හැබැයි ලෙස්ටර් සංගීතය අරන් එනවා චිත්‍රපටියට කේමදාසයන් හරහා. ආරම්භයේදී පසුබිම් සංගීතය ඉතා ප්‍රබලයි. "මට මතක විධිහට ගොළු හදවතින් තුන්වෙනි යාමයට " කියන කැසට් පටියේ ඒ කොටස අහන්න පුළුවනි. විලී අබේනායක නිධානය තිබෙන තැන මුලින්ම බලන්නට යනවිට ඇති සංගීතය බෙර වාදන සමග සම්මිශ්‍රණය වූ එකක්. ටිකක පුස්කොළ පොත් කතා , බෙර වාදන එකට ගත්තම අර ගුප්ත ගතිය සිතේ ඇති කරවනවා. ඒ කියන්නේ ලෙස්ටර් සෞන්දර්යය පැත්ත අමතක කරලා නැහැයි කියන එක. නමුත් ලෙස්ටර් ඒක ගන්නේ හයිඩගර් කියන විධිහටම විලී අබේනායක තම මුහුණ දෙන දෙමුහුන් යථාර්තය උලුප්පා පෙන්වන්න. කොටින්ම ඔක්සිමොරෝන් එකක් විධිහට. මම ඇත්තටම කැමතියි කවුරු හරි ලැකානියානු මනෝ විශ්ලේෂණයක් (Psychoanalysis) හරහා මේ චිත්‍රපටය ගැන කියවීමක් කරනවා නම්. (එහෙම කරලා තියනවද දන්නේ නැහැ)/ ඒ කියන්නේ හැත්තෑව දශකයේ සිමියෝටික්ස්, අපරේටස් තියරි (Apparatus theory) (ඒ කියන්නේ සිනමාව ස්වභාවිකවම සංකල්පික හා මතවාදීය යන අදහස) ආදිය උපයෝගී කරගෙන සහ ඉන් පසු දශක වල ජැකලින් රෝස් ආදීන්ගේ අදහස් (අතුරුදහන් වූ ආශාවේ අරමුණ) උපයෝගී කරගෙන කරන විචාරයක්. මට ඒ පිළිබඳව දැනුම අඩු නිසා ඒ ගැන කතා කරන්න කැමති නැහැ. කාට හරි කරන්න පුළුවන් නම් හොඳයි. ************************** මෙතැනින් එම කතාවේ අවසානය එළැඹෙනවා. තවත් අදහස් දෙකක් කියන්න කැමැතියි මෙන්න මේ සම්බන්ධව. මම හුඟක් කැමති (එයා ලියන පොත් වලට වැඩියෙන්ම ) මහාචාර්ය වරයෙක් ලියනවා චිත්‍රපටයක් ගැන කරන එක්තරා විචාරයකදී, "එයා මේ විචාරය කරන්නේ බසාන් , ජිජෙක්, චිචෙක්, ලැකාන් වැනි කෙනෙක් ඇසුරින් නොවේය". එයා චිත්‍රපට පිස්සෙක් වශයෙන් ය කියල. හැබැයි මෙතැන සියුම්ව කරන පහරදීමකුත් තියනවා කියල හිතෙනවා එවැනි චිත්‍රපට විචාර කරන අය කෙරෙහි. උදාහරණයක් වශයෙන් දිප්තිලා වගේ අයට මම හිතන්නේ . මේ මහාචාර්යතුමා අමෙරිකා එක්සත් ජනපදයේත් ඉගෙන ගත් අයෙක්. ඇත්තම කියනවා නම් එයාට ඒ රටවල් වලට නොගිහින්ම ලංකාවේම ඉන්න තිබ්බ නේ. එහේ ගිහිල්ල මොකට ඉගෙන ගත්තද? ඇත්තටම මෙවැනි මහාචාර්ය වරුන්ගෙන් අපි අපේක්ෂා කරන්නෙම අපි නොදන්න දේ, අපිට නොපෙනන සියුම් දේ, වෙනත් රටවල සංවර්ධනය වුනු අදහස්, වෙනත් චින්තකයන් ගේ අදහස් ඔවුන් ගේ ලිපි මගින් , කතා මගින් අපට පැහැදිලි කරලා දෙයි කියලනේ. නැත්ද මං අහන්නේ.ඒ වෙනුවට අපිට වෙලා තියෙන්නේ දීප්ති ලා වගේ විශ්ව විද්‍යාල වල ගිහින් ඉගෙන ගත්තේ නැති අයගේ ඒව කියවන්න. ඒ යයි බලාගෙන ගියහම ඒ දැනුම අරන් එන්නේ. මොකද මහාචාර්ය වුනහම ඒ ගොල්ලෝ කියන්නේ අපිට නාථ දෙයියෝ අදහන්න, නැත්නම් අර හිටපු ජනාධිපති කෙනක් දෙවියෙක් වෙලාය එයට වැඳුම් පිදුම් කරන්න , එහෙමත් නැතිනම් අපිට ඔය චින්තකයෝ වැඩක් නැහැ. චිත්‍රපටි පිස්සෙක් වගේ මම කියන දේ අහන්න. මහාචාර්ය වරුන්ට ලංකාවේදී ඉනා බේත් වගේ මොනවා හරි කවනවද ? (හැබැයි ඒ ලිපියේ ඉතිරිය නම් හොඳයි. එම චිත්‍රපටය ගැන හොඳ විචාරයක් හම්බවුනොත් කියවන්න) දෙවෙනි එක තමයි, මේකත් බුකියේ දැක්ක දෙයක්. කෙනෙක් අහනව හිට්ලර් ගැන කතා කරන්න එපා කියන වමේ බුවාලා හෙම හයිඩගර් වගේ අය කියපු දේවල් ගැන කතා කරනවා. ඇයි එතකොට හයිඩගර් නාසි හිතවාදියෙක් නොවෙයිද කියල. ඔව් ඒක ඇත්ත. හයිඩගර් ට එහෙම ප්‍රශ්නයක් තිබුන. නාසි වාදියෙක් සහ ෆ්‍රිද්බර්ග් විශ්ව විද්‍යාලයේ කුලපතිත් වුණා. ප්‍රංශ හමුදා පරීක්ෂණයක් කරලා, හයිඩගර් ට අපහු උගන්වන්න අවසර දුන්න. මේ කතාව කියල තියෙන්නේ මට පේන්නේ "බයියෝ" නමින් ලංකාවේ හඳුන්වන ජන කොට්ඨාශයේ කෙනෙක් කියල. මොකද අර හිට්ලර් ප්‍රශ්නය එතනට අදාල නිසා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට අකමැති කෙනෙක් ගමු. (උදාහරණයක් වශයෙන් ඔය ටොයියෝ කියල හඳුන්වන ජන කොට්ඨාශයෙන් කෙනෙක් ) . ඉතින් ඔය ටොයිය කැමති වුනත් නැතත් මහින්ද සමයේ හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න එපැයි. ඇත්තම කියනවා නම් ගාල්ලට විනාඩි 45කින් යන්න පුළුවන්නේ. ඉතින් මහින්දට අකමැතියි කියා නොයා ඉන්නවයි? නැහැනේ. අපි කැමති වුනත් නැතත් හයිඩගර් කියපු දේ අපෙයි කියල ගන්න බැහැනේ. කලාව හෝ යම් දෙයක් ගැන හයිඩගර් කියපු දේ කොතැනක හරි එයාගේ කියල ලියවිලා නම් තියෙන්නේ අපිට ඒකට අයිතිවාසිකම් කියන්න බැහැ. හයිඩගර් තමයි කිව්වේ කියල ඒ අයිතිය දීල තමයි භාවිතා කරන්න වෙන්නේ. තව උදාහරණයක් ගත්තොත් කොළඹ කුණු ඇළවල් පිරිසිදු කරලා, බෝට්ටු යන්න හදල ඒ පැත්ත ලස්සන කරලා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මය හිටපු කාලේ එයාගේ උපදේශකත්වයෙන් නේ. අපි ඒක පිළි ගන්න ඕනේ. දේශපාලකයෙකු වශයෙන් අපි ගෝඨාභයට කැමතිද නැත්ද හෝ ගෝඨාභය නාසිද නැත්ද කියන එක එතනට අදාල වෙන්නේ නැහැනේ. අනික දියත උයනට ටොයියොත් යනවනේ. ****************** ප.ලි : (උපුටා ගැනීමකි.) https://media.edusites.co.uk/article/film-theory-and-language/ Apparatus Film Theory ‘Apparatus’ is another word for the means in which a specific production is created. In the case of film / cinema, the film projector and the screen. Apparatus Theory is a model of spectatorship and institutions. It argues that cinema is ideological (based on ideas) because the films are created to represent reality. This means that because film is created to illustrate different ideas, everything has meaning - from the camerawork to the editing. It argues that ideology is not imposed on cinema, but is part of its nature (through the viewer) and it shapes how we think. Apparatus theory was dominant in the 1970s (following the 1960s where psychoanalytical theories and debates were very popular) and is derived from a combination of Marxist theory, semiotics and psychoanalysis. In film theory, the idea is that representation must include the mechanics of film, for example the camera and editing. The production of meaning in a film text, the way a text constructs a viewing subject and the mechanics of making a film all affect the representation of the subject. This theory is that the central position of the spectator/ viewer within the perspective of the text is also ideological - it is a reproduced reality and the experience of cinema influences the viewer on a deep level. This problematic theory is best explored in Jean-Louis Baudry’s work. Firstly, the idea that inactive viewers (the common people, or Marx’s ‘proletariat’) are unable to differentiate between the world of film / illusion and the real world is seen in the Hypodermic Needle Theory (see FilmEdu’s Understanding Audience). Also that viewers of film misidentify their identities with those on the screen (the characters), which makes them sensitive to ideological positioning.