Thursday 2 July 2020

තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා

දැන් ඉතින් තණමල්විල කොල්ලෙක් ඉවර වෙලා හදවත කිරී ගැහිලා යන විචාර කියෙව්වට පස්සේ මේවා ලීවාට කමක් නැහැනේ නේද?

ඔය තණමල්විල කොල්ලෙක් බලද්දී මට හිතිච්ච එක දෙයක් තමයි ඇයි දිප්තට අධ්‍යක්ෂක නික් නේම් එකක් දැම්මේ නැත්තේ කියල. අනිත් එවුන්ට  පතෝලයා , කූරා ,නාඩියා  අරව මේවා දල තියෙද්දී මේ බම්මන්නට විතරක් නමක් නැහැ.

ඉතින් මම මේක බලන්නේ බිරින්දෑ එක්ක. එයා ජර්මන් ජාතික නිසා සිංහල බැහැ කියල දන්නවනේ. (ජර්මන් මික්ස් කෙල්ල බඳින කෑල්ලට පස්සේ එන්නම්) ඉතින් අර දැන්වීම් එකක් එන වෙලාවට  එයා ප්‍රශ්න අහනවා වුනේ මොකක්ද කියල.  ඔන්න එක තැනක බම්මන්නගේ (දීප්ත කුමාරයාගේ) අක්කණ්ඩි ෆුල් අවුල් වෙලා ඇඳේ අල්ප දයන්න ගහගෙන ඉන්නවා.

මල්ලි අහනවා "මොකෝ ඕයි " කියල. 

අක්කා මූන රිවට් කරගෙන කියනවා. "බලන්ඩකෝ මල්ලි මේ අයියා ..." . කෙල්ලට අනේ පව් හොඳටෝම අප්සෙට්. නිකන් ඉන්න වෙලාවට  පොත් කියවන සදා සොඳුරු අක්ක කෙනෙක් වන මෙතුමියට හොඳටම අප්සෙට් ගිහිල්ල.

බලනකොට ඉතාලි මස්සිනා  ඉඩම් හොයන්න, ගන්න යවනවලු. ඒ ඉඩමුත් එකපාර ගන්න බැහැ . එක එක ප්‍රශ්න. විකුණන අය ඉස්සෙල්ල හා කියනවා පස්සේ බැහැ කියනවාලු.  (ඒවා එහම තමා මොනවා ගන්න ගියත්) . අනික ඉතාලි කාරයට බිස්නස් කරන්නත් ඕනෙලු. යකෙක්නේ මේකා. ජරා සල්ලි හොයන්න අර අහිංසක , සිතුවමක් ඇඳගෙන ඉන්න තාත්තයි හමුදාවේ අයියයි  ඉන්න පවුල නරක කරන්න හදන හැටි. 

 ඒ මදිවට මේ දීපාල් (ඉතාලි මෑන් ) කියනවලු රියදුරු බලපත්‍රය ගන්න. එයාගේ යාලුවෙන්ගේ වයිෆ් ලාටත් තියනවලු 
ගෙයක් හදන්නත් යනවා. ඉතාලි භාෂාව ඉගෙන ගන්න කියනව. මොන බහුභූතයෙක්ද නේද?
අක්ක කියනවා "එයා එයාගේ සල්ලි වලට අපිව නටවන්න හදනවා. " කියල. අක්කට තේරුණා. 

කතාවේ හැටියට මට පෙනුනේ මේ තමන්ගේ පාඩුවේ පොතක් කියවගෙන අක්කණ්ඩි කැමති නැහැමේ  වැඩේට. කොපමණ  සොඳුරුද? සල්ලි වලට යට වෙන්නේ නැති මිනිස්සු.

ඉතින් මම ඕක බිරින්දැට පැහැදිලි කරලා දුන්න. යකෝ මේ යෝදි  බනින්න   ගත්තනේ අර අහිංසක අක්කට.
"මහා කම්මැලි ගෑණියෙක්. අර උදේට පොඩ්ඩක් උයල , ඒකට  ඉතින් අර අම්මත් ඉන්නවා , දවල්ට හරි රෑට හරි කෑම ටික බෙදල, පොතක් පෙරලගෙන කම්මැලි කමේ ඉන්න විතරයි එයා දන්නේ. ඉතාලි මනුස්සය කොච්චර හොඳද?   සල්ලිත් එවනවා  ඉඩම් ගන්න, කඩයක් දාන්න , කාටවත් අත නොපා ජිවත් වෙන්න බිස්නස් එකක්  කර ගන්න. මේ ගෑනිට ඕනේ අර පරණ මඩ ගොඩේම  ලැගිලා ඉන්න.!"

"නැහැ අනේ ඔයාට තේරෙන්නේ නැහැ. අධ්‍යක්ෂක ට ඕනේ පෙන්වන්න මුදලට අරවට මේවට යට වෙන්නේ නැති අය තණමල්විල ඉන්නවා කියල පෙන්වන්න."
"ඔයාට ඕනේ එකක් හිතා ගන්න, මම නම් කියන්නේ ඉතාලි එක්කෙනා තමා හොඳ. එයා තමා හරි. මේ අක්කා මහා  කම්මැලියි."

හදන්න බැහැ  ඉතින් . ඒ එයා හිතන විධිහ.
මේවා විවේචන  හැටියට ගණන් එපා ඉතින් , සුසිත විජේමුණි ලියල රොෂාන් රවින්ද්‍ර මෙපමණ  හොඳට අධ්‍යක්ෂණය කළේ නැත්නම් අපි ලියන්නේ නැහැනේ.

මොකද ඉතින් අපි හාරසිය පනස්පස් වෙනි ඉනිම බලන එකක්ය. සැප්තැම්බර් වල ලංකාවේ ඉන්නකොට කවුද රූපවාහිනිය  දාල වැරදිලා බැලුන ටිකක්. කකා හිටිය එක ඉස්මොල්ලේ  ගියා කිව්වහම.   ටක් ගාල දුවල ගිහිල්ලා  වමනේ දැම්මම හරි ගියා .

බිරින්දෑ ඊට පස්සේ "තණමල්විල කොල්ලෙක්" බලන එක වර්ජනය කළා. 

හැබැයි ඉතින් පස්සේ බලනකොට අර අක්ක සල්ලි වලට යට වෙලා. වෑන් එකත් පදවන්න දන්නවා . බම්මන්න, සොරි දීප්තයා ගෙදර එනකොට ගේකුත් හදල ළමයෙකුත් ඉන්නව. අක්කණ්ඩි  ඩෙනිමකුත් ගහගෙන මොඩ්  වෙලා.

සිරාවට කීවොත් ඉතාලි මස්සිනා පොරක්නේ. ඔච්චර ලස්සන ඉතාලි කෙල්ලෝ ඉන්දෙද්දී තණමල්විල බැරල් එකක්ම කර ගහලා ජිවිතේ දුන්න එක.
(කෝවිඩ් හදාගෙන එන්න නම් එපා හැබැයි) 

 සුසිත/රොෂාන්  සුසංයෝගය  ඇත්ත ඇති සැටියේ ටොක්කකින්  එළියට දාල.  




21 comments:

  1. බලලා ඉවරද
    ලියන්න හිතුණද
    මෙච්චර චුට්ටද
    තවත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. බලලා ඉවරය
      ලියන්නද හිතුණි ය
      මේ පටන්ගත්තා විතරය
      තව දෙකක් වත් ලියවෙනු ඇත

      Delete
  2. නිදි ගේ පංච තන්ත්‍රයේ තිබුණු විවේචනාත්මක ලිපි නිසා මම ගිය ඉරිදා මුළු දවස පුරාම මේ කතාව සම්පුර්ණයෙන් බැලුවා. කතාව හොඳයි. තවත් හොඳ විය හැකිව තිබුනා. කලකින් ලංකාවේ ටෙලි නාට්‍යයක් නොබලපු මට මේ ගැන විවේචන ලියන්න හැකියාවක් නැහැ. ප්‍රධාන චරිතයක් නොවුනත්, හොඳම රඟපෑම දීප්තගේ තාත්තාගේ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව මේ කතාව හොඳයි.මේ වගේ කතා නිසා අපටත් බැලෙනවා සිංහල ටෙලි නාට්‍ය.. ඒකම එක අතකට ලොකු දෙයක්

      Delete
  3. හොඳ විචාරයක්. පිස්සු විකාර නාට්‍යය බලලා ඉන්න අතරේ මේ වගේ එකක් ආවම බනින්නත් බෑ. ඒත් මේකත් සම්භාව්‍ය වෙස් මූණක්‌ දාපු විකාරයක් තමයි. නළුවෝ ඔක්කොම කුඩු ගහපු උන් වගේ,මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. slow motion චරිත. කටින් වචනයක් එළියට එන්න පැයක් යනවා. හැබැයි ඉතින් සම්භාව්‍ය ටෙලියක් බැලුවා වගේ හැඟීමක් අපිට අවසානයේ එනවා.

    ReplyDelete
    Replies
    1. මම එහෙම බනිනවා ම නෙමෙයි.මේක විවේචනයක් හෝ විචාරයක්මත් නෙමෙයි. මම එපිසෝඩ් එකක් බලද්දී ඇත්තටම වෙච්ච සිදුවීමක් ලිව්වේ පොඩි අදහසකුත් එක්ක

      Delete
  4. "තණමල්විල බැරල්" wow...what a vision Ajith...this woman represents a part of our local, isolated society...and yes your wife was damn right...most of the Sri Lankans, do not like to step out from the comfort zone to take risks and face challenges. That's what Deeptha's sister was complaining about...she did not want to step out of a her comfort zone in the beginning...it was not about her ego...but people like Deepal who had seen the outside world, knows how much it takes to achieve something better...That is why Deepal was pushing Deepatha's sister so hard...I have seen many people who are just rotting and complaining, just 'cos they are too lazy to try, too scared to step beyond their comfort zone...that is why Sri Lanka is still a developing country...Also, for people like Deepal (Italy massina), they need a hard working, ambitious woman as their partner to lead a successful life..a strong woman who can fight any battle in life...not a doll, just out from the box... woman like තණමල්විල බැරල් can survive in deserts...because if you listen to stories from people who work abroad and keep sending money to their barbie doll partners, most of them end up bankrupted...and for the nickname thing, Deepatha did not have a nick name, cos his family was respected...and he was highlighted as a serious and a educated character among his peers...he had very faithful friends, no jealousy...a true bond of friendship...and well respected...and those friends knew that Deeptha does not belong to that place...no nickname is one indication to support that theme..probably also the writers wanted to highlight that how the cast differences affect the lives of people...this is not a shallow story line...every word, every mood swing, every frame had a very deep meaning...

    Sorry for typing in English...(Pokuruwahi)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ කතාව අකල්පනා කරලා වෙන්න ඇති හදන්න ඇත්තේ හැම රාමුවක්ම. නමුත් ඉතින් අපට හිතෙන අදහස නේද එයාලට ඕනේ. කතාව හොඳ නිසානේ බැලුවේ ඉතින්.

      Delete
    3. දිප්තට නමක් දාපු නැති එකෙන් ගමේ කුලවාදය පෙන්නවා කියල ප්‍රේක්ෂකයෙක් ලියල තිබ්බ. මමත් හිතනවා ඒක හරි කියල.

      Delete
    4. Hey, I am sorry that I was was is asking her to lose weight. (Not to insult the real actress)//That is why Deepal was pushing Deepatha's sister so hard...I have seen many people who are just rotting and complaining, just 'cos they are too lazy to try, too scared to step beyond their comfort zone...that is why Sri Lanka is still a developing country.// Agree. This is the problem I had. I sent lot of money to certain people to do certain things. They had just spent the money but achieved nothing. (relatives) You know, how sad i am. මම තවමත් සල්ලි යවනවා. එපා වෙනවා වෙලාවකට. මහන්සි වෙලා එලියට බැහැල කට්ටක් කන්න කැමති නැහැ. එක නෑදෑයෙක් මට කීව ඔයාට නම් මොකද උදේ 9.00 වැඩට ගිහින් 5 ට ගෙදර එනවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු. මම එයාට කිව්වේ මම එතනට නිකන් ආවේ නැහැ කියල.අපිත් කිසියම් විධිහක කට්ටක් කෑවනේ

      Delete
  5. අධ්‍යක්ෂකගේ චරිත තේරීමේ ඇති දක්ෂතාවය හා ඇගේ රංගනයේ දක්ෂතාවයත් තිර පිටපත හා දෙබස්වල සාර්ථකත්වයත් මේ විචාරයෙන් පෙන්නනවා...

    තණමල්විලත් රෝසී සේනානායකලා ඉන්නවා... ඒත් එහෙම කෑල්ලක් ගත්තා නම් මේක මිනිස්සුන්ට දැනෙන්නේ නෑ...

    මම දන්න විදියට නම් උඹත් තනමල්විල කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. මාතලන් ආයේ දෙකක් නැහැ . ඒ අක්කට හිටිය නිළියගේ රංගනය මාරයි. නියමම අක්කා . එහෙම කීවට අනිත් අයගේ රඟපෑම් කුසලතාවයත් ඒ වගේමයි. මම තවම මේ ප්‍රශංසා හරියට ආවේ නැහැ. නාට්‍යය සාර්ථකයි . නමුත් අපේ තියෙන කෑලි කියල ඉවර කරන්න ඕනේ.
      //මම දන්න විදියට නම් උඹත් තනමල්විල කොල්ලෙක්// හා හා අපි දෙන්නම දන්නා කෙනෙකු ලියපු එකකට ප්‍රතිචාරයක් විධිහට මම ඕක කිව්වා. මගේ ජර්මන් බිරිඳවත් මතක් කරලා. මොකද සිද්ධිය මගේ බ්ලොග් එකේ 2015 වගේ කාලෙක ලියල තියෙන නිසා. එයා කෙලින්ම මගේ ඉන්බොක්ස් එකට ඇවිල්ල කිව්වා සුසිත විජේමුණි කතාව ලීවේ අවුරුදු දහයකට කලින් කියල. මම කිව්වේ නැහැ මේ මගේම කටහ්ව් අකියල කිසි දෙයක්. මොකද පිටරට ඉන්න කොට දෙමාපියන් මිය යන එක ගොඩක් දෙනෙක් ලබන අත්දැකීමක්. මරණයට ගෙදර ගියහම එන හැඟීම අන්තිම දරුණුයි. නමුත් අපි ඒවා දරා ගන්නත් ඉගෙන ගණන්ව. ජීවිතය කියන්නේ ඒකට

      Delete
  6. සුසිත විජේමුණි ගෙවත් රොෂාන් රවින්ද්‍ර ගෙවත් බැක්ග්‍රවුන්ඩ් එක දන්නේ නෑ. ඒ උනත් අපි වගේ ඔරිජිනල් තණමල්විල කොල්ලොන්ට තේරෙන පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බා කතාවේ. ඒවා හයිලයිට් වෙන්නේ ඉතින් අනිත් ටික හොඳ නිසාම තමයි. හැබැයි ඔයා කියපු පොයින්ට් එක නම් එහෙම මිස්ඉන්ටප්රිට් එකක් නෙවෙයි. මිඩ්ල්ඊස්ට් වලින් එහා රටකට (ජපන්, ඉතාලි, කොරියා වගේ) ගිහින් ආපහු කාලෙකින් ලංකාවේ සෙට්ල් වෙන්න හිතාගෙන ඉන්න කොල්ලෝ වැඩි දෙනෙක්ගේ ප්ලැන ඕක තමයි. උඩින් වත්සලා කියල තියෙන්නෙත් ඒකමයි. අග හරියේ ටිකක් බෝරින් උනාට බලාගෙන ඉන්න පුළුවන් වෙච්චි කතාවක්. ඔය මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. හෑ වත්සලා අක්ක කීවහම ආයේ බැලුව කවුද කියල. එතකොට තමා දැක්කේ පොකුරු වැහි .
      //හැබැයි ඔයා කියපු පොයින්ට් එක නම් එහෙම මිස්ඉන්ටප්රිට් එකක් නෙවෙයි.// මොකක්ද ඒ පොයින්ට් එක? මම කියල තයෙන්නේ කතාව බලන් යද්දී මමයි බිරිඳයි අතර වුන සංවාදයක්. එයාගේ පොයින්ට් එක වුනේ මේ ගෑනු මනුස්සය කම්මැලියි කියල. එයා ඒක මගේ පවුලේ අයට මගේ අක්කලට වුනත් කියන දෙයක්. අපේ අක්ක වලියට කියන්නේ මේ ඉනෙස් ඔයා කියන විධිහට අපට ක්රන්න බෑ. කියල දහසක් හේතු කියනවා. එයා කියනවා ඔයාල ඔය හේතු හොයා ගන්නවා කියල. මට හිනා යන්නේ ඒකයි . බැරල් කතාව මම විහිළුවට කීවේ. කතාව සවුත්තුයි කියල මම කොහෙවත් කියල නැහැ

      Delete
    2. පොයින්ට් එක කියුවේ ඉතාලි මස්සිනාගේ ඇටිටියුඩ් එක සහ බැරල් වයිපරේගේ රියක්ෂන් එක. ඒක ඉනෙස් ට හිතාගන්න අමාරු උනාට අපිට ඕකේ. මොකද මෙහෙ වෙන්නේ ඔය වැඩේම තමයි. :) වත්සලා 'අක්ක' කියල නෑ මම. ඒ ළමය මට නඩු දාන්න ඉඩ තියෙනවා අක්ක කියුවොත් එහෙම.. :) (මම හිතුව පොකුරුවැහි කියන්නේ කවුද කියල කලින් දන්නවයි කියල)

      Delete
    3. වත්සලා අක්කා කියන කොට ලස්සන නැත්ද? එහම් පොතක් තියනවා නේද/ නැත්නම් මම කියවපු පොතක චරිතයක්

      Delete
  7. විචාර ලිව්වෙ නැතත් ගොඩක් තරුණ අය මේ කතාව බැලුවා. ඒකෙන් තේරෙනවා අපිට ඕනි සරල තේරුමක් ඇති මාගල් වගෙ දිගට යන්නෙ නැති (මෙගා නම් මාගල් වලටත් වඩා දිගයි) ටෙලි කතා කියල. ඒකත් යූ ටියුබ් එකෙන් බලන එකෙන් රූපවාහිනය කියන එක අද තියෙන තැන හිතාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සාමාන්‍ය කතාවක් හොඳට ගෙතීම

      Delete
  8. Unfortunately Ajith, We all kind have similar stories. Sending truck load money to Sri Lanka, yet we never see any progress and get zero appreciation..oh on that topic I think I can write several blog posts...just be proud of yourself...you at least tried...and I'm sure you had to sacrifice lots of your time and emotions to earn that money...yet, your heart is big enough to give it to the needy...(pokuruwahi)

    ReplyDelete
    Replies
    1. That is true. I would not write blog posts because some of them are close relatives. :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .