ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය ඩිසල් තාප බලාගාර වලට ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත ඇමතිවරයා ම බයිසිකලයකින් යන දර්ශනයක් ද දුටිමි. මට හිතෙන්නේ මෙයට වෙනස් විධිහකට බලාගාර වසන්නේ නැතිව තරඟය අඩු කර පාරිභෝගිකයා ගෙවන විදුලි මිල අඩු කර ගැනීමක් කල යුතු බවයි. ඒ හදිසියකට හෝ ඔවුන් (ඩිසල් බලාගාර ) ඕනෑ විය හැකි බැවිනි.
රයිගම් හන්දියේ රයිගමයා කීප වතාවක්ම සුර්ය බලයෙන් විදුලිය ඉපදවීම ගැන ලියා තිබේ. ඔහුගේ නවතම ලිපිය මෙතන ඇත. පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු දැන් ජර්මනියේ තුරින්ගියා ප්‍රාන්තයේ ධනවාදී රටක සමාජවාදී ගමක් ගැන මින් පෙර පැවසුවෙමි. එයට මෙතනින් යන්න. මගේ බිරිඳගේ සොයුරිය හා ස්වාමි පුරුෂයා ඉන්නේ මේ ගමේය. ඔවුන්ගේ තට්ටු පහක නිවසේ යටම තට්ටුව (underground level) වෙන් කර තිබෙන්නේ තාපය නිපදවන උදුනකටය. ඔවුන්ගේ වහලේ සුර්ය කෝෂ තහඩු (සුර්ය පැනල) සවි කර තිබේ . කෑම පිළියෙළ කරන විට නිපදවෙන තාපය ප්‍රධාන පයිප්ප ජාලයට සවි කර තිබෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගෙන නිවස උණුසුම් කිරීමට හා වතුර උණුසුම් කිරීමටය. ඊළඟට ඉවත ලන ආහාර , කඩදාසි ආදී ඓන්ද්‍රිය (ඔර්ගනික) අපද්‍රවය පහල තිබෙන උදුනට දමා ඒවා දහනය කර එයින් නිවසට අවශ්‍ය තාපය ලබාගැනේ ( වතුර උණු කිරීම ආදියට). මේ උදුනටම වත්තෙන් ලැබෙන දර ද භාවිතා කරනු ලැබේ. ඉතින් ඔවුන්ගේ විදුලි වියදම හා ගෑස් වියදම ඉතා අඩුය. උඩම තට්ටුව සිත කාලයට මදක් සීතල වුනත් එහි සිටින නිවසේ තරුණ ළමයිනට එය ගණනක් නැත . උඩට යනවිට ජලය සීතල වෙන නිසා වැසිකිලි හා නන කාමර ඇත්තේ පහලය. ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට එය ප්‍රධාන ජාලයට විකුණා මුදල් ලබා ගනී. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත නොපා ජිවත් වෙන්නට හැකි වී තිබේ. නමුත් මේ සියල්ල කර ගැනීමට මුල් මුල්‍ය ආධාරය දී ඇත්තේ ජර්මන් රජයෙනි. ගමේ අනිත් නිවාසයන්ද මේ ආකාරයට වෙනස් කර ඇත. මා මුලින් සිතා සිටියේ සෝවියට් දේශයේ මෙන් නිවෙස් සියල්ල රජයට අයිතිය කියායි. සොයා බැලු විට මෙහි තත්වය වෙනස්ය.
සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු සියලුම පුද්ගලික නිවාස රජයට පවරා ගත් පසු, මුලදී හොඳින් සංරක්ෂණය වූ ධනවතුන් ගේ හා මධ්‍යම පාන්තිකයන්ගේ නිවෙස් වලට පදිංචියට පැමිණි ජනතාව ඒවා හොඳින් බලා කියා ගත්තේ නැත. එසේ කිරීමට දැනුමක් හෝ සම්පත් තිබුනේ ද නැත. අනිත් කරුණ නම් ඒවා ආණ්ඩුව සතු නිසා ඒවා බලා කියා ගැනීමට ජීවත්වූ කිසිවෙකුගේ උනන්දුවක් තිබුනේද නැත. ඒ නිසා ඒ ගෙවල් පසු කලෙක ඉතා ජරාජීර්ණ වී ගියේය. ඉන්පසු 60-70 අවධියේ විශාල තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන තෙක් දැඩි නිවාස හිඟයක් තිබුණි. ඒ නිවාසයන් රැක බලා ගත්තේ ප්‍රාදේශීය සභා හා නගර සභා නිසා ඒවායේද අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්න තිබුණි. තමන්ට අයිති නැති නිසා ජනතාව උනන්දුවක් ගත්තේ ගෙවල් වල ඇතුලත හොඳින් තබා ගන්නට පමණි. එකී නිවාස උණුසුම් කිරීමට නැවතීමකින් තොරව ක්‍රියාත්මක වූ තාපකයන් නිසා බලාගාර නිපදවන තාපයද නාස්ති වුනි. විදුලියත් ඒ ලෙසම නාස්තිකාරී ලෙස භාවිතා වුනි. න්‍යෂ්ටික බලාගාර වලින් එන විදුලියේ මිල ඉතාම ලාභ නිසා මෙය කිසිවෙකු ගණන් ගත්තේද නැත.
පරණ කියුබන් නිවසක්:
කියුබාවේ සමහර නිවාසත් මෙලෙසම ජරා ජිර්ණ බව දක්නට ලැබේ. ඒවා අලුත්වැඩියා කිරීමට කියුබානු රජයට මුදල් නැත. ඇමෙරිකානු සම්භාධක නිසා භාණ්ඩද නැත. රාවුල් කැස්ත්‍රෝ පසු ගිය අවුරුදු දෙකේ සිට තමන් ජිවත් වන නිවෙස් වල අයිතිය කියුබනුවන්ට පවරා දෙන්නට පටන් ගත්තේය. දැන් කියුබානුවන්ට නිවාස විකුණන්නත් පවරා දෙන්නටත් හැකිය. මේ ගැන සඳහනක් කරන එක් බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ දැන් කියුබාව නිවාස අයිති කර ගැනීමට ඉඩ දීමෙන් ප්‍රාග්ධනය නැවත ඇති කර ඇති නිසා කියුබාව ධනවාදී ගමනකට මුල පුරා ඇති බවයි.
විකිනීමට ඇති කියුබන් නිවසක්:
නිවෙස් හිමියෙකු ගේ නිවසේ වටිනාකම ප්‍රාග්ධනය නම් ඔහු එම ප්‍රාග්ධනයෙන් සූරා කන්නේ කවුද? ඔහු ගෙවල් කිහිපයක් මිලදී ගෙන , නැවත නැවතත් විකුණා ලාභ ලබා කම්හලක් පිහිටුවා ධනපතියෙකු වුවහොත් එම තර්කයට එකඟ විය හැක. නමුත් වැසියන් බොහොමයකට තමන්ගේම නිවස හිමි වීම ධනවාදයට යාමක්ද?
දැන් අර නැගෙනහිර ජර්මන් ගමේ හැම නිවසක් ම ඉතා හොඳින් රැක ගෙන තිබුනේ ජර්මන් රජය නිවාස පවරා නොගත් නිසාය. ස්ලාවෝයි ජිජැක් ඉපදී හැදී වැදුන පරණ යුගොස්ලාවියාවට අයත් ස්ලෝවෙනියාවේ නිවෙස් රජයට පවරා ගත්තේ නැත. ඒවායේ අයිතිකරුගේ හිමිකම වෙනස් කලෙත් නැත. රටවල් දෙකේම නිවාස නැති අයට රජය විසින් තට්ටු නිවාස සාදා ලබා දුන් අතර ඒවායේ අයිතියෙන් භාගයක් රජය යටතේත් ඉතිරි භාගය නිවස හිමියා යටතේත් තබා ගන්නා ලදී. මෙයින් සිදුවුනේ හොදින් රැක බලා ගත් නිවාස පද්ධතියක් තවමත් තිබීමයි. එංගලන්තයේ හවුසින් ඇසෝසියේෂන් වල ක්‍රියාත්මක වෙන්නෙත් මේ ක්‍රමයමයි.
මාග්‍රට් තැචර් යනු මා කැමති දේශපාලනඥයෙක් නොවේ. ඇය අන්ත දක්ෂිනාන්ශයට අයත් අගමැති වරියක ලෙස පෙනී සිටියාය. නමුත් ඇගේ එක වැඩ සටහනකට මා කැමතිය. එනම් රජය යටතේ පැවති කවුන්සිල් ගෙවල් හෙවත් සහනාධාර යටතේ දුන් රජයේ ගෙවල් එම වැසියන්ටම ඒවා අඩු මුදලකට මිලදී ගන්නට සැලැස්වීමයි. ඇය එය කලේ ඒවා නඩත්තුවට යන වියදම ඉතිරි කර ගැනීමට වුවත් බොහෝ අය ඒවා මිලදී ගෙන නඩත්තු කළහ. නැත්නම් දරුවන්ට දුන්හ.
දැන් ඉතින් මාතෘකාවට යමු. මම විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ 1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය.
නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය අවුරුදු විස්සකට පසු (දැන් 2015) පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම් කල විදුලි ඉංජිනේරුවන්ගේ සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා, පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.
මා විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව සොයා බැලුවෙමි. එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.
බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි. සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.
මෙහි තිබෙන්නේ වහලේ පහල කොටසයි.
මා විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව සොයා බැලුවෙමි. එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.
නමුත් පසුගිය අවුරුදු දෙක තුල විදුලිය නිපදවන ක්‍රම ගැන විශාල වෙනසක් ජපන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරිම නිසා ඇතිවුනි. ජර්මනිය න්‍යෂ්ටික බලාගාර අඩු කරමින් වෙනත් මාර්ග වලින් විදුලිය ඉපදවීම වේගවත් කරන ලදී . නිවාස හිමියන්ට ණය ආධාර ලබා දෙමින් සුර්ය පැනල මෙන්ම ඔර්ගනික අපද්‍රව්‍ය වලින් විදුලිය හා තාපය ලබා ගැනීමේ ක්‍රමවේදයන් අත්හදා බැලීමටද උනන්දුවක් ඇති කරන ලදී . දැනට මිලියන් 1.5 කට ආසන්න ෆොටෝවෝල්ටයික් photovoltaics (PV) පැනල ජර්මනිය පුරා සවි කර තිබේ. යුරෝපා සංගමය විසින් වෙනත් ආකාරයේ විදුලි උපදවන ක්‍රම භාවිතා කිරීම වැඩි කිරීමට සාමාජික රටවලට බල කරන ලදී.
මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද සුර්ය පැනෙල සවි කිරීම සඳහා නිවෙස් හිමියන්ට ණය ආධාර දෙන්නට සිදු වුනි. මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි වීමත් මිනිසුන් ඒවා සවි කිරීම වැඩි වීමත් සහ ඒවා සවි කිරීම සඳහා වෙළඳ සමාගම් බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස 14ක් රජය මගින් ගෙවීමයි.
සවි කිරීම් වැඩි වීමත් සමග ගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍ය රජය විදුලිය නිපදවන ඒකකයකට ගෙවන මුදල 2015 සිට පැන්ස 13 ට අඩු කරන බව ප්‍රකාශයට පත් කළේය. මේ නිසා නැවතත් සොයා බැලූ අපට පෙනී ගියේ සූර්ය පැනෙල වල ගාණ ඉතාමත් සිඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. චීනයේ නිපදවෙන ලාභ පැනල පවුම් 5000ට අඩු වෙනුත් (පැනල 16ක් සම්පුරණයෙන් සවි කිරීමට යන මුදල ) හොඳ වර්ගයේ පැනෙල පවුම් 8000 පමණ මුදලකටත් සවි කිරීමට හැක. ඒ අවුරුදු දෙකකට කලින් තිබු ගණනින් භාගයකටත් වඩා අඩු වීමකි.මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද සුර්ය පැනෙල සවි කිරීම සඳහා නිවෙස් හිමියන්ට ණය ආධාර දෙන්නට සිදු වුනි. මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි වීමත් මිනිසුන් ඒවා සවි කිරීම වැඩි වීමත් සහ ඒවා සවි කිරීම සඳහා වෙළඳ සමාගම් බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස 14ක් රජය මගින් ගෙවීමයි.
බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි. සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.
අපි සොයා ගත් ආකාරයට චීන පැනල ලාභම ඒවා වන මුත් ඒවායේ තත්ත්ව වාර්තා ඉතාමත් දුර්වලය. ඒවා අවුරුදු 4ක් පමණ හොඳට වැඩ කලත් ඉන්පසු 50% පමණ ධාරිතාව අඩුවී විදුලිය නිපදවේ. කල් පැවතීම අතින්ද ඒවා ඉතා දුර්වල මට්ටමක පවතී. ඉන්පසු අපි සොයා බැලුවේ මිල ගණනින් ටිකක් ඉහල මැලේසියාවේ නිපදවන පැනල පිලිබඳවය. ඒවා තරමක් දුරට හොඳ අතර වසර 10 ක් පමණ මුළු ධාරිතාවයෙන් වැඩ කරයි. නමුත් සවිකිරීමට ලාභම චීන ඒවා බව කියමින් බොහෝ සමාගම් අප පසුපස ආහ. ඇමෙරිකානු සමාගමකින් මැලේසියාවේ නිෂ්පාදනය කරන ඒවාත් හොඳ බව අපි දුටිමු.
නමුත් ජර්මන් නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස් බව අපට වැටහුනේ ජර්මන් වෙබ්සයිට් වලින් හා ඒවා නිපදවන කරමාන්ත ශාලා වලට කතා කිරීමෙන් පසුවය. ස්වීඩනය වැනි රටවල පවා භාවිතා වන්නේත් ඒවාය. අවුරුදු 20 - 25ක පමණ කාලයක් තුල සුර්ය කෝෂ නිපදවා ලබාගත් අත්දැකීම් වලින් පිරුණු ජර්මන් සමාගම් බොහෝ කල් පවතින සුර්ය පැනල හොඳින් නිමවති. අපි විසින් මිලදී ගත් ඇන්ටාරිස් නමැති පැනල වර්ගය ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ ඇති පර්යේෂනාගාරයේ නොයෙකුත් තත්වයන්ට අනුව පරික්ෂණ සිදු කරමින් සැම විටම උසස් තත්වයෙන් නිමවීමට යත්න දරා තිබු බවත් මේ නිසා මේ පැනලයක් අවුරුදු 20කට පසුත් 95% ට වැඩ ධාරිතාවකින් වැඩ කරන බවත් ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකිය. එසේම ඔවුන් අවුරුදු 30 කට නොමිලේ රක්ෂණයක් (ගැරන්ටි) පවා සහතික වෙති . එනම් අවුරුදු 30කට ආසන්න වෙත් දී 80% ධාරිතාවකින් විදුලිය නිපද වුවේ නැත්නම් ඔවුන් නොමිලයේම පැනල් එවන බවට ලිඛිතව පොරොන්දු වෙති. බොහෝ අය අපට කීවේ එංගලන්තයේ හිරු එළිය ඇති කාලය අඩු නිසා මෙලෙස විදුලිය නිපදවීම ලාභයක් නැති බවයි. නමුත් අප කලේ ඒ පිලිබඳ උපදෙස් දෙන අය සමග එක්ව ගණනය කිරීමයි. මේ ගණනය කිරීමේදී, අප නිවසේ දහවලට නොසිටින කාලය අතර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙන අතරේදී අප විසින් දහවල හෝ හවස වොෂින් මැෂින්, ඩිෂ් වොෂර් ආදිය ක්‍රියාත්මක කලොත් සුර්ය කෝෂ මගින් සපයන විදුලිය ඒ සඳහා පාවිච්චි කල හැකි බවද සැලකිල්ලට ගතිමු. රාත්‍රියට රුපවාහිනිය හා කොම්පියුටර, ශීතකරණය, ලයිට් වලට අපට විදුලිය සපයන සමාගමේ විදුලිය යෙදවෙයි. ආණ්ඩුව අපට ගෙවන මුදලත් අප ඉතිරි කරන මුදලත් සලකා බැලුවිට අවුරුදු හයක් ඇතුලත අප ආයෝජන කල මුදල අපට ලැබෙන බව පෙනී ගියේය. මේ නිසා අප මෙහිදී රජයේ ණය මුදල ප්‍රතික්ෂේප කෙළෙමු. එවිට අපට අවශ්‍ය ලෙස සියල්ල කර ගැනීමට හැකි වූ අතර අපට රජයට මුදලක් ගෙවන්නට සිදුවන්නේද නැත.
දෙසැම්බර් මාසයේ සිට අප විසින් විදුලිය නිපදවා ග්‍රිඩ් එකට දෙන අතර අපට පළමු චෙක්පතද ලැබුණි. එසේම විදුලි බිලද ඉතාමත් සිඝ්‍රයෙන් අඩු විය.
මේ ලෙසට එංගලන්තයට හිරු පෑව්වොත් අවුරුදු පහකින් පමණ අප කල ආයෝජනය ලැබෙනු ඇත. ඉන් පසුව විදුලිය නිකම්ම වගේය.
පහල තිබෙන්නේ වහලේ උඩ කොටසයි.
මෙහි තිබෙන්නේ වහලේ පහල කොටසයි.
මේ තිබෙන්නේ විදුලිය පරිවර්තනය කරන ඉන්වර්ටරයයි.
බොහෝවිට ශීත කාලයේත් හිරු එලිය තිබෙන අතර දෙසැම්බරයේ විදුලිය නිපදවෙනු පහත ඇති මිටරයෙන් පෙනේ.
මේ ඊයේ ජුනි 11 එක පැනල් සෙට් (8ක ) එකකින් නිපදවු විදුලියයි.
මේ තිබෙන්නේ අනිත් පැනල් 8යි
මා මෙහිදී යෝජනාවක් කරන අතර ප්‍රශ්නයක්ද ඉදිරිපත් කරමි.
යෝජනාව නම් ශ්‍රී ලංකාවේ රජය විසින් පැනල සවි කිරීමට නිවෙස් හිමියන්ට ඉතා සහන කොන්දේසි යටතේ ණය ආධාර ලබා දිය යුතුයි. එසේම ඔවුන් විසින් ද සුර්ය පැනල සහිත විදුලිය නිපදවන කෙත් (බලාගාර වැනි) පිහිටුවිය යුතුයි. එංගලන්තයේ අපට අවුරුදු හයකින් යෝජනා කල මුදල ලැබේ නම්, අවුරුද්ද පුරා තද හිරු එලිය ඇති ලංකාවේ එය අවුරුදු 3 කින් ලැබෙනු ඇත. විදුලි පාරිභෝගිකයන් ට ආදායමකුත් තම විදුලිය විකිණීමෙන් ලැබෙනු ඇත.
ප්‍රශ්නය නම් ලංකාවේ බොහෝ සමාජවාදී පක්ෂ ගිරවුන් මෙන් සමාජවාදය පිහිටුවිමේදී සියල්ල ජනසතු කරන බව කියති. එනම් ඇත්තටම වන්නේ රජය සතු වීමකි. (නිර්ධන පන්ති ආඥාදායකත්වය හෝ වේවා ) මෙයට නිවෙස් ද අයත්ය. යුගෝස්ලාවියාවේ හා නැගෙනහිර ජර්මනියේ රජයට පවරා නොගත් නිවාස දැනුත් නියම අයිතිකාරයන් ජිවත් වෙමින් හොඳින් තිබේ. රුසියාවේ රජයේ නිවාස ඉතා දුර්වල මට්ටමක පවතී. රාවුල් කස්ත්‍රෝ කියුබාවේ නිවෙස් නැවත ගෙහිමියන්ට පවරා දෙයි.
ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය හරිද?
අපේ නිවසක් නොවේ නම් මුදල් වියදම් කර සුර්ය බලයෙන් විදුලිය නිපදවා රජයටත් කොටසක් දීමට මට අවශ්‍යතාවයක් ඇති වෙයිද?
ප.ලි. මගේ යහළුවෙකු මතක් කර දුන්නා අපට ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රේනිං එක ලැබීමට සැලැස්වුයේ හා ආචාර්ය සියඹලාපිටිය මහතාගේ උදව් ලබා දුන්නෙත් එවකට එහි සේවය කල ආචාර්ය නිමල් විජයින්දු මහතායි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ සේවය කරනවා.