Thursday 16 November 2023

එන්ෆිල්ඩ් හි අද්භූත කතාව පිළිබඳ විග්‍රහයක් - Enfield Poltergeist - reasoning

මොරිස් ග්‍රොස්
මොරිස් ග්‍රොස් ටේප් රෙකෝඩරය සමග 


මුල් ලිපිය:   එන්ෆිල්ඩ් හි භුතයා ගේ  නිවස , 284 ග්‍රීන් ස්ට්‍රීට් (ග්‍රීන් වීදිය) - Enfield Poltergeist

මේ භූතයා පැමිණෙන්නේ යයි කියූ නිවස ඇත්තේ අපේ නිවසට මීටර නමසීයක් පමණ දුරින් බව කලින් ලිපියේ  ලීවෙමි.ඔහු භූමදාන කළා  යයි කියන  සොහොන් භුමිය තිබෙන්නේ ඩුරන්ට් ක්‍රීඩා පිටිය අසලමය.  ඒ පිටියේ පොඩි දරුවන් ට කෙළි සෙල්ලම් කරන තැනක් ඇති අතර දියණියන් කුඩා කල අපි එහි නිතර ගියෙමු.   මේ කතාවේ  දියණියන්ද එහි  සෙල්ලම් කරන්නට ඇත.

මේ ගැහැණු ළමුන් දෙදෙනා දරුවන් ලෙස බොරුවක් කරන්නේ යයි කියන කතාව මදක්  විමසා බලමු. 

විකිපෙඩියා හි ඒ ගැන ලියා ඇති තැනැත්තා වැඩි බරක් දී තිබෙන්නේ එයටය. 

මෙහිදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට සම්බන්ධ වාමාංශික ටැබ්ලොයිඩ් එකක් වන මිරර් පුවත්පත කුමන්ත්‍රණයක් දියත්  කළේය. වාමාංශිකයන් ඒ කාලයේ කොහොමටවත් මේ විශ්වාස වලට විරුද්ධ විය. සෝවියට් දේශයේ කේජිබිය මේවා ගැන  හොර රහසේ පර්යේෂණ පවත්වන බව මේ කාලයේ දැන සිටියේ නැත.  මිරර් පුවත්පත  කලේ දෙතොල් නොසොල්වා තමන්ගේ අතේ කිසියම් රූකඩයක් එල්ලගෙන කතා කරන (ventriloquist ) නාට්‍ය  ශිල්පී  රේ ඇලන් කැඳවාගෙන ඒමයි. ඔහු ඒ දිනවල එංගලන්තයේ ප්‍රසිද්ධය. ඔවුන්ගේ තර්කය වූයේ ජැනට් එලෙස කතා  කරන  බවත් මිය ගිය බිල්වි ල්කින්ස් ඇය හරහා කතා කිරීම බොරුවක් බවත්ය. 

ජැනට් හා එලිසා, ඔවුන් ගේ  මව නොමැතිව කාමරයකට කැඳවා ගත්  ඔවුහු මිරර් මාධ්‍යවේදියා ඉදිරියේ ඔවුන් කරන්නේ බොරුවක් බවට පිළි ගන්නා ලෙසට බල කළහ. රේ ඇලන් කතා  කරන අයුරු පෙන්වමින් තමන් එවැනි දෙයක් කර බවටත් ඔවුන්ගේ මව හා මොරිස් ඔවුන්ට කියන දේ ඔවුන් කරන බවටත් ගැහැණු ළමුන් කී  බවට පසුව ලිපියක් පලවිය. ජැනට් හා මාගරට් දෙදෙනාම තමන් එවැනි දෙයක් කී  බව ප්‍රතික්ෂේප කල අතර පසු කාලෙකදී ද  එය නැවතත්එ ලෙසම ප්‍රතිකෙෂේප කළහ. 
  
ඔවුන්ගේ මවට රැකියාවක් නොතිබූ බව මම කලින් ලිපියේ පැවසුවෙමි,. දරුවන් හතරදෙනෙකු බලා ගැනීම අපහසු කාර්යයකි. වැඩිමහල් පිරිමි ළමයා  හරියට හැසිරෙන්නේ නැති බව කියා ළමා නිවාසයකට ගෙන යන  ලදී. මව එනිසා සිටියේ දුක් කඳුළු පෙරා ගෙනය . පියා  ඔවුන් හැර ගොස්ය. ඔවුන්ට  රජයේ ආධාර හැරෙන්නට  හරි  හමන් මුදලක් අතේ තිබුනේ නැත.  ජැනෙට් ගේ උපන් දිනයට භූත ගවේෂක මොරිස් සහ ගයි ලිඔන්  ප්ලේෆෙයාර් සුදානම් කළ  උපන්දින සාදය  ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් දැනවූ සිදුවීමක් වියා. 

 ගයි ප්ලේෆෙයාර් පසුව මේ භූත  ගවේෂණය  ගැන පොතක් ලියා පළ කළේය. 

මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක් වන ඇනිටා ග්‍රෙගරි ද මොරිස් ග්‍රොස් හා  මා දන්නා මහාචාර්යවරයෙකු වන බර්නාර්ඩ් කාර් (ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලය) ද මේ නිවසට භූත ගවේෂක SPR සංවිධානය නියෝජනය කරමින්  ගියහා. ඇනිටා ග්‍රෙගරි "ඔහුව" විශ්වාස නොකරන බැවින් "බිල් විල්කින්ස්" (නමැති භූත ආවේශය" ) ඇය දෙවරක්ම නිවසින් එළවා දමන ලදී. (බිල් ලෙස කතා කලේ ජැනට් ය). ඇනිටා ඇගේ  පොතේ තමන් මේ සිද්ධීන් විශ්වාස නොකරන බවත් මොරිස් ඇතුළු අනිකුත් ගවේෂකයන් ගැහැණු ළමුන් දෙදෙනා ට බොරු කීමට පොළඹවන බවටත් චෝදනා කලාය.

සමහර මනෝ විශ්ලේෂකයන් මෙන්ම ඇනිටා ද  හිස්ටිරියා තත්වයක් අනුමාන කළහ.

දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කළ "හිස්ටිරියාව" පොතේ සඳහන් වෙන්නේ මනෝවිශ්ලේෂණයට   අනුව එය වැළඳෙන්නේ සම්භවය (origin) පිළිබඳ ගැටලුව  විසඳීමට නොහැකි වීම තුල බවය. (පිටුව 10)   හේතුවක් නැතිව කෑ  ගැසීම, දැඟලීම, හැඬිම කලින් වූ අර්ථ දැක්වීමකි.  නමුත් මෙම පොතේම නූතන දෛව ස්ත්‍රියගේ අනුභූතික ලක්ෂණ වලින් කිහිපයක් ලෙස බුද්ධික බණ්ඩාර මෙසේ ලියයි. (පි. 314)  "ඇඟ කිළිපොලා යන ආකාරයේ කිසිම  තේරුමක් නැතිව කරන හඬනගා සිනාසීමක් හා දැඟලීමක්, අධික අනුකම්පාවක් උපදවන අසරණකමක් හා බියසුලු බවක්, අධික ගුඨත්වයක් ඇති කරවන නිශ්ශබ්දතාවයක් හා අධික ව්‍යකුලතාවයක් ඇති කරවන හදිසි චෝදනා කිරීමක්"   
මේ අර්ථදැක්වීම් ඇනිටා ග්‍රෙගරි ගේ අදහස සමග සමපාත වෙයි. මේ ඉහත සඳහන් හැසිරීම්  සියල්ල ජැනට් හා මාගරට් කළ බව සැබෑය. නමුත් මෙහිදී හිස්ටරික ස්ත්‍රිය වනුයේ ඔවුන්ගේ මව වන මිසිස් හොජ්සන් ය. ඇනිටා ඇතුළු විශ්ලේෂකයන්ට වැරදුනේ මවගේ ස්වභාවය දරුවන්ට ආදේශ කරන්නට යෑමෙනි. මවට භුතාවේශයක් සිදු වුයේ නැත. 

මෙහිදී මම කලින් ලිපියට දැමු ප්‍රතිචාරයක් නැවත සංශෝධනය කොට පල කරමි.

මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා ගැසීම, ජැනට් අහසේ සුළු කාලයක් පාවීම , ආදිය මෙන්ම මොරිස් ග්‍රොස් විසින් පටිගත  කරන ලද බිල් විල්කිනස් ගේ කතා ද මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට් ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය. පුටු විසි කිරීම  පොලිස් නිලධරයන් හා බීබීසී  වාර්තාකාරිය  දැක තිබේ. මේවා ජැනට් ට තනියම කල නොහැකි බව ඔවුන් පිලි ගත්හ. එසේ කරන්නේ නම් ඇයට අමුතු  මානසික බලයක් තිබිය යුතුය. එසේම මේ කාලය මුළුල්ලේ බිත්තියට තට්ටු කිරීම් කරන ලදී. ඒවා විටෙක නිඅවසේ උඩ  තට්ටුවෙන්ද යට තට්ටුවෙන්ද ඇසුනි. ඒ වෙලාවට ජැනට් හෝ මාගරට් ඇඳේ වාඩිවී සිටි අතර ඔවුන්ට එසේ කිරීමට නම් අමුතු  බලයක් තිබිය යුතුය. මොරිස් මෙන්ම  අසල්වැසියන්ද ඒවාට සාක්ෂි දෙති. (බිත්ති වලට තට්ටු කිරීම සහ බඩු විසි කීරීම) 



නොවැම්බර් 12 වෙනිදා ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහායකයා වන ගයි , අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ලන්  ඉදිරියේ මේවා සිදු වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරූප ද  තිබේ. මොරිස් ග්‍රොස්  මේ සිදුවීම්පැ සහ ජැනට්ය / බිල් විල්කින්ස් සම්මුඛ සාකච්චා  දෙසීයක්  පමණ ටේප් රෙකෝඩරයෙන්  පටිගත කර ඇත. එසේම මාස ගණනක් පුරා යම් යම් දේ  සිදුවූ අවස්ථාවලදීම ගත්  ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබේ.   

මෙම SPR සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බලා  තිබුණි. මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. ඔහු මහායාන බෞද්ධයෙකු වීමේ හා මේ කතාවේ සම්බන්ධය මම නොදන්නෙමි. නමුත් මේවා ගැන සොයා යාමේදී මමද ඒ පිළිබඳව හැදෑරුවෙමි.  (අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත  හා මළවුන් සමග කතා කිරීම )   මෙම එන්ෆිල්ඩ් සිද්ධි පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබෙන අතර  ඔහුට සමහර  විද්‍යාඥයන් එදා සමච්චලයට සිනහ වී තිබේ.

 එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් මේ සිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් එක්  අයෙකු වුයේ භෞතික විද්‍යා මහාචාර්ය ජෝන් හැප්ස්ටෙඩ්ය.  හැප්ස්ටෙඩ් තමන්ගේ පරීක්ෂණ වලට ගැහැණු ළමුන් දෙදෙනා යොදා ගත්තේ ඉන් ඔවුන්ගේ මනසට වන හානිය පවා නොතකාය. ඇත්තටම මේ කුඩා කෙල්ලන් දෙදෙනාද පවුලේ අනිත් අයද ලැබ් රැට් ලා වුනු බවද  නොරහසකි.  හැඳි ගරුප්පු නැමුවේ යූරි ගෙලර් ය.  එවැන්නක් ගැන ජැනට් කතා නොකර එවැනි දෙයක්පෙ න්වා නොතිබියදී ඇයට එසේ කිරීමට හැප්ස්ටෙඩ් බල කලේ ජැනට් ට කිසියම්  මානසික බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. 

ජැනට් උගුර පිටුපසින් කතා කිරීම  ගැන වෛද්‍යවරුන් ගෙන් විමසීමේදී  කෙනෙකුට එසේ කතා කළහැකි වෙලාව මිනිත්තුවක් දෙකක් පමණක් බවත්  එසේ දිගටම කතා කරන්නේ නම් ශබ්ද උපදවන මාංශ  පේශීන් විනාශ වෙන බවත් ඔවුහු පිලි ගත්හ. එසේනම් ජැනට් දිගටම කතා කලේ කෙසේද?
මේ ගැන ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ කොටසද එකතු කලෙමි.

ශබ්දය නිපදවන voice box එකට කියන්නේ larynx කියාය. මෙහි  මස්ල් (මාංශ පේශීන්දෙ) කක් තිබේ. . කතා  කරන ශබ්දය එන්නේ එයිනි. voice box එක තිබෙන්නේ  trachea ට්‍රිකියා එක උඩය. windpipe කියන්නෙත් එයටමය. . //The trachea is the long tube that connects your larynx (voice box) to your bronchi. Your bronchi send air to your lungs. Your trachea is a key part of your respiratory system. The trachea is made of rings of cartilage. //  අපි කතා කරන්නේ කොහොමද? අප හුස්ම ගන්නා  විට  vocal cords  විවෘතව  වාතය නිදහසේ  ඇතුලට ගමන් කරයි.කතා  කරන විට  මේ vocal cords වැහෙන්නේ හුස්ම ඉවතට යනවිටය. එවිට  මේවා vibrate වේ. මේ වෙව්ලීම නැත්නම් vibration එකින්   ශබ්දය නිපදවේ.
ඇනිටා ග්‍රේ නැති මනෝ විද්‍යාඥවරිය පැවසුවේ ජැනට් ගේ මාමා කිවේ ජැනට්  බිල් ගේ කටහඬ ලෙස ගැඹුරු කටහඬක් පුරුදු වී කරන බවයි. මතකතබා  ගන්න ඇය වයස 11ක දැරිවියකි. එසේ නම් කවුරුන් හෝ ඇයට එය පුරුදු කල යුතුය.. ඇගේ  මුවට එක මයික්‍රොෆෝන් එකකුත් ගෙල පිටුපසට්තවත් එකකුත් තබා බැලීමේදී ජැනට්  එම ගැඹුරු "භූත " කටහඬින් කතා කරන විටහඬ එන්නේ ගෙල පෙදෙසින් බවයි. 


ප්‍රශ්නය වන්නේ කෙනෙකුට යටි උගුරින් හෝ උගුරේ පිටුපස පෙදෙසින් එසේ ගමබුරු ලෙස බොහෝ වෙලාවක් කතා කල නොහැකිය. එක්කෝ කැස්සක් එන අතර වතුර බොන්නට අවශ්‍ය වේ. එසේම  වෛද්‍යවරු පවසන්නේ එසේ කතා කරන විට vocal cords විනාශ වෙන බවයි. (සොයා බලන්න)  ඒ කියන්නේ ඇය කතා කරන්නේ දෙවෙනි vocal cords නැත්නම් secondary vocal cords වලින්ය. මේවාට false vocal cord කියාද කියයි. laryngeal ventricle නමැති ටිෂු එකකින් මෙය ප්‍රධාන true vocal cord වලින් වෙනවා පවතී. මෙය ඇත්තේ කතා කිරීමට නොවේ. නමුත් ඒවාද vibrate වන තර ගැඹුරු රළු කටහන්දක් නිපදවිය හැකිය. (ඕනෑම කෙනෙකුට) නමුත් කිසියම් සීමිත වෙලාවක් පමණි. ජැනට් පැය දෙක තුන එම ශබ්දයෙන් කතා කිරීම මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව අපහසුය. 

ඇනිටා ඒ  චෝදනාවට මොරිස් ග්‍රොස්  කලේ කුමක්ද? ජනට් ගේ කටට වතුර පුරවා කට වසා  ගන්නට අණ  කොට නැවත ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කර "භූතයා " වන බිල් විල්කින්ස් ට කතා කිරීමට ආරාධනය  කිරීමයි. ජැනට් නැවතත් "බිල් " ලෙස කතා කළාය. ශබ්දයේ වෙනසක් සිදු වුවද තවමත් "බිල්" ගේ වචන පැහැදිලිව ඇසේ. අනතුරව අධිමානසික පර්යේෂක මොරිස්  කලේ තද සෙලෝටේප් පටියකින්  (සාමාන්‍ය  ඒවා නොව කාඩ්බෝඩ් පෙට්ටි වලට දමන පටි) වතුර පුරවන ලද ජැනට් ගේ කට වැසිමයි. (මෙය වධයක් ලෙස මට සිතේ) නමුත් මෙහිදීද ජැනට් අර විධිහටම උගුර යටින් කතා කලාය. ඔබට එසේ කල හැකිදැයි බලන්න. වයස එකොළහක් හෝ දොලහක් වයසැති කෙල්ලක් මේවා පුරුදු වී කළා යයි ඔබ විශ්වාස කරනවාද? (මේවා ඔප්පු කරන ටේප් රෙකොර්ඩර් සහ ඡායා රූපද  ඇසින් දුටු සාක්ෂිද තිබේ. ) 

ඇපල් ටෙලිවිෂනය මගින් කරන ලද වාර්තා චිත්‍රපටයේ අවසානයේ ඔවුන් ඉතා වැදගත් සොයා ගැනීමක් කරයි. ඒ භූතයා තමන් හඳුන්වා ගත්තේ බිල් විල්කින්ස් යන නමින් නිසා ඔවුන්ගේ පවුලේ අය සොයා යාමයි . බිල් ගේ පුතා  ඔවුන්ට කතා කර තිබුනේ තවත් වාර්තා චිත්‍රපටයක් බලාය.

මගේ ප්‍රශ්නය කලින් ගවේෂණ කළ අය හා සැක  පහල කළ අය විලියම් නමැති භූතයා හෙවත් බිල් විල්කින්ස් ගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කලේ නැත්තේ ඇයිද යන්නය.

බිල්ගේ පුතා මෙසේ පවසා ඇත.

1. මේ කටහඬ මගේ නැතිවුණු පියාගේ. ගැහැණු ළමයා නැති වුනු පියාගේ කටහඬින් කතා කරන්නේ කොහොමද යන්න මට වටහා ගන්න අපහසුයි. අප ඔවුන් කිසිදාක හමු වී නැහැ.

2. ජැනට් මගේ පියා  මැරුණු විධිහ ගැන කියන එක ඇත්ත. ජැනට් "බිල් විල්කින්ස්" ගේ හැඳින් පැවසුවේ තමන් (බිල්) මියගියේ  පහල තට්ටුවේ පුටුව (සෙටියේ තනි පුටුව) මත බවත් ලේ ගැලූ බවත්ය. ඔහු හදිසියේම මිය ගිය බවද ජැනට් හැඳින් කතා කල කෙනා  පැවසීය. පුතාට අනුව  බිල් මියගොස් ඇත්තේ මොළයේ හෙමොරොයිඩ් එකකින් හෙවත් අභ්‍යන්තර ලේ වහනයකිනි. මිය ගොස් තිබුනේ පහල තට්ටුවේ පුටුව මත තනියමය.  

3. බිත්ති වටා තට්ටු කිරීමේ හඬවල්  ඇසීම ගැන පුතා කීවේ මෙවැනි කතාවකි. දෙවන ලෝක යුද්ධයේදී බිල් සහ ඔහුගේ යහළුවන් ජීවත්ව ඇත්තේ මේ පැත්තේමය. මෙහි බෝම්බ වැටෙන විට දිව යාමට බිම් ගෙවල් සාදා තිබුණි. ඒවාට කිවේ බොම්බ් ශෙල්ටර් කියාය. සතුරු ගුවන් යානා එන  බවට සයිරන් මගින් දැනුම් දෙද්දී බිල් සහ ඔහුගේ මිතුරෝ බිත්ති වලට තට්ටු කර එකිනෙකට දැනුම් දෙති. ටකට ටක්, ටකට ටක් යනුවෙන් තුන් වරක් දැනුම් දී ඔවුන් බොම්බ් ශෙල්ටර් එකට දුවති. පුතා කියන්නේ බිල් ඒ ගැන ඔහුට පවසා තිබූ අතර ජැනට් ගේ බිත්ති වලට බිල්ගේ භූතයා හෝ කිසියම් අධිමානසික බලයක් ක්‍රියා කරන්නේ එම ලෙසටම බවයි.  

මේ කතාව අදටත් එංගලන්තයේ සාකච්චා වන්නේ ඇයිද යන්න ඔබට වැටහෙනු ඇත. ජැනට් සහ ඇගේ සොයුරිය තවමත් ජිවතුන් අතර සිටින අතර ජැනට්  තවමත්  මේ ප්‍රශ්නය  නිසා පීඩා විඳින බව පැවසුවාය.

මේ කතාව වැදගත් එතරම් පර්යේෂකයන් ගණනක් සොයා බලද්දිත් තවමත් එක නිගමනයකට පැමිණීමට ඔවුන් සියල්ලටම  නොහැකි වීම නිසාවෙනි. 

මගේ පෞද්ගලික අදහස නම් බහුමාන විශ්වයක මෙවැනි දෙයක් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. අපි වැනිම තවත් පුද්ගලයෙක් වෙනත් කාල අවකාශයක සිටිමට ඇති හැකියාව මට බැහැර කිරීමට නොහැකිය.  නිව්ටන් කාලය හා අවකාශය  නියතයක් ලෙස ගෙන භෞතික විද්‍යා නියමයන් ඉදිරිපත් කළේය. ඒවා සැබෑ වන්නේ  එම රාමුවේදී පමණකි.  අයින්ස්ටයින් තම සාපේක්ෂතාවාදය නියමය ඉදිරිපත් කරදී අවකාශකාලය  යන සංකල්පය ගෙනා අතර අවකාශය (වොලිබෝල් නෙට් එකක් මෙන්)  නැමෙන බවද පෙන්වා දුන්නේය. 
 (අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් - ලිපිය බලන්න) ඔහුගේ රාමුවේදී අවකාශය හා කාලය එක්ව නියතයක් වේ.
ක්වන්ටම් භෞතික  විද්‍යාවේදී අප දන්නේ ඉතා කුඩා අංශු වලට එය නිවැරදි නොවන බවය. එනම් අවකාශකාලය නියතයක් නොවේ. අවකාශය-කාලය සමග නියතයක් නොවේ කියන්නේ අප සිටින මානයට අමතරව වෙනත් මාන තිබිය හැකි බවය. අංශුන් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ඒවායේ අතුරුදහන් වීමට හැකි බවය. බහුමාන හෝ බහු විශ්ව කතාව එන්නේ එතැනිනි. 

මහාචාර්ය  බර්නාර්ඩ් කාර් මෙසේද පැවසීය. මේ භූත ආවේශය හෝ එම දේ කරන කිසියම්  දෙයක් වේ නම් ඒවා  හානිකර නොවන අතර  ඒවා mischievous බවයි. එනම් "ඔහු" කරන්නේ තරමක් දඟකාර සෙල්ලමක් නැත්නම් මැර කමකි.  මේ ගැන සිතීමේදී මට වැටහුනේ අප බලන බොහෝ ත්‍රාසජනක හොල්මන් චිත්‍රපට බොරු ඒවා නොවේද යන්නය. ඒවා කිසි විටෙක සැබවින්ම සිදු ඒවා නොවන අතර භූත ආත්ම හෝ එවන් කතා වල  ආතුරයාට කිසිම් හානියක් සිදුවී නැත. හානි සිදුවී අවස්ථාවල බොහෝ විට ඔප්පු වී ඇත්තේ ඒවා බොරුවට ආවේශ වීම් හෝ කිසියම්  යටි අදහසකින් කරන ඒවා බවය. එනම් මුදල් ලබා ගැනීම් , කපටිකමින් වෙනත් දේපල අත්පත් කර ගැනීම් හෝ තරුණියක් මුලාවෙන් වසඟ  කර ගැනීම් ආදියටය.  

මේ නිසා ඉතා කලාතුරකින් ජැනට් ගේ අත්දැකීම් වැනි දේවල් අපට දැන ගන්නට ලැබෙන අතර අර බොරු දේවල් නිසා මේ ගැන පර්යේෂණ කිරීම වැළකී යයි. 

මා සහ කැනඩාවේ සිටි ලවුලන් ද ලංකාවේ ඇතැම් මිතුරන්ද සම්බන්ධව  කරන ලද සමහර පර්යේෂණ වලින් ලැබූ දත්ත නිවැරදි  ඒවා  බව මගේ හැඟීමයි. අපට යටි අරමුණු තිබුනේ නැත.  ජැනට් ලාගේ කතාවද බොරුවක් බවට ඔප්පු කල නොහැකි එකකි.

අජිත් ධර්මකීර්ති -2023-11-16
 




 

40 comments:

  1. මේක හිමීට කියවන්න ඕනෙ ලිපියක්. කමෙන්ට් වලන්නත් එක්ක පස්සෙ එන්නං.👌

    ReplyDelete
    Replies
    1. එන්න. අවුරුදු පහ හයකට කලින් ලියපු ලිපි පෙළක දෙවන කොටස යන්නේ

      Delete
    2. හ්ම් මල්ටිවර්ස්, බ්ලැක් හෝල්ස්, බිග්-බෑන්ග්, singularity වගේ විශ්වයේ රහස් වලට අපි තාම දුරයි කියලයි හිතෙන්නෙ. ඊට කලින්, මගේ දෙයියා ශ්‍රේෂ්ඨය කියල, අපි එකි-නෙකාව මරාගෙන ඉවර වෙයි වගේ.

      Delete
    3. උන් මරාගෙන ඉවර වෙන්න කලින් එන සීන් අකක් මොකක් කියලද හිතන්නේ

      Delete
    4. හ්ම්. මල්ටිවර්ස්, කලු හා සුදු කුහර... වගේ දේවල් රසවත් මාතෘකා.
      ඉන්ටර්නැසනල් පාස් කරල හිට දැන් කාලෙක ඉදල ඉන්ටයුනිවර්ස් නෙව - ජාතික පස්නෙට අලුත් තාලෙ සංකල්පයක් හදාගතැකි මෙකෙන් 😁!

      Delete
    5. ඔය ජාතීන් මළ මගුල් වැඩක් ම නැති දේවල් තමා. නමුත් හැම සුළු ජාතියකගේම නැසී යන සංස්කෘතික අංග රකින එක, එයාලගේ භාෂාව ආදිය රකින එක හොඳයි. සෝවියට් දේශයේ ඒක හොඳටම කෙරුණා. දැන් එංගලන්තයේ පවා හැම භාෂාවකටම වගේ තැන දෙනවා. නමුත් විශ්වීය ලෙස ගත්තම අපි තවත් ඉතාමත් කුඩාම කුඩා ග්‍රහලෝකයක් විතරයි. perspective Johnson perspective

      Delete
    6. මල්ටිවර්ස්, කලු හා සුදු කුහර... වගේ දේවල් රසවත් මාතෘකා - මේවා දැන් දරුණුවට ඉගෙන ගන්න දේවල්. ඉස්සරහින්ම ඉන්නේ මහජන චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය. එතකොට අධිමානසික දේවල් ගැන කේ ජිබි එක සහ සි අයි ඒ දෙකම පර්යේෂණ කරලා අත හැරලා දැම්ම. අපට හිතෙන්නේ එහෙමයි. නමුත් රුසියාව දැන් ඩොල්පින් මාළු භාවිතා කරනවා යුක්රේන් යුද්දේ කළු මුහුදේ. ඩොල්පින් පරීක්ෂණ ඔය අධි මානසික පරීක්ෂණ එක්ක එකටමයි ගියේ.

      Delete
  2. තව වැඩි කාලයක් යන්න කලින් (අවුරුදු 50-100) ඔය මල්ටිවර්ස් ඔප්පු කරන්න පුළුවන් වෙයි කියල හිතෙන්නේ නැද්ද ? AI සහ Quantum Computer හරියට එලියට ආපු ගමන් ඕව ඇති නැති බව ඔප්පු කරගන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. මහාචාරය බර්නාර්ඩ් කාර් මට තව කතාවක් කීව . එයාට වැඩිය මල්ටිවර්ස් ගැන දන්නා කෙනෙක් ඉන්නවා කිව. ඉතින් මම ඒ කියන එක්කෙනාගේ දේශනයක් අහන්න ගියා රාජකීය තාරකා විද්‍යා සංගමේ. එයාගේ නම මහාචාර්ය හිරන්‍යා පිරිස්. විශාඛා එකේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ දවස් වල එයාගේ ඩේට සහ තිසිස් එකත් එව්ව මට කියවන්න සහ බලන්න කියල. නමුත් බ්ලොග් සම්මාන කියල එකක් බදා ගත්ත නිසා ඒක අතපසු වුනා. හිරන්‍යා දැන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය.
      https://www.ast.cam.ac.uk/content/hiranya.peiris.appointed.professor.astrophysics.1909

      Delete
    2. එයා මට එව්වේ මෙන්න මේකේ ඩේටා. The Wilkinson Microwave Anisotropy Probe - https://en.wikipedia.org/wiki/Wilkinson_Microwave_Anisotropy_Probe

      Delete
    3. අජිත් අයියා ඔය අහපු දැකපු දේවල් ලියල දාන්න මේකේ ..

      Delete
    4. //AI සහ Quantum Computer හරියට එලියට ආපු ගමන් ඕව ඇති නැති බව ඔප්පු කරගන්න පුළුවන් වෙයි// මේක හොඳ අදහසක්. ඔයා නේද ඇහුවේ අර //භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි // https://kolambagamaya.blogspot.com/2016/11/materialist-paranormal_10.htmlලිපි පෙළ ඉවර කරන්නේ නැතිද කියල ඇහුවේ.

      Delete
  3. Jagath Pathirana

    ReplyDelete
  4. භූතයා කියන වචනය වැරදියි. ප්‍රේතයා කියලා දාන්න.

    ස්වාමින් වහන්සේගේ උදහස දවාලන ගින්නක්ය. එයින් සියලු භූතයෝ දැවීයයි. කියලා වාක්‍යයක් බයිබලයේ තියෙනවා. ගොඩක් පාස්ටර්ලා ඕක වැරදියට තේරුම් අරගෙන විකාර කියවනවා දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක පරිවර්තනයට එන වචනේ නිසා දැම්මේ. ප්‍රේතය කියන වචනයට මම කැමති නැහැ. ලංකාවේ ඒක භාවිතා වෙන්නේ අපහාස කිරීම සඳහා. මැරුණු මිනිසුන්ට අපහාස කරන වචනයක් ඒක

      Delete
  5. භූතයෙක් හිටියා නැතා ඒඅසරණ පවුලට විඳින්න වෙලා තියෙන දේවල් ඇහුවම දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ පැත්තට කතා කරන තමන්ට හරි දේ කියවගන්න තැත් කලා. ඒ පැත්තට විරුද්ධ බොරු කියන්නේ කියල පෙන්වන්න තැත් කළා. අර ළමයි තුන්දෙනයි අම්මයි විඳින දුක දැක්කේ නැහැ කියලත් හිතුන මටත් .

      Delete
  6. චතුෂ කුමාර - ස්කොට්ලන්තය17 November 2023 at 03:44

    ලෝකයේ පතරංගම බ්ලොග් පදනම හදා ගිනස් වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අජිත් ධර්මකීර්ති වඩා ජනප්‍රිය චරිතයක් වූයේ කරු ජයසුරිය කතානායකවරයා ගෙන්වා ගෙන පැවැත්වූ බ්ලොග් කුසලාන උළෙලේ නියමුවා වීම නිසා ය.

    තමන්ගේ හිසවටා රැස් ඇතැයි සිතන මිනිසුන් කරකැවෙමින් තිබෙන මෙකී රැස් බැහැගෙන යමින් ඇතැයි තමන්ටම සිතෙන විට විකාරයෙන් දඟලයි. නා නා නැටුම් නටයි. නා නා ගැයුම් ගයයි.

    බ්ලොග් කුසලාන උළෙලක් පැවැත්වූ කණ්ඩායමකට නායකත්වය දුන් මිනිසෙක්ට භූතයෙක් ගැන සොයන්නට සිතෙන්නේ ඇයි? අජිත් ධර්මකීර්ති මහතා තුළ බැලූ බැල්මට ම වන්නේ සිංහ-බෞද්ධ අධිනිශ්චයවීමකි. එවැන්නෙකුට ඉංජිනේරු උපාධිය ලබාගෙන දශක ගණනක ඇවෑමෙන් භූතයන් ගැන සොයන්නට සිතෙයි.

    මිනිස්සු දරිද්‍රතාවෙන් සිටින සමයක, යහපාලන වේශයෙන් බලයට ආ පාලකයන්ට කඩේ යන අජිත් මහතා මේ විකාර එන්ෆිල්ඩ් හි භූතයා ගැන වෙහෙසෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කෙරුවේ වෙන කවුරුත් නොවේ වෛද්‍ය රුවන් එම් ජයතුංගය. භූතයන් සෙවීමට කර ගසා සිටි අජිත් ධර්මකීර්තියන් වෙනුවෙන් වෛද්‍ය රුවනට පිළිතුරු බඳින්නට ඉදිරිපත් වූයේ චන්දිමය. නිවුස් වෙබ් හී චන්දිම දැන් සිටින්නේ ශම්මි සිල්වා නමැති දුශිතයාගේ සාක්කුවේ බව සැමෝම දනිති. ජනපති රනිල්ගේ කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායකත් සිටින්නේ එතනය.

    දැන් අජිත් කියන්නේ කීවේ භූතයන් සෙවීමටපොදු ජනතා මුදල් වැය නොකරන බවත් එය, ස්වර්ග රාජ්‍යයටත්, තව්තිසා දිව්‍ය ලෝකයටත් කුසල් රැස් කරන, පිංවතුන්ගේ පරිත්‍යාගයන් මත සිද්ධ වන බවත් ය.

    අජිත්ගේ මෙම ක්‍රියාකලාපය ගැන වඩාත් උත්ප්‍රාසවත් කියවීමක් කලේ නිර්මාල් දේවසිරිය. ඒ ‘බ්ලොග් වලට අරක්ගත් බහිරවයෙක් භූතයන් ගැන සෙවීමට යනවා වගේ’ කියාය. ගතවෙමින් පවතින්නේ බලලෝභී මහසොහොන්නු, රාවන්නු, කුම්භාන්ඩු, මළගිය ප්‍රාණකාර ප්‍රේතාවතාර යළි යළිත් පැටව් ගසනා පුළුටු දුගඳ සමයකි කියා සටහන හමාර කරමි.

    ReplyDelete
    Replies
    1. අධිමානසික විද්‍යාවන් නුයි, මළවුන්ට කතා කරීමයි ආදිය ගැන හෙවෙව්වේ සම්මාන උළෙලට අවුරුදු 14 කට කලින් මනුස්පයෝ. සිංහල බ්ලොග් වත් ඒ කාලේ තිබ්බේ නැහැ.

      Delete
    2. සම්ප්‍රදායික මාක්ස්වාදය අවසන් වෙමින් යන්නේ. කොටින්ම භෞතිකය උඩින් තියාගෙන විතරක් දේශපාලනය කරන එක දැන් ඉවරයි.

      Delete
  7. දියුණු වුණත් තාක්ෂණය දිනෙන් දිනම ගෙවිලා
    කරුණු නොමැත හොල්මන් ගැන ඇත්තක්මද කියලා
    තිබුණු එගැන සටහන් මම කැමැත්තෙන්ම බලලා
    සිතුණු නිසා මේ අදහස යනවා මෙහි ලියලා...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අබේ මල්ලි බෝතලයක් ගහලා
      ආවේ මෙහි හොල්මන් ගැන සොයලා
      බය උනානේ ඇදුමේම චූ කරලා
      අබේ මල්ලි නොන්ඩි වී යන්නා

      Delete
    2. අනෝ
      ඇනෝ
      හිනා
      ගෙනෝ....😀

      Delete
    3. තාක්ෂනය දියුණු වෙනකොට රහස් කියල හිතන් ඉන්න දේවල් එලි වෙනවනේ. අපි බලා ඉඳිමු.

      Delete
  8. අජිත් අයියේ ඔයා මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බලනවා නේද? ඇත්තටම දෙවියන් වහන්සේ විසින් විරාට් කෝලිට මේ ලෝක කුසලානය අනිවාර්යෙන් ලබා දෙන්නේ ඇයි??

    මට හිතෙන විදිහට මේ නිසයි;

    1. විරාට් කෝලි තම පුද්ගලික අදායමෙන් 20% පමණ විරාට් කෝලි පදනමෙන් (Virat koli foundation )මලල ක්‍රීඩාවට හපන්කම් පෙන්වන ඉන්දියාවේ දුප්පත් පැල්පත් වාසි ක්‍රීඩකයන් හට ඉදිරියට යැමට ලබාදෙ.

    2. විරාට් කෝලි හා අනුෂ්කා ශර්මා එක්ව මහා මාර්ගයේ සැරිසන අසරණ විදී සතුන් අසනීප වූ විට ප්‍රතිකාර කරනු ලබයි. මේ සදහා Animal sheltors 2k ඔහු විවුර්ත කරන ලදි.

    දිල්ලියේ සතුන් දහස් ගණනක් මෙයින් ජිවිතේ ලබයි.

    3. විරාට් හා අනුෂ්කා vegetarian වන අතර ඔවුන් කිසිම විටක සත්ව මාංශ අනුමත හෝ ප්‍රවර්ධණය නොකරයි.

    (ලංකාවේ සමහර ක්‍රීඩකයන් පණපිටින් සතුන් මරණ resturant දාද්දි ඔහු ලොවටම ආදර්ශයක් වන්නේ එලෙසිණි.)

    4. ඔඩිෂා වල සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් පිඩාවට පත්වූ ජනතාවට කෝටි 30කට වඩා අදාර කරන ලදී.

    5. පාරේ සිටින පුසන් බල්ලන් හදිසි අනතුරකදී රෝහල් ගත කිරීමට නවීන ගිලංරථයක් පරිත්‍යාග කිරීමද ඔහු සිදු කරන ලදී.

    මේ වනවිට සතුන් 3800කට වඩා ප්‍රතිකාර කොට සතුන් 75කට අදික (අංශබාග, ඇස් නොපෙනෙන ආදී අබාදිත ) සතුන් රැකබලා ගනී.

    මේවගේ සුපිරි සැම අතින් ඉහලම පුද්ගලයෙක් හට දෙවියන් වහන්සේ විසින්ම මේ ලෝක කුසලානය ලබා දෙනු ඇති බවයි මගේ අදහස ඔයා හිතන්නේ මොකද ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රතිචාරයෙන් තේරෙන්නේ අර දෙවියන් වහන්සේ විකුණා මුදල් හෙවු එකා නැවත ක්‍රිකට් වලට් අරක් ගන්නට එන සැටියකි.

      Delete
  9. උගුර පිටුපසින් කතාකරනවා = spspeaking from back of the throat ද?

    ඒකෙන් මස්ල්ස් විනාශ වෙනවද?

    ReplyDelete
    Replies
    1. ශබ්දය නිපදවන voice box එකට කියන්නේ larynx කියාය. මෙහි මස්ල් (මාංශ පේශීන්දෙ) කක් තිබේ. . කතා කරන ශබ්දය එන්නේ එයිනි. voice box එක තිබෙන්නේ trachea ට්‍රිකියා එක උඩය. windpipe කියන්නෙත් එයටමය. . //The trachea is the long tube that connects your larynx (voice box) to your bronchi. Your bronchi send air to your lungs. Your trachea is a key part of your respiratory system. The trachea is made of rings of cartilage. // අපි කතා කරන්නේ කොහොමද? අප හුස්ම ගන්නා විට vocal cords විවෘතව වාතය නිදහසේ ඇතුලට ගමන් කරයි.කතා කරන විට මේ vocal cords වැහෙන්නේ හුස්ම ඉවතට යනවිටය. එවිට මේවා vibrate වේ. මේ වෙව්ලීම නැත්නම් vibration එකින් ශබ්දය නිපදවේ.
      ඇනිටා ග්‍රේ නැති මනෝ විද්‍යාඥවරිය පැවසුවේ ජැනට් ගේ මාමා කිවේ ජැනට් බිල් ගේ කටහඬ ලෙස ගැඹුරු කටහඬක් පුරුදු වී කරන බවයි. මතකතබා ගන්න ඇය වයස 11ක දැරිවියකි. එසේ නම් කවුරුන් හෝ ඇයට එය පුරුදු කල යුතුය.. ඇගේ මුවට එක මයික්‍රොෆෝන් එකකුත් ගෙල පිටුපසට්තවත් එකකුත් තබා බැලීමේදී ජැනට් එම ගැඹුරු "භූත " කටහඬින් කතා කරන විටහඬ එන්නේ ගෙල පෙදෙසින් බවයි. .
      ප්‍රශ්නය වන්නේ කෙනෙකුට යටි උගුරින් හෝ උගුරේ පිටුපස පෙදෙසින් එසේ ගමබුරු ලෙස බොහෝ වෙලාවක් කතා කල නොහැකිය. එක්කෝ කැස්සක් එන අතර වතුර බොන්නට අවශ්‍ය වේ. එසේම වෛද්‍යවරු පවසන්නේ එසේ කතා කරන විට vocal cords විනාශ වෙන බවයි. (සොයා බලන්න) ඒ කියන්නේ ඇය කතා කරන්නේ දෙවෙනි vocal cords නැත්නම් secondary vocal cords වලින්ය. මේවාට false vocal cord කියාද කියයි. laryngeal ventricle නමැති ටිෂු එකකින් මෙය ප්‍රධාන true vocal cord වලින් වෙනවා පවතී. මෙය ඇත්තේ කතා කිරීමට නොවේ. නමුත් ඒවාද vibrate වන තර ගැඹුරු රළු කටහන්දක් නිපදවිය හැකිය. (ඕනෑම කෙනෙකුට) නමුත් කිසියම් සීමිත වෙලාවක් පමණි. ජැනට් පය දෙක තුන එම ශබ්දයෙන් කතා කිරීම මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව අපහසුය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇනිටා ඒ චෝදනාවට මොරිස් ග්‍රොස් කලේ කුමක්ද? ජනට් ගේ කටට වතුර පුරවා කට වසා ගන්නට අණ කොට නැවත ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කර "භූතයා " වන බිල් විල්කින්ස් ට කතා කිරීමට ආරාධනය කිරීමයි. ජැනට් නැවතත් "බිල් " ලෙස කතා කළාය. ශබ්දයේ වෙනසක් සිදු වුවද තවමත් "බිල්" ගේ වචන පැහැදිලිව ඇසේ. අනතුරව අධිමානසික පර්යේෂක මොරිස් කලේ තද සෙලෝටේප් පටියකින් (සාමාන්‍ය ඒවා නොව කාඩ්බෝඩ් පෙට්ටි වලට දමන පටි) වතුර පුරවන ලද ජැනට් ගේ කට වැසිමයි. (මෙය වධයක් ලෙස මට සිතේ) නමුත් මෙහිදීද ජැනට් අර විධිහටම උගුර යටින් කතා කලාය. ඔබට එසේ කල හැකිදැයි බලන්න. වයස එකොළහක් හෝ දොලහක් වයසැති කෙල්ලක් මේවා පුරුදු වී කළා යයි ඔබ විශ්වාස කරනවාද? (මේවා ඔප්පු කරන ටේප් රෙකොර්ඩර් සහ ඡායා රූපද ඇසින් දුටු සාක්ෂිද තිබේ. )

      Delete
  10. කියෙව්වා. තවදුරටත් කියවන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මිට කලින් ලිපි දොළහක් ලියල තිබෙනවා. ඒවාත් කියවන්න.

      Delete
  11. පංචේන්ද්‍රියන්ට අහු නොවන දේවල් "විශ්වාස" නොකර සිටීම යහපති. කොටින්ම ඔබ යමක් විශ්වාස කළ යුතු නම් එය මවා ගත් දෙයකි.

    ReplyDelete
    Replies
    1. මෙතන මම විශ්වාස කරනවා කියා ඔබ කියන්නේ කුමක් ගැනද? මෙහි ඇත්තේ විද්‍යාඥයන් රැසක් සහ අධිමානසික විද්‍යාවන් ගැන පර්යේෂණ කරනා අය යම් සිද්ධි මාලාවක් ගැන විමර්ශනය කර එකතු කරන ලද දත්ත විමසා බලා ඒ ගැන තීරණයකට එළඹීමකි. ඔබට හැකිනම් මුල් ලිපියද කියවා දෙවන ලිපියද කියවා දී ඇති යොමුවල සඳහන් කරුණුද කියවා හැකිනම් වාර්තා චිත්‍රපටයද මැදහත් සිතින් නරඹා තීරණයකට එන්න. විශ්වාස කරන්නට අවශ්‍ය නැත.
      පංචේන්ද්‍රියන් කතාවට කිව යුත්තේ - Quantum entanglement එක ඔබ විස්තර කරන්නේ කෙසේද කියා කියන්න. ඔබේ පන්චේද්රියන්ට එය හසු වන්නේ නැත.

      Delete
  12. අවිවේකීය තවමත්
    කියවමි පසුව අවුදින්

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි
      හිත නිවා ගන්න කලින්
      එන්න බැරිය පස්සේ වුනත්
      මේකේ මෙහෙමම තියෙයි

      Delete
  13. I guess the Buddhist philosophy explains this phenomenon really well. Life after death and people carrying all their burden to their next life, in whatever the form. Scientists make a living out of it. Some are truly passionate about it, and for some people it is to satisfy their ego and for some it’s a survival business. Being a scientist myself for the past 20 years I have seen how people can become really opportunistic when the society is in desperate situations. Covid pandemic is a very good example of how everyone around the globe entered the race to make vaccines and started working on Covid research. Anyways, I like the story and the way you presented the facts. These girls must have been suffering for a long time, I feel bad for them. Looks like no one is trying to solve the issue, instead they use the girls as lab rats, like you said. (Pokuruwahi-Wathsala)

    ReplyDelete
    Replies
    1. ජැනට් ඊයේ පෙරේද (දැන් අවුරුදු 55ක් වගේනේ. මට වැඩිය බාලයි) කිව්වේ එයා තවමත් දුක් විනිනවා කියල මනසින්. තවමත් අර බිල් කියන පුද්ගලයා හිත යට ජිවත් වෙනව අවගේ දැනෙනවා කියල. ඕස්ට්‍රේලියාවේ සහ නොයෙකුත් රටවල මනෝ වෛද්‍ය ප්‍රතිකාර හෙම ගත්තාටත් පස්සේ. ඒ වෛද්‍යවරු ගොඩක් උත්සාහ කළේ එයාට එහෙම දෙයක් වුනේ නැහැ, හිතේ මවාගත් දෙයක් කියල ඔප්පු කරන්න. එයා හෝ සහෝදරිය වත් පවුලේ අනික් අයවත් ඒකට එකඟ වෙන්නේ නැති නිසා එතන ඝට්ටනයක් එනව

      Delete
    2. Thanks for the comment. After my experiments with mediums I read lot of mahayana books and then went into study physics again (Astrophysics). i am stills struggling to understand certain phenomena and stories. i know some of the mediums did not lie to me.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .