ලංකාවට සුළි සුළඟක් කඩා වැදුණු බව දැන් හැමෝම දන්නවා . 1978 න් පස්සේ ආව වඩාත් දරුණු එක කියලයි කියන්නේ . දැන් අති පණ්ඩිත යුටියුබ්, ෆේස්බුක් සභාව කරන චෝදනා රාශියක් අපේ යහළුවොත් පිලි ගන්න සයිස් එකක් තියෙන නිසා මේ ටික ලියන්න හිතුව. වැඩියෙන්ම කියන්නේ හැන්ඩ්ල් කරපු විධිහ වැරදි කියල .
මේ දන්නේ සංඛ්‍යා ලේඛන තමා . පව් ඒ අහිංසක මිනිස්සු . නමුත් සන්දර්භය කියන එක වැදගත්.
පහුගිය සතියේ ඉන්දුසියාවේ ගං වතුරෙන් 442ක් මැරුන. ලක්ෂ තුනක් ජනතාව අවතැන් වුනා . ගෙවල් තුන්දාහක් විතර විනාශයි .
ඉන්දුනීසියාවයි , ලංකාවයි ආර්ථිකය මෙන්න මෙතන සංසන්දනය කරනවා . ලංකාවට වැඩිය ගොඩක් ඉහලින් ඉන්න රටක් ඒ පැත්තෙන් . එතකොට ඒ ආණ්ඩුවත් මේ යුටියුබ්, ෆේස්බුක් විශාරදයෝ කියන හැටියට 'හරියට හැන්ඩ්ල් ' කරලා නැහැ වගේ නේද ?
එතකොට යන්තන් සුළි සුළන්, ගං වතුර තත්වයක් ඇතිවුන දකුණු තායිලන්තයේ (ඒත් ගිය සුමානේ ) 160-170 ක් පමණ මිය ගිහින් .
දැන් මාස දෙක තුනකට කලින් ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් හෙවත් ඉතා ඉක්මනින් ඇතිවෙන ගංවතුරක් ආව ස්පාඤ්ඤයේ වලෙන්සියා ප්‍රදේශයේ 229ක් මිය ගිහින් , ගෙවල් හැට දහසක් විනාශ වෙලා. එතැනදී ස්පාඤ්ඤ රජයට මිනිස්සු බැන්නත් ඇත්ත තත්වය තමා වර්තමාන දේශගුණික විපර්යාස නිසා මේ තත්වය ඇතිවුණු බව . පිළිතුර වඩා කොළ පාට, දේශගුණයට සහ පරිසරයට හිතකර රටක් හදන්න කියන එක. ඒක ආපු වේගය ගැන කලින් දැන ගන්න එපා . එහෙම ඒවා එන එකයි වලක්වගන්න ඕනේ .
එතකොට මේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ විපත එන්න කලින් කිව්වාය කියන කතාව සහ ඉන්ටවිව් නැවත බැලුව. ඒකෙ කියනව මිලි මීටර් 250 (සෙන්ටි මීටර් 25) වඩා එන්න පුළුවන් . එහෙම නොවෙන්නත් පුළුවන් කියල . ඒ කියන්නේ දෙපැත්තටම නැති කතාවක් කියල තියෙන්නේ . යූ ටියුබ් අයියල ටික ඉතිරි ටික අතින් දාල වගේ .

හැබැයි එතකොට දැන් මන්න මේ වීඩියෝ එක තවම යුටියුබ් එකේ තියනව . මේක නොවැම්බර් 23 තමා දාල තියෙන්නේ . මේකේ මිලි මීටර් 196 ක වර්ශාපතනයක් ඇවිත් කියල පැහැදිලිව කියනවා . අවශ්‍ය සියලුම අවවාද දීල තිබෙනවා . ඊට අමතරව ආණ්ඩුවේ නිලධාරීන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ වාන් දොරටු ඇර තිබෙනවා . එක යුටියුබ් එක්ක අහනවා ඇයි මේ හැම ජලාශයක් ම ඇරගෙන ඇරගෙන ගිය නැත්තේ කියල අහනව. ඒ අහපු කෙනා සංචාරක ව්‍යාපාරයේ ඉඳල , ඔරලෝසු කර්මාන්තය කරලා රත්නපුර පැත්තේ හෝටලයකුත් රන් කරපු විශාරදයෙක් . හිටපු යාළුවෙක් . ප්‍රශ්නේ තමා හැම තැනම එහෙම කරන්න බැහැ . හරියටම එන වර්ෂාපතනය බලල තමා ඒක කරන්න ඕනේ . වීඩියෝ එකේ තිබෙනවා ආනුරධපුර අංගමු ජලාශයේ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු ඇරලා , දැදුරු ඔය වාන් දොරටුත් ඇරලා . මේ නොවැම්බර් 23.ආණ්ඩුවේ මේවා කලේ නැහැ කියන අයට මේක ලිව්වේ. ඒ කියන්නේ ඒවා කරලා , අනතුරු ඇඟවීම් පවා කරලා නාය යෑම් ගැන.
සම්පුර්ණයෙන් බැලුවනම් දිස්ත්‍රික්ක කිහිපයකටම නායයෑම් අනතුරු හඟවා තිබෙනවා . එතකොට ඒවා ඇහුවේ නැත්තේ කවුද? ඔය බොරු කියන යූ ටියුබ් ප්‍රචාර කාරයෝ මේ එකක්වත් බලල නෙමේ ඔය බොරු කියන්නේ නේද ? ඇයි එයාලටත් කියන්න තිබ්බනේ මේ විස්තර ජනතාවට , නැවත නැවතත් ? ව්‍යසනයක් වෙලාවේදී රජය පෙරලන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් වැඩ කරනවා කියන එකයි හැඟෙන්නේ . එහෙම කියලත් තිබෙනවා .
මිනිස්සු ඇහුවේ නැති එක පැත්තකට දාමු . දැන් ඔය නාය යෑම් වලක්වන්න සුමාන දෙකක් ඇතුලත ආණ්ඩුවකට පුලුවන්ද ? පිළිතුර බැහැ . 1950 වගේ කාලෙක ඉඳන් උඩරට ගස් කපමින් , බිල්ඩින් හදමින් , ගම්මාන හදමින් කරපු ව්‍යසනය සුමාන දෙකකින් නවත්වන්න බැහැ. එතකොට දුෂිත විධිහට (නඩුවකුත් යනවා ආ ) පහත්බිම් , ජල පෝෂක ප්‍රදේශ හෙම ගොඩ කරලා බිල්ඩින් ගහපුවා ගලවන්නද සුමාන දෙකෙන් . ඔන්න දැන් නම් පුළුවන්.
ආණ්ඩුවට කියන්න තියෙන්නේ ආණ්ඩුවට ඇත්තටම වැඩ කරන්න පුලුවන්ද, කොච්චර සාර්ථකද ඒ පැත්තෙන් කියන එක මනින්න හොඳ මිණුම් දණ්ඩක් මේක කියල . මේක මුළු රටටම බලපාන විනාශයක් . හැම දිස්ත්‍රික්කයටම වගේ . ඒ නිසා ක්ෂණික ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් වලින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ආදියෙන් අනතරුව, රට ගොඩ නැංවීමේ විශාල කාර්ය භාරයක් තිබෙනවා . පැරණ විධිහට අනවසර ලෙස කරන ඉදි කිරීම් නවත්වල , කඳුකරය රැකෙන විධිහට, ජල පෝෂක පහත් බිම් ගොඩ නොකර ලෙසට නීති නැත්නම් ඒව පනවල හරියට කරන්න අවස්ථාවක් තිබෙනවා . එම ලිට්මස් පරීක්ෂණයෙන් ආණ්ඩුව ෆේල් වුනොත් ආයේ එනවා බොරු.
රතු තරුව ආවේ නැහැ , ආණ්ඩුව ආවේ නැහැ කියන අයට ඉතින් පිළිතුරු දීල වැඩක් නැහැ . රවී සිරිවර්ධන ෆේස්බුක් එකේ පිළිතුරක් දීල තියනව . ඒ අය තමා දැන් ආණ්ඩුවේ ඉන්නේ . ත්‍රිවිධ හමුදාවට එන දෙන්නේ රතු තරුවේ නායකයාම තමයි . එතකොට ඕනෑම රටක ත්‍රිවිධහමුදාව , පොලිසිය , ගිනි නිවන් හමුදාව ,අඩිය තමා අත්‍යවශ්‍ය සේවා හැටියට එලියට එන්නේ ආපදා අවස්ථාවල . මොලේ අමාරු තියෙන මිනිසුන්ට මේවා කියල දීල වැඩකුත් නැහැ වෙලාවකට .
මේ අවස්ථාවේ දී සජබ නායකත්වය , මඩ ප්‍රචාර, පටු දේශපාලන වාසි හෙවිම අත හැරලා රට වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කල යුතුයි කියල මම හිතනවා . විශේෂයෙන් සජිත් සහ හර්ෂ .
මම මේ ආපදා තත්වය ගැන හොඳ ලිපි කිහිපයක්ම කියෙව්වා . ඒ නිසා අලුතින් මේ කාරණා ගැන ලියනවට වඩා ඒවා ගැන කියන එක වඩා හොඳයි කියල හිතුව.
දොන් සුප්ස් ගේ ලිපියේ මහාචාර්ය ලක්ෂමන් ගලගෙදර මහතාගේ ලිපියක් ඇසුරින් ලැබුණු වර්ෂාපතනය ගැන ලියල තිබෙනවා . වෝල් එකේ ටිකක් පහලට යනකොට ලිපිය තිබෙනවා .
https://www.facebook.com/don.supz
සුජීව කොකාවල ලිපියක් ලියල තියනව . හැන්ඩ්ල් කිරීම ගැන එයාටත් ප්‍රශ්නයක් තිබෙන බව පේනවා . ඒ දවස් වල ඉඳන් සුජීව ලියපු දේශපාලන ස්ථාවරය අනුව ඒ වගේ දෙයක් කිව්වේ නැත්නම් තමා පුදුම . නමුත් ඒ ටික නොහිතුවොත්
මේ ලිපියත් හොඳයි .
බොරු ලියන කියන , ජනතාව අවුස්සන ඕනෑම කෙනෙකුට එරෙහිව හදිසි නීතිය භාවිතා කරන්න පුළුවන් කියන එක ආණ්ඩුව දන්නවද දන්නේ නැහැ . අනුර හුඟක් ප්‍රජාතන්ත්‍ර වාදී නායකයෙක් . ඒත් ජනාධිපතිතුමෝ ඒ ප්‍රජාත්නත්‍රවාදය රැක ගන්නත් තද නීති රීති භාවිතා කරන්න වෙනවා . විශේෂයෙන් මේ වගේ ආපාදා අවස්ථාවල.
මේ ගාඩියන් ලිපිය :
Country comparison Indonesia vs Sri Lanka
රටවල් කිහිපයක්ම ආධාර දීල තිබෙනවා . රටේ මිනිස්සු ආධාර කරනවා දිවා රා නොබලා . බ්‍රිතාන්‍යයේ කැනඩාවේ සහ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් , ඇත්තටම අඩම්බරයි කියන්න සිංහල, දෙමළ , මුස්ලිම් ආදී හැම ජන කොටසක්ම එකතු වෙලා මේ ආධාර ක්‍රියාවලියට . ඒ හැම දෙනාටම ස්තුති කරන්න වචන නැහැ , අර බනින මාපිලුන් දෙතුන් දෙනෙකු අතරේ ආදරණියයන් දස දහස් ගණනින් එකතු වෙලා .
ඉතින් මේ මනුෂ්‍යන් ගැන ආදරය හිතෙන්නේ නැත්ද ? මේ ඉන්නේ අඳුරට ශාප කරනවට වැඩ එක ඉටිපන්දමක් හෝ දල්වන මිනිස්සු .
ශ්‍රී ලංකාව මේ විපතිනුත් නැගී හිටිනවා මිට වඩා දහස් වාරයක් හොඳට . ඒක මට විශ්වාසයි .
කොළඹ ගමයා 01/12/2025
කයිවාරු පච අපහාස කර කර හිටපු අනුර කුමාර, ටිල්වින් මාලිමා නඩයට සොබා දහම උත්තර දීලා තියෙනවා.
ReplyDeleteමේ ද්වේශ සහගත කතා මම අයින් කරනවා . විනාශයෙන් සතුටට පත්වන අසහන කාරයෙක් .
Deleteමෙන්න මේකත් කාල එන්න බලන්න https://www.facebook.com/reel/1906700979882040
Delete" දිට්වා " සුළි කුණාටුව ගැන කලින් කරපු පූර්ව අනතුරු ඇඟවීම නොසලකා කටයුතු කිරීම විසින් අද මහා විනාශයක් ඇතිවෙලා තියනවා.යම් දෙයක් සම්බන්ධව අනතුරු ඇඟවීමක් කළහම ඊට පූර්ව සුදානමක් තියාගන්න මෙතනින් එහාටවත් හැම කෙනාම පුරුදු වෙන්න ඕනි.අද රටේ රාළත් ඒ වගේ පූර්ව අනතුරු ඇඟවීමක් කරලා තියන්නයි හදන්නේ.
Deleteඒ අනතුරු ඇඟවීම හරියට තේරුම් අරන් ඒ වෙනුවෙන් කලින් සූදානම් වීම අදාල පාර්ශවවල වගකීමක්.ඇත්තටම මේ අනතුරු ඇඟවීම පක්ෂ විපක්ෂ දෙකටම අදාලයි.
මේ අනතුරු ඇඟවීම රටේ රාළ නිකුත් කරන්නේ ඉදිරි මාස දෙකට අදාලවයි.ඊට පස්සේ බලමු තවදුරටත් දික් කරන්න වෙයිද නැද්ද කියලා.මේක රතු නිවේදනයක් විදිහට සැලකුවත් කමක් නෑ.අපේ රටේ ආපදා තත්වය ක්‍රමයෙන් පහව යමින් තියනවා.පශ්චාත් ආපදා තත්වය කියන්නේ ඉතාමත්ම බිහිසුණු එකක්.රටේ රාළට දැනෙන විදිහට මහ පොළොවේ තත්වය අතිශයින් භයානකයි.ජනතාව තුල ආණ්ඩු විරෝධය බුර බුරා මතුවෙමින් තියනවා.
මේ විනාශය වලක්වා ගන්න ඕනි තරම් ආණ්ඩුවට ඉඩ තිබුණා කියන එක දැන් ජනතාවට දැනෙමින් තියනවා.ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරපු සජබ මන්ත්‍රී කබීර් හෂීම් කිව්වේ ගම්පොල නගරය පැහැදිලිව බේරගන්න හැකියාව තිබුණ බවයි. කබීර්ට අනුව ගම්පොල දාහකට වැඩිය මැරිලා. අපේ රටේ වර්ෂාව මිලිමීටර 300 - 500 අතර වැසි බලාපොරොත්තු වෙන විට ජලාශ හිස් කිරීම සාමාන්‍ය දෙයක් කියලා කබීර් කිව්වා.වැඩිවෙන ජලකඳ රදවා තියාගන්න තියන ජලය කඳ මුදා හැරීම සාමාන්‍ය සිද්ධාන්තයක්.
ඒත් ඒ වැඩේ සිද්ධවෙලා නෑ.එකවරම ජල කඳ මුදා හැරීමෙන් ගම්පොල නගරයම හේදීලා ගිහින්. ඇත්තටම රට හැමතැන ගංගාවලට ඔරොත්තු දෙන්න බැරි ජල ධාරිතාවයක් එකවර නිකුත් කළා ඒවා සියල්ල ගලාගෙන ගියේ ජීවිත දේපල පොඩි පට්ටම් කරගෙන.අනූරලාගේ,ලාල් කාන්තලාගේ වරදින් කිසිම වැරද්දක් නොකළ මිනිස්සු සිය දහස් ගාණක් අකාලයේ මිය ගියා.මිය ගියා නෙවෙයි මරලා දැම්මා.ලෝකය දැකලා නැති කිරි සප්පයෝ පවා මේ කාලකණ්ණි විසින් මරලා දැම්මා.
මරලා දැම්මා විතරක් නෙවෙයි තමන්ගෙන් උන වැරැද්ද වහගන්න සුලි කුණාටුව විතරක් නෙවෙයි ජලාශවල ජලය අඩු නොකිරීමත් ස්වභාවික විපතක් බවට පත්කළා.ජනතාව මේ සම්බන්ධව ආණ්‌ඩුවත් එක්ක ඉන්නේ බද්ධ වෛරයකින්.එක පැත්තකින් මේ බිලිදීම ගැන.අනිත් පැත්තෙන් තමන්ගේ ජිවිත සම්බන්ධව මතුවෙලා තිබෙන අනාරක්ෂිත තත්වය ගැන.
අද ජනතාවගේම ජීවිත ආරක්ෂා කරන්න ආණ්‌ඩුවක් නෑ.මහජනතාව ආරක්ෂාව කරන්න බැරි කාළකණ්ණි ආණ්ඩුවක් මේක.
අද ආණ්‌ඩුව මිනීමරණ ආණ්‌ඩුවක් බවට පත්වෙලා.ආපදා තත්වය තේරුම් ගනිමින් විපක්ෂය පහුගිය පාර්ලිමේන්තු සතියේදී ආණ්‌ඩුවට යෝජනා කීපයක් ඉදිරිපත් කළා.පහුගිය බ්‍රහස්පතින්දා රටේ හදිසි තත්වයන් ප්‍රකාශ කරන්න කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වගේම එජාප මන්ත්‍රී රවී කරුණානායකත් අනුරගෙන් ඉල්ලුවා.හැබැයි අනුර ඒවා ගණන් ගත්තේ නෑ. අනුරට උපදෙස් දෙන භූතයෝ කියලා තිබුණේ හදිස්සි නීතිය පැනවීම සංචාරක කර්මාන්තයට නරක විදිහට බලපායි කියලලු.
එතකොට අපේ රටේ ජනාධිපති තීරණ ගන්නේ අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න නෙවෙයි.සුද්දන්ගෙන් එන ඩොලර් බලාගෙනද?දැන් ඉතින් සංචාරක ව්‍යාපාරයත් නෑ රටේ ජනතාවගේ ජීවිතත් නෑ.අනුර ජාතිය අමතලා කිව්වේ දේශපාලන භොදයකින් තොරව වැඩ කරමු කියලා.හැබැයි ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කට වහන්න ඕනි නිසා පාර්ලිමේන්තුව පැය කීපයකට සීමා කළා.ආණ්‌ඩුව දන්නවා විපක්ෂය පැත්තෙන් ඇයි ජලාශ හිස් කරමින් ජලය පාලනය නොකළේ කියන ප්‍රශ්නය අහනවා.
ඒ ප්‍රශ්නයට ආණ්ඩුවට උත්තර නැති නිසා පාර්ලිමේන්තුවේ හඩත් නිහඩ කරලා තියෙන්නේ. කොහොම උනත් දැන් ආණ්ඩුව කරපු මේ අපරාධය ගැන රටේ ජනතාව අතර බරපතල සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම ඉදිරි කෙටි කාලය ඇතුලේ නිර්මාණය වෙන ප්‍රශ්නවලට උත්තර හදන්න මේ උන්මත්තක මේ ආණ්ඩුවට බෑ.ඒක නිසා ජනතාවගේම විරෝධය ඉතා කෙටි කාලයක් තුල කොයි මොහොතේ හරි පුපුරා යන්න පුලුවන්.ආණ්ඩුවේ මැති ඇමතිලාට ජනතාව අතරට යද්දී බරපතල විදිහට පරිස්සම් වෙන්න වෙනවා.
දැන් ඔය කිසිම කෙනෙකුට ආරක්ෂාව නැතිව ජනතාව අතරට යන්න බෑ.ඒක නිසා ආණ්ඩුව පැත්තෙන් මැති ඇමතිලට ලබාදීලා තියන ආරක්ෂාව ගැන තවදුරටත් හිතන්න වෙයි.රටේ රාළට දැනෙන විදිහට මොනම ආරක්ෂාවක් දාගෙනවත් එයාලට ජනතාව අතරට නං යන්න බෑ.දැනට එයාලා එහෙන් මෙහෙන් යන්නේ ඔය සුරැකුම් මධ්‍යස්ථානවල ඉන්න ජනතාව බලන්න විතරයි.දළදා මාලිගාව හරහා විපතට පත් ජනතාවට බෙදන්න දුන්න බත් පැකට් ටිකත් එක ගෝතයෙක් උස්සගෙන ගිහින් තිබුණා.
කඳවුරුවල ඉන්න අයගේ අසරණකම නිසා එයාලා මේ මොහොතේ විරෝධයකට යන්නේ නෑ. ඇත්තටම විරෝධය තියෙන්නේ සාමාන්‍ය ජනතාව අතර.පින්සිද්ධ වෙයි ජනතාව අතරට නං යන්න එපා.බඩ කට පුරා කාලා තමයි එන්න වෙන්නේ.අපි කැමති නෑ ජෙප්පෙකුටවත් හිරිහැරයක් වෙනවට. අඩුම ගානේ අපට නිවන් සුව පතන්න හරි ජෙප්පෝ ටික ඉන්න ඕනි.රට පුරාම විරෝධය එක විදිහට පෙලගැහිලා තියන නිසා මේ විරෝධය දැවැන්ත ජනතා නැගිටීමක් දක්වා යන්න බැරි නෑ.
එහෙම උනොත් දැන් දුර්වලකමේ පතුලටම වැටිලා තියන මේ ආණ්ඩුවට,මහජන සහයක් නැති මේ ආණ්ඩුවට අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා. එහෙම උනොත් රටට මොකද්ද වෙන්නේ.රට ආරාජික වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. විපක්ෂය ඒ පැත්ත ගැනත් හිතන්න වෙනවා. මොකද ජෙප්පෝ කීපදෙනා වැටුන ගමන් මාලිමාව නිකම්ම ඇඳගෙන වැටෙනවා.ජෙප්පෝ කියන්නෙත් එකට ඉන්නකොට චණ්ඩි උනාට තනිවුනහම 88/89 හිටිය විජිත වගේ වෙනවා.
Deleteනැත්තං අනුර වගේ වෙනවා.එක්කෝ පාවලා දෙනවා නැත්තං පැනලා යනවා.ඒක නිසා ඉතා නුදුරු අනාගතයේදී රට නැවතත් අරගලයකට ගමන් කරන්න පුළුවන්.ඒක නේපාල මට්ටමේ කුරිරු එකක් වෙන්න පුළුවන්.
ඒ තත්වය දැකලා විපක්ෂය පැත්තෙන් උත්තරයක් හිතලා තියෙන්න ඕනි.එක්කෝ ජනතා බලය ඉස්සරහා අනුර යටත් කරලා පරිවාසයක් දෙන්න හරි,නැත්තං ආණ්ඩුව පන්නලා වෙනම විකල්පයකට යන්න හරි වෙන්න පුළුවන්.දැන් ඒ පැත්ත සම්බන්ධවත් හිතන්න කාලය ඇවිත් කියලයි රටේ රාළට හිතෙන්නේ.
මම එම රටේ රාල ගේ මුග්ධ බොරු කතාව මකන්නේ නැහැ . නමුත් ඔප්පු අක්රලා ටියෙද්දිති නැවත නැවතත් එකම බොරුව කියන්නේ ලියන්නේ ඇයිද කියල තේරෙන්නේ නැහැ . එහෙම අනතුරු ඇඟවීමක් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දුන්නේ නැහැ . . දැන් හැමෝම හොයාගෙන BBC එක . ඒක 27 හොයා ගත්තත් ගම්පොල ජලාශය ටික ටික අරින්න් බැහැ .BBC එකේ වෙන්න පුළුවන් කියන එක ලංකාවේ නිලධාරීන් තහවුරු කල යුථුඉ . අනික එක පාර වතුර ඇරියේ නැත්නම් කබීර් හෂීම් කියන සිවිල් ඉංජිනේරු නොවන්නා කියන හැටියට වේලි වල බැම්ම වතුර පිඩනයට පුපුරා යන්න පුළුවන් . ගම්පල 1000 මැරිලා කියන කටහ්වට එයාට සාධක තියනවද ?
Deleteමෙන්න ඔය රටේ රාලය සහ විපක්ෂය කියන අනතුරු ඇඟවීම - https://www.facebook.com/share/v/1CbiCPKFcx/
Deleteපිළිවෙලකට වැඩ කරපු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වියදම් වැඩී කියලා මාලිමා ආණ්ඩුව අයින් කරපු එකේ විපාක තමයි අද විඳින්නෙ.
ReplyDeleteඑහෙම එකක් කලද ? දාන්න බලන්න විස්තර ? නැතිනම් ඒකෙ අයිතිකාරයා වගේ හිටපු එකෙන්ක් අයින් කළාද
Deleteරනිල් වික්‍රමසිංහයං යාපන සරසවි ඇදුරන් හා සාකච්ඡා කරන වීඩියෝවක් දුටිමි.
ReplyDeleteඑක දෙමල වේසියක්, ඉංග්‍රීසි බැරිනිසා දෙමල සිසුන් කිහිප දෙනෙක් සියදිවි නසාගෙන ඇතිබන කිවාය.
තම මව් බසට (ඉංග්‍රීසි) අභියෝග කිරීම නිසා දැඩිව කිපුනු රනිලුන් කඩ්ඩ වනා දෙමලිව දෙපලු කලාය. ඇය බිම බලාගෙන බැල්ලියක් මෙන් වාඩි වූවාය.
එවලේම මම රනිලාට චන්දය දෙන්න තීරණය කලෙමි.
මම එතන හිටියා නම් මට ඉංග්‍රීසි බැරි නිසා
දෙමළ දරුවන්ට ඉංග්‍රීසිය අහිමි කල, තම දරුවන්ට ඉංග්‍රිසි දායදකල චෙල්වනායගම් කියන කාලකන්නියාගේ හත්මුතු පරම්පරාවටම පලි ගහපිය යැයි සුද්ද සිංහලෙන් කියනු ඇත.
හිච්චි අබේ යාපනේ ජනාධිපතිවරන සමයේ වෙලඳ සංගමය සමග සාකච්චාවකට ගොස් පොන්නයා වගේ ඉඳ. ඒ ගැන පොන්න කතා කියන වීඩියෝවක් දුටුවෙමි.
මුං ෆේල් බව එයින් තහවුරුකරගතිමි.
මටනම් ෆේල් කියල පේන්නේ නැහැ කොහෙත්ම . බලාගෙන ඉමු .
Deleteඅනුර තමන්ගේ නොහැකියාව වහ ගන්න මේ ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික ව්‍යවසනය කියලා කිව්වා.
ReplyDeleteඅනුර! බයිලා ගැහුවට ඔය තරම් බොරු කියන්න එපා.
මේ සුනාමිය ආපු රටක්. සුනාමියෙන් ලංකාවේ 35,000 ක් මිනිස්සු මැරුණා.
35,000 ක්. එයින් 10,000 ක් දරුවො. එවකට 2004 දි ඩොලර් බිලියන දෙකකට වඩා දේපළ විනාශ වුණා.
සුනාමිය ආවේ සති දෙකක් පුරා අනතුරු ඇඟවීම් කරලා නෙවෙයි.
සුනාමියෙන් සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, ධීවර ගම්මාන, සංචාරක හෝටල්, මිනිස්සුන්ගේ නවාතැන් කුඩුපට්ටම් වුණා.
පවුල් විනාශ වුණා.
හැබැයි ඊලග අවුරුද්දේ බලයට ආපු මහින්ද මහත්තයා යුද්ධයක් මැද සුනාමියෙන් විනාශ වෙච්ච රට හැදුවා.
අපි ඉවරයි කියලා ඇඬුවේ නෑ.
මේක සුනාමියෙන් 1/5 ක් හෝ බරපතල විනාශයක් නෙවෙයි.
බොරුවට අහිංසක මිනිස්සු බය කරන්න එපා මනුස්සයො.
දෛර්යෙන් කතා කරනවා. තමුන් මේ රටේ නායකයා.
නායකයාගේ වචනයක් ඇති රටේම ස්පිරිට් එකට!
සති දෙකක අනුතුරු ඇඟවුම් කියන්නේ මේවද ? මිලි මීටර් 250 ක වර්ෂාවක් කියල , කියල තියෙන්නේ . ඒකට වාන් දොරටු ඇරලා මිනිසුන්ට යන්න කියල තියනව . බොරු ලියන්න එපා කියන්නේ ඒකයි . //පසුගිය දිනවල මුළු රටම වෙලාගත් මහා ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කළ ආකාරය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රශ්න මතු කරමින් සිටී.
Deleteඑම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුව මෙම කාලගුණ වෙනස සම්බන්ධයෙන් පළමු රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 24 වෙනි දින පස්වරු 2.30ට වන අතර එහි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ප්‍රබල අකුණු ඇති වීම පිළිබඳය. මේ අතර 25 වෙනි දින පස්වරු 02.00ට සාමාන්‍ය කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන් පසුව 25 වෙනි දින පස්වරු 3.45ට තද වැසි ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
එහෙත් එදිනම සවස 04.00ට “සාමාන්‍ය කාලගුණ අනාවැකිය” යන සිරස්තලය යටතේ තවත් නිවේදනයක් නිකුත් කර තිබිණි. එයට විනාඩි 15කට පෙර රතු නිවේදනයක්ද ඉන් පසුව සාමාන්‍ය නිවේදනයක්ද නිකුත් කිරීම එම දෙපාර්තමේන්තුවේ නිල නිවේදන සම්බන්ධයෙන් ව්‍යාකූලත්වය ඇති වීමට හේතු වී තිබේ.
මේ ආකාරයට රතු නිවේදන සහ සාමාන්‍ය නිවේදන එක් දිනක් තුළ කිහිපයක්ම වරින් වර නිකුත් කර තිබිණි. 25 වෙනි දිනම පස්වරු 10.30ට නොගැඹුරු මුහුදු තීරයට අදාළව රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. 27 වෙනි දින පස්වරු 08.00ට “ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවලට” යනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පළමු රතු නිවේදනය නිකුත් කර ඇත.//පසුගිය දිනවල මුළු රටම වෙලාගත් මහා ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කළ ආකාරය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රශ්න මතු කරමින් සිටී.
එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුව මෙම කාලගුණ වෙනස සම්බන්ධයෙන් පළමු රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 24 වෙනි දින පස්වරු 2.30ට වන අතර එහි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ප්‍රබල අකුණු ඇති වීම පිළිබඳය. මේ අතර 25 වෙනි දින පස්වරු 02.00ට සාමාන්‍ය කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන් පසුව 25 වෙනි දින පස්වරු 3.45ට තද වැසි ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
එහෙත් එදිනම සවස 04.00ට “සාමාන්‍ය කාලගුණ අනාවැකිය” යන සිරස්තලය යටතේ තවත් නිවේදනයක් නිකුත් කර තිබිණි. එයට විනාඩි 15කට පෙර රතු නිවේදනයක්ද ඉන් පසුව සාමාන්‍ය නිවේදනයක්ද නිකුත් කිරීම එම දෙපාර්තමේන්තුවේ නිල නිවේදන සම්බන්ධයෙන් ව්‍යාකූලත්වය ඇති වීමට හේතු වී තිබේ.
මේ ආකාරයට රතු නිවේදන සහ සාමාන්‍ය නිවේදන එක් දිනක් තුළ කිහිපයක්ම වරින් වර නිකුත් කර තිබිණි. 25 වෙනි දිනම පස්වරු 10.30ට නොගැඹුරු මුහුදු තීරයට අදාළව රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. 27 වෙනි දින පස්වරු 08.00ට “ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවලට” යනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පළමු රතු නිවේදනය නිකුත් කර ඇත.
්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
Deleteකාලගුණ විදයා වදපාර්තවේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීවේ මධ්‍යස්ථානය විසින්ත
2025 වනාවැේබර් මස 24 දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි
2025 වනාවැේබර් මස 24 දින ප.ව. 2.30 ට නිකුත් කරන ලදී.
බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත් සහ පපාපළාන්නරුව, මඩකළපුව,
අම්පාර, මහනුවර සහ නුවරඑළිය දිස්ික්ක සඳහා
සැලකිලිමත් වන්න!
බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්
පපාපළාන්නරුව, මඩකළපුව, අම්පාර, මහනුවර සහ
නුවරඑළිය දිස්ික්කවලත් ගිගුරුේ සහිත වැසි සමග ප්‍රභල
අකුණු ඇතිවීවේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල
තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින්
සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශය පියවර ගන්නා
වලස ජනතාවවගන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැවේ.
නිවේදන අංකය : 06 TCW/25/11/27/04
Deleteවර්ණය : රතු
ශ්‍රී ලංකාව ආශ්‍රිතව “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ අනතුරු ඇගවීම් නිවේදනය.
කාලගුණ විදයා වදපාර්තවම්න්තතුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවම් මධ්‍යස්ථානය විසින්ත
2025 වනොවැම්බර් මස 28 වන දින වෙ.ව. 8.00 දක්වො වලංගු වන ෙරිදි
2025 වනොවැම්බර් මස 27 වන දින ෙ.ව. 8.00 ට නිකුත් කරන ලදී.
වගාඩබිම ප්‍රවේශය සහ දිවයින වටා වන මුහුදු ප්‍රවේශ සඳහා
අවධ්‍ානවයන්ත සිටින්තන!
ශ්‍රී ලංකාවට ගිනිවකාණ වදසින්ත පැවති "දිට්වා" [Ditwah] සුළිකුණාටුව මඩකලපුව සිට 60km ක් දකුණු
වදසින්ත, අක්්ාංශ 7.2°N සහ වේශාංශ 81.8°E ආසන්තනවේ වක්න්තරගතව වී ඇත. වමම පේධ්‍තිය උතුරට
බරව වයඹ වදසට ගමන්ත කරනු ඇත. (සුළිකුණාටුවේ ගමන්ත මාර්ගය පහතින්ත දක්වා ඇත.)
ඔය හැම එකටම් ආණ්ඩුව මිනිසුන්ට නාය යන ප්‍රදේශ වලින් අයින් වෙන්න කිව . නමුත් එකපාර මිලි මීටර් 500 වර්ෂාපතනයක් වැටෙනවා කියල කවුරුත් කොහෙවත් කියල තිබ්බේ නැහැ
Deleteමේ තියෙන්නේ ඩොප්ලර් රේඩාර් හිටවපු නැති කතාව . https://www.facebook.com/reel/1906700979882040
Deleteඅනුර ජනාධිපති වෙන්න කලින් ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබ්බා
ReplyDeleteඅද රට මෙතරම් ව්‍යවසනයකට මුහුණ පා තිබෙද්දී රාජ්‍ය යාන්ත්‍රණය අඩපනයි. රාජ්‍ය නිළධාරී යාන්ත්‍රණය අක්‍රීයයි.
මෙලෙස ආපදා සහන යාන්ත්‍රණය කඩා වැටීමට විශාල හේතුවක් තිබෙනවා.
ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ක්‍රියාත්මක නොවීම.
මෙවැනි ආපදාවක දී අතීතයේ නම් ඔබට නිතර ඇසෙන නමක්, ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය.
මෙවර ව්‍යවසනය සම්බන්ධ ප්‍රවෘත්තී තුළදී ඔබට එක් වරක් හෝ ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නම ඇසුනාද ? නැහැ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යනු මෙරට රාජ්‍ය පරිපාලනයේ සුවිශේෂී නිර්මාණයක්.
කොටින්ම ආපදා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමට මෙරට පවතින එකම සහ හොඳම ආයතනය.
හදිසි ආපදා තත්ත්වයකදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය සේවය සහ ප්‍රාදේශීය දේශපාලඥයා සම්බන්ධීකරනය කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්.
බෝට්ටු සේවා, ගලවා ගැනීමේ හෙලිකොප්ටර්, දියුණු GPS තාක්ෂණය ආදී සියලූම අංශ වලින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සන්නද්ධයි.
එමෙන්ම විදුලිය නොමැතිව, දුරකථන සංඥා නොමැති ප්‍රදේශ වල සන්නිවේදනයට අවශ්‍ය දියුණු සන්නිවේදන උපකරණ සහ චන්ද්‍රිකා දර්ශන පවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතුයි.
එය ආපදා සමයේ පැය 24 ම සේවය කරන ආයතනයක්.
අතීත ව්‍යවසන හමුවේ පෙර සුදානම සංවිධානය කළෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්.
නමුත් මාලිමා රජය බලයට පැමිණි වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අක්‍රීය කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගේ බදු මුදල් විනාශ කරන සුදු අලියෙක් බවට මාලිමා රජය ප්‍රකාශ කළා.
ඔවුන් ප්‍රකාශ කළේ 'ආපදාවන් එන්නේ එක මාසයකට. නමුත් ඉතිරි මාස 11 පුරාවටම රාජ්‍ය ආයතනයක් වැටුප් ගෙවා නඩත්තු කිරීමට අවශ්‍ය නැහැ' කියලා.
ඒ මාස 11 ක වැටුප්, බදු මුදල් අපතේ යැවීමක් ලෙස ඔවුන් දුටුවා.
මාලිමා රජය එතරම් අතාර්කික, මුග්ධ පාලනයක්. මාස 11 ක් ගෙවන වැටුපට වඩා, ආපදාව ඇති වන මාසයේ සිදුවන හානිය විශාල බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ.
ඔවුන් යාචක මානසිකත්වයක් ඇති කුඩා මිනිසුන් කණ්ඩායමක්.
මෙතරම් ව්‍යවසනයක් මැද පවා ආපදා සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අක්‍රීය කළ නිසා.
මේ මොහොතේ පවා බෝට්ටු නොමැතිව කොටු වූ ජනතාව දහස් ගණනක්.
මේ මොහොතේ පවා කුසගින්නේ සිටින ජනතාව ලක්ෂ ගණනක්.
වෙනදා බෝට්ටු සම්බන්ධීකරණය කළේ එම යාන්ත්‍රණයෙන්.
විදුලිය නොමැතිකමින්, දුරකථන සංඥා නොමැතිකමින් රටට සැඟවී පීඩාවට පත්ව සිටින ප්‍රජාව පිලිබඳව අපට කිසිඳු අදහසක් නැහැ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අක්‍රීය නිසා නිවැරදි දත්තයන් ලැබෙන්නේ ද නැහැ.
සැබෑ ලෙසට මිය ගිය ජනතාව 350 ට වඩා බොහෝ වැඩියි. අවදානමේ සිටින පිරිස දහස් ගණනක්. අවතැන් වූ ජනතාව ලක්ෂ ගණනක්. ඒ නිවැරදි තොරතුරු කිසිවක් ගලා එන්නේ නැහැ.
එම නිසා මේ මොහොතේ මිය යමින් සිටින, කුසගින්නේ සිටින, මඩ වගුරු වල සිරවී සිටින, වහල වල් උඩට වී සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිත වල වගකීම ජනාධිපති අනුර සහ මාලිමා රජය සතුයි.
ඒ ගැන කිසිඳු තර්කයක් නැහැ.
නෙරංග මදුශංකගේ පිටුවෙනි
මේවා තනිකරම අවලාද ? ආපදා මධ්‍යස්ථාන වලින් තමා හැම වැඩේම එම වනවිත කොඩිනෙට් කරන්නේ . මිලි මීටර් 500 කට වඩා වර්ෂාවක් වැටුනහම වෙන විනාශයක් තමා ඔය තියෙන්නේ . මහින්ද හිටියත් ඔච්චරයි . හොන වෙලාවට සුනාමි සල්ලි හොරකන් කරන්න කවුරුත් නැහැ .
Deleteසැබෑ ලෙසට මිය ගිය ජනතාව 350 ට වඩා බොහෝ වැඩියි - මේක හරි . මම ලියල් තියන්නේ දන්න ගාන . මේක අද 444. හැබැයි 750 දක්වා වැඩි වෙන්න පුළුවන් .
Delete//නමුත් මාලිමා රජය බලයට පැමිණි වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අක්‍රීය කළා.// මේක වැරදියි . ඒක ක්‍රියාත්මකයි . ප්‍රාදේශීය කරලා තියෙන්නේ
Deleteශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 212 හෙලිකොප්ටර් යානයක් කඩා වැටිලා.
ReplyDeleteකඩාවැටීමට හේතුවක් නිශ්චිත නැහැ.
නමුත් අතිරේක කතාවක් කියන්නම්.
මේ යානා වාර්ෂිකව ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි.
එය ඩොලර් මිලියන ගණනාවක වියදමක්.
රහසක් කියන්නද ? මේ යානා 2024 / 2025 ප්‍රතිසංස්කරණය කරලා නැහැ.
මේ යානය කඩාවැටීමට හේතුව මම දන්නෙ නැහැ. එය අයහපත් කාලගුණයත් විය හැකියි.
හැබැයි පැවැති රජයන් සමහර වියදම් කළේ නිකන් ඉන්න බැරිකමට නෙවෙයි. ඒවා අත්‍යවශ්‍යය නිසා.
අර මිනිස්සු එන්නේ නොදී හිටිය එකේ වැරැද්දක් නැත්ද ? ඒ දවස් වල හොඳට තියෙන යානා පවා වැට්ටුව නේද බලෙන් කන්ට්‍රක්ට් ගන්න
Deleteඑහි කාර්මික දෝෂයක් තිබුන කියල කියනවා . හැබැයි බස්සවන්න තැන මිනිස්සු හිටි නිසා වතුරට බැස්සුවලු . දෙවනි නිලධාරියා කියල තියෙන්නේ . කතා දෙකම ඇත්ත
Delete2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනකරණ පනත අනුව ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න තිබුනා කලින්ම.
ReplyDeleteඑහෙනම් මිනිස් ජීවිත බේරගන්න තිබුනා.
අඩුගානෙ අදටවත් ඒ පනත ප්‍රකාරව වැඩ කරන්නෙ නෑ.
මහජන ආරක්ෂක පනතෙන් හදිසි නීතිය දාලා.
මේ වැනි තත්වයකට අදාළ නීතිය ඒක නෙවෙයි කියලා එතුමා දැනුවත් කරන්නවත් කෙනෙක් නෑ කියන්නෙ තත්වය ඛේදජනකයි සර්.
එහෙම කිරීමේ අවශ්‍යත්වයක කාලගුණ වාර්තා අනුව තිබ්බේ නැහැ . එකපාර වැටෙන වැස්සකට ඔය වගේ දෙයක් කරන්න බැහැ
Deleteඔබ කියපු දේ හෙව්වා . අත්තක් තියනව . අපද මධ්‍යස්ථානය චන්ද්‍රිකා ගේ කාලයේ ජනාධිපති යටතේ තිබිල මහින්ද අගේ කාලේ වේවෙනම අමාත්‍යංශ කට දීල. මයිත්‍රී සහ අනුර දෙන්නම ඒක වෙනස් කරලා නැහැ . අනික දාල තියෙන්නේ ආමි ජෙනරාල් කෙනෙක් . එයා ඕව ගැන දන්නේ නැහැනේ . ඖර දැනුවත් කරලා නැහැ මේ මිනිස්සු . තමන් දන්නෙත් නැති කොට ඉතින් . එයාව දාපු එකට අනුරට වගකීම ගන්න වෙනවා
Deleteමේ ව්‍යසනය පිළිබඳව ජනාධිපතිතුමා සතුවත් දත්ත නැත. එයින් පෙනෙන්නේ ව්‍යසනය විසින් රාජ්‍යය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කර ඇති බවයි. එනිසා දැන්වත් අනතුරු ඇගවීම් සලකා බලමින්, සහන සේවකයන්ට උපරීම සහාය ලබාදෙමින් දින දෙක තුනක් ගොස් හෝ රට යලි හරිමඟට වැටෙන තුරු ආරක්ෂා වීම ජනතාව සතු දෙයක් ය..!
ReplyDeleteලංකාවේ දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවන්න් ඕනේ . ඒ පිලිබනද අපේ යෝජනාත් සතියකට කලින් ආණ්ඩුවට දීල තිබෙනවා .
Deleteපුරුදු පරිදි බොරුවෙන් පටන් අරන් පරාජිත හැගීමෙන් කරන ලද ජාතිය ඇමතීමක් ඊයෙ ඇහුවා..
ReplyDeleteබේරා ගැනීමට හැකිව තිබූ විශාල ප්‍රමාණයක් ජීවිත ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා අහිමි වුණා... අහිමි වෙමින් පවතිනවා..
රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවා ගැනීමට බැරි වුණු මුග්ධ ආණ්ඩුවට පෙර විපක්ෂය , සිවිල් සංවිධාන , ස්වේච්ඡාවෙන්ම මිනිස්සු කණ්ඩායම් වෙලා වැඩේට බැස්සා .. ආධාර එකතු කරල බෙදුවා..
මිනිස්සුන්ට උදව් කරන්න උත්සාහ කළා..
ආණ්ඩුව කළේ වගකීම ඉටු කරනවට වඩා Social media බලකායෙන් තමන්ගෙ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න උත්සාහ කරපු එක..
මේ ආණ්ඩුවෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ හා කැබිනට් එකේ දුබලතාව ජනාධිපතිතුමා දන්නවා..
ඔහුම කිව්වා " පාපිසි " කියලා..
මේ මෝඩ වැඩබැරි දාසලාගේ දුබලතා ජනාධිපතිතුමා ඔහුගෙ ප්‍රතිරූපයෙන් වහගෙනයි හිටියෙ..
" ක්ලීන් ශ්‍රී ලංකා " , " ඉවත් වෙනු " ගෙනාවෙ ඒ ප්‍රතිරූපය උස්සන්න.
මේ ව්‍යවසනය හමුවේ ක්‍රියාත්මක වූ දුබල ආකාරයෙන් ඔහුගෙ ප්‍රතිරූපයත් තීරණාත්මකව අවසන්..
හානියට මුහුණ දුන් මිනිස්සු තාම කතා කරන්න ගත්තෙ නෑ..
ආණ්ඩුව හෝදන්නෙ හානියට මුහුණ නොදුන් ගෙදර ඉන්න මාලිමා ඩෝබිලා..
තව දින කීපයකින් පස්සෙ හානියට මුහුණ දුන් මිනිස්සු ඇත්‍ත කියනකොට ආණ්ඩුවෙ හා ජනාධිපතිතුමාගෙ අකාර්යක්ෂමතාව , නොහැකියාව සහ නොසැලකිල්ල සමාජගත වෙන්න නියමිතයි..
මේක බොරු කතාවක් . ඇත්තටම තවත් මඩක් . එකපාර වැටෙන මිලි මීටර 500 ක වර්ෂාවකට කිසිම කෙනෙකුට කරන්න දෙයක් නැහැ . ඉන්දුනිසියව් එවුනෙත් ඒක
Deleteඅපදාවට ලක්වෙලා දින තුනක් ගෙවිලා යද්දිත් යූකේ මාධ්‍ය නිහඬයි...
ReplyDeleteහේතුව රජය අසමත් තමන් පත්වෙලා ඉන්න තත්වය රාජතාන්ත්‍රික මට්ටමෙන් තමන්ට සහය ගත හැකි රටවල පාලන තන්ත්‍රයටත් මාධ්‍යවලටත් දැනුම් දෙන්න...
ඉන්දුනීසියාවේ ගංවතුර නිව්ස් එකක් හැටියට බීබීසියේ යද්දි ලංකාව ගැන ම්හූ...
මේ ආණ්ඩුව හිතං ඉන්නේ බිමල් ගෝතයා ෆේස්බුක් එකේ දාලා බෝට්ටු ඉල්ලනවා වගේ උන් බුකියේ දාන කතා බලලා විදේශ රාජ්‍ය අවදානය හා විදෙස් ප්‍රවෘත්ති අවදානය ලැබෙයි කියලද දන්නෑ...
එංගලන්තේ ඉන්න අනුරගේ ගජයෝ ඌට හුම්තා කියලා කුණු හබ්බෙන් අමතනවා මිසක් ඌටත් අමතක වෙලාද දන්නෑ ඒ ටික කියලා කරවන්නවත්...
ඌ වද වෙන්නේ ඩේටා නැති කතාවකට... ඩේටා නෙවෙයි ලෝකේ අප්ඩේට් කරවලා හිටපල්ලා ගොං වාහෙලා...
නැත්තං තොපිට ලැබෙයි ආධාර...
මුං බලං ඉන්නේ කොහෙන් හරි අවිදිමත් විදියට ලැබෙන දෙයක් ගසාකන්න මට පේන විදියට...
නැතිව විදිමත් විදියට වැඩ කරලා ආධාර හොයා ගන්න නෙවෙයි...
උවිඳු කියල කියන්න කරටිය නැවෙන්න ගහලා ඔළුවට එන විකාර ලියන කෙනෙක් නේ . ආධාර ගසා කාපු අය තමා දැන් සුදනෝ වෙලා තියෙන්නේ . අපට මතකනේ සුනාමි කාලේ . අපට චැරිටි පිහිටුවන්න් වුනා ආධාර එවන්න . ඒ තරමට
Deleteඅපට ලොකු උනාට එංගලන්තයට ලංකාව විතරක් ලොකු නැහැ . ඉන්දුනිසියව් , තායිලන්තයට ත් එකම දිත්වා එකෙන් බැට දීල තියෙන්නේ . රටවල් තුන ගැනම තමයි වාර්තා තියෙන්නේ .
Deletehttps://www.facebook.com/100004783329173/posts/3323779317791480/?mibextid=wwXIfr&rdid=eZ0bxOVBEY90jhar#
Deleteයූකේ වලින් කෝටි 36 දීල තියනව .
Deleteසුරුස්.................
ReplyDeletehttps://chandimagomes.blogspot.com/2025/11/blog-post.html
දැක්කා මේක .
DeleteHmm
Deleteප්‍රා මෙන්න යන්න ඕනේ තැනක් . මිස් වෙලානේ -https://vidya-gaweshana.blogspot.com/2017/07/history-buduruwagala-mahayana-rock.html
Deleteකිසිවෙකුටත් අවලාදයක් හෝ කිසිවෙකුවත් බෙරගැනිමක්වත් නොවී අපක්ෂපාතිව මෙය විග්‍රහයක් කලයුතුයි. අඩුපාඩුවක් තිබුනානම් එය බාරගෙන ඒවා වැලක්විමත් අවශ්‍යයි. අපි කිසිවෙක් පර්පුර්ණ නොවෙයි. ඇමෙරිකාවටවත් ස්වභාවික ආපදාවන් 100% හරියට කළමනාකරණය කරගන්න බැහැ . සමහරවිට මහජනතාව හිතන විදිහ වෙනස්. ඉවත්වෙන්න කිව්වත් ඉවත්නොවෙන අය සිටිනවා. වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කරන ලද blame game strategy එකත් ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කපාහැරීම කියන ගොන් තර්කයත් යම් පමණකට ඇති උද්දච්ච භාවයත් තමයි මෙතැනදී ලිට්මස් පරීක්ෂාවක් වෙන්නේ.
ReplyDeleteලංකාවේ හැමෝම පණ්ඩිතයෝ. යුද්දේ කාලේදී යුද්ද කරන්න උපදෙස් දෙන , Covid කාලේදී කොවිඩ් මර්දනයට උපදෙස් දෙන , ආර්ථික අර්බුදයකදී ආර්ථික විශාරදයෝ වෙන බක පණ්ඩිතයෝ වැහි වැහැල. දැන් ඔය අය ගොඩක්ම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. මීට ඉස්සර වෙච්ච ගංවතුර තත්ත්ව වල ඔවුන් දෙන උපදෙස් හෙන සිරා. සුනාමි වලදී යුද්ධයේ අවසන් අදියරේදී covid වලදී ඒ තිබුන ආණ්ඩු මේ තත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කරා කියන එක වර්තමාන ආණ්ඩුවට පිළිගන්න වෙනවා. මේ හැම ව්‍යසනයකින් පස්සෙම රට ඉතා ඉකමනින් යථා තත්වයට පත්වුණා.(පශ්චාත් කොවිඩ් අරගලය ඇතුළුව ).මේ ආණ්ඩුවට යම් පමණකට බණින අයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි රට ඉතා ඉක්මනින් යථා තත්වයට ගොඩනගන එක. විපක්ෂයක් වශයෙන් ඊට දිය හැකි උපරිම සහයෝගය තමයි ඊනියා අරගල වැඩවර්ජන පෙළපාලි නැවත්වීම. හැබැයි ඔවුන් ආණ්ඩුවට එරෙහිව කරන විවේචන නවත්වන්න නම් සක්කරයටවත් බැරිවේවි. ඒවාට ඉතින් කළබල වෙන්න ඕනේ නැහැ.
හොඳ මැදහත් විග්‍රහයක්. 🙏💐👌
Delete//මේ ආණ්ඩුවට යම් පමණකට බණින අයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි රට ඉතා ඉක්මනින් යථා තත්වයට ගොඩනගන එක.// එකඟයි . ඒකයි මමත් කියන්නේ . ඒකයි පරික්ෂාව . දැන් එයාලට කරලා පෙන්වන්න පුළුවන් .
Deleteපෙරේදා ටිල්වින්ගේ කරේ අත දාගෙන හිටපු ලන්ඩන් උවිඳු ඊයේ අනුර කුමාරට අමතලා තිබ්බේ හුත්තා කියලා
ReplyDeleteකරටියට එනකන් බිලා ලියන කෙනෙක් නේ . ටිල්වින් මොකට හම්බ වුනාද මන්ද
Deleteඔබෙත් චන්දිම ගෝමස්ගෙත් ලිපි දෙක මා දුටු හොඳ ලිපි දෙකක්. එමෙන්ම මෙහි ඇති අදහස් දැක්වීම් අප ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය දැක්වෙන පිළිබඳ හොඳ දැක්මක්.
ReplyDeleteස්තුතියි ලිට්සීකර්. ප්‍රශ්න වලට උත්තරයි හොයන්න ඕනේ බොරු නොකියා , මිනිස්සු අවුල් නොකර . ඒකයි මගේ අදහස .
Deleteමං හිතන්නේ වැඩේ නිසා මාරුවේ වැටිලා ඉන්නේ කාලගුණ අධ්‍යක්ෂ ජෙනරාල් , එයා ලිඛිතව නිල වශයෙන් කිසිම ආයතනයකට දැනුම් දුන් බවක් කොහවත් නෑ . හැබැයි දෙරණ බිග් ෆෝකස් එකේ කතා කරපු කොටස් දදා දෙරණ බ්‍රේකින් නිව්ස් ගහනවා පොරව හයිලයිට් කර කර දැනුම් දීලත් රජය කිසිවක් කලේ නා කියලා
ReplyDeleteදෙරණ හෙන බොරුවක් අරන් ගියේ . යුටියුබ් කාරයෝ ඒ ක අල්ලන් ගියා . දැන් කාලගුණ දෙපාර්තමේන්තුවේ වීඩියෝවේ ඒ ගොල්ල වතුර ටික ටික ඇරලා තියනව කියල කියනව . මම මගේ ලිපියෙත් මේකම සඳහන් කළා . ජලාශ තුන හතරක සහ දැදුරු ඔයේ වාන් දොරටු අරිනවා මේ නොවැම්බර් 23. ප්‍රශ්නේ උනේ කිසිම පුර්ව දැනුම් දීමක් කාලගුණ දෙපාර්තමේන්තුව කලේ නැහැ මිලිමීටර් 300-500 දක්වා ජල කඳක් වැටෙනවා කියල . ටිකක් කල්පනා කරන්නකෝ සෙන්ටි මීටර් 50 (අඩි එකහමාරක් විතර ) උස කිලෝ මීටර් දෙකක් දිග දෙකක් පළල ජලාශයක් එක පාර වැටෙනව කියල . ඒ වතුර කොහෙටද යවන්නේ . (සයික්ලෝන් එක ඊට වැඩිය දිගයි ඈ මේ උදාහරණයක් ) කඳුකරයට වැටිලා ජලාශ පිරෙන කොට ඉංජිනේරුවෝ ඒවා එක පාර එලියට දැම්මේ නැත්නම් ජල පීඩනයක් එනවා . ඒ පිඩනයට ලොකු වේලි කඩාගෙන යන්න පුළුවන් . ඒක ඊට වැඩිය විනාශයක් වෙනවා . .
Deleteජාත්‍යන්තර මාධ්‍යකින් මෙහෙම කියල තියනව . මිලි මීටර් 500 වර්ෂාවක් වැටෙනවා කියල විදේශ නිව්ස් සේවාවකින් කියල තියනව. කවුරුත් දැකල නැහැ. https://www.facebook.com/share/v/1FtqX3ZNcS/
Deleteමේ වර්ෂාපතනය ලංකාවට එක වසරකදී වැටෙන වර්ෂාපතනයෙන් 10% එක දවසකට විතරක්
Deleteකාලගුණෙන් යවපු ලියුමේ තියෙන්නේ මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් කියලා , ඒ ගැන කොහොමත් මෝසම් කාලෙට වැටෙනවා . ඊළඟ එක වෝනින් එක ඇම්බර් . මේක ඇඹර වෝනින් නෙවේ රෙඩ් වෝනින් වෙන්න එපයි එහෙනං
Deleteඔය කතාවම තමයි මමත් කියන්නේ . කාලගුණේ බොස් ඕක පැහැදිලි කරන්නේ නැත්තේ මොකද ? කාල ගුණය කියන්නේ සම්භාවිතාවක් ඇතුව කියන දෙයක් .
DeleteNational disaster management council was convened on 25. August 2025 after 7 years by the president!!
ReplyDeleteමොකක් හරි නිව්ස් එකක් තියෙනවද එවිඩන්ස් වශයෙන්
Deleteඑක එක්කෙනාහට පෙනෙනා නේක හැටී
ReplyDeleteලියල තියෙන හැටි නියමයි, ගොඩක් වටී
එකඟ- එකඟ නැති අදහස් එකට ගැටී
තීරණ ගැනේවා - නිවැරදි මඟට වැටී
ස්තූතියි නිදි . කවි ලියන්න හිතෙන්නේ නැහැ . අපි සුනාමි කාලේ මොන ආණ්ඩුවද කියල බැලුවේ නැහැ මෙහෙ ඉඳන් උදව් කරන්න . ආධාර ගියේ දෙමල ප්‍රදේශ වලටද මුස්ලිම් පති වලටද කියල බැලුවේ නැහැ
Deleteඑන්න අපි ආයෙත් අනුරට රැවටෙමු.
ReplyDeleteRebuilding Sri Lanka අරමුදල් කලමණාකරණ කමිටුවේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
සෙසු සාමාජිකයන් ලෙස,
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන,
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,
ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,
එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,
බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,
LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරති
පුවතක්.
■ රටේ රාළගේ සටහන.
අනුරට තියන කෝකටත් තෛලය මේක තමයි.
මොවුන් සමඟ මේ දක්වා අනුර කරපු කිසිම ගනුදෙනුවක් රට හමුවේ විවෘත වෙලා නෑ.
අනුරගෙන් නීතියානුකූල නොවන විදිහට ස්කාගාර බලපත්‍රයක් ගත්ත කෙනත් මෙතන ඉන්නවා.
දුෂිත ෆ්ලග් ටොප් ගනුදෙනුව කරන්න හදලා ජනතාවගේ විරෝධය නිසා නැවත ඒක හකුලා ගත් සමාගමේ අයිතිකාරයත් මෙතන ඉන්නවා.
කිසිදු ප්‍රසම්පාදන ක්‍රමයක් අනුගමනය නොකර තමන්ගේ සමාගමට රජයේ කොන්ත්‍රාත් ගත්ත අය මෙතන ඉන්නවා.
දුෂිත කන්ටේනර් 323 ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ලවුන සමාගම්වල අයිතිකාරයෝ මෙතන ඉන්නවා.
මෙතන ඉන්න බහුතරය දූෂිත බිස්නස්කාරයෝ ටිකක්.
මෙතන නැත්තේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පමණයි.
අනුරගේ ව්‍යාපාරික යාලුවන්ගෙන් මෙතනට අඩු ධම්මික පෙරේරා විතරයි.
ඒ වෙනුවට DP ගේ ගෝලයෙක් ඉන්නවා.
ඔතන කිසි වැරැද්දක් නැහැ . එළිපිට දාල හරේන් නෙමෙන් කරන්න රාජපක්ෂ සංගමය වගේ
Deleteකන්ටේනර් කතාව ගැන මම කලිනුත් කියල තියනව . මහින්ද ගේ කාලෙත් , රනිල් ගේ කාලෙත් ගෝටා ගේ කාලෙත් එහෙම කන්ටේනර් එලියට දැම්ම රේගුවෙන් . මේක අර කස්ටම් එකෙන් අපි එලියට එනකොට (ගුවන් ගමන් වල ) declare කරන්න ඕනේ සහ නැති දොරටු දෙක වගේ . අපි කොළ එකෙන් එනවා . කොළඹ වරාය තදබද වුණාම එහෙම කරනවා . දැන් අපි ඔය ලන්ඩන් වලින් බදු එවනකොට කොලයක් පුරවනවා . ඒවල කෑම ජාති ආදිය විතරයි ඉලෙක්ට්‍රික් බඩු හෙම බැහැ . ඒවා ඔය 'කොළ පාට' එක වගේ එලියට දානවා . අනිත් රටවලින් (පළමු ලෝකයේ ඕස්ට්‍රේලියා වගේ ) . ඕක විපක්ෂය හොඳින් දන්නවා . එයලානේ බලයේ හිටිය . අලුත් ආණ්ඩුවේ එකෙක්වත් දන්නේ නැහැ . එහෙම ඔය 323 ආපු ගමන් ඇද්දේ එහෙම . දැන් ඒකෙන් වුනේ හැම මගුලම චෙක් කරනවා.හම එකටම බදු ගහනවා . උඹලා අන්තිමට කලේ ඒක . සාමාන්යෙන් බඩු එවන මැද පෙරදිග උන්ටත් කෙල වුනා ඒකෙන්
Deleteකෝටිගණන් හම්බකරලා උපයපු නැති සල්ලි බැංකුවල තියෙද්දී දුප්පත් මිනිහගේ කෙහෙල් කැන ගත්ත කාලකන්නි ආධාර කොල්ල නොකයි කියලා විශ්වාස කරන්නේ කොහොමද?
ReplyDeleteබලාගෙන ඉන්න . ආධාර හොරා ගත්ත කාලකන්නි ටික එළවලානේ තියෙන්නේ
Deleteඅනුර, මේ වැඩේ නවත්තන්න!
ReplyDeleteජනතා විමුක්ති පෙරමුණට මේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා.
ඔවුන් බලයට එන්න කළින් සෘජුවම ඒ ගුණාංග විවේචනය කළා.
දැන් ඔවුන් බලයට ඇවිල්ලා, මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, හිත උණුවෙන හැඟීම් නැත්තටම නැති කරන්න අනියමෙන් කටයුතු කරමින් ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණ තමයි ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලන පක්ෂය.
ඔවුන්ට දෙස්, විදෙස් ආයෝජන සහ වත්කම් රුපියල් බිලියන පනහකට වඩා ඇති.
නමුත් ඔවුන් ඉන් එක රුපියලක් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ.
ඉතාම ලෝභ, මනෝ ව්‍යාධියකින් පෙළෙන, බහිරවයෙක් වගේ ටිල්වින් සිල්වා ඒ නිධානය ආරක්ෂා කරනවා. ඔහු හරියට මට්ට කුණ්ඩලි කතාවේ එන අධින්න පුබ්බක සිටුවරයා වගෙයි.
ඔහුට කොච්චර සල්ලි තිබුණත් මදි.
ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් වුනත් දීලා පුරුද්දක් නැති, අනුන්ගෙන් ගන්න කැමති මිනිස්සු.
ඔවුන් ජීවිතේට එක රුපියලක් පිනට දීලා නැහැ. අනිත් මිනිස්සුන්ගෙන් එකතු කළා විතරයි.
ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් ජෙප්පෙක්ගෙන් රුපියලක් ගන්න බැහැ.
නමුත් දැන් ඔවුන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ.
ගංවතුර ඇවිත් මුල් දවස් දෙකේ ආණ්ඩුවේ කවුරුවත් එළියටවත් බැස්සේ නැහැ. ඔවුන් එහෙම සහකම්පනයක් තියෙන මිනිස්සු නෙවෙයි.
නමුත් රටේම මිනිස්සු එළියට ආවා. කෑම පැකට් හැදුවා. වියළි ආහාර ලොරි පිටින් එකතු කළා.
ඊටපස්සේ ආණ්ඩුවට විවේචන එල්ල වෙන්න ගත්තා.
ආණ්ඩුවේ මන්ත්‍රීලා, ඇමතිලා, පැලවත්තේ නියෝජිතයො එළියට බැස්සේ එතකොට. විවේචන නිසා.
හැබැයි මේ කවුරුවත් තමන්ගේ සතයක්වත්, අනිත් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න කැමති, පරිත්‍යාගශීලි මිනිස්සු නෙවෙයි.
ඔවුන් මොකක්ද කළේ ? ඉතාම තුච්ච විදියට, සංවිධානාත්මකව සාමාන්‍ය මිනිස්සුන්ගේ මහන්සිය හොරා කන්න පටන් ගත්තා.
● මුලින්ම ජගත් මනුවර්ණ දළදා මාලිගාවට පැනලා, මාලිගාවෙන් බත් පැකට් පැහැරගෙන, උගේ වැඩක් වගේ බෙදුවා.
● ඊළගට මාතර අර්කම් ඉල්ලියාස්, මාතර සාමාන්‍ය මිනිස්සු එකතු කරපු, මාතර සාමාන්‍ය මිනිස්සු පරිත්‍යාග කරපු බඩු තොගයක් රතු තරුවෙන් වගේ බදුල්ලට බෙදුවා.
● කළුතරින් සාමාන්‍ය මිනිස්සු එකතු කරපු බඩු තොගයක් ගම්පොළ රතු තරුවෙන් වගේ බෙදුවා.
● රට පුරා මිනිස්සු ලොරි වලට එකතු කරලා ගෙන එන බඩු දැන් රාජ්‍ය නිළධාරීන් හරහා පැලවත්ත නියෝජිතයන් භාරයට ගනිමින් සිටිනවා.
අහිංසක මිනිස්සු සංවිධානය වෙලා එකතු කරපු බඩු, තමන්ගේ වගේ බෙදන්න ජවිපෙ කටයුතු කරනවා.
● විශාලතම හොරකම සිදුවෙන්නේ යූත් එකේ. එතන ටොන් ගණනක බඩු තිබෙනවා. දැන් ජාතික තරුණ සේවා සභාවේ ඉන්න පැලවත්තේ නියෝජිතයො එතන භාණ්ඩ නිකුත් කරන්නේ පක්ෂයේ ඉල්ලීමට.
මේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ හොඳ හිතින් සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට පරිත්‍යාග කරපු බඩු. ආණ්ඩුවේ උන් ඇවිත් ව්‍යාපෘතිය බඩු එක්කම හයිජැක් කළා. සමාජ ජාලා ක්‍රියාකාරිකයො එතනින් එලෙව්වා.
Deleteදැන් ආණ්ඩුවේ ඇමතිලාගේ, මන්ත්‍රීලාගේ කෝල් එකට යූත් එකෙන් බඩු නිකුත් කරනවා. හමුදාවටවත් එතනින් බඩු නැහැ.
● අද උදෑසන විජිත හේරත්ගේ ඉල්ලීමකට ගම්පහ බෙදන්න යූත් එකෙන් භාණ්ඩ තොගයක් නිදහස් කෙරුණා.
● ජවිපෙ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, පැලවත්ත නියෝජිතයක් රට පුරා කොතන හෝ කුමන හෝ භාණ්ඩයක්, බත් පැකට් එකක් බෙදුවොත් ඒ ඔවුන්ගේ වැඩක් නෙවෙයි. උස්සපු බඩු තොගයක්.
මේක ඉතාම නරක, තුච්ච වැඩක් වෙන්නේ මේ මංකොල්ලය නිසා විතරක් නෙවෙයි.
මේවා දකින සාමාන්‍ය මිනිස්සු කලකිරෙනවා.
ඔවුන් තමන්ගේ පොකට්ටුව හිස් කර කර බඩු ගෙනිහින් දුන්නේ, තමන්ට ගොඩක් සල්ලි තියෙන නිසා නෙවෙයි.
අනිත් මිනිස්සුන්ගේ දුකේදී, කරදරයකදී ඔවුන්ගේ පපුව උණුවෙන නිසා.
තමන්ගේ ආහාර වේලක සල්ලි කැප කරලා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරපු මිනිස්සු හිටියා.
තමන්ගේ පිගි බෑන්ක් කඩලා ඒවයේ සල්ලි වලින් භාණ්ඩ පරිත්‍යාග කරපු පොඩි දරුවො හිටියා.
ණය වෙලා උදව් කරපු කොල්ලො කෙල්ලො හිටියා.
ඔවුන් කවුරුත් තමන්ගේ මුදලින්, තමන් පරිත්‍යාග කරපු බඩු ආණ්ඩුව දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නවාට කැමති නැහැ.
ඊලගට සිදුවෙන්නේ මේවා දකින මිනිස්සු පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කිරීම.
ඔවුන්ගේ මහන්සිය, සල්ලි නිර්ලජ්ජිත පැලවත්තේ තක්කඩි විසින් සොරා කනවා දකින ඔවුන් කලකිරෙනවා.
මේ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියපු ආණ්ඩුවක්. හැබැයි කළින් ආණ්ඩු මේ විදියට මිනිස්සු පරිත්‍යාග කරපු බඩු උස්සලා, තමන්ගේ ලාංඡන ගහලා බෙදුවේ නැහැ.
මේ වැඩේ නිසා අනාගතයේ මේ රටේ මිනිස්සු පිනට දෙන්න, පරිත්‍යාග කරන්න දෙපාරක් හිතාවි. මේ රටේ ලොකුම සම්පත මිනිස්සුන්ගේ හොඳ හිත. ඒක නැති කරන්න එපා.
ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ.
ඔය ජරා වැඩේ නවත්තපල්ලා
අහිංසක මිනිස්සුන්ට වතුර බෝතලයක් තමන්ගේ සල්ලි වලින් අරන් දෙන්න, හිත දෙන්නේ නැත්නම් පාඩුවේ ගෙවල් වලට වෙලා හිටපල්ලා.
මුල් දවස් දෙකේම, හැමදෙයක්ම කළේ සාමාන්‍ය මිනිස්සු.
ආණ්ඩුවක් හිටියේ නැහැ. දැනුත් මිනිස්සුන්ට ඉතුරු ටිකත් කරන්න පුලුවන්.
එකතු වෙන බඩු, භාණ්ඩ දැකලා දැන් ඒවට කෙල හල හලා මිනිස්සුන්ගේ හොඳ හිත කොල්ල කන්න එපා.
ඒවා මහ නරුම වැඩ.
ඒ වගේම මේ භාණ්ඩ එකතු කරන්න මුල් වුණු සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට, ගඟසිරිපුර පොඩි හාමුදුරුවො වැනි භික්ෂූන් වහන්සේලාට දැන් වගකීමක් තිබෙනවා.
කරුණාකර ඔබ විශ්වාස කරලා, මිනිස්සු ලබා දුන්නු බඩු, පහත් දේශපාලනය වෙනුවෙන් හොරකම් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබගේ විරෝධය මැද ඔබගේ මහන්සිය හොරකම් කරනවා නම් ඒ ගැන රටට කියන්න.
https://www.youtube.com/watch?v=Idj1gso7k0A
Deleteබොරු ලියන්න එපා බං . ඉල්ලියාස් කතාව නම් දන්නේ නැහැ . ඒක මමත් දැක්ක . අනිත් ඒවා නම් අමුලික බොරු . මෙහෙ ඉන්න ජෙප්පේ සහ මලිමවේ එවුන් තම වැඩිපුරම සල්ලි දාන්නේ . එකා පවුම් 500 වගේ ගණන් . ආණ්ඩුව මේක හදයි
Deletelankaenews.com/news/4880/en
Deletehttps://www.lankaenews.com/news/4882/en
Delete//● ඊළගට මාතර අර්කම් ඉල්ලියාස්, මාතර සාමාන්‍ය මිනිස්සු එකතු කරපු, මාතර සාමාන්‍ය මිනිස්සු පරිත්‍යාග කරපු බඩු තොගයක් රතු තරුවෙන් වගේ බදුල්ලට බෙදුවා.// මේක අමු බොරුවක් . මාතර රාහුල එකෙන් කියනව අන්න ඒ ගොල්ලෝ එකතු කරපුව තවම තියනව එලියට දාල නැහැ කියල . මේවා එයාගේ චන්ද දායකයෝ දීපුවා සහ රතු තරුවට ලැබුන ඒවා
Deleteවිපක්ෂේ එවුන් ගිහින් වලි දානව බඩු බෙදන එකට . හොඳ විඩියෝ එකක් https://www.youtube.com/watch?v=fqBadfThQXE
ReplyDeleteව්‍යාසනයට වගඋත්තරකරුවා ආණ්ඩුව නෙමෙයි.ස්වභාවික විපතක්. ඒ පිළිබද ලියන හෑලි නම් අපමනයි.විපතෙන් පසුව ඇතිවු පීඩාවන් සමනය කර ගැනීමට උදව් උපකාර කිරීමයි වැදගත්.
ReplyDeleteඔව් ඒක තමයි අවශ්‍ය . අපි බලන් ඉන්නේ ඒක හරියට වෙනවද කියා . පරණ වැරදි විධිහට හදපු නාය යන තැන්වල හදපු ගොඩ අනැගිලි වලට නැවත ඉඩ දෙන්න හොඳ නැහැ . ජල පෝෂක පහත බිම් වල අනවසරයෙන් හදපු ඔක්කොම දේවල් කලා ඉවත් කරන්න ඕනේ . අඩු සල්ලි වලින් හදපු කාපට් ගල වෙච්චි පාරවල් ආයි හරියට හදන්න ඕනේ. පිළිවෙලකට ඒ වැඩ කරන්නත් ඕනේ . කවුද විශ්ව විද්‍යාල මහාචාර්ය කෙනෙක් ඒ ගැන හොඳ ලිපියක් ලියල තිබ්බ . හොයා ගත්තොත් දමන්නම් . මම යාලු මිත්‍රයන් හරහා යන්න බැරි තැන වල ඉන්න අයට උදව් කරන එකයි කරන්නේ . ආණ්ඩුවේ අරමුදලට තව ම සල්ලි දැම්මේ නැහැ . ඒකටත් දානවා මේ අත්‍යශ්‍යම වැඩ ඉඅර වුනහම .
Deleteමේ කාලගුණ ව්‍යාසනය සහ ඒ සඳහා ගතහැකිව තිබූ ක්‍රියාමාර්ග ගැන ලියවුනු හොඳම ලිපියක්-
ReplyDeletehttps://economynext.com/sri-lankas-bizarre-cyclone-ditwah-that-stayed-and-stayed-and-rained-and-rained-251573/
SW
ස්තූතියි
Deleteආපදාවෙන් සතියකට පස්සෙත් දේශපාලන බෙදීමක් තියනවා. පූර්ව ආපදා සුදානම ගැන මොන චෝදනා ආවත් ආණ්ඩුව දැන් මේ ව්‍යසනයෙන් ගොඩයන එක ඒගොල්ලන්ගේ පාලනයට නතුකරගෙන තියනවා. ජනාධිපතිවරයා දැක්මකින් යුතු කතාවක් කරලා ඉක්මණින් කලයුතු සහන නිවේදනය කරා. දුෂණයෙන් තොර උගත් දේශපාලකයන්ගෙන් අපි බලාපොරොත්තුවෙන විනවිද භාවය, කාර්යක්ෂමතාවය සහ විද්‍යාත්මක චින්තනය ඔවුන් තුල තියනවා. ප්‍රතිසංස්කරණ වෙනදා වගේ නොවන ඒවා බලාපොරොත්තුවෙන්න පුළුවන්, නැවත පදිංචි කිරීමේදී ඔවුන් අනතුරුදායක ස්ථාන වලින් ඉවත් කිරීම. අවිධිමත් ගොඩනැගිලි ඉවත් කිරීම ඔවුන්ට කල හැකිවේවි.
ReplyDeleteපූර්ව අපදා යාන්ත්‍රනය විදිමත් කරන්නත් පුළුවන් වෙයි. 2020 (කොවිඩ් කාලයේ ) බුර්වී කියන සුලිකුනාටුව ලංකාවට ආවා.මේ වගේ ලොකු එකක් නෙමෙයි. හැබැයි පූර්ව සුදානම මෙයට වඩා දහස් ගුණයක මට්ටමේ තිබුනේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වෙලා මිනිසුන් 75000 අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරලා ඔවුන්ට අවශ්‍ය සහන සලස්වූවා. නිකන්ම අයින්වෙන්න කිව්වේ නැහැ. යන්න තැනක් , ආරක්ෂාවක්, කෑමබීම , සොයබලුවා. කුණාටුව උතුරු නැගෙනහිර මිමි 250 වර්ෂාවක් ඇතිකරලා ගියා. ගෙවල් 99 සම්පුර්ණයෙන් විනාශ වෙලා, 3500 අර්ධ වශයෙන් විනාශවුණා.මට හිතුනේ මේක තමයි අපිව පරික්ෂා කරේ කියලා.දෙවියෝ අපිට දුන්න simulation test එක.අපි එකෙන් සමත්.ඒක නිසා යාන්ත්‍රණයක් නැතිවෙන්න බැහැ , හොයන්න ඕනේ පූර්ව දැනුම් දීම හරියට වුනාද කියලා.කුණාටුවල සතිගනනකට පෙර දැනුවත්කිරීමක් නොකරත් ජනාධිපතිතුමාට හොයන්න පුළුවන්, ඉතා කෙටි දැනුම් දීමකින් ක්‍රියාත්මකවෙනවද කියලා.
ඕකට මට කෙනෙක් කිව්වා (නම කියන්න බැහැ ) 2020 හිටිය කෙනා ප්‍රොෆෙෂනල් . ඊට පස්සේ දාපු අය එහෙම නැහැ කියල . විශේෂයෙන් අනුර දාපු කෙනා. //.කුණාටුවල සතිගනනකට පෙර දැනුවත්කිරීමක් නොකරත් ජනාධිපතිතුමාට හොයන්න පුළුවන්,// මෙතැන තමා ප්‍රශ්නේ . අනුර හුඟක් වෙලාවට ගන්නේ ඒ ඒ නිලධාරීන් ගේ අදහස් . ඔවුන් දැනුම් දුන්නේ නැත්නම් දන්නේ නැහැ . චන්ද්‍රික යටතේ ආපදා එක තිබ්බේ ජනාධිපති යටතේ . ආපහු ගන්න වෙනවා එයාගේ යටතට
Deleteනොවැ 23 වෙනිද හවස 4:00 ට ලංකාවෙ Met එක පලමු වරට කියනව low pressure area එකක් හැදෙනව කියල. 25 වෙනිද උදේ 5:30 ට ආයෙම කියනව low pressure එකක් හැදෙනව කියල. ඊට පස්සෙ 25 වෙනිද හවස 3:45 ට Red warning එකක් දෙනව low pressure නිසා තද වැසි මිමී 150 කියල.
DeleteLow pressure එකක් නිසා තද වැසි ඇති වෙන්න පුලුවන්. Cyclone තියෙන්න ඕනෙම නෑ. මේ ගැන මහාචාර්‍ය සරත් විජේරත්න කියන්නෙ වායු අවපීඩන දෙකක් නිසා fujiwara effect එකක් ඇතිවෙලා තියෙනව 25 -27 කාලයේ. ඒ මගින් තද වැසි ඇතිඋනා කියල.
ලංකාවෙ කාලගුනය පුරෝකතනය සදහා ECMWF කියන nerical weather prediction මොඩලය 2018 ඉදන් භාවිතා කරනව. මේකට අදාල ආයතනයේ නම ECMWF ( European Center for Medium Range Weather Forecast) තියෙන්නෙ Reading වල.
UK Met සහ BBC දෙකම ECMWF පාවිච්චි කරනව සහ මට මෑතක මුන ගැහුන UKMET එකේ Chief Forecaster Paul Davies (he is retired now). ඔහු කීවෙ UK Met එක ECMWF එකට අමතරව වෙනත් numerical models පාවිච්චි කරන බව. පෝල් කීවා එම තාක්ශනය ලංකාවට දෙන්න පුලුවන් වග. අපි UK වලින් ඉල්ලන්න ඕනෙ මෙන්න මේවා.
ඒ නිසා අපේ මෙට් එකට බැරි උනේ ඇයි කියන එක අපි වෙනම හොයමු. නමුත් BBC එක කියන්නෙ UK Met එකෙන් දෙන ඒවා. මිලි 500 දක්වා යන්න පුලුවන් කියන්නෙ එයාල ඒක දැකපු නිසා. එහෙම එකක් කියන්න Cyclone එකක් තියෙන්න ඕනෙම නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම එකක් එයාල අපිට නොකීවෙ ඇයි කියන එක? ඒකට protocol හදන්න ඕනෙ කියල
මට හිතෙනව.
කොහොමත් මම 27 වෙනිද උදේම GLOFAS පද්දතියෙන් දැක්කා ලංකාවෙ බොහොමයක් ගගවල් උතුරල යන්න නියමිතයි 28 වෙනිදට කියල. මම දැනුම් දීමක් කලා දෙන්නෙකුට. එයාල මේකෙ බරපතල බව දැකල නෑ වගේ. ඒ පිංතූරෙ දාන්නම්.
GLOFAS එකෙනුත් මේ prediction වෙලා තියෙනව. මම Irrigation එකේ ප්‍රදානියෙකුට වසරකට කලින් ලීවා අපි ලංකාවට GLOFAS එක අදුන්නල දෙමු කියල. ඔහු ඒකට දුන්නෙ අපිත් ඒවගේ ඒවා කරනව ඒ නිසා ඕනෙ නෑ කියල. ඔහු අනුරගෙ ලගම කෙනෙක්
වෙලා පත්වීමක් ගත්තා. He is an Engimeer. නරක කෙනෙක් නෙවේ. ලංකාවෙ රජයේ අය හිතන විදිය ඔහොම තමා.
මේ ආන්ඩුව අනුන්ගෙ පව් තමන්ගෙ කර ගන්නව. පරන ආන්ඩු තමා ලංකාවෙ ආපදා කලමනාකරනය සහ කාලගුනය දුර්වල කලේ. ගෝට නැතිම කලා. ඉතින් NPP එක කියන්න ඕනෙ ඒක.
NPP එක කල වරද තමා මම ඇතුලුව සමහර අය මේක කීවා මේ ආන්ඩුවට. එයාල මේක priority එකක් නොවේ කියල බහා තියපු එක.
ශ්‍රිමාල් සමන්සිරි (රිසර්ච් ෆෙලෝ)
+++
ReplyDelete+++++++++++++++++
Deleteආණ්ඩුව දැනට හොඳ විදියට වැඩේ කරනවා කියල තමා මට නම් හිතෙන්නේ .. මේ ආණ්ඩුවට කිසිම දෙයක් නොකර ඉන්න හෝ කරන්න බැරි වෙන්න හේතුවක් නැහැ .
ReplyDeleteමට හැබැයි ඔය අසරණ වෙච්ච මිනිස්සු ගැන දැනුන හැඟීම ගැන මම පොඩ්ඩක් හිතල බැලුවා . අර කවුද ලොක්කෙක් ඒ දවස් වල (JR ලොක්කාද ) කිව්වා වගේ තමන්ගේ ආරක්ශාව තමන් බලා ගන්න ඕනේ කියන සරල දේ ගොඩක් අසරණ වෙච්ච මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා .
ඒ වැරැද්ද ආණ්ඩුවේද
ආණ්ඩුව හරියට ආපදාව ගැන ඉව්වේ නැහැ කියනවනේ . මම නම් කියන්නේ ආණ්ඩුව දැනන් හිටියෙත් නැහැ . කාලගුණ දෙපර්තමෙන්තු භාවිතා කරන මොඩලය නෙමේලු යුකේ වල (bbc හෙම ) පාවිච්චි කරන්නේ , ඒවා හදන්න වෙනවා
Deleteමේ අවස්තාවේ රටට සිදුවුන විපත ගැන නොසිතා බොර දියේත් මාලු බාන්න උත්සාහ කරන සමහර කොටස් ගන හිතන කොට නම් පුදුමාකාර දුකක වගේම අප්පිරියාවක් ඇති වෙන්නේ. මෙතනදිත් ගොඩාක් අය උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබාගන්න මිසක් කරදරයට පත් උන අයට අස්වැසිල්ලක් වෙන්න නම් නෙමෙයි. හරිම නරකයි මෙහෙම වෙන එක කියලා තමා මගේ හැඟීම නම්...
ReplyDeleteඒක ඇත්ත . ආණ්ඩුව අල්ලන්නත් කතා යනව දැක්ක
Deleteහැබැයි ඉතින් කස්ටිය එකෙන්ම පොහොට්ටුවට හරි සජබෙට හරි ඡන්දය දීල තිබුනා නම් මෙහෙම විපතක් නොවන්නත් ඉඩ තිබුනා නේ...හ් 😝. මාලිමාව ආපු නිසානේ මේ ඔක්කෝම.. (මම නෙමෙයි කියන්නේ ඈ... ගම් වල ඉන්න ඔස්තාර්ලා ඈ .) 🙈
Delete