Saturday 7 October 2023

මාකස් ගේ විකාර කතා වලට පිළිතුරු



මම මෙහෙයවපු "ගාමිණී මුතුකුමාරණ " ගේ "මතක ගිනි පුපුරු " එලි දක්වන  දවසේ කීව දේවල් කියල, මාකස්කි ප්‍රියන්ත පෙරේරා සියම් විකෘති සහගත අදහස් වගයක් ප්‍රකාශ කරලා තියෙන නිසා ඒවාට කෙටි පිළිතුරු ටිකක් දෙන්න ඕනේ කියල හිතනවා. මොකස සමහර අය ලොක් ස්ටොක් බැරල් පිටින් ගිලල නිසා.


මාකස් ප්‍රියන්ත පෙරේරා ගේ ලිපිය මෙතන මාකස් ගේ කතාව


අංක 1. මාකස් කියනව මැරුණු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තිබ්බේ නැහැ කියල.  - විනාඩියක නිශ්ශබ්දතාවයක් මියගිය හැමෝම  වෙනුවෙන් සභාව පටන් ගන්න කලින් තියන්න අදහසක් තිබ්බ. වුනේ මොකක්ද? 2.30 ට පටන් ගන්න ගිය එක කට්ටිය පරක්කු වී එන නිසා ප.ව . 3.00 ට කල් දැම්මා.  මාකස් සහෝදරයත් පරක්කු වෙලානේ ආවේ. මොකද්ද හේතුවක් කීව මතකයි. ඊට පස්සේ තුන් හතර පාරක් නිවේදනය කරන්න සිදු වුනා සභාවේ අසුන් ගන්න කියා. මතකද මට විහිළුවට කියන්න වුනා "ඔය මාකස් සහෝදරයත් ඇවිත් ඉඳ ගන්නවද සභාව පටන් ගන්න ඕනේ" කියල කීව. ඒ මොහෙතෙත් හැමෝම කතා කර කර හිටියේ. මගේ දුර්වලකමක් වෙන්නඇති  විශේෂයෙන් පිටි පස්සේ හිටි අය කතාව නතර කලේ නැත්තේ. එතනින් දිගටම පළමුවෙනි අංකයට යන්න වුනා වෙලාව 3.25 පමණ වීම නිසා. විනාඩියක නිශ්ශබ්දතාවය අයින් වුනේ එහෙම. (ඊළඟ සැරේවත් මිනිස්සු වෙලාවට එනවනම්)
අනික ගාමිණි මුතුකුමාරණ වුනත් කීව ඒක අවශ්‍යම නැහැ. ජවිපෙ සහ පෙසප දෙකම ඔය සැමරුම් තියනව. එයා දේශපලන සැමරුමක් කරෙන්නේ නැහැ කියල.

අංක දෙක - ක්‍රිස්තියානි කතාව 
මාකස් ඉතාම දරුණු චෝදනාවක්  කරනව  - මම කීවලු ක්‍රිස්තියානි අය තමා '71 කැරැල්ලේදී මිනී මැරුවේ කියල. 

- සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙන. මේක වෙලා තියෙන්නේ මට හිතෙන්නේ මාකස් සහෝදරය පහුගිය අවුරුදු කිහිපය තුල තනිකරම දේවවාදියෙක් වීම නිසා කියල මට හිතෙන්නේ. බ්ලොග් හා ෆේස්බුක් පෝස්ට් අරගෙන බැලුවොත් පල්ලි ගැන. මීගමුව එවැනි ඉතිහාසය ගැන ලියන්නේ. මම ඇහුවත් එක්කනේ ඒ ගැන. ඔයා දුන්  පිළිතුරත් මතක ඇති නේ. මා  දන්නා පරණ වාමාංශිකය  ගේ සිට දැන්  එයා වෙනස් වෙලා කියල කියන එක. එයාට  ඌයිය වෙන්න  ඇත්තේ ඒකයි. මම අර කැරලි කරුවන් මැරීමට   ක්‍රිස්තියානි පොලිස්  නිලධරයාට දුන් කතාව කිවේ උපහාසාත්මක ලෙස. ඊට කලින් කිව් කතා දෙක අමතක වුනාද? පන්සලේ හාමුදුරුවෝ ගෙනල්ල ගහල මළකඩ කාපු බ්ලේඩ් එකකකින් තට්ටේ ගාන එක. හාමුදුරුවන්ගේ ඔලුවෙන් ලේ ගලන එක. එතකොට කෝ අර සිංහල බෞද්ධ  නිලධාරීන්ගේ බෞද්ධ කම. ඊළඟට අර කැරලිකරුවෙකුට දිගට හරහට ගහන  එක. භාගෙට මැරෙන කම් හෝ ඊටත් වැඩිය මරණාසන්න වෙනකන් ගහන එක. එතකොට කෝ බෞද්ධ කම. මරන්න විතරක් වෙන කෙනෙකුට භාර දෙන එක. ඔන්න ඔය සිංහල බෞද්ධ  දෙබිඩි කම තමා මම පෙන්වල දුන්නේ. අනික මම පිස්සු හැදුන  කියන වචනය  කොහෙවත් භාවිතා කලේ නැහැ. මානසික අසමතුලිත භාවයක් ඇති වුනා කියල කිවේ. කතාව ඇත්ත එකක්. ඒ නිලධාරියාගේ නම ග්‍රෙගරි. දැන් ජිවතුන් අතර නැහැ. පවුලේ අය හොයල දෙන්න බලන්නම්.  

මාකස්  මීගමුවේ නිසා මේකත් දන්නවා ඇති. බෞද්ධයෝ මසුන් මරන්නේ නැහැ. හැබැයි මාළු කනවා. පන්සලේ හාමුදුරුවෝ ධිවරයට බනිනනවා පව් කාරය කියල. හැබැයි පන්සලට මාළු ටිකක් ගේන්න කියනව. මාටින් වික්‍රමසිංහ මහතා මේක ඉතා හොඳට විතර කරල තියනවා. දඩයක්කාරයාගේ  දඩමස් ගන්නේ කවුද කියල. ඇයි මුහුදු යන ධීවරයෝ ගොඩක් කතෝලික වුනේ ලංකාවේ. හැමෝම  දන්නවා ඇතිනේ හේතුව. පොහොසත්  අය වරප්‍රසාද ගන්න. ධීවරයෝ ඔය බෞද්ධයන් ගේ දෙබිඩි කම නිසා.  මම අදේවවාදියෙකු  හා නිරාගමිකයකු හැටියට මේවා  ලියන්නේ. මට මුලධර්මවාදී බෞද්ද, මුලධර්මවාදී ක්‍රිස්තියානි  ,  මුලධර්මවාදී  මුස්ලිම් ඔය ඔක්කොම එකයි. නමුත් මම ඒවා කියන්න යන්නේ නැහැ. හැමෝටම තමන් කැමති ආගම නිදහසේ පිලි පදින්න තියෙන  අයිතියට ගරු කරනවා විතරයි.  නැතිව සිංහල අය මැරුවේ නැහැ ක්‍රිස්තියානි අය මැරුවේ කියන අදහසක් කොහෙත්ම කිව්වේ නැහැ. ඒ එයාට  හිතිච්ච විධිහ වෙන්න ඇති. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියනවනේ. ආගමික කණ්නාඩි පැළඳ ගත්තම පෙනෙන විධිහ වෙන්නත් පුළුවන්. නැවතත් කියන්නේ සිංහල බෞද්ධ නිලධාරීන් ඇති පමණ කැරලිකරුවන් මැරූ බව. මනම්පේරි සිද්දිය. කාටවත් පේන්නේ නැත්නම් පව්  කරන එක සාමාන්‍ය දෙයක් නේ. 

එයාලා මම කතා අක්රපු  ඒ විනාඩි තුනක් දාල  මුළු කොටසම දාන්නේ නැතිව. ඔය සෙලෙන්ස්කිට මිනිස්සු කියන්නේ යුදෙව් නිසා කියල දේශපාලන කතාවක්.  කතා බහකදී උදාහරණයකට ඒවගේ දෙයක් ගත්ත කියල හැඟවෙන්නේ නැහැ ඒක පොදුවේ කිව්වා කියල. මාකස් කියන්නේ ඉතා තදින් කතෝලික ආගමික පෝස්ට් දමන නිසා ඒක උලුප්පන්න හදනව කියන එක තමා මගේ අදහස. මෙයාල හැමෝම  වුනත් දරුණුවට බෞද්ධ හාමුදුරුවරුන් ගේ වැරදි විවේචනය කරනවනේ. මට කවදාවත් ඒවාට රිදිලා නැහැ. සමහර ඒවා ඇත්ත. නමුත්අපට රිදුනේ නැති වුනාට ඒවාට රිදෙන අය ඉන්නව.හේතුව ඒ අය අපට වඩා ආගමික නිසා.

ඕකේ කතාව මේකයි . මේ වික්‍රමසිංහ මහතාගේ කතාවකින් උපුටල වෙනස් කරල දාන්නේ.

දඩයක්කාර කරතෙලිස් එනවා ආරච්චිල යන පාරේ මස් පොදියක් කරගහ ගෙන.
ආරච්චිල: කරතේලිස් කොහෙද ඔය හොර බඩු වගයක්ද කරේ තියාගෙන
කර්තේලිස්- අනේ ආරච්චිල ඊයේ මුවෙක් මන්දට අහු වුනා නොව. මේ ඔබ තුමා ගේ කොටහ වලව්වට ගෙනියන ගමන්
ආරච්චිල: ආ ඒවා හොඳ වැඩ , හොඳ ගාතයක් තියනවනේ. හාමිනේට කියහන් හොඳට දුරු මිරිස් දාල හදන්ට කියල. අර පොල් ගහේ රා වඩියක්  ඇති ඔය ගමන් ඒකත් බාල තියපන්.

කර්තේලිස් - හොඳමයි

ආරච්චිල හාමුදුරුවන් මුණ ගැසේ.

හාමුදුරුවෝ; ආ රාළහාමි බෑරැක් වගේ
ආරච්චිල:මම මේ වැයික්කිය බලන්න යන ගමන් පන්සලට ගොඩ වැදුනේ අපේ හාමුදුරුවනේ. අර කර්තෙලිසා පව්කාරයා මූණටම මුලිච්චි වුනා නොව.

හාමුදුරුවෝ: අනේ ඔය මනුස්සයට මම හැමදාම කියනව ඔය පව් කරන්නේ නැතිව වෙන වැඩක් කරන්න කියල. පන්සලට එන්නෙත් නැහැ නොවැ.

තම බිරිඳ උයා දුන් මස් ටිකක් පන්සලේ කුස්සියෙන් තබා කර්තේලිස් හිමින්ම  පිටව යයි. දානයට දුන් දෙයක් වළඳන්නට  ඇහැකි හෙයින් හාමුදුරුවන් මුවින් නොබැන ඇබිත්තයාට බෙදන්නට කියයි.

*************************************************

අංක තුන - සුදත් ලියනගේ ගේ විවේචනය - මෙතන සිදුවුනේ ඉතා රසවත් දෙයක්. පෙසපේ පුබුදු ජයගොඩ ඊට කලින් ගාමිණී ගේ පොත ගැන විවේචනයක් ඉදිරිපත් කරලා තිබ්බ. ගාමිණී මට විශේෂයෙන් කතා කරලා කීව අජිත් ඔයාගේ අදහස් මුකුත් කියන්න එපා කියල. මගේ අදහස් මේ පිළිබඳව බොහෝ විට මාකස් ගේ අදහස් හා සමපාතයි . හේතුව  නන්දන වීරරත්න, සුචරිත ගම්ලත් ල දේශනා වලට ගෙනාව කාලේ  අපි, ඒ කිව්වේ මගේ යහළුවෝ කිහිප දෙනෙක්)  හැරුනේ ඒ පැත්තට. ඒ කියන්නේ කිසියම් විධිහකින් ජාතිවාදී නොවන දිශාවකට.  දැන් ඔය පෙසප කියන සංයුතිය හා එහි නළුවන් පරිවර්තනය වුනාට  යුද්දෙට කලින් හිටියේ වෙන තැනකනේ.   ගාමිණී ගේ පොත නිසා සහ ගාමිණී ගේ ඉල්ලීම මත මම විශේෂයෙන්  දෙමල ප්‍රශ්නය හා කැරලි පිලිබඳ මගේ  මතයන් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. මට රාජකාරිය වශයෙන් භාර දුන්නේ  මෙහෙයවන එක. පෙසපේ ට තිබ්බ ඇරියස් එකක්. ඒක ඒ ගොල්ලෝ පියවා ගත්ත. කොටින්ම  දැන් දින දෙකකට කලින් ගාමිණී කතා කරලා  කීව  අජිත් ඒ ගැන ලියන්න එපා බ්ලොග් එකේ කියල. ඒකට ගරු කරල ගාමිණී  සහ සුදත් මගේ හොඳ හිතවත් යහළුවන්  නිසා මම ඒ ගැන ලියන එක පවා අත හැරලා දැම්ම. අනිත් අය  කරපු කතා ගැන මම කියන්න යන්නේ නැහැ. ඒක ඒ අයට බාර කරනවා.


හැබැයි ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් ගැන මෙහෙම  අදහසක් තියනවා. ඒ ගොල්ලෝ ෆේස්බුක් එකේ නම් ලයික් දාන්නේ, කොමෙන්ට් කරන්නේ තමන්ගේ අයට විතරයි. තමන්ගේ මහාචාර්ය වරුන්ට, තමන් ගේ කලා කරුවන්ට නලා කරුවන්ට , තමන්ගේ අය ලියන පොත් වලට.සමාජ මාධ්‍ය වලින් එළියේ  සම්මාන දෙන තැන්  වලදී, රැස්වීමකදී , පොත් එලි දැක්වීමකදී  වුනත් එහෙමයි. අවුලක් නැහැ කියමු. හැබැයි මේ වාමාංශික කට්ටිවාදයක් නෙමෙයිද?

 අනික් පක්ෂ  වුනත් සලකන්නේ තමන්ගේ අයටනේ. කොන්ත්‍රාත් දෙන්න, රස්සා දෙන්න, තානාපතිකම් සහ වරප්‍රසාද දෙන්න. නමුත් ඉතින් ඒකටනේ අපි විරුද්ධ.  එතකොට ජවිපෙ සහ පෙසපේ ආධාරකරුවන් සහ පෙසපේ නායකත්වය හැසිරෙන විධිහට ඒ පක්ෂ වල කට්ටිය වැඩි කර ගන්නේ කොහොමද? කවදාවත් ඒ ප්‍රමාණය වැඩි වෙන එකක් නැහැනේ. එතකොට ජවිපෙ සහ පෙසපේ තමන්ගේ ආධාරකරුවන්ට පමණක් සීමා වුනහම ඒ ගොල්ලෝ රාජ්‍ය බලය ගතහොත් මොකද වෙන්නේ? අර පක්ෂ වගේම හැසිරෙයිද ? නැතිනම් කාම්බෝජ පන්නයේ විසඳුමක් ගෙනයිද?  
 
අවසානයට: 
ග්වන්තනමෙරා ගීතය කිව්වේ එකෙ අග තියන වදන් පෙළක් නිසා සහ සියෙරා මයෙස්ට්‍රා වල ගයපු ගීතයක් නිසා. මාකස් සහ එතන හිටි පිරිස  ඒක නොදන්නවට මගේ බලවත් කණගාටුව.ගීතය දැම්මේ  ගාමිණී තමාගේ ආත්මය නිරාවරණය කරණ නිසා කියල පැහැදිලිව මම කිව්වා. ඒක පොතක් ලියන කෙනෙකුට කරන සංවේදී හැඳින්වීමක්. සොරි ඉතින් තේරුනේ නැත්නම්.

සින්දුවේ මෙහෙම තියනවා.
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 
ඒකයි ඒක තෝරා  ගත්තේ 

ඔන්න ඕකයි ශනිදා සටහන 
- අජිත් 


27 comments:

  1. අජිත්, මාකස් කියන්නේ හැම දෙයක්ම ක්‍රිස්තියානි වාදයට හරවන කෙනෙක්, ලංකාවේ බොහෝ ක්‍රිස්තියානි මේ වගේ නැ.

    මේ ඕනෑම ලියවිල්ලක පාක්ශික බව තියෙනවා, නමුත් කියවන අපිට ඇත්ත නැත්ත අතිශයෝක්තිය තේරෙනවා. අතීත සිදුවීම් ගැන පොත් ලියන එක හොඳයි, එත් මේ අය වීරයෝ නම් නොවෙයි.

    84-90 බිෂණයට UNP/JVP සමානව වග කිව යුතුයි, කෙලින් සහ අවස්ථාවාදී මිනි මැරුම් වලට පාර හැදුවේ මේ අය. මොන මිනි මැරුමක් දේපල විනාස කිරීමක්වත් වත් සදාරණය කරන්න බෑ. වෙනස නම් JVP අදටත් විනසකාරී වැඩ අතැරලා නැ, අරගලය තව ටිකක් ගියා නම් IPKF ගෙන්න ගන්න තිබුණා. UNP/JVP අද වෙනකම් 84-90 කර අපරාද වල ඇත්ත පිලිනෝගනීම දඩුවම් නොලැබීම, මේවා අත්විදි අපි වගේ අයට ප්‍රශ්නයක්. බඹරු ඇවීත් මතකද? කොස්තගේ සමාජවාද කතාව අහන්න මිනිස්සු හිටියද? වෙලාවේ උණුසුම ගියාම JVP එකට වෙන දේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. යුඇන්පී ආණ්ඩුවේ මර්දනය තිබු බව මම පිලි ගන්නවා. මට ජේ ආර් ගේ පාලනයේ හිතා ගන්නම බැරි කොටස ඒක. එංගලන්තය, ඇමෙරිකාව වගේ විවෘත ආර්ථිකය දීල විරුද්ධ පක්ෂයට ප්‍රජාතන්තවාදී ලෙස මුහුණ දුන්න නම් ගොඩක් ප්‍රශ්න එන්නේ නැහැ. ඒ එක. ජවිපෙ දයා පතිරණ හෙම මරලා මර්දනය ගෙන්වා ගත්තත් වැඩි කියනඑක මගේ අදහස. ගාමිණී ඒකට එකඟ එන්නේ නැහැ

      Delete
  2. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. මේකනම් පචයක්. - මම ඊශ්‍රයලය ටියෙනවට කැමතියි. උන්ටත් රටක් ඕනේ. පලස්තීන වරුන් ඔය ගහන සීන් එක නැතිව පට්ට විධිහට තමන්ගේ කොටස් (ගාසා )දියුණු කරලා සල්ලි වලින් අල්ලන්න තිබ්බේ තමන්ගේ කොටස. අවුරුදු 50 තවම සටන් කරනවනේ

      Delete
  3. 🏃 ආගම් 🤷🤢🙉

    ReplyDelete
    Replies
    1. දුකයි තමා රන්ජනී

      Delete
  4. 'එතකොට ජවිපෙ සහ පෙසපේ තමන්ගේ ආධාරකරුවන්ට පමණක් සීමා වුනහම ඒ ගොල්ලෝ රාජ්‍ය බලය ගතහොත් මොකද වෙන්නේ? අර පක්ෂ වගේම හැසිරෙයිද ? නැතිනම් කාම්බෝජ පන්නයේ විසඳුමක් ගෙනයිද? '

    රනිල්ගේ බෙට්ට සුප්පු කරන උබ දන්නා දෙයක් ලියපන් අජිත් තට්ටයා. උබ රනිල්ගේ ගොට්ටෙන් රුසියාවේ ගිය එකානේ.

    අපේ ආණ්ඩුවක් ආපු ගමන් තොපි වගේ උන්ට නං අනිවා කාම්බෝජ පන්නයේ විසදුමක් දෙන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. ඈ බං ඇටි කෙහෙල් කාපු රිලවෝ දැන් උඹ මේ ලියපු එකෙන්ම මම කියන දේ ඔප්පු වෙනව අකියල හිතෙන්නේ නැත්ද යකෝ.

      //රනිල්ගේ බෙට්ට සුප්පු කරන උබ දන්නා දෙයක් ලියපන් අජිත් තට්ටයා. උබ රනිල්ගේ ගොට්ටෙන් රුසියාවේ ගිය එකානේ././ අයි උඹ රනිල්ට නැවිච්ච වෙළෙද තොට කීවේ මම රුසියාවේ ගියේ රනිල් යවලා? රනිල් මොකාද බන් මම රුසියාවේ යනව.. උඹ නැවිලා ඉන්න කොට රනිල් මෙහෙම කියන්න ඇති ආහ් අඃ වෙන්ඩ ජෙප්පෝ
      ඔව් හාමු ආඃ
      මම අර ඉදිරියට බ්ලොග් ලියවන්න ඉන්න එකා රුසියාවේ යවනවනේ
      හනේ ඇත්තද හාමු කැමැති නම් තව ඇතුලට දාන්න කටින් හරි එයි නේ

      නොදකින්

      //අපේ ආණ්ඩුවක් ආපු ගමන් තොපි වගේ උන්ට නං අනිවා කාම්බෝජ පන්නයේ විසදුමක් දෙන්නම ඕනි.// බලන් ඉඳපන්. මම ඒකම තමයි මේක ලිවේ . තෝ වගේ මෝඩ වහන්සේ කෙනෙක් කොමෙන්ට් දායි කියල හිතාගෙන. මොකද ඇමට ඇහිලා තියනවා ඔය කාම්බෝජ කතාව ජෙප්පන් දෙතුන් දෙනෙක් කතා වෙනවා. ලන්ඩන් සමුළුවේ දී. අර හරිනි , නලින් ආපු එකේ. ජාජබේ නායකත්වයට ලෙහෙසි වැඩක් නෙමේ කරන්න වෙලා තියෙන්නේ උඹල වගේ උන් එලවලම දාන්න. පෙසපේ නම් වැඩි දෙනෙක් ඒ අදහසේ ඉන්න බව පේනවා.මම මේවා නිකන් නෙමේ ලියන්නේ.

      උඹට පිළිතුරු ලියන්න තිබ්බේ කොහොමද, මිනිසුන්ට හරි අවබෝධයක් දෙන්න.
      - නියම නමින් වැදගත් විධිහට ඇවිල්ල- සහෝදරයා අපි මෙහෙමයි. මෙහෙමයි කියල පිළිතුරක් ලියන එක. කොහෙද ගිල්ල ගෙඩිය පිටින්ම.

      ආ අද මට ලන්ඩන් වම දර්ශනල සංවිධානය කරන චේ සමරුවට එන්න කියල තිබ්බ. මේක දැක්කට පස්සේ යන්නත් එපා වුනා. මම සිසිරට (කමිටු සාමාජික) දන්වල යැව්වා එන්නේ නැහැ කියල.

      Delete
    2. උබ අජිත්, රනිල්ගේ ගොට්ටා කියලා මුළු ලංකාවම දන්නවා.

      උබලා වගේ ප්‍රතිගාමී බලවේග තමයි මැයි 9 වෙනිදා බේරේ වැවේ නෑවේ.

      උබ තවත් මේ රනිල්ගේ කොන්ත්‍රාත්කරන්නේ අනුර කුමාර සහෝදරයට මඩ ගහමින්.

      උබේ රස්සාවත් නැති කරනවා බලං ඉදපන් උබට වෙන දේ.

      රනිලාගේ බෙට්ට උරණ තට්ටයා. තොපට ලජ්ජා නැද්ද? හෙන වදිනවා උබට. අපේ රට විකුණන රනිලාට කඩේ යන්න එපා යකෝ.

      Delete
    3. ඇත්තටම, මල කෙලියයි , මං දැන් මොකද කරන්නේ . යකෝ මම අරගලයේ කොතනද හිටියේ කියලා මුළු ලන්ඩන් ම දන්නවා. අනුර කුමාර දිසානායක උඹ තරම් මෝඩයෙක් නොවෙන නිසා හොඳයි. ඒ මහත්මයාගේ කතාවල ගොන් කතා නැහැ. අනික මම දන්න ජෙප්පෝ බොහොම සින්දුවක් ගෙන, හිනියට ඩ්‍රින්ක් අරගෙන සොමියේ ඉන්න වුන්. එනිසා මට කොහොමටවත් හිතෙන්නේ නැහැ උඹ ජෙප්පෙක් කියල. උඹ මේ අනියමින් ඇවිල්ල ඔය විධිහට ලියන්නේ උන්ව අපකීර්තියට පත් කරන්න. ඒකයි මට හිතෙන්නේ. ලොකු පොරක් නම් ඇත්ත නමින් කොමෙන්ට් දාපන්කෝ බන්

      Delete
    4. හෙන වදින එකක් නැහැ. මොකද රනිල්ට ථියෙඅ මොහෙකුටවත් මේ බ්ලොග් එක කඩේ යන්නේ නැති නිසා. උම්බටන්ම් වදීයි. පට්ට හොරෙක් වගේ. 😀

      Delete
    5. ටයිපින් මිස්ටේක් වලට සොරි ඈ , මම කීවේ ඔහෙට කැරකිලා හෙන වදී කියල. මොකද මේ බ්ලොග් එක කාටවත් කඩේ යන්නේ නැහැ. අජිත් පැරකුම් එක්ක පටලගෙනද කොහෙද 😀

      Delete
    6. නිවට ධර්මකීර්තිට රෙවුන විට පැරකුම්ගේ ලංකට් එකේ සුවඳ මතක් වී ඇත.

      Delete
    7. කාටද බං රෙවිල තියෙන්නේ හරියටම දැන්. උඹ මොක හරි කමක් නැහැ මොකක් හරි තදියමක් තියනව කෙලව ගන්න. 😁 ජවිපෙ සහ පෙසපේ ට ලංකාවේ ජනතව අතරට යන්න නම් ඔය කම්බෝජවාදී ඩොක්ට්‍රින් එක අතාරින්නම වෙනව. ඒක තියෙන තාක්කල් ඕක වෙන්නේ නැහැ. ව්සනාවට ජවිපෙ යාලුවෝ හුඟක් අයට ඕක තේරිලා ඉවරයි. නොතේරෙන පිස්සෝ දෙතුන් දෙනෙක් ඉන්නව ති උඹත් එක්ක.😁

      Delete
  5. මම වෙන මොකකට හරි කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔය ඇනෝ ලව ගණන් ගන්න එපා අයියෝ. මම ඕව දාන්නේ සොමියට. 😀 ඔයාගේ දේශපාලන අනුකුලතාව කොහෙටද කියල මම දන්නවා. දේශපාලනේ නොව යාළුකම් තියා ගත්තම් හරි.

      Delete
  6. වෙනත් මත, අදහස් ඉවසන්න බැරි හන්ද නේ මේ පුරස්න.
    නරක මිතුරෙක්ට වඩා හොඳ හතුරෙක්... තමන්ගේ/ තම පක්ෂෙ ශක්තිය වැඩිකරගන්න හේතුවන බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා අනේ. ඔයා ජවිපෙ හිතවාදියෙක් කියල මම දන්නවා. ඔය සමහර ප්‍රශ්න අහන්නේ ඩෑෂ් බෝලේ වගේ දැම්මහම කට හරි පිළිතුරු දෙන්න. වැඩේ කියන්නේ මේ සමහරු ශිෂ්ට විධිහට පිළිතුරු දීලා ලකුණු දාගන්න දන්නේ නැහැ. එනිසා ඒකෙන් ව්‍යුත්පන්න වෙන්නේ එයාල ඒ ඒ පක්ෂයට අදාල අය නොවෙන බව. ඒවා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් දාන කොමෙන්ට් ඕව. ගන්න ගන්නේ නැතිව ඉන්න. මම ඕව දාන්නේ එතකොට හොඳ වැදගත් නුවණැති කොමෙන්ට් වඩා හොඳට පෙනෙන නිසා. 😀

      Delete
  7. ලිපියට වඩා මම නං රසවින්ඳෙ අජිත්ගෙයි ඇනෝලගෙයි ආතල් වලිය. 🤔😁😉🙏👌

    ReplyDelete
    Replies
    1. ඒක 😄 😁 ඉඳල හිටලා කෑල්ලක් ලිව්ව ගමන් ෆයර් වෙන එකෙක් හරි ඉන්නවා

      Delete
    2. ඔය මං කලින් ලිව්ව ලිපියේ ගාමිණී ඉන්නවනේ. ඊයෙපෙරේද ටිමෝර් රෙෆුයුජි ල ගැන ෆිල්ම් එක්ක බැලුව උදාන් ප්‍රනාන්දු ගේ. අපි දෙන්නට මාකස් වත් හම්බ වුන. නෝමල් කතා කළා. ගාමිනියි මමයි පස්සේ චයිනා ටවුන් එකේ කොපි එකක් බොන්න ගියා. ගාමිණී කියනව අජිත් ඔය අනම් මනම් ලියල බැනුම් අහන්න එපාලු. මිනිසුන්ට විශේෂයෙන් සමහර පක්ෂේ අයට තේරුම් කරන්නත් අමරුලු. මේ කියන්නේ විජේවීර ගාව ඉඳල, දෙපාරක් හිරෙන් පැනපු කෙනෙක්. එයා වුනත් පැත්තක් අරන් කෑ ගහගන්න කැමති නැහැ අත්දැකීම් ආවහම මිනිස්සු තේරුම් ගන්නේ එහෙමයි. 😉

      Delete
  8. ඔයාලට පුදුම ඇරියස් එකක් නේ තියෙන්නේ!?

    ReplyDelete
    Replies
    1. මටද? කා ගැනද ? ජෙප්පො එක්කද? ඔය ගාමිණී ගේ පොත එලි දක්වපු වෙලාවේ ජෙප්පෝ නම් හොඳට හිටිය. පෙසපේ තමා අවුල් වුනේ. කතාව ඇත්තනේ කල්ලි වාදය , කට්ටි වාදය ඔක්කොම ඒ කාලේ වගේම තියෙනවා. වමේ. 1983 ඉඳන්ම ඔහොම තමයි. හැබැයි තට්ටය මල්ලි වගේ කෙනෙක් ජවිපෙ ආණ්ඩුවක් ගෙනාවොත් නම් සපෝට්. සින්දුවක් කියාගෙන , පොඩි ෂොට් එකක් දාගෙන ඉන්න අය ගේන ඕන ආණ්ඩුවකට සපෝර්ට්
      😄 😁

      Delete
    2. කොහොමත් අපි (ජෙප්පො ) ගේන්නේ ඒ වගේ එකක් තමයි. ඔඅයා හිතනවද අයියේ අන්‍රයියා උඩුගං බලා පිහිනයි කියලා!
      ධනපති ප්‍රජාතාන්ත්‍රික බවකුයි අපට ඇවැසි; දේශීය ශක්තිමත් ආර්ථියක් විනයක් සහිත අදූෂිත!

      Delete
    3. දැන් ඔයා කියාන් කතාව තමා හරිනි , නලින් ල හෙම ලන්ඩන් ඇවිත් කීවේ . අනුර කුමාර දිසානායක කියන්නෙත් නැහැ. නමුත් උඩ ඇනෝ (ඒ ඔයා නෙමේ නම්) ප්‍රශ්නයක් අහපු ගමන් පරල වෙන්නේ ඇයි . ඔය උත්තරේ දුන්න නම් ඉවරයි නේ. දෙවෙනි එක ඇයි දර්ශන හෙට්ටි ආරච්චි ඊයේ චේ ගුවේරා සැමරීමක් ලන්ඩන් වල සංවිධානය කලේ. මොකද්ද ඇති වැඩේ. ඇමෙරිකානු සම්බාධක නිසා කියුබාවට දියුණු වෙන්න බැරි වුන එක ඇත්ත. නමුත් තවමත් කියුබාව කර ගහගෙන යන්න ඕගොල්ලන්ට බැහැ. තවමත් ජවිපෙ සහෝදරවරුන් ගේ සමහරක් කියන්නේ කාම්බෝජ විප්ලවේ හරි, කියුබන් ක්‍රමයක් ගේනවා කියල මෙහෙ. පිස්සුද හැටිද? මේ ගෙවල් අරගෙන ලන්ඩන් වල,හොඳ ජොබ් කරගෙන, ළමයි ගෙවල ප්‍රයිවෙට් ඉස්කෝල වලට දාගෙන , ගෙවල විශ්ව විද්‍යාල වලට යවාගෙන ඉන්න මිනිස්සු. අපට ඕව පෙන්වල දුන්නහම ඇරියස්තියනවා කියල කියනව. මගේ කියුබන් යාලුවෝ පවා වෙනසක් ඉල්ලනව. ඕනේ නම් අඳුන්වල දෙන්නම් අහන්න. ජවිපෙ , පෙසපේ පස්සේ යන්න ඕනේ නැහැ. පෙසපේ වරද්දගෙන ඉන්නේ. එයාලට මම ලිපියක් ලියනව හෙට අනිද්දම.මෙපමණ දවසක් සද්ද නැතිව හිටියේ යාලුවෝ හින්ද.

      Delete
  9. අපේ කල්ලියයි උත්තම කියාගෙන
    අනුන්ගේ වැරදි සේරම උලුප්පන;
    ඔවුන් කරන හොඳ දේටත් ගරහගෙන
    ඉන්නා එකම, ලංකාවට කරයි වින

    ReplyDelete
    Replies
    1. කල්ලි වාදය කට්ටි වාදය
      කුහක කම
      එකිනෙකා කෙරෙහි
      ඇතිවන සැකය
      එව්වා නිසා කෙලවුනු
      ලංකාවේ වම
      යන්න යනව ගමනක්
      බෙලි කපාගෙන

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .