Sunday 20 October 2024

අනුරගේ ආගමනයේ අසම්භාව්‍යයේ සම්භාවිතාව


අපි 2018 දී  ශ්‍රී ලංකාවේ සංචාරයකට වසරේදී ගියෙමු. එහිදී ලුණුගල පෙදෙසේ ජීවත්වූ  හිතවත් ලේඛක සහෝදරයෙකු  හමුවීමට සහ ඒ පෙදෙසේ සංචාරයකටය .  ඒ  ගිය අවස්ථාවේ අප නතර වුනේ මහියංගනයේ හෝටලයකය. රාවණා රජු විසින් සීතා රඳවා සිටි තැනක් යයි සැලකෙන ස්ථානයක ඉදිරියෙන් පිහිටි එම පියකරු හෝටලය ගැන අපට පැවසුවේ මහියංගනයේ ජිවත්වන අපේ හිතවත්  බ්ලොග් රසිකයකු හා  සාර්ථක ව්‍යාපාරිකයෙකුද වන සාහිත්‍ය ලෝලියෙකි .   ඒ ගැන මේ බ්ලොග් ලිපියේ ලියා ඇත .  -බදුල්ලේදී පැරණි මිතුරෙකු සහ මහියංගනයේ දී බ්ලොග් රසිකයෙකු හමුවීම-

මේ ලියන්නේ එහි නොලිව් කතාවය .  අපි එක රැයක් පමණක්  නතර වුනු එම හෝටලය පියකරු නව කාමර වලින් සමන්විත  තවමත් සමහර   ඉදිකිරිම්  නිම නොවූ   එකකි .  එහි නැවතුනු අපට රාත්‍රියේ ප්‍රණීත  ආහාර වේලක් ද කාර්ය මණ්ඩලය  සූදානම් කර දුනි .   අපේ දරුවන් හෝටල් කාර්ය මණ්ඩලයට කතා කර බාර් එකේ සින්දු දමා  නටන්නට ගත්හ .  මගේ සොයුරිය සහ සොයුරාගේ  දරුවන්ද කැටුව ගිය නිසා සියලු දරු දැරියන් අවුරුදු දොළහේ  සිට දාසය දක්වා වයස් වල විය .   රෙස්ටුරන්ට් එකේ සිටියේ අප පමණක් නිසා ඉංග්‍රීසි සින්දු දමා  නැටීම ගැන ප්‍රශ්නයක් ඇති වේ යයි නොසිතුවෙමු. මමත්,  මගේ සොයුරාත්, සොයුරියත්, අපේ වයසක මවත්  කතා කරමින් සිටින අතර ඉනෙස් ද දරු දැරියන්  සමග නටන්නට වූවාය . 

එහිදී කිසියම්  ජාතික ඇඳුම් ඇදගත් දෙතුන් දෙනෙකු සහිත මැදිවයස් වල පිරිමින් හතර පස් දෙනෙක් සංගීතය අසා දෝ බාර් එකට පැමිණ බොන්නට සහ නටන්නට පටන් ගත්හ .  ඔවුන් කොහේදෝ සිට කලින් බී පැමිණියවුන් බව අපට පසක් වුනි .  මේ පිරිමින්  ඝෝෂා කරමින් අපේ දැරියන්  නටන තැනට එන්නට උත්සාහ දැරූහ.  හෝටලයේ කාර්ය මණ්ඩලය එය වලක්වා ගැනීමට මුලදී සමත් වුනි. නමුත් මම මල්ලිට පැවසුවේ අවස්ථාව එතරම් සුදුසු නැති නිසා අප කාමරවලට යාම සුදුසු බවයි .  එවෙලේම වගේ කළමණාකාර ලෙස සිටි තරුණ මහතා පැමිණ අපට කාමර වලට යන ලෙසට ආයාචනා කළේය. 

"සර්, අපි මුලදී ඒ ගොල්ලන්ව බාර් එක ගාවම තියා ගන්න ට්‍රයි කළා දකින්න ඇතිනේ. දැන්නම් ටිකක් අමාරුයි නවත්ත ගන්න". ඔහු පැවසීය.  ඔහුගේ කීම පිළිගෙන අපි සියලු දෙනා ළමයින්ද සමග කාමර වලට ගියෙමු .  එහෙත් තංගල්ලේ රුසියානු තරුණිය  සහ ඇගේ බ්‍රිතාන්‍ය පෙම්වතාගේ සිදුවීමද මතක තිබූ හෙයින්,  මම කෝකටත් කියා අපේ කාමර දෙක තිබූ  ඉහල මාලයේ බැල්කනියට වී සිටියෙමි .  එයට පහල මාලයේ ද අප කාමර දෙකක් රැගෙන තිබූ බැවිනි .  බිරිඳ ද නින්දට නොගොස් දොර අසල රැඳී සිටියාය .  අප පැමිණ ටික වෙලාවකින් තමන්ගේ විශාල පැජරෝ වාහන වලට නැගීමට පැමිණි තඩියන් ගෙන් දෙදෙනෙක් අප සිටින කාමර අසලට පැමිණියහ .  එසේ පැමිණ හැඳ  සිටි වේට්ටි ඔසවා, රජ තුන කට්ටුවම එළියේ දමමින්   ඒ අසල මල් පාත්ති වලට මූත්‍රා කළහ .  ඔවුන් අප නැවතී සිටියේ එතන බව දැන  සිටියහ .  නරියන් හැසිරෙන්නේ එලෙසය. ඒ කළේ තර්ජනයක්ය. නරින් තමන්ගේ සීමා සලකුණු කරන්නේ එලෙසය .   

   මා ලංකාවට යනවිට සාමාන්‍යයෙන් නතර වෙන තවත් සංචාරක නිකේතනයක් තිබේ ,  සුන්දර නිස්කලංක පෙදෙසක නාන  තටාකයක් සහ කබානා ද ඇති එතරම් මිල අධික නොවන එහි අයිතිකරු එය විකුණා දැමුවේ වසර කිහිපයකට පෙරය .  එහිදී ඔහු මගේද උදව් ඉල්ලු නිසා මා දන්නා  විදේශික මිතුරන් කිහිප දෙනෙකුටද  පැවසුවෙමි. විකිණීමට වූ  හේතු අතර  ප්‍රාදේශීය දේශපාලනඥයන් ගේ හා උසස් පොලිස්  නිලධාරී න්ගේ උත්සව පැවැත්වූ පසු ඒවාට මුදල් නොගෙවීම ද ද විය .  එසේම ඔවුන් හිටි හැටියේ කඩා වැදී නොමිලේ කා බි නතර වී යාමද සිදු කළහ.  නිවාඩු නිකේතනයකට නොමිලේ පහසුකම් දියහැකි  සීමාවක් තිබෙන  බව මේ දේශපාලන අඳබාලයන් නොදත්හ . 

මේ අනීතික සාමය  මෙන්ම ඉන්පසු පැවැති ගෝඨාභය රජයේ දුර්වලකම හා අදූරදර්ශී පාලනය නිසා අරගලයක් පැන නැගී අතර එයින් පාලන බලය ලබා ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය .  ඔහු ආර්ථිකය ස්ථාවර  කල අයුර පිළිබඳව මගේ ප්‍රසාදයක් ඇතත් ඔහුට සහයට සිටි අය අතර ශ්‍රී ලංකාවේ  ජනතාව ප්‍රතික්ෂේප කළ දුෂිතයන් ලෙස එනම් කල බොහෝ දේශපාලනඥයන් ද  විය.  ඒ අතර ඔහුගේ රජයට උද්යෝගයෙන් වැඩ කල කාංචන විජේසේකර වැනි තරුණ ඇමතිවරුන්ද සිටියහ.  

   නමුත් රනිල්ගේ භූමිකාව ට සහමුලින්ම ඉරක් ඇඳුනේ කිසියම් අගනා ලෝහයක නමකින් හදුන්වන දේශපාලකයෙකුගේ විගඩම් නාටකයක් නැරඹීමට ලැබීමත් රනිල් වික්‍රමසිංහ ද එහි ආශාවෙන් හිඳ සිටීමත් දැකීමෙනි.කෙතරම් ආර්ථිකයට සුව දායක වුවත් මේ ජනතාවට එපා වුවන් රැගෙන නැවත රනිල් ගේ පැමිණීමක් මට සිතා ගත නොහැකි වීය.

ශ්‍රී ලංකාවේ මෙවර මැතිවරණය ඉතාමත් තීරණාත්මක එකකි .  අනීතිය රජ කරවන සමයේ රජ කළවුන් බොහොමයක් තරඟයෙන් ඉවත්ව තිබේ .  ජාතික  ජන බලවේගයෙන් ටෙක්නොක්‍රැට් ලා හෙවත් වෘත්තීය හා අධ්‍යපන සුදුසුකම් වලින් ඉහල මට්ටමේ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ . මේ අය  ප්‍රජාතන්ත්‍රවාදී තෝරා ගැනීම් වලින් නොව  ජවිපෙ වැනි පක්ෂයක  දේශපාලන බල මණ්ඩලය  හා  එහි එහි බල ව්‍යුහය මගින් මෙහෙවන කණ්ඩායමක් ලෙස කෙනෙකුට දැකිය හැකිය .  නමුත් ඔවුන්ගේ වෘත්තීය  හා අනිකුත් සුදුසුකම් අනුවද ජනතාවට බරක් නොවෙන වරප්‍රසාද රහිතව සේවය කරන්නට සූදානම් පිරිසක් ලෙසද  ඔවුන්ට බහුතර බලය ලබා දිය යුතු බව මගේ අදහසයි. මෙතෙක් කල් පාලනය කල නියම ප්‍රජාතන්ත්‍ර වාදයෙන් තොර ගත් පිරිස ඉවත්ව යන්න ප්‍රශ්න රාශියක් ඇති කර දමමිනි .  

මා පහටැහැ සඳහන් ලිපියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යම් ප්‍රතිපත්ති හාස්‍යයට ලක් කලද (පෙරටුගාමීන් ශ්‍රී ලංකාවේ පූර්ණ සමාජවාදී රාජ්‍යයක් පිහිටුවති - බීසීසි)  ඔවුන් ගෙන් සමහරුද සත්‍ය වශයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වීමට  සුදුසු අය යයි සිතමි .  ටෙක්නොක්‍රටික් රජයකට සාර්ථක විවේචනාත්මක විපක්ෂයක් අවශ්‍යය .  පාඨලී  රණවක අවාසනාවකට තරඟයෙන් ඉවත්ව වුව ද ඔහු ද සිටිය යුතු අයෙක් යයි හඟිමි .  සජබ පාර්ශ්වයේ ආචාර්ය හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්නද, යුඇන්පියෙන් තරඟ  වදින කාංචන විජේසේකර ද සුදුසු අය ලෙස සිතමි .  දීප්ති කුමාර ගුණරත්න ගේ සමබිම පක්ෂයෙන්ද අපේක්ෂකයන් පිරිසක්  ඉදිරිපත් කර තිබේ .  ඔහු රනිල්ට සහය දුන්නේ ශ්‍රී ලංකාවේ ධනවාදය සංවර්ධනය විය යුතුය යන අදහසේ සිටය .  මම ඒ අදහස යම්තාක් දුරට අගය කලද ජාජබ රජයක් බොහෝවිට වියට්නාම , චීන රාජ්‍ය ක්‍රම අනුසාරයෙන් ආර්ථිකය හසුරුවන බවට ඉඟියක් ලැබී තිබේ .  ආර්ථිකය එලෙස හසුරුවන්නේ නම් සහ සාර්ථක පාර්ලිමේන්තුවක් තුල රටේ දියුණුවක් ඇති විය හැකි බව මගේ විශ්වාසයයි .  
      
පාර්ලිමේන්තුවට, පළාත් සභා වලට හෝ නගර සභා වලට පත් නොකර එවිය යුත්තේ මා මුලදීම සඳහන් කල නීතියක් නොසලකන නරුම දේශපාලන නරින්ය.  

 කිසියම් දෙයක් සිදුවීම පිළිබඳව සම්භාවිතාවක් තිබේ .  එකම සිද්ධි දාමයක සම්භාවිතාවයන් පොකුරක මධස්ථ අගයක්  හෙවත් සාමාන්‍ය (mean) සම්භාවිතාවක් තිබේ. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහණයට කිසියම් සම්භාවිතාවක් තිබුනද බොහෝ දෙනෙකු එය ඉහල අගයක් වෙතැයි විශ්වාස කලේ නැත. රනිල් ලක්ෂ විස්සක් ලබා ගනී යයි සජබේ ,  පෙසපේ හා සමහර ජවිපෙ අයද විශ්වාස කලේ නැත .    එහෙත් අනුර කුමාර දිසානායකට ඒ ගැන මනා වැටහීමක් තිබුණි . 

මම මුලින්ම  ජාතික ජන බලවේගයේ සමුළුවකට සහභාගී වනවිට ඉදිරියට එන ජනතා කැමැත්ත පක්ෂ සාමාන්‍ය පක්ෂ දේශපාලනය අභිබවා යන අසම්භාව්‍ය  සම්භාවිතාවක් ඇති සිදුවීම් පෙළක් බව වැටහුණි .   මේ ලිපි දෙකම  : ටිල්වින් සිල්වා සහෝදරයා ට ප්‍රශ්න කිහිපයක් සමග ජාජබේ ඇට් ලන්ඩන්ෂාරුක් ඛාන් ජයතිස්ස ලියවුනේ ඒ අනුවය .  

 මේ ලිපි  දෙක  හාස්‍ය ය මුසු ඒවා වුවද ඒවායින්  සිදුවීම් පෙළ ගැසෙන හැටි තේරුම්යන්නට  ඇතැයි සිතමි. ලන්ඩනයේ පැවති දෙවන සමුළුවේදී අනුර කුමාර දිසානායකට පිළිගැනීම ලැබුනේ අනාගත ජනපති ලෙසය .  
ඔහුගේ කතාව මම සම්පුර්ණයෙන් ම අසා  සිටියෙමි .  ඔහු කිසිම තැනක වචන වරද්දා  නොගත් අතර තමන් පිහිටුවන අනාගත රජයට ලේබල් ගැසීමක් ද නොකළේය . 
 
 පසුව ඉතා අහම්බෙන් මට අනුර කුමාර දිසානායක වෙන්ඩ  ජනාධිපති සහෝදරයා යහළුවෙකුගේ නිවසේදී හමුවුණි .   එහිදී අමුතුවෙන් රඟපෑමක් නොකළ ඔහු කහට තේ කෝප්පයකින් සප්පායම් වෙන අතරේ තමාගේ ඉදිරි වැඩ පිළිවෙල හා අමාරුකම් ගැන සමාලෝචනයක් කළේය. ඔහු කතා කලේ බොහෝ සන්සුන්ව අමුතු රඟ දැක්වීමකින් තොරවය.    

යන්න ළං වෙද්දී මම අප තම්බමින්  සිටි  රුසියානු පිල්මේනි වලින්  කිහිපයක් දීසියකට දමා   කෑමට ආරාධනා කලෙමි. ඔහු එකක් කන්නට යද්දී ආරක්ෂක සගයා  වහා එකක් රැගෙන මුවේ රුවා  ගත්තේය .  ඔහු ඉතා නිවැරදිය .  අපව විශ්වාස කරන්නේ කොහොමද?  හමුවුණෙත් එදාමය . 

අනුර සහෝදරයා පිල්මේනි කෑල්ලක් කා , " ෂාහ් මේව අරහයි නේ .  කලින්ම දුන්න නම් කාල යන්න  තිබුනා. ආයේ ආපු වෙලාවක කමු"   යැයි පැවසිය. 
මට හිතුනේ අනුර කුමාර සහෝදරයා පරණ සෝවියට් සාහිත්‍යය කියවූ පරපුරේ නොව ඉන් පසු පරපුරේ විය හැකි බවය .  බොහෝවිට ඔහුගේ රජය නවතාවයක් සිරිලකට රැගෙන එනු ඇත.

නැවත පැමිණි විටෙක ඔහුට අප හමු නොවනු ඇත්තේ ඒ පැමිණෙන්නේ රාජ්‍යයේ නායකයා  නිසා  හමුවන්නට  බොහෝ අය සිටිය හැකි බැවිනි .  

ජනාධිපතිවරයා සමග අහම්බෙන් ගත්   සෙල්ෆිය පල කරන්නට නොසිතා සිටියද එය ෆේස්බුක් හි පල කරන්නට සිතා ගතිමි . 

මා ගන්නා ස්ථාවරය  නිවැරදි එකක් යයි දැනගත හැක්කේ තව අවුරුදු පහකින්ය.

- අජිත් ධර්මකීර්ති  - 20/10/2024 








 

   


  

31 comments:

  1. අගෙයි අගෙයි ඉතා මැනවි
    ලියා තිබෙන දේත් මැනවි
    දක්වන අදහසුත් මැනවි-
    නව යුගයක් උදා වේවි!

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හැම වෙලේම
      හිතුවේ එහෙම තමා නිදි
      හැබැයි අන්තිමට වෙන්නේ
      මැනවින් හැම** යාම
      ඔන්න ඔහේ මේ පාරත්
      'පොරොත්තුව අපට තියේ

      Delete
  2. අජිත් මහත්මයා , නාකි සොම්බියා ඔච්චර රටට වැඩ කළා නං ඇයි ඕක මහා මැතිවරණයට ඉල්ලනෙ නැත්තෙ? 😂😂😂. අපි නං සැනසිල්ලෙ ඉන්නෙ නාකි සොම්බියා වලකජ්ජ ගැහුවට පස්සෙ. කාට චන්දෙ දුන්නත් නාකි සොම්බියාට ගෑවුනු එකෙක්ට දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මම දන්නා විධිහට WB එකේ පෝස්ට් එකක් අරන් යනවලු නේද ? මිනිහ මොන වැඩද කලේ? ආර්ථිකය හසුරුවා ගැනීම ඇරෙන්න

      Delete
    2. අජිත් මහත්මයා , අපිට ආරංචි විදියට නාකි සොම්බියා UN එකේ දේශගුණ විපර්‍යාස මොකක්ද එකටට රිංගගන්න දඟලනවා.

      Delete
  3. රෙද්ද උස්සා පෙන්නන දේශපාලන සංස්කෘතිය වෙනස් වේදැයි බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. මමත් එසේ බලා සිටිමි . ස්තූතියි

      Delete
    2. හෝටල් සීන් එකනම් මහ පාදඩ වැඩක්. ඔය ඇමති, මන්ත්‍රීන්ට පුප දෙන උන්ට කලක් යද්දී හැදියාව, නීතිය වගේ ඒව අමතක වෙනව... උන්ගේ මහ එවුන්ගෙ හයිකාරකම් ඔලුවට ගහන නිසා.
      මේ පාර චන්දෙන් ඔය මජර සංස්කෘතියට කුඩු වෙන්න වැදුන එකනම් ඉතාම සතුටුදායක කාරණයක්!

      Delete
    3. පළාත් ආදී ඒවටත් ඒකම කරන්න ඕනේ

      Delete
  4. ඔය පාදඩ දේශපාලන ගැත්තන් වැඩි හරියක් රජාගේ කාලෙ හැදුන එවුන්.

    ReplyDelete
    Replies
    1. ඒකෙ සෑහෙන ඇත්තක් තියනව . ඒකනේ මිනිස්සු 2.50 ට බැස්සුවේ .

      Delete
  5. සුළුතර බොකපති ලප කොටා හට
    චන්දය දුන් මී හරක් කැල
    දැන් ඉන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් ලෙස
    හාල් බිත්තර මිල අහස උස

    ReplyDelete
    Replies
    1. දුහ් කිව්වෙ ! නාකි සොම්බියට පුක දෙන අවජාතක බල්ලට.

      Delete
    2. මිල ඉහල යාම හොයා බලන එක හොඳයි . කෘතිමව කරනවද කවුද දන්නේ

      Delete
  6. කියෙව්වා. මොනවා කියන්නද මන්දා? මේක ආර්ථිකව විතරක් නෙමෙයි, දේශපාලනිකව සහ සමාජයක් හැටියටත් බංකොලොත් වෙච්ච රටක්. රටේ ඉහල තැන්වල ඉන්නෙ පාදඩයො සහ හොරු. වෙනස් වෙන්න ඕනෙ මේ පාදඩ සංස්කෘතියයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි බසු , අපි ඉන්න රටවල යන රටවල හැටි එක්ක . උස්බෙකිස්ථානය හෙම කොච්චර සුරක්ෂිතද

      Delete
  7. @ Ajith

    ඔයා කියන විදියට ලංකාවේ ඩොලරය ස්ථාවර වෙලා IMF ගිවිසුම සමග, ඒත් සැබෑ තත්ත්වය අපට පෙනෙන සත්‍ය නම් ඩුබායි බොහො පිරිස් පක්ශ බේද නැතිව ආයිත් උන්ඩියල් හරහා මුදල් යවනවා.. අලුත් ජනාධිපතිට සහයෝගය දුන්න අය පවා බැංකු වලින් වෙනුවට උණ්ඩියල් වලින් යවනවා

    බැංකු රේට් එක අනුව එක්සත් අරාබි දිරාම් එකක් 79 යි රුපියල් .. හැබැයි, Hawala (උන්ඩියල්) නම් රුපියල් 84 යි.. රුපියල් 5 ක් වැඩිපුර Hawala උන්ඩියල් ක්‍රමය හරහා.. අවම දිරාම් පන්දාහක් යවද්දීත් රු. 25,000 ක් වාසියි, දිරාම් ලක්ෂයක් වගේ යවද්දී ලක්ෂ පහක්, ලංකාවේ අලුතින්ම හොඳම ඔටෝ රෝලර් ගේට් එකක් දාන්න පුළුවන් ඒ ගානෙන් ගෙදරට..

    හරියටම නන්දසේනගෙ කාලයේ කෘතිමව ඩොලරය හිර කරන් හිටිය වගේ..ඔහොම ගිහිං මොනවා වේවිද? මේ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නැහැ ලොකු බලපෑමක් ඇති කියල . මමත් යාළුවන්ට උදව් කරලා තියනවා සල්ලි යවල මොකද විදේශ විනිමය සීමිත නිසා උදව්වක් වශයෙන් . නැත්නම් ඔය පොඩි ගණන් ගැන හොයන්නේ නැහැ . අරාබියේ කට්ටිය යවනවා නම් මොන කරන්නද , පව්නේ ඒ මිනිස්සු . කොහොම සල්ලි යැව්වත් ඒවා සංසරණය වෙනකොට ආර්ථිකය හැදෙනවා

      Delete
  8. සරෝජ් ගුණතිලක21 October 2024 at 06:56

    අජිත් ධර්මා දැන් මාලිමාවට කඩේ ගියාට කවුරුත් ඔහේව ගණන් ගන්නේ නැහැ නේද.

    පච වෙලා ඉවරයි දැන්.

    ඒ නිසා දැන් බ්ලොග් එකත් වහලා ෆේස්බුක් එකත් අයින් කරගෙන ගෙදරට වෙලා පාඩුවේ ඉන්න.

    ඔහගේ අන්ත දුෂිත ගණුදෙනු එළියට එයි කියලා නේද බයේ.

    ජිවිතේ ඉතිරි කාලේ හිරේ ලගින්න සුදානම් වෙන්න.

    අන්තර්ජාතික නීතිය යටතේ අජිත් ධර්මා ශ්‍රී ලංකාවට පිටු වහල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන මේන් අප දැනටත් විජිත හේරත් ඇමතිතුමාට දැනුම් දීලා තියෙන්නේ
    ඒ සහෝදරයා ඒ ටික කරයි.

    ReplyDelete
    Replies
    1. අම්මාට සිරි බොලේ , ආයේ බැස්සද මේ පැත්තේ . කොහොමද ඉතින් ? අනේ බං මලිමවේ සෙට් එක තමා එන්න කියන්නේ . මග ඇරල ඇරලා අපේ යාලුවෝ ඔක්කොම වගේ , දෙදෙනෙක් හැර, ගියාට පස්සේ මාත් ඇහැ ඇරලා බැලුව . පිටු වහල් කරනවා නම් දැන්ම කියපන් ටිකට් එක ගන්න නැතිව ඉන්න

      Delete
  9. අජිත් අයියේ,

    මේ මාධ්‍ය අනාවරණය ඇත්ත එකක් ද?

    https://www.youtube.com/live/eV9eYmPqlkI?si=juWHDXw2oQZk8X8E

    මේක බලලා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ගම්මන්පිල ගේ මාධ්‍ය අනවරණද ? තවමත් ඕව අහන්න තරම් බොලඳද මල්ලිලා . ඔය සෙට් එකේ . හේ හේ ලජ්ජා නැතිද ? අපි හිතමුකෝ නිකමට රවී සෙනෙවිරත්න දැනගෙන මුකුත් කලේ නැහැ කියල . එතකොට සිරිසේන පොල් ගෑවද ? ඔතන ශේප් වෙලා ඉන්නේ රනිල් විතරයි . මොකෝ සිරිසේන රනිල්ව ඩිෆෙන්ස් කමිටුවෙන් එලියට දාපු නිසා . අනිත් සෙට් එක කොහොමත් ඉතින් හේ හේ

      Delete
  10. අජිත් ධර්මාකීර්ති මහතා මෙවැනිම ලිපියක් 2015 වසරේ යහපාලන රජය බලයට පත් වූ පසු පල කරා අපට මතකය.

    එම ලිපියේ සිරිසේන ජනාධිපති වෙනුවට දැන් අජිත් ධර්මා මහතා කර ඇත්තේ කුමාර ජනාධිපතිගේ නම ආදේශ කිරීම පමණකි.

    එහිදී හෝටලයක වෙනුවට අජිත් ධර්මා මහතාට මෙම අකරතැබ්බය වී ඇත්තේ කොටුව දුම්රියක් තුළදීය.

    අජිත් ධර්මා 2015 දී එලෙස ලිපි පල කොට යහපාලන රජයට හේත්තුව නෙලුම් යාය නමැති පදනමක් මගින් සිදුකල විනාශය අපට මතකය.

    මේ දැන් ඔහු ලෑස්ති වෙන්නේ අනුර කුමාර සහෝදරයා සමග ප්ලේන්ටියක් බිව්වා වැනි කතා කියමින් පරිඝනකය ඔස්සේ සාදන ලද ජයරුප පල කිරීමය.

    නොදන්නා අය අජිත් ධර්මා මහතා අනුර කුමාරගේ හිතවතෙක් ලෙස සිතනු ඇත. එනමුත් ඇත්තට නම් අජිත් ධර්මා මහතා අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිදු වැඩක් සිදු නොකළ කකුලෙන් අදිමින් සිටි අයෙකි.

    මේ දැන් ඔහු ලෑස්ති වෙන්නේ කරණමක් ගසා නව රජයට හේත්තු වීමය. ඊළගට නාමල් රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඔහුගේද ගුණ ගයා ලිපි අජිත් ධර්මා මහතා පලකරනු ඇත.

    මලිමාවේ අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ දෙබිඩි චරිතය තව දුරටත් හෙළිදරව් නොකර සිටිනා ලෙසයි. ඔබගේ උදව් හෝ සුබ පැතුම් අනුර කුමාර සහෝදරයාට අවශ්‍ය නැත. ඒවා අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න.

    අජිත් ධර්මා මහතා 2015 පලකරන ලද ලිපිය පහතින්.

    නැවත ආවොත් පරණ රෙජීමයන්

    ReplyDelete
    Replies
    1. අඩේ මරුනේ . ඒ පින්තුර වගේ අනුරගේ පින්තුරෙත් දාන්නම් . නොදා හිටියේ මම ඒවා දාන්න කැමති නැති නිසා . ගෝඨාභය මහින්ද ආණ්ඩුවට මම විරුද්ධයි . ඒකෙ දෙකක් නැහැ . යහපලානේ කියල ආව හොරු කිහිප දෙනෙක් ඒක කෑව අර සිරිසේන කියන ගොබිල එක්ක . උඹ මාලිමාවේ නොවන නිසා හොඳයි . මම අනුරගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසි දෙයක් කරල නැහැ තමයි . ඒක ආයේ කියන්න දෙයක්ය . අනුර අපිට කතා කල මිසක් . ලන්ඩන් මාලිමා සංවිධායකයෝ කතා කළා මිසක් . 2023 ජනවාරි ටිල්වින් සිල්වා එක්ක කතාවක් කලෙත් කට කහනවාට . රානිල් ට උදව් කරන්න තිබ්බ අර ගෝත කරුම ටිකක් එල්ල ගත්තේ නැත්නම් . උන්ව ටජයට හේත්තු වෙලා උන්ගෙන් මොනවා ගන්නද බන් . ඔන්නොහෝ ඔය චන්දෙ ළමයෙකුට දීපන් . තැනක් යු මගී බ්ලොග් ලිපියක් ආයේ දැම්මාට

      Delete
  11. ටිල්වින් සහෝදරයාගේ කලේ අයට වඩා අනුර සහෝදරයා වෙනස් කියල මම හිතන්නේ, මැද මාවතේ ගියොත් දුෂණය,නාස්තිය අඩු කලොත් ලංකාව දියුණු කරන්න අමාරු නෑ ...

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් ඔබගේ අදහස මයි

      Delete
  12. අජිත්, මම එන් පී පී එකට මෙවර අනුර කුමාර දිසානායක සහෝදරයාට මැතිවරණයට වැඩ කරපු කෙනෙක්, ඒත් මම ජේවීපී නෙවෙයි ඉස්සර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන්නත් ඔහුගේ කණ්ඩායම රටක් පාලනය කරන්න තරම් පරිණත මදි නිසාත් ඇතුලේ කචල් සහ පෞද්ගලිකව මට එම පක්‍ෂයේදී ඇතිවු ගැටලු නිසාම මම වසර දෙකකට පමණ පෙර සිට එන් පී පී එකට සම්බන්ධ වුණා, මෙවර නාමයෝජනා වලට ඉල්ලුවේ නැතත් ඉදිරියේ පලාත් පාලන ආයතන මැතිවරණයට තරග කිරීමට අදහසක් තියෙනවා මාලිමාව යටතේ.

    නමුත් මේ වනවිට අපේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පොල් වගා කරුවන්ට විශාල ගැටලු වලට මුහුණදීමට සිදුව තිබෙන අතර එම ප්‍රශ්න නිසා අපට ජනතාවගෙන් විශාල පීඩනයකට ලක්වීමට සිදුවෙනවා අපි කියපු නිසාම මාලිමාවට ඡන්දය දුන්නා කියල දැන් අපට බනිනවා.

    පොල් සංවර්ධන අධීකාරියට මාලීමා ආන්ඩුවෙන් පත් කරපු සභාපතී වංචා දූශන කරල විගණන පරීක්ශන වලීන් වැරදි කාරයො කරපු අධ්‍යක්ෂිකාවන් දෙන්නව ලං කරගෙන පරන වංචා අලුත් විදිහට කරගෙන යන්න ඉඩ දීපු නිසා ලංකාවේ පොල් මිල වැඩිවෙන ඒක පාලනය කරන්න බෑ. මේව අපි වගේම ඡන්දය දීපු බහුතර ජනතාව මාලිමා ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි.

    අනෙක ඒ නිසාම පාරිභෝගික ජනතාව පැත්තෙනුත් ප්‍රශ්න, ඉතිහාසෙ කවදාවත් නැති තරම් පොල් මිල වැඩි වෙලා දැන්. පොල් මිල දෙසීයකට ගිහිල්ල සිල්ලර මිල කොළඹ පැත්තේ.

    අපි සංවිධානය කරපු රැස්වීම් වලට ආපු මාලිමාවේ නායකයො කිව්වේ විශාල කැබිනට් මණ්ඩලයක් නඩත්තු කරන්න ජනතාවගේ ධනය විශාල ලෙස වියදම් වන නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව. ඒ නිසා මාලිමා නායකයො කිව්ව විදියට නම් පහු ගිය මාසෙ කැබිනට් මණ්ඩලය 3න් දෙනෙක් පමණක් ඉඳපු නිසා මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා ඒ සල්ලි වලින් ජනතාවට විශාල සහන දෙන්න පුලුවන් වෙන්න ඕන නේද? නමුත් තම රජයේ පළමු මාසයේදී ඉතිහාසෙ කිසිම ආණ්ඩුවක් නොගත් විශාල ණය ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව අරන් තිබෙනවා මේ මාසෙට පමණක්. මේ ප්‍රශ්න ජනතාව අහනව අපට ඒකට දෙන්න ප්‍රමාණවත් උත්තර පක්ෂයේ නායකත්වයෙන් ලැබෙන්නේ නෑ, අනික එන් පී පී අපට කැපිල්ලක් ඇවිත් දැන් පරණ ජේවීපී අයගෙන්, පරණ අයට විතරයි වගේ තැන, මේකත් දැන් සජබය වගේ විකාරයක් වෙයි කියල බයයි, අපරාදේ අපේ අවුරුදු දෙකක විතර මහන්සිය. ඒකයි මට තියෙන ලොකුම ප්‍රශ්නය. ඉක්මනින්ම මේවා විසඳන්න පුළුවන් වුණොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලා ගත් පරණ ණය සර්විස් කරන්න ඒ ණය ගන්න ඕනේ . රනිලුත් ඒකම ගත්ත . අර මිලියන් ගණන් කොමිස් ගත්තේ නැතිනම් එච්චර පොලිය එන්නේ නැහැ . පොල් මිල වැඩිවීම සෙවිය යුතුයි . මේ ළඟදී කුරුමිණි උවදුරක් සහ පොල් අතු නිකන් වේලෙන දිලීරයක් ආව . කියන්න බැහැ හොයන්නේ නැතිව . . ඔය තියන ප්‍රශ්න ඕගොල්ලන්ගේ මාලිමා අතර කතා කරන්නකෝ

      Delete
  13. අජිත්ලාගේ වස්තිය ද කටවහ ද මන්දා මාලිමා ආණ්ඩුවට ලොකු හෙණයක් පාත්වෙන කතාවක් මේ දවස්වල සැරටම WhatsApp එකක් ෂෙයාර් වෙනවා

    මේක ඇත්ත කතාවක් ද?

    "Forwarded many times;

    මේ නිව්ස් එකේ කියන පෙත්සම විභාගයට ගත්තාම මොන වගේ දෙයක් වෙයිද?


    ///නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

    මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.

    වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනත අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු වුවත් නොවැම්බර 14 මැතිවරණ දිනය ලෙස නම් කල නොහැකි බවය.

    මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලයි.//

    මේ නඩුව දාල තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සට්ටැඹියෙක්ලු.

    මේ කියන විදියට ගැසට් එක අවලංගු වුනොත් හිටපු පාර්ලිමේන්තුව නැවත දවසකට හරි කැඳවන්න වෙනවා.. එතකොට හරිනිට අගමැතිකම නැතිවෙනවා කියලා කට්ටියක් මේක ගැන කියනවා.

    ඒ අස්සේ බූරුවංසයා කියනවා ඒක රනිල් වික්‍රමසිංහගේ ප්ලෑන් බී එකලු, ඒ අනුව රනිල් පොහොට්ටුවේ හොර රැල කඩේ යවාගෙන ගේමක් ගැහුවොත් පරණ පාර්ලිමේන්තුවට පුලුවන්ලු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න. දෝෂාභියෝගයෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැල්ලා න්‍යාය පුස්තකයට ඇතුලත් කරාම පාර්ලිමේන්තුව විසුරුවන්න බැරිලු.

    හැබැයි ඒකට නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල විරුද්ධයිලු. මොකද රාජපක්ෂ පවුල මාලිමාවට දිගටම ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕන කියන මතයේ ඉන්නවලු ඒත් රනිල්ට ඕන ආණ්ඩුව පෙරලලා නැවත වතාවක් හොර පාරෙන් බලයට පත් වෙන්නලු. මොනවා වෙයිද මන්ද මේ යන විදිහට.

    අනෙක ගම්මන්පිලගේ අර වාර්තාවත් ලීක් කරල තියෙන්නේ රනිල් වික්‍රමසිංහලු. ඒ වගේම ශානි සහ රවී මාලිමාවට සෙට් කරලා තියෙන්නෙත් රනිල්ගේ ප්ලෑන් එකකට අනුව කියලා කියන්නේ. මොනවා වේවිද ඉස්සරහට?"

    Is this possible?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .