පසුගිය කෝවිඩ් සමයේ මම අලුත් වැඩ කිහිපයක්ම පටන් ගතිමි. ඒ කිසිවක් දුර දිග ගියේ නැත. දුර ගිය එකම දෙය නම් නැවතත් ගිටාර් වාදනය පටන් ගැනීමත් නව ගිටාරයක් මිලදී ගැනීමත්ය. මට මුල්ම ගිටාරය උපන් දින තෑග්ගක් ලෙස ලැබුනේ 1985 මොස්කව් හිදීය. සෝකල් හි මාදි විශ්ව විද්‍යාලයේ උගත් ජානක ලියනගම, උපාලි හේවගේ හා ප්‍රභා ගුණවර්ධන සීනියර් තුන් කට්ටුව එකතුව දුන් ත්‍යාගයකි.
හැබැයි මට කාඩ් එක වැදුනේ මේකා ගහන්නේ එකම තනුව කියාය.
නමුත් මගේ පලමු ගිටාර් ගුරුවරිය වූ ලූදා බොහෝ අපහසුවෙන් මට තනු කිහිපයක් පුරුදු කලාය. ඒ කතාවේ කොටසක් මේ යොමුවේ ඇත. මම ඒවා කවදාවත් ලංකාවේ සිසුන් සමග වයන්නට නොගියෙමි. ඒ දිනවල ජගත් ජයවික්‍රම නම් සුපිරි ගිටාර් වාදකයෙකු සිසුන් අතර සිටියේය. අපේ අවාසනාවට ඔහු සිටියේ මොස්කව් වලින් ගොඩක් ඈතට වෙන්නටය. නමුත් සම්පත් සමග අපේ කාමරයට වැනි අවස්තා කිහිපයක ඔහු සුන්දර ගීත කිහිපයක් ගයන්නට අමතක කළේ නැත.
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොත ලංකාවේ එළි දැක්වුණේ 2019 අවසන් කාර්තුවේය. ලන්ඩනයට පැමිණ ඒ කාර්යයම කරන්නට සිතුවේ 2020 මුල් කාර්තුවේ දීය. ඒ මට වෙනත් ගමන් කිහිපයක්ම තිබු නිසා හා දියණියන් ගේ ඉගෙනීමේ කටයුතු නිසාත්ය. නමුත් ඉන්පසු කෝවිඩ් වලින් බැට කෑමට සිදුවූයේ අප කවුරුත් බලාපොරොත්තු නොවූ ලෙසටය. එසේම මට කෝවිඩ් කාලයේ පටන් ගත් කාර්යයන් අවසන් නොකර අත හැර දැමීමේ රෝගයක් විය. මේ බ්ලොක් එක ඉවත් කර ගන්නේ කෙසේද යන්න නිතරම සිතුවෙමි.
ප්‍රශ්නය තිබෙන්නේ පොත ලන්ඩනයේ එලි දැක්වීම නොකළ නිසාය වැන්නක් මට සිතුනි. කිහිප වතාවක් කෝවිඩ් නිසාම ඒ අදහස අත හැරියෙමි. නමුත් කතාව සමාප්ත වන්නේ ලන්ඩනයේදීය. කවුරුන් හෝ පොතේ කතාව අග දක්වා කියෙව්වා නම් මා කියන්නේ කුමක්ද යන්න වැටහෙනු ඇත. පොත ගැන සංවාදයක් ලන්ඩනයේ කළ යුතුය යන්න අදහස මට පැමිණියේ ඒ නිසාය. මට "පොතට තිත" තැබිය හැක්කේ ලන්ඩනයේදී ඒ ගැන අමතක කිරීමෙනි. ඒ දිනය හෙටට දී ඇත. සෝවියට් දේශයේ උගත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුද සහභාගී වන බව දන්වා තිබේ.
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ 30 වැනි පරිච්චේදයේ කොටසක මා මෙසේ ලියා ඇත.
//
සියල්ලෝම දිග ඇදී සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.
තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.
"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."
ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.
"හැකි හැම විටම මතකයට නැගෙනුයේ නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි අයුරු දුටු ලොව පමණක්
ඉතිරිව ඇත අවසන් වරට
බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
සාමකාමියි එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා මෙන්
අවසන් වරට
කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ හැම දෙයක්ම අප'තර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට
දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක් ගත වුනිද
සමහර විට තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු වනු ඇත
සමහර විට එහෙමත් නැතිව
කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ
නමුත් ඔබ සමග වුන් හෝරාවනම්
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ මා සමග සිටියුරු
අවසන් වරට
කාලය ඉගිලී යාවී
නුඹට අමතක වේවි
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම් කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"
ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත. ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින් ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.//
ඉහත දෙවැනි ගීතයේ වදන් ව්ලදිමීර් ලුගවොයි ගෙනි. මේ ගීතයේ තනුව සහ මුල් ගීතය ස්පාඤඤ හොසේ ලුයිසා ගේ "නුඹ යන්නේ කොහිද " යන ගීයෙනි.
මේ දිනවල බ්ලොග් ලෝකයේ ගීත ගැන කතාවක් යයි.
ගිටාරයෙන් වැයීම සඳහා මම රුසියානු ගිටාර් තනුවම හා ඒ කෝඩ් ම භාවිතා කළෙමි. වදන් වෙනස් කිරිමක්ද සිදු කලේ පරිවර්තනය කළ ආකාරයටම ගැයීමට නොහැකි බැවිනි.
මේ මගේ පරිවර්තනයයි.
**************************************
මතකයෙ ඉන්නේ ඔබමයි
ඔබ කොහේද ඇත්තේ
ලොව නැවතුන දා මට
අවසන් වර අප එක්වූ දවසෙහි මෙන්
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඉහල මාලයේ කවුළුව ඇති කුටියේ
ආලෝකය පිරීලා
සන්සුන් ලෙසමයි ඇත්තේ
අවසන් වර අපෙ දෙනෙතට
හමුවූ විලසේ
කාලය ඉගිලී යාවී
නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
ඔබ එනතුරු මා බලා සිටින්නේ නෑ
හේ, ඔබ දන්නවා නම්
පෙම්කලෙ ඔබහට මා
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
දිනත් ගෙවී යන්නේ මට නොදැනී
හිම සමයන් හා වසන්තයත් සමගින් ,
වෙනෙකෙකු හා සතුටින් ඉන්නට
පුලුවන් වේවිද මන්දා
ඔබ නොලැබේ නම්
නොවෙනස් වූවත් මේ සඳු යට වෙන හැම දේ
අප ඒ හෝරාවම නම්
මට කිසිදා
අමතක වන්නේ නැහැ
ඔබ මා ළඟ සිටි අයුරු
ඒ අවසන් වරටයි
කාලය ඉගිලී යාවී
නුඹහට අමතක වේවි
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
පෙමින් පිරුණු අපෙ කතන්දරේ
ඔබ එනතුරු මා බලා සිටින්නේ නෑ
හේ, ඔබ දන්නවා නම්
පෙම්කලෙ ඔබහට මා
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
ඒ අවසන් වරටයි
මේ ගීතය යූබටයට අද දැමුවෙමි. ගීතය පසුව වඩා වැදගත් ආකාරයෙන් නිම අක්රන්නට බලාපොරොත්තු වෙමි.ලන්ඩනයේ සිටිනම් හෙට හවස් වනවිට මෙතනට එන්න.
නොවැම්බර් 13 සෙනසුරාදා හවස 4.00 සිට - The Qube, Community Space For Ponders End, 291 High St, Enfield EN3 4DN, ටෙස්කෝ සුපර්මාකට් එක ඉදිරිපිට, ටෙස්කෝ රථ ගාලේ වාහන නතර කලහැක.
පොත ගැන විචාර කිහිපයක් අගට එකතු කරමි.
ඔය කතාවෙ, මගේ හිත තදින්ම සසල කල එක කොටසක් තමා ඔය. ගීතයේ හැඟීම, කතාවෙන් දෙගුණ-තෙගුණ වෙනවා. එක දිගටම, ආයෙ-ආයෙ ඇහැව්වා මතකයි. ඊට පස්සෙ ඒකෙ ඔරිජිනල් එකත් හොයාගෙන ඇහැව්වා. ඒත් කතාවේ ලස්සන නිසාද, රුසියන් භාෂාවේ ලස්සන නිසාද මන්දා, මට සැරටම අල්ලලා ගියේ රුසියන් ගීතයයි.
ReplyDeleteඒත් ආයෙ නං අහන්න අදහසක් නෑ, මේ ඒකට ගැලපෙන කාලය නොවන නිසා.
මටත් අල්ලලා යන්නේ රුසියන් එක තමයි.
Delete/ඒත් ආයෙ නං අහන්න අදහසක් නෑ, මේ ඒකට ගැලපෙන කාලය නොවන නිසා.// එහම ඒවත් තියෙනවද
+++++++++++++++++
ReplyDeleteක්ලැසිකල් ලිස්සීම ට ආවාට ස්තූතියි
Deleteපහසු නැත මිදෙන්නට
ReplyDeleteඅතීතෙන් කෙනෙකුහට
හැරෙව්වත් කොයි අතට
මතු වෙනවනේ යසට!
මේ අන්තිම සැරේ. ප්‍රොමිස්. එම දවස් වල බිසී. ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්.
Deleteජනමාධ්‍යවේදීන් ද වැඩ කරන්නේ බටහිර සංස්කෘතික ජනමාධ්‍ය රාමුවක. ඔවුන්ට ප්‍රවෘත්ති වෙනත් වැඩ සටහන් රියැලිටි ආදී සංකල්ප ලැබෙන්නේ බටහිරින්. ඔවුන් බටහිර විද්‍යාව කිනම් පංතියකට හැදෑරුවත් ඒ ගැන භක්තියක් විශ්වාසයක් ඇති කර ගෙන. ඔවුන්ට අප මිථ්‍යා මතධාරීන්. මේ ලිපිය ඔවුන් උපහාසයෙන් හා අපහාසයෙන් බැහැර කරාවි. ඒ කොහොම වුණත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර දැරියන් බටහිර සංගීතය සොයා අජිත් හමුවන්න ගියේ ඇයි? අජිත් කොරියන් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ද? අජිත්ගේ හැසිරීමෙන් ඒ දැරියන් එවැනි නිගමනයකට පැමිණියා ද දන්නේ නැහැ.
ReplyDeleteමොන දැරියන් ගැනද කියන්නේ. ෆුල් හොල්මන්.
Deleteජයවේවා!! මේ පොතට තිත තියලා තව එකක් ලියමු එහෙනම්...
ReplyDeleteස්තූතියි. ලංකාවේ පොටත් ලියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනේ.
Deleteපොතට තිත තියා
ReplyDeleteතිතට පොතක් ලියමු.
සොඳුරු සඳවතී ට කීව එකම තමා කියන්න තියෙන්නේ. මම මේ කම්පනා කලේ අවුරුදු ගණන් ආස්සරේ කරපු යාලුවෝ අහක බලද්දී , සමහරු කුහක වතක් ප්‍රදර්ශනය කරද්දී බ්ලොග් යාලුවෝ සෙට් එක මෙච්චර ලෙන්ගතු මොකද කියල. ලංකාවට ආවත් එන්නේ ඒ සෙට් එක.
Delete//මම මේ කම්පනා කලේ අවුරුදු ගණන් ආස්සරේ කරපු යාලුවෝ අහක බලද්දී , සමහරු කුහක වතක් ප්‍රදර්ශනය කරද්දී..//
Deleteආන්න ජංසං. ඔය තියෙන්නෙ තව පෝස්ට් එකකට මස්කට්ට. ලියමුකො ඒ ගැන. ආයෙ තරහාවෙයි කියලා බයකුත් නැති එකේ.
ඒකත් ඇත්ත. ඒත් බ්ලොග් වලින්ම තමා ඉගෙන ගත්තේ නෙගටිව් අයින් කරගෙන ගමන් යන්න
Deleteමේ මට පොඩි ප්‍රශ්ණයක් තියනවා, අවංකවම නොදන්න නිසයි අහන්නෙ, නැතුව වලියකට නෙමෙයි.
ReplyDeleteඇත්තටම, මොකක්ද මේ පොත් ගැහිල්ලෙ තියෙන ආතල් එක? පැහැදිලිවම, පොත විකුණලා අජිත් හම්බ කරගෙන ජීවත් වෙනවා වෙන්න බෑනෙ?
එතකොට, ඇයි "සමහර" යාලුවො, යාලුකම නැතිකරගන්න තරම් ඒකට අකමැති. මෙතන, වෙනයම් අවුලක් තියෙන්නෙ බැරිද? ප්‍රින්ටින් ප්‍රෙස්/ පොත් සාප්පු නං හම්බ කරගන්නවා ඇති.
කතෘගෙ අදහස, පොත වැඩිම දෙනෙක් අතරට යාම නම්, එය ඊ-බුක් එකක් ලෙස බෙදාහැරිය යුතු බවයි මගේ අදහස.
හා ආවද මෙතනත් බුරන්න, මස් කට්ටක් දෙයි කියලා. බලං හිටු, හම්බවෙයි බොට කලුකුඩු බස්නෙ.😉
Deleteනෙලුම් නෝනා නියම උත්තරේ දිලා තියේනවා.
Deleteඔව්, සාධාරණ උත්තරයක් කියල හිතෙනවා. ස්තූතියි අසංග. අන්දු බයියගෙ කතා වෙන නැද්ද?🤔😊
Deleteමම දැනට ඊ බුක් එකක් කරන් යනවා. ඊබුක් ගැහුවම කරන්නේ ඒක කොපි කරලා වෙන අය පොත් ගහන එක. ලංකාවේ කැත විධිහට කරන වැඩක්. ඒකයි පොතක් ගහන්නේ. මෙන් මට ලාභයක් නැහැ. ලාභය තමයි ආත්ම තෘප්තිය සහ තමන්ගේ හිත කැකෑරෙන කතාවක් එලියට දාන එක. ප්‍රකාශකය පොහොසත් වෙනවා තමයි.
Deleteඔය පැරණි සෝවියට් සමාජය හා බැඳුණු කථා කියැවීම එක්කම මහා දුකක් කණගාටුවක් හිතට එන එක නවත්වන්නට නම් බැහැ කොහොමත්ම. ඒක එන්නේ ඔබේ කථාවේ තියෙන සියුම් තැන් වලින් හිත තෙමී යන්නට පෙර. ඔබේ කථාව වැක්කෙරෙණ්නේ පෙරෙස්ත්‍රොයිකාවෙන් ඇතිවූ සීරුම් තුවාල මතට! මම මේ ලියන දේ තේරෙණවාදැයි මම දන්නේ නැහැ. එහෙත් අපි ජීවිත කාලය පුරා ආදරය කල, "සෝවියට් දේශය" සඟරාව තුලින් දුටු ඒ සුන්දර සාමකාමී රට බිඳ වැටීම සමග හදවතට ඇතුළුවූ මුස්පේන්තු හැඟීම; පුටින් ආවාට හරි ගියේම නෑ. ඒ කාලේ අපිට දනුනා "අපේ රටක්" ලෝකයේ මහා බලවතෙක් කියා!
ReplyDeleteමම දැක්කා, රුසියන් පසු-පෙරෙස්ත්‍රොයිකා විහිළු කතාවක්. ඒක විහිලුවක්ම කියල මට නං හිතෙන්නෙ නෑ."සමාජවාදය ගැන ඔවුන් කිව් බොහෝදේ බොරුය, ඒත් ධනවාදය ගැන ඔවුන් කී සියල්ලම සැබෑය"
Deleteතටටයා මහතා මේ පොත ලිවීමේ එක හේතුවක් තමයි ඇත්ත ඇති සතියේ කියා පෑම. ඔරුවල බන්දු ලීව දේ හැරුනහම පසු කාලින සෝවියට් සමාජය සෑහෙන්න හොඳයි. ප්‍රශ්න ආවේ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ගෙන් පමණයි. මම ඒක දකිනවා ජවිපෙ තුල හා අනිකුත් වාමාංශික පක්ෂවල පවා. තමන්ගේ අයට පමණක් සැළකීම. පෞද්ගලික නෙමෙයි . පක්ෂයේ අයට. ඒක රටක් හැටියට ගත්තහම ලොකු ප්‍රශ්නයක් වෙනවා. පුටින් ඇවිල්ල හොඳ එකක් දෙකක් කළා. මතක තියාගන්න පුටින් සමාජවාදී නෙමෙයි, රුසියාව සමාජවාදී රටක් නෙමෙයි. ඔටෝක්රසි එකක්. නමුත් හොඳ දේවල් තිබෙනවා. එකක් රුසියාව වැටෙන එක නැවත්වුවා. දෙක පරන සංස්කෘතික දේවල් ආපහු ගෙනාව. අරිට වැඩිය නිදහස තියනවා හැබැයි පුටින් ව විවේචනය කරන්න බැහැ . හරියට කොමියුනිස්ට් පක්ෂය විවේචනය කරන්න බැහැ වගේ.
DeleteThis comment has been removed by the author.
Deleteමැයි දින පෙළපාලියේ නාකි යුදෙව්වකු පෝස්ටරයක් රැගෙන ගමන් කරයි. එහි අග ඔහුගේ උපන්දිනය සටහන් කර තිබේ.
Deleteඑහි තිබු වාක්‍යය මෙසේය. "ස්ටාලින් සහෝදරයා , මගේ ප්‍රීතිමත් ළමා වියට ඔබට ස්තූතියි"
මෙය දකින පක්ෂයේ නියෝජිතයකු ඔහු ලඟට පැමිණ මෙසේ විමසයි.
"මොකක්ද මේ? උඹ පක්ෂයට බනිනවද? ඕන කෙනෙකුට පේනවා උඹ ඉපදුන අවුරුද්ද වෙනකොට ස්ටාලින් සහෝදරය ඉපදිලත් නැහැ කියල."
යුදෙව මෙසේ පිළිතුරු දෙයි.
"ඒක හින්දම තමයි මම ඔහුට හද පතුලින්ම ස්තුතී කරන්නේ.
උත්සවය හොඳට යන්න ඇති කියලා හිතෙනවා ප්‍රමාද වූ සුබ පැතුම්. පොතට තිත තියලා මතට ...?.
ReplyDeleteඋඩින් ටොමියා මතු කරලා තියෙන්නෙ වැදගත් අදහසක් යාලුවො තරහා වීම හා බ්ලොග් යාලුවො වඩා හොඳ වීම ගැන, දිගට කතා කලයුතු. මමනම් හිතන්නෙ ඇත්ත ජීවිතයෙදි හුඟක් දෙනෙකුට තමන්ගෙ හොඳම යාලුවෙකුට වුනත් යමක් ලැබෙන එක දරාගන්න අමාරුයි. තව කෙනෙකුට යමක් ලැබුනු පමනින් තමන්ට යමක් නොලැබී යනවා කියලා තේරුම් ගන්න අපේ අයට බුද්ධිය මදි. කෙනෙක් හොද ලස්සණට ඇඳලා (well-dressed) ඉන්න එකවත් දරාගන්න බැරි අය ඉන්නවනෙ. ඔය ලංකාවෙ අය ඉන්න තැනකට එහෙම ගියාම, වැඩිය ඕනෙ නැහැ සිංහල කඩේට ගියාම තේරෙන්නෙනැද්ද. නමුත් වර්චුවල් ලෝකයේ තියෙන යම් යම් ආවරණ (veils) නිසා එකපාරට ඒවා මතු වෙන්නෙ නැහැ නමුත් පහුවෙන කොට එන්න පුලුවන්-who knows. ඒවා අපි ඔක්කොටම තියෙන අඩු පාඩුකම් සමහර අය ඒවා දැකලා හදා ගත්තත් සමහරු ඒවා එක්කම ජීවත් වෙනවා.
Typo: 'තව කෙනෙකුට යමක් ලැබුනු පමනින් තමන්ට යමක් නොලැබී යන්නෙ නෑ කියලා තේරුම් ගන්න අපේ අයට බුද්ධිය මදි'.
Deleteහරියටම හරි
Deleteබොහොම හොඳ විග්‍රහයක්. මටත් හිතෙනවා, මේක දිගට කතා කලයුතුයි කියලා.
Delete"දරාගන්න අමාරුයි" කියල පිලිගන්නවා, ඒත් "තේරුම් ගන්න අපේ අයට බුද්ධිය මදි" කියල නං හිතෙන්නෙ නෑ. මගේ වැටහීම නං මේ දුර්ගුණය, අපිට සංස්කෘතියෙන්/සමාජයෙන් එන දෙයක් කියලයි. මම අපේ ගැමි පරිසරයෙ, ඕක සැරටම අත්විඳලා තියනවා. ඒ වගේම, අපේ විතරක් නෙමෙයි අනෙක් ආසියාතිකයින් අතර සැරටමත්, බටහිර සමාජයේ අඩුවත් තිබුනා කියලයි මට හිතෙන්නෙ.
වර්චුවල් ලෝකය ගැන කියපු ටික සමඟ එකඟයි. "නමුත් පහුවෙන කොට එන්න පුලුවන්", පුලුවන් නෙමෙයි ආවා, සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගයෙදි සහ සම්මාන/අවුරුදු උත්සව වලදී.
බුරන්නෙ දැන් වුනාට, මාත් මේකෙ සෑහෙන කාළයක් හිටිය නිසා,ඔය කියන ""දරාගන්න අමාරුව" හැදිච්ච අයගෙ "ආගන්තුක සත්කාරය" ලැබීමේ වාසනාව, මටත් ලැබුනා. අපි කවුරු තුලත් ඔය ගතිය අඩු-වැඩි ලෙස ඇති කියලයි මට හිතෙන්නෙ. මේ විදිහට නිර්නාමිකව, වැඩිය ප්‍රසිද්ධ/ජනප්‍රිය නොවී ඉන්න එක, හොඳයි කියලයි මට හිතෙන්නෙ.
හැංගිලා තමයි ඉන්න ඕනෙ
ලිස්සල තමයි යන්න ඕනෙ
පාන් බාගෙකින් ගැහැව්වොත්
ඒකත් කටින් අරං තමයි දුවන්න ඕනෙ.
අන්නේකයි ඒකෙ අවයවය.
Deleteනෙලුම් නෝනා කිව්වේ ලෝටස් ටද 😀. නෙළුම් යායේ දැන් ඉන්න කට්ටියට තරහ යයිද දන්නේ නැහැ. මට යමක් ලැබුන කියල හිතන්නේ නැහැ. පොත් තුනක් ගැහුව එක විතරයි කලේ.. ලන්ඩන් ඉන්න යාළුවෝ ඇත්තටම පොත ගත්ත. උඅව් කළා. නමුත් මගේ පැරණිම යහළුවෝ සහ ඥාතීන් පොඩි acknowledge එකක් වත් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියල හිතුවට මට හොඳටම තේරුණා මග හරිනවා කියල. අන් මම එහෙම නැති නිසා ඒක මට පරශ්නයක් මම හැමෝගෙම ජයග්‍රහණ වලදී, ජිවිතේ වැදගත් දවස් වලදී උපන්දිනවලදී සුභ පතන කෙනෙක්.
Delete//වර්චුවල් ලෝකය ගැන කියපු ටික සමඟ එකඟයි. "නමුත් පහුවෙන කොට එන්න පුලුවන්", පුලුවන් නෙමෙයි ආවා, සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගයෙදි සහ සම්මාන/අවුරුදු උත්සව වලදී.// හපොයි ආව. බොහොමයක් මම හිතන්නේ ආවේ වැරදි වැටහීම් නිසා කියලයි මට හිතෙන්නේ.
/හැංගිලා තමයි ඉන්න ඕනෙ
Deleteලිස්සල තමයි යන්න ඕනෙ
පාන් බාගෙකින් ගැහැව්වොත්
ඒකත් කටින් අරං තමයි දුවන්න ඕනෙ.// ඉදිරියේදී අනුගනය කරන්න ඉඩ තියෙන පිළිවෙත. දැන්ම කල්පනා කරන යනවා ෆේස්බුක් කට්ටිය අයින් කරගෙන යන්න