Wednesday 18 October 2023

සාමයට අවස්ථාවක් දෙන්න



සමහර හිතවතුන් මගෙන් මගෙන් විමසුවේ දැන් තිබෙන තත්ත්වය ගැන කිසිවක් ලියන්නේද කියාය.  මම පෙරලා ඔවුන්ගෙන් විමසුවේ  "මම කුමක් ලියන්නද? එය බිම් බෝම්බ සහිත බිමක් නේ . මම කාගේ  හෝ  සිත රිදවන බව මට විශ්වාසයි.මේ  බෙදීම කොතරම් විශාලද යත්, ඔබ කුමක් කීවත්, ඔබ එක් පැත්තක  හෝ තවත් පැත්තක දෝෂ දර්ශනයට ලක් වනු  ඇත."

මගේ වාමාංශික මිතුරන් ගෙන් ඇසිය යුත්තේ ඔබලා හට  ඉසප්රියා  මතකද කියාය. ඇය එල්ටීටීඊ මාධ්‍ය ඒකකයේ සේවය කළ අතර, ඇයගේ ප්‍රාණය නිරුද්ධ, දූෂණය වූ, නිරුවත් සිරුර අප සියල්ලන්ම කම්පනයට පත් කළේය. එයට  ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් අනීතික කොටසක්  වගකිව යුතු අතර, ඔබලද අපිද  එය යුද අපරාධයක් ලෙස හෙළා දුටුවෙමු.

කෙසේ වෙතත්, හමාස් සොල්දාදුවන් විසින් දූෂණය කර මරා දැමු ජර්මානු තරුණියනිරුවතින්  පිකප් ට්‍රක් රථයක් මත තබා ප්‍රසිද්ධියේ  ප්‍රදර්ශනයකිරීම පිළිබඳව නිහඬතාවක් ඇත්තේ ඇයි. වැඩිහිටියන් හා කුඩා දරුවන් පුළුස්සා, හිස ගසා මරා දැමූ අතර ඒ ගැනද ඔබේ පැත්තෙන්  කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවයක් ඇත.

හිතවත් දක්ෂිණාංශිකයනි , ඔබ හමාස් කණ්ඩායම නිර්මාණයට දායක වී ඇත්තේ ඔබ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO )  අකමැති වූ නිසාය. PLO පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් බවට පරිවර්තනය වෙමින් සිටි නමුත් ඔබලා  එයට විරුද්ධ වුනි. පසුගිය වසර හැත්තෑව මුළුල්ලේ පලස්තීනුවන්ට හෙළු  බෝම්බ ප්‍රහාරවලින් වසරින් වසර ඔවුන්ගේ දරුවන් මියැදුණි. PLO ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව සාම ගිවිසුමක් ඉදිරිපත් කරමින් සිටි නමුත් දක්ෂිණාංශික ආන්ඩු වෙනත් කෙනෙකුගේ ඉඩමක තම ජනාවාස ප්‍රවර්ධනය කරන අතරම සාමය සඳහා ඇති ඕනෑම අවස්ථාවක් විනාශ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.

හිතවත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියන්නේ නම් , එල්.ටී.ටී.ඊ සංවිධානය සිංහල ගම්මානවල කුඩා දරුවන් ඇතුළු මිනිසුන්  හිස ගසා  දමමින් ඝාතනය  කිරීම ගැන මේ අවස්ථාවේදී මට මතක් වෙන බවයි . ඔවුන් එසේ කළේ පතොරම් ඉතිරි කර ගැනීමට යයි කියති. ඔබලාට එය පෙනුනේ නැත. නමුත්   යෞවනයන් එක්රැස් වූ පාසල් ක්‍රීඩාංගණයක් ඇතුළු සිවිල් ප්‍රදේශවලට හමුදාව බෝම්බ ප්‍රහාර එල්ල කළ බව සත්‍යයක් වුවද එය ඔබ පුන පුනා පෙන්වූයේය.  හමුදාව කීවේ ඔවුන් සටන් කිරීමට පුහුණු වන බවකි.  යුද්ධයදී සත්‍යය සම විටම සාපේක්ෂය. මේ   දෙපැත්තම වැරදිය.

බටහිර මාධ්‍ය හමාස් සංවිධානය සිවිල් වැසියන් ඝාතනය කිරීම, හිස ගසා දැමීම සහ පුළුස්සා දැමීම ගැන හෙළා දකී. අනෙක් පසින්, ප්‍රධාන වශයෙන් මුස්ලිම් සහ බටහිර විරෝධී රටවල මාධ්‍ය, පලස්තීනයේ (ගාසා, බටහිර ඉවුරේ)  ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඊශ්‍රායල IDF බෝම්බ ප්‍රහාර එල්ල කිරීම පෙන්වා දෙයි.

කෙසේ වෙතත්,  තුන්වන ලෝකයේ හෝ පළමු ලෝකයේ රටක වේවා, ජීවිතය ක වටිනාකම එකක් විය යුතුය . දෙමළ ජාතිකයෙකුට, සිංහලයෙකුට, ඊශ්‍රායල ජාතිකයෙකුට හෝ පලස්තීන ජාතිකයෙකුට වෙනසකින් තොරව  එකම හිමිකම් සහ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. ඔබේ  වාර්තාකරණයේදී මේ තෝරා බේරා හුවා  දැක්වීම  දැන්වත් නතර කල යුතුය.

මේ ප්‍රශ්නයට පහසු විසඳුමක් නැත, නමුත් සෑම කෙනෙකුම පියවරක් පසුපසට ගත යුතුය. මේ ගැටුමේදී මධ්‍යස්ථව සිටින අපට කිසිවකුට එරෙහිව ඇඟිල්ල දිගු කිරීම අභියෝගාත්මකය. සෑම කෙනෙකුටම රාජ්‍යත්වය සඳහා සාධාරණ හිමිකම් ඇති අතර අනෙක් පාර්ශ්වයේ සාහසික ක්‍රියා සම්බන්ධයෙන් සෑම දෙනාම නිවැරදි ය. එනිසා කරුණාකර සියලු දෙනා  අඩියක් පස්සට ගෙන  සටන් විරාමයක් ප්‍රකාශ කල යුතුය. කරුණාකර තුවක්කු සහ බෝම්බ අත්හැරසාකච්චා  කල යුතුය.

අජිත් ධර්මකීර්ති - 18/10/2023

37 comments:

  1. සහතික තිත්ත ඇත්ත. 👌🙏

    ReplyDelete
    Replies
    1. කට්ටියක් මාත් එක්ක ෆේස්බුක් එකේ වලි 😀, ලියලත් බැහැ නොලියත් බැහැ

      Delete
  2. සිවිල් ජනතාවට අපරාද කිරීම වැරදි බව ලෝකයම පිලිගන්නවා. දෙගොල්ලොම ත්‍රස්තවාදී වැඩ කරනවා. නමුත් පලස්තීන/ඊශ්‍රායල් ප්‍රශ්නයේදී වැඩි ප්‍රමාණයක් යූද බලය සිවිල් ජනතාවට එල්ල කරන්නේ ඊශ්‍රායල් හමුදාව (ගල් ගහන පොඩි උන්ට මැරෙන්න වෙඩි තියන එක වගේ)

    ලෝකයේ බලවතුන් යුදෙව්වන්ට සහය දක්වන නිසා ඊශ්‍රායල් පීඩාවෙන් පලස්තීනයට මිදෙන්න අමාරුයි, හමාස් වගේ අයට සහය ලැබෙන්නේ මේ නිසා. අනිත් අතට ww2 දී යුදෙව්වන්ට උන අසාදාරන නිසා, මුස්ලිම් ලෝකය මැද ඉන්න නිසා සහ පලස්තීන් රජයේ පාලනය අවුල් නිසා ඊශ්‍රායල්ය යූද බලය මතම ඉන්න ලේස්තියි, සාකච්චා/සාමය ගැන විස්වාසයක් නෑ. උන දේ බැලුවම ඊශ්‍රායල පාලනය උනත් ඉතා අවුල් බවයි පෙනෙන්නේ.

    ඊශ්‍රායල දේශසිමා අවහිර කිරීම හමුවේ සහ පලස්තීන් ඉඩම් කොල්ලා කෑම හමුවේ පලස්තීන් ජනතාවගේ එදිනෙදා ජීවත්වීමේ ප්‍රශ්න මාද්‍ය වල උනත් හරි අඩුයි (ලෝකයේ විශාලම විවුර්ත හිර ගෙය කියන්නේ ඒ නිසා) ඊශ්‍රායල්ය උනත් සතුටින් ඉන්න පුළුවන් තැනක් නෙවේයි. මේ ජාති දෙකට එකම ඉඩමක ඉන්න අමාරු වීමට ඊශ්‍රායල වැඩිපුර වග කියන්න ඕන කියන එක මග මතයයි

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔය බෙදීම කරන්න බැරිම දෙයක්. ඊශ්‍රායලය වැරදියි වැඩි හරියකට. නමුත් ඊශ්‍රායලයේ පැවැත්ම පිලි ගන්න වෙනවා. මුස්ලිම් ලෝකය එක පිලි ගන්නේ නැති එකෙන් ගැටළු ගොඩක් ඇවිත් තියනව. ඉරානය වගේ රටවල් කියන්නේ ඉෂයලයට පවතින්න අයිතියක් නැහැ කියල ජේසුසු ගේ කාලේ මුස්ලිම් ආගමක් තිබුනේ නැහැ. පලස්තීන, යුදෙව් මේ ඔක්කොම ජාතීන එක ප්‍රදේශයක එකට හිටියේ.

      Delete
    2. අනික් හොයල බලන්න හමාස් හැදුවේ ඊශ්‍රායලය විසින්. හරියට මුජෙහදින් හැදුවේ ඇමෙරිකාව අගේ. සෝවියට් හමුදා වලට ගහන්න. ඊශ්‍රායලය ඒකට වග කියන්න ඕනේ. එනිසා ඔබ සමග එකඟයි.

      Delete
  3. Jagath Pathirana19 October 2023 at 02:35

    මුලින්ම කිවයුතු දේ තමයි පලස්තීන කියලා වෙනම ජනවර්ගයක් නෑ.
    පලස්තින කාරයෝ කියන්නේ පලස්තීනයට අයිතිවාසිකම් ඉල්ලන අරාබීන්.
    ඒ වගේම අද පලස්තීනය කියන බිම් කොටස හැදුනේ තුර්කි අධිරාජ්‍ය්‍ය බිඳවැටුනට පස්සේ ඉංග්‍රීසීන් විසින් සිතියම මත අඩිරූල තියලා ඉරි ඇඳිමෙන්.
    තුර්කි අධිරාජ්‍යෙය් නැගෙනහිර කොටසේ හිටි කුර්දි සහ යුදෙව් නොවන අනිත් හැමෝටම කිව්වේ අරාබීන් කියලා තමයි.
    තුර්කි අධිරාජ්‍යය බිඳවැටුනට පස්සේ තමයි යුදෙව් සහ කුර්දීන්ට වෙනම රාජ්‍යය ලබාදීමේ යෝජනා ආවේ.

    කුර්දීන් මුස්ලිම් වෙලත් ඔවුන්ටත් අරාබීන් විරුද්ධයි. ඒක ගැන නම් ලංකාවේ ඉන්න මුස්ලිම්, වාමාංශික, සිංහල කතෝලිකයෝ මොකවත් කියන්නේ නෑ.

    පලස්තිනය කියන කොටස යුදෙව්වන්ට වෙන්කරලා අනිත් කොටස රටවල් කිහිපයකට වෙන්කරලා අරාබීන්ට ලබාදීමේ වැඩපිලිවෙලක් තමයි යෝජනා වුනේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ ජගත් පතිරණ කියන දෙකට එකඟ වෙන්නේ පුළුවන්නේ. //ඒක ගැන නම් ලංකාවේ ඉන්න මුස්ලිම්, වාමාංශික, සිංහල කතෝලිකයෝ මොකවත් කියන්නේ නෑ.// මටත් ඕකනම් හෙන අවුල්. අනික උන්ගේ සමහරු මාක්ස්වාදී. මෙහෙ පෙරටුගාම සමාජවාදී පක්ෂය නම් කුර්දි අය එක්ක සබඳතා පවත්වනවා

      Delete
  4. චතුෂ කුමාර19 October 2023 at 03:27

    අජිත් ධර්මකීර්ති මහතා මෙවර කියා සිටින්නේ සාමයට ඉඩ දෙන්න කියායි.

    සාමයට ඉඩ දෙන්නේ මිනීමරා දැයි කියා අපට ඔහුගෙන් ඇසිය යුත්තේය. මන්ද අජිත් ධර්මකීර්ති මහතා අරගල සමයේ කැමැත්ත දැක්වූයේ ජෙනරාල් ෆොන්සේකා රටේ පාලනය ලබාගන්නවාටය. මෙම බ්ලොග් අඩවියේ ඇති පැරණි ලිපි ඒවාට සාක්ෂි දරනු ඇත.

    ජෙනරාල් ෆොන්සේකා යනු 88/89 භීෂණ සමයේ තරුණ තරුණියන් 60,000 ගේ ජීවිත නැති කිරීම සඳහා වගකිවයුතු ප්‍රධානියෙකි.

    2009 උතුරේ වෙල්ලමුයික්කාල් ඝාතන බිමේ දී උතුරේ නිරායුධ අහිංසක ද්‍රවිඩ කාන්තාවන්/ළමා ළපටින් ඇතුළු මිනිස් ජීවිත ලක්ෂ දෙකක් පමණ සමූලඝාතනය කරන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා ගේ අණ මතය.

    අජිත් ධර්මකීර්ති මහතා දැන් ලන්ඩනයේ පැවැත්වෙන රැස්වීම් වලදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමුවීමට යයි. එනමුත් ජනතා විමුක්ති පෙරමුණද එවකට ප්‍රකාශ කෙරේ උතුරට බර අවිවලින් පහර දිය යුතු බවයි.

    රුසියානු යුක්රේන අර්බුදයේ දී අජිත් ධර්මකීර්ති මහතා සහාය දැක්වූයේ යුක්රේනයටයි. රුසියාවේ අහිංසක ජීවිත ජීවිත දහස් ගණනක් මේ මොහොතේදීත් මිය යමින් පවතී.

    අජිත් ධර්මකීර්ති මහතා ඒ ගැන නිහඬ ඇයි? රුසියාවේ අධ්‍යාපනය ලැබූ ඔබ ඇයි රුසියාව වෙනුවෙන් කතා නොකරන්නේ?

    හමාස් විමුක්ති සංවිධානය කෙරෙහි චෝදනා එල්ල කරන අජිත් ධර්මකීර්ති මහතා ඊශ්‍රායලයේ අධි වෙඩි බලය එරෙහිව ඉදිරියේ මිය යන දරුවන් ගැන කතා නොකරන්නේ ඇයි? ඔබ බටහිරට සහය දක්වන නිසා නේද මේ.

    ඔබ සතුව ඇති මනුෂ්‍යත්වය කුමක්ද? සාමයට ඉඩ දෙන්න කතා කරන ඔබ ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමු වන්නේ කෙසේද? ලන්ඩනයට වී සිටින්නේ කෙසේද?

    ඔබගේ හෘද ශාක්ෂිය ඔබෙන් මෙය විමසන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. /මන්ද අජිත් ධර්මකීර්ති මහතා අරගල සමයේ කැමැත්ත දැක්වූයේ ජෙනරාල් ෆොන්සේකා රටේ පාලනය ලබාගන්නවාටය.// ඒක හරි.
      //ජෙනරාල් ෆොන්සේකා යනු 88/89 භීෂණ සමයේ තරුණ තරුණියන් 60,000 ගේ ජීවිත නැති කිරීම සඳහා වගකිවයුතු ප්‍රධානියෙකි.// 88-89 එයා හිටියේ ත්‍රිකුණාමලයේ එතකොට. කුමාර් ගුණරත්නම් ඇතුළු හුඟක් අය නිදහස් කරලා හැරියේ ෆොන්සේකා කියලයි මම දන්නේ.
      //2009 උතුරේ වෙල්ලමුයික්කාල් ඝාතන බිමේ දී උතුරේ නිරායුධ අහිංසක ද්‍රවිඩ කාන්තාවන්/ළමා ළපටින් ඇතුළු මිනිස් ජීවිත ලක්ෂ දෙකක් පමණ සමූලඝාතනය කරන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා ගේ අණ මතය.// ඕගොල්ලෝ ෆොන්සේකා හිරේ දානකොට එහෙම නෙමේ නේද? එයා යුද්ධ කලේම නැහැ කියලනේ. ඉතින් අපි විශ්වාස කළා ඔයාල කියන ඒවා.
      //අජිත් ධර්මකීර්ති මහතා දැන් ලන්ඩනයේ පැවැත්වෙන රැස්වීම් වලදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමුවීමට යයි. එනමුත් ජනතා විමුක්ති පෙරමුණද එවකට ප්‍රකාශ කෙරේ උතුරට බර අවිවලින් පහර දිය යුතු බවයි.// ජවිපෙ පිලිබඳ ලියන කොට මම ඒක හැම වෙලේම සඳහන් කරන දෙයක්නේ. ඇයි ඔයා මැරිලා ඉපදුනද? ඒක එහෙම වුනා කියල ජවිපෙ රැස්වීම්, පෙසපේ රැස්වීම් වලාට් යන එකේ තහනමක් තියෙනවද? මම දැනන් හිටියේ නැහැනේ.
      //රුසියානු යුක්රේන අර්බුදයේ දී අජිත් ධර්මකීර්ති මහතා සහාය දැක්වූයේ යුක්රේනයටයි. රුසියාවේ අහිංසක ජීවිත ජීවිත දහස් ගණනක් මේ මොහොතේදීත් මිය යමින් පවතී.// මම පැහැදිලිව ලියල තියෙන්නේ මම ඔය දෙපැත්තටම සහය දෙන්නේ නැහැ කියල. හබි සෙලෙන්ස්කි සහ පුටින් අතර හොර ගිවිසුමක් තියනව කියල තමා දැන් හිතෙන්නේ. යුක්රේනයේ නාසීන් ටික ඉවරයක් කරන්න.
      //හමාස් විමුක්ති සංවිධානය කෙරෙහි චෝදනා එල්ල කරන අජිත් ධර්මකීර්ති මහතා ඊශ්‍රායලයේ අධි වෙඩි බලය එරෙහිව ඉදිරියේ මිය යන දරුවන් ගැන කතා නොකරන්නේ ඇයි? ඔබ බටහිරට සහය දක්වන නිසා නේද මේ.// ලිපිය කියවහන් බං හරියට.

      Delete
  5. මිනිස් ඉතිහාසයම ‍යුද්ධ/ඝාතන /වසංගත සීරීස් එකක්. ජනගහණ පාලනයක් වෙන්නත් ඇති. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ සාමය සඳහා හඬ නගන එකෙන් වැඩක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. යුද්ධයෙන් පස්සේ නම් සාමය ඇති වෙනවා. ලංකාවේ වගේ අනිත් තැන්වලත්. මේ හමස් කාරයෝ ගහන එක ඊශ්‍රායලය දැනගෙන ගහන්න ඉඩ දීල හිටිය කියල පේනවා මටනම්.

      Delete
  6. ඉසප්රියා මාධ්‍යවේදනීයව අමානුෂික ලෙස දූෂණය කොට සමූහ දූෂණය කොට මරා දමන ලද්දේ ජෙනරාල් ෆොන්සේකා බලා සිටියදීය.

    ඇයගේ යෝනියට ගිනිඅවි ඇතුල් කරමින් අමානුෂික ලෙස සැලකූ බව කියවේ.

    අඩුම තරමෙන් පනස් දෙනකුවත් ඇයව දූෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

    ධර්මකීර්ති මහතා මේ පිළිබඳව කිඹුල් කඳුළු හෙළීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජෙනරාල් ෆොන්සේකාගෙන් මේ ගැන විමසීම වඩාත් ඵලදායි නේද?

    ReplyDelete
    Replies
    1. //කියවේ.//
      මොනවහරි බීලා ඉන්න වෙලාවකද කියවෙන්නේ?

      Delete
    2. ෆොන්සේකා හිටියේ ඒ දවස් වල චීනයේ. කෙනෙක් දෙන්නෙක් කරපු දෙකට මුළු හමුදාවටම චෝදනා නොකර ඒ අය ගැන විතරක් හොයල බැලුවහම හරි. නැත්නම් කට වහගෙන ඉන්න ඕනේ.

      Delete
  7. රුදුරු හිත් හැම තැනම බිහිවී යුද්ධ කරනා ලෝකෙක
    අඳුරු වෙනහැටි සමාජෙම ඇයි හිතන්නේ නැති කාලෙක
    සොදුරු වූ මේ සසරෙ ජීවිත එක් වුණොත් එක පාරක
    නුදුරු දිනයක සුවඳවත් වෙයි පිපුණු මල් සේ යායක

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ජීවිතය ලැබෙන්නේ එක වරකි මටනම්
      ඒ වරය ජිවත් වෙනවා මිස මැරෙන්නට
      අකමැතිය මම
      එනිසා අනිකුත් අයටද
      එම වරමම තිබිය යුතු යයි
      සිතීම වරදක් ද
      - එසේම වේවා

      Delete
    2. අනිවාර්යයෙන්ම සෑමදෙනාටම ජීවත්වීම අයිතියක්...

      Delete
  8. යුද්ධයක් කියන්නෙ සාධාරණයක් කරන්න අවශ්‍යම නැති කිසිම සේත් පැත්තක් ගන්න හොඳක් නැති දෙයක්.

    කවුරුත් දකින්නෙ තමන් කැමති දේ විතරයි. අනික් එව්ව ඇගිල්ලෙං ඇහැට පෙන්නුවත් දකින්නෑ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. තමන්ගේ පැත්ත විතරයි හරි පැත්ත කියල දෙපැත්තම කියනවනේ. එනිසා කතා අක්රලා බේරෙන්න බැහැ

      Delete
  9. යුද්ධය මුලින්ම ඇතිවන්නෙ සිතේ කියල කතාවක් අහල තියෙනව. ඒකට අනුව මුලින්ම සාමය ඇත්වෙන්න ඕනත් සිත් තුලමයි 💓

    සිදුවන යුධ ගැටුම් පිරිසකට වාසි, පිරිසකට අවාසි. ඒත්... අවසාන වසයෙන් බැලුහම හිටං මිනිස් සන්හතියටම මේව අවාසි!

    පෝස්ටුව 👌

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපි හැමෝටම කෙලවෙන දිනයක් වැඩි ඈතක නෙමේ වගේ
      බලන්න ආර්ථිකය ගොඩක් රටවල - කෝවිඩ් වලින් වැටුන, රුසියන් -යුක්රේන් යුද්දෙන් වැටුන, දැන් මැද පෙරදිග යුද්දේ

      Delete
  10. නමියා සහ මහේෂ් කියන දේ ඇත්ත. ඒත් එහෙම කිව්වම, අර අජිත් කියන " ඒ ගැනද ඔබේ පැත්තෙන් කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවයක් ඇත." කතාවට මොකද වෙන්නෙ.
    යුදෙව්වොත් එච්චරම සාධාරණයි කියන්න බෑ. ඒත් අපේ ඇස් පනාපිටම "දරුණු මිලේච්චත්වයක් " පෙන්නුම් කරන්නෙ අන්තගාමී මුසල්මානුවො. ඒ බව, සරණාගතයො වගේ බටහිරට ඇවිත් කරන දේ වලින්ම පෙන්නුම් කරනවා. කැමති නං, ලංකාවටත් පලස්තීන සරණාගතයො ටිකක් ගෙනැල්ලම බලතෑකි. අරියි කොහොමද දන්නවද, සබන් නැතුවම.

    ReplyDelete
    Replies
    1. මහේෂ් සහ නමිය වාමාන්ශි කද මම දන්නේ නැහැ. නමුත් මෙහෙ පෙරටුගාමින් සහ තවත් මුස්ලිම් පක්ෂ වගයක් මෙහෙම දාල තිබ්බ.
      //Today protest in front of UN office, Sri Lanka organised by Movement for People's Struggle.
      1. Let Palestine live in peace!
      2. Stop the war against Palestine!
      3. Oppose America - Israel imposed war!
      4. Stop military actions against civil citizens!
      5. Oppose Nethniyahu - Beiden barbarism!
      6. UN in slumber when forced exile of Palestinians!
      7. Free all war prisoners!
      8. Oppose the America-Israel force that encourages terrorism!
      Movement for People's Struggle//

      ඉතින් මම ඇහුව ඇයි හමාස් ගැන මුකුත් කියන්නේ නැත්තේ කියල. මට වටේටම නෙලාගෙන ආව කට්ටිය. දෙමල ක්‍රියාකාරිනියක් කියනව මේවා යුධ අපරද කියල. ඉතින් මම ඇහුවා ඉසප්‍රියා මරපු එක යුධ අපරාදයක් කියල මම පිලි ගන්නවා.. හමාස් උන් ගැහැණු රේප් කරලා මරල ජීප් එකේ ගෙන පෙන්නගෙන යන එක යුධ අපරාදයක් නෙමේද කියල. එයා කතා නැහැ. නමුත් එතන මුස්ලිම් එකෙක් කියනවා ඒවා ඔක්කොම අමු බොරුලු. ශුද්ධ වූ භුමියේ හමාස් ඒවා කරන්නේ නැතිලු. මම ලංකාවේ ඉඳන් බොරු ලියනවලු.ආදී වශයෙන්. ඒ හින්ද තමා මේ ලිපිය ලියන්න හිතුනේ. බටහිර වර්චස් දේවල් කරන එකනම් ඇත්ත. වැඩේ කියන්නේ මුන් ඕව සවුදියේ හෙම කරන්නේ නැහැනේ. මෙහෙම එන්න ඕනේ කරන්න. පල්සතිනයට ඊශ්‍රායලය සලකන විධිහ වැරදි කියල අපි ඔක්කොම පිලි ගන්නවනේ.නමුත් මාර්ගය තියෙන්න නෙල්සන් මැන්ඩෙලා ලයින් එකේ මිසක් හමාස් කරපු තාලේ වැඩ වලින් නෙමේ.

      Delete
  11. අජිත් ධර්මකීර්ති මහතා විරෝධයක් දක්වුවාත් නැතත් ගාසා තීරයේ ගැටුම සදහා මුදල් ලබා දෙන්නේ ඉරානය සහ ඇමරිකාව විසිනි.

    අජිත් ධර්මකීර්ති මහතා වාසය කරන, පුරවැසිබව ලබා සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරයාද පසුගියදා ඊශ්‍රායිලය වෙත ගොස් සිය සහය දැක්වූයේය. දැන් අජිත් ධර්මකීර්ති මහතා සිටින්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් මෙන් යැයි කීම උගුඩුවොන්ටත් කරන අපහාසයකි. මෙවැනි නිර්ලජ්ජිත සටහනක් පල කිරීම මගින් ඒම ජන කොටස් වලට සිදු වූ අපහාසය කොතරම්ද?

    අජිත් ධර්මකීර්ති මෙවැනි නිර්ලජ්ජිත ප්‍රකාශ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොකිරීම මගින්ම ඔහුගේ දෙබිඩි පිළිවෙත පෙන්වයි. කොළඹදී සිංහල භාෂාවෙන් එකක් කියා ජාත්‍යන්තරට ගොස් ඉංග්‍රීසියෙන් තවෙකක් කියන වික්‍රමසිංහ ජනපති මෙනි.

    ඒ තබා වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මානු මාධ්‍යවේදීයෙක් හට තග දමමින් කතා කෙරු විටවත් අජිත් ධර්මාමහතා එහාට එරෙහිව වදනුකුත් සටහන් කලේ නැත. ඒ බියටද? නැතිනං තක්කඩි කමටද?

    දීප්ති කුමාර සහ නිර්මාල් දේවසිරි අතර අයිටීඑන් සාකච්ජාවෙදී අජිත් විසින් දීප්තිට ඉංග්‍රීසි බැරි බවට සටහන් කෙරු බ්ලොග් ලිපිය ගැන කතාබහක් ආවේය. එය සිදුකරන ලද්දේ අජිත් සහ දීප්ති අතර පවතින දීර්ඝ කාලින බල අරගලයක ප්‍රතිපල ලෙසය. කොළඹ මහජන පුස්තකාලයේ පාඩම් කරන අවදියේ පටන් ගත් ගැටුමකි එය. වාසනාවකට සුදර්ශන සභාපතිවරයා ගැටුම සමතයකට ලක් කළේය.
    නැතිනම් අජිත් ධර්මකීර්ති මහතාට සිය වස්ත්‍ර උනා දමන්නට සිදුවන්නේ එදාය.

    දැන් ඉහත ලිපිය සලකා බැලීමේදී "මම කුමක් ලියන්නද? එය බිම් බෝම්බ සහිත බිමක් නේ . මම කාගේ හෝ සිත රිදවන බව මට විශ්වාසයි.මේ බෙදීම කොතරම් විශාලද යත්, ඔබ කුමක් කීවත්, ඔබ එක් පැත්තක හෝ තවත් පැත්තක දෝෂ දර්ශනයට ලක් වනු ඇත." යන ජේද වල කිසිදු පැහැදිලි බවක් නැත. මෙයින් පෙනෙන්නේ අජිත් ධර්මකීර්ති මහතාගේ මනසේ ඇති අවුල් බවය.

    යමක් පැහැදිලිව නිරවුල්ව ලිවීමේ, කීමේ හැකියාව අජිත් ධර්මකීර්ති මහතාට නැත. ඒ බව නොදන්නා ඇතැමුන් ධර්මකීර්ති මහතාගේ සටහන් වල අමුතු දෙයක් ඇතියැයි සිතා අනුගාමිකයන් වෙයි. එනමුත් ඔවුන් නොදන්නේ අජිත් ධර්මමහතාද කිසිවක් නොදන්නා බවයි. අඩුම තරමේ අජිත් ධර්මමහතා තමා කිසිවක් නොදන්නා බව හෝ නොදනී. මෙම ලිපියද නැවත නැවතත් තහවුරු කරන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. //අජිත් ධර්මකීර්ති මෙවැනි නිර්ලජ්ජිත ප්‍රකාශ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොකිරීම මගින්ම ඔහුගේ දෙබිඩි පිළිවෙත පෙන්වයි. // 😁 https://quantumchecks.blogspot.com/2023/10/give-peace-chance.html

      Delete
    2. //දීප්ති කුමාර සහ නිර්මාල් දේවසිරි අතර අයිටීඑන් සාකච්ජාවෙදී අජිත් විසින් දීප්තිට ඉංග්‍රීසි බැරි බවට සටහන් කෙරු බ්ලොග් ලිපිය ගැන කතාබහක් ආවේය. // රුවන් ජයතුංග කියූ එකක් මම කිව්වා කියලා ලියන එකේ හේතුව මොකද්ද?

      Delete
  12. රංග තේනුවර21 October 2023 at 04:58

    උසාවි වල ටයි කෝට් ඇඳගෙන බයිබලයට අත තබා දිවුරා මහත්වරු බොරු කියති! අඳුරු තැබෑරුම් වල මේස වටා හිඳගත් බීමත් මිනිසුන් සත්‍ය පවසති; යැයි කීවේ මා නොව ෆිදෙල් කැස්ත්‍රෝය.

    අජිත් ධර්ම මහතා තැබෑරුම් වලදී බොරු කියමින් අනික් අයගේ අදහස් ලබා ගන්නා බව ආරංචි විය. කස්ත්‍රෝටත් අජිත් ධර්ම මහතා අරඹයා වැරදී ඇත.

    ReplyDelete
    Replies
    1. පිස්සු ඩබල් මළ හොල්මන්

      Delete
  13. Jagath Pathirana21 October 2023 at 09:10

    ලංකාවේ නම් තුවාල වලට බේත් දානකොට පුළුන් කෑල්ලකින් ලේ පිහිනවා. ඒත් ගාසා අරාබි ලමයින්ගේ තුවාල වලට බේත් දානකොට ලේ සුද්ද කරන්නේ නෑනේ. එහෙම කරලා වැඩක් නෑනේ. ප්ලාස්ටර් අලවලා ඊට උඩින් ලේ වගේ දෙයක් හලනවද?

    ඊස්‍රායෙල් මිසයිල වලින් ක්‍රිස්තියානි පල්ලි. ක්‍රිස්තියානි රෝහල් විනාශවීම හරි අමුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා , ස්කොට් රිටර් කියල තිබ්බ ඊශ්‍රායලය හෝ හමාස් රෝහලට ගැහැව්වා කියල හරියටම කියන්න බැහැ කියල. මතකනේ LTTE එක කෝවිල් වල , හොස්පිටල් වල ඉඳන් අර පොඩි මිසයිල එව්වහම හමුදාව ඒ මිසයිල් එන පැත්තට ගහනවා. ඊට පස්සේ කොටි ගිහින් ඒවා වීඩියෝ කරලා මෙහෙට (බටහිරට) එවන්ව. ඒකට විරුද්ධ වුනා කියලනේ රාජිනි තිරාණගම මැරුව කියන්නේ. මෙතනත් එහෙම වුනා කියල මම හිතන්නේ. හමාස් හොස්පිටල් එකේ ඉඳන් ගැහුවා. ඊශ්‍රායලය එතනට මිසයිලයක් එව්වා. රුසිය යුක්රේන් යුද්ධෙත් එහෙම එකක් වුනා.

      Delete
  14. අනුර කුමාර දිසානායක ජුලි චන්ග් මුනගැහීම ගැන හිනා යන කතා ගොඩක් කියවන්න ලැබුන. ජුලි චන්ග් එක්ක කතා කරන්න ඉංග්‍රීසි බැරි වීම වගේම අත්දෙක කකුල් දෙක අස්සෙ ගහගෙන ඇඹරීම ගැනත් සාකච්ඡා වෙනවා දැක්කා. ඒක නායකයෙක් වෙන්න සුදුසු පෞර්ෂයක් නෙමෙයි කියල පිරිමි ටිකක් ලියලා තියෙනවත් දැක්කා. බැසිල්ට කපුටු කාක් කාක් කියලා හෝන්ර් ගහපු ජෙවිපේ අයට අනුරගේ ඉංග්‍රීසි බැරි බව රකින්න සිදුවීම දෛවයේ සරදමක් කියලයි ඒ අය කියන්නේ.

    ඉංග්‍රීසි පුළුවන් වෙන එක අපේ වගේ රටක නායකයෙක් වෙන්න අවශ්‍ය කාරණයක් කියල මං විශ්වාස කරනවා. අපේ රට පවතින්නෙ අනිත් රටවල් එක්ක කරන ගනුදෙනු මත. ඒ ගනුදෙනුවල රාජතාන්ත්‍රික සාකච්ඡා පරිවර්තකයො එක්ක කරන්න බෑ. ඉංග්‍රීසියෙන් ගනුදෙනු කළ හැකි වීම අපේ සාමාන්‍ය ජීවිතේදි කොයිතරම් වාසිදායක වෙනවද කියන දැනීමම ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදිහට ඉංග්‍රීසි අවශ්‍ය වන තරම ගැන වැටහීමක් ගන්න. ඕවට හීනමානෙ, පරගැතිබව වගේ කතන්දර කිය කිය ඉන්න පුළුවන්. ඒත් හොඳම දේ ජනාදිපති වගේ තනතුරක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. එහෙම නැතත් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක.

    ඒක මහ ලොකු කාරනේකුත් නෙමෙයි. මාස හයක විතර පුහුණුවක් හොඳටම ඇති. අනුර කුමාර චන්ද නැති කාලෙ බොරුවට රැස්වීම් තිය තිය ඉන්නෙ නැතුව ඒ වගේ පුහුණුවක් ගැන හිතුවෙ නැතිකම ස්මාර්ට්නස් එක පැත්තෙන් අඩුවක්.

    අනිත් කාරණය ඒ කියන්නෙ ලැජ්ජාවෙන් ඇඹරෙමින් කතා කිරීමේ පෞර්ෂය ගැන කාරණය අනුර කුමාර නායකයෙක් විදිහට පොසිටිව් දෙයක්. අනෙකා ඉස්සරහ පපුව පුම්බාගෙන තමන්ගේ මොකක් හෝ දෙයක් උලුප්පන්න යනවට වඩා අනෙකාට පහසුවෙන් ගනුදෙනු කළ හැකි තර්ජනාත්මක නොවෙන තැනකට යාම හරිම ලස්සන දෙයක්. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ වගේ අනිකා ඉස්සරහ වික්ටිමයිස් වීමෙන් වීරයෙක් වෙන්න හදන නායක පෞර්ෂවල කැත පේන කාලෙක අනුරගේ මේ යටහත් තැනක නිරහංකාරව පිහිටන්න පුළුවන්කම කැපිලා පේනවා. තමන් ඉස්සරහ පපුව පුම්බන ඇල්ෆා පිරිමියාට වඩා දෙකට නැවෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕන බව මිනිස් ගනුදෙනුවල යම් පළපුරුද්දක් තියෙන ඕන කෙනෙක් දන්නවා. මට මතක් වෙන්නෙම වැලි කතරෙ ගෝරිං මුදලාලි.

    අර පරණ මහින්ද වර්ගයේ පිරිමියාට වඩා නායකයෙක් විදිහට ලැජ්ජාවෙන, හිනාවෙන, ඇඹරෙන මනුස්සයෙක් දකින්න ලැබෙන එක දියුණු ලක්ෂණයක්. ඒක පෞර්ෂ හීනතාවයක් විදිහට පේන්නෙ ඕල්ඩ් ස්කූල් මෙන්ටැලිටියකට. අනුරට පුම්බාගත් පෞර්ෂයක් නැතුව තමන් විදිහට තමන්ගේ ප්‍රතිවාදී පිලේ නියෝජිතවරියක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම එයාගෙ පෞර්ෂයේ ශක්තිමත්කමක්.

    අනුර මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි. ජවිපෙ තමයි පක්ෂයක් විදිහට නුසුදුසු.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ පක්ෂයේ සමහර ආධාරකරුවන්ගේ ප්‍රශ්නයක් තියනව තමා. මම එක ලන්ඩන් වල සමුළුවේදීත් දැක්ක. දැන් ඔය අපේ තට්ටයගේ කොලම වුනත් එකපාරටම ඇවිල්ල් අහන්නේ විවේචනයක් දැම්මත් ඇයි ඇරියස් එක්ක තියනවාඩ් අකියල. ඊළඟට බලය ගන්න ඉන්න පක්ෂයක් විවේචනයට ලක්වෙන එක සාමාන්‍ය දෙයක්. ඒවාට හරි පිළිතුරු දුන්නහම හරි. අනුර කුමාර ගැන කියනවනම් එයාට වීසත් ලැබෙනවනේ ඇමෙරිකා යන්න. එයා දිනන එක දැන් නවත්වන්න නම් චන්ද නොතිය ඉන්න ඕනේ.

      Delete
  15. අජිත්

    මේකේ මේ වැට් බද්ද වැඩිකිරීම ගැන කියන කතාව ඇත්තද?

    https://www.facebook.com/100001803313771/posts/pfbid02Ba8LMPXzfa547qxwtCsiiFhCUmoZm5vBhynZJ2wFYPgYpUZY2d3WCaK85A5gtyr2l/?app=fbl

    ReplyDelete
  16. වෙල්ඩන් , මට ලියන්න බැරි වුනා. අම්ම වැටිලා රෝහල් ගත කළා. අද දවසම ඒ වෙනුවෙන් ගත වුනේ. ඊයෙත් එහෙමයි. දැන් තමයි නිවාඩුවක් ලැබුනේ. එන්නම් කියවන්න

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .