Sunday 29 October 2023

එන්ෆිල්ඩ් හි භුතයා ගේ නිවස , 284 ග්‍රීන් ස්ට්‍රීට් (ග්‍රීන් වීදිය) - Enfield Poltergeist

ජැනට් උඩ විසිවෙන පින්තූරය චිත්‍රපටයට සම්බන්ධය 

පෝල්ටර්ගෙයිස්ට් යනු ජර්මන් වචනයකි. එහි තේරුම ශබ්ද නගන භූතයා යන්නය. 

අප සිටින නිවස පිහිට ඇති පාර ඇත්තේ ග්‍රීන් වීදියට සමාන්තරවය. අපි වසර විසි තුනකට ප්‍රථම මෙහි පදිංචියට එන විට දරුවන් දෙදෙනා ඉපිද තිබුනේ නැත.  ඒ දිනවල මට හොල්මන් කතා පිළිබඳව ලොකු උනන්දුවක් තිබුනේද නැත.  මගේ මව, ලොකු දුව ඉපදුනු නිසා ලන්ඩනයට  පැමිණි විට ඇයත් සමග ග්‍රීන් විදියේ පැත්තක ඇති ඩුරන්ට් උද්‍යානයේ  ඇවිදීමට නිතර ගියෙමි. සමහර විට ඉනෙස් ද දුව ප්‍රෑම් එකට  දමාගෙන අප සමග ඇවිදීමට ආවාය.මෙය හරහා යනවිට දකුණු  පැත්තේ ඇත්තේ ඇන්ග්ලිකන් පල්ලියේ සොහොන් බිමයි. මෙය අක්කරයක පමණ පෙදෙසක පැතිරී තිබේ. මගේ මව මේ හරියෙන්  යනවිට ඒ පැත්ත නොබලා හෝ ඇස් පියාගෙන යාම අපට විහිළුවක් විය. වරක් අපි මේ  සොහොන් බිම තුලින් යාමට සැරසුණු විට ඇය එයට මහත් විරෝධයක් දැක්වූවාය.
මේ තිබෙන්නේ සැබෑ පින්තුරයයි 


මේ කාලයේම මම කලින් බ්ලොගයේ ලිපි පෙළක් ලියු මළවුන් සමග කතා කිරීම පරීක්ෂණ අරඹා සිටියෙමි. ලිපි පෙලේ දෙවන ලිපියට මේ යොමුවෙන් යන්න- භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි.
 අපේ එම කණ්ඩායමේ ඇමෙරිකානු සාමාජිකයෙක් වරක් මා සිටි පෙදෙස අසා එසේනම් එන්ෆිල්ඩ් භූත නිවසක් ගැන දන්නේ දැයි ඇසීය. මා  ඒ බව නොදන්නා  බව කී පසු ඔහු ඒ පිලිබඳ විස්තර මට එව්වේය.

අපේ නිවසේ සිට මීටර 850 පමණ දුරින් ඇති මේ  නිවස එන්ෆිල්ඩ් නගර සභාව මගින් අඩු මිලට කුලියට දෙන ගෙයකි. (රැකියා නොමැති අයට)  කාමර තුනක් තිබෙන තරමක විශාල ගෙයක් වන එය ඉදිරිපට බ්‍රිම්ස්ඩවුන් ප්‍රථමික  විදුහල තිබෙන නිසා  පාසල් යන වයසේ  කුඩ ළමුන්  සිටින පවුලකට හොඳ වාසස්ථානයකි.  හොජ්සන් පවුල හැත්තෑව දශකයේ අග මෙහි පැමිණි අතර එහි සිටියේ ළමුන් හතර දෙනා  සහ මව පමණි. භූතයා වැහුනා යයි කියන්නේ වැඩිමහල් දහතුන්  වියැති මාගරට් සහ එකොලොස්  වියැති ජැනට් හොජ්සන් ටය.  මව රැකියාවක් කලේ නැති අතර රජයේ දීමනා වලින් ජිවත් වූවාය. මේ සිදුවීම් පටන් ගෙන තිබුනේ 1977 සිට 1979 දක්වාය.  

මුලින්ම මාගරට් ට වැහුණු භූතාත්මය ඇය තුලින් කතා  කරන්නට පටන් ගෙන ඔවුන්ට වහාම නිවසින් පිටවෙන්නට අණ කර තිබුණි. ඉන්පසු පුටු එහෙ මෙහෙ කරන්නටද පිඟන් වට්ටන්නටද පටන් ගෙන තිබේ. ඔවුන් මුලදී එය විහිළුවකට ගත් පසු ලාබාල  ජැනට් ට ද මෙම  භූතයා  වැහුනි. මෙහිදී මව වෛද්‍යවරයා හමුවීමට ගොස් තිබු අතර පොලිසියට දැනුම් දී තිබුණි. මෙහිදී එන්ෆිල්ඩ් පොලිසියේ නිලධරයකු  ලොග් පොතේ සඳහන් කර තිබුනේ පුටුවක් එහා මෙහා වීම ඔහුටද ගැටළුවක් වූ බවය.

 ඒ දිනවල අසල්වාසීන් ද, සමහර අධිමානසික සිදුවුම් පර්යේෂයකයන්ද, සමහර පුවත්පත් කලාවේදීන් ද මේස පුටු එහා වීම. ගැහැණු ළමුන් දෙදෙනා ඇඳ උඩින් හෝ බිමට උඩින් අහසේ  පාවීම ආදිය දුටු බවට වාර්තා කර තිබුණි. 
අපේ අසල්වැසි නිවසේ ජිවත්වි වූ ශ්‍රාම ගිය  පොලිස් නිලධරයෙකු වූ බ්‍රයන් ගෙන් විමසු විට ඔහු කීවේ  වැඩි මහල්  මාගරට් බිත්තියේ ඇලී සිටිනු ඔහු දුටු බවයි. 

ගැහැණු ළමුන් දෙදෙනා කතා කලේ බිල් විල්කින්ස් නමැත්තකු ගේ කට හඬින්ය. (හෝ එසේ වෙනස් කරගත් පිරිමි කට හඬකින්) 
ජැනට් හා මාගරට් එම හඩින් කතා  කරමින් කියා ඇත්තේ  තමන් මැරුණු බිල් විල්කින්ස් බවත් තමන් ඩුරන්ට් උද්‍යානයේ සිට පැමිණියේ තම නිවැසියන් බැලීමට බවත්ය. තමන් ගේ මිනි වල තිබෙන්නේ එම සොහොන් බිමේ බවත්ය.  ඔහු  එය ඔහුගේ තමන්ගේ නිවස නිසා වහා එම නිවසින් පිටවන ලෙස අණ කර තිබේ. 

මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා  ගැසීම ආදිය මෙන්ම පටිගත කරන ලද බිල් විල්කින්ස්  ගේ කතා ද  මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට්  ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ  අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය. 

නොවැම්බර් 12 වනදා  ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා  ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහයකයා, අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ල ඉදිරියේ මේවා සිදු වී ඇත.  ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරුප තිබේ.

බිබිසි රේඩියෝ ව  1978 දී මේ පිලිබඳ වාර්තා වැඩ සටහනක් ඉදිරිපත් කරන ලදී.  එහිදී වැඩ සටහන් නිෂ්පාදකයා බිල් විල්කින්ස් නැමැත්තෙකු ඇත්තටම සිටියා දැයි සෙවූ අතර ඡන්ද නාම ලේඛනයේ විලියම් සහ එදෙල් විල්කින්ස් 1960 සිට 19622දක්වා ජිවත්ව ඇති බවට සොයා ගත්තේය. බිල් යනු විලියම් කියන නම කෙටි කර කියන්නකි. (උදා: බිල් ක්ලින්ටන්) . බිල් (විලියම් ) විල්කින්ස් මිය ගොස් ඇත්තේ 1962 දීය. ප්‍රශ්නය වන්නේ දහතුන් වියැති  මාගරට් හෝ එකොලොස් වියැති ජැනට්ට  මේ බව දැනගන්නට විධිහක් නොමැති වීමයි. නමුත්  බිබිසි වාර්තාකරු සොයා ගත්තේ විල්කින්ස් වළ දමා ඇත්තේ මේ ඩුරන්ට්ස් සොහොන් බිමේ නොව ලැවෙන්ඩර් හිල් සොහොන් බිමේ බවය. 
මේ තියෙන්නේ තවමත් ඇති බිල් ගේ සොහොනය.


මොරිස් ග්‍රොස් නමැති පර්යේෂකයා  "මම ෆ්‍රෙඩ්" යනුවෙන් නාන  කාමරයේ ලියා තිබු බව සටහන් කර තිබේ.එය ලියා ඇත්තේ ජැනට් ආවේස වීමෙනි. ෆ්‍රෙඩ් නොටින්හැම් නැමැත්තෙකු මේ නිවසේ 1973 දක්වා ජිවත්ව තිබේ.  විශ්ලේෂකයකු කියන්නේ මේ කරුණු දෙමව්පියන් ගේ කතා බහින් දියණියන් දෙදෙනා දැන ගන්නට ඇති බවයි. එසේ නම් ඩුරන්ට් උද්‍යානය අසල සොහොන් බිම ඔවුන්ට  වැරදුනේ කෙසේද? නැත්නම් භූතාත්මය ට වැරදුනාද? ගැහැණු ළමුන් දෙදෙනා පවසා ඇත්තේ (දැනුදු පවසන්නේ) ඔවුන් එය නොදැන සිටි බවයි. 

Society for Psychical Research හෙවත් අධිමානසික විද්‍යා පිලිබඳ සංගමය (මොරිස් ග්‍රොස්, ගයි ලින්)  මේ ගැන සොයා බැලූ අතර ඔවුන් මේ සිදුවීම් සත්‍ය බවට වාර්තා කර තිබේ.  පය 200 කට වඩා ටේප් පටි මොරිස් මේ සිද්ධි සම්බන්ධයෙන් පටිගත කොට ඇත. 

මෙම සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ  භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බල තිබුණි. එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික  විද්‍යා නියම වලින් මේ සිද්ධීන්  පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් ඒක් අයෙකු වුයේ භෞතික  විද්‍යා   මහාචාර්ය ජෝන්  හැප්ස්ටෙඩ්ය.  මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය  බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට  අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. මෙමෙඑන්ෆිල්ඩ් සිද්ධි  පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබේ. ඔහුට සහරා  විද්‍යාඥයන් එදා සමච්චලයට  සිනහ  වී තිබේ. 

එසේම  අධිමානසික සිද්ධීන් පිලිබඳ පරීක්‍ෂා   කිරීමේ විද්‍යාත්මක කමිටුව නමැති සංගමය   Committee for the Scientific Investigation of Claims of the Paranormal (CSICOP) මෙහි පැමිණ සියලු වාර්තා සළකා මෙය බොරුවක් බවට  වාර්තා කර තිබේ.

ඔවුන් ඒ සඳහා පාදක කොට ගත්තේ ඇතැම් වාර්තාකරුවන්ට ජැනට්  හා මාගරට් බොරු දේවල් පෙන්වා ඇති බව නිසාය. ඒ කියන්නේ හැඳි නැමීමට තැත්  කිරීම, අතින් කට වසා  වෙනත් හඬකින් කතා කිරීමට උත්සාහ  කිරීම වැනි දේය. ඒ ගැන අනිකුත් පර්යේෂකයන් පවසන්නේ ඒ දිනවල ගැහැණු ළමුන් දෙදෙනාට පුවත්පත් වාර්තාකරුවන් ගෙන් හා පර්යේෂකයන් ගෙන් දැඩි පීඩනයක් එල්ලවූ බවත් ඔවුන්ගේ වාර්තා විකුණා ගන්නට ඇතැම් සිද්ධීන් බොරුවට අනුකරණය කරන්නට බල කළ බවත්ය. මහාචාර්ය හැප්ස්ටෙඩ් ඔවුන්ට හැඳි නැමීමට  බල කර තිබුණි. එක අවස්ථාවක ජැනට් මාපකය දෙස බල සිටියදී එහි දර්ශකය බිඳී ගොස් ඇත. 

මගේ අසල්වැසියා ගෙන් මේ බව ඇසූ විට ඔහු කෝපයට පත්ව මට කීවේ "තමුසේ කියන්නේ භූතාත්මය පත්තර කාරයන්ට ඕන වෙලාවට එනවයි කියලද? ඒ පැත්තේ (මළවුන්ගේ)  ඔරලෝසු තියෙනවා කියලද "  ඉන්පසු මම ඔහුට කීවේ එම නිවසේ පැල  පදියම්ව ඇතැම් පර්යේෂකයන් සිටි බවය. එහිදී ඔහු පැවසුවේ ඇතැම් පර්යේෂකයන් ගැහැණු ළමුන් ගේ අහසේ පාවීම දුටු බව ඔහු ඉදිරියේ පිළිගත් බවය. 

හොජ්සන් ලා ඉන්පසු එම නිවසින් පිටවුනු අතර හොල්මන් ක්‍රියා ද නැවතුණි. ඉන්පසු පැමිණි සියලුම නිවැසියන්ට  එන්ෆිල්ඩ් නගර සභාව මේ ගෙදර හොල්මන් පවතින බව මුලින් කියා වාසයට කැමති දැයි අසති. මෙහි අලුතින්ම පැමිණ සිටින්නේද මවක් හා දරුවන් දෙදෙනෙකි. ඇය පවසා ඇත්තේ හොල්මන් වලට බිය නැති බවයි.  
පහත ඇත්තේ මම අද ගත් එම නිවසේ ඡායාරූපයකි. වර්තමාන නිවැසියන් නිවස ඉදිරිපිට සිට ඡායාරූප ගන්නවාට අකමැතිය. ඒ බොහෝ ජපන්, කොරියන්, ඇමෙරිකන් සංචාරකයන්  මෙතනට පැමිණෙන නිසාය.  


ලංකාවේ විවේචනයට පාත්‍රවී ඇති චැනල් 4 සමාගම 2007 දී වාර්තා චිත්‍රපටයක් කළහ. ස්කයි සමහම 2015 දී වාර්තා චිත්‍රපටයක් කළේය. මෙහිදී ඕස්ට්‍රේලියාවේ දැන් ජිවත් වන ජැනට් සහ මාගරට් තමන් ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ බොරු කල පිළිගත්හ. නමුත් ඉතිරි සියලු සිදුවුම් සත්‍ය බවට ඔවුන් තවමත් පවසයි. 

The Conjuring 2 නමැති බියජනක  චිත්‍රපටය මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ සිද්ධීය මුලික කොට ගෙන 2016දී එලි දක්වන ලදී. 

මම අධිමානසික විද්‍යාවන් සොයද්දී මෙවැනි සිදුවීම් ගැනද මීඩියම් ලා ගෙන් ඇසුවෙමි. ජේමි ලවුලින් (මගේ ලිපි පෙළ බලන්න) ඇතුළු සියල්ලෝම ඒවා විශ්වාස කළහ. ජේමි මළවුන් සමග කතා කිරීම නතර කලේ සියදිවි හානිකරගන්නා අය නිසා බව කීවාය. එසේම මුදලට කරන විට බොරු කියන්නට බොහෝ අයට සිදු වෙතියිද වාර්තාකරුවන් නිසා බොරු කරන අය සිටිතියිද ඇය ද අනිකුත්  මළවුන් සමග කතා කරන්නන්ද  පැවසූහ.

මගේ අදහස අපට මේ ගැන තවත් සොයා ගැනීමට දේ ඇති බවයි. උදාහරණයක් වශයෙන් අපගේ ශරීර ද  පරමාණුක අංශුන් ගෙන් සැදී ඇති අතර අපගේ ශරීර  ඇවිදින තිත් ගොඩක් වැනිය.  මම "පරමාණුවක  ප්‍රමාණය " යනුවෙන් 2015 දී ලියු ලිපියක ඉලෙක්ට්‍රොන වලාකුළ හා න්‍යෂ්ටිය අතර දුර නිසා  අප පුටුවක හරියට ඉඳ ගන්නේ නැති බව පැවසුවෙමි. අපේ ඇහැට නොපෙනෙන පරතරයක් ශරීරයේ/ඇඳුමේ හා පුටුවේ ඉලෙක්ට්‍රොන අතර තිබේ. ඒ අතර නියුට්‍රෝන අපේ සිරුරු  තුලින් ගියද අප දන්නේ නැත. ක්වන්ටම් භෞතිකය පැත්තට ගිය විට ඉතා කුඩා පරමාණුක  අංශුන් වෙනත් මානයක ට පැනීමට ඉඩකඩක් විවෘත  බව පෙනේ.  නිරීක්ෂණය කරන විට  ෆොටෝන් අංශු සේ ගමන් කරන අතර එසේ නොකරන විට තරංග සේ ගමන් කරයි.  එනිසා අප නොදන්නා දෙයක් තවමත්  තිබෙන්නට  අංශු මාත්‍රයක ඉඩක්  ඇත. සාමාන්‍ය භෞතික විද්‍යා නියමයන් (නිව්ටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා) ක්වන්ටම් ලෝකයේ පිලි පැදෙන්නේ නැත. 

තවමත් මේ සිද්ධීන් ගැන කතා වන්නේ ජැනට් හා මාගරට් ජිවතුන් අතර සිටින අතර මේවා සියැසින්  දුටු අයද  තවමත් සිටින නිසාය. එනිසා මේ සිද්ධීන්  සම්පූර්ණ  බොරුවක් යයි පිලි නොගන්නා අය බොහෝ සිටිති.

පසු කලෙක ජැනට් 

 

මා මෙය ලියුවේ ඇපල් ටෙලිවිෂන් සමාගම  අලුත්ම වාර්තා චිත්‍රපටයක් නිපදවා  ඇති නිසාය.  මෙම වැඩ සටහනේ බිබිසි වාර්තාකාරිනිය පුටුව විසිවීම තමන් දුටු බවට පිලි ගත්තාය.
මේ එහි ට්‍රේලරයයි.

- අජිත් ධර්මකීර්ති 29/10/2023
(තට්ට මහතාගේ ශනිදා දහයට එංගලන්ත අධි මානසික වේලාවෙන් 01.56 ට ලියා අවසන් කරන ලදී.)



//Grosse and Playfair interviewed the entity via Janet Hodgeson (aged 11) on Monday 12th December 1977:

'You're dead; didn't you know?

YES, I COME FROM OUT THE GRAVE.

You come from out the grave?

YES, IN DURANT'S PARK'. [p 142]


'It began to speak in bursts, as if with some effort, one or two syllables at a time.

MY - NAME - IS - BILL - WILKINS - AND - I - COME - FROM - DURRANT'S - PARK - AND - I - AM - SEVENTY - TWO - YEARS - OLD - AND - I - HAVE - COME - HERE - TO - SEE - MY - FAMILY - BUT - THEY - ARE - NOT - HERE - NOW.' [p142]


Richard Grosse (solicitor son of Maurice Grosse) interviewed Janet on Tuesday 13th December 1977:


'What happened when you died?

I WENT BLIND, AND I HAD A HAEMORRHAGE, AND I FELL ASLEEP AND I DIED ON A CHAIR IN THE CORNER DOWNSTAIRS,' [p 147]

The entity also subsequently claimed on 16th January 1978 in a message in red insulating tape on the bathroom door.

An entrance to Durants Park is off Green Street. Adjacent to the park and surrounded by it on two sides and no doubt enterable from it, is a municipal cemetery actually called 'Hertford Road Cemetery'. This is clearly what is meant in the above exchanges.
Electoral Roll for Green Street.

Inhabitants from the Electoral Roll of Enfield Parliamentary Borough (Polling District JX up to 1962; 1963 - 65 W/J; 1977 X/P) in 1960-5 and 1977



284 Green Street: in 1960, 61 & 62 William C & Ethel M Wilkins; then Ethel M Wilkins in 1963 & 64; then in 1965 Anthony S & Margaret Hodgson. In 1977 Anthony S & Margaret Hodgson.

282 Green Street: in 1960, 61, 62, 63, 64 & 65 Frederick R and Catherine B Nottingham. In 1977 Victor J & Peggy M Nottingham and Gary V Nottingham.

This established that Wilkins and his wife had lived at 284 Green Street immediately prior to the Hodgesons and gave an approximate date for his death of 1962/3.

With this information I checked the Registrar General's Birth Marriage and Death Certificate indices:-

William C L Wilkins died aged 61 in June 1963 (Edmonton 5e 381) and Ethel M Wilkins died aged 64 in June 1972 (Enfield)

and

Frederick R Nottingham (died 1973 Enfield) married (Edmonton 1919) Catherine B Slight

 and had Victor J Nottingham (born 1934 Edmonton) who married (1956 Edmonton) Peggy M Richardson

   and had Gary V Nottingham (born 1956 Leicester) who married (Enfield 1979) Gloria M Sutton

and

Anthony S Hodson married (1962 Edmonton) Margaret (Peggy) Burcombe
From: https://www.xenophon.org.uk/billwilkins.html
//

67 comments:

  1. හැම රටකම, ඒකට ආවේනික වෙච්ච මේවගේ කතන්දර තියනවා. මෙහෙත් අර්බන් ලෙජන්ඩ් හැටියට තියෙන, වින්ඩිගෝ සහ ස්කින් වෝකර් කියන අමනුස්ස පරාණ ගැන කතා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කීවේ කතාවක්. මේක ලෙජෙන්ඩ් එක්ක වෙන්න කාලයක් නැහැනේ. 1979 මම නාමයේ පන්තියේ. පාත්‍ර වර්ගයා තවම ජීවත් වෙනවා. උන් කියනවා මේක ඇත්තටම වුනා කියල. අසල්වැසියෝ එක්කම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙන්න ඔයා නිසාම එකතු කරපු ටික:
      මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා ගැසීම ආදිය මෙන්ම පටිගත කරන ලද බිල් විල්කිනස් ගේ කතා ද මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට් ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය.

      නොවැම්බර් 12 වෙනිදා ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහයකයා, අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ල ඉදිරියේ මේවා සිදු වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරුප තිබේ.

      මෙම සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බල තිබුණි. එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් මේ සිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් ඒක් අයෙකු වුයේ භෞතික විද්‍යා මහාචාර්ය ජෝන් හැප්ස්ටෙඩ්ය. මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. මෙමෙඑන්ෆිල්ඩ් සිද්ධි පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබේ. ඔහුට සහරා විද්‍යාඥයන් එදා සමච්චලයට සිනහ වී තිබේ.
      මා මෙය ලියුවේ ඇපල් ටෙලිවිෂන් සමාගම අලුත්ම වාර්තා චිත්‍රපටයක් නිපදවා ඇති නිසාය. මෙම වැඩ සටහනේ බිබිසි වාර්තාකාරිනිය පුටුව විසිවීම තමන් දුටු බවට පිලි ගත්තාය.

      Delete
  2. චතුෂ කුමාර29 October 2023 at 03:24

    ස්කොට්ලන්තයේත් තියෙනවා ස්කොට්ලන්තයේ තියෙනවා මෙවැනි අධිමානුෂික සිදුවීම් සිදුවන, පැහැදිලි කර නොහැකි සිදුවීම් සිදුවෙන නිවසක්.
    මා එහි ගමන් කරා දිනයක්. හිසකේ වලින් ඇදීම,කමිසයෙන් ඇදීම, අමුතු සීතලක් දැනීම වැනි දෑ මටත් අත්විදීමට සිදු වුණා.

    මේ ගැන මමත් ෆේස්බුක් එකේ සහ බ්ලොග් එකේ ලිව්වා. පසුව එම නිවසේ හිමිකරුවන් එම ලිපිය ඉවත් කරන මෙන් දන්වා සිටි නිසා මහා එය අන්පබ්ලිෂ් කරා.

    එම නිවස ඇතුලත ගත් ඡායාරූප අමුතු ආකාරයට තමයි තිබෙන්නේ. එකම උස දෙදෙනෙක්ගේ ඡායාරූප රැගෙන බලද්දී ඔවුන්ගේ උස වෙනස බවට පෙනෙනවා.

    එහෙ මෙහෙ ඇවිදිද්දි සිරුරේ වෙනස් භාවයක් දැනෙනවා. පරමාණු හැකිලීමක් සහ ප්‍රසාරණය වීමක් සිදු වෙන බවයි මගේ අදහස.

    සිරුරට දරාගත නොහැකි අන්දමේ අපහසුවක් දැනුනා නිසා මම නිවසෙන් පිටත් වුණා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලියල ලිපිනය දාන්න . අපටත් හීන් සීරුවේ ඒ පැත්තේ යන්න

      Delete
    2. චතුෂ කුමාර29 October 2023 at 17:10

      'බ්ලොග් එකේ ලියල ලිපිනය දාන්න . අපටත් හීන් සීරුවේ ඒ පැත්තේ යන්න'

      අනේ බොහොම ස්තුතියි.
      බ්ලොග් එකට නම් එන්න එපා.
      ඒක වනසයි ඔබගේ මධ්‍ය අංශය යොදවා. ජනාධිපති මාධ්‍ය අංශය.

      Delete
    3. 😀 ඔය මහත්මයාගේ බ්ලොගේ මේකේ එල්ලලා තියෙනවා දැක්කේ නැතෙයි. "පාරදිගේ " චෝදන්වකුත් කලේ අයින් කරනන් කියල. මොකද අනිත් අයට ඕසෙට කුණු හරපෙන් බැන්නට කමෙන්ට් ඇරලා නැහැ කියල

      Delete
    4. චතුෂ කුමාර30 October 2023 at 05:17

      'බ්ලොග් එකේ ලියල ලිපිනය දාන්න . අපටත් හීන් සීරුවේ ඒ පැත්තේ යන්න'

      'ඔය මහත්මයාගේ බ්ලොගේ මේකේ එල්ලලා තියෙනවා දැක්කේ නැතෙයි.'

      ඔය කියන විදියට මගේ බ්ලොග් එක අජිත්ගේ බ්ලොග් අඩවියේ ලින්ක් කර තිබුනා නං ඇයි ආයේ මගේ බ්ලොග් එක කුමක්ද කියා අසන්නේ ?

      ඔබට මා සමග පුද්ගලිකව ඇරියස් එක කවර කර ගැනීමට ඇත්ද ? මා නම් ඔබට වරදක් සිදුකොට නැත.

      Delete
    5. ලියල තියෙන්නේ - බ්ලොග් එකේ ලියල ලිපිනය දාන්න . අපටත් හීන් සීරුවේ ඒ පැත්තේ යන්න- ඔහේගේ බ්ලොග් එකේ නෙමේ ඒ ස්කොට්ලන්තේ ගෙදර ලිපිනය - අපට ඒ පැත්තේ ගියොත් බලන්න. පිස්සුද හැටිද 😀

      Delete
    6. චතුෂ කුමාර31 October 2023 at 05:37

      'ලියල තියෙන්නේ - බ්ලොග් එකේ ලියල ලිපිනය දාන්න . අපටත් හීන් සීරුවේ ඒ පැත්තේ යන්න-'

      'මේ ගැන මමත් ෆේස්බුක් එකේ සහ බ්ලොග් එකේ ලිව්වා. පසුව එම නිවසේ හිමිකරුවන් එම ලිපිය ඉවත් කරන මෙන් දන්වා සිටි නිසා මහා එය අන්පබ්ලිෂ් කරා.'

      කියන දෙයක් තේරෙන්නේ නැද්ද අජිත්?

      Delete
    7. එතකොට ඔයා කියන්නේ ස්කොට්ලන්තයේ ගේ හිමිකරයාට සිංහල පුළුවන්. ඒක නිසා ඔයා අන්පබ්ලිෂ් කළා

      Delete
    8. චතුෂ කුමාරට මාරය ලෙසද පැමිණිය හැක. වරෙක ගෙවල යකා ලෙසද පැමිණිය හැක.

      Delete
    9. චතුෂ කුමාර1 November 2023 at 04:33

      දැන් අජිත් ඇයි රුසියානු යුක්රේන අර්බුධය ගැන ලියන්නේ නැත්තේ ? චර්නිබෝල් බලාගාරය ගැන ලිපිය සම්පුර්ණ කරන්නේ නැත්තේ ? ඒවාත් සිංහලෙන් ලියන ලිපිනේ.

      Delete
  3. නිවසක ඉන්න බව කිව්වත් නොපෙනෙන හොල්මන්
    හවසක රැදුනු අය ඉන්නෙද තනියම සක්මන්...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ දුමී ඕවා
      මරණය නියතයක්ද දන්නේ නැහැ මේමා

      Delete
  4. ලව්පූසාත්මයත් ආව නේද ඔය පැත්තේ?

    ReplyDelete
    Replies
    1. ගියාද දන්නේ නැහැ ඒ පැත්තේ . සිංගල් මම් කෙනෙක් ඉන්නේ

      Delete
  5. මං ලියනවා එකක් එන්ෆීල්ඩ් හි නරියා කියලා

    ReplyDelete
    Replies
    1. එදා දැකපු නරියා ගැනද

      Delete
    2. නෑ නෑ. කැලෙන් පිටවුනු නරි ගැන.

      Delete
  6. Replies
    1. මම ඒගැහැණු ළමුන් දෙන්නට වෙච්ච දේ සම්පුර්ණයෙන්ම විශ්වාස කරන නිසා ඒ ගැන ලියන්න හිතන් ඉන්නවා තව ටිකක්. මනෝ වෛද්‍යවරයෙක් දෙන්නෙක් සහ එන්ෆිල්ඩ් නගර සභාව, විද්‍යාඥයෝ කියල කියා ගත්ත කිහිප දෙනෙක් ඒ ළමයින් බොරු කියනව කියල ඔප්පු කරන්න අනවශ්‍ය දේ කළා. ඒකෙන් ඒක යට ගියා . සහ විහිළුවක් හැටියට ඒ ළමයින් ට පාසලේ බුලි කරන්නත් හිනා වෙන්නත් ගත්ත. ඔය ඇපල් ටීවී දොකු එක බැලුවනම් ජනට් ආයි කතා කරනවා ඒකෙ

      Delete
  7. එන්ෆීල්ඩ් කිව්වම මතක් වුණේ, ඩ්‍රැක්‍යුලා කතාවෙ දොස්තර සේවඩ් යටතෙ ඉන්න මානසික රෝගියාගේ නම රෙන්ෆීල්ඩ් නේද?

    ReplyDelete

  8. Red Lights (2012) ෆිලුම මතක් උනා.
    ලෝකෙ අපිට ග්‍රහණය/තේරැම් කරගන්න බැරි දේවග් තියෙන්න පුලුවන්.
    ඒත් ලංකාවනම් ඕව මිඩියාවල topic එකක් වෙනවට කැමති නෑ. දේවාල සහ, කපුවො ප්‍රමෝට් වෙන එකතමා අන්තිමට වෙන්නෙ 😁

    ReplyDelete
    Replies
    1. යූරි ගෙලර් ගේ කතාවනේ. කාලයක් මමත් එයත් එක්ක ඊමේල් හුවමාරු කර ගත්ත. එයා ඔය හැඳි නාවන් ඒවා හෙම තියනවනේ. එක පාරක් එයා ටෙලිවිෂන් එකේ කීවා වැඩ කරන්නැති ඔරලෝසු ඕන එකක් අරන් එන්න. රුපවාහිනී තරංග හරහා එයා ඒවා හදල දෙනවා කියල. රුපවාහිනිය ගාව අල්ලන් ඉන්න ඕනේ. මිකැනිකල් ඒවා විතරයි ඈ. ඉනෙස් (මගේ බිරිඳ) ගේ අම්ම ඇනට් පරන වැඩ කරන්නැති අත් ඔරලෝසුවක් අල්ලාගෙන ඉඳල. ඒක තවම වැඩ.

      Delete
    2. දේවල් කපුවෝ ප්‍රමෝට් වෙනවා කියල මොව හරි සිදුවීම් වල ඇත්ත නැත්ත නොහෝය ඉන්න හොඳ නැහැනේ. දැන් ඔය මගේ මළවුන් සමග කතා කරන ලිපි පෙලේ ඒ වගේ අය හමුවුන. හුඟක් වෙලාවට මුදලට කරනවා කියන්නෙම අවුල්. මුදල් ගැනීම නිසා ඒකට මොනවා හරි දෙන්න ඕනේ කියන අදහස එක්ක බොරු කියනව. අපි කරපු ඒවා හුඟක් නොමිලේ පර්යේෂණ සඳහා විතරක් කල නිසා ඒ අයට තිබ්බේ ඒකට උදන් දෙන අදහස විතරයි.

      Delete
    3. උදව් දෙන අදහස විතරයි

      Delete
  9. ඔය ගෙවල් බොහොමයක් එකම අච්චුවට duplex විදියට හදන්නේ ඇයි?

    එන්ෆීල්ඩ්වල විතරක් නොවේ මං ගිය තවත් ගෙදරක් තිබුණු විම්බල්ඩන් පැත්තත් ඒ වගේමයි.

    ආකියෝ හිඟ ද?

    ReplyDelete
    Replies
    1. නැහැ . මේ ගෙවල් ආණ්ඩුවෙන් හදපුව, එංගලන්තේ ගොඩක් එහෙම ඒවා තියනව. සෝවියට් සමාජවාදී සිස්ටම් එකම තමයි. ලේබර් ආණ්ඩුවලින් හදපුව. ඊට පස්සේ කොන්සවේටිව් ආණ්ඩු ඒවා සල්ලි වලට ගන්න ඉඩ දුන්න. ඕවල - අපේ ගෙදර වගේම - ගරාජ් නැත්තේ ඇයි කියල දන්නවද? ඉහල පන්තියට ඇරෙන්න මධ්‍යම හා ඊට පහල පන්ති වලට කාර් ගන්න බැහැ කියලා නිවාස අමාත්‍යංශයේ නිලධාරියෙක් තර්ක කරලා තියනව. මේ නිවාස හදල තියෙන්නේ නිවාස අර්බුදය විසඳන්න නේ

      Delete
  10. යකෝ, Google Street View එකෙත් ඔය ගෙවල් බාගේ වහලා, භූතයෝ වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. නැහැ ඒ ඕනෑකමින් වහල තියෙන්නේ. ලිපිය කියෙව්වනම් තේරෙනවනේ . 😀. ඒ ගෙදර දැන් ඉන්න අය සංචාරකයෝ ඇවිත් පින්තුර ගන්නවට කැමති නැහැ. මමත් කාර් එකේ යන ගමන් ගත්තේ ඒකයි. පෞද්ගලිකත්වය රැකීමට තමයි ඩොට් කරලා තියෙන්නේ ගූගල් එකෙන්

      Delete
  11. අජිත් මහත්මයා පහනෙ යකා ගැන දන්නවද?

    ReplyDelete
    Replies
    1. නෑ , ඔයා දන්නවනම් ඒ ඇති

      Delete
  12. අජිත් ධර්ම මහතා යකා බැලීමට ගියේය.
    අජිත් ධර්ම මහතා දුටු විට යකාද බිය විය.

    මන්ද අජිත්ගේ ක්‍රියාකලාපය යක්කුත් දන්නා බැවිනි.

    ස්වකීය පැවැත්ම වෙනුවෙන් යකාවත් විකුණගෙන කෑම අජිත්ගේ පුරුද්දය.

    ReplyDelete
    Replies
    1. විකුණගෙන කන්නේ උඹලගේ දේශපාළුවෝ නේ බං

      Delete

  13. මට රැකියාව කරන තැන ලැබුන අත්දැකීමක් උබල එක්ක බෙදා ගන්න හිතුන.

    මගේ රැකියා ස්‌ථානයේ අලුතෙන් ආව සාමාජිකයෙක් ගිය සතියේ ඉදන් නිවාඩු ගියා. නිවාඩු යන්න කලින් මම උගෙන් phone number එක ඉල්ලුව හදිස්සියක් උනොත් call එකක් දෙන්න කියල . උගේ උත්තරය උනේ " Sorry mate , I did not get my mobile phone from HR yet".

    මෙහෙ උන් (UK) ලේසියෙන් තමන්ගේ private mobile number එක office එකේ උන් එක්ක share කර ගන්නේ නැ . මට ඕනේ තරම් ඇහිලා තියනව කවුරු හරි නිවාඩු ගියාම ඒ ගිය එකා කරපු වැඩක් ගැන කවුරු හරි ඇහැවුවොත් කෙලින්ම කියනවා එයා නිවාඩු ගිහින් ඉන්නේ. නිවාඩු ඉවර වෙලා ආවම තමයි බලන්න වෙන්නේ කියල . මට මේක කියන්න හිතුනේ අපි ලංකාවේ මොකේට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ඉන්න හැම එකා එක්කම mobile number එක share කර ගන්නවා , facebook, Insta , Whatsapp add කර ගන්නවා . ඊට පස්සේ නිවාඩු දවසකටවත් නිදහසක් නැ . මට මතක් උනා කොවිඩ් මුල් කාලේ එක පාරටම office වහපුවම ගෙදර ඉන්නකොට office එකෙන් ආපු call තොගේ . අනන්තවත් හිතුන covid හැදිලා මලත් office යන එක හොදයි කියල . මෙහෙ උන් කියන හැටියට තමන්ගේ නිවාඩු වෙලාවක office වැඩකට කතා කරන්න ඕනේ නම් company එකෙන් phone එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ . එහෙම දීල ඉන්න කීප දෙනාත් Annual leave යනකොට ඒක off කරනවා . ආයේ ගිහින් ආවම තමයි on කරන්නේ . මම ඉන්නකොට office එකේ දෙන්නෙක් resign උනා ඒ එකෙක් ගේ වත් contact details එකට වැඩ කරපු උන් ලගවත් නැ . මම දවසක් ඒ resign උන එකෙක් ගේ ලගම හිටපු එකා ගෙන් ඇහැවුව කොහොමද දැන් අරුට , කතා කරාද කියල .උ කියනවා අන්තිම දවසෙන් පස්සේ උ ගැන ආයේ අහන්න ලැබුනේ නැ කියල . උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ උන්ගේ work pressure එක වැඩි වෙන්න ඔය contact details share කර ගන්න එක හේතුවක් කියල

    ReplyDelete
    Replies
    1. මම දැන් වැඩ කරන කම්පනියේ වුනත් පෞද්ගලික නොම්මර දෙතුන් දෙනෙකුගේ විතරයි තියන් ඉන්නේ. ඒත් හදිසි අවශ්‍යතාවයකට විතරයි

      Delete
  14. මම කිසි දිනෙක හොරර් ෆිල්ම් බලන්නේ නැත!
    මන්ද සල්ලි ගෙවා බය වීමට මට අවශ්‍ය නැති බැවිනි.
    ඒත් බලාන ගියාම ඒංගලන්තයේ තරම් අපේ රටේ හොමං නැතිවා වගේය.
    අප අතරින් වෙන්ව ගිය කළණ මුහුණ දුන් හොල්මං සීන් එකක් එයාගේ බ්ලොග් එකේ ලියලා තිබ්බා!

    ReplyDelete
    Replies
    1. මේක හොරර් ෆිල්ම් එක්ක නෙමේ. සැබවින් සිදුවුණු කතාවක් පාදක කරගෙන The Conjuring 2 චිත්‍රපටය නිපදවූ බව ඇත්ත. අලුත් ඇපල් ටීවී නිෂ්පාදනය වාර්තා චිත්‍රපටයක්. අවස්ථාවක් ලැබුනොත් බලන්න. අදහස් වෙනස් වේවි. //ඒත් බලාන ගියාම ඒංගලන්තයේ තරම් අපේ රටේ හොමං නැතිවා වගේය.// එක සිද්ධියක් අල්ලාගෙන එහෙම නිගමන කරන්න අමාරුයි. 😉 මේ සිදුවීම තමයි වැඩිම පිරිසක් එකතු වෙලා ගවේෂණය කරපු එක. නිකන් අපහස කරලා ඉවර්ත දාන්න බැරි දේවල් තියනව. ඒකයි මම කියන්නේ. මිනිස්සු ඉන්න ඕනේ විවෘත මනසකින් ඕන දෙයක් ගැන..

      Delete
  15. යක්කුත් බයලු ලොකු ලොකු තඩි යක්කුන්ට
    සේරම ලෙඩ වැටෙන්නෙත් පොඩි යක්කුන්ට
    හොල්මන් කියනවලු හෙලවෙන මනසකට
    මම දැකලා නෑ හොල්මන් මෙතුවකට

    ReplyDelete
    Replies
    1. @ නිදි

      ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය සමග තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා.

      ඒ සමගම ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ සිහිනයත් අවසන් වුණා.

      සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක් පරදා, ඇෆ්ගනිස්තානය ලබනා ජයක් ඉතිහාසයේදි හැඳින්වුනේ පෙරලිකාර එහෙම නැත්නම් 'අප්සෙට්' (Upset) එකක් විදියට.

      නමුත් මේ තරගයේ ප්‍රතිඵලය කිසිදු රසිකයෙක්, විචාරකයෙක් 'අප්සෙට්' එකක් කියලා හැඳින්වූවේ නැහැ.

      ඉන් පෙනෙන්නේ ඇෆ්ගනිස්තානයට අද ක්‍රිකට් ලෝකයේ හිමිව තිබෙනා පිළිගැනීමයි.

      ඔවුන් තවදුරටත් 'කුඩා' , 'දුර්වල' කණ්ඩායමක් නොවෙයි.

      ඔවුන් ප්‍රබලතම කණ්ඩායම් අතර සිටිනා රටක්.

      ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය පැමිණි මේ ගමනේ පුදුම සහගත තැන් බොහෝමයි.

      ඇෆ්ගනිස්තානයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සහ හිටපු නායක මොහොමඩ් නාබි ඊයේ ක්‍රීඩා කළේ සිය 153 වන එක්දින තරගය.

      මේ තරග 153 තුල ඔහු රටවල් 43ක් පරාජය කර තිබෙනවා.

      එය ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලඟා වීමට අපහසු නොම්මරයක්.

      නාබි රටවල් 43 ක් පරාජය කිරීමේ කතාව තුලම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම ලියවෙලා තියෙනවා.

      ඇෆ්ගනිස්තානය ඉතිහාසය පුරාවටම යුද්ධ වලින් බැට කෑ රටක්.

      ඇෆ්ගනිස්තානය සෝවියට් දේශය සහ ඇමෙරිකාව යන ගෝලිය බල කඳවුරු දෙකෙන්ම ආක්‍රමණයට ලක් වූ රටක්.

      මොහොමඩ් නාබි ඇතුලු බොහෝ ඇෆ්ගන් ක්‍රීඩකයො සිය ළමා කාලයේ දිනක් හෝ සරණාගත කඳවුරු වල ගෙවලා තියෙනවා.

      ඔවුන් මුලින්ම පිත්ත, පන්දුව අතට ගන්නේ සරණාගත කඳවුරු වලදීමයි.

      ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයක් හැදෙන්නේ 1995 වසරේ පාකිස්තානයේ දි.

      ඔවුන්ට ICC අර්ධ සාමාජිකත්වයක් හෝ (Affiliate membership) හිමි වුණේ 2001 වසරේ දි.

      එයත් පාකිස්තාන මැදිහත් වීමකින් හිමි වූ වරප්‍රසාද නොමැති හඳුනාගැනීමක් පමණයි.

      ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භයේ සිටම මොහොමඩ් නාබි එහි පුරුකක් වුණා.

      මුල්ම කාලයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර මොහොමඩ් නාබි සහ ඔහුට සරණාගත කඳවුරකදී හමු වූ මිතුරන් සිටියා.

      මොහොමඩ් ශෂාඩ්, ඇස්ගර් ඇෆ්ගන්, ශපූර් සද්රන් ආදී ක්‍රීඩකයන් ඉන් කිහිපදෙනෙක්.

      නාබි ලා එකතු වෙලා හදාගත්තු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සැබැවින්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කළා.

      ඔවුන්ට ක්‍රීඩා උපකරණ තිබුණේ නැහැ.

      ඔවුන් පිති, පන්දු ඇතුලු ක්‍රීඩා උපකරණ පකිස්තානයේ සිටි ඔවුන්ගේ මිතුරන්ගෙන් ණයට ඉල්ලා ගත්තා.

      ඔවුන් පිති, හිස් සහ පා ආවරණ මාරු කරමින් ක්‍රීඩා කළා.

      ඔවුන්ට පුහුණුවීමට ක්‍රීඩා පිටි තිබුණේ නැහැ.

      යුද්ධය සහ ත්‍රස්තවාදය නිසා ඔවුන්ට ක්‍රීඩා කිරීමට හෝ රටෙහි සිටි දක්ෂයන් සොයා යෑමට නිදහසක් හෝ ඉඩක් තිබුණේ නැහැ.

      වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි වන පුහුණුව, වැටුප්, ක්‍රීඩා උපකරණ, පෝෂ්‍යදායි ආහාර මේ කිසිවක් ඔවුන්ට තිබුණේ නැහැ.

      අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හෝ නොතිබූ, බෝර්ඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඉතාම දුගී එකක් වුණා.

      මුල් කාලයේ ඇෆ්ගන් පිතිකරුවෙකු දැවී යද්දී, ඊළගට පැමිණෙන පිතිකරුවාට ඔහු සතු ක්‍රීඩා උපකරණ ගලවා ලබා දෙමින් ක්‍රීඩා කළ යුගයක් ද ඔවුන් පසු කළා.

      නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය ඇතැම් දෑ ඔවුන් සතුව අඩු නොමැතිව තිබුණා.

      ඔවුන්ගේ කැපවීම, ක්‍රීඩාවට ඇති ආදරය සහ දේශප්‍රේමීත්වය උපරිම වුණා.

      Delete
    2. ඔහොම හිටපු ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මුල්ම කාලයේ පකිස්තානයට ගිහින් එරට පලමු පෙල තරග ක්‍රීඩා කළා.

      ඉන්පසුව ඔවුන්ට අයි.සී.සී අර්ධ සාමාජික රටවල් සමග තරග ලැබුණා.

      ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රසිද්ධ නොමැති යුරෝපයේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් සමග ඔවුන් ක්‍රීඩා කළා.

      මොහොමඩ් නාබි පරාජය කළ රටවල් 43 අතර බහුතරය එම රටවල්.

      මේ සියලූම දුෂ්කරතා මැද වූවත්, ඔවුන්ගේ දක්ෂතාවය ක්‍රිකට් ලෝකයට සැඟවීමට නොහැකි වුණා.

      ඔවුන් දිගින් දිගටම ඔවුන්ට හිමි වූ ප්‍රතිවාදීන් පරාජය කළා.

      තෙවන ලීගයේ සිට දෙවන ලීගයට සුදුසුකම් ලැබූවා.

      දෙවන මට්ටමේ ප්‍රබල රටවල් පරාජය කළ ඔවුන් 2009 දී අයි.සී.සී එක්දින සාමාජිකත්වය දිනා ගත්තා.

      ඒ මොහොතේත් මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හිටියා.

      එතැන් පටන් අයි.සී.සී පූර්ණ සාමාජික රටවල්, සීමිත ඕවර තරග වලදී පරාජය කළ ඔවුන්, 2017 වසරේ දී අයි.සී.සී පූර්ණ සමාජිකත්වය සහ ටෙස්ට් වරම් දිනාගත්තා.

      ඒ මොහොතේ මොහොමඩ් නාබි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා වුණා.

      වසර කිහිපයකට පසු අද ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක්.

      ශ්‍රී ලංකාව වැනි ඉතිහාසයක් සහිත රටක් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අසමත් වෙද්දී, ඔවුන් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබුවා.

      2024 ශූරයන්ගේ කුසලානය (Champions Trophy) සදහා තෝරා ගන්නේ ලෝක කුසලානයේ පළමු රටවල් අට පමණයි.

      ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බංග්ලාදේශයට ඉහළින් සිටිමින් ඔවුන් එයට සුදුසුකම් ලබා ගනීවි.

      ඊයේ ජයග්‍රහණයත් සමග ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටත්, ඔවුන්ට වැඩි ඉඩක් විවර වුණා.

      ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය වැනි ප්‍රබල රටක් පරදා ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තත්, ක්‍රිකට් ලෝකය පුදුම වෙන එකක් නැහැ.

      2001 වසරේ අර්ධ සාමාජිකත්වය ලැබූ දුප්පත් ක්‍රිකට් පාලක මණ්ඩලයක සිට,

      සරණාගත කඳවුරු වලින් අහුලා ගත් ක්‍රීඩකයන්ගෙන් සැඳුම් ලත් කණ්ඩායමක සිට,

      ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලෝකයේ පැමිණ තිබෙන ගමන අපූරුයි.

      ඒ ගමන පුරාවට නිත්‍ය සාමාජිකයෙක් වූ මොහොමඩ් නාබි ත් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වී හමාරයි.

      ඒ සඳහා ඔහුට දත්ත, වාර්තා අවශ්‍ය නැහැ. බෝම්බ පිරුණු මාවතක රටක් ඔසවා ගෙන ඉහලටම පැමිණි ගමන පමනක් ප්‍රමාණවත්.

      - ඉරේෂාන් සිරිවර්ධන -
      2023. 10. 31

      Delete
    3. මේ ෆෙනොමෙනා එක මොකද්ද කියල හරියටම අපට අවබෝධ කර ගන්න බැහැ. නමුත් එහෙම වුනා කියල ඉවත දමන්න බැරි දෙයක් මෙතන වෙලා තියනව. විවෘත මනසකින් ඉන්න මිනිස්සු තමා සොයා ගැනීම් කරන්නේ. කරලා තියෙන්නේ.

      Delete
  16. ජර්මනිය හෝ රුසියාව ගැන නම් එන්නේ නැහැ, ඇති සමහර විට. ටොරොන්ටෝවේ තමා අපේ ප්‍රධාන medium ජෙමී ලවුලන් ජිවත් වෙන්නේ. හැබැයි දැන් එයා ඒවා නවත්වල ගොඩක් කල්. දැන් වයසත් ඇති සෑහෙන්න . මම ඊමේල් හෙම යැව්වට දැන් උත්තර නැහැ. එයා මුදල් නොගෙන ෆන් එකට වගේ කරනවා කීව නිසා සෑහෙන අසීරු විශ්වාස කරන්න අමාරු කරුණු හොයා ගත්ත. මම අර ලිපි පෙලේ සමර ඒවා ලියල තියනව. භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස-https://kolambagamaya.blogspot.com/2016/11/materialist-paranormal_10.html

    ReplyDelete
  17. ජවිපේ නායක අනුර දිසානායක මහතාගේ ඇමරිකා එක්සත් ජනපද සංචාරයෙදී කැලිෆෝර්නියා ජනපදයේ පැවති ජනහමුවට පැමිණි ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකු වූ රම්‍යකාන්ත සිල්වා මහතා මුලින්ම තමන් සහ පවුලේ විස්තර ඉදිරිපත් කරමින් තමන් තුල ජවිපෙය කෙරෙහි ඇති විශ්වාසය ගැන පවසන්නේ හඬමිනි.
    තමන් බෞද්ධයෙකු වුවත් පංසල් නොයන මුත් තම හදවතේ පංසලක් තනාගෙන සිටින බවත් ඔහු පවසයි.තමන් ඇතුළු පිරිස අතීතයේ ලොකු මුදු වලට රැවටුණු බව කියමින් තම අතීත දේශපාලන ලැදියාව ගැනත් ඔහු ඉඟියක් ලබා දෙන බව පෙනෙයි.
    තම කථාවේ සෑහෙන දුරක් ගිය පසුව ඔහු තමන්ගේ ප්‍රශ්ණය ජවිපේ නායකයා වෙත යොමු කරන්නේය. ඔහුට ඇති ලොකුම ප්‍රශ්ණය වී ඇත්තේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීමය.
    හිටපු ජනාධිපති සිරිසේන මහතා මිනිසුන් එල්ලීම පිණිස කඹයක් ගෙනා මුත් එයින් වැඩක් නොගත් බවත්,මරණීය දණ්ඩනයට ලක්වූවන්ට කෑම බීම දෙමින් නඩත්තු කිරීම අපරාධයක් ලෙසත් හදවතේ පංසල තනාගෙන සිටින රම්‍යකාන්ත සිල්වාගේ අදහස ලෙස ඉදිරිපත් වෙයි. අවසානයේ ඔහු අනුර දිසානායක මහතාගෙන් විමසන්නේ ජවිපේ බලයට පැමිණි පසුව ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද යන්නය.
    මෙහිදී ජවිපේ නායකයා ලබාදෙන්නේ පරිණත පිළිතුරකි.මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සාර්ථක ලෙස මැඬලීම මිස මරණ දඬුවම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව ඔහුගේ අදහස විය. මේ සංවාදය දෙස බලාගෙන සිටි මගේ සිතට ඇතිවුණු ප්‍රශ්ණය වන්නේ විදෙස් රටක පුරවැසියන්වී සිටින මෙවැනි පුද්ගලයන් තමන් අතහැර දමා ආ රටේ ප්‍රශ්න ගැන කරදර වෙමින් අසහනයෙන් ජීවත්වන්නේ මන්දැයි යන්නය.
    තමන් ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම සම්බන්ධයෙන් ඇමරිකානු සමාජයේ පවතින විවිධ අදහස් ගැන ඔහුට අවබෝදයක් ඇතිදැයි නොදනිමි.මරණ දඬුවම සක්‍රීයව පවතින ඇමරිකා එක්සත් ජනපදයේ කොතරම් සමූහ වෙඩි තැබීම් ඇතුළු මාරක අපරාධ සිදුවනවාදැයි මොහු දන්නවාදැයි නොදනිමි.නීතිය ක්‍රියාත්මක වීමේ බලවත් ගැටළු පවතින රටක මරණීය දණ්ඩනය සක්‍රීය කළහොත් සිදුවන්නේ කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවේ කතාන්දරයේ වැනි සිදුවීම් ඇතිවීම බව මේ වයස්ගත නොදරුවා නොදන්නා සේය...

    ...

    අජිත් ඉහත පොස්ටුව මා දුටුවේ චමින්ද ජයසේන මහතා සටහන් කර තිබෙනවා.

    ඔබත් තවත් එක් රම්‍යකාන්ත සිල්වා කෙනෙක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගය හා මම මරණිය දණ්ඩනයට විරුද්ධය.

      Delete
  18. පරණ ගෙවල් වලට යන්න හිතෙන්නේ නැත්තේ ඔය බය හින්ද ... හෙහ් හෙහ් .. දවල්ට කොච්චර වීරයා වගේ හිටියත් රෑට බය හිතෙනවා ... ඇත්ත නැත්ත වැඩක් නැහැ .. බය වෙනවා .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. මේ රටවල හැදෙන ළමයි බය නැත්තේ ඇයි? අපිව පොඩි කාලේ ඉඳන් බය කරවනවා කියල හිතෙන්නේ නැත්ද? වහාම මේ ලිපියේ දෙවන කොටස ලියන්න ඕනේ

      Delete
    2. හේරත් හෙළකදුරුගමුවේ ලයිට් නැතුව කුප්පි ලාම්පුවෙන් ඉන්නකොට බය උනේ නැද්ද රෑට

      Delete
  19. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනුරයිය මිට පස්සේ අනිත් අයට වචන වරදුනහම විහිළු කරන එකක් නැහැ

      Delete
  20. ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා අජිත් ධර්මා මහතා පත්කරනු ඇතිබවට පලවෙන මාධ්‍ය වාර්තා ඇත්තද

    ReplyDelete
    Replies
    1. හරිම අසාධාරණ විධිහට ක්‍රිකට් වල පැත්ත පළාතේ නොහිටපු අර්ජුන කියල එකෙක් පත් කරලනේ

      Delete
  21. 'අවශ්‍ය නම් ආයෙත් සන්නද්ධ අරගලයකට ලෑස්තියි – ලාල් කාන්ත'

    Link

    අජිත් ධර්මකීර්ති මහත්මයා ඔබ සන්නද්ධ අරගලයකින් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නවට එකගද?

    ලාල් කාන්ත කියන්නේ ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ගෙනයාම සදහා බලය ලබා ගැනීම අනිවාර්ය බව. ඒ ඒ සදහා සන්නද්ධ අරගලයක් සදහා නැවත යාමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභික කේ ඩී ලාල් කාන්ත මහතා සුදානම් බව අද දින මහනුවරදී පැවසුවා.

    අජිත් ධර්මකීර්ති මහත්මයා,

    ඔබ දැන් කොතනද ඉන්නේ ? 88/89 භීෂණ සමයේ හමුදා ප්‍රධානියෙක්ව සේවය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය මැඩපැවැත්වීම සදහා ක්‍රියා කල ජෙනරාල් ෆොන්සේකා සමගද?
    ඔබ හැබැයි පසුගිය වසරේ කියා සිටියේ ජෙනරාල් ෆොන්සේකා රටේ බලය ලබා ගත යුතු බවයි.

    අජිත් ධර්මකීර්ති මහතා, ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්ත නැවත සන්නද්ධ අරගලයක් සදහා සුදානම් වීම ගැන අජිත් ධර්ම මහතා නිහඬ ඇයි?

      Delete
    2. හැම පිස්සු හටනක්ම කියන ඒවාට පිළිතුරු දෙන්න මට පිස්සු නැහැ අනේ

      Delete
    3. 'Ajith Dharma.10 November 2023 at 08:10
      හැම පිස්සු හටනක්ම කියන ඒවාට පිළිතුරු දෙන්න මට පිස්සු නැහැ අනේ'

      එහෙනම් මොකටද අජිත් ජේවීපී රැස්වීම් වලට යන්නේ?

      Delete
    4. කිරි පුතේ , ජවිපෙ රැස්වීම් වලට යන්නේ ඒවා යේ ඒ ගොල්ලෝ කියන කතා අහන්න. අහල විනිශ්චය කර ගන්න. මට කතා කලොත් හෝ යාළුවෙක් එන්න කිවොත් පෙරෙටුගාමී එකටත් යනව. යූඇන්පී එකටත් යනවා, පොහොට්ටු එකටත් යනවා , හෙළ කරුමෙටත් යනවා. එහෙම ගියාය කියල ඒ ගොල්ලෝ කියන හැම එකටම උත්තර දෙන්න අවශ්‍යතාවයක් හෝ ඒ පක්ෂෙකට අයත් වෙන්න අවශ්‍යතාවයක් හෝ නැහැ. ස්වාධින තීරණ ගන්න පුරුදු වෙන්න කිරි පුතේ. රටටත් හොඳයි තමන්ටත් හොඳයි

      Delete
    5. එතකොට ලාල්කාන්ත සන්නද්ධ අරගලයකට නැවත සූදානම් කියන ප්‍රකාශය ගැන අජිත්ගෙ විනිශ්ච කුමක්ද?

      Delete
    6. කිරි පුතේ මට හිතෙන්නේ නම් මෙහමයි , දැන් ඔයගොල්ලන්ගේ මහා අනෙකා පෙරටුගාමී සමාජවාදීන් හෙවත් පෙරෙට්ටන් නේ. ඒ ගොල්ලනේ ඒ කාලේ ඉඳන්ම අරගලය කියන වචනේ හෙම ලියා පදිංචි කරන් ඉන්නේ. ඉතින් මෙහෙම් දෙයක් කීව නම් කියා තිබෙන්නේ ඒක නිසා පෙරටුගමින් පැත්තට යන සන්නද්ධ අරගල වලට කැමති සෙට් එක තව දුරත් තිය ගන්න වෙන්න පුළුවන්. අනුර කුමාර ඇමෙරිකාවට ගිහින් ග්‍රපයිට් සහ බිස්නස් ගැන කතා කරන කොට හැලෙන කට්ටිය රඳවා ගනන් වෑයමක් වෙන්නත් පුළුවන්. කොටින්ම මේ වගේ කතා කියන්නේ ගැලරිය ටාගට් කරලා. ඇනෝ මට හොඳ පොයින්ට් එක්ක දුන්නේ ලිපියක් ලියන්න., සන්නද්ධ අරගල කරලා දිනපු රටක් නැහැ. ඒක මිත්‍යාවක්

      Delete
  22. අජිත් ලංකාව තුල මේ වෙලාවේ එක්තරා අදිසි හස්තයක් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය හිතා මතාම පුරවැසියාට එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදිලා ඉන්නවා නේද? ජනාධිපතිවරයා විපක්ෂ බලවේග සේරම එකම කරුණකට කැටි කොට රාජ්‍ය අංශයේ අධ්‍යාපනය ජනතාවට සියුම්ව එපා කරවමින් අධ්‍යාපන පද්ධතියම පෞද්ගලික අංශයට සියල්ල බාර දෙන්නට යටින් දෙන ගේමට මාලිමාවට මුවාව සිටින ජවිපෙ සහ පෙරටුගාමීන් පවා ඉතා විශ්මයජනක ලෙස නිහඬව සිටීම ගැන මොකද හඬක් නැගීමට අදහසක් නැද්ද? විකල්ප වාමාංශික දේශපාලන ව්‍යාපාර ලෙස මෙය අපේ වගකීම බව අමතක නොකරන්න කියා ඔබෙන් ඉල්ලීමක්ද කරනවා අජිත් හරිම ආදරෙන්

    #ඉතින්අපිටමොකද 😌
    #වෙනකංදන්නෑ 😌
    #මේදවස්වලකන්නෙත්Cricket 😌

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අංශයේ අධ්‍යාපනය ඉතිරි වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාල වල විතරයි නේද? ආයේ එපා කරන්න දෙයක් තියනවද මල්ලි . ජවිපෙ සහ පෙඅරටුගාමී නෙමේ අනිත් හුඟත් අයත් අවස්ථාව ලුණම ළමයි පිටරට මුදල් ගෙවල යවනවනේ. පිටරටවල ඉන්න අයත් මුදල් ගෙවල් ළමයින්ට උගන්වනේ

      Delete
  23. ආදරණීය අනුර සහෝදරයා වෙත,

    සහෝදරයා උඹ ඇමරිකාවේ ගිහිල්ලා එහෙ ධනේශ්වර පරයන් ඉස්සරහා උඹ උපන් මව්බිම පාච්චල් කරන්න එපා, සහෝදරයා. උඹත් උඹ අවුරුදු දහ අටකට පෙර අපි එපාකියද්දීම අපට විරුද්ධව රෙදිනැතුව කඩේගිහින් බලයට පත්කරපු මැදමුලන ලෝකහොරා සුනාමිය වෙලාවේ මානුශීය ආධාර ගසාකෑවා වගේම මෙවරත් පෞද්ගලික ගිණුම්වලට ඩොලර් බැරි නම් ස්ටර්ලින් පවුම් හරි එකතු කරපං… හැබැයි ඔය උග්‍ර වාමවිරෝධී ධනේශ්වරයන් ඉස්සරහා වාමාංශික දේශපාලනය ගැන විස්වාස කරන බහුතර ජනතාවකට තිඹිරිගෙය වූ උඹේ රටේ මිනිස්සුන්ගේ ආත්ම පාවාදී ධනේශ්වරයෙන් හිඟා කන්න එපා, සහෝදරයා. උඹේ දේශපාලනය කරපං උඹේ රටේ. උඹේ ගල් පැලෙන අතාර්කික ප්‍රලාප කියපන් මෙහෙ ඉන්න අපිට. ඒවා අපි ඉවසන්නම්. අපේ ප්‍රශ්න අපි රට ඇතුළේ විසඳ ගමු. හැබැයි පිටරටට මකබෑවිලා ඒ පිටරටට ආවඩන අඩු කුලේ නිවට ධනේශ්වරයට වාල්කම්කරන පරයන්ගේ හීනමානය අඩුවෙන්න කියලා, උඹට බත් කවලා උස් මහත් කරපු මිලියන ගණනක්වු දුප්පත් අහිංසක නමුත් වාමාංශික අදහස්වලින් පෝෂණය වූ ලක් මෑණියන්ගේ දූපුතුන්ට උන් ඉස්සරහා ලැජ්ජා කරන්න එපා, සහෝදරයා.

    උඹ ඔය ගිහිල්ලා කාටද බං කතා කරන්නේ? උඹ කතා කරන්නේ මේ ලෝකයේ ඉන්න නරකම මිනිස්සුන්ට කියලා උඹට අමතකද? ලෝකයේම සම්පත් සූරාකමින් ලොවපුරා දිළිඳුකම හේතුසාධක වූ කළු ධනවාදයේ වේශ්‍යා ගුබ්බෑයම වන ඇමරිකාව අස්සට ගිහිල්ලා උඹ ලක් මෑණියන්ගේ දුර්වලතාවයන් ගැනද කතා කරන්නේ? යකාගේ සමාජවාදයක්නේ බං ඒක! උඹ ඔය කැමරිකන් ඇරපොත්තන්ට කියන්න තිබුණේ උන්ගේ ඔය මහලොකූ රට මේ ලෝකයට කළ සහ කරමින් සිටින අහස පොළොව නුහුළන අපරාධ ගැනනේ බං… උඹ වගේ සමාජවාදියෝ පොල්පිත්තෙන් කපන්න පුළුවන්, සහෝදරයා.

    උඹට කියන්න තිබුණේ ඔය ඇමරිකාව මේ ලෝකයේ අනෙක් රටවල ඛනිජ සම්පත් මහා පරිමාණයෙන් සූරා කන හැටි ගැනනේ… අවුරුදු දාහතරක් ඇමරිකාවේ බස් එලෙව්වාය කියලා ආඩම්බරයෙන් කියන අර නාකි මයිනට කියලා දෙන්න තිබුණේ ඒ බස් එලවන්න අවශ්‍ය තෙල් කන්දරාව මැදපෙරදිග රටවල් විනාශ කරලා ඇමරිකාව විසින් මංකොල්ල කෑවේ කොහොමද කියලානේ… උඹ මෙහෙ මිනිරන් ගැන ඇමරිකාවේ උන්ටද බං ගතු කියන්නේ… ඇමරිකාව කියන්නේ අප්‍රිකානු මහාද්වීපයම හාරලා හාරලා මහා පරිසර විනාශයක් කරලා ලෝහ සහ තවත් අමුද්‍රව්‍ය මංකොල්ල කන රටක් කියලානේ උඹට උන්ට කියන්න තිබුණේ…

    උඹ මොන විප්ලවකාරයෙක්ද, අනුර සහෝදරයා. ඇමරිකාව කියන්නේ වහල් ශ්‍රමය මත හදාපු කාලකන්නි රටක්. උඹට ඔය රැස්වීම්වලට එන අහංකාර නූගත් සෙවලයන්ට මතක් කරන්න තිබුණේ උන්ගේ ඒ කට්ට කළු කැත අතීතය. උඹට කියලා දෙන්න තිබුණේ උන් ඔය මහා ආඩම්බරයෙන් උඹට පෙන්වන ගොබ්බාටෝප ජීවිත පිටිපස්සේ එන අත්වලට විලංගු දාගත්ත කළු වහලුන්ගේ ශෝකාලාපය… ඒ ගැහැණුන්ගේ අඳෝනාව… උන් උඹට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දුන්නම ඒවා අමතක වුණා නේද… ලැජ්ජයි බං, සහෝදරයා.

    ඒ වෙනුවට උඹට උන්ට කියලා දෙන්න තිබුණා ඔය ඇමරිකන්කාරයා වියට්නාමයේ විමුක්තිකාමින්ට ගුවනින් දාපු තැඹිලි පාට විෂ ගැන. ඒ විෂ round up කරලා ලංකාවට විකුණන හැටි ගැන. උඹට උන්ට කියලා දෙන්න තිබුණා අපේ රටේ දේශීය ගොවිතැන විනාශ කරලා ඇමරිකන් කෘෂිරසායන මාෆියාව අපේ මිනිස්සු ලක්ෂ ගාණකගේ වකුගඩු මරණ හැටි ගැන… උඹට උන්ට කියන්න තිබුණා උන් කන KFC මස් කට්ටක් කට්ටක් ගානේ දිනපතා මරණ කෝටි ගණන් අහිංසක සතුන් සහ ඒ මස් කර්මාන්තය නිසා සිදුවෙන මහා පරිසර විනාශය ගැන… උඹට උන්ට කියලා දෙන්න තිබුණා ඒ අතිර අසාර ඇමරිකන් ජීවන රටාව පවත්වාගන්න ලෝකයේ අනෙක් රටවල් දරන මහා දුක් කන්දරාව ගැන… හැබැයි උඹ ගිය වෙලාවේ ඉඳලා කිව්වේ උඹේ උපන් රටේ වාමාංශික දේශපාලනයට පටවන බොරු වැරදි… උඹට මේ රටේ කවදාවත් නායකයා වෙන්න බැරි ඕකයි. උඹ මහ ගුණමකු අධමයෙක්.

    ReplyDelete
  24. Cont'd

    ඇත්තටම ඒ වෙනුවට උඹට තිබුණා ඔය ඇමරිකාවේ මහා තාක්ෂණික විප්ලවය පිටිපස්සේ තියෙන ලේ වැකුණු කතාව කියන්න… උඹට තිබුණා ඔය උඹට මැජික් වගේ පෙන්වන තාක්ෂණික උපාංග හදන්න වෙන රටවල කුඩා දරුවන් පවා වහල් සේවයේ යොදවන හැටි ගැන කියන්න… උඹට තිබුණා ඔය තාක්ෂණ හරහා අනෙක් රටවල් මර්දනය කරන ආකාරය ගැන උන්ට කියලා දෙන්න… උඹට තිබුණා උන් ඔය අපිට පෙන්වන බොරු ජීවිත පිටිපස්සේ කුණු වෙලා සැරව ගලමින් තිබෙන ඇමරිකානු සමාජය කපලා පෙන්වන්න... උන්ටයි, උඹට රෝස මල් දෙන උන්ගේ දරුවන්ටයි ලැජ්ජා හිතෙන්න… උඹ කළේ නැහැනේ බං එහෙම… උඹ ගිහිල්ලා ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කළා… උඹට ඇමරිකාවේ අමු කැවිලා, සහෝදරයා!

    රෝස පාට NPP එක කරපු හරියක්! එදා මවුබිම වෙනුවෙන් මරණය තෝරාගත්ත විජේවීර සහෝදරයා වලේ ඉඳන් ඇඹරෙනවා ඇති, උඹේ මෝඩ විගඩං දැකලා. එරංග ගුණසේකර සහෝදරයා මෙහෙ චේ ගුවේරා වෙනුවෙන් කවි කියවනවා. උඹ ඇමරිකාවේ ගිහිල්ලා අංකල් සැම්ට ආවඩනවා… උඹට ඔය රැස්වීම්වලට එන පරගැති මෝඩයන්ට කියලා දෙන්න තිබුණේ ඇමරිකාව වෙනත් රටවලට දෙන "ආධාර" වගේ කිහිපගුණයක් වටිනා ධනය නැවත ඒ රටවලින් හැම වසරකම හොරා ගන්නා හැටි ගැන… උඹට කියලා දෙන්න තිබුණේ ඔය ඇමරිකන් අධිපරිභෝජන කාමසුඛල්ලික ජීවිත නිසාම තමයි ලෝකයේ අනෙක් රටවල අර්බුද තියෙන්නේ කියලා… දැන් අපිද උඹට නැවත පන්ති පහ කරන්න ඕනා? මොනවද බං ඔය තුට්ටු දෙකේ වැඩ. මතවාදයක් වෙනුවෙන් දේශපාලනයට ආවා නම් ඒ මතවාදයේ හිටපන් එක පයින්. ධනේශ්වර අධිපතියන් ඉස්සරහා වකුටු වෙන්න එපා, සහෝදරයා.

    මේවා උඹට කිව්වට වැඩක් නැහැ. උඹ මැරිලා ඉවරයි, සහෝදරයා. මට දුක උඹත් එක්කම මියැදෙන මේ රටේ නූගත් වහල් තාරුණ්‍යය ගැනයි. උඹට ඕනා බලය විතරයි. විප්ලවවාදියෙකුගේ "යුතුකම" ගැන උඹට මේ ලෝකේ අවබෝධයක් නැහැ. හැඟීමක් නැහැ.

    - වමේ පැරණි මිතුරු කැල

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ අනුර කුමාර දිසානායක බ්ලොග් කියවනවා කියල. දැන් ඔය වියට්නාම විමුක්ති කාමීන් ගේ රට දියුණු වුනේ ඇමෙරිකන් බෝම්බ කාරයා එකක් එකතු වුනාට පස්සේ, මං හිතන්නේ අනුර ඒ යථාර්තය දකිනවා කියල. ඔයාල ත්වං ඒ අතීතයේ. emancipation කියන ෆිල්ම් එක බැලුවද. වහල් සේවය අත හරින්න ෆයිට් කලෙත් ඔය අමෙරිකාවම තමයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .