Sunday 22 October 2023

අයර්ලන්තයේ ආයුර්වේද නිෂ්පාදනයක්




ශනිදා දහයට ලියන්න කොහොමත් වෙලා නැති නිසා ඉරිමා දහයට තමා ලියවෙන්නේ. මේ පෝස්ටුව  කෙටිම  කෙටි එකක්.  මේ ඊයේ පෙරේද එංගලනතේ ෆාමසි එක්ක තිබිල ගත්ත දන්තාලේපයක්. එංගලන්තේ කියන්නේ ඉතින් ආයුර්වේදය කියන එක හොයාගෙන ඒ දැනුම අනිත් රටවලට පවා ආඩම්බරයෙන් දන් දුන්  ජාතියක් නේ. ඉතින් ඒ අය ඔය කොළ පාට පැළෑටියේ ආධාරයෙන් බෙහෙත්  හදල හෙම ගන්න කියල එයාලගේ එන්එච්එස් කියන මහා නරක පාඩු පිට දුවන  කොම්පැනි එකට හෙමත් අවසර  දීල ලු තියෙන්නේ. 

හැබැයි ඉතින් මේ දන්තාලේපය හදල තියෙන්නේ අයර්ලන්තය කියන රටේ. එංගලන්තේ සල්ලි දීලා ගන්නවා විතරයි.  අයර්ලන්තය ගැන කියන්න ඕනේ නැහැනේ. ඊළඟට එන්න ඉන්න ගරු ජනාධිපති  අනුරකුමාර දිසානායක සහෝදරයාටත් ගෙයක් හෙම තියනව කියල විරුද්ධ වාදියෝ කෑ ගහන්නේ. අන්න එහෙ. අයරලන්තෙත් ආයුර්වේදයට හෙම හෙන ප්‍රසිද්ධ රටක් නේ ඉතින්. අවුරුදු දාස් ගානක ඉතිහාසයක් තියෙන රටක් නේ ඕකත්. ඒක තමා ඒ ගොල්ලෝ ඔය වගේදේ නිෂ්පාදනය කරන්නේ. 

ආ අමතක වුනා කියන්න. ඔය දන්තාලේපය  හදන්න අමුද්‍රව්‍ය අයර්ලන්තේ  ආයුර්වේද කම්පැනි වලට අපනයනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය කියල කියන පට්ට රටකින්. ලෝකේ හොඳම රට ඒක. ඒකෙ ඕන කෙනෙකුට තමන්ගේ අදහසක් ලියා  පදිංචි කරල විකුණන්න පුළුවන්. වෙන අයගේ අදහසක් වුනත් තමන්ගේ රටේ නෙමේ නම් විකුණන්න පුළුවන්. වෙන රටවල වැවෙන ඒවා , හැදෙන ඒවා වල ඖෂධයක්   වත් හොයා ගන්න පුළුවන් වුනත් ඒකත් ලියා පදිංචි කරලා, හදල විකුණන්න පුළුවන් ඕන පෙත්තක්, ඕන ගුලියක්. හැබැයි බාස්මතී කියන හාල් එක කවුද ඇමෙරිකන් කාරයෙක් ලියා පදිංචි කරන්න ගිහිල්ල ඒවා හොරෙන් අරන් ගිහින් හදපු ඉන්දියාව කියන රටකින් වලියකුත් ඇද්ද. දැන් වලිය ඉවරයි. හොරෙන් ගත්ත ඉන්දියාවට ලු ඒ හාලේ  අයිතිය තියෙන්නේ. 

ඉතින් මේ ඇමෙරිකාව කියන රට ප්‍රෞඪ අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙන රටක් නේ. (2500 කෑල්ල තිලකසිරි ගෙන් උස්ස ගත්තේ) . ඒ ගොල්ලෝ ඔය  කොළ පාට පැළෑටි හොඳයි කියල ඒ කාලේ ඉඳන්ම  හොයාගෙන බෙහෙත් වලට ගන්නවා . මස් වලට දාලා උයනවා. කේක් වලට දාල කනවා. උරන්න ඕනේ කට්ටියට උරන්න දෙනවා.  ඔතන්න ඕනේ කට්ටියට ඔතන්න  දෙනවා. මම නම් ඒකට විරුද්ධයි. ඒ වුනාට ඇමෙරිකාව  ඕව වවල අයර්ලන්තෙට අපනයනය කරලා ගාණක් හොයා ගන්නවා. දුප්පත් රටවල් නේ ඉතින්. ජිවත් වෙන්නත් මොනවා හරි කරන්න  එපාය.
අයර්ලන්තේ ඔය දන්තාලේප වගේ  ජාති හදල එංගලන්තෙට එවනවා.

අනිත් ඔය පෝසත් රටවල් වල මන්ත්‍රිනී ල හෙම දන්නේ ඔතන වැඩේ විතරලු ඒවායින් කරන්නේ. ඒක  හොඳ වැඩක් නෙමේ  කියල අපි දන්නවනේ.  තරුණ පරපුර නැතිවෙන වැඩනේ ඔව්ව.  . ඉතින් සමහර හොඳ කට්ටිය කරුණාවෙන් ඒක පහදන්න  ගියහම එයා තමන්ගේම බෙල්ල කරකවගෙන හරියට  අර පොල්ටෙර්ගේයිස්ට් එකේ වගේ ඔන්න  දැන් ඉස්පිටිතාලේලු. එක්කෝ තමන්  මරාගන්නේ මොකටද ඔය දෙගොල්ලම දන්නේ නැහැ, නැත්නම් දෙගොල්ලම හෝ තුන් ගොල්ලම කරන්නේ  පට්ට රඟ පෑමක් කියල තමා  මට හිතෙන්නේ. 

  


42 comments:

  1. Jagath Pathirana22 October 2023 at 23:40

    ඔය ගංජා නේද?

    ReplyDelete
  2. දත් බෙහෙතක් ගැන වරුණා ලංකරන්
    හිත් නලියන විස්තරයක් එක්කරන්
    මත් වූ උන් පොරකද්දී මක්කරන්
    දැක්ක නේද යනහැටි ගෙල දික්කරන්...

    ජයවේවා අයියේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ මත වෙනයි , මේ බෙහෙත් වෙනයි කියල අඳුන ගන්න බැරි වෙන එක තමා ලංකාවේ තියෙන ප්‍රශ්නේ , හෙරොයින් කියන එකත් මුලින් ආවේ බෙහෙතක් හැටියට. දැනටත් බෙහෙත් බෙති මත් වෙන්න ගිලින පිස්සෝ හැම රටකම ඉන්නව. ඉතින් එහෙම කියල ඒ බෙහෙත් තහනම් කරනවද

      Delete
  3. නැඟිටල ඇඳෙන් බැස්සම නුපුරුදු පැත්තෙන්
    දැනෙනව තමයි නුහුගුණ ගතියක් ඇත්තෙන්
    හඳ මෝරනකොටත් තද වෙනවලු වැඩියෙන්
    අජිත් පෙත්ත බීලා නැහැ වගෙයි, ඉතින්
    (සිනා- කියලත් ලියන්නේ ඉමොජියක් මෙතනට ඔබන්න නොදන්නා නිසයි අජිත් මහත්තයෝ.)

    ReplyDelete
    Replies
    1. ලිපියක් හරහට ලිව්වාමත්
      තේරෙන්නේ නැහැ නෙවැ කාටත්
      අරගල කරලා හති අරිනවද තාමත්
      නිදි ගේ පෙත්ත ගන්නවදෝ තාමත්

      Delete
  4. අජිත් ධර්මකීර්ති මහතා මානසික ව්‍යාධියකින් පෙලෙනා බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. sarcasm කියල එක්ක අහල තියෙනවද ගොබ්බ සේන මහතා

      Delete
  5. අජිත් ඔබ ගැන කුමන විවේචන තිබුනත් මෙලෙස ඔබ මානසිකව අසනීපව මෙවැනි ලියවිලි ලියමින් සිටිනා බව දැක්කම හරිම දුකයි.

    අජිත් මහතාගේ පවුලේ කෙනෙකු මා සම්බන්ධ කරගන්න. මා ප්‍රතිකාර සදහා මොහුව රැගෙන යන්නම්.

    මට ඇමතුමක් දෙන්න.

    0800 328 4444

    ReplyDelete
    Replies
    1. ඔයත් අර අහවල් ජාතියේ මානසික ලෙඩ රෝග වලට බෙහෙත් කරන කෙනෙක්ද? අපෝ එපා. සියදිවි හානි කරගෙන තමයි බේරෙන්න වෙන්නේ

      Delete
  6. https://www.thevaultma.com/education/how-was-cannabis-used-in-native-american-culture
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6614926/

    ReplyDelete
    Replies
    1. අයර්ලන්තේ ද ඇමරිකාවේද

      Delete
    2. https://www.hempire.com/blogs/news/how-native-americans-use-hemp#:~:text=Native%20Americans%20have%20used%20hemp,times%20as%20absorbent%20as%20cotton.

      Delete
    3. ඔයා දැන් ෆුල් ට්‍රයි එකක් දෙනවද අමෙරිකාවේ අවුරුදු 2500 ඉඳන් නේටිව්ස් ල පාවිච්චි කළා කියන්න 😀

      Delete
  7. ඕන දේක හොද නරක දෙපැත්තක් තියෙන්ට ඇහැක් නෙව. කොහෙ හඳට යන්න යහමින් පොඩි පොටක් පෑදෙනනැති හැටියක්. හැක් !

    ReplyDelete
    Replies
    1. ඒක තම , එක තමා , ඔයාලගේ සහෝදරවරු මෙහෙ හොරෙන් උරණව. ඔහේ එපා කියනව. මොකද්ද අප්පා මේ බොරු සදාචාරේ 😀. අපි කියන්නේ බෙහෙත් වලට යවන්න කියල

      Delete
  8. මුලින්ම බැලුවා මේ මොන හත්ති හොත්තක්ද කියන්නෙ කියලා. පස්සේ නේ තේරුණේ මේක සාකැස්ටික් කියලා 😁😁😁

    ඩෑනා ඇංටිගෙ වලිය දැක්කත. 🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. 😀 ඩෑනා ඇංටිගෙ වලියට තමයි බොල ලිව්වේ. කොහෙද මුන්ට මොලේ මතු කරලා දෙන්න එපැයි අපි. ඒ ගෑනි හිතන්නේ ඕක තියෙන්නේ නයිට් ලයිෆ් එකට විතරයි කියල. එයාගේ ඉඩම් වල වගා කරලා ගොඩ යන්න.. අනිත් එවුන්ට ඕනේ කොහොම හරි ඕන මගුලක් කඩා කප්පල් කරන්න. උඹලට දෙන්නෙත් නෑ. අපටත් එපා. අනිත් එවුන් සදාචාරේ රකින්නැහදනව. හමුදුරුවන්ගේත් සදාචාරේ නැති රටක. 😁

      Delete
  9. What does hemp toothpaste do?
    The addition of hemp oil gives fresh breath Oral cleansing qualities to this specially formulates toothpaste. With Omega 3, 6 and 9, Make it an excellent product to help combat Bad breath. Toothpaste helps reduce common stains caused by tea, coffee, red wine etc, leaving your mouth feeling clean and fresh all day.

    ReplyDelete
  10. හ්ම්.... හෙම්ප් කියන්නෙ කැනබීස් වලට කියල අද ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. හෙම්ප් කියන්නේ ඔය ගොඩක් ජාති වලට. කැනබිස් එක ජාතියක් විතරයි. බිරින්දෑ ගෙනත් දුන්න අම්ස්ටර්ඩම් වලින් හෙමෝ එකක් මාෂ් මෙලෝව් පැළෑටි වලින් හදන එකක්. පයිප්පෙට දාන්න . මේ ටූත් පේස්ට් එක කැනබිස් ඔයිල්

      Delete
  11. රංග තේනුවර24 October 2023 at 09:30

    'එංගලන්තේ කියන්නේ ඉතින් ආයුර්වේදය කියන එක හොයාගෙන ඒ දැනුම අනිත් රටවලට පවා ආඩම්බරයෙන් දන් දුන් ජාතියක් නේ.'

    එංගලන්තයේ තියෙන්නේ ග්‍රීකයෙන් පටන් ගත් බටහිර වෙදකම නේද?

    'ඉතින් මේ ඇමෙරිකාව කියන රට ප්‍රෞඪ අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙන රටක් නේ.'

    වසර 250 නේද? 2500 ක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. යකෝ තේනුවර , 😁 මොන නැකතින්ද උපන්නේ 😁

      Delete
  12. ඔය 2500 කෑල්ල අහන් නැතිව ගත්තට මගේ මෙව්වා එක! හෙහ් හෙහ් . කොහොම උනත් ආයුර්වේදේ කියන්නේ හෙළවෙද පුතුන්ට අයිති එකක් කියල හිතාගෙන ඉන්න යාලුවොත් මට ඉන්නවා. අජිත් උනානි වෙදකම ගැන දන්නවද ? . උනානි දේශය කියන්නේ ග්‍රීසියටනේ .කෙටි වුනාට හොඳ ලිපියක් අජිත්.

    ReplyDelete
    Replies
    1. හේ හේ , උනානි වෙදකම ගැන දන්නේ නැහැනේ. ආන්න ජන්සන් ලියන්න (දැන් බකුස් එයි ඇර ගන්න ). මේක ලිපියක් කියන්නේ ඉතින් අර දහයේ කණිසමට දාන්න එකක් දත් මදින ගමන් කල්පනා කර කර ඉන්න කොට දත් මදින බෙහෙත ගැන ලියන්න හිතුන. පෝට්ටුවේ ඩාන නංගි ඇතුළු බොලෑ සජබේ එවුන් අල්ලන බොරු නාඩගම් දැකලා.අනිත් රටවල් අපි පහුකර යන්නේ ඔන්න ඔහොමය කියල කියන්න.

      Delete
    2. යකෝ Samsung Galaxy Tab A 7.0 එකක් තියෙන සල්ලිකාරයෙක් නේ

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ ආවේ කොහෙන්ද කියල හොයාගන්න පුලුවන්නම් (VPN ) නම් බැහැ. ඊට පස්සසේ බ්‍රිතාන්‍ය පොලිසියේ ඉන්ටනෙට් ක්‍රයිම් අංශයට දෙන්න

      Delete
    2. අජිත් ඔබට මෙවැනි කොමෙන්ට් ලැබෙන්නට පටන් ගත්තේ ඔබ ජාතික ජනබලවේගය ගැන ප්‍රශ්න කරමින් ලිපි ලියු පසුව බවයි පෙනෙන්නේ.

      ඔවුන් ඔබව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ හිතවතෙක් කියලා මතයක් යවනවා වගේ.

      Delete
    3. එහෙම දෙයක් පේනවා. කවුරුද කරන්නේ කියල දන්නේ නැහැ. අර කාම්බෝජ කතාව ගැන කීවහම ඇරියස් තියෙනවාද කියලා ඇහුවනේ. ඒකනම් මේ අපේ තට්ටයගේ කොලමත් ඇහැව්වා. හැබැයි මම ජවිපෙට කියල වෙනම විවේචන කරන්නේ නැහැ. අනික ඊළඟට රාජ්‍ය බලය ගන්න ඉන්න පක්ෂයක් පොඩි විවේචනයක ට පුරුදු වෙන්න ඕනේ. තරහට නෙමේනේ ලියන්නේ. එහෙනම පෙසපේ වුන් මාත් එක්ක මරා ගන්න ඕනේ උන්ට කියන ඒවාට 😀 උන් සර්ප්‍රයිසින්ලි ටොලරන්ට්

      Delete
    4. හැබැයි ඉතින් බ්ලොග් සම්මාන කාලේ කරු හෙම ආව නිසා ජෙප්පෝ සහ පොහොට්ටුවේ අය දෙගොල්ලම ගැහුවනෙ මඩ , මංජුල සමරසේකර ([අස්සේ යහපාලන ජොබ් එකෙට ගිය) ., චෙෆාකි, සරසා ආදී වශයෙන්. ඕල්ටනේටිව් සම්මානත් තිබ්බනේ. ඒක නැවත්තුවට පස්සේ ඒවා නැහැ වගේ. දැන් ජෙප්පෝ ද , නැත්නම් පරණ බ්ලොග් කරුවෝ සෙට් එක වැරදිලා මමයි මේ අලුත් බ්ලොග් ලියන ශනිදා කෙලිය පටන් ගත්තේ කියල හිතාගෙන මඩ ගහනවද දන්නෙත් නැහැ. වහාම තට්ටයගේ කොලම පැත්තට යවන්න ඕනේ.
      ඊටත් අමතරව මරුවා ඇතුළු පිරිසගේ මොකද්ද පරණ තරහක් තියනව වගේ. සමහර මඩ නම් ෆන් , අනිත් ඒවා අවාසනාවකට වගේ ද්වේශ සහගතයි. අනිත් බ්ලොග්කරුවෝ ඒවා අයින් කරනවා නම් හොඳයි.

      Delete
    5. තව අදහසක් අලුත් යහළුවෙක් මතු කළා , එයා අහනවා බ්ලොග් සම්මානේ නැවැත්තුව නිසා වෙළඳ දැන්වීම් අහිමි වුනු අය තරහට ලියනවා කියල. ඒකත් ඉතින් වෙන්න පුළුවන්. හපොයි මේ මගුල ලියන එක නවත්තල දාන්න ඕනේ.

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ ආවේ කොහෙන්ද කියල හොයාගන්න පුලුවන්නම් (VPN ) නම් බැහැ. ඊට පස්සසේ බ්‍රිතාන්‍ය පොලිසියේ ඉන්ටනෙට් ක්‍රයිම් අංශයට දෙන්න

      Delete
  15. ඩයනා කියන්නේත් ඉතිං නමෙන් පවා එංගලන්තේ කෙනෙක් නේ!!!

    මලට කළ ආලේ, කිහිල්ලේ
    දත මැදගන් රාළේ

    ReplyDelete
    Replies
    1. ඩයනා වුනත් නටන්නේ පොඩි නාඩගමක් කියල මට හිතෙන්නේ. එයාට බෙහෙත් හදන පැත්ත දියුණු කරන්න පුළුවන්නේ අවශ්‍ය නම් ඉස්සෙල්ලම. සංචාරකයන් ගෙන්න ගන්න කංසා දෙන්න ඕනේ නැහැ. ඒක බොරු අදහසක් නේ.

      Delete
  16. අජිත්, ලංකාවේ පාලනය බලහත්කාරය යොදාගෙන අල්ලගෙන සිටින නීති විරෝධී රනිල් රාජපක්ෂ මූසල ආණ්ඩුව ගුරු සංගමයක් විසින් දැනට පවතින දරාගන්න බැරිව ගිය ජීවන වියදම නිසා තමනට අතිශය සාධාරණ වු වැටුප් වැඩිවීමක් ඉල්ලා සටන් කළ විට දැවැන්ත පොලිස් මැර සේනාවක් යවා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා එය කෲර ලෙස මර්දනය කිරීම ගැන රටම කම්පා වුණා...

    මේ සංවේදී කවිය බලන්න

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද .
    TEARS FOR TEACHER S.
    #####################

    පොලිස් පුතේ...
    ****************

    හැබෑවට ඒ විද්දෙ වතුරද...
    තෙලෙස් වසරක් කරපු අකුරුද??

    අවි අරන් මග හරස් කෙරුවේ...
    හෝඩි පොත්වල උන්නු අමරද??.

    ***********************************

    ඇත්තටම ඒ ගැසුවෙ කඳුළුද...
    විබාගෙට අර ගත්තු ලකුණු ද??

    අඳුර ගන්නට බැරිම තරමට..
    දරුවනේ අපි ගොඩක් වයසද???

    *************************************

    දමන් හෙල්මට් වහන් උන්නේ...
    වඳින කොට අත ගාපු ඔලුමද??

    යුනිෆෝම් වල ගහන් උන්නේ...
    හෝඩියෙදි අපි දුන්නු තරුමද???

    **************************************

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද...
    පොඩි එවුන් ඉස්කෝලෙ යනවද ??

    අපිට නම් නැතිවුනත් කම් නෑ...
    ගෙදර වියදම් නුඹට කෝමද???

    **-****************

    නුඹට තෙරුවන් සරණයි .

    ගුරුතුමී.

    ***************************-*****************
    ගාමිණී මද්දුමගේ .
    වෛද්‍ය නිලධාරී .
    බන්ධනාගාර වෛද්‍ය ඒකකය
    බදුල්ල .
    2023..10.25.

    මේක ගැන අජිත් ලා නිහඬව සිටීම ගැන මට පුදුමයි අජිත් ඇයි ඒ?

    ReplyDelete
    Replies
    1. ඔය පොලිස් කාරයන්ට ගුරුවරු ඉස්සර ගැහුවා වෙන්න බැරිද? ඉගෙනීම අත ඇරලා පොලිසියට ගියේ ඒක නිසා වෙන්න බැරිද? 😀

      Delete
  17. අජිත් අයියේ ලංකාවේ නිව්ස් වල ගිය මේ කියන කතාව ඇත්ත ද? 🤔

    //මෑතකදී කොළඹ මහනගර සභාවෙන් කරනලද සමීක්ෂණයකදී හෙලි වී ඇත්තේ
    2022 අප්‍රියෙල් සහ අගෝස්තු අතර කාලය තුල කොළඹ නගරයේ අයාලයේ ගිය සුනඛයන් විශාල ලෙස අතුරුදහන් වීමට හේතුව එම අසරණ සතුන් ඝාතනය කර අරගල ක්‍රියාකාරීන් හට කෑමට දුන් මට්න් බිරියාණි සැකසීම සඳහා යම් පිරිසක් එම සතුන්ගේ මස් යොදාගන ඇති බවයි..!//

    මේක කරල තියෙන්නේ කවුද? කාලකන්නි රාජපක්ෂ හොර රැලේ පාහර බයි හැතිකරය වෙන්න පුළුවන් නේද බොහෝවිට??

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .