Thursday 10 August 2017

මඩකරියන් ගේ ගොහොරු වලේ රැඳෙමුද වැඩක් බලා ගනිමුද

මඩ වලට ප්‍රතිචාර දක්වන්නේ වත් මොනවත් කියන්න යන්නේවත් නැහැ කියල හිතා ගත්තේ මාස කිහිපයකට කර. මඩකරියන් තමනුත්  මඩ නාගෙන අනුන්ට මඩ ගහන්නේ ඇයි  කියන එකට විශාරද යහළුවෝ වගේම,  ඒ පැත්ත හෝ මේ  පැත්ත දෙකටම හිතවත් අය නොයෙකුත්  හේතු කියා පෑව. අන්තිමට මේක ලියන්න හිතුවේ අර පැත්තක හිටිය  ඉයන් ටත් හිත රිදිලා කියල මේ ලිපියෙන් දැක්කම.

මඩ ප්‍රහාර වලට එක හේතුවක් තමා   මම ලංකානිව්ස්වෙබ් එක්ක පටන් ගත්ත නෙලුම් යාය යුඇන්පී ආණ්ඩුවක් දිනවන්න කරපු දෙයක් කියන චෝදනාව.  ඒ වගේ දේවල් විවේචනය කලාට ප්‍රශ්නයක් නැහැ. ඒවා දේශපාලිනිකයි නේ. ඒ චෝදනා වලට උත්තර දීල තියෙනවා. නෙළුම් යාය පටන්ගන්න කොට තිබුනේ රාජපක්ෂ ආණ්ඩුවක් බව කොපමන කීවත් පිලි ගන්නෙත් නැති නිසා ඒවාට උත්තර දීමත් නිෂ්ඵලයි.

නෙලුම් යායේ උත්සව වල බජට් ඉල්ලන එකටත් කිහිප තැනකම පිළිතුරු දීල තියනවා. උත්සව සංවිධානය කරපු ලංකානිව්ස්වෙබ් (මුල් අවුරුදු දෙක) හා නෙළුම් යාය පදනම (තෙවැනි උත්සවය) කියන්නේ කාටවත් බජට් දෙන්න ඒගොල්ලෝ බැඳිලා නැහැ කියල.  මම කලේ බ්ලොග් සම්මාන දීමේ යෝජනාව ගෙනාපු එක සහ ඒ සම්බන්ධයෙන් වෙහෙසුනු එක. මම අදත් හිතනවා සම්මාන දීම සාර්ථකයි කියල.

පළමුවැනි  උත්සවයේ අපි  දෙතුන් දෙනෙක් අතින් වියදම් කලා කියල මම ලියල තියනවා. ඕන කෙනෙකුට මාව පෞද්ගලිකව හමුවෙලා ඒ විස්තර ගන්න පුළුවන්. හංගන්න දෙයක් නැහැ. දෙවැන්නේදී සමරු පොත ට ලැබුණු දැන්වීම් නිසා යන්තම් ගොඩ දාගත්ත බව තමා ලංකා නිව්ස්වෙබ් කට්ටිය කිව්වේ.  ඒකත් හුඟක් නෙමේ කියල එයාලමයි කිව්වේ. මම අහන්න ගියේ නැහැ මොකද ඊට  පස්සේ කරපු ප්‍රජා සත්කාරක වැඩ වලටත් ඔවුන් මුදල් වියදම් කරපු නිසා.

තෙවැන්නේ සංවිධායක කටයුතු වලට මුල් දෙක තරම්මවත් මම සම්බන්ධ වුනේ නැහැ. ඒකට හේතුව සම්මාන උළෙල දෙකකට වඩා කරන්න මම බල පොරොත්තු වෙන්නේ නැහැ කියල කලින්ම දන්වල තිබ්බ නිසා. මගෙත් පෞද්ගලික වැඩ තිබෙන නිසා. ඉතින් ඒක සෑහෙන ජයට සංවිධානය කරල තිබ්බ බව හැමෝම කිව්වා වගේම මමත් දැක්කා. ඒකෙ  වියදම් පියවා ගත්ත හැටි අහන්න වෙන්නෙත් ලංකානිව්ස්වෙබ් එකේ මහත්ම මහත්මීන් ගෙන්ම තමයි.

අර දෙක හා තුන උළෙල දෙකේම  සම්මාන මුදල් ප්‍රදානය කරපු බ්ලොග්කරුවට ඒ ගැන අහන්න අයිතියක් තියනවා. එසේම ඒ මහත්මයා  හෝ මහත්මිය ලංකානිව්ස්වෙබ්   කට්ටියව අඳුරන නිසා පෞද්ගලිකව උනත් එයාට අහන්න පුළුවන්.

එයාටවත් නැති උනන්දුව තියෙන්නේ  මේ කියන බ්ලොග්කරුට සහ ඔහුගේ ඇනෝ හමුදාවට.

මම ඕකට උත්තර දෙන්න නොගියේ යුඇන්පී ඇමතිලා දෙන්නෙක්ම සංවිධායකවරු ගෙන්නපු නිසා. මේ බ්ලොග්කරුවා  යුඇන්පී රජයට විරුද්ධයි කියල මම දන්නවා. ඒ විරුද්ධ කම් මත කරන විවේචන දේශපාලනික ස්වරුපයක් ගන්න නිසාත් සංවිධායකයන් ඇමැතින් ගෙන්වීම විවේචනය කරන්නට ඔහුට  සාධාරණ අයිතියක් තිබේ යයි සිතූ නිසාත් තමා එහෙම කලේ.

නමුත් ප්‍රශ්නය මගේ නමට මෙතරම් විරෝධයක් එල්ල කිරීම  සහ මුදල් ගත්  බවට හැම තැනම කියා පෑම. චෝදනා කරන අය ගේ අතේ තමා  චෝදනා ඔප්පු කිරීමේ වගකීමත් තියෙන්නේ. මම කොතරම් ප්‍රතික්ෂේප කළත් එම චෝදනාව නැවත නැවත  එල්ල කරන්නේ "අපේ එවුන් හොරකම් කලා. ඒ වගේම අනිත් එවුනුත් කාගෙන් හරි හොරකම් කරන්න ඇති " යන මතයෙන් වෙන්න ඇති. මෙතැන මම හොරකම් කරන්නේ හෝ කළේ කාගෙන්ද කියන ප්‍රශ්නය තමා අහන්න වෙන්නේ?  කවුරු හරි එහෙම  ඔය ඇනෝ හමුදාවට හෝ එම බ්ලොග්කරුට කියා තිබෙනවානම් එම තැනැත්තා මුණ ගැසෙන්න ඕන වෙලාවක කැමතියි.  මොකද මගේ නම් ගාවල කවුරු හරි  ගානක් කඩා ගත්තද කවුද  දන්නේ.


මේ අතරවාරයේ තමා ඔය බ්ලොග්කරුට විරුද්ධව මඩ ගහපු නොයෙකුත්  ඊමේල්  එන්න ගත්තේ. මම කිසිවක් පළ කලේ නැහැ. පහත  පින්තුරය  දැන් පල කරන්නේ වෙනත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කළ නිසා සහ ඒ බව ඔප්පු කරන්න.   නැතුව මේ තැනැත්තට පහර ගහන්න නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.

මෙය මට ලැබුනේ ජූනි මාසයේ 

 මම මේ ගැන තව බ්ලොග්කරුවන් දෙතුන් දෙනෙකුගෙනුත් විමසුවා. ඒ අය දන්නවා ඒ ගැන. අපේ සාමූහික අදහස වුනේ මේ මඩ ප්‍රහාරයට කිසිම ප්‍රසිද්ධියක් නොදෙන්න. මේ බ්ලොග්කරු අපට අපහාස කළත් අප එවැනි තත්වයට පත්විය යුතු නැති බවයි අපි හිතුවේ. අඩුම ගණනේ ඇනෝ කොමෙන්ට් එකක් වශයෙන්වත් අපි මේවා පාවිච්චි කළේ නැහැ. මම පෞද්ගලිකව එවැනි දේට කොහොමත්  විරුද්ධයි.
එවන ලද පින්තුරය 

එනිසා  මම  හොඳින්ම දන්නවා  ඉයන් එවැන්නක් නොකළ බව. මා මේ ස්ක්‍රීන් ෂොට් එක පල කරන්නේ මට මේ විස්තර කියා එව්වේ ජුනි මාසයේ බවට පෙන්වන්න . මෙම බ්ලොග්කරුගේ තවත් පෞද්ගලික ක්‍රියා ඇතුලත් වෙනත් විස්තර සමග මගේ බ්ලොගයේ පළ කර පිළිතුරු දෙන්න  කීවත් මම එසේ කලේ නැහැ. ඒ වගේ පහත් තැනකට වැටීමට ඇති අකමැත්ත නිසා.

මම නැවතත් සියලු බ්ලොග්කරුවනට  කියන්නේ මේ බ්ලොග්කරු ගේ  හෝ වෙනත් කිසිම බ්ලොග්කරුවෙකුගේ අඩවියක මම ඇනෝ ප්‍රතිචාර දමා නැහැ. එසේම ඔහු විසින් පවසන මවිසින් මුදල් වංචා කළ බවට කරන චෝදනා  සියල්ල සිතින් මවා ගත් අමූලික බොරු. ඒවා බොහොමයක් විසුළු සහගතයි.   ඔහුටත් එසේ කියන අනිත් අයටත්  හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙස මා පවසා ඇති නිසා මම ඒ ගැන තව දුරටත් කරදර වෙන්නෙත් නැහැ.

30 comments:

  1. ඔය කියන බ්ලොග් එකේ නෙළුම් යායට මඩ ගහන්නේ දේශපාලන උවමනාකවට බව ඉතා පැහැදිළියි නේ. මා ඒ ගැන ලිපියක් ලියා ["නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017] කතාව එතැනින් නතර කළා.

    මගේ පවුලේ අය ගැන අසභ්‍ය දේ ලියන බව ආරංචි වුනත්, ඒ ගැන මා ක්‍රියා නොකළේ ඔබ කියන පරිදි මඩේ ලඟින ඌරන් සමග පොර බැදිමට අවැසි නැති නිසයි.

    ඔහුට විරුද්ධව රැකියා විෂමාචාරයක් ගැන වෘතීමය ආකාරයේ පැමිණිල්ළක් මිස නීතිමය ආකාරයට පැමිණිල්ලක් කර ඇති දැයි පැහැදිලි නෑ.

    ඒ පැමිණිල්ල නිසි පරිදි විභාග වෙනු ඇතැයි සිතා සිටීමයි අප කළ යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් මේක දිගින් දිගටම ඇදෙන නිසා සහ ඉයන් වැනි අයටත් චෝදනා එල්ල කරන නිසයි ලියුවේ. ඔබ දන්නවනේ මට කොපමණ "ඔහු" ගැන කියා ඊමේල් ආවත් මම ඒවා භාවිතා නොකළ බව.

      Delete
  2. අජිත්,

    මම නම් හිතන්නේ නෑ ඔබ දෙපලම එකිනෙකාට කරන චෝදනා නිවැරදියි කියල, සරසා කරන චෝදනාව වන ඔබ මුදල් වංචා කලබව සම්පුර්නේයෙන් හිතෙන් මවාගත් කරුණක් කියල කියන්නේ ඔහු ඔබට කෙලින්ම විරුද්ද චෝදනා පෙන්වල නැතිනිසයි, ඒ වෙනුවට කරන්නේ ඔබේ සංවිදානයේ පුද්ගලයෙකුගේ දුෂණයක් පෙන්වමින් ඔබට මඩ ගැසීමයි.

    අනෙක් පැත්තෙන් ඔහුට සිදුවෙලා තියෙන්නෙත් ඔහු බලවත් පුද්ගලයන් තම සතුරන් බවට පත් කර ගත්තම ඔවුන් විසින් මොහුට විරුද්දව කුමන්ත්‍රණය කිරීමයි. අද වනවිට ලංකා ඉනිව්ස් වැනි මාද්‍ය සදාචාරයක් නැති වෙබ් අඩවියක් ඇරුනම වෙන කිසිම පිළිගත් මාද්යක් ඔහුට චෝදනා කරලා නෑ.

    අන්තිමට මේ සම්මාන දීම ගැන මගේ පුද්ගලික අදහස කියන්න ඕනේ, මම නම් හිතන්නේ නෑ බ්ලොග් රචකයන් දේසපාලුවන් ඉදිරියේ නිරාවරණය වියයුතුයි කියල එහම උනාම වෙන්නේ ඔවුන්ගේ ලිවිම ස්වාදීන වෙන්නේ නෑ මේ හෙතුව නිසා මම විරුද්දයි ඔබේ සම්මාන දීමේ අදහසට.

    නමුත් ඔබ දෙපලම මෙහෙම ප්‍රසිද්ධියේ මඩ ගසාගැනීම නම් කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඔහේගේ නෝනා යනවනකෝ අතවරආරච්චි ලගට බෙහෙත් ගන්න, මෙතන පල් හෑලි කියවන්නේ නැතුව. ඉවරනි කතාව.

      Delete
    2. ඇයි ඔබ අත්දැකීමෙන්ද කතාකරන්නේ ?

      Delete
    3. තමුසේ අතවරආරච්චි පුක දෙන්නේ ඇයි ඔයි මෙච්චර. අතවරයට කවුරුහරි මොකක් හරි කිව්ව ගමන් උබ ඇයි ෆයර් වෙලා එකම හෑල්ල විවිද ආකාරයට දේශනා කරමින් යන්නේ? අතේ පාරක් ගහලා නිදා ගනින් ඔයි ඕනි දේටයි එපා දේටයි හැම දේටම හොට දාන්නේ නැතුව. (ගොඩක් බ්ලොග්කාරයෝ කැමති නෑ උන්ගේ බ්ලොග් වල උබ ගිහින් රෙනවට. ඒකයි කිව්වේ.)

      පුක යනු කුණුහරුපයක් නොවේ- කකා

      Delete
    4. ලංකික සිතුවිලි - //මම නම් හිතන්නේ නෑ ඔබ දෙපලම එකිනෙකාට කරන චෝදනා නිවැරදියි කියල// මම සරසාට නොව ඇනෝ ලට පිළිතුරු දීල තියෙන්නේ. මම නෙමෙයි ඔය ලංකා ඉනිව්ස් කටහ්ව ඇද්දේ කියන්න. ඒකයි මේ බ්ලොග ලිපියේ ලියල තියෙන්නේ. මම ඔහුට මඩ ගහල නැහැනේ මේ ලිපියේ. ඔබ ලිපිය කියෙව්වද? අපාට් මේ විස්තර ආවත් මුකුත් කළේ නැහැ කියන්න.

      Delete
  3. මම හොඳින්ම දන්නවා ඉයන් එවැන්නක් නොකළ බව......
    ඔබතුමා නේද කිව්වෙ ලංකා ඊ නිවුස් සඳරුවන් නඩේ මෙහෙයවන්නේ මංගල සහ සහකරුවන් සහ ලංකා නිවුස් වෙබ් එක චන්දිම ඇතුළු නඩේ මෙහෙයවන්නේ ලංකාවේ ඉන්න බ්ලුමවුන්ටන්ඉඩම් විකුනන්නෝ අයිති/ කොටස් කරුවන් බවත්[දොස්තර] මේ අනුව ඔය ඉයන් ඉන්නේ කොතනද කියලාත් දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති

    ReplyDelete
    Replies
    1. බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරුවන් බැසිල් රාජපක්ෂගේ ලඟ නෑදෑයන්. සමහර අවුල් ඉඩම් කුණු කොල්ලෙට ලබා ගැනීමේදී විශාල් බැංකු ණය ලබා ගැනීමේදී රාජපක්ෂ කිට්ටු සම්බන්ධකම පිහිට වුණා. අද ඔවුන්ගේ සමහර ව්‍යාපෘති දුවාගන්න බැරුව හිරවෙලා. ඒ කියන්නේ සාරසව එලිදරව් කරන්න බැසිලුත් හවුල්ද?

      Delete
    2. බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරුවන් බැසිල් රාජපක්ෂවත් අන්දලාවගේ දෙපතත් කන නයි

      Delete
    3. මම ඔබතුමාට එහෙම දෙයක් කිව්වේ කවදාද කොහෙද ගරු ඇනෝ තුමනි? සඳරුවන් සේනාධිර මහත්මයා ලංකා ඊනිව්ස් කරන බව හැමෝම දන්නවා. එක ප්‍රසිද්ධ රහසක්. මම ඔහු දැකල වත් නැහැ. ලන්ඩන් හිටියත්. ලංකානිව්ස්වෙබ් එක අයිති චන්දිමට කියලයි මම දන්නේ.

      Delete
  4. අල්ලලා දාන්න අජිත්. මේ ගැන තව දුරටත් ඩේටා සහ වචන වියදම් කරන එක තේරුමක් නැහැ. තමා වරදක් නොකළ බව තමුන් දන්නවානම් එච්චරයි. බ්ලොග් වල කියන ලියවෙන කතා වැඩිය සීරියස් ගන්න එපා. අජිත්, ඉයන් වගේම කුමාර කියන්නෙත් අපූරු බ්ලොග් කරුවන්. ඔය මල්ලේ පොල් බ්ලොග් එකේ යන මඩ ප්‍රහාර මම නම් දකින්නේ සාරස ආතල් එකට කරන දෙයක් මිස ද්වේශයෙන් කරන දෙයක් නොවන බවයි.

    අජිත් ධර්ම සහ කුමාර කළුආරච්චි යන දෙදෙනාවම පෞද්ගලිකව නොදන්නා, සාමාන්‍ය බ්ලොග් පාඨකයෙක් ලෙස මේ අදහස් ලියන්නේ. වෙනදා වගේ බ්ලොග් ලියාගෙන යමු. මඩ කමෙන්ට් වලට හිනා වෙලා උත්තර දෙමු. එච්චරයි. ඔය සාරස ගැන යන නිවුස් එක වුනත් එහෙමයි. එතකොට මේ බ්ලොග් ලෝකේ හරි ලස්සනයි. අපි හැමෝම මිනිස්සුනේ.

    Let’s forget everything and get drunk :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදය. දිගින් දිගටම ඇදී යන කරුණක් නිසා අවසන් පිළිතුරක් දෙන්න හිතුව.

      Delete
  5. ඔබට පහර ගහන්නේ දේශපාලන හේතු මත. පුද්ගලිකව පහර ගහන්නෙත් එසේ කිරීමෙන් ඒ පහර ගහන්නන්ගේ දේශපාලනයට වාසි හෝ ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ දේශපාලනයට අවාසියි කියලා ඔවුන් හිතන නිසා. දැන් හැමෝම වගේ දන්නවා පුද්ගලික හෝ පොදු මඩ ගැසීම දේශපාලන ඇජෙන්ඩා නිසා බව. ඔබ හොරෙක් කියලා ඔබව පෞද්ගලිකව දන්න හෝ නොදන්න ඒත් විශ්ලේශනාත්මක හැකියාවක් තියන අය විස්වාස කරන්නේ නෑ. ඒවායින් පුද්ගලිකව නොසැලී සිටීම ( අමාරුවෙන් හරි ) තමයි කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. නොසැලී ඉන්න තමයි බලන්නේ ප්‍රා. ඉයන් වගේම මමත් එවැනි බ්ලොග් අඩවි වලට යන්නේ නැත්තේ ඒකයි.

      Delete
  6. මේ වගේ ප්‍රශ්ණවල පැටලුනාම කිසි වැඩක් කරගන්නත් නෑ. ඔළුව කැක්කුම හැදෙනවා.
    ඒත් එහෙම ප්‍රශ්ණවලදි සද්ද නැතිව ඉන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. එහනම් ලියහන් රාවයට ලිපියක් සිංහල බ්ලොග් ලියන එවුන් මරාගන්නවා තව එකෙක් XXXටෞකන්න සල්ලි ඇඩ්වාන්ස් එකතු කරලා දෙව්ලොව යන්න හින බලනවා කියලා එතකොට උඹටත් තව සම්මාන් පිට සම්මාන අරන් බ/වෙලා ජනතවට කියලා උපහාර උලෙලෙක් තයාගනින් මචන් අපිත් එන්නම් එකට සපෝර්ට් එකට

      Delete
    2. ස්තූතියි උඩුවා. දිගින් දිගටම ඇදී ගිහින් වටේ පිරිස් නුත් ඇද ගන්න නිසා පිළිතුරක් දුන්නේ.

      Delete
  7. නෙළුම් යාය ගැන අහන ඒවනම් අමුම ජෝක්ස් එකක්....
    පිස්සුද අනී ඕවට ලැතැවෙන්න...ඉයන්ගේ හෙඩිම තමයි සුපිරිම හෙඩිම...

    ReplyDelete
    Replies
    1. ලතවෙලා නැහැ රස්ති මල්ලි. මේ පිළිතුරක් දුන්න පමනයි සමහර චෝදනා වලට.

      Delete
  8. අපරාදේ ඩේට ටික.. :)

    ඉවර කරපු නැති රුසියාවේ කතා තව කොච්චර තියෙනවාද? :))))

    ReplyDelete
    Replies
    1. ඕවා නිකම් හම්බ්වෙන ඩේටා සල්ලි දීලා ගන්න වා නොවෙයි ෆ්‍රී වයිෆයි වලින් දෙන ඩේටා

      Delete
    2. මොන නිකන්ද මාසෙට ගානක් ගෙවනවා මර්ඩොක් ගේ ස්කයි බ්‍රෝඩ් බෑන්ඩ් එකට.

      Delete
    3. රුසියාවේ කටහ්ව පටන් ගන්නවා තව එක ලිපියකින් පස්සේ. ඔබතුමාත් දන්නවා ඒ ලිපිය මොකක් ගැනද කියල.

      Delete
  9. අර ලින්ක් එකෙන් ගිහින් ඉයන්ගේ පොස්ට් එක බැලුවා.
    තඩි කුණුහබ්බ පතයක් දාල තියෙන්නේ යස අගේට, කදිම පින්තුරෙකුත් එක්කම. දැන් එයා ඇම්ඩව ගුරු තනතුරේ දාගෙන වගේ ඉන්නේ
    මිනිහ නං බ්ලොග් පොලිසියේ රස්සාවකට සුදුසුකම් පෙන්නලා තියෙනවා බොහොම හොඳට. වල් කුනුහබ්බයෙක්!

    ReplyDelete
    Replies
    1. ඉයන් හොඳ පෝස්ට් ලියනවා.

      Delete
  10. ඉතින් අජිත් දර්මේ ලබන වසරේත් මේ ආකාරයම මඩකරියන් ගේ ගොහොරු වලේ රැඳෙමුද....නැතිනම් වැඩක් බලා ගනිමු ....කියලා පෑත්තකට වෙලා බලන් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. පැත්තකට වෙලා බලන් ඉන්න තමයි හදන්නේ.

      Delete
  11. දැන්වීමයි
    ===============================================================

    ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුපති, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච ග්‍ර‍හ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්‍යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

    'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

    1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
    2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
    3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

    මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

    බැකිසි බකු සානේ
    කරවැල් මහ කොකානේ
    දිය ගැරඬියානේ
    රකිව් මල්ලේ පොල් විදානේ

    ===============================================================

    - සාරසානුබද්ධ පාඨක හවුල

    ReplyDelete
    Replies
    1. හූනියම් කාරයන්ටත් එන්න කියනවද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .