Monday 9 October 2023

ජැකෝ



මුලින් ලියා ලන්ඩන් සඟරාවේ පල කල එකක් නැවත පල කරමි.

ජැකෝ ....................

ජැකෝ නුඹ දැක්කෙ මුල්වරට 
උතුමාණෙනි නැටුමෙන් 
ජෙනරාල්ට ගී ගයන මේ 
බෙරේ වැස්මක් හිසේ ඇති 
ජැමෙයිකන් පෙනුමැති 
නළුවා  ජැක්සන් කෙනෙක්ම 
තමා යන හිතිවිල්ලෙන් 

නුඹ ඒ කියන්නැහේ 
පස්සේ කාලෙක බලු කුක්කෙක් 
ජෙනරාල්ලගේ බොසාලට 
උනා කියල තරහා නැහැ මං 
නීල ටත් සමාව දුන් එකේ මැරුණු 
දවස්වල හැමෝම බනිද්දි 
ඒ හඬ අමතක කරන්නේ කොහොමද 
තරුණ වියේ අපි සනහපු 

නෙයිනගේ සූදුව තමයි 
දැක්කේ ඉන් පස්සේ ඒ රංගන 
ප්‍රතිභාව , කොමඩි නළුකම 
හවස්වල මධුවිතක් සමග 
නැවත නැවතත් නරඹන 

තාරාවෝ ඉගිලුණු නාට්‍ය 
හැන්දෑවක් ඒ කාලේ 
නැවත නැවතත් අහපු ඒ සින්දු 
සෝභාව දුන් රංග සභාවටම 

ගී ගයන්නත් , නටා වයන්නත් 
වයා නටන්නත් සිත් සනසන්නත් 
හිනා ගස්සන්නත් 
මේ හැමදේම හැමෝටම බැරි තැන 
බොහෝ දේට සමතෙකු වුනු ඔබ 
කවදාවත් නුදුටු ඒත් 
හිතට සමීප යයි හිතුනු 
චරිතයක් මචං 

නැවත ඔය ඇඳෙන් 
නැගිටීවි යයි 
සහෘදයන්  රැසක් 
සහෘද ජනතාවක් 
තවමත් බලාගෙන 
ඉන්නව  සහෝ 
අමතක නොකරන් 


---අජිත් ධර්මකීර්ති  06/08/2022









23 comments:

  1. සහතික ඇත්ත! කොපමණ දැක්කත් එපා වෙන්නැති නිර්මාණ.

    ReplyDelete
    Replies
    1. නිර්මාණ වලට මමත් කැමැතියි . අදත් බලනව නාට්‍ය ගීත

      Delete
  2. ජැක්සන් ප්‍රතිභා පූර්ණයෙක් බව මම දැක්කෙ ගඟ දිගේ වැඩසටහනේ මුල් විනාඩි කීපය තුළ එයා ඇඳපු චිත්‍රයෙන්. සැහැල්ලු නිරායාස රඟපෑම මුල ඉඳන් ම දැක්කා. පස්සෙ ආයුබෝවන් වගේ වැඩසටහන්වල තමන්ගෙ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගත්තම පොඩ්ඩක් විතර අප්‍රසන්න ගතියකුත් දැනුණා. නමුත් ඔහු තමන් රැස්කරගත්ත දැනුම නිසි පරිදි යොදා ගත්ත බව තමයි දැන් ආපහු හැරිලා බලනකොට පේන්නෙ.

    ඔහුගේ ප්‍රතිරූපයේ දෙවන පර්ච්ඡේදය වෙන්නේ, මහරජතුමාට කඩේ ගිහින් තමන්ටත් දරු පවුලටත් මුදල් වගේ ම ප්‍රස්ථාවයන් හරි හම්බ කරගැනීම. ආන්න එතන දි තමයි බොහොමයක් උදවියට උන්නැහැ අප්‍රසන්න වුණේ.

    ජැක්සන් මියගියා කියලා ලොකු ආන්දෝලනයක් දකින්න නැහැ. මට හිතෙන්නෙ ඔහු ජනතාවට සහ රසිකයන්ට මිය ගිහින් ගොඩක් දවස්. බොහෝ දෙනාට ඔහු කායිකවත් මිය ගිහින් දැනට අවුරුදු දෙකක් විතර...

    මොනව වුණත් නෙයිනගෙ සූදුව විරිදුවෙන් සහ උතුමාණනි සවන් දෙන්න නාට්‍යයෙන්, පළිඟු මැණීකෙ වැටනි ටෙලිවලින් අප රසවත් කරපු ප්‍රතිභා සම්පන්න කලා ශිල්පියාට සුභ ගමනක් ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. //වැඩසටහන්වල තමන්ගෙ පාණ්ඩිත්‍යය පෙන්වන්න ගත්තම//
      ඒක සහ ඕවර් ඇක්ටින් පොඩ්ඩක් තිබීම ආසියාවේ මේ කලාපයේ සාමාන්‍ය දෙයක්

      //ආන්න එතන දි තමයි බොහොමයක් උදවියට උන්නැහැ අප්‍රසන්න වුණේ//
      හොඳ නළුවෙක් හොඳ මිනිහෙක් වීම අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක් නෙමෙයිනෙ.

      Delete
    2. නෑ ඉතිං. ඒකට එයාට නිදහස තියෙනව. එයා අපට ඕනෙ දේ ම කියන්න කරන්න ඕනෙ කියල එකක් නෑ. මං කිව්වෙ ඒ කරපු කියපු දේවලින් මිනිස්සු බහුතරයකට අප්‍රසන්න වුණා කියලා.

      Delete
    3. ඔව්. ඒ නළුවන් ක්‍රීඩකයින් ගායකයින් වගේ අය වීරයන් ලෙස සැලකීම නිසානෙ. උනුත් සල්ලිවලට රස්සාවක් උන් මිසක් උන්ගෙ ක්ෂේත්‍රයෙන් පිට වීරයින්වත් ආදර්ශමත් මිනිස්සුවත් නෙමෙයි කියල සැලකුවාම හරිනෙ.

      Delete
    4. කුමාර් සංගක්කාර අනවශ්‍ය ඇඩ් වලට පෙනී හිටිනවා. හැබැයි හොඳ ක්‍රීඩකයෙක්. අපාට් දේශපාලන වශයෙන් බෙදන්න් ගියොත් ගොඩක් දේ මග හැරෙනවා. ජැක්සන් උතුමාණෝ රවටන්න් දුර ගියා වැඩි . ඒක එයාගේ චොයිස් එක. අපි හැමෝටම අපේ තේරීම් තියනවනේ

      Delete
    5. මෙතනදී ප්‍රාජේ මතු කරන කාරණා වැදගත්. මගේ මතයත් ඕකම තමයි. " ඒ නළුවන් ක්‍රීඩකයින් ගායකයින් වගේ අය වීරයන් ලෙස සැලකීම නිසානෙ?" ඔන්න ඔතන තමයි අවුල. ඒත් අජිත් කියනව වගේ ජැකා "ලයින් එක ක්‍රොස්" කල බවත් ඇත්තයි කියල හිතෙනවා.

      Delete
    6. මම කලාව පැත්ත විතරක් බලනවා

      Delete
  3. අන්තිමට එයාට එහෙම වුනා https://www.youtube.com/watch?v=BVJUKKCSgsk

    ReplyDelete
  4. කලා ලෝකයේ ලංකාවෙ පහලවුණ ඉතා විශිෂ්ඨයෙක්. මේ ලඟදි අකාල සන්ධ්යා ආයෙම බැලුවා මම .

    ReplyDelete
  5. ඔබ‍ට සුබ ගමන් කලා වේදියාණනි

    ReplyDelete
  6. අතිදක්ෂයෙකි සරසවියගෙ වරම ලද
    වැපිරූ දෙයම අස්වනු ලෙස පිදුම් ලද!

    ReplyDelete
  7. අජිත් ධර්මකීර්ති යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටි අජිත් පී ජයසිංහ, දීප්ති කුමාර සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස් බැලුවත්, ඔහු උගතෙකැයි කීමට බැරිකමක් නැත. ඒ ප්‍රධාන කාරණා දෙකක් නිසා ය. මේ කාරණා දෙකම, අපේ මිනිසුන්ගේ දිළිඳු විඥානයේ තරමට සකස් කරගත් බොල් නිර්ණායක දෙකකි. ඒවා මෙසේ ය:

    (1) ඔහු ඇතැම් විෂයයන්ට අදාළ කරුණු සහ දත්ත දනී. විශේෂයෙන්, ලෝක යුද්ධවලට අදාළ කරුණු සහ ප්‍රධාන පෙළේ ලෝක නායකයන් පිළිබඳ තොරතුරු දනී. තවත් එවැනි වෙනත් විෂයයන් පිළිබඳ දත්ත ඔහු කටපාඩමින් දනී. මීට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි අපේ ඉතිහාස රජවරුන්ගේ නම්ගම් සහ නෑකම් (අහවලාගේ පුතා අහවලා, අහවලාගේ බාප්පා අහවලා ආදී වශයෙන්) පිළිවෙලින් සහ කටපාඩමින් ගිරවෙකු මෙන් කියාගෙන යන වීඩියෝවක් අප දැක ඇත. එය දුටු බොහෝ අය, ජැක්සන් ඇන්තනි මහා ඉතිහාසඥයෙකු සේ සලකන්ට ඇත. ඉතිහාසය යනු දත්ත සහ සිද්ධි පිළිබඳ මතකය වශයෙන් සැලකීමට අප තුළ ඇති පුරුද්ද ඊට හේතුවයි. අවසානයේ ඒ ජැක්සන් ඇන්තනි නැවතුණේ, මහින්ද රාජපක්ෂ සුද්දෝදන රජ පවුලට නෑකම් ඇතැයි කියමිනි.

    උගතා සහ බුද්ධිමතා අතර වෙනසක් බොහෝවිට අවධාරණය කෙරෙන්නේ එබැවිනි. ප්‍රශස්ත අර්ථයෙන් ගත්තොත්, උගතා යනු කරුණු දන්නා කෙනා ය. අවම අර්ථයෙන් ගත්තොත්, උගතා යනු අධ්‍යාපන සහතික ඇති තැනැත්තා ය. අනිත් අතට, බුද්ධිමතා යනු, තමන් උගත් කරුණු අනුසාරයෙන් අලුත් ඥානයක් සහ දැක්මක් ඇති කරගැනීමට තරම් මොළයක් ඇති තැනැත්තා ය.

    (2) ලංකාව වැනි රටවල පවතින යටත්විජිත මානසිකත්වය නිසා ‘උගතා’ යන්න තවත් ආකාරයකින්ද නිර්වචනය වෙයි. එනම්, ඉංග්‍රීසි දත් තැනැත්තා ලෙසිනි. ඉංග්‍රීසි කතා කරන කෙනෙකු උගතෙකු වශයෙනුත්, ඉංග්‍රීසි නොදන්නා කෙනෙකු නූගතෙකු වශයෙනුත් සලකන පුරුද්දක් අපේ රටේ තිබේ. මෙය, සහමුලින්ම යටත්විජිත මානසිකත්වය විසින් ඇති කරන ලද හැඟීමකි. භාෂාවක් වශයෙන් ඉංග්‍රීසියම පමණක් අප විසින් කරට ගෙන තිබීමෙන් එය ඔප්පු වෙයි. ඇයි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජපන් හෝ හින්දි හෝ චීන භාෂා උගත් කෙනා ‘උගතෙකු’ වශයෙන් නොසැලකෙන්නේ? අපේ අධිරාජ්‍යවාදී ස්වාමියා, ඉංග්‍රීසිකාරයා මිස අර කී කිසි ජාතිකයෙකු නොවන නිසා ය. කොච්චර බැන්නත් අපට අවශ්‍ය කරන්නේ ‘සුද්දෙකු’ වීමට ය.

    දැන් , දීප්තිට වෙනස්ව, අජිත් ධර්මකීර්ති උගතෙකු වශයෙන් සැලකෙන්නේ මේ කියන කාරණා දෙක නිසා ය. ඔහු පොතපත කියවතියි කියති. එසේම, ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් (නැවතත්, දීප්තිට සාපේක්ෂව) ඔහු තොරතුරුවලින්ද සන්නද්ධ බවත් ඇත්තකි. එහෙත්, ලෝකය සහ දේවල්ද, සංසිද්ධි සහ සංකල්පනාද, වඩාත් තාර්කිකව සහ අපක්ෂපාතීව ඥානනය කිරීමට තරම් බුද්ධිමය පරිචයක් නැති කෙනා සැබෑ බුද්ධිමතෙකු නොවේ. එවැන්නෙකු, තමා දන්නා විෂය කරුණු සහ දත්ත පාවිච්චියට ගන්නේ, සැබෑව නිරාවරණය කරගැනීම සඳහා නොව, බොරුව අස්සේ සැඟවීමට අවශ්‍ය සුහුරු මෙවලම් ලෙස ය.

    ඔහු සිය කූට බුද්ධිය භාවිතා කරන්නේ රනිල් රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කිරීමටය.
    වෛද්‍ය කුමාර කළුආරච්චි ගේ රැකියාව අහිමි කිරීමටය.

    අනුර කුමාර සහෝදරයාට පහර දීමටය.
    ස්කොට්ලන්තයේ වාසය කරන අහිංසක පුද්ගලයෙකු වන චතුෂ කුමාරට සහ ඔහුගේ වෛද්‍ය බිරිදට මඩ ගැසීමටය.
    ඇයගේ රැකියාවට බාදා සිදු කිරීමටය. ඔවුන් වාසය කරන කුලී නිවසේ හිමිකරුටත් තර්ජනය කොට ඇති බවත් කියවෙ.

    ReplyDelete
    Replies
    1. ඔහු සිය කූට බුද්ධිය භාවිතා කරන්නේ රනිල් රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කිරීමටය. - ඔව් ඔව් මේ කලේ ඒක තමයි.
      https://kolambagamaya.blogspot.com/2022/05/blog-post.html

      වෛද්‍ය කුමාර කළුආරච්චි ගේ රැකියාව අහිමි කිරීමටය. - මේකට ඇති තරම් උත්තර දුන්නත් මේ මරුවා ඒවා කියවල නැහැ වගේ. කළුආරච්චි ගේ රැකියාව අහිමි කරන්න මට ප්‍රයිවෙට් හොස්පිටල් තිබ්බද උගුඩුවෝ. මට "දන්නෝ දනිති" නම් කීවේ ඒ මහත්මය ගැහැණු ළමයෙකුගේ දත් බලන ගමන් තවත් ඒවා බලන්න ගිහින් කියල රස්සාව නැති වුනේ. මටනම් ඕව වැඩක් නැහැ. දිගින් දිගටම මට චෝදනා කරන නිසා ලියන්නේ. මතලනුත් වරක් ඇහුවා මමද අර වෙබ් අඩවියක ගිය එක දැම්මේ. කිසිම සම්බන්ධයක් නැහැ. ඔය කළු අරච්චිට පේරාදෙණියේ ම හතුරෝ ගොඩක් ඉන්වල තියනව.

      අනුර කුමාර සහෝදරයාට පහර දීමටය. - පිස්සුද අනේ. මම කැමති කෙනෙක් නේ. අනුරයි හරිනියි. අනුරට විතරයි හයියක් තිබ්බේ කියන්න - "88-89 සමාවෙන්න අපිත් වැරදි කලා කියල. " මෙන්න අනුර ගේ අලුත් චැනල් එක. ඔයා මේ කිඹුල් කඳුළු හෙලන්නේ. අපි දැක්ක විවේචනය කරණ හැටි.
      WhatsApp: https://whatsapp.com/channel/0029VaBkJL9KWEKocWuzMx30

      ස්කොට්ලන්තයේ වාසය කරන අහිංසක පුද්ගලයෙකු වන චතුෂ කුමාරට සහ ඔහුගේ වෛද්‍ය බිරිදට මඩ ගැසීමටය. - යන්තන් තමන්වත් දාගත්ත නේද අහිංසක කියල. බ්ලොග් එකේ නම් අහිංසක කියල පේන්නේ නැහැ. අනික ඔය රටේ මිනිස්සුන් ව අනාථ කරන්න, විරුද්ද්ධ වාදීන් මරන්න, නඩු නිදහස් කර ගන්න ගෝඨාභය ගෙනාපු එවුන් අහිංසක නැහැ.

      Delete
  8. ජනාධිපති මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සහය නිසා අජිත් ධර්මා මහතා මෙලෙස සිය බලය දරා ගත නොහැකිව හැසිරෙන බව සරෝජ් මට පැවැසීය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මානු මාධ්‍යයට තර්ජනය කරමින් සිදු කරන ලද ප්‍රකාශය ගැන ජර්මානු කතක් සමග ව්වහා වී සිටිනා අජිත් ධර්මා මහතා වදනක් හෝ නොදොඩන්නේ රනිල් වික්‍රමසිංහ අන්ත දක්ෂිණංශික ජනපති ගේ ජාත්‍යන්තර උපදේශකයා අජිත් ධර්මා මහතා නිසා නේද?

    අප මරා දැමුවත් අන්තර්ජාල යේ අප කල සටන සටහන් වී තිබේවි.

    ReplyDelete
    Replies
    1. අප මරා දැමුවද අන්තර්ජාලයේ අප නැගූ හඬ සදා නොමියෙනු ඇත

      Delete
  9. මොනව කරන්නද ඉතිං නෙ. කාගෙ කාගෙ ලඟද... වැරදි අඩුපාඩු නැත්තෙ. ඒව පැත්තකින් තියා බැලුහම අර උඩහින් කියල තියෙන්නැහේ අනගි සම්පතක් අපිට නැතිවෙච්ච.
    කයියත් අගෙයි!

    සුබ ගමන් ඔහුට ❤🙏

    ReplyDelete
    Replies
    1. වැරදි අඩුපාඩු හැමෝටම තියනව. හුඟක් අය හුඟක් අයට කඩේ ගියා. මෙය විතරක් නෙමේ. එහෙමනම් ජවිපෙ, හෙළ උරුමය තමා රාජපක්ෂ බලයට ගෙනාවේ. එයාලත් වැරදිනේ එහෙම නම්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .