එතකොට ක්‍රිස් ගේ හතරවෙනි හෝ පස්වෙනි වයිෆ් විල්මත් ආව. ක්‍රිසා ට දැන් ඉන්නේ අට වෙනි හෝ නම වෙනි වයිෆ් නිසා මට නොම්මරේ හරියට මතක නැහැ කී වෙනියද කියල. විල්මා ගුවතමලා කියන ලතින් අමෙරිකානු රටින් පැමිණි ලස්සන කෙල්ලක්.
එතකොට පොඩිකාලේ ඉඳන් මගේ යාළුවෙක් වන නීල් , එයාගේ පිය බිරිඳ ආශා , ඒ ගොල්ලන්ගේ දුව, පුංචි ලස්සන පොඩිත්ති සඳලිත් ගමනට එකතු වුනා . ආශා ව මම ඊට කලිනුත් දන්නවා . ආශා ඉගෙන ගත්තේ සෝවියට් දේශයේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ නිසා. ආව අනිත් යාළුවා තමා සුමුදු , එයා ඉගෙන ගත්තෙත් සෝවියට් දේශයේම ට්බිලිසි වල. (ජෝර්ජියාවේ).
මම ඩෝවර් වෙනකන් වාහනේ අරන් ගියාට පස්සේ වාහනේ දැම්ම ඉංග්‍රීසි ඕඩය තරණය කරණ පී ඇන්ඩ් ඕ ස්ටෙනා ලයින් නැවට. නැව ඕස්ටෙන්ඩ් වල නැංගුරම දැම්මම බෙල්ජියම් හරහා ජර්මනියට යන එක තමා අපේ ප්ලෑන් එක.
යුරෝපේ හරහා නැව, සොරි වෑන් එක ගෙනියන කාර්යය භාරව හිටියේ කලින් කිව්ව විධිහට ක්‍රිස්ට සහ ඉනෙස්ට (මගේ බිරිඳ). ඉඳහිට මමත් නීලුත් ඉදිරිපත් වුනා පැය කිහිපය බැගින් වාහනය පදවන්න. ප්‍රධාන රියදුරු මහත්මයාට සහ මහත්මියට නිවාඩු දෙන්නත් එපැයි. ලන්ඩන් ඉඳන් ඩෝවර් වලට පැය එකහමාරක් දෙකක් විතර යනවා , නැවේ ගමන මම හිතන්නේ පැය හයක් විතර . එතන ඉඳන් තව පැය දහයක් විතර එක දිගට වාහනය පැදෙව්වොත් ජර්මනියට යන්න පුලුවන්. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ බෙල්ජියමේ අග නගරය වන බ්‍රසල්ස් හරහා ජර්මනියේ කොලෝන් නගරයටත් එතනින් තුරින්ගියා කියන ජර්මනියේ මධ්‍ය ප්‍රදේශයටත් යන්න.
අපේ ගමනාන්තය වුනු ශ්මිඩෆෙල්ඩ් කියන නගරයේ බර්ග් ස්ටුටන් හවුස් කියන පුංචි හෝටලය. ඒකෙ තමා විවාහ මංගල්‍යය පැවැත්වූවේ. මේ හෝටලයට සාමාන්‍යයෙන් එන්නේ ස්කි කරන්න යන අය. අපේ කට්ටියට සහ ජර්මන් නෑදෑයන්ට (මම හිතන්නේ පනහක් පනස් පහක් විතර හිටියා) . හැමෝටම එදා රෑ ඉන්න රාත්‍රී කාමර බුක් කරලා තිබ්බේ නැන්දම්මායි, මාමණ්ඩියි. රෑ වෙනකන් කාල බීල , විශේෂයෙන් බීල කවුරුත් යන්නේ නැති නිසා පටියකදී එහම කාමර වෙන් කර ගන්න එක ජර්මනියේ සිරිතක්.
මුලින් කතා කරගත්ත විධිහට බෙල්ජියම් වලදී ක්‍රිස් තමා වාහනය අතට ගත්තේ.
ඉතින් ඩී ජේ ක්‍රිස් වෑන් එකේ සීට් එක උඩ ඉඳ ගත්තද නැත්නම් උඩ පාවෙනවද කියල අපට සුවර් එකක් තිබ්බේ නැහැ. ක්‍රිස් ට ලෝකයේ වටිනා පැළෑටියක් ගැන ආචාර්ය උපාධියක් තියනවා. ඔස්ට්‍රේලියාවට ඉංජිනියරින් කරන්න ගිහින් පස්සේ ලන්ඩන් වලට කෘෂිකර්මය ඉගෙන ගන්න ඇවිත් දැන් ලන්ඩන් නයිට් ක්ලබ් වල මෙගා ඩී ජේ කෙනෙක්. බොහොම ප්‍රසිද්ධයි. පැළෑටි ගැන කිව්වහම ක්‍රිස් ගේ ස්පෙෂලිටි එක තමයි වල් පැලෑටි.
වෑන් එක මෝටර් වේ එකකින් අරගෙන ඊළඟ එකට දැම්ම ක්‍රිස්. මේ මෝටර් වේ එකෙන් අනිකට දාන්න පොඩි හරස් පාරවල් තිබෙන බව යුරෝපයේ ඉන්න අය නම් දන්නවා ඇති. වෑන් එක දාල ක්‍රිස් යනවා ආතල් එකේ. එක පාරටම මට පෙනුන තව වාහනයක් ඉස්සරහට එනවා. මම හිටියේ හරි පැත්තේ ඒ කියන්නේ වම් පැත්තේ ඉඳගෙන. ක්‍රිස් දකුණු පැත්තේ විල් එක කරකවනවා ගානක් නැතිව.
මං කිව්ව්ව ක්‍රිස්ට - "මචං අර කාරෙක වැරදි පැත්තෙන් එන්නේ මොකද බං "
"ඔව් බං ඌ සූස්තියක්වත් වත් ගහලද කොහෙද ? අනික මේ බෙල්ජියම් උන් හරියට බොන එවුන්නේ බන් "
ක්‍රිසා කියනවා.
තත්පරයක් ගියේ නැහැ මට හරි සිහිය ආව, වෙඩිම ගන්න යන ගමන්නේ.
මම කෑ ගැහුවා.
"යකෝ ක්‍රිසා අපි යන්නේ වැරදි පැත්තේ , හරවපන් හරවපන්. අනිත් පාරට දාපන් යකෝ....ව් "
ක්‍රිස් ගේ අටවැනි බිරිඳ, වැරදුනා හතරවැනි බිරිඳ විල්මා කතෝලික ආගම හොඳට අදහන කෙල්ලක්. විල්මා කතිරේ ගහගෙන ඔරොසන් කියවනවා. යදිනවා. මුළු වෑන් එකම කෑ ගහනවා.
"හරි බං හරි " ඕකට කෑ ගහන්න ඕනෙද කියල ක්‍රිසා අර කාරෙකට මීටර් පහක් විතර තියල අනිත් පැත්තට දැම්ම.
බෙල්ජියම් කාරෙකේ හිටිය කපල් එකක්. උනුත් වගේ වගක් නැතිව හැමදාම සිද්ධ වෙන දෙයක් වගේ ඔහේ ගියා. කාරෙක ස්ලෝ කලෙත් නැහැ, සුද්දෙක්, ඇමෙරිකන් කාරයෙක් වගේ ඔලුව එලියට දාල කෑ ගැහුවෙත් නැහැ. ලංකාවේ එකෙක් වගේ හෝන් එක ගහගෙන පරම්පරාව මතක් කලෙත් නැහැ. අපි තීරණය කළා උන් හොඳටම බීල ඉන්න ඇති කියල මේ මහා දවල්.
අපි මග විවේක ගන්න ස්ථානයක නවත්වලා තේකක් හෙම බිව්වා. ඉනෙස් හෙමින් සිරුවේ රියදුරු අසුනට නැග්ගා. නීල් මැප් එක අරගෙන මාර්ගෝපදේශක කාර්යය භාර ගත්ත. ඒ දවස් වල ඔය ගුගල් මැප් නැහැ. ගාමින් ද කොහෙද කියල මැප් රීඩර් එකක් තිබ්බ වැඩ කලේ නැහැ. මායි ක්රිසයි පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ල ඇල වුනා.
හැබැයි ගමනේ අන්තිම හරියේ, මම හිතන්නේ කොලොන් වලින් පස්සේ ක්‍රිස් ආයි ඩ්‍රයිවින් කළා.ඒ වයසේදීම හෘදයාබාධ හදා ගන්න ඕනේ නැති නිසා මම පස්සට වෙලාම හිටිය ඉතින්.
ඔන්න ගියා කියමුකෝ එතනට කරදරයක් නැතිව.
වෙඩින් එක ගැන විස්තරේ පස්සේ කියන්නම්. පින්තූර තියනවනේ. පුංචි සඳලි අපිත් එක්ක රෑ වනතුරුත් නැටුව.
එනකොට අපි ආවේ ඇම්ස්ටර්ඩැම්විල හරහා. ඒ පැත්තේ මල් පිපිලා. මම කිව්වේ ටියුලිප් මල්. අපි ඒවා බලන්නත් ගියා කියුකොන්හොෆ් වලට. ක්‍රිස් නම් හැම මල් ජාතියක්ම බලන්න ගියා. ඒ නගරයේ මල් විකුනනවා සල්ලි මාරු කරන තැන් වලත්. මල් කඩවල විතරක් නෙමේ. සමහර ආපනශාලා වල මල් පොකුරු එක්ක කේක් පවා විකුනනවා. හවස් වෙනකොට අපි කන්න ගියා හොඳ ආපනශාලාවකට අම්ස්ටල් නදියේ බෝට්ටු සංචාරයකත් යෙදිලා.
ක්‍රිසා හිනාවෙනවා. සුමුදුව , නීල් හෙම ගල් ගැහිලා බලන් ඉන්නවා. මම නම් පැනිරහ විතරයි කෑවේ. අනිත් කට්ටිය නම් කෑවද කොහෙද. ඊට පස්සේ ආශා ගියා පුන්චිත්ති සඳලි එක්ක හෝටලේට නිදා ගන්න.
අපි ඉතින් ඔය සැක්ස් මියුසියම් පැත්තට ගිහිල්ල ඒකත් බලල , ඒ පැත්තේ රවුමක් දාලා රතු එලිය තියෙන පැත්තේ කැටයම් දාපු ලස්සන ජනේල බල බලා ගඟ අයිනෙන් රවුමක් දාල එනකොට ගල් ගැහිලා බයවෙලා හිටිය කට්ටිය යථා තත්වයට ඇවිත්.
ආපහු එනකොට ඩෝවර් වලින් වෑන් එක නැවෙන් එලියට ගත්තේ මම. මොන හේතුවකටද මන්ද මම රිවස් කළා එලියට ගන්න කලින්. නැවේ අර වාහන හසුරුවන දෙන්නෙක් උඩ පැනල අත වනන කොට දැක්කේ තව පොඩ්ඩෙන් වෑන් එක ඉංග්‍රීස් ඕඩයේ හෝදන්න දානවා කියල.
කොහොම හරි දැන් ඉමිග්රේෂන් එකටත් ආවා. වීසා බලන තැන. වෑන් එකෙන් බහින්න ඕනේ නැහැ. මෙන්න ක්‍රිසා පොලිතින් බෑග් එකක් ගුලි කරලා ඩ්‍රයිවින් සිට් එක යට ගහනවා.
මම ක්‍රිසා ට කෑ ගැහුවා.
" යකෝ ඕක විසි කරපන්. පිස්සුද මෙච්චර දුර ගෙනාවේ මුහුදට විසි කරන්නේ නැතිව. "
ඒ වෙලාවෙම වීසා නිලධාරියා වීදුරුවට තට්ටු කරලා පාස්පෝර්ට් ඉල්ලුව.
මම දුන්න පාස්පෝර්ට් ටික. පිටි පස්ස බැලුවහම වෑන් එක ඇතුලේ ජනතාවගේ මූණු අලුත් බිත්තියක් කපරාරු කෙරුව වගේ පැතලි වෙලා. සුදුමැලි වෙලා. ගමන් මහන්සියට.
අර නිලධාරියා හිනා වෙලා පාස්පෝට් ටික දිලා යන්න කිව්වා.
මගක් දුර ගිහිල්ල ක්‍රිසා ගුලි කරපු පොලිතින් බෑග් එක අරගෙන කියනවා
"මේකේ මුකුත් නැහැ බන් "
ඕන් ඔහොමයි ජර්මනියේ වෙඩිම අරන් ආවේ. වසර විස්සකට කළින්.
පින්තූර පොඩ්ඩක් අප්සෙට්. ඇල්බම් එකෙන් මොබයිල් එකට ගත්ත නිසා.
පින්තූරේ මැද ඉන්නේ නීල්, වම් පැත්තේ ඉනෙස් සහ මම දකුනු පැත්තේ ක්‍රිස් සහ විල්මා හොටෙල් එකේදී
ආශා සමග සඳලි ඉනෙස් ඉඳගෙන
වම් පැත්තේ සිටින්නේ විල්මා සහ ක්‍රිස් , දකුණේ ක්‍රිස්ටොෆ් ඉනෙස් ගේ මාමගේ පුතෙක්
ඇම්ස්ටර්ඩම් හි බෝට්ටු චාරිකාව