ඉලෙක්ට්‍රොනික් පොතක් හෙවත් ඊ බුක් එකක් ගහන්නේ නැතිව කොළඹ ගමයා ඇයි පොතක් ගහන්නේ කියල දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊ බුක් එක නම් කලකට පෙර ලියල තියෙන්නේ. නමුත් යථාර්තය නම් පොතක් රාක්කයෙන් අරන් කියවීම තුල තවම කිසියම් සුන්දරත්වයක් ගැබ් වෙලා තිබෙනවා යන්න මත ගත් තීරණයක් ඒක. අනික තිලක සිත, හෙන්රි, රුවන් ,රසික , බෝධිනී, බස්සි ඇතුළු මෙකි නොකී බ්ලොග් කරුවන්ගේ නාම ලේඛනයට එකතු වීමත් ප්‍රීතියක්.
අවුරුදු ගාණක (1998 විතර)ඉඳන් එම්එස්එන් ගෘප් එකකුයි, ගූගල් ගෘප් එකකුයි කරගෙන ඔය පරණ බ්ලොග් කියව කියව හිටි වෙලේ බ්ලොග් ලිපියක් පල කරන්න හිතුනේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ දීර්ඝ කොමෙන්ටුවක් එම වෙබ් අඩවියේම පල වුනාට පස්සේ. ඊට පස්සේ මගේ ලිපි යැව්වොත් ඒවා පල කරන තරමට ත්‍රිමාණ වෙබ් අඩවිය කාරුණික වුණා. ඒ අතරේදී තමා චන්දිම විතානආරච්චි මහතා මම යවන ලිපි ලංකා නිව්ස් වෙබ් එකේ නෙලුම් යායේ දාන්න ගත්තේ. ඒකෙ ඉඳල හිටලා සුනිලා අබේසේකර ගේ ලිපි වගේම නාලක ගුණවර්ධනගේ බ්ලොග් ලිපිත් පළ වුනා.
ඔය අතරේදී මම චන්දිමට යෝජනා කළා අපි අනිත් බ්ලොග් කරුවන් ගේ ලිපිත් දාමු කියල. පළවෙනියට තේරුවේ අරූගේ අඩවිය. මොකද මම කාලෙක ඉඳන් කියවපු බ්ලොගයක් නිසා. ඊට පස්සේ එතනින් මාතලන්, දේශකයා, බස්සි ඇතුළු අනිත් අයගේ ලිපිත් පල කරන්න පටන් ගත්ත. ඒ වැඩේම දිගුවක් හැටියට අපට හිතුන මේ හොඳට ලියන බ්ලොග් කරුවන්ට සම්මානයක් දෙමු මේ කරන නිර්මාණශීලි වැඩේ දිරිමත් කරන්න කියල. අනික අපි හිතුව මේකෙන් අනිත් බ්ලොග් කරුවන් දිරිමත් වෙනවා වගේම තව නිර්මාණශීලි අය ලියන්න පෙලෙඹෙයි කියලත්. සමහර ප්‍රවීණ බ්ලොග්කරුවන් ඉවත් වෙලා ඉන්න අතරේ ආධුනිකයන්ටත් වඩා හොඳ තැනකුත් නිර්මාණය කරන අතරේම බ්ලොග් සම්බන්ධ කතිකාව වඩා පුළුල්ව සමාජයට යාවි කියලත් හිතුන. ඉතින් නෙළුම් යායේ දෙවන සම්මාන උළෙල මෙම 26 වනද අපට සුපුරුදු ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.
ඉතින් ඒ අතරේ ප්‍රවීණ පරිවර්තක චුලානන්ද සමරනායක මිතුරා ලන්ඩනයේදී හමු වුනු වෙලේ මගේ ලිපි ගැන කතා බහක් ඇතිවුණා. දැන් ඇත්තටම මිතුරෙකු ලෙස නිතර කතා කරන නිසාම, අදහස් හුවමාරු වෙන නිසාම සුමිතුරෙකු බවට පත් වුනු ඔහු "අජිත් අපි පොතක් ගහමු. මම ලංකාවට ගියහම උදව් කරන්නම් " කියල පොරොන්දු වුනා විතරක් නෙමෙයි ඒ වගේම නිශාන්ත පරණගම මල්ලි එක්ක එකතු වෙලා අකුරු අමුණුවල ඒ වැඩේ කරලත් දුන්න. පොතේ පිට කවරේ ඇන්දේ මගේ ලොකු දුව ශනායා. උඩ තිබෙන්නේ ඒ පින්තූරේ. දුවට කියල පින්තුරේ ඇඳගන්න අදහස ආවේ තිලකසිත ගෙන්. තිලකගේ දියණිය පියකරු සිත්තම් වලින් බ්ලොග් පිටු සරසන බව දුටු නිසා මමත් දුවල දෙන්නට අදහස කිව්වා. දුවටත් ඇත්තටම අඳින්නත් පුළුවන්. තරඟ හතර පහකින්ම ජය අරගෙනත් තිබෙනවා, පොඩි දුව අන්තර්ජාලයෙන් සොයාගත් පින්තුර එකතු කර හැදු පින්තුරය තමා මෙතන තිබෙන්නේ.
එයාලාට මගේ අදහස සහ පොත ගැන කිව්වම නිවසේ ඇති වුණා සංවාදයක්. පොල්කට්ටෙන් එපිටට කියන නම ආවේ එහෙම. පොල් කටුවක හිරවුණු කෙනෙක් නොව ඉන් එලියට ඇවිත් හිතෙන කෙනෙක් ගේ අදහස්. "out of the box " කියන අදහස. පොල් කට්ටක වඩා සමීප ගතියක් තිබෙනවා කියල හිතුන. ඒ අතරේ ඇතුල සුදු හෙවත් ඇතුල ඉංග්‍රීසි විධිහට හිතන පිට සම පමණක් දුඹුරු මිනිසුන්ට කොකනට් හෙවත් පොල් ගෙඩියක් කියල කියනවා. එක්තරා විධිහකට බැලුවොත් මම යුරෝපීය විධිහට මෙන්ම පෙරදිග විධිහටත් හිතන කෙනෙක්. සෝවියට් දේශයේ ගත කරපු කාලය මෙන්ම දියුණු බටහිර රටක ගත කරන ජිවිතයෙනුත් උකහා ගත් අත්දැකීම් සමුදායක් සමග නිතර දෙවේලේ සිත තුල ඇති කෙරෙන ද්වි ඝටනාත්මක සිතුවිලි සමුහය බ්ලොගය හරහා අකුරුවී දැන් පොතක් වශයෙන් එලියට එනවා.
පොතේ දොරට වැඩුම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රාජගිරියේ තිබෙන "ත්‍රිකෝණය " ශාලාවේ මේ මස 29 අඟහරුවාදා සවස 3.00 ට පවත්වන්න කටයුතු යොදා තිබෙන්නේ. ඒ මහතා චූලා කියූ පරිදි මට එම ස්ථානය නොමිලයේම ලබා දුන්න. මා උසස් පෙළ කරන අවධියේ සිට ඔහුගේ විශිෂ්ට සිනමා කෘති නරඹපු ඔහුගේ දේශන, ලිපි කියවපු අයෙක්. ඉතින් එවන් ප්‍රසිද්ධ කලාකරුවෙක් මෙවැනි උදව්වක් කරනවා කියන්නෙත් සිත සතුටු කරවන්නක්. පොත එලි දක්වන්නට උදව් වුන සියලූම හිත මිතුරන්ට ස්තුති කරන අතරේ ඒ සඳහා සහභාගිවෙන්න කියල සැමට ආරධනය කරනවා.
නෙලුම් යාය උත්සවයෙන් පසුව එළඹෙන අඟහරුවාදා සවස 3.00 ට "ත්රිකෝණයේදීත් " හමු වෙමු. - කොළඹ ගමයා
ලිපිනය : ධර්මසිරි බණ්ඩාරනායක ත්‍රිකෝණ සංස්කෘතික මධ්‍යස්ථානය නො 1003 පාර්ක් විදිය රාජගිරිය Address of the Trikone center is as follows.
Dharmasiri Bandaranayake
Trikone Cultural Center
No 1003/04
Park Lane, Rajagiriya.
When driving towards Battaramulla from Rajagiriya junction you see Park Lane just opposite the petrol shed.