Saturday 12 October 2024

පෙරටුගාමීන් ශ්‍රී ලංකාවේ පූර්ණ සමාජවාදී රාජ්‍යයක් පිහිටුවති - බීසීසි

                                                


 ඒ රැල්ල තමයි රැල්ල. ඉස්සෙලම බිත්තර ගණන් ගියා .  ඊට පස්සේ මුද්දර ගණන් ගියා .  මිනිස්සු බිත්තරයි මුද්දරයි හොයන කොට තෙල් ගණන් ගියා .  ඇයි මැද පෙරදිග යුද්දෙනේ .  ඊට පස්සේ ආවේ වර්ජන රැල්ල .  අනුර කුමාර ජනාධිපති තුමා දන්නා සෙල්ලම් ඔක්කොම දැම්මා කොහෙද . නවත්වන්න බැරිවුනා .  කොටින්ම කියනවනම් මාලිමාවේ  සමස්ත ලංකා කම්කරු සමිතිත් වර්ජන රැල්ලට එකතු වුනා .
  
වර්ජන රැල්ලෙන් පස්සේ ආවේ අරගල රැල්ල. ඒක නිකන් සුනාමියක් වගේ ආපු රැල්ලක්  පස්සේ රැල්ලක් . 

 ඉතින් චන්දෙන් බලයට පත්වුණේ පෙරටුගාමීන්. කිසිම පෙරටුගාමී සාමාජිකයෙක් උදව් කරන්නේ නැතිව ඒක වුනේ ඇත්තටම .   මොකද ඒ ගොල්ල රැල්ලට යන කට්ටිය නෙමේනේ .  ඉතින් එක රැල්ලකාටවත්  එකතු වුනේම නැහැ . 

 ඉතින් මිනිස්සු හිතුව ඇත්තටම මේ වගේ සත්‍යයම අදහන අය වෙනුවෙන් අපි වත් අපිවත් අඩුමගානේ රැල්ලට එකතු වෙන්නේ ඕනේ කියල .  

අනික එයාල හැම වෙලේම කීවේ දියවන්නාවෙන් එහාට කියලනේ .  ඒ කියන්නේ  එයාලට චන්දෙ ඕනේ නැහැ වගේ දෙයක් නේද  කීවේ කියල මිනිසුන්ට වැටහුනා . 

ඒත් කමක් නැහැ මේ වගේ ඇත්ත කියන සැබෑවෙන් ජිවත් වෙන කට්ටියනේ  අපිවත් එයාලව පාර්ලිමේන්තු යවමු කියල මින්නිස්සු හෝ ගාලා චන්දෙ දුන්න. ඉතින් ඇත්තම ඒ ගොල්ලෝ දියවන්නාවෙන් පැනල මැද තියෙන පාර්ලිමේන්තුවට ගොඩ වුනා . 

 සජී බබා  හම්බන්තොටයි,  මැද කොළඹයි යාන්තමට  ගොඩ දාගත්ත .  නාමල් බේබිට නම් කුරුණෑගලින් ඉල්ලලත් ලැබුනේ දෙකයි පනහයි .  මාලිමාවට යන එන මන් නැතිවුනා .  පෙරටුගාමී සමාජවාදීන්ට ලංකාවේ සමාජවාදය පිහිටුවන්ට කියල ආපු රැල්ල විසින්  හයෙන් පහකුත් දශම පහක්ද කොහෙද  එක්ක පෙරටුගාමී විප්ලවකාරී සහෝදර සහෝදරියන් පාර්ලිමේන්තුවට එවල තිබ්බ .  ස්වයං නිර්ණනේ දෙන්න කීව හින්ද මුළු උතුරු නැගෙනහිරම එයාලට තමා ඡන්දේ දුන්නේ . 

නව ආණ්ඩුවේ අගමැති බෝපගේ , අධ්‍යපන ,  විදේශ ,  කළා හා සංස්කෘතික ,  ප්‍රචාරක ඇමති ජාගොඩ දෙන්න  එකතු වෙලා ගෙනාව විශ්වාස  භංගයක්. පැරදෙනවා කියල දැනගෙන ජනාධිපති අනුර කුමාර කලින්ම  ඉල්ලා අස්වුණා. 

වසන්ත සහෝදරයා මුදල් ඇමති හැටියට ඉස්සෙල්ලම කලේ අයි එම් එෆ් කාරයන්ට පස්සට එකක් ගහල පන්නපු එක .  ඔහෙලා ගේ සල්ලි දෙන්නේ නැහැ කියලත් කිව .  ලෝක බැංකුව එන්නත් භය වුනා .  අපිට තමුසෙලගෙ සල්ලි එපා කියල කෙලින්ම දුන්න ටිකත් එකෙන්ම ආපහු හරවල යැව්වා . සල්ලි නැතිව රටවල් කරන්න බැරිද. පිටරට වැඩ කරන අය කොහොමත් විකුනනවා .  
අනික එංගලන්තේ , යුරෝපයේ , ඔස්ට්‍රේලියේ සහෝදර සහෝදරියෝ ගෙවල් විකුණලා හරි සල්ලි එවනව කියල පොරොන්දු වුන රට ගොඩ දාන්ට.

ඉන්දියානු ව්‍යාප්තවාදය ට එරෙහිව පෙරටුගාමී ආණ්ඩුව ඉන්දියන් තානාපති හැරෙන තැපෑලෙන් ආපහු යැව්වා .  ඉන්දියන් ආධාර ටික, එවපු  බස් ටික, පරණ කෝච්චි ටික ,    ඇම්බියුලන්ස්ටිකත් එක්ක අරගෙනම යන්න කිව්වා .    ඒවා ලංකාවේම හදන්න ගත්ත පරණ යකඩ බඩු උණු කරලා .

ස්වයං නිර්නනේ ගත්ත උතුරු නැගෙනහිර වහාම චන්දයක් තියල ඉන්දියානු ෆෙඩරේෂන් එකට එකතු වුනා .  පුබුදු සහෝදරයා ඉතාම ව්‍යක්ත ලෙස පැහැදිලි කළා ඒක ඉන්දියානු ව්‍යාප්තවාදයේ පරාජයක්  කියල .  

චීනෙන් ණය ටික ඉල්ලුව නිසා  කොළඹ, ත්‍රිකුණාමලේ වරාය් දෙකයි ගාල්ලේ ජැටියයි,   යාපනේ ජැටියයි චිනට දුන්න. චිනේ කවදාවත් ව්‍යප්තවාදයට එන්නේ නැහැ කියල 99 අවුරුදු බදු ගිවිසුම අත්සන් කරන ගමන් බෝපගේ සහෝදරයා පොරොන්දු වුනා .  කෘෂිකර්ම ඇමතිනාගමුව  උතුරු කොරියාවට ගියා .  ගිය ගමන් මිසයලා ඩ්‍රෝන වගයක් ආධාර හැටියට හම්බ වුනා .  උතුරු කොරියන් නුඩ්ල්ස් ටොන් බර ගානකුත් ලැබුන . 
   
නිෂ්පාදන ආර්ථිකයෙන් නිපදවෙන විශාල ප්‍රමාණයක් අධි සුඛෝපභෝගී  භාණ්ඩ බෙදා ගන්න බැරිව මිනිස්සු කලබල වෙයි කියල හදපු පෝලිම් වල මිනිස්සු හරිම ප්‍රීතියෙන් නටනවා සින්දු කියනව විදී නාට්‍ය  රඟ දක්වනවා. ඉන්දලා හිටලා ලංකාවේ මහපු රෙදිත් පෝලිමට දානව. සමහරු වයසක ඈයෝ ,අර සිරිමා රැජිනගේ රත්රන් සමය වගේනේ කියල ඇහැට සතුටු කඳුළු පුරෝගෙන ඉන්නව .    

රුසියාවෙන් නම් ආපහු යන්ත්‍ර සූත්‍ර එක්ක කම්හල් දෙන්න බැහැ කියල තියනව .  ඒ වෙනුවට පරණ යකඩ නැව්  ,  යුද ටැංකි එහෙම එවන්නම් ලු තේ වෙනුවට ,  හැබැයි ඉතින් අපේ දක්ෂයන්ට ඒව වලින් මොනව හදන්න බැරිද?

ලංකාව හරිම ප්‍රීතිමත් රටක් වෙලා .  
ඉතින් මම ගියා ලන්ඩන් හීත්‍රෝ ගුවන්  තොටුපලට . 
මේ අලුත් සුඛිත මුදිත වෙමින් යන ශ්‍රී ලංකාවට උදව කරන්න මේ ජරා ජීර්ණ, කුණු වෙමින් යන, පරක්කු වෙලා බෙහෙත් දෙන සඛ්‍ය සේවයක් ඇති, මජර ලෙස සූරාකන   ධනවාදී එංගලන්තේ අත හැරලා  ලන්ඩන් වල අපේ පෙරටුගාමී යහළු යෙහෙළියෝ යනව ඇති කියල හිතාගෙන ඔවුන්ට සමු දෙන්න. පුලුවන්නම් චොකලට් ටිකකුත්  යවන්න ඒ ගමන්ම.

පැය ගානක් හිටියට කාවත්ම දැක්කේ නැහැ .  ඒ නිසා ටිකක් එහෙමෙහෙ ඇවිදින කොට මෙන්න ඇරයිවල් එකේ ඉන්න අපේ  ප්‍රවීණ නාට්‍යවේදී රෙඩ්ලී අයිය .

මං පොඩ්ඩක් කිට්ටු  වෙලා කතා කළා . 

"රෙඩ්ලි මොකෝ  මේ ඇරයිවල් එකේ .  ඩිපාචර් එකේ නේද යන අය ඉන්නේ .  අර කට්ටියට අත වනන්න යන්නේ නැත්ද  ?"
රෙඩ්ලි  පුදුමෙන් මගේ දිහා බැලුව .   

"කාට අත වනන්නද ?"       
"නැහැ මේ අපේ යාලුවෝ ලංකාවට යන්නේ නැත්ද අලුත් ආණ්ඩුවට උදව් කරන්න ?  අනික පූර්ණ සමාජවාදී  දේශයක්  නේ හදල තියෙන්නේ " මම පැහැදිලි කළා . 

"අපේ අය ඔය රැල්ලට යන්නේ නැහැනේ .  "රෙඩ්ලි ඉතාමත් ආඩම්බරෙන් කීව.

"හරි හරි මට තේරුනා .  රැල්ලට නැහැනේ නේද . අනික මෙහෙ මේ හදා  ගත්ත පැල දාල කොහොම යන්නද ?  ළමයි ඉගෙන ගන්න ඕනේ .  ගෙවල් දොරවල් වල මෝර්ගේජ් ගෙවන්න ඕනේ .  ඒවා ඉතින් බැංකු වලින් අරන් නැහැනේ. පක්ෂ ප්‍රතිපත්ති   අනුව .   ප්‍රයිවෙට් ණය නිසා එහෙම දාල යන්න බැහැනේ ,  රථ වාහන විකුණන්න ඕනේ .  මොන වදයක්ද ? හරි තමා. "  මම එකඟ වුනා . 

ඒත් ඇහුව "ඔයා  ඉන්නේ මෙතන මොකෝ. ඔයා කොහොමත් මෙහෙ දාල යන්න ඕනේ නැහැනේ   " කියල .  පෞද්ගලික ප්‍රශ්නයක්  වුනත් අපේ රෙඩ්ලි සහෝ තරහ වෙන එකක්  නැහැනේ කියල හිතුන .  

"ආ මේ මම අපේ නෑදෑයෙක් මෙහෙ එනකන් ඉන්නේ . බොහොම අමරුවෙන් පාස්පෝර්ට් අරන් පැන ගත්තේ  එයට ඉන්න තැනක් නම් තියනව. පුලුවන්නම් පොඩි රස්සාවක් හොයල දෙන්න . "
 
හා හා පුළුවන් දෙයක් බලන්නම්කි, යල ආපහු හැරෙන කොට මෙන්න බොලේ අනුර කුමාර දිනවන රැල්ලට ලංකාවට ගිය දර්ශන සහෝදරයා ආපහු එනවා කාට් එකත් තල්ලු කරගෙන .    දර්ශන කියන්නේ ලන්ඩන් හිටපු ජවිපෙ සංවිධායක හෙවත් නව මාලිමා සංවිධායක සහෝදරයා .  

"මොකෝ දර්ශන සහෝ මේ ගිය පයින්ම වගේ ආපහු එන්නේ .  මම හිතුවේ එහෙ ඉඳල කොහොම හරි සටන් මෙහෙයවල බලය නැවත ගනී කියල දියවන්නාවෙන් ඔබ්බට. එයාල වගේම "  මම ඇහුව.

"ඔව්, ඔව් යනව යනව ආපහු .  මම මේ චීස් කේක් කෑල්ලක් කාලා යන්න ආවේ " කියල එයා කියපි . 

" ආ ඒ මොකෝ , ලංකාවේ චීස් කේක් නැත්ද , ඔච්චර සුඛිත මුදිත වේගෙන යන රටේ . "

"නැහැ මේ බිත්තර ආයිත් ගණන් ගිහිල්ලනේ " කියාගෙනම එයා මාරු වුනා . 

මම ටක් ගාල ගූගල් කරලා බැලුව . 
"අම්මට  සිරි කිකිලියෝ ටික වර්ජන රැල්ලට එකතු වෙලා .  ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහි නිසා ආනයන කරන්නේත්  නැති නිසා  ලංකාවේ බිත්තර නැහැලු . පෙරටුගාමී  ආණ්ඩුවෙන් උපදෙස් මාලාවක් දියත් කරලා මාළු බිත්තර වලින් කේක් හදන්න කියල .  "
   
දඩාන්  ගාල දොරක් වාහන සද්දෙට ඇහැරුනා .  බිරින්දෑ කබඩ් එකේ දොර වහනවා . ඩෙනිමකුයි  ෂර්ට් එකකුයි ඇඳගෙන කොහේද යන්න . 

නිදිමතේම මම ඇහුව ඔයා කොහේ යන්නද ජර්මනියට ද කියල . එයා  කියනව, 

"නැහැ අනේ .  ඔයා මේ හීනෙන් චීස් කේක් , චිස් කේක් කියනව ඇහිලා මම මේ බිත්තර ටිකක් ගෙන්න කඩේ යනව " 
 
- කොළඹ ගමයා 
   12/10./2024 



49 comments:

  1. ඉතාමත් හොද ලිපියක්.

    පෙරටුගාමී අපගේ විප්ලවීය ආචාරය ඔබ‍ට.

    ReplyDelete
    Replies
    1. ඔබගේ විප්ලවීය ආචාරයට මගේ විප්ලවීය ආචාරය

      Delete
  2. මේක ලියනකොට හෙල්මට් එකක් දාගෙන ද ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. 😀 මේ දවස් වල හැංගිලා ඉන්නේ

      Delete
  3. මේ රට කවදා හරි ගොඩ දැම්මොත් එයාලා තමා...එදාට බෝට්ටු වලින් එන සුද්දන්න්ගෙන් මේ රට බේර ගන්න රට වටේටම විශාල තාප්පයක් බැදීමට යෝජනා කරණවා..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා අපට . සුද්දෝ එහෙ ආවහම අපට මෙහෙ රජ වෙන්න පුළුවන්නේ

      Delete
  4. අජිත් මහත්මයා, ඔය වෙනකොට නාකි සොම්බියාගෙ අලියයි සිලින්ඩරෙයි ඌත් එක්කම වල කජ්ජ ගහල ඇති නිසා නේද ඒ ගැන මොකුත් නොලිව්වෙ? නාකි සොම්බියාට කෙලවෙලා ඕකා හැඳි ගෑවිලා යනවනං ඊට වඩා වෙන මොනවද? 👍👍👍😂😂😂

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අජිත්, සැලකිය යුතු පිරිසක් රනිල් එක්ක බද්ධ වෛරයකින් ඉන්නෙ. ඔය උඩ ඇනෝල වගේ අයට රනිල් අහුවුනොත් පණපිටින් කන ලෙවල් එකක් තියෙන්නෙ.

      Delete
    2. @ ඇනෝ 1.42

      මම හිතන්නේ ලංකාවේ දේශපාලනය තුල Decicive factor එක රනිල් වික්‍රමසිංහ, රනිල්ව එලවන්න තමයි 2019 ගොඩක් අය මිනීමරු වියරු ඒකාධිපති ආමිකාරයකු වූ නන්දසේන වගේ පරයෙක්ව පවා ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට ඡන්දය දුන්නේ. මම නම් 2019 ඡන්දය දීමෙන් වැලකී සිටියා නන්දසේනටත් රනිල්ට තරම් නැතත් ඊට වඩා ටිකක් අඩුවෙන් අකමැති නිසා උගේ මිනීමරු මිලිටරි ඉතිහාසය නිසා. ඒත් රනිල්ට වඩා නම් ඌත් හොඳයි.

      ඒ වගේම අපි බොහෝ දෙනෙකුට මෙවර මාලිමාවට ඡන්දය දෙන්න සිදු වූණේ රට කාපු ජනතාවගේ සාරය උරා බිව් රනිල් වික්‍රමසිංහ කියන කාලකණ්නිම ඩ්‍රැකියුලාගෙන් රට බේරාගැනීම පිණිසයි.

      නමුත් තාමත් ඕකා ෂුවර් නෑ සමහර වෙලාවට අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මෙම ජනතාවාදී ආණ්ඩුව පෙරළා දැමීමට ඕකා දැනටමත් යටින් කුමන්ත්‍රණ කර කර ඇති ඒ වගේ මහා භයානක පාහරයෙක්, ඕකා වලකජු ගහන දාට රටම පාටි දායි, දාර බයියෝත් කිරිබත් කනවා ෂුවර් එකටම. ඊලඟට භයානකම එකා අර හෙල ඌරුමීයා පාටලී පච රණවක කියන අපතයා, ඕකාගෙනුත් හරිම පරිස්සං වෙන්න ඕන වාසනාවට සජිත් ප්‍රේමදාසට මොලේ පෑදිලා ඕකයි අර කලවැදි වෙල් විදානේ කියන මල් හොල්මනයි දෙකම පක්ෂෙන් එලවන්න, ඒත් ඕකුන් අර සොම්බියා එක්ක කුමන්ත්‍රණ කරලා ආයෙත් රට විනාශ කරන්න මොන ගේමක් දෙයිද දන්නේ නෑ ආණ්ඩුව ඕකුන් වගේ ලේ මාපිල්ලු ගැන ඇහැ ගහගෙන පරිස්සමට වැඩ කළොත් හොඳයි.

      Delete
    3. @ Anonymous13 October 2024 at 10:23
      Well said 👍👍👍

      Delete
    4. ඇනෝ ඔහෙලා රනිල්ට මොන මගුල කළත් මට ප්‍රශ්නයක් නැහැ . කවුරුහරි එක පැත්තකට දිගට ගහනකොට මම බැලන්ස් වෙන්න මොනව හරි ලියනවා . ඒක මගේ හැටි . ඇත්ත විතරයි වැදගත් . කඩේ යාම නෙමේ . 😀පෙරටුගාමීන් සජිත් එකක් එකතු වෙලා ගේමකුත් දෙනවද ? සජිතුත් හැබැයි දැන් හැදිලා වගේ නේද ටිකක් . නාම යෝජනා අහක් කරණ ලෙවල් එකෙන් පේනවා

      Delete
    5. අජිත් මහත්මයා, මේ මොහොතේ භූමිය තේරුම් නොගෙන සාම්ප්‍රදායික දේශපාලන දිගටම කරන්න ගියොත් සජිත් විතරක් නෙමෙයි අනෙක් සාම්ප්‍රදායික දේශපාලකයන්ද වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙනවා. හැබැයි නාකි සොම්බියා නං හැඳිගෑවිලාම යන්න ඕනැ. ඕකා සාරසංඛ කල්ප ලක්ෂයක් වත් අවීචි මහා නරකාදියෙ ඉන්න ඕනැ.

      Delete
    6. මම දන්නවා බයියන්ට ගොඩක් රිදිලා කියල රනිල් කරපු කෙලිය නිසා. වක්‍රව අනුරට උදව් කළා වගේ පේන නිසා . දෙපැත්තම ඇන ගත්තනේ . ඒත් අනුර කුමාර බෝට්ටුව තවම හොලවන්නේ නැහැ . 😀

      Delete
    7. අජිත් මහත්මයා, අපි බයියො නම් නෙමෙයි. අපි අති උග්‍ර ලෙස නාකි සොම්බි පොනිල් විරෝධීන්. පොනිල් කොරපු කෙලිය වගේ ඒවට තමයි කියන්නෙ කොරපු කෙලියකුත් නැත පානේ තෙලුත් නැත කියලා. නාකි සොම්බියා වැලලිලාම ගියා.👍👍👍😂😂😂

      Delete
    8. ඔය තරහ ඇත්තටම දැන් ජවිපෙට වත් තියනවද දන්නේ නැහැ . මම හිතන්නේ විරවංශ, කොමිනිස් සෙට් එකට ඇති රොටී බාස් එක්ක ගිය ; ඇයි දැන් වලේ වල නැහැනේ. රනිල් අවුරුදු දෙක කොහොම හරි ඇදල රාජපක්ෂලටත්, කෙල්ල , සජිත් ටත් කෙල්ල , යුඇන්පී එකේ චන්ද් අගන යන්තන් වැඩි කරලා ගියානේ මචෝ

      Delete
    9. අජිත් මහත්මයා, නාකි සොම්බියා යූඑන්පී චන්ද වැඩිකිරිල්ලෙ කටේ නරිවාදම මහ චන්දෙදි රෙද්ද පල්ලෙන් බේරෙයි. 😂😂😂. නාකි සොම්බියා වලකජ්ජ ගැහුවම ඌව වල දාන්න ඕනැ පුක උඩට හිටින්න. 😂😂😂

      Delete
    10. ඕකේ අනිත් පැත්ත බං වෙන්නේ . සජියට කෙලවෙන කෙලවිල්ලට යුඇන්පී චන්ද යි මාලිමාවේ ඡන්දයි වැඩි වෙනවා . ඔය පෙරටුගාමින්ටත් එකෙක් දෙකක් එයි . එහෙම සයිස් එකක් තියෙන්නේ . සජිය ඇත්තටම ටිකක් පව් වගේ .

      Delete
  5. අජිත් යකෙක් පිච්චුවදැයි මුලදි සිතෙයි
    බෝතල් මාරු වීලාදැයි දෙවනු හිතෙයි
    මොන? ඇන්නෑවදැයි වැටහුණෙ අන්තිමටයි
    හීතලේට පෙනෙන හීන මඤ්ඤංමයි

    අජිත්, //දියවන්නාවෙන් එහාට...// කෑල්ල තමයි මට නං මරු!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි නිදි යෝ එයාලමනේ කීවේ අපි බලන්නේ දියවන්නාවෙන් එහාට කියල . 😀

      Delete
  6. හෙහ්, හෙහ් මේක නියමයි. එලිවෙන ජාමෙට හොඳ,හොඳ සෙල්ලං

    ජ.වි.පේ බලය ගත්තොත් ඊළග මාස 6 ඔවුන්ට ගහලා බලය අල්ලනවා

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සය එහෙමත් කිව්වනේ අප්පා . අපේ බ්ලොග් සම්මාන උළෙලේ පලවෙනි එකේ සම්මානයකුත් ගත්ත කරු අතින් . 😀

      Delete
    2. @ අජිත්

      අපේ හිතමිත්‍ර උඩුවා සහෝදරයා ටිකක් විතර අතිධාවනකාරී තමයි, මේ දවස්වල මාලිමාවෙනුත් ගේම ඉල්ලනවා තමයි ඒත් මම.හිතන්නේ එයා එහෙම කරන්නේ මාලිමාවට පොඩි පීඩනයක් එල්ල කරන්න වෙන්නට ඇති, මාලිමාව තව ටීකක් වාමාංශික පැත්තට හරවන්න වෙන්න ඇති, එහෙම නැතුව ඔහුගේ හිත යටීන් ඔහු මාලිමාවට විරුද්ධව වැඩ කරන කෙනෙක් නෙවෙයි කියල අපට ලොකු විස්වාසයක් තියෙනවා

      හැබැයි උඩුවාට රනිල් වික්‍රමසිංහ වගේ පාදඩකරණය වුණ තකතීරු දේසපාලුවෝ නම් පේන්න බෑ, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ බටලන්දේ ඝාතක ලේ පිපාසිත මිනීමරුවා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව අරගල ව්‍යාපාරයේ හිටපු පෙරටුගාමීන් ඇතුලු විවිධ ජනතාවාදී තරුණ තරුණියන්ට අරගලකරුවන්ට ඉතාමත්ම අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ රනිල් වගේ පාහරයෙක්ට අපි කවදාවත්ම සමාව දෙන්නට හොඳම නෑ, ඌට පුලුවන් තරම් එලව එලවා ගහලා උගේ චරිතය නැත්තටම නැති වෙන්න චරිත ඝාතනය කරන්නට ඕනේ අපේ දිවි තිබෙන තුරාවට කියලා ඔහු ප්‍රකාශ කළේ අපි ඒකට එක් වෙලා ඒකමතිකව තීරණය කර තියෙනවා රනිලාව ඉතිහාසයේ කුණුබක්කියට දාන්න උපරිම ලෙස ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක්ම, පෙලටුගාමීන් විතරක් නෙවේ බොහෝ දෙනෙක්, මොකද 2021/22 කාලේ අච්චර අපි කුණුහරුප කියලා පාරවල්වල බැනපු නන්දසේන ගෝතයා වත් අපට ඔය වගේ අමානුෂික ලෙස පහර දුන්නේ නෑ ඔහු බොහෝ දුරට පරිස්සමට වැඩ කළේ අරගලකරුවන්ට ජීවිත හානි නොකරන ලෙස ඉහල නිලධාරීන්ට ඔහු නියෝග කර තිබෙන බව අපට දැනගන්නට ලැබුණා, නමුත් රනිල් මිනීමරුවා එහෙමවත් මනුස්සකමක් නැති අමන පාහරයෙක් ඌට ශාප කරන්නේ ඒකයි බොහෝ දෙනෙක්.

      Delete
    3. ආයි වෙන මොනවද නාකි පොනිල් සොම්බියට දෙන්න ඕනැ ඌ හැඳිගෑවිලාම යන්න.

      Delete
    4. //එහෙම නැතුව ඔහුගේ හිත යටීන් ඔහු මාලිමාවට විරුද්ධව වැඩ කරන කෙනෙක් නෙවෙයි කියල අපට ලොකු විස්වාසයක් තියෙනවා// හැබැයි ඒ වුනාට ටිකක් දරුණු කතාවක් නේ කියල තියෙන්නේ නැත්ද ? එතකොට නන්දසේන දෙමල මිනිසුන්ට් කරපුවට සමාව දීල ඉවරද ? කොහොමත් මචන් ල උඹල ආණ්ඩු බලය ගත්තත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සාධාරණය උද්ඝෝෂණය කලත් සමාජවාදී වුනත් උඹලත් ගහයි . ඒක තමා ඇත්ත . ටිනානමන් මතකද / නැත්නම් ප්‍රාග් , ඒවා එහෙම තමයි

      Delete
    5. අජිත් මහත්මයා, අපිට ගේම තියෙන්නෙ උඩුවා එක්ක නෙමෙයි වචනයේ පරිසමාප්තියෙන්ම දේශපාලන ජඩයෙක් වුනු නාකි සොම්බියා එක්ක. නාකි සොම්බි ජනතා ද්‍රෝහියව ජනතා අධිකරණයක් ඉස්සරහට ගේන්න ඕනැ.

      Delete
    6. ගෙනෙන් බං ගෙනෙන් . රජප්ස්ස ලව ගෙනෙන්නේ නැත්ද ? දැන් ඔය අලෝසියාස් ගෙන් පටන් අරගෙන තියෙන්නේ . වෙලාව එනකන් ඉඳින් යකෝ තවම සති තුනනේ ඇවිල්ල 😀

      Delete
    7. ජරාපක්ෂලත් අනිවාර්යයෙන්ම ගේනවා අජිත් මහත්මයා .

      Delete
    8. @ අජිත් ධර්ම

      මේ මොහොතේ පවතින ප්‍රායෝගික දේශපාලන තත්ත්වය මත රාජපක්ෂ පවුල අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නෑ කියලා තේරුම් ගන්න මොකද රාජපක්ෂ පවුල මෙවර මැතිවරණයට අප්‍රසිද්ධියේ මාලිමාවට විශාල ලෙස සහයෝගය ලබාදීමට පියවර ගත් නිසා විශේෂයෙන්ම හම්බන්තොට ඇතුලු දකුණු පළාතේ රාජපක්ෂ පවුල විශාල සහයෝගයක් ලබා දුන්නා ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ කෙලින්ම තම සමීප පාක්ෂිකයන්ට පවා මෙවර මාලිමාවට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා, නාමල්ට නොදී. අනෙක මෙවර මාලිමාවේ සංවිධාන කටයුතු කලේ පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය සමග සහයෝගයෙන්. මහමැතිවරණයෙදීත් ඒ අය දිගටම මාලිමාවට අප්‍රසිද්ධියේ සහයෝගය දෙනවා, විශේෂයෙන්ම විජිත හේරත් සහෝදරයාට අමාත්‍යධූරයේ වැඩ කරන්න ඔවුන් ගොඩක් උදව් කළා, තව පත්කරගෙන සිටින රජයේ නිලධාරීනුත් සංස්ථා මණ්ඩල සභාපතිවරු ගොඩක් පොදුජන පෙරමුණට සම්බන්ධ අය, ඒ නිසාම මේ මොහොතේ රාජපක්ෂ පවුල හැර අනිත් අය ජොන්ස්ටන් කෙහෙළිය වගේ කීපදෙනෙකුට විරුද්ධව පමණයි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රායෝගික තත්ත්වය මත. අපි ඉදිරියේදී තව කාලෙකට පසුව බලමු මාලිමාව තනිවම නැගීසිටින කාලයක අපි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පැකීලෙන්නේ නැති බවත් මේ මොහොතේ ඔබට සහතික කර ප්‍රකාශ කරන්න කැමතියි අපි. ඒ නිසා ආණ්ඩුවට තර්ජන එල්ල නොකර ඒ අයට තව වසර පහක් වැඩ කරන්න දෙන්න ඊළඟට පත්වන්නට නියමිත 2029 ආණ්ඩුව අපට තනිවම හදාගන්නට ඔබගේ සහයෝගය ලබාදෙන්නට පුළුවන් නම් අපි ඒ ඉල්ලීමත් ඉටු කරන්නට සූදානම්. හැබැයි රනිල් වික්‍රමසිංහගේ ගෝලයින් නම් නැතිකරලාම දාන්න ඕනේ, රනිල් වික්‍රමසිංහ හැර ඔහුගේ සමීප වටේ ඉන්න හොරරැලට හොඳටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මේ වෙලාවේ මොකද ඔහු මේ ආණ්ඩුවට ඉදිරියේදි තර්ජනයක් විය හැකි නිසා, නන්දසේන 2020 කරපු මෝඩකම් වලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ.

      Delete
    9. රාජපක්ෂලා සහයෝගය දුන්න නම් නාමල් දැම්මේ ඇයි . මම දන්නා පෙරටුගාමී පවුල් වල අය නම් මාලිමාවට දුන්නේ . පෙරටුගාමී කට්ටියත් තමන්ගේම වමේ එකාටනේ කෙලින්න හැදුවේ . දැන් ඔය විරවංශ , ඩලස් චම්පික සෙට් එකට තමා වැලේ වැල් නැත්තේ . රනිලා යනකොට යන යකා කොරහත් බිඳගෙන යනව වගේ ගියේ . FBI එකටත් සමහර තොරතුරු දීලලු නේද හොයන්න . ඒක තමාම පොරවල් වලට අප්සෙට් දැන්

      Delete
  7. මේ කතා කියවන්න හුග කාලෙකින් ආව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , ස්තූතියි

      Delete
  8. අතුලයියා13 October 2024 at 10:41

    අපේ කුරුටුගාමි අයියලා ටික පාර්ලිමේන්තුවෙන් එලියේ බලයක් හදමු කිව්වහම මම හිතුවෙ මේ කුරුටුගාමි අයියල සෙට් එකයි අන්තරේ මල්ලිලා සෙට් එකයි ගිහිල්ලා පාර්ලිමේන්තුව වට කරලා අනුරව ජීවග්‍රහයෙන් අල්ලල හිරිනිවයි විජිතවයි දෙන්නත් එක්කම කුදලලා රටින් පිටවහල් කරල බලය අල්ලගනියි කියල, ඇයි කිව්වේ දියවන්නාවෙන් ඔබ්බට කියලනේ. ඊට පස්සේ නිර්ධන පන්තියේ විප්ලවය කරල මුලු ලෝකයම බය වෙලා ඇමරිකාව තුෂ්තුෂ්ණීම්භූත වෙලා ඉන්නකොට, කියුබාවෙන් පට පට ගාලා ණය දිලා රට ගොඩ දායි කියල හීනෙන් පෙනුනේ නැත්තේ ඇයි කියල මට හිතුණා මචං අජ්ජා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මචෝ මට පෙනුනනේ , අම්මප එහෙම තමයි ප්ලෑන තිබ්බේ මං හිතන්නේ . සෙනග හිටියේ නැත්ද කොහෙද 😀

      Delete
    2. අන්න අරහේ ෆේස් බුකේ සුදත් ල නන්දනල උඩ පනිනනවා මගේ ෆේස්බුක් පෝස්ට් එකට ලයික් නැහැයි කියල . හරියට මම ඉල්ලුව වගේ 😀

      Delete
  9. මම අවදි වුනා.......... වට පිට බලන කොට ඉණ්දියානු ජාතික කොඩිය හැම තැනම. සංගීතයක් ඇහුනා ලගම පාසලේ උදේ රැස්වීම...ඉණ්දියාණු ජාතික ගීය.............මම ආයෙත් ඇස් දෙක පියා ගත්තා අරින්නෙම නෑ කියලා හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ නාකි සොම්බියා ඇවිත් උඹට අරින්න හැදුවද?😂😂😂

      Delete
    2. එයටත් හීනයක් පෙනිලා තියෙන්නේ . @මිදුම - අපට තියෙන්නේ ඉඉඅ රගාධාරී සංගීතය නේද ? අදහන්නේ ඉන්දියාවේ පහල වුනු ආගමක් නේද හේ හේ

      Delete
  10. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ විශිෂ්ට කතාව ඇහුවා ද අජිත්?

    ලංකාවේ නවවන ජනපති සහ පළමුවන සැබෑ ජනතාවාදී ජනාධිපතිවරයා වන අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඊයේ විශිෂ්ට කතාවක් කළේය. එය තනිකරම සිංහල බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා ඒවා උලුප්පා දක්වමින් කළ කතාවකි. ඔහු වැඩිපුරම කතා කළේ ප්‍රතිවාදීන් ගැනය. එය හරියට දුටුගැමුණු කුමාරයා එදා පරදේසක්කාර එළාර රජු පරාජය කර ලංකාව එක්සේසත් කර මහා රජු වූ පසු කළ කතාව වැනිය. එය හරියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා දෙමළ කොටි ත්‍රස්තවාදී නායකයාව පරාජය කර ලංකාව ඒකීය රාජ්‍යයක් කළ පසු කළ කතාව වැනිය. පරගැති සේල්ස්රෙප් රනිල් කියන අමු කාලකණ්නිම කුහකයා සහ රනිල්ගේම පුත්තු කොටසක් වන සජබයි හැතිකරයද රාජපක්ෂ බොරු ජාතිකවාදී අමනයන් ද එකමිටට පරාජය කළ නූතන සිංහල බෞද්ධ නායක අනුර කුමාරයා කළ කතාව විශිෂ්ටයි. ඔහු තමයි රතු මකරා, ඔහු තමයි දියසෙන් කියලා බහුතර ජනතාව විශාල ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා

    එම කතාව කිසිසේත්ම එදා ව්ලැඩිමීර් ලෙනින් හෝ ෆිදෙල් කැස්ත්‍රෝ හෝ වැනි මාක්ස්වාදී නායකයෙකු කළ කතාවක් නොවේ. එය සැබැවින්ම සිංහල බෞද්ධ නායකයෙකු විසින්ම පමණක් කරන කතාවකි. දේශපාලන ප්‍රතිවාදීන්ට ඇති සමාන නිදහස සහ අයිතීන් ආරක්ෂා කළ යුතු බවට ඔහුගේ පාක්ෂිකයන්ට ඔහු ධර්මිෂ්ට බෞද්ධ රජෙකු මෙන් ඉවසීමෙන් කරුණු කියා දුන්නේය. තමාගේ මුහුණේ දැලි ගාන ආකාරයට නූගත් මෝඩයන් මෙන් නොහැසිරෙන ලෙස තම පක්ෂයේම අයට පවා තරයේ කළ අවවාදය ඉන් වඩාත්ම ඉස්මතුවී පෙනිණි.

    නමුත් අවාසනාවට ඇතැම් පාක්ෂිකයන් ඉතාම සුලු පිරිසක් සමාජ මාධ්‍යයේ තවමත් කුණුහරුප ලියමින්, ප්‍රතිවාදීන්ට තර්ජනය කරමින්, වෛරය වපුරමින් වනචාරීන් මෙන් හැසිරෙනු අපද පිලිගතයුතු අතර මගේ සමාජ ජාල වල comments ටිකම එයට සාක්ෂි දරයි. අපේ ජනාධිපති සහෝදරයා ඔහුගේ කතාවේ පුන පුනා ඔවුන්ට කියන්නේ “ශිෂ්ට සම්පන්නව” හැසිරෙන ලෙසයි. ඔවුන් අනුර සහෝදරයා ආදර්ශයට ගත යුතුය.

    අනුර සහෝදරයාගේ කතාවෙන් කියවෙන්නේ ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව පරාජිතයන් සමූල ඝාතනය නොකිරීමට ඔහු වග බලා ගත් බවයි. එය සැබැවින්ම සිංහල බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කිරීමකි. පැරණි සිංහල බෞද්ධ රජවරුන් ක්‍රියා කළේ එසේය. අපට දේශපාලන වශයෙන් විරුද්ධ වුණත් එකල ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේත් එසේ බව අපද පිලිගත යුතුය. මිනීමරු අධිරාජ්‍යවාදී සුද්දන් එදා ඌව වෙල්ලස්සේ අපේ සිංහල බෞද්ධ පවුල් පිටින් ඝාතනය කළාක් මෙන් හෝ, ඇඩොල්ෆ් හිට්ලර් එදා නාට්සි ගෑස් චේම්බර් තුළ යුදෙව්වන් ඝාතනය කළාක් මෙන් හෝ, රතු හමුදාව විසින් එදා රුසියාවේ ප්‍රතිවාදීන් ඝාතනය කළාක් මෙන් හෝ, චේ ගුවාරා එදා සමූහ මිනී වළවල්වලට උඩින් පිට මැද්දට වෙඩි තැබුවාක් මෙන් හෝ තමා නොකළ බව ඔහු පැහැදිලිව කියයි. පුනරුත්ථාපනය නොවූ ඇතැම් සහෝදරයන් වහසි බස් දෙඩූ ආකාරයට කටයුතු නොකිරීම පිළිබඳව අපි ජනාධිපති සහෝදරයාට ස්තුතිවන්ත වෙමු. සාමාන්‍යයෙන් සදාචාර විරෝධී දේ නොකිරීම ගැන පම්පෝරි ගැසීම නෝන්ඩි වැඩකි. නමුත් ඇතැමුන්ගේ සාහසික ඉතිහාසය නිසා එසේ කියවීම අපට තේරුම් ගත හැකිය.

    ලක්ෂ ගණනක් ජනතාව මේ මොහොතේ ගංවතුරෙන් විපතට පත්ව සිටිනා විට අධිසුඛෝපභෝගී හෝටලයක දේශපාලන රැස්වීම් තියා කන්නට බොන්නට දීම සුදුසු නැති වුවත් තමන්ගේ කණ්ඩායමේ තරම හරියටම දන්නා නිසා වැඩේ අල වීමට පෙර මේ ආකාරයට තරවටු කිරීම අපට තේරුම් ගත හැකිය. ඔහු එම පක්ෂ රැස්වීමට පැමිණියේ රජයේ වාහනයකින් නොවන බව මට විශ්වාසය. මන්ද එසේ කළා නම් එය රජයේ දේපළ අවභාවිතා කිරීමක් වන බැවිනි. ඔහු එතැනට ආවේ පුද්ගලික වාහනයකින් සහ තම පුද්ගලික ආරක්ෂකයන් සමගය. ජනාධිපති සහෝදරයා ජනතා බදු මුදල් එක තඹ සතයක් අවභාවිතා කරන්නේ නැත.

    මා වැඩිපුරම කැමති වූයේ 2010 සහ 2020 පාර්ලිමේන්තුවට 2/3 කට ආසන්න මන්ත්‍රීන් පත් කිරීම නිසා ඒ ආණ්ඩුවලට සිදු වූ ඉක්මන් විනාශය ගැන මතක් කිරීමය. එය විශිෂ්ට කියවීමකි. ගිය මැතිවරණයට පෙර මමත් මාධ්‍ය ඉදිරියේ පුන පුනා කීවේ 2/3 කේ සාපය නම් දෙන්න එපා කියාය. නමුත් ලංකාවේ පුරවැසියාට එවැනි බැරෑරුම් කාරණා තේරුම් ගැනීමට අපහසුය. ගෝඨාභයට විරුද්ධව නටන්න පටන් ගත්තේ ඒ පමණට වඩා ලොකු ආණ්ඩුවේ අයමය. දැන් උන් අර කිව්වත් වගේ “දේශපාලනයෙන් විශ්‍රාම ගොස්” ඇත. හොඳ වැඩේ උඩඟුවන්ට.

    විරුද්ධ පක්ෂ ඇතුළේ ඇති කුලල් කා ගැනීම් සහ ගොබ්බ මැතිවරණ කැම්පේන් දෙස බලන විට නම් මට පෙනී යන්නේ ආණ්ඩුවට 5/6 ක විතර බලයක් ලැබෙනු ඇත කියාය. ඕනෑම සංවිධානයක් බිඳ දැමීමට එයට පුළුවන් තරම් සාමාජිකයන් එකතු කළ යුතුය. ඒ බව හොඳින්ම දන්නා අපගේ සිංහල බෞද්ධ නායකයා කල් තියාම අනතුරු ඇඟවීමක් කර තිබේ. නමුත් ඔබ පෙරළන්නට පටන් ගත් ගල දැන් නැවැත්විය නම් නොහැකියි ජනාධිපති සහෝදරයා. ඒක පෙරළෙන වේගය ඔබට පාලනය කර ගැනීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ජාතික ජන බලවේගය මාලිමාවට තෙරුවන් සරණ හිමිවී ජයෙන් ජයම පතමි. තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඒකනම් හොඳ කතාවක් . හෙන බැලන්ස් එකක් . ඒ වගේම එකක් තමයි ලන්ඩන් වලදීත් කලේ . සජිත් ට වුනත් කල්පනා කරන එක හොඳයි ඒ ලයින් එකෙන්

      Delete
    2. https://www.youtube.com/watch?v=CZkRtZWgJ4o

      Delete
  11. හුම්. ඔලුවට සමනල්ගැටේ වැටෙන පෝස්ට් එකක් වෙනව තා පොඩ්ඩෙන් 😂🤭

    ReplyDelete
  12. අජිත් මේ පින්තූරයේ ඉන්න කෙනාට හැකි උපරිම ලෙස දඬුවම් දිය යුතු රජයේ දේපල අවභාවිත කරපු ලංකාවේ ලොකුම දූෂිතයෙක් මේකා

    https://www.facebook.com/share/p/Q3Nv7omYtQ4QNztY/

    මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න නියමිතයි ලබන සතිය ඇතුළත, ඔබ දන්නා මොහූ සම්බන්ධ දූෂණ හොරකම් පිළිබඳව විස්තර ලබා දෙන්න තව මේ පේජ් එකට ගිහිල්ල මේ යකාට බැනලා කමෙන්ට්ස් කීපයක්ම දාල සපෝට් එකක් දෙන්න

    ReplyDelete
    Replies
    1. කවුද මේ අර වෘත්තීය සමිති නායකයෙක් නේද ? අරගලයේ හිටිය මෑන් කෙනෙක් නේද

      Delete
  13. //

    Forwarded many times;

    *රටේ සෑම ක්ෂේත්‍රයකම අත්දැකීම් සහිත සුදුස්සන්ගෙන් පිරි මාලිමාවේ අපේක්ෂක ලැයිස්තුව*

    - නීතීඥවරු 26ක්
    - ව්‍යාපාරිකයන් කළමනාරුවන් 41ක්
    - වෛද්‍යවරු 20ක්
    - ඉංජිනේරුවන් 7ක්
    - ආචාර්ය මහචාර්‍යවරු 12ක්
    - ගුරුවරු 50ක්
    - ගොවියන් 6ක්
    - කලාකරුවන් 4ක්

    ඇතුළු වෘත්තිකයන් 215ක්...

    ```"මේ අයට දේශපාලන අත්දැකීම්, වෘත්තිමය අත්දැකීම්, අවංකත්වයෙන්, රට වෙනුවෙන් හිතල වැඩ කිරීමේ අත්දැකීම් ඕනෑතරම් තියෙනවා"```

    ```"කිසිම ආකාරයක දැනුමක් නොමැති මෝඩ අවස්ථාවාදී අතිශය දූෂිත සජිත් ප්‍රේමදාස වැනි විසුළු අන්රේලා යටතේ ඉදිරිපත්ව සිටින මහා හොරමුලක් හෝ අන්ත දූෂිත කපටි නරියකු වන රනිල් වික්‍රමසිංහ වැනි රටේ මහබැංකුව පවා කඩනු ලැබූ නීලකාස ලෝක කම්බහොරෙකුගේ නායකත්වය යටතේ එන හොරමුලක් සහ රාජපක්ෂ පවුල සමග සිටින ගොඩේ ටයිප් හරක් හොරු, කකුල් හොරු වගේ හොරකම් කිරීමේ අත්දැකීම්, අල්ලස් කොමිසමේ, පොලීසියේ දූෂණ වංචා ගැන රෙජීස්ටර් වී හොරවැඩ ගැන අත්දැකීම් කිසිසේත්ම නැති ඉතාම පවිත්‍ර පිරිසිදු අවංක රටට ආදරයකරන ඉතාම වැදගත්ම උගත් බොහෝ දුරට වයසිනුත් තරුණ තරුණියන් පිරිසක්.."```

    *මාලිමාවේ අදූෂිත විනයගරුක උගත් බුද්ධිමත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීමය අත්දැකීම් සහිත, අවංක වැදගත් විස්වාසවන්ත දේශපාලඥයන්ගෙන් දියවන්නාව පුරවමු...*

    *ඉතිහාසයේ හොදම පාර්ලිමේන්තුව මෙවර ගොඩ නගමු*🇱🇰

    ජය🧭❌

    //

    ReplyDelete
    Replies
    1. ටෙක්නෝක්‍රැට් ආණ්ඩුවක්

      Delete
    2. https://www.investopedia.com/terms/t/technocracy.asp

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .