැන ලියවිලිවලින් කාබනික වගා ගැන තාත්වික තත්වය දැනගන්න පුලුවන්

      Delete
    4. ආණ්ඩුව මේ කරපු ගොන් වැඩේ නිසා කාබනික වගාවට කෙලවෙනවා. මොකද ආණ්ඩුව මොනවා කලත් විරුද්ධ වෙන ගොබ්බ රැඩිකල් සෙට් එකක් ඉන්නවා . (අර පියුමි හංසමාලි කේස් එකට අහුවුන සෙට් එක වගේ) . ඊළඟට සමාජවාදය එන්නේ නැතිව මොකවටැහැ කරන්න කැමති නැති කට්ටියක් ඉන්නව. ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් වම දකුණ වගේ බෙදෙනවා. ඕක ලොකු ප්‍රශ්නයක්. අපිඅ කතා කර ගන්න ඕනේ ආණ්ඩුව කරන මේ ගොබ්බ වැඩේ හරි විධිකට හරවා ගන්න කොහොමද කියල. //කාබනික පොහොර ඉතාම හොඳයි, ඒ ගැන විවාදයක් නැහැ. ඒ උනාට, මේ රසායනික පොහොර තහනමට GR ක්‍රමය (GR කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, Gazette Reverse ) ක්‍රියාත්මක නොකොළොත්, අපේ රටේ නැවතත් බැමිණිටියා සායක් (මිනි සායක් නොවෙයි, මැක්සි සායක්) ඇතිවෙනවා.// ඔව් ඒක වෙන්න පුළුවන්. කොහොමත් කෝවිඩ් නිසා ඇතිවේගන යන්නේ

      Delete
    5. https://www.researchgate.net/profile/Anoop_Srivastava7/post/What_are_the_adverse_effects_of_fertilizer_application_on_crop_utilization/attachment/5a0d4b414cde2626891583b4/AS%3A561236735688704%401510820673436/download/Effect_of_chemical_fertilizer.pdf

      Delete
  7. 1. මම කාබනික ගැන ඉන්නේ ගෙඩිය පිටින්ම වගේ රයිගමයාගේ මතයේ, මම ගොඩක් උත්සාහ කරා කාබනිකම කන්න ඹ්නි කියල හිතන අයට තමුන්ටම නඩත්තු කරගන්න හැකි ආරක්ෂික වගා ගෘහයක් හදන්න, ඇමරිකාවේ වගේ ස්වාභාවික සතුරන් තැපෑලෙන් ගෙන්වාගන්න ක්‍රමයක් අපට නෑනේ තවම,ඉතින් මගේ උත්සාහය සම්පූර්ණයෙන්ම අසාර්තකයි, දැන් අපි වගේ හිටි ගමන් දවස්ගානත් අතුරුදහන්වන අයට සුදුස ගැජට්කෑලි එහෙම තියෙන සෙමි ඔටෝ හයිබ්‍රිඩ් වගා කුටියක් හදන්න ට්‍රයි කරනවා, ඒක අළුත් සින්තටික් පොහොර, කොම්පෝස්ට් සමඟ පළිබෝධකයෙන්ගේ වැඩි ආකර්ශනයක් නැති භෝග.
    3. ලංකාවේ තියෙන්නේ කාබනික ආදරයක් නොවේ, කොම්පැණි/ධනපති වෛරයක් ඒ ගැන අදහසක් අද අජිත් පැරකුම්ගේ (මේ විප්ලවීය මොහොතේ වම බලය නොගන්නේ ඇයි?) පොස්ට් එකේ තැනින් තැන ලියවිලා තියනවා.

    4. ලංකාව කියන්නේ බොහො දුරුට ලෝකයට ආදර්ශමක් විදිහට පළිබෝධනාශක නියාමනයක් කරලා තියන රටක්,සෑම් පෙරේරා ලියා තිබුනා මැලතියන් තියනවා කියලා, නමුත් ලංකාවේ 1 සහ 2 කැටගරි දෙකේම ඒව්වා සහමුලින්ම අයින් කරලා, ඉතාම කලාතුරකින් මැලතයින් ඉන්දියාවෙන් මාළුබෝට්ටුවලින් ගෙනවිත් හෙරොයින්වලටත් වඩා ඇඩල්ටරෙට් කරලා පැකැට් කරලා බයික් වල පෙට්ටි බැදගෙන ඇවිත් විකුනනවා, එව්වා බෝග වලට යොදන්නේ නෑ ගන්නේ ගෙවල් වලට රිංගන විශකූඹි මරන්න.

    4. ලංකාවේ හැම එකාම හිතා ඉන්න මහා විනාශකාරී පළිබෝධනාශක දැනට භාවිතාවෙන්නෙත් නෑ. දැනට ලංකාවේ බහුල කෘමිනාශක සින්තටික් පයිරතොයිඩ් කාන්ඩවල සෙලෙක්ටිව් න්‍රියාකාරී එව්වා, ඒවා ගැව්වාම පරිසරයේ ඉන්න සත්තු සේරම මැරෙන්නේ නෑ, අඩු තරමේ එකම කෘමියාගේ එක අවධියකට යොදන ඒවායින් වෙනත් අවධියක ඉන්න උන්වත් මැරෙන්නේ නෑ, ඒ නිසයි අවබෝධයක් නැති ගොවියෝ ඩබල් ට්‍රිබල් ඩෝස් ගහන්නේ.

    ලංකාවේ කෘෂිකර්මාන්තය/ ගොයියා ගැන අමුතු පොස්ට් එකක් Krishna Ramanayaka ලියල තියෙනවා බුකියේ.

    ReplyDelete
    Replies
    1. ඇණය ගේ ජොබ් එක කෘෂිකර්මයට සම්බන්ධයි කියල හිතනවා. මමත් සම්බන්ධ වගාවක හුගක් පලදාව පණුවෝ ගහල විනාශ වෙලා කොම්පෝස්ට් හදන වලට දැම්මා ඊයේ පෙරේද. එළවලු වල සයිස් එකත් අඩුවෙනවා පොහොර දාන්නේ නැති නිසා. එතකොට විකුණන මිලත් අඩු වෙනවා. මම කියන්නේ කාබනික පොහ්ර ක්‍රමය සල්සමක් වශයෙන් ගෙනියන්න් ඕනේ කියල ක්‍රම ක්‍රමයෙන් හැරෙන විධිහට, රයිගමයත් ඇණයත් කියන දෙන්නටම ඉංග්‍රීසි පුළුවන් නිශ අත්ව ටිකක් රසායනික පොහොර නිසා මිනිසාට බලපාන අන්දම සහ පරිඅරයට ඇතිවන බලපෑම ගැන තව දුරටත් අධ්‍යනය කරන්න කියල ඉල්ලා සිටිනවා. ඒක කොමෙන්ට් එකකින් පැහැදිලි කරන්න බහ. ට්‍රම්ප්, බෝල්සනරෝ ඇතුළුව ක්ලයිමට් එක වෙනස් වෙන්නේ නැහැ කියල තර්ක කරන්න (වැඩිපුරම දක්ෂිණාංශික කට්ටිය) ඉන්නව කියලා පේනවනේ. අන්තිමට ඒකත් ලේෆ්ට් එක පැත්තට වැටුන. ඔය කොම්පැනි ධනපති වෛරය පෙසප ඇතුළු පක්ෂ වලින් ගෙනියනවා මම දැක්ක. කාබනික ෆෝර ආනයනය කරන කොම්ප්නි නිසා කවදාවත් ඕක කරන්න වෙන්නේ නැහැ කියල. එතකොට ලේෆ්ට් එකයි මේ ඇණය රයිගමය වගේ දක්ෂිණාංශික කොටසයි එකයි. ගොටභය ආණ්ඩුව දක්ෂිණාංශික එක වමේ සළු පිලි පොරව ගත්ත. එතකොට උන්ට ඕන එක මෙතන වෙලා.
      ලනක්වේ ගොවියෝ පොහොර දාන්න දන්නේ නැහැ, වතුර දාන්න දන්නේ නැහැ, උන් වැඩිපුර යුරිය ටිකක් තියනවනම් වැඩිපුර රසායනික පෝර තියනවනම් ඒකත් ඔහේ දමල අරිනවා. මම මේ මේ පාර ලංකාවට ඇවිත් ඇහින් දැකපු දේ කියන්නේ. ආණ්ඩුවට කෙලවෙලා රසායනික පෝර නවත්තපු වෙලේ , එක ක්‍රම ක්‍රමයෙන් නවත්වන්න ක්‍රමයක් හදාගෙන කාබනික වැඩේ ඉදිරියට ගෙනියන්න පුළුවන් බලවත් සංවිධානයක් , දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ. ඉතාමත් කණගාටුදායකයි

      Delete
  8. Consumer society, in order to meet the growing need for food, agricultural land per unit area required to achieve maximum efficiency and highest quality product. It is known that the nutrition of the plant is the one of the most important factors to control agricultural productivity and quality. Rates of nutrients in the soil affects the quality of yield. In the permanent agricultural land, the soil will be very poor in nutrients, as a result, inefficient. Therefore, producers, fertilize the soil, combat pests, irrigation and process of agricultural activities to make more efficient to soil. Fertilization among these activities remains a priority at all times. Recent studies, however, excessive use of fertilizers is the need for additional land outside the public and environmental health of the reported adverse affects. Excessive fertilization and mindless, but there were soil salinity, heavy metal accumulation, water eutrophication and accumulation of nitrate, to consider in terms of air pollution in the air of gases containing nitrogen and sulfur, giving and can lead to problems such as the greenhouse effect. In this review, aims to reveal environmental and health problems caused by improper fertilization provides recommendation toward solving these problems
    https://www.sciencedirect.com/science/article/pii/S2212670812000486

    ReplyDelete
  9. https://link.springer.com/article/10.1007/s11356-017-0589-7
    Farmers occasionally need to add nitrogen fertilizer to their farms and gardens to make available just the precise nutrients for their plants’ growth. The applications of inorganic nitrogen fertilizers to various crops have been continuously increasing since last many decades globally. Although nitrogen fertilizer contributes substantially to yield enhancement, but excessive use of this manure has posed serious threats to environment and human health. Rate of nitrogen fertilizers application has a close relationship with nitrate accumulation in surrounding environment, groundwater, as well as leafy and root vegetables. Consumption of diets having high nitrate contents has contributed to endogenous nitrosation, which could lead to thyroid condition, various kinds of human cancers, neural tube defects (during fetus development), and diabetes. In this short review, the authors have tried to create awareness among general public, farming community, health practitioners, and agricultural scientists for the risk involved with excessive use of nitrogen fertilizers to human health. Carcinogenic activity and other adverse effects of N-nitroso compounds might be prevented by consuming vitamin C and antioxidants containing fruits and vegetables.

    ReplyDelete
  10. යුරෝපිය රටවල් වල මිනිසුන්ට හැදෙන අසාත්මිකතාවයන් එකපාරට වැඩි වෙන්න ගත්ත. මුලින්ම ආවේ කිරි වලින්. මට කිරිවලින් තියෙන ප්‍රශ්නය මේ බ්ලොග් එකේ කලින් ලියල තියනවා. මට බොන්න පුළුවන් ඉන්දියවේ හෝ ලනක්වේ තණකොළ කන එළදෙනකගේ කිරි බොන්න පුළුවන්. යුරෝපයේ කිරි බහ. කාබනික එකවත් බහ දැන්. මොකද එළෙ දෙනුන් ගේ කිරි ප්‍රෝටීන් එක පරිණාමය විසින්ම දැන් වෙනස් කරලා, හරවන් බැරි විධිහට, ඒ වගේ අසාත්මිකතා ගොඩක් තියනව අනිත් මිනිසුන්ට. මේක ගැන හොයන්න ගිහින් තමයි . මේක ගැන හොයන්න් ගිහින් තමයි රසායනික පොහොර නිසා ඇතිවන ප්‍රශ්න ගැන මේ රටවල් දැනුවත් වුනේ. මේ පොහොර නිසා වන පරිසර විනාශය ගැන දැන් දහයේ පන්තියේ බයෝලොජි වලටත් උගන්වනවා. කරුණාකරලා කියවල දැනුවත් වෙන්න. තමන්ගේ ඔලුවේ එන හිතිවිලි ලියල වැඩක් නැහැ,. ඒ ගැන කරපු පර්යේෂණ කිහිපයක්වත් කියවන්න. මේක වමේ හෝ දකුණේ ප්‍රශ්නයක් වත් ගෝඨා ගේ ප්‍රශ්නයක් නෙමේ. හැමෝගෙම ප්‍රශ්නයක්. ඒක කරන විධිහ වැරදි උනාට අදහස වැරදි එකක් නෙමේ.

    ReplyDelete
  11. මමත් කෑමට නම් වැඩිපුර කාබනික දේවල් එකතු කරගන්නවා. එකේ වාසි තියෙනව. ලංකාවේ මේ ප්‍රස්නේ ගැන නම් මට කියන්න තේරෙන්නේ නැහැ. අනිත් හැමදේම වගේ සද්දේ විතරක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හැබැයි ටික ටික හරි මිනිස්සු ඒ ගැන කතා කරන්න යොමු වෙන එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉතා දරුණු විධිහට රසායනික ෆෝර භාවිතා කරන බවයි මගේ අත්දැකීම. ඇනයා එකඟ නොවෙන්න් පුළුවන්. මම දැක්කේ වෙනස් දෙයක්. යුරෝපිය රටවල් වල භාවිතා කරට ඒවාට අයත් ප්‍රමිතීන් තියනවා. ලංකාව ප්‍රමිතීන් වැඩිය අනුගමනය කරන රටක් කියල මට හිතෙන්නේ නැහැ. රසායනික ෆෝර සම්පුරණයෙන් නවත්වන තීරණය වැරදියි. ඒක මම පිලි ගන්නවා. ඒකනේ කීවේ සංචිත නැති නිසා කල වැඩක් කියල ඒක.

      Delete
    2. 1. පොහොර භාවිත සංසන්දනය ආනයනික ටොන් ගනනින් කරන්න බෑ, අපි උස්සාන එන්නේ වැඩිපුර බලාස්ට් තියන කොමිස් වැඩි එව්වා. හැමෝම බොරු ඉලක්කං ඉදිරිපත් කරන රටේ වෙනත් විශ්වාසදායක ඉලක්කමක් ඇත්තෙත් නෑ
      2. ගොවියන්ගෙන් 99.9% කට කෘෂි විද්‍යාත්මක දැණුමක් නෑ කියලයි මට හිතෙන්නේ, කෘෂි විද්‍යාව හැදෑරූ අයගෙන් 1/3 වත් ගොවිතැනේ නියුතු නැති බවත් සැක නැතිව කියන්න පුළුවන්.
      3. වී ගොවිතැනට යොදාගන්නා ඉඩම් වලින් 1/4ක් විතර එයට සුදුසු නැති බවත් ගොඩ ඉඩම් වලින් 80%ක්ම පලදායකත්වය නැතිවී ගොස් ඇති බවකුත් තේරෙනවා. කාගාව හෝ ඒ ඉලක්කං තියෙනවාද කියා මා දන්නේ නෑ. සින්තටික් රසායනික නැතිව මෙව්වාගෙන් ??????????????

      Delete
    3. උත්තර හොයන්න ඕනේ ඕවට තමයි. මේකෙන් අදහස් වෙන්නේ නැහැ රසායනික පොහොර වලින් පරිසරයට සහ පසට වන විනාශය මග හැරෙනවා කියල.

      Delete
  12. 'ක්‍රමාණුකූල වෙනසක්' කියන එක කොයිතරම් ප්‍රායෝගිකද ? වෙලඳපොලේ මිලට ගන්න රසායනික පොහොර (හා කෘමි/වල් නාශක ) තියෙනකම්, ඒවා අවභාවිතා කරන එන නවත්තන්න අමාරුයි නේද ? අන්තිමට වෙන්නේ පුලුවන් එකාට පොහොර තියෙනවා, නැති එකාට මුකුත්ම නැතිවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලංකාවේ පොහොර සහනාධාර දෙන නිසා ඒකත් ගොඩක් ගොවීන් abuse කරනවා. ඒක නිසා රසායනික පොහොර සහනාධාර ක්‍රමානුකුලව අඩු කරමින් කාබනික පොහොර සහනාධාරයක් වැඩි කරන්න ඕනේ. ඒ වගේම රසායනික පොහොර වල ගණන් වලට වඩා කාබනික ක්‍රමයන් ගණන් අඩු කරන්න ඕනේ. දැනට ඔකේ අනිත් පැත්තනේ වෙන්නේ. ප්‍රශ්නේ දැනට අර උඩ තට්ටයගේ කොලම කියනව වගේ මේ ප්‍රශ්නය තේරුම් අර ඉන්න අය අඩුයි. දැනට සාගිනි නිවන ප්‍රශ්නය මුලින්ම එන නිසා රසායනික පොහොර එක පාර නවත්වන්න බැහැ. ක්‍රමානුකුල වෙනස අවශ්‍ය ඒ නිසා. මේ ආණ්ඩුවට බනින අය කාබනික පොහොර භාවිතයටත් බනින නිසා. ඒ දෙකේ වෙනස කියන්නයි මට ඕනේ.නැති එකාට මුකුත්ම නැතිවෙන එකයි - ඒක නිසානේ සහනාධාර දෙන්නේ)

      Delete
    2. හොඳ නිරීක්ෂණයක්. මේක මතුපිටින් පේනවට වඩා ගැඹුරු ප්‍රශ්ණයක්. කාලෙකට ඉස්සර, ජාන වෙනස් කල බීජ ගැනත් ඔහොම හා-හෝවක් ආව. අද ඉන්න ජනගහනයට කන්න දෙන එක ප්‍රයොරිටි එක නිසා, GM crops අද නැතුවම බෑ.

      අනික් පැත්තෙන්, එතකොට බීජ/තාක්ෂණ මාෆියාව තියනවා. අපේ ගොවීන්ගේ නොදැණුවත්කම/ නොසැලකිල්ල තියනවා. මේ වැඩි රසායන විතරක්ක් නෙමෙයි, ප්ලාස්ටික් පවා අපේ ජල මූලයන්ට යන බවත්, ඒවා ආයෙම ජලය/මාංශ මගින් ආපිට අපටම එන බවත් කියැවෙනවා.

      මේ කලෙකට කලින් චන්දිම ගෝමස් ලියපු අපූරු ලිපියක්.

      පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ

      මෙහි වැදගත්ම කොටස:
      //"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි//

      මෙතන මොකක්දෝ අවුලක් තියන බව හිතෙන්නේ, මම හැල-යක් පරම්පරාවෙන් පැවත නොඑන මෝඩ බකමූණෙක් නිසාද?

      Delete
    3. ඔය ප්‍රශ්නය දැන් වසර 30-40ක කාලයක් ඉඳන් තියෙන එකක්. පිටරට කොම්පැණි ඕක කරනවා විතරක් නෙමේ ලංකාව වගේ රටවල අයව මිලදී ගන්නවා.
      හොඳ උදාහරණයක් කියන්නම්. බොර්නගෙන් ක්‍රිස්තියානි ව්‍යාපාරයට විවේචන එනකොට ෆේස්බුක් එකේ හෙම ප්‍රසිද්ධ ලියන්නන් ඒ පැත්තට කඩේ යනවා දැකල තියනවද? ඒ පිටිපස්සේ "හස්තය" මොකක් කියලද හිතන්නේ? ප්ලාස්ටික් විතරක් නේම් ඉතින්. චන්දිම ගෝමෙස් කියන එක. පිටරටින් කෘමින් එන්න පුළුවන් කාබනික පොහොර හරහා. ඉතින් නැවතත කියන්න තියෙන්නේ ක්‍රමානුකුලව වැඩි තර්ජනයක් ඇති රසායනික පොහොර ටික ටික අයින් කරගෙන යන එක. සැලසුමක් ඇතිව කරන්න ඕනේ වැඩ

      Delete
    4. //අන්තිමට වෙන්නේ පුලුවන් එකාට පොහොර තියෙනවා, නැති එකාට මුකුත්ම නැතිවෙන එකයි.// ඇත්තටම පුළුවන් එකාට විතරක් පෝර තිබ්බාම ඇති, පොහොර කියන්නේ පාරිභොගික දුව්‍යයක් නෙවෙයිනේ. නිශ්පාදනයට යොදවන අමුදව්‍යයක්, යොදවන්න ඹ්නි එයින් ලාබයක් ලැබෙනවානම් පමණයි. දුප්පත් අයට ඩොල් එකක් දෙනවා නම් එය නිශ්පාදන අමු්ද්‍රව්‍යක් විදිහට දීලා බෑනේ :)

      Delete
    5. එහෙමනම් පොහොර සහනාධාරය සම්පුර්නයෙන්ම නවත්වන්නැ එපාය. යුරෝපයේත් දෙනවා, අමෙරිකා එක්සත් ජනපදයේත් දෙනවා. බ්‍රිතාන්යයෙත් දෙනවා. පුළුවන් එකාට විතරක් පොහොර තිබිල බහ. වගා කරන හැම එකාටම තියෙන්න ඕනේ. වගා කරන මිනිස්සු අඩුයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .