Monday 7 October 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 5 - සිංගල් මෝල්ට් විස්කි


මෙතෙක් කතාව කියවන්න ඕනේ නම් මේ ලින්ක් වලට යන්න 

වැට ගහල කාලයක් ගියා .  ඒ කාලේ මගේ යහළු මිත්‍රයෝ අතරින් වැඩිපුරම හිටියේ සෝවියට් දේශයේ ඉඳල ලන්ඩන් ආපු අය. ලියන්න ගියොත් හෙන  ලිස්ට් එකක් .  මොස්කව් වල ,  ජෝර්ජියාවේ ට්බිලිසි කියන නගරයේ ,  යුක්‍රේනයේ කීව්, ල්වෝව්  වල හෙම ඉගෙන ගත්තු අය. ඒ අතරේ ඉනෙස් ගේ ප්‍රංශ යෙහෙලියක් හිටිය කොරීන් කියල එයා බැඳලා හිටියේ ඉම්තියාස් කියල ඉන්දියන් සම්භවයක් තරුණයෙක් .  නුරායි සහ බිල් කියන තුර්කි වලින් ආපු  කපල් එකයි .  ඉතින් යාලුවෝ එන හැම වෙලේම අපි බොන්න ගන්නේ වොඩ්කා. ගෙවත්තේ අපි තියාගෙන හිටිය ඔය ලන්ඩන් පබ් (බීම හල් ) වල තියනව වගේ ලී මේසයක් .    ඉම්තියාස් කැමැති පිම්ස් නම්බර් වන්  කියල බිමක් තියනව .  ඒක බොන්න ගන්නේ ටිකක රස්නේ  ගිම්හාන් කාලෙට.  පිම්ස් එකෙන් කෝප්පයක් දෙකක්  ජග්ගුවකට දාල එකට ලෙමනේඩ් දානවා .  ඊට එකතු කරනවා මින්ට් කොළ ,  කියුකම්බර් (පිපිඤ්ඤා වල එලියේ  පොත්ත. තව ඇපල්සින් කියන දොඩම් ගෙඩි පෙති කපල දානව .  මරු බීම එක .   ඉනෙස් සහ කොරින් වයින් තමා වැඩිපුර බීවේ. ඔය පින්තූරේ වමේ ඉන්නේ කොරීන් . කළු ඉරි ටී ෂර්ට් එක ඇඳන් ඉන්නේ  ඉනෙස් .  මව්තුමී ඉන්නේ ලා නිල්පාට දිග ගවුම ඇඳන්. දැන් ඔය කෑල්ල කඩල ගේ තව පිටිපස්සට අරන් තියෙන්නේ .   පින්තූරේ ගත්තේ ඉම්ටියාස් . 
 

ඉතින් අපි පාටි දන්නා  නැත්නම් ඔය වගේ එකතු වෙනව වෙලාවට බ්‍රයන්ඒ විස්කි වීදුරුවක් අරගෙන ඇවිත් වැටෙන්  එහා පැත්තට වෙලා කතා කරනවා. වැටට කලින් කෙටි බිත්තියකුත් තියනවා .  එතන  ඉඳන් තමා කතාව.  දෙතුන් පාරක්ම  බ්‍රයන් ඇහුව මොකෝ උඹ විස්කි බොන්නේ නැත්තේ.   වොඩ්ක වලට වැඩිය අපේ ස්කොටිෂ් හොඳයිලු .  මම කීව වොඩ්ක බීවම ගඳක් එන්නේ නැහැ .  උදේට ඔලුව කැක්කුමත්  නැහැ කියල .  ඒ ගමන් මු කියනවා උඹ අපි වගේ ෂොට් එකක් දෙකක් ගහන එකක් නෙමේනේ බොන්නේ .  බෝතල් පිටින්නේ බොන්නේ. මම දැක්කනේ යාලුවෝ එක්ක .  ඔහොම බොන්න හොඳ නැහැ කියල .එවෙලේ මම බ්‍රයන් ට කීව මම විස්කි බොන්නේ නැති හේතුව . 

ඒ දවස් වල මගේ එක අපාය සහාය මිත්‍රයෙක් තමා විතානගේ. මම ලියපු සෝවියට් ජිවිතයෙන් බිඳක් ලිපියේ එයා ගැන විස්තර තියනව .  විතානගේ එක්ක නිතර අපේ කාමරයට තව මිත්‍රයෙක් දැන් ලන්ඩන් වල  ප්‍රබල ජාජබ චරිතයක්. එනිසා නම ලියන්නේ නැහැ .  ඉහින් ඔය විතානගේ කොහෙන්ද මන්ද ටීචර්ස් කියන විස්කි බෝතල් ටිකක් උස්සන් එනවා .  සෝවියට් දේශයේ අපට  වොඩ්කා හා බල්ගේරියන් රතු වයින් , සෝවියට් ෂැම්පේන්  තමා තිබ්බේ , විස්කි වුනහම දුර්ලභ බිමක් නිසා අපි දෙතුන් දෙනෙක් බොන්න පටන් ගත්ත .  ටීචර්ස් බෝතල් ටික බලං ඉද්දි ඉවරයි. විතානගේ ට හෙම ලෙහෙසියන් වෙරි වෙන්නේ නැහැ .  ඉතින් මදි .  ගිහිල්ල ටැක්සි පාක් එකෙන් වැඩි ගානට හොරට විකුණන වොඩ්කා බෝතලේකුත් ගෙනාව කට්ටිය .  දැන් ඒකත් එලිවෙන යාමෙට   ඉවර කරලා නිදා ගත්ත. සෙනසුරාදා  හවස  ආයෙ බීවේ නැහැ .  ආ ඒ දවස් වල මම මහා ශිෂ්‍ය සංගමේ ලේකම් . ඉතින් ඉරිදා ඔන්න කට්ටියක් ආව අපේ රූම් එකට යම් යම්  වැඩ වලට . 

මගේ රූමා අජිත් පියරත්න හිටියද කියල මතක නැහැ .  උඩ තට්ටුවේ හිටිය නෙරංජන් හිටිය .   මට මතක විධිහට යුක්රේන් වල  සෆරෝශීය නගරයේ ඉගෙන ගත්  ශ්‍යාමලී කොට්ටහච්චි  නංගි  හිටිය. එයා  දැන් ගාල්ලේ රෝහලක වෛද්‍යවරියක් ලෙස වැඩ කරනවා .   ලලනි රාමනායක නංගි  ඇවිත් හිටියේ සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයෙන්.  ඒ නගරය හෙන ඈත තියෙන්නේ . එයා විතරයි එහෙට දාල තිබ්බේ මට මතක විධිහට . එයා කෘෂිකර්මය ඉගෙන ගන්න ඇවිත් තිබ්බේ .  අවුරුද්දේ මාස හයක් හීතලේ තිබෙන ඒ නගරයට කෘෂිකර්මය ඉඑගන් ගන්න ආව  ශිෂ්‍යාවක් යැව්වේ කියන එක රුසියානුවෝ ම තමා දන්නේ.   විතානගේ සහ තව දෙතුන් දෙනෙකුත් හිටිය .  නංගිලා කට්ටියත් එක්ක උයල දැන් අපි බත් කනවා .  මෙන්න මම කන  ගමන්  දඩොරියන් ගාල සිහිය නැතිව ඇදන්  වැටිලා. (සද්දේ ඇවිත් නැහැ .  ඒක නිකන් ලිව්වෙ)  හැබැයි බත් පිඟාන හැලුවේ නැහැලු ඔන්න .   

අපරාදේ කියන්න බැහැ  හදිසි අනතුරු සේවයෙන් ටක් ගාලා ඇවිත් තියනව .  මට මතක විධිහට ගිහින් දාල තියෙන්නේ  බෝට්කින්  කියන රෝහලට. බඩේ තියෙන බීම  ටික අරන් දල සේලයින් හෙම දුන්නට පස්සේ මම ඉතින් නැගිටලා ඉන්නව . දැන් ඔය පාර්ලිමේන්තු වෛද්‍යවරිය වන රසිකා  කරුණාරත්න ඒ දවස් වල ඉගෙන ගත්තේ  මොස්කව් සෙකන්ඩ් මෙඩිකල් යුනි එකේ  .  එයා ආව බලන්න තව දෙතුන් දෙනෙක් එක්ක. වෙන කවුද ආවේ කියන්න මතක නැහැ .  මගේ රූමා වන අජිත් පියරත්න සහ උද තට්ටුවේ හිටිය  නෙරංජන් මුණසිංහ ආවද කොහෙද .  මාව බලන්න නෙමේ .  රුසියන් නර්ස් ල බලන්න .    . අර අපාය සහාය  කොල්ලෝ ටික නම් පැත්ත පලාතේ ආවේ නැහැ .   රෝහල නම් කියන්න බැහැ අපූරුයි.  පිරිසිදුයි .  ලස්සන රුසියන් හෙදි නංගිලා නිතර ඇවිත් සේලයින් චෙක් කරනවා. උදේට දවල්ට කෑම ට කැඳ ගෙනත් දෙනවා .  ඉතින් කිසිම පාළුවක් තිබ්බේ නැහැ .   හවස් වෙන කොට කන්ඩත් දුන්න .  
හවස ආව වෝඩ් බලන දොස්තර .  හොඳ උස මහත රුසියානුවා . ඇවිත් ඇඳේ  පැත්තකින් වාඩි වුනා.

"මේ අහපන් පොඩි එකා. උඹ බොන්ඩ පුළුවන් ප්‍රමාණයක් නෙමේ බීලා තියෙන්නේ. මතක තියා ගනින් මෙන්න මෙහෙම. බොනකොට හොඳට කාපන්. කන්න බැරිනම්  පුළුවන් තරම් වතුර බීපන්.  අනෙක්  වැදගත්ම දේ තමා ,  මතක තියා ගනිං උඹ බීම  කලවම් කරන්ඩ එපා .
 දුඹුරුපාට බීම දුඹුරුපාට බිම  එක්ක විතරයි. විස්කි බොනවා නම් බියර් කලින් බීපන් ඊට පස්සේ විස්කි බීපන් .  නැත්නම් බියර්  බිලා වොඩ්කා බීපන්.  කමක් නෑ. හැබැයි වොඩ්ක බීල විස්කි බොන්ඩ එපා. විස්කි බිලා වොඩ්ක  බොන්ඩ එපා. සුදු පාට බීමක් එක්ක දුඹුරු පාට බීම කලවන්  කරන්න එපා ගොයියෝ ."

 මේක තමයි මට ලැබුණු හොඳම අවවාදය 
   
 එතකොට කොක්ටේල් වල මොකද වෙන්නේ. සීන් එක මෙහෙමයි . එතන දාන්නේ 35% හෝ 405 මිලි ලීටර් 50 වගේ .  ජාති දෙකකින් .  ඊට පස්ස ලෙමනේඩ් හෝ තව බිම ,  අයිස් දාල  තනුක කරනවා. අනික එක පාර නෙවෙයි කොක්ටේල්  බොන්නේ ටික ටික. අපේ ඉතින් එහෙම පුරුද්දක් තිබ්බේ නැහැනේ .  ඉටා පස්සේ නම් මම ඒක පිලි පැද්ද. ඒ කියන්නේ විස්කි කටේ තිබ්බේ නැහැ එදා ඉඳන් .  වොඩ්කා තමා . 

බ්‍රයන් කියපි ,  ආ උඹ කැමති හොඳ වොඩ්කා එකටනී .  ඒක ක්ලියර් තමා .  කියල මට කතා කළා ගේ ඇතුලට .  අපි ඉතින් ගෙවත්තේ ඉඳල කුස්සියට තමා ඇතුළු වුනේ .  මෙන්න සාලෙට පොඩ්ඩක් වෙන්න ලඟින් මෙයාගේ බෝතල් කබඩ් එක .  මිනිහ ගත්ත බෝතල් හතර පහක් .  එක එක විච්ඡුර්ණ විධිහට හදපුව .  වැඩිපුරම  ස්කොච් සිංගල් මෝල්ට් සහ සිංගල් ග්‍රේන් විස්කි .  බෝතල් ඇරලා එකින් එක නහයට ඇල්ලුවා .  හැබැයි බොන්න දුන්නේ දෙකකින් විතරයි .  
"මේවා ගණන් යකෝ .  මම හැම වෙලාම බොන්නේ නැහැ .  මේ ලාභ එක තමා බොන්නේ .  පොරගේ ලාභ විස්කි එක තමා ජැක් ඩැනියෙල් හරි ජොනි වෝකර් එක හරි .  මම මේ බ්ලෙන්ඩඩ් (කලවම් )  විස්කි බීවට ඉඳල හිටලා මයිකලුයි මායි මේවා බොනවා .  උඹටත් කතා කරන්නම් . " බ්‍රයන් කිව්වා .  
මම ඇහුව ගාන ඇරෙන්න මොකද්ද විශේෂත්වය කියල . 

එතකොට තමා දැන ගත්තේ එක වීට් ජාතියකින් විතරක් හදල එකම බැරල් එකක පරණ කරපුව කියල .  පරණ වෙන්  තමා විස්කි හොඳ .  වයින් වගේ තමා.   බ්ලෙන්ඩඩ් එක එච්චර පරණ නැහැ. අනික කලවම් කරපුව කියල.
  
බ්‍රයන් තව කතාවක් කීව . කබඩ් එක ඇරලා තේ ජාති ගොඩක් පෙන්නුවා . 
ලංකාවේ ඔරේන්ජ් පිකෝ එක, මිල අධික  චීන තේ ජාති .  ඇසෑම් තේ .  මෑන් කියනව , සිංගල් මෝල්ට් වගේ තමා එක එක තේ ජාතිත් කියල .  මම නම් ඉතින්  එකම තේ ජාතිය තමා වැඩි පුර බීවේ. ලිප්ටන් හ‍රි ටෙට්ලි හරි .   ඉනෙස් හර්බල් (බෙහෙත්) තේ කි යල කැමොමයිල් කියන  තේ ජාතිය බොනවා. ඒක ඇත්තටම බඩේ අමාරුවට හොඳයි .   ඉඳල හිටල ජැස්මින් තේ එක  බොනවා . චීන අවන්හල් වලින් පුරුදු වෙලා .   බ්‍රයන් කියල තමා ඊට පස්සේ ලංකාවට ගියහම අර හොඳ තේ ජාති වලින් අරන් එන්න පටන් ගත්තේ . 

හැබැයි සිංගල් මෝල්ට් විස්කි බොන්න පටන් ගන්න තව කාලයක් ගියා. දැන්නම් ඉතින් වැඩිපුරම ඒව  තමා.
  
- කොළඹ ගමයා 07/10/2024


      

9 comments:

  1. මෙවැනි පාර්ටි සදහා ස්කොලන්තයේ වෙසෙනා ප්‍රවීන ලේඛකයෙකු, සාහිත්‍යධරයෙකු වන චතුෂ කුමාර මහතාත් සහභාගී කරවා ගන්න අජිත් මහතා

    ReplyDelete
  2. නොබොනවා වුණත් ඔව්වා කිසිම එකක්
    දැනුණා තියෙනවා වාගේ 'රහස් ටිකක්'
    'දැනගන්නට' කියා එල්ලා tag එකක්
    එක්කම යවමි, මිතුරන් වෙත මේකේ link

    ReplyDelete
    Replies
    1. බොන්නෑ කිව්වට බීලා වගේ...🤣🤪

      Delete
  3. දැන කතරගම, නොදැන අතරමග. බිමත් කලාවක්!

    ReplyDelete
  4. ලඟදී Bourbon එකක් ලැබුනා. ඒකෙ රස සින්ගල් මෝල්ට් ස්කොච්වලට වඩා හොඳයි කියල හිතුනා.

    ReplyDelete
  5. අකුරු ටිකක් ලොකු කරන්න බැරිද අජිත්. කියවන්න අමාරුයි.

    ReplyDelete
  6. ඕව පැත්තකින් තියාල... බොමුද සීතල වතුර වීදුරැවක් 😂🤭

    ReplyDelete
    Replies
    1. බොහොම ටික කාලයයි බොන සීන් එකේ හිටියෙ. දැන්නම් ඉඳලා හිටලා තමා!

      Delete
  7. ලෝකෙ අනිත් රටවල කාන්තාවොත් ලංකාවෙ කාන්තාවො (බහුතරයක්) වගේ බොන්නෙ නැද්ද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .