පෙසපේ පුබුදු ජයගොඩ වගේම ජවිපෙ ත් අදානි දාන්න හදන සුළං බලාගාරයට විරුද්ධව කතා කරන නිසා මට දැන ගන්න අවශ්ය වුනා එයාලගේ ස්ථාවරය සහ විරුද්ධ වෙනවට අමතරව එයාල යෝජනා කරන්නේ මොකක්ද කියල දැන ගන්න . මේක ජවිපෙ බහුතරයක් ඉන්න වට්සැප් ගෘප් එකක් ඇහුව. කවුරුත් පිළිතුරක් දුන්නේ නැහැ. වෙන තැනක් ලින්ක් එකක් හොයන්න ඇහුවම පරල වෙලා. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ගෝටා දුන් බව හෙලි වෙලා ඉවරයි. ඒකට ගෝටා ට දඬුවම් කරමු. එයා එලවන ප්රොජෙක්ට් එකේ නේ හැමෝම ඉන්නේ. රනිලුත් එලවමු. අවුලක් නැහැ. අදානි ගේ ප්රොජෙක්ට් එක ලංකාවට ගේන එක හොඳ නැත්ද ?
මේ වෙලාවේ ඩොලර් නැහැ බෙහෙත් වලට, කන්න බොන්න ගන්න මුදල් නැහැ. රටේ අපනයන අදායම දෙන ගාමන්ට් ඇතුළු කර්මාන්ත කරගෙන යන්න වත් විදුලිය නැහැ. තෙල් නැව් එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව කොහොමත් දැන් අත දාලා ඉවරයි.
අදානි ගේ ප්රොජෙක්ට් එක ගත්තොත් ඒකෙන් අවශ්ය ය කරන ඩොලර් ටිකක් හම්බ වෙනවා. රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ඒකෙන්. විදුලිය එක පාරටම ලැබෙන්නේ නැහැ. මාස ගානක් යනවා තමයි. නමුත් ලංකාවට සල්ලි නැහැ හදන්න. ඉන්දියාවට බැරිනම් රුසියාවට කීවත් කමක් නැහැ . රුසියාව කීව ගමන් ඇවිලෙන පැත්තක් තියෙන නිසා ඒකත් අමාරුයි. ඇමෙරිකාව එන්නේ නැහැ දැන්ම. චීනේ සල්ලි දෙන්න බැහැ කියනව. එහෙම නැත්නම් ඔය කියන පක්ෂ දෙක 43 සේනාංකයේ කට්ටියත් එක්ක එකතු වෙලා බලය අතට ගන්න නොපමාව. මොකද තනියම ඔය කාටවත් බලයට එන්න බැරි සයිස් එකක් තියෙන්නේ කියල පේනවනේ දැනට.
මේ ප්රශ්න වලට කවුරු හරි පිළිතුරු දන්නවද?
අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද? (පිළිතුරු ඉන්බොක්ස් කලත් කමක් නැහැ.)
මම අහපු ප්‍රශ්න වලට විදුලි ඉංජිනේරුවකු වන බුද්ධික විජේවර්ධන මහතා පිළිතුරු දීල තිබුනා. ඒ මහතාට ස්තුතියි.
ඒකෙන් තව ප්‍රශ්න ටිකක් මතු වුනා.
මේ මම අහපු ප්‍රශ්න:
//අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද?//
මේ ඔහුගේ පිලිතුරු
//
අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් තරල නැහැ. මේක unsolicited proposal එකක් විදියට හෝ නැතිනම් G to G proposal එකක් හැටියට එන්නෙ. තරඟකාරීත්වයක් නැතිව මේවගේ විශාල පරිමාණයේ ව්‍යාපෘතියක් දෙන්න විදුලිබල පනතෙන් ප්‍රතිපාදන නැති නිසයි පනත සංශෝදනය කරන්න ඕන වෙලා තියෙන්නෙ. මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.
දැනට wind power unit එකක production cost එක ඉන්දියාවෙ නම් INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැහැදිලිවටම industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.//
මගේ පිළිතුර :
මේ කමෙන්ට් දෙකටම ස්තූතියි . අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා නැහැ කියල දැනුයි දැන ගත්තේ. G to G proposal අමුතු දේවල් නෙමෙයි නේ.
// මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.// මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ - (සමාවෙන්න මේක ලියනවට. මගේ යහළුවෝ කිහප දෙනෙකුත් CEB ඉන්නවා.) ටෙන්ඩර් අවශ්‍ය තැනත් සමාගම් පිහිටුවන් ඉන්න CEB ඉංජිනේරුවෝ සහ බිස්නස් යහළුවන්ට ඒ ටෙන්ඩර් වලට අයැදුම් කරන්න කියල එයාලට ප්‍රමුඛතාව දෙනවා කියන චෝදනාව. එතැනත් දුෂණ වෙලා තියෙනවා කියන එක තමා ඔය කිහිප දෙනෙක්ම පහල කියන්නේ.
//INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැ// මේක තමයි මම හොයා හොයා හිටියේ, එතකොට අදානිට දෙන්නේ වැඩි ගානට. එතකොට ඔයා දන්නවද ඩිසල් බලාගාර වලට ගෙවන මුදල?
ඔයා දන්නවද ඩිසල් බලාගාර වලින් ඒකකයක් ගන්න ගාන , මේ තියෙන්නේ ඩිසල් තියෙන කාලේ 2020 ඒකකයකට ගෙවල තියෙනවා රුපියල් 40 වගේ . මේ දිවයින වාර්තාවක්.
//2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත// එක සමාගමකට පමණක් .
දැන් ඩිසල් ගණන් නිසා තුන් ගුණයක් විතර මේ ගාන වැඩි වෙන්න ඕනේ නේ .
එතකොට අදානි USD cents 7.55 කට ගන්නවා කියන්නේ ඩොලරයකට රුපියල් 357 ගානෙ ගත්තත් රුපියල් 27යි. ඒ කියන්නේ ඩිසල් 2020 දී ගත්ත ගානටත් වඩා අදානිත් අඩුයි.
// industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.// ඒ කියන්නේ පැහැදිලිවම industry standard එක වගේ තුන් ගුණයක මිලක් ඩීසල් බලාගාරවලට ගෙවනවා. දැන් කියන්න බලන්න කාටද මේ ඩිසල් බලාගාර වැඩිපුරම අයිති කියල. විගණනයක් කරලා බලමුද?
ඊළඟ පොයින්ට් එක තමා - ඉන්දියාව ඔය ක්‍රෙඩිට් ලයින් එක දීලා තියෙන්නේ නිකන් නෙමේ. පෙනෙන්නේ නිකන් වගේ. මොකද ලංකාවට ඩොලර් සංචිත නැහැ. වෙන රටක් තියා IMF එක දෙන්නෙත් නැහැ. ඉන්දියාව තෙල් ගන්න පවා සල්ලි දෙනවා. අපට ඒකට ගෙවන්න බැහැ කියල ඉන්දීයාව දන්නවා. ඒත් දෙනවා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ . අදානිට ලාභයක් යනව. (බුද්ධික ගේ පිළිතුරට අනුව ඒක පැහැදිලියි) ඒ කියන්නේ BJP පක්ෂයට චන්දෙ ඉල්ලන්න මුදල් ලැබෙනවා.. රනිල බැදුම්කර වික්ක වගේ එජාපයට චන්ද වලට දාන්න, ඒක ඉන්දියාව පැත්තෙන් පට්ට දුෂිතයි. රාහුල ගාන්ධි හරි. ඉතින් අපට මොකද? ඉන්දියාව ඔයිට වැඩිය කැත වැඩ ලංකාවට කරලා තියෙන එකේ . මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු ජිවත් කරවන්න නම් මේ තෙල් ටිකයි ඉන්දියන් කෑම ටිකයි ඕනේ නැත්ද? මේ ක්‍රෙඩිට් ලයින් එකටත් දැන් කෙලවේගන යනවා නේද? මේක තමා මගේ සිම්පල් ප්‍රශ්නේ. මොකද මට අවුලක් නැහැ. මම ඉන්නේ එංගලන්තේ.
ඉතා ඉක්මනින් ලංකාවේ රජය සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතු බව තමා මට හිතෙන්නේ.
මේ ඩිල් එකට කෙලින්ම විරුද්ධ 43 සේනාංකය, ජවිපෙ සහ පෙසප ත් අනිකුත් අයත් එකතු වෙලා රජයක් පිහිටුවන්න.
පහල මගේ වෝල් එකේ අනිකුත් මත ඇති.
-අජිත් ධර්මකීර්ති
අනිකුත් මත
විදුලිබල මාෆියාව
⛔මන්නාරම සහ පුනරීන් වල මෙගාවොට් 500 බැගින් වූ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න යනවා.
😊 ඉතිං හොඳයිනෙ.
⛔ ඔව්. සුළං බලයෙන් විදුලිය නිපදවන එක හොඳයි. දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලිබලාගාරයක් තියෙනවා මන්නාරමේ. ඒකෙ නම් තම්බපන්නී. ඒකෙන් මෙගාවොට් 100 ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරනවා.
😮එහෙනම් ඇයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රටම අඳුරෙ තියන්න හැදුවෙ.
⛔ ලංකාවේ නීතිය අනුව මෙගා වොට් 25 ට වැඩි විදුලි බලාගාරයක් හදනවනම් ඒකට ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුළුවන් කෙනාට තමයි ඒ ව්‍යාපෘතිය භාර දෙන්න ඕන.
😮 ඉතිං දැන් එහෙම නෙමෙයිද ඔය අදානි සමාගමට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ.
⛔ නෑ. ටෙන්ඩර් කැඳවීමක් කරනවා වෙනුවට විදුලිබල පනත වෙනස් කරන එක තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ කරේ. දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානි සමාගමට වැඩේ භාරදෙන්න පුළුවන්. ඒ පනත වෙනස් කරන එකට එරෙහිව තමයි විදුලි සේවකයො වර්ජනය කරේ. ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකටවිදුලිය සපයන්න පුළුවන් අයට ව්‍යාපෘති භාරදෙන්න පුළුවන් විදියට පනත වෙනස් කරන්න කියලා තමයි වෘත්තීය සමිතිවල ඉල්ලීම වුනේ.
😮 එතකොට දැන් ඔය අදානි සමාගම විදුලිය සපයන්න එකඟ වෙලා තියෙන්නෙ අඩු මිලකට නෙමෙයිද ?
⛔ දැනට ලංකා විදුලිබල මණ්ඩලයට අයිති මන්නාරමේ තියෙන තම්බපණ්නි විදුලි බලාගාරය මගින් සුළං බලයෙන් නිපදවන විදුඉ ඒකකයක පිරිවැය ඩොලර් ශත තුනකටත් වඩා අඩුයි. ඒක මෙගාවොට් 100 ක බලාගාරයක්. අදානි සමාගමට භාරදෙන්න යන්නෙ මෙගාවොට් 500 ක ධාරිතාවයක් තියෙන බලාගාරයක් හදන්න. සාමාන්‍යයෙන් ධාරිතාවය වැඩියෙන් නිපදවද්දි පිරිවැය අඩුවෙනවනෙ. ඒත් අදානි සමාගම එකඟ වෙලා තියෙන්නෙ ඩොලර ශත 755 කට විදුලි ඒකකයක් සපයන්න.
😌 හැබැයි මේ වෙලාවෙ විදේශ ආයෝජන ඕන නේද ? අපිට ඩොලර් ඕන නේද ?
⛔ ඔව් මේ ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය වසර 30 ක ව්‍යාපෘතියක්. මේ සඳහා ආයෝජනය කරන මුදල ඔවුන් වසර 03 කින් උපයගන්න බලාපොරොත්තු වෙන්වා. ඒ කියන්නෙ ඉතුරු අවුරුදු 27 පුරාවටම ඔවුන් අපේ රටෙන් ඒ වගේ විශාල ගුණයක ඩොලර් එළියට අරගෙන යනවා.
😮 කවුද මේ අදානි සමාගම ?
⛔ අදානි සමාගම තමයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යොදවන්නෙ. මෝදි අගමැතිඋනාටපස්සෙ 2018 දී ඉන්දියවේ ගුවන් තොටුපොළවල් 06 ක් පෞද්ගලීකරණය කරන්න තීරණය කරනවා. ඒ ගුවන් තොටුපොළවල් 06 ම මිලදී ගන්නෙ අදානි සමාගම. ඒ වගේම අදානි සමාගම තමයි දැනට ඉන්දියාවෙ ඉන්න විශාලතම පෞද්ගලික වරාය මෙහෙයුම්කරුවා. ඒ වගේම විශාලතම ගල් අඟුරු බලශක්ති සැපයුම්කරුවා. මෝදි අගමැති වූවායින් පසුව අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානිගේ දළ වත්කම් 230% කින් ඉහළ ගොස් තිබෙන අතර, ඇමරිකන් ඩොලර් බිලියන 26 ක පමණ රජයේ ව්‍යාපෘති ඔහු විසින් ලබාගෙන තිබෙනවා. කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්න ගියෙත් මේ අදානි සමාගමටම තමයි.
😮 ඒ කියන්නෙ මෙතන වෙන මොකක් හරි ගේමක් තියෙනවා
⛔ ඔව්. පසුගිය කාලෙ ඉන්දියාව දිගටම ලංකාවට ණයට තෙල් දුන්නා. ඒ අපට ආදරේට නෙමෙයි. ඔවුන් මේ අර්බුදය හරහා ලංකාවේ බලශක්තිය පිළිබඳ ඒකාධිකාරී බලය ඉන්දියාවට ලබාගන්න හදන්නෙ. ඒ හරහා ඉදිරියේදී එන ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් පාලනය කරන්න ඉන්දියාවට බලයක් ලැබෙනවා. ලංකාවේ දැන් ඉන්න ගෝඨා, රනිල් පාලකයන්ට ඒවා වැඩක් නෑ. ඔවුන්ට ඕන මේ වෙලාවේ බලය තමන්ගෙ අතේ තියාගන්න විතරයි.
- රොෂාන් අක්මීමන
ලංකාව සතු ජලය, ගල් අඟුරු සහ සුළං විදුලි උත්පාදන බලාගාර මගින් විදුලි බලය සඳහා ඇති දෛනික ඉල්ලුම සැපයීමට බැරි අවස්ථාවක මෙවැනි විදෙස් ව්‍යාපෘතියක් ඉතා වැදගත් වන්නේ ලංකාවේ රජයට හෝ සමාගමකට මෙවැන්නක් ඉදිකිරීමට කිසිසේත්ම මුදල් නොමැති නිසයි.
නමුත් මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනවා කියන එක නම් කෙලින් ම සිදු වෙන දෙයක් නොවේ. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර මෙන්ම මිනිස් ශ්‍රමය ද අදානි සමාගමට ඉන්දියාවෙන් ගෙන එන්නට හැකියි. ඒ කිසිවක් ලංකාවට ඩොලර් ලැබීමක් නොවේ.
දේශීයව මිලට ගන්නා භාණ්ඩ සඳහා සහ දේශීය ශ්‍රමය සඳහා රුපියල් වලින් ගෙවීමට අදානි සමාගමට ඩොලර් හෝ ඉන්දියානු රුපියල් ලංකාවට ගෙන ඒමට සිදු වෙනු ඇති. නමුත් ඒ සඳහා අදානි සමාගම ලංකාවේ බැංකුවකින් ණයක් ගත්තොත් පුදුම වෙන්න එපා. එය කළ හැකියි.
මට හිතෙන විදිහට මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනු ඇත්තේ අනියම් ආකාරයටයි. එනම් මෙම විදුලි බලාගාරය නිපදවා එයින් උත්පාදනය කරන විදුලිය ජාතික බෙදාහැරීමේ පද්ධතියට එකතු කළ විට අද කෙරෙන ඩීසල් පිච්චීම අවශ්‍ය නොවෙන නිසා සිදුවන ඉතිරියයි.
නමුත් ඒ ඩීසල් විදුලි බලාගාර ද තනිකරම වසා දැමීමට හැකි වෙතැයි මා සිතන්නේ නෑ එයට හේතුව සුළං බලාගාරය බිඳ වැටීමක් හෝ උත්පාදන කරන ජවයේ අඩුවීමක් හෝ සිදුවුණු විට ප්‍රයෝජනයට ගැනීම සඳහා තබාගත යුතු බැවිනි.
- රසික සුරිය ආරච්චි
Thilak Hettiarachchi
තමන්ට ජනතාව අතර බෙදාහරින්න මාතෘකාවක් ලැබෙනවා නම් මෙයාලාට ඒක තමයි වැදගත්. රටට බලශක්තිය ගන්න වෙනත් උපක්‍රම හෝ ක්‍රියාමාර්ග ඇහුවොත් දෙසා බානවා අර සාම්ප්‍රදායික ටෙන්ඩර් පටිපාටි කතන්දරය. නමුත් ටෙන්ඩර් දාන උන් ඩීසල් මාෆියාව එක්ක එකතුවෙලා ගහන ගේම දැන් නිරුවත් වෙලා ඉවරයි නේ. එහෙම ටෙන්ඩර් දාන්න කියනවා නම් සුරැකුම් විදිහට ටෙන්ඩර් වටිනාකමින් ආපසු ගෙවන වත්කමක් හැටියට අවම 35% විතර තැන්පත් කරන්න කිව්වොත් එකෙක් දාන්නෙ නෑ ටෙන්ඩර්. අනික බංකොළොත් රටක ව්‍යාපෘති කරන්න එයිද කිසි කෙනෙක් වෙනත් යටි අරමුණු නැතුව. යටි අරමුණු අපිට උවමනා විදියට කළමනාකරණය කරගන්නයි ඕනේ. නැත්නම් ඉතින් හැමදාම 120/130 විතර අරගෙන 20 විකුණලා වැඩ කරන උන්ට අහස උසට පඩිත් ගෙවලා මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රමයට යමු. එතකොට සනීපයි නේ ඔය තියන අමාරු.
Ajith Priyankara
මචං අජිත්දැන් අපි නොබැඳි පිළිවෙතක් නෙමේ අනුගමනය කරන්නේ, ගැති පිළිවෙතක්, ඒකෙ අවසානය ukraine අර්බුදය වගේ, මහා ව්‍යසනයක් කරා යන්නත් පුළුවන්, දැන් මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු විසිපහකට තිහකට ආසන්න ව බලය දෙපැත්තට දෝලනය වෙනවා රනිල් අගමැති 6 මහින්ද ජනාධිපති මහින්දගේ සහෝදරයෝ ජනාධිපති, කනගාටුයි කියන්න , කෝ අපේ රටේ තිබ්බ අර දේශීය නිෂ්පාදන ටික තුල්හිරිය vetex වැල්ලවත්ත රෙදි මෝලේ වානේ සංස්ථාව කඩදාසි කම්හල පැලවත්ත සීනි සමාගම තව ගොඩක් අමතකයි සාමාන්‍ය පවුල් ජීවිත ගැටගහ ගත්තෙ ඒවයින් මුන් සම්පූර්ණයෙන්ම රටේ ජනතාව විනාශ කරා, මම අර උඩින් දැම්ම පෝස්ට් එක මතක තියා ගනින් කවද හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ වකුගඩුවට මිල නියමකරනවා අනිවාර්යයි
Wmk Samarasekara
ටෙංඩර් කරනවා කියන්නෙ හොඳ එකක්. ඒකෙ තර්කයක් නෑ. නමුත් අපේ රටේ උන් ඒක අල කරනන්නෙ මෙහෙමයි. උන් ටෙංඩර් කීපයක්ම දාල අර නියම ටෙංඩර් කරු මකල දානව. උන් මේ වැඩේ කරන්නෙත් නෑ. කරන එකාට කරන්න ඉඩ දෙන්නෙත් නෑ.
ඇණයා රාජවිපක්ෂ
සාමාන්‍යෙයන් ලංකාවේ පලදායී නැති රජයේ විධායක නිළධාරීන් ගේ (පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති) ස්තාවරය තමයි ජවිපේ ස්තාවරය, විදුලි ඉංජිනේර්වෝ එක්ක වැඩ කරලා අත්දැකීම් නෑ, වාරිමාර්ග ඉංජිනේර්වෝ ගැන දන්නවා, ජිවිතේටම අවුරුදු දෙකක් පන දාගෙන වැඩ කරනවා ඊට පස්සේ පඩ අර අර බුදියගන්නවා, ලංකාවේ ජල කළමණාකරණ ප්‍රතිපත්තියක් හදන්න ලොකුම බාධාව ඔවුන් තමයි.
කෘෂිකර්මයට බාවිත කරන ජලයට ප්මාරණය අනුව බදු අයකල යුතුයි, එය කිරීමට ප්‍රධාන බාදාව රජය වතුර බහු ජාතික සමාගම් වලට විකුනනවා කියා ගොවීන් අවුලවන ඉංජිනේරුවන්,