Thursday 27 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 2

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1
අපේ කාමරය 
සෝවියට් දේශයට ඒමට කලින් හමුවුණු මිතුරෙකු වූයේ විතානගේ ය. ඔහු ගැන මේ ලිපියේ ලියා ඇත. ඔහු තරම් දේශපාලනය නොකළ මිතුරෙකු වුයේ කිත්සිරි පෙරේරා හෙවත් කිතාය. කිතාත්, විතානත් තවත් නම අමතක යහළුවෙකුත්, මමත්  සෝවියට් සංස්කෘතික මන්දිරය හා මහජන පුස්තකාලය පැත්තේ ගැවසුනෙමු. ඔහු මට වැඩිය වසරක් කලින් ආනන්දයේ අපොස උසස් පෙළ  කර තිබුණි. ඔහුටද මට මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික  විද්‍යා පීඨයට (physical science) ඇතුළු වීමට ලිපිය ලැබී තිබුණි. නමුත් ඔහුගේ සිහිනය වූයේ ගුවන් යානා කාර්මික ඉංජිනේරුවකු වීමටය. කිතා ටද  සෝවියට් දේශයට යාමට ලැබීම මට ඉමහත් ප්‍රීතියට කරුණක්  විය. ඔහු උගත්තේ උක්රයිනයේ  කීව් නගරයේය.

පසුගියදා ඔහු සමග කතා බහ කෙළෙමි. ඔහු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට බැඳී එයාක්‍රෆ්ට් ඉංජිනේරුවකු ලෙස වසර කිහිපයක් සේවය කර තිබුණි.  ඉන්පසු මැලේසියාව ආදී රටවල සේවය කර දැන් උක්රයිනයේ කීව් මධ්‍යස්ථානය  කර ගෙන මැද පෙරදිග රටවලට හෙලිකොප්ටර පිළිබඳ සේවා සපයන ආයතනයක උපදේශකයෙකි. 
ලුද්මිලා සහ න්ගුඑන් 
ඉහත මුල්  පින්තුරයේ ඇත්තේ  මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ   පළමු වසරේ සිට මාත් අජිත්  පියරත්නත් සිටි කාමරයයි. මගේ පළමු වසර කාණ්ඩයේ කිහිප දෙනෙක් ඡායාරූපයේ සිටී. මගේ දකුණු  පලස්තීනයේ අලි ඉසා (ඔහුට මා නම දැමුවේ අලි ඉස්සා කියාය), ඉරානයේ තොර්කමන්  පූරි ඵරීඩා,   සුඩානයේ ඩෆ් එල්ලා එල්නුර්  සිටී. මගේ දකුණු පසින් සිටින්නේ කාම්බෝජයේ එන්ග් වෙන් න්ගුඑන්, පේරු හි මරියා ඉසබෙල් රමිරෙස් හා සෝවියට් රුසියන් ශිෂ්‍යාවන්  දෙදෙනෙකු වන ඇලෙක්සන්ද්‍රා (කෙටියෙන් සාෂා) සහ ලුද්මිලා ය. (කෙටියෙන් ලූදා).

අපි බොහෝවිට පන්ති අවසානයේදී මගේ කාමරයේ හෝ ඉසා ගේ කාමරයේ  රැස්  වී  කේක් වැනි කෑමට යමක්  මිලදී ගෙන තේ හෝ වයින් බිබී  දොඩමළු වුනෙමු. ලුදා බොහෝ විට ගිටාරය රැගෙන රුසියානු ගීත ගායනා කලාය. මට ගිටාරය වැයීමට තරමක් පුහුණු කළේද ඇයයි.
ලූදා හා ගිටාරය 


වෙනත් දවසක ස්වේතා, ඵරීඩා හා සාෂා 
මේ මයකොව්ස්කයා උමං දුම්රිය පළේදී ගත් ඡායාරූපයකි 1988 
අපේ පන්ති කණ්ඩායමේ කියුබන්වරු  රොත්තක් සිටි අතර ඔවුන් ගෙන් සමහරුන්  පමණක් අපත් සමග ලඟින් ඇයි හොඳයි කම් පැවැත්වූහ. අපේ මුළු කණ්ඩායමම   උගත්තේ තාප විදුලි බලාගාර ඉංජිනේරුවන් වීමටය.  මා  දන්නා පරිදි ඵරීඩා කොමෙයිනි  ගේ ඉරාන රජය යටතේ ජිවත් වීමට අකමැති වූවාය . පළමු වෛද්‍ය විද්‍යාලයේ  උගත් ඇගේ පෙම්වතා සමග ඇය ස්විට්සර්ලන්තය බලා ගියාය. සාෂා පෞද්ගලික ආයතනයක සේවය කරයි. ස්වේතා ගැන ආරංචියක් නැත.

මේ පින්තුර ටික බේරා ගත්තේ බොහෝ අමාරුවෙනි.  මා නැවත  ශ්‍රී ලංකාවට නොඑන බව දැනගත් පසු මගේ දෙමාපියන් සේප්පුවකට දමා වසා තිබී සොයුරා ගේ නිවසේදී සොයා ගන්නා විට ඒවා හොඳ  තත්වයේ තිබුනේ නැත. පින්තූර ගත්තේ මගේ සෙනිත් කැමරා වෙනි.

තවත් දවසක 1987
ඉහත පින්තූරයේ උඩම සිටින්නේ රුසියානු ශිෂ්‍යයෙකු වන මැක්සිම් හා සුඩාන  ජාතික ඩෆඅල්ලාය.  මේ දෙවැනි පින්තුරයේ මා සමග සිටින්නේ කෙටි කළක් මා  සමග සමීපත්වයක් තිබුණු පේරු ශිෂ්‍යාවක වන ඉසබෙල් රමිරස් ය. මට පිටු පසින් අපේ පන්තියේ ස්තාරස්තා (වැඩි මහලු යන අරුතින්) නමින් හැඳින්වුණු ශිෂ්‍යාවයි. ඇය විදුලි ඉංජිනේරුවරියක ලෙස තාප විදුලි බලාගාරයක රැකියාව කරන්නීය. කාමරයේ පැත්තක ඇත්තේ රුසියානු ශිතකරණයකි.
මැක්සිම් දැන් මොස්කව් ඉකෙයා  (IKEA) වෙළඳ සංකීර්ණයේ පරිගණක කළමණාකරු ලෙස සේවය කරයි.
මට ඔහු ගිය අගෝස්තුවේ මොස්කව් හිදී මුණ ගැසුණි.
දකුණු කෙලවරේ මැක්සිම් 2016
ඔහු අප නැවතී සිටි ලැගුම් හලට පැමිණියේය. පින්තුරයේ සිටින අනිත් දෙදෙනා සමන් ජයමහ සහ සම්පත් නාගසිංහ යි. සෝවියට් දේශයේ අධ්‍යාපනයෙන් පසු එහිම නතර වී ව්‍යාපාර ඇරඹු  ඔවුන් දැන්  සාර්ථක ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

පොඩි පාටියක් ලූදා , ස්වේතා , නතාෂා , ඩෆ් සහ ඉන්ගා  1987
එන්ග් මගේ හොඳම මිතුරෙකු වූ අතර තවමත් අපි දෙදෙනා ෆේස්බුක් හරහා  එකිනෙකා ගේ විස්තර දැන  ගන්නෙමු. එන්ග් ගේ දෙමාපියන් පොල්පොට් ගේ කාලයේ සිර කඳවුරක  දරුණු වධ වින්දහ.
රුසියාවේ සිටියදී එන්ග් හිටි ගමන් නින්දෙන් බයවී ඇහැරෙයි. ඔහු නිතරම විදුලි පන්දමක් අතේ තබාගෙන නිදා ගනී. ඒ පොල්පොට් කාලයේ භීෂණයට මුහුණු දී ලැබුණු අත්දැකීම් නිසා බව ඔහු මට පවසා තිබේ.

ලූදාත්, එන්ග් හා මමත් ඉතා හොඳ යහළුවන් වුනෙමු. ලුදා ගේ දෙමාපියන් ගුරුවරුන් වූ අතර ඔවුනට මොස්කව් වලින් පිට දාචා නමින් හැඳින්වෙන,  ගිම්හාන යේ ඔවුන් නිතර නැවතී සිටින කාමර කිහිපයකින් යුතු ගෘහයක්  විය. අපි එහි ගිම්හාන  සමයේ නිතර ගියෙමු.  දැන් පික්නික් ලෙස හැඳින්විය හැකි සංචාර කිරීම අපගේ විනෝදාංශයක් විය. මේ කාලයේදී සෝවියට් ජන ජීවිතය පිලිබඳ බොහෝ දේ ලූදා ගෙන් දැන ගතිමි.

මා ලන්ඩනයට පැමිණි පසු මට ලූදා හා ඇගේ සැමියා පිකඩිලී  වලදී හමුවිය. මම ඔවුන් දෙදෙනාට බියර බිමට ආරාධනා කර පබ් එකකට රැගෙන ගියෙමි. ලූදා ගේ සැමියා උජාරුවෙන් ඔහුගේ අතේ පැළඳි රෝලෙක්ස් ඔරලෝසුව මට පෙන්වූ අතර තමන්ට ඕනෑම රටකට අප මෙන්ම දැන් යා  හැකි බවද හොඳ රැකියාවක් කරන අතර හොඳින් ජිවත් වන බව ද කීවේය. "ඉස්සර උඹල ඇවිත් අපට බටහිර  දේ පෙන්වනවා. දැන් අපටම බලන්න පුළුවන්" . සෝවියට් දේශය බිඳී යාම ඔහු සැළකුවේ හොඳ දෙයක් ලෙසටය. 

 ඔහු මහත්වරුන් ගේ කාමරයට ගිය අතරේ ජීවිතය හොඳ දැයි ලූදා ගෙන් ඇසුවෙමි.

"රෝමා (ඇගේ සැමියා) ට ළමයි දෙන්නා  එංගලන්තේ පෞද්ගලික විදුහලකට දාන්න ඕනෙයි කියල බලන්න ආවේ. මම නම් කැමති නැහැ. අපි රටවල් බලන්න යනවා. රෝම ගාව සල්ලි තියනවා. එයා තුවක්කු අරගෙන දඩයමේ යනවා  පරණ රුසියන් කුලවතුන් (රදළයන්) වගේ.  පාටි දානවා. ගොන් පාට් නුත් දානවා " ලූදා එක හුස්මට කීවාය. ඇගේ වදන් වල කිසියම්  සමච්චලයක් රැඳී තිබේ යයි  මට හැඟුනි.

"මට තේරුණා. ඔයා හොඳින් ජිවත් වෙනවා නම් එච්චරයි."   කීවෙමි.

"ඒත් මගේ ජිවිතේ හොඳම කාලේ අර අපි සැහැල්ලුවෙන් හිටි ලස්සන කාලේ. " ඇගේ  නිල් පැහැ  නෙත් මදක් තෙත්වී තිබෙනු දුටුවෙමි. රෝමා පැමිණි පසු ඔවුන් දෙදෙනා සමුගෙන නික්‌ම ගියහ. මට නැවත ඔවුන් මුණ ගැසුනේ නැත.

සෝවියට් දේශයේ ගත කල ජිවිතයෙන් අප ලද අත්දැකීම් අප කිසිවකුට  කිසිදා අමතක වන්නේ නැත.

- දකුණු අයර්ලන්තයේ සුමාන දෙකක පමණ නිවාඩුවක් ගත  කිරීමට  යන බැවින් බ්ලොගය ලියවෙන්නේ වත් ප්‍රතිචාර වලට පිළිතුරු දීමක් සිදුවන්නේත් නැත. ඒ ගැන සමාවන්න.  






31 comments:

  1. /* දකුණු අයර්ලන්තයේ සුමාන දෙකක පමණ නිවාඩුවක් ගත කිරීමට යන බැවින් */

    මාත් යනවා නිවාඩුවකට දකුණු එංගලන්තය පැත්තේ!

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් දෙන්න . දවස් කිහිපයකින් එනවා.

      Delete
    2. රෂිනිත් යනවද? චාන්ස් නැතෙයි?

      Delete
    3. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      Delete
    4. අනුන්ට අපාහස කරනකොට පොලිස් පැමිණිලි දැම්මද දොස්තර ලිංගික අතවරආරච්චි තුමෝ. නිරපරාදේ මිනිසුන්ට අපහාස කරන කොට ඒවට ලැබෙන දේවල් බුදු බණේ තියෙනවා. දොස්තර අතවරආරච්චි කරන අපහාස වලට එයාට ලැබෙයි. එයාට කවුරුහරි කරන්නේ නිරපරාදේ අපහාසයක් නම් ඒ කරන අයට ලැබෙයි.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අසිරි එකේ වැඩ කර අය කළුආරච්චයට කියන්නේ අතවරආරච්චි කියලා.

      Delete
    7. මහින්දටත් හොර කියන එකේ රවිටත් එහෙම කියන එකේ අජිත්ටත් නෙලුම් යායේ බජට් හොරා කියනෙකේ කලුආරච්චිට මොනවා කිව්වත් ඔය උන් යසට ඉන්නේ ඉතින් අවුලක් නැනේ
      ඔච්චර අතවර වෙච්ච එකේ උන්ට යන්න තැනක් ඇත්තම නැද්ද අඩුම ගානේ සුමිත්‍රයෝ ගාවට හරි යවපන් උන්වත් ඇක්ෂන් එකක් ගනිනේ

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
  2. /* ඉකෙයා (IKEA) වෙළඳ සංකීර්ණයේ */

    මෙහේ නම් කියන්නේ අයි-කියා කියායි!

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙත් අයිකියා , නමුත් ස්විඩිෂ් වලින් නිවැරදිව කියන්නේ ඉකෙයා
      https://www.youtube.com/watch?v=JBhkD4Lb4yE

      Delete
  3. කිත්සිරි පෙරේරා මට කීව් වලදී හමුවී තිබෙනවා

    ReplyDelete
    Replies
    1. කිත්සිරි කිව්වා දන්නවා කියල.

      Delete
  4. සමන් ජයමහ රුසියාවේ ව්‍යාපාරික අත්දැකීම් ගැන පොතක් ලීව්වොතින් ඒක සුපිරිම හිට් ඒකක් වෙයි.

    ReplyDelete
  5. හොද ලිපියක්, මේ ලිපිය කියවද්දී මොකක්දෝ සංවේගයක් දැනුනා !!!

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ලෝටස් අජ්ජෝ දොස්තර ලිංගික අතවරආරච්චි තුමා දත් ගලවා ලිංගික අපචාර කරන ඒවායේ බජට් ලබා දී තිබෙනවාද? රෝගීන්ගෙන් මුදල් ගෙන සපයන රහසිගත සේවා ගැන බජට් දෙන්නේ නැත්ද? ලිංගික අපචාර වලට එයා මයිල් ලැබෙනවාද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  10. Is this about sarasa? I don't know. I am not interested of his insults .

    ReplyDelete
    Replies
    1. Ms. Priyanthi Jayasinghe a relative of the victim .... why isn't she complaining to the sri lankan police? they have a special department that handles these type of harassment cases. If she did that, then we can believe that it is a serious case. otherwise we won't think about kangaroo court judgments. thanks take care budd

      Delete
    2. Why don't you tell her? I don't know who that is.

      Delete
  11. Ms. Priyanthi Jayasinghe told us you was her very close big pal

    ReplyDelete
    Replies
    1. Really ..How does she looks like?

      Delete
    2. pl check your last SL tour group photos .she with u and friends ok. then u can remembered her.OK

      Delete
    3. which one? Please give me a clue? I don't even know some of the bloggers by face.

      Delete
  12. That is a very good tip particularly to those fresh to the blogosphere.
    Simple but very precise information… Thank you for sharing
    this one. A must read post!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .