So many of our dreams at first seems impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable ~Christopher Reeve~
අපේ හැම හීනයක්ම මුලදී කළ නොහැක්කක් වගේ පේන්නේ , ඉන් පස්සේ කරන්න හෝ වෙන්න කිසිම සම්භාවිතාවක් නැහැ වගේ නමුත් අපි අධිෂ්ඨාන කලොත් ඉතා ඉක්මනින් ඒවා සිදුවියයුතුම දේවල් වෙනවා - කියල ක්‍රිස්ටෝපර් රිව් කියල තිබෙනවා. අප විසින් නෙලුම් යාය සහෘද සමුහය පිහිටුවා ගත්තේ පුරවැසි ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව, වෙබ් මාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවිවල සිට, සමාජ ජාල වල සිට, බ්ලොග් ලෝකය දක්වා විහිදී ඇති වකවානුවක මේ දහරා තුනම එක තැනකට ගොනු කරමින් ස්වාධින ප්රවෘත්ති සපයන්නන් සමුහයක්, දාර්ශනිකයන් සමුහයක්, පුරවැසි විද්‍යඥයන් සමුහයක්, පුරවැසි කවියන් සමුහයක් , පුරවැසි කෙටි කතා කරුවන් සමුහයක්, පුරවැසි සංගීතඥයන් සමුහයක් සමාජයට දායක කිරීමට ගන්න උත්සාහයක් වශයෙනුයි.
ආරම්භ කර මස කිහිපයකින් පුරවැසි ජනමාධ්‍ය භාවිතාව වඩා ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන් , බ්ලොග් කරුවන් මේ දක්වා සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කළ සේවය ඇගයීමට එසේම බ්ලොග් ලෝකය පිළිබඳව ඇති දුර්මත ඉවත් කිරීමටත් නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් උළෙලක් සංවිධානය කළා.
එසේම තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර එය සම්මත කර ගැනීම සඳහා දරන ප්රයත්නයට කරන උපහාරයක් මෙය. තොරතුරු දැන ගැනීමේ පනත, මාධ්‍ය නිදහස සුරැකීම හා පුරවැසි මාධ්‍යකරණය යටතේ ඉතා වැදගත් වෙන පනතක්.
විවිධ මාතෘකා යටතේ දේශපාලනය, කෙටි කතා , කවි, සංචාරක සටහන්. හමුදා කතා, නේවි කතා, විහිළු කතා, පෞද්ගලික අත්දැකීම් මේ හැම දෙයක්ම පලවෙනවා. නොයෙකුත් මාධ්‍ය වලින් විටින් විට කිසියම් ප්‍රසිද්ධියක් ලබා දුන්නා කියලත් අපට අදහසක් තිබෙනවා. නමුත් මේක මෙතනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සිටින සිමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සුදානමක් පෙනෙන්න තිබුනේ නැහැ. ඉතාමත් නිර්මාණශීලි බ්ලොග් කරුවන් සිටියත් ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තුලින් ඉඩ දුන්නේ පිලි ගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. ඔවුන් ලියුවෙත් තිබෙන සම්ප්‍රදායික පුවත්පත් (වෙබ් හා වෙබ් නොවන ) හා රුපවාහිනියට වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් පමණයි.
මිට අවුරුදු කීපයකට ඉහතදී 2011 වගේ කලෙක ලෝකයේ ප්රබලතම සමාජ ජාලය වන facebook හරහා උතුරේ වැලි ගොඩ දැමීම් ගැන සටහනක් තියපු උතුරේ සමාජජාලා පුරවැසි මාධ්‍යකරුවෙක් එදිනම රෑ හිසට වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙතැනදී අපට පෙනෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයට ලැබෙනවාට බය වෙන්නේ , තැති ගන්නේ හොරු සහ දුෂකයෝ බව. පුවත මෙහිදී පුවත්පතක පලකරනවාට වඩා ලෝකය පුරා සමාජ ජාල තුලින් සැනෙකින් පැතිර ගිය. හොරු සහ දුෂකයන් වඩා බිය වන්නේ එයට.
උප්පැන්න සහතිකයක් නැති හැඳුනුම්පතක් නැති සහ සමාජයේ අවමන් සහගත චරිත සහතිකයක් ඇති ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදුන යයි කියන රත්න පුරේ බට්ටි (ඩබ්ලිව් ඒ කාන්ති ) නමැති කාන්තාවට වූ අසාධාරණදී නීතියේ මුදුන්මල්කඩ වන ශේෂ්ඨාධිකරණය කරා යුක්තිය පසිඳලීම සඳහා රැගෙන ගියේ පුරවැසි ජන මාධ්‍ය. එය පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සමාජ ජාල ගත කලා. දහස් ගණනක් ඉතා සුළු කාලයකදී එය නැරඹුවා. සමාජ ජාල හා පුරවැසි මාධ්‍ය වල ප්‍රබලත්වය මින් පැහැදිලි වෙනවා.
එය සංකේතවත් කරන්න බට්ටි ගැන ලියු කවියකට අපි අද සම්මානයක් දෙනවා.
නෙළුම් යාය අද සිට වඩා ඉඩ ප්‍රමාණයක් ගනිමින් අලුත් වෙබ් අඩවියකට පිය නගනවා. එහි අපි දේශපාලන, කාලීන සංවාද, කවි / නිසඳැස් , හයිකු, කෙටි කථා, 18 ප්ලස්, විද්‍යා ප්‍රබන්ධ, තාක්ෂණ, ඡායාරූප සහ නිවස වශයෙන් අංග දහයක් යටතේ යටතේ බ්ලොග් නිර්මාණ ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.

අපිට ඇත්තටම මෙතන මොකක්ද තියෙන ලාභය. අපට තියෙන ලාභය තමා මානව සම්පත. ලාභය තමා පරිසරය. මේ දෙක තමා රැක ගන්න ඕනේ. අපි හැකිතාක් උත්සාහ කරනවා මානව සම්පත දැනුවත් කරන්නේ කොහොමද කියන එක ගැන හොයන්න. අපි මෙතනදී කරන්නේ අවකාශය හදල දෙන එක විතරයි.
අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.
අපි එසේම ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදයක් අද දින ස්ථාපිත කරනවා. පුරවැසි මාධ්‍යවේදීන් ගේ සුභ සිද්ධිය වැඩි දියුණු කරන්නට ගන්න පියවරක් ලෙස. පුරවැසි මාධ්‍යවේදීන් දැනුම අරැගෙන යයි මහා ජනතාවට. මේ නිදහස ඉදිරියට ගෙනියමු. මෙය තව දුරටත් සිහිනයක් නොවේ.
ස්තුතියි
නෙළුම් යාය සංස්කාරක