Sunday 10 December 2023

රුසියන් යුද්ධය සහ තවත් යුද්ධ හා සාමය



රුසියාව ගැන ආයෙත් ලියන්න පුළුවන් තත්වයක් ඇවිල්ල.  හේතුව පස්සේ කියන්නම්. නමුත් මේ වෙලාවේ ප්‍රවෘත්තියක් ලියන ආකාරයට මිසක් වෙන විධිහකට ලියන්න අදහසක් නැහැ. නමුත් ඉතා වැදගත් කතාවක් යහළුවෙක් ලියල තිබ්බ.. සාමය හදා ගන්න පුළුවන් යුද්ධයෙන් විතරයි කියල. උදාහරණයකට අරන් තිබ්බේ දෙවන ලෝක යුද්ධය. දෙවන ලෝක යුද්ධයේ හිට්ලර් ගේ හමුදා වලට යුද්ධයන් පිළිතුරු දීලා පරාජය කරලා සාමය උදාවුණු බව ඇත්ත. නමුත් එතැන ආක්‍රමණිකයාට එරෙහිව  තමන්ගේ ජිවිත හා තම උපන් දේශය  රැක  ගැනීමට ප්‍රති ප්‍රහාර දීමක් සිද්ධ වුනේ නේද?  සෝවියට් දේශය, යුරෝපය සහ බ්‍රිතාන්‍යය  ගත්තහම ඒක එහෙමයි. ලෝක සාමය සඳහා සටන් කලේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඒ අතරේ   වෙළඳාමත් ලස්සනට කර ගත්ත. ඒක යුද්ධයේ අතුරු පලයක් කියමු.

මම  නම් හිතන්නේ යුද්ධයක් ඇති වෙන්නේ සාමය බිඳී යාම නිසා. සාමය බිඳී යන්නේ නොයෙකුත් දේශපාලනික හෝ වෙනත් දූෂණ , වංචා වැනි හේතුන් නිසා. ඉතින් ඒ ප්‍රශ්න හරියට විසඳ ගත්තා නම් යුද්ධ ඇති වන්නේ නැහැ.
 
කවුරුත් නොදකින යුද්ධයක් ගැන කියමු ඉස්සෙල්ලම. අප්‍රිකාවේ සම්පත් සෑහෙන කාලයක් භාවිතා කරේ බටහිර යුරෝපය සහ ඇමෙරිකාව.  දැන් ඒක කරන්න බැහැ  චීනය එක්ක. චීනය භාවිත කරන්නේ ණය දීමේ ක්‍රමය. රුසියාව පුටින් යටතේ ඒකට බැස්ස. ඒ කුලී හමුදා දාලා. ප්‍රිගොෂින් යටතේ. ඒ කුලී හමුදා  අද  සටන් කරනවා ප්‍රංශ කුලී  හමුදා වලට විරුද්ධව. ප්‍රංශ කට්ටිය සෑහෙන්න පැරදිලා ඉන්නේ. හිටි හැටියේ අප්‍රිකානු  රටවල රාජ්‍ය කුමන්ත්‍ර වෙන්නේ ඒ නිසා.  රුසියාව අල්ල ගන්න අප්‍රිකානු සම්පත් මෙහෙයවන්නේ චීන - රුසියානු සමාගම්.  ඉතින් ඒක තමා පෝලිමට යුරෝපීය රටවල් අප්‍රිකාවෙන් සමාව ඉල්ලන්න පටන් අරන් තියෙන්නේ. ලඟදි ජර්මනිය ටැන්සානියාවෙන් සමාව ඉල්ලුව.  තෙවැනි චාල්ස් රජතුමා කෙන්යාවෙන් සමාව ඉල්ලුව. 

ආ, කියන්න අමතක වුනා. අර මෑන් හෙලිකොප්ටරේ වැටුන එකෙන් මැරුණේ නැහැ කියලයි කියන්නේ. ඒ මැරුනේ වෙන එකෙක්ලු. මිනිහ අප්‍රිකානු රටවල සටන්  මෙහෙයවන බවයි ආරංචිය. 

උක්රයිනයේ වෙන්නේ මොකක්ද දැන්. අර මම කලින් කීවනේ උක්රයින හමුදා වලට ආපු ජර්මන් යුධ ටැංකි හෙම රුසියානු හමුදා අල්ල ගත්ත කියල. උක්රයින ප්‍රතිප්‍රහාර  සම්පුර්ණයෙන් අඩපණ වෙලා තියෙන්නේ. එහෙම වුනා කියල උක්රයිනය සම්පුර්ණයෙන් පැරදිලා නැහැ. නමුත් දිනලත් නැහැ. රුසියාව  අල්ල ගත්ත ප්‍රදේශ තවම තියනවා. හමුදා දෙකටම යුධ භටයන් හිඟ කම තදින්ම තියනවා. දෙරටේම සටන් කරන්න පුළුවන් තරුණ තරුණියන් පැනල යනවා වෙන රටවලට. ළඟදී මියගිය ශ්‍රී ලාංකික හමුදා භටයන් වගේ උක්රයින විදේශ විශේෂ බලකායේ වෙනත් රටවල වැසියන් උක්රයිනය  වෙනුවෙන් (මුදලට) සටන් කරනවා.  නමුත්  රුසියාවට තව අවුරුදු ගානක් මේ යුද්ධය ඇදගෙන යන්න පුළුවන්. 

යුරෝපය දමපු සම්බාධක වලින් රුසියානු ආර්ථිකයට යම් ප්‍රශ්න ඇති වුනත් ඒක බටහිර මාධ්‍ය කියනව වගේ  වැටිලා නැහැ. ඒක බොරු කතාවක්. යුරෝපීය   තවම හොරෙන් රුසියානු තෙල් සහ ගෑස් මිලදී  ගන්නවා.  ඒ නිසා සම්බාධක වලින් රුසියාවට නැත්තේ සමහර චීස් වර්ග, වටිනා සුවඳ විලවුන් වර්ග, ඇඳුම් පැළඳුම් වගේ දේ. ඒකෙන්  පාඩුවත් බටහිර සමාගම් වලටමයි. 

තවම අවසන් නොවූ මේ යුද්ධයෙන් දැනට දිනලා තියෙන්නේ  කවුද?  රුසියාව සහ ජර්මනිය ඩොලර් බිලියන්  නමයක තෙල් සහ ගෑස් නල මාර්ගයක් හැදුවනේ. උක්රයිනය මග හැරලා  ජර්මනියට හා ඒ පැත්තේ යුරෝපිය රටවල තෙල් සහ ගෑස් දෙන්න. ඒක උක්රයින ජාතිවාදී හමුදා කණ්ඩායමක් පුපුරුවා  හැරියා. එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය මේ නල මාර්ගයට කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒවාට හේතු ලෙස  මට හිතෙන විධිහට රුසියාව සහ ජර්මනිය  අතර සම්බන්ධතා වැඩි වීම. යුරෝපය රුසියන් ගෑස් මත රඳා පැවතීම. (ඇමෙරිකාවේ ශේල් ගෑස් සමාගම්  වලට පාඩුයි. Shale gas) . ජර්මනිය වඩා බලවත් වීම. (යුරෝපයේ පළමුවැන් සහ දෙවන ලෝක  යුද්ධ දෙකක්ම   ඇති කලේ ජර්මනිය නිසා ඒ බිය සාධාරණ යයි හිතමු) . ඉතින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය දිනුම්.

තව කොටසක් ලියන්න අමතක වුනා. සෝවියට් දේශය බිඳ වැටීමේ ආරම්භය  සනිටුහන් කලේ චෙ-ර්නොබිල් පුපුරා යාම. මම තව දුරටත් විශ්වාස කරන්නේ නැහැ රිඇක්ටරයේ ප්‍රශ්නයක් නිසා ඒක වුනු බව. ඒ රිඇක්ටර් ප්‍රශ්නය පසුව හොයා ගත්තත් චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3 ලිපි පෙලේ තවමත් එවැනි පළමු බලාගාරයක්  රුසියාවේ ක්‍රියාත්මකව තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය  මම ඇහුව.  උක්රයින  ජාතිවාදීන් ගෙන් අයෙකු රිඇක්ටරය තුල පීඩනය වැඩි  කීරීමත් අනිත් ක්‍රියාකරුවන් එය මුලින්  ගණන් නොගැනීමත් එයට හේතු වුනා කියල සහ  කේජිබි එකට වැරදුනේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවය පස්සේ යාම නිසා කියල මම හිතන්නේ. ඔවුන්ගේ (අමෙරිකනුන් ගේ)  කිසිදු සම්බන්ධයක් එයට නැති බවයි මගේ අදහස.  

සෙලෙන්ස්කි අවුරුද්දකට කලින් රුසියාව සමග සාම ගිවිසුමකට යන්න ඔන්න  මෙන්න හිටියේ. ඒක නැවැත්තුවේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගිහිල්ල. පුටින් කියන්නේ යුධ අපරාධකරුවෙක් කියන මතය ඉදිරියට දාල. ඒ නිසා, කීයටවත් සම ගිවිසුමකට යන්න එපා බොරිස් තමා කියල තියෙන්නේ.

නමුත් අද  තත්වය වෙනස්. රුසියානු  භටයන් උඋක්රයින  සිවිල් වැසියන් ඝාතනය කල බව ඇත්ත. ඔවුන් උක්රයින කාන්තාවන්, කෙල්ලන්, දරුවන් මෙන්ම පිරිමින් පවා දූෂණ කළ බවත් ඇත්ත. රුසියාව උක්රයින්  නගර වලට බෝම්බ හෙලන බවත් ඇත්ත.    

කාන්තාවන් දුෂණය කිරීම ඊශ්‍රායල භටයන් නොකලාට ගාසා තීරයට  ඊශ්‍රායල හමුදා බෝම්බ දාලා  සාමාන්‍ය මිනිසුන් සහ ළමයින් මැරෙන එක ඇත්ත. ඒත් ඉතින් බටහිරට බැහැ නෙතන්යාහු යුධ අපරාධකරුවෙකු කරන්න.  මොකද ශ්‍රී ලංකාව  වගේ රටවල් විතරක් නෙමේ රුසියාවේ පුටින් නුත් ඔප්පු කරලා තියනව ත්‍රස්තවාදීන් ඉන්න තැන  මොකා  හිටියත්, මොකා මැරුණත්  බෝම්බ දාල ගෙවල් පොඩි කරලා , ඉන්න තැනින් එලවල ඒක දිනන්න පුළුවන් කියල.

හ-මාස් කියන ත්‍රස්තවාදී සංවිධානයත් සිවිල් වැසියන් මැරුව ලඟදි. ගැහැණු දුෂණය කරල මරල දැම්ම. ඔවුනුත් යුධ අපරාධ කරලා තියනවා. මෙතැනදී වාමාංශිකයන්ට සහ මුස්ලිම් රටවලට හා-මාස් යුධ පරාධ කරුවන්  නෙමේ. බටහිරට හා ඇතැම් දක්ෂිණාංශිකයන්ට ඊශ්‍රායලය යුධ අපරාධ කරුවන් නෙමේ.  

අනූ ගණන්වල පුටින් අනතෝලි සොබ්චාක්  කියන ඉතා ලිබරල් පිටර්ස්බර්ග් නගරයේ නගරාධිපතිගේ සහායක. මේ  කියන්නේ විප්ලවය වුනු පෙට්‍රොග්රාදය හෙවත් ලෙනින්ග්‍රාදය ගැන.  පුටින් තෙල් වෙනුවට බටහිරින්  කෑම අරන් මිනිසුන්ට වික්ක, කෑම ප්‍රශ්නේ විසඳන්න. ඒ ගමන්ම මත්ද්‍රව්‍ය කාරයන් මරල සල්ලි අරගෙන තමන්ගේ කෙජිබි යාළුවන්ට දුන්න බිස්නස් කරන්න. තමන්ගේම පරණ කේජිබි යාලුවන්ගේ නෙට්වර්ක් එකක් හදා ගත්ත. පුටීන්ට  භාෂා තුනක් හොඳට  පුළුවන්. ජර්මන්, රුසියන් සහ ඉංග්‍රීසි.  ඒවා භාවිතා කරලා පිටරටින් එන වෙළඳ නියෝජිතයෝ එක්ක සම්බන්ධකම් හදා ගත්ත. සොබ්චාක් රුසියානු ජනාධිපති චන්දෙට ඇවිත් දිනයි කියල බයට යෙල්ට්සින් පූටින් ලව්වා සොබ්චාක් පරාජය කළා. පූටින් ක්‍රෙම්ලින් යන්න මග පාද ගත්තේ එහෙම. 
එතැනදී ලුතිනන් කර්නල් කෙනෙක් වුනත් පරණ කෙජිබි එකේ හෙවත්  අලුත් රුසියන්  රහස් ඔත්තු සේවය වන එෆ් එස් බී එකේ ප්‍රධානියා වුනා. 

අනූවේ දශකයේ අවසන් කාලේ යෙල්ට්සින් ට කෙළවෙන්න ලඟයි, අසනීපයි. එම්ටීබි බැංකුවෙන්  ක්‍රෙඩිට් කාඩ් ලැබිල  යෙල්ට්සින් ගේ දුව තාන්යා, ස්වාමියා සහ යෙල්ට්සින් එව්වා  වියදම් කරලා.මිලියන් ගණන් වලින්.  පාර්ලිමේන්තුවෙන් දෝෂාභියෝගයක්  ඇවිත් විසිවෙන්න ඔන්න මෙන්න.කොමියුනිස්ට් පක්ෂයේ කැමැත්ත ඇති හිටපු කේජිබි  ප්‍රිමකොව් තමා ඊලඟට එන්න ඉන්නේ. යෙල්ට්සින් පවුල හිරේ යන්න ලඟයි.  යෙල්ට්සින් පූටින් අගමැති කළා. අගමැති පූටින් කව්රුත් දන්නේ නැති ඇපරච්චික් කෙනෙක්. (නිලධාරියෙක්) හිටි හැටියේ මොස්කව් වල බෝම්බ දෙක තුනක් පිපිරුණා. එක තැනක 119 මැරුන. ඒක කලේ චෙචෙන්  ත්‍රස්තවාදීන් කියල කිව්වේ. ඒක ගැන හොයපු පොලිස් පරීක්ෂකවරු හිටි හැටියේ මිය ගියා. පුටින් චිචෙන් අගනුවර වන ග්රෝස්නි ෆ්ලැට් කරා. පුටින් ජනාධිපතිවරණෙන් දිනුව.  යෙල්ට්සින් හිරේ යන්නේ නැතිව බේරුනා. 

ලංකාවේ වාමාංශිකයෝ  කිව්වේ ත්‍රස්ත වාදීන්ට ෆ්ලැට් වෙන්න ගහන්න කියල. (මෙතැනදී වාමාංශිකයෝ කොටසක් යුද්ධයට විරුද්ධ වූ බවත් මතක තියා ගන්න ඕනේ)  ඒකෙදි අති විශාල ප්‍රමාණයක් සාමාන්‍ය මිනිස්සු  මැරුණා. ස්ත්‍රී දුෂණ සිද්ධ වුනා. නමුත් යුද්ධේ දිනුව. යුධ අපරාධ  චෝදනා එල්ල වුනත් ඒවා කවදාවත්  ක්‍රියාත්මක වෙන ඒවා නෙමේ. මොකද  යුධ අපරාධ  පිටිපස්සේ  ඉන්දියාව කියන බලවත් රටත් ඉන්න නිසා. 

ඉතින් මේ යුධ අපරාධ සහ යුද්ධය හා සාමය කියන ඒවා හරිම සාපේක්ෂයි. උක්රයිනය මේ යුද්දෙන් ඇත්තටම පැරදිලා, බටහිරට අම්බානක ආයුධ ගන්න ගිහින් ණය වෙලා ඉන්නේ. ඇමෙරිකාවට සහ යුරෝපයට තවත් ආයුධ දෙන්න විධිහක් නැහැ. සල්ලි දෙන එකත් අමාරුයි. ඊශ්‍රායල හමාස් යුද්ධෙත් එක පැත්තකින්. එනිසා උක්රයිනයට  සාම සාකච්චා සඳහා යන්න වෙනවා. රටෙන් කොටසක් ක්‍රිමියාවද ඇතුළුව නැති වෙයි. හැබැයි ඉතිරි කොටස යුරෝපා සංගමයට යයි.  අපට මේ යුද්ධේ ගැන දැන් ඕනෙනම් ලියන්නත් පුලුවන්.  දොරකඩගහ මූකලන් යායේ බසු ජ්‍යෙෂ්ඨ කලමනාකර මහතා පූටින් ව බ්ලාස්   කරල දැම්මට අන්තිමට වෙලා තියෙන්නේ සෙලෙන්ස්කි බ්ලාස් වෙන්න යන එක.  

ලෝකය හැර දමා යන්න -Leave the World Behind කියල චිත්‍රපටයක් නෙට්ෆ්ලික්ස් එකේ යනව. පුලුවන්නම් බලන්න. ජුලියා රොබට්ස් එහෙම ඉන්නවා. 

දේශපාලන කුමන්ත්‍රණ සිද්ධ වෙන්න  කලින් පොඩි පොඩි ටෙස්ට් එනවා. හිටි හැටියේ ලයිට් යනවා.  අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටෙනවා. හැකරුන් විශාල කම්පැනි වලට රජයේ ආයතන වලට පහර දීලා සම්බන්ධතා බිඳලා අකර්මන්‍ය කරනවා. විදුලි බලාගාර අඩපන කරනවා . දුෂමාන ආරංචි පතුරවනවා. අර ජන වර්ගය, මේ ජන වර්ගය ත්‍රස්ත්‍රවාදී ක්‍රියා කරනව කියල පත්‍රිකා එනවා. බෝම්බ එක දෙක පුපුරනවා. මිනිස්සු එකිනෙකා, තම අසල්වාසීන් , මිතුරන් අවිශ්වාස  කරනවා. මඑකිනෙකා මරා ගන්නවා. . ඊට පස්සේ තමා ඇත්ත කුමන්ත්‍රණය එලියට එන්නේ. එතකොට ඉතින් රටේ ආර්ථිකය වැටිලා ඉවරයි. එහාකොට මිනිස්සු කියනවා වෙන දෙන්න  කෙනක් නැහැනේ අනේ. එයාට විතරයි දෙන්න තියෙන්නේ කියල.   



පරණ ලිපි:



33 comments:

  1. ලෝකයේ කිසිම තැනක වන යුද්ධයකට සාධාරණ හේතුවක් නෑ. ඇත්තේ බලාධිපත්‍යය හරහා ආර්ථික ආධිපත්‍යය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ආර්ථිකය නිසා තමා යුද්ධ හට ගන්නේ

      Delete
  2. //දොරකඩගහ මූකලන් යායේ බසු ජ්‍යෙෂ්ඨ කලමනාකර මහතා පූටින් ව බ්ලාස් කරල දැම්මට...//
    හත් දෙයියනේ මෙහෙමත් කතා! ඔය ඉඳලා හිටලා පුටියට නෙලුව එක ඇත්ත. ඒත් මෙහෙමත් ලිව්ව නෙව?
    https://frozenlazyowl.blogspot.com/2023/10/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. හුටා!. ඉමෝජි දාන්න අමතක වුනා. 😏🤭😜

      Delete
    2. හරි හරි ඉතින්. 😀

      Delete
    3. මගේ ඔරිජිනල් කමෙන්ටුව ස්පෑම් ගියා. ගොඩගනියෝ.🙌😮

      Delete
  3. යුක්‍රේනයට කවදාවත් රුසියාව සමඟ යුද්ධයකින් දිනන්න බැහැ කියල යුක්‍රේනයේ අයවත් බටහිර අයවත් නොදැන හිටි එකක් නෙවෙයි. මේ යුද්ධය පිටුපස තිබ්බ යුද්ධය ඇමෙරිකාව දිනලා ඉවරයි. ඒ යුද්ධයේ අරමුණ වුනේ රුසියානු බලශක්ති මත යැපෙන යුරෝපය නිසා බල රහිත වීගෙන ආ නේටෝව නැවත වැදගත් කරන එක සහ රුසියාව සහ යුරෝපය බිඳවන එක. නේටෝව වැඩකට නැති එකක් වෙන එක යුධ ආයුධ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක්. මේ යුද්ධය ඉවර වෙන විදිහ ගැන ඔබ කියන එක හරි. රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකාවේ ජනධිපතිවරණය දිනනකන් සමහර විට ඇදෙයි. ඒත් යුක්‍රේනය යුරෝපය එකතු වුනත් නේටෝවට එකතු වුනොත් 3 වන ලෝක යුද්ධය පටන් ගන්නවා. ඒ නිසා බටහිර සහ ඇමෙරිකාව ඒ ගැන ගොඩක් පරිස්සම් වෙයි. බටහිර සහ ඇමෙරිකාවේ වුවමනාවට එක රටක් සම්පූර්ණයෙන්ම විනාස කිරීම සහ යුරෝපය ආර්ථික වශයෙන් විනාස කිරීම ගැන තව දශක දෙක තුනකින් මිනිස්සු කථා කරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. බටහිර හැම රටක්ම නෙමේ මේ යුද්දෙට කැමති . ඇමෙරිකාව බයයි යුරෝපය ඔවුන්ට වඩා බලවත් වෙනවට. නමුත් ඇමෙරිකාව වඩා බය වෙන්න ඕනේ චීනෙට. ඒකයි මගේ අදහස. නේටෝව නැවත වැදගත් වීමේ කතාව හරි. නේටෝව නිසා යුද්ධය පටන් ගත් බව ගොඩක් ෆේස්බුක් ලිබරාටි ල හෙම පිලි ගත්තේ නැහැනේ. මට හිතා ගන්න බැරි බයිඩන් ගැන. මම ඔහුට කිසියම් විධිහකින් සහයෝගය දීලා කතා කරපු එක ගැනත් කණගාටුයි දැන්නම්. ආයුධ නිෂ්පාදනය කරන කම්පැනි ඔක්කොම ඉන්නේ බයිඩන් ගේ පිටිපස්සේ.

      Delete
    2. මේකට තව කථාවක් තියෙනවා... චීනය ආර්ථික වශයෙන් ඇමෙරිකාව පහු කරලා යන්න ඉතා ආසන්නයි. ලෝක ඉතිහාසය පුරාම මෙවන් බල තුලනයේ වෙනසක් වෙන කොට ඒක සිද්ධ වෙන්නේ මහා පරිමාණ යුද්ධයකින්. මෙවර ඇමෙරිකා චීන යුද්ධය තායිවානය ආශ්‍රිතව දකුණු චීන මුහුද ආශ්‍රිතව ඇති වේයැයි පූර්වකථනය කරනවා.

      මේ යුද්ධයේදී රැසියාව චීනය සමග හිටගන්නවා. ඊට කලින් රැසියාව වෙන දීර්ඝ කාලින යුද්ධයකට පටලවන්න, යුක්රේනය රැසියාව ප්‍රකෝප කරන විදිහට මෙහෙයවපු බවක් කියැවෙනවා. ඊට අමතරම රුසියාවේ ඇත්ත යුද්ධ ශක්තිය මොකක්ද කියලා ටෙස්ට් කරන්නත්, එහිදී බාවිතා කරන යුද්ධ ආයුධ මොනාද කියලා බලා ගන්නත් ඇමෙරිකාවට පුලුවන්..ඇමෙරිකා චීන යුද්ධයකදී, රැසියාව වෙනත් යුද පෙරමුණක රදාවා තවා ගැනීම මෙහි මූලීක අභිප්‍රායයි. - MAYYA

      Delete
    3. ඒ තර්කය්යේ ඇත්තකුත් තියෙනවා. නමුත් තව කාරනා අතරට රුසියාව උකර්යිනය මග හැර එනත් රටවල ගෑස් දීම එදා ඉඳලා ඉඳන්ම උක්රයිනය විරුද්ධ වූ දෙයක්. රුසියාව සියට සීයක් හොඳ රටකුත් නෙමේ. පුටින් වටේ ඉන්නේ මුදල් උපයන පොහොසත්තු සෙට් එකක් පරණ කේජිබි එකේ. එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. නමුත් රුසියාව දියුණු වෙන තාක් කල මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ. චීනය සහ රුසියාව ඩොලරය නැති කිරීමේ පෙරමුණේ ඉන්නේ. ඒක වෙන්න නම් තව යුද්ධයක් අවශ්‍යයි. එනිසා ඔබ කියූ දෙය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ යුද්ධය භයානකයි.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. සීමාවක් නැතිව ජනයා වැඩි වෙයි නම්
    ලෝකේ තියෙන සම්පත් ටික සීමිත නම්
    කෑදරකමත් තව තව වැඩි වෙනවා නම්
    පුදුමද යුද්ධ තව තව පැතිරෙනවා නම්

    ReplyDelete
    Replies
    1. ඒකෙත් සැබෑවක් නැතිවම නෙමෙයි
      චීනය, ඉන්දියාව එහෙනම් යුදයට සැරසෙයි
      බිලියන් ගණන් ඉන්නේ උන් දෙන්නාටයි
      ඒකෙන් කෙල වෙන්නෙත් ලංකාවටම තමයි

      Delete
  6. https://www.cambridge.org/core/journals/china-quarterly/article/abs/chinas-third-world-foreign-policy-the-case-of-angola-and-mozambique-196193/65F93E21ABDCF7137ECD2B9F977C4F55

    ReplyDelete
    Replies
    1. සල්ලි දීලා ගන්න යන්නේ නැහැ. ඔයා කියවල අපටත් දාන්න

      Delete
  7. වොයිනා ඊ මීර් වලට උඩින් ලියලා තියෙන්නේ මොකක්ද? “ලෙව් නිකොලාවියු ෂොලෙමොව්“

    ReplyDelete
    Replies
    1. ලෙව් නිකොලායෙවිච් තමයි ඇත්ත නම . ටොල්ස්ටෝයි කියන්නේ නිත්‍යානුකුල වාසගම කවුන්ට් වරයෙක් නිසා ලියෝ කියන්නේ ඉංග්‍රීසියෙන් හදපු නම. මොලෙමොයි කියන්නේ කතාව කොටස් වශයෙන් පත්තරේ (සඟරාවකට ) දානකොට ලියපු නම.

      Delete
    2. ඒක හරි. රුසියානු උච්චාරණය ලියෙව් (එෆ් එක එක්ක ) . ලෙව් කියන්නේ ඉංග්‍රීසි උච්ඡාරණය. ලියෝ කියල වෙනස් කලෙත් ඉංග්‍රීසි පරිවර්තනයට . සැබෑ නම කියල ඔබ කියන්නේ රුසියානු එකට නම් ඔබ හරි. කන්දේ කැන්ඩි වුනා වගේ තමා . ඔත්තුවට ස්තූතියි . බලන්නම්

      Delete
  8. අවසන් ජේදය ඉතා වැදගත්.

    //ඊට පස්සේ තමා ඇත්ත කුමන්ත්‍රණය එලියට// ඒ එලියට ආවත් එය තේරැම් ගන්න තරම් මිනිස්සු ඒ වෙනකොට මානසික සංයමයක් නැති තරම්... කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒක තමයි එහෙම කරනා අයගේ බල පොරොත්තුව.

      Delete
  9. තව කොටසක් ලියන්න අමතක වුනා. සෝවියට් දේශය බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කලේ චෙ-ර්නොබිල් පුපුරා යාම. මම තව දුරටත් විශ්වාස කරන්නේ නැහැ රිඇක්ටරයේ ප්‍රශ්නයක් නිසා ඒක වුනු බව. ඒ රිඇක්ටර් ප්‍රශ්නය පසුව හොයා ගත්තත් චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 3 ලිපි පෙලේ තවමත් එවැනි පළමු බලාගාරයක් රුසියාවේ ක්‍රියාත්මකව තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මම ඇහුව. උක්රයින ජාතිවාදීන් ගෙන් අයෙකු රිඇක්ටරය තුල පීඩනය වැඩි කීරීමත් අනිත් ක්‍රියාකරුවන් එය මුලින් ගණන් නොගැනීමත් එයට හේතු වුනා කියල සහ කේජිබි එකට වැරදුනේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවය පස්සේ යාම නිසා කියල මම හිතන්නේ. ඔවුන්ගේ (අමෙරිකනුන් ගේ) කිසිදු සම්බන්ධයක් එයට නැති බවයි මගේ අදහස.

    ReplyDelete
  10. තවුසෙ කේ ජී බී කායෙක් නේද Комитет государственной безопасности

    ReplyDelete
    Replies
    1. කේ ජී බී = කැන්ඩියන් ගොවි බොදු

      Delete
    2. රාජ්‍ය ආරක්ෂාව සඳහා වන කමිටුව , ඔය ඉවනායා මෙහෙට ආවේ එම් අයි 5 ට වැඩ කරන්නනේ. ඔක්ස්ෆර්ඩ් පැත්තට ගියෙත් ඒකයි

      Delete
    3. කැන්ඩියන් ගොවි බඩු - පූටින් ගේ කෑල්ල වෙන්න ඇති

      Delete
  11. පොඩිකාලේ රුසියන් කාටුන් එකක් පෙන්නුවා.
    එන මීයෙක් බඏටලක්ට බයවෙලා දුවනකොට මායාකාරයෙක් එයාට අනුකම්පාකරලා බළලෙක් කලා. ඒත් ඌ බළලට බයයි.
    ඊලඟට ඌ බල්ලෙක් කලා. ඒත් ඌ බළලට බයයි.
    ඊලඟට කොටියෙක් කලා ඒත් ඌ බළලට බයයි.
    ඊටපස්සේ මායාකාරයා ඌ ආපසු මීයෙක් කලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ගැඹුරු කතාවක් නේ. අලියා හෙන්දුවට බය ඇයි වගේ තමයි

      Delete
    2. අජිත් ධර්ම, රනිල් හාමුට බය ඇයි වගේ

      Delete
  12. ලිපිය නම් කියෙව්වා. එත් මම මේ තාම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධ ලිපිත් කියවන්නේ නැතිව අදහසක් ගන්න අමාරු වෙයි

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .