Sunday 5 June 2016

අයිත්මාතව් හැඬවූ ගම්ලතුන් ගේ ශෝකාන්තය

ගුරුගීතය චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ උපාලි ගම්ලත් මහතා විසිනි. එය නිෂ්පාදනය කිරීමේදී ඉමහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය.  නේපාලයේ, ඉන්දියාවේ හා රුසියාවේ එය රූගත කළ බව වෙළඳ ප්‍රචාරණ වල සඳහන් විය. රොෂාන්  රවීන්ද්‍රගේ (දුයිෂෙන්) හා කල්පනී ජයසිංහ (අල්තිනායි) ගේ රඟපෑම් විශිෂ්ඨය. එහෙත් කිසියම් අන්දමක මළානික බවක් (මෙලන්කොලියක්) චිත්‍රපටිය බැලීමෙන් පසු මසිතේ සටහන් විය.

චිත්‍රපටිය නරඹා එද්දී අපි ඒ ගැන අදහස් හුවමාරු කර ගත්තමු. මගේ බිරිඳගේ අදහස වූයේ එය කලාත්මක බැවින් උසස් බව මුත් එය  "පළමු ගුරුතුමා - පියෙර්වී උචිතියෙල්" නමැති කෘතිය කිසියම් ආසියාතික අදහසකින් ඉදිරිපත් කර ඇති බවත්ය.  ඇය එම ග්‍රන්ථය හඳුනාගෙන තිබුනේ දේශපාලනික එකක් හැටියටය. එයට හේතුව චින්ගීස් අයිත්මාතව් පොත ලියුවේද සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ කර්තව්‍යයට ආධාර පිණිස බව අන්තර්ජාලයේ විචාර වල අවධාරණය කර ඇති නිසාය.

 මගේ වැඩිමහල් දියණිය පැවසුවේ  චිත්‍රපටියේ අධ්‍යක්ෂක පොතට මෙන්ම ඉහත සඳහන් කළ නළු නිලි දෙපල ටද සාධාරණයක් ඉටු කර නොමැති බවයි. මටද තරමක්
දුරට එයට එකඟ වන්නට හැකි විය. උක්ත නළු නිළි දෙපලගේ රංගන හැකියාවන්
තුලින් මිට වඩා ප්‍රබල ලෙස කතාව ඉදිරිපත් කළ හැකිව තිබුණු බව සිතේ. ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට ප්‍රශ්න  බොහොමයක් ඇති බවත් රටවල් තුනක් පමණ සම්බන්ධ කරමින් චිත්‍රපටියක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් මා ඇයට  පැවසීමි.

 වයසින් ළාබාල මගේ දෙවෙනි දියණියට තිබුනේ වෙනත් ප්‍රශ්නයකි. "අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද " යන්න ඇගේ ප්‍රශ්නය විය.  අල්තිනායි පැහැර   ගෙන ගොස් බලෙන් අඹු කමට ගත්  දිනට පසු හඬා වැළපීම ඔවුන්ට සාධාරනීකරණය කළ හැකි වුනත් චිත්‍රපටිය පුරා  ගලා යන ඇයගේ හැඩීම ශෝකාලාපයක් බවට පෙරලී  ඇති බවට ඔවුන්ගේ අදහසට මට ද එකඟ නොවී සිටීමට නොහැකිය.

සම්මාන දිනූ වාර්තා චිත්‍රපටයකින් සිනමාකරණයට පිවිසෙන උපාලි ගම්ලතුන්ගේ මේ කුළුඳුල්  වෑයම අප අගය කළ යුතුය. විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.  චිත්‍රපටියේ ඉතා ප්‍රබල දර්ශන කිහිපයක්ම තිබේ. අල්තීනා ගේ අකාරුණික නැන්දනිය ලෙස රඟපාන නිළියගේ රඟපෑම සහය නිළියක වශයෙන් විශිෂ්ඨය. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා ගේ රඟපෑම බොහෝවිට ඉතා ආධුනික විලාසයක් ගනී. මෙවන් චරිත කිහිපයක්ම තිබෙන අතර ඒ රඟපෑම් නළු නිළියන්ගේ නොහැකියාවන් ටත්  වඩා අධ්‍යක්ෂක වරයාගේ නොසැලකිලිමත් වීම යයි සිතේ.

චිත්‍රපටියේ ආරම්භය ශ්‍රී ලංකාවේ දී රූප ගත කර ඇත. මුල් පොතේ දැක්වෙන පරිදි අල්තිනායි ගේ ගමට පැමිණෙන එම ගමේම උපන් ප්‍රසිද්ධ සිත්තරා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ අසේල නමැති පියානෝ වාදකයෙකි. දර්ශනවාදය පිලිබඳ මොස්කව් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක වන අල්තිනා සුලෙයිමානොවා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ සංගීත ගුරුවරියකි.  මේ වෙනස්කම් ප්‍රශ්නයක් නැත. පොතේ විධිහටම
කතාව ලියන්නට අවශ්‍යද නැත. නමුත් ශ්‍රී ලංකාවේ  කතාවෙන් එක්වරම පරණ රුසියාවේ දර්ශනයකට කතාව පිවිසෙයි. පසුව නැවතත් වර්තමානය ලංකාවේ ලෙස වෙනස් වේ.  එහි සංගීත පාසලේ අධ්‍යක්ෂක ලැප්ටොප් පරිගණකයක් වසනු රූප රාමුවක දැක්වෙතියි මගේ දියණිය පැවසුවාය.

එසේම පරණ ගල් අඟුරු දුම්රියේ කොන්දොස්තර ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉන්දියාවේ සිටි කොන්දොස්තර වරයෙකුගේ නිල ඇඳුමෙන් සැරසී සිටියේය. අල්තිනායි දුම්රිය පළේදී හමුවන අනිත් සිසුන් අසල නවීන වර්ගයේ ඇඳුම්  ගෙනියන බෑග තිබුණි. පැරණි රුසියාවේ දුප්පත් මිනිසුන් බඩු  ගෙනිච්චේ බැඳගත් පෙට්ටි වලය.

මේ කොටස් සියල්ල මදක් ව්‍යාකුල සහගතය.  ලංකාවේ සිදුවන ආකාරයට ලිව්වා නම් නාමයන් සියල්ල එසේ වෙනස් කල හැකිව තිබුණි. හයිබ්‍රිඩ් වර්ගයේ ලංකාවේ නම් සහිත වර්තමානයකුත් රුසියානු නම් සහිත අතීතයකුත් කතාවේ නිර්මාණය කර තිබේ.

චිත්‍රපටියේ තැන්  කිහිපයකම අල්තිනායි හඬන්නීය.  මුල් කතාවේ එවන් තැන්  දෙක තුනක්  තිබුනද පැය  එකහමාරක සිනමා නිර්මාණයකට  ඒ සියල්ල අවශ්‍ය  නැත. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩිය. එයින්ම මේ කතාව, ප්‍රේමයේ වියෝගය,  විරහ වේදනාව,  සුන්දර එහෙත් අමතක කරන ලද ආසියානු ආදර කතාවක්  බවට අධ්‍යක්ෂක වරයා පරිවර්තනය කර තිබේ.  ඒ අනුව සංගීත අධ්‍යක්ෂක වරයා විසින් යෙදූ  ඉතා පියකරු කිර්ගිසියානු පන්නයේ ගීතය වෙනුවට වික්ටර් රත්නායක ගේ "දෛවයෝගයකින් නොවේදෝ" ගීතය පසුබිම් ගායනයට වඩාත් ගැලපේ. නෝ මෝර් මාක්ස් නමැති බ්ලොග්කරු ලාංකීය සමාජයේ පසුගාමීත්වය යනුවන් අදහස් කළේ මේ පරිවර්තන කරන ලද කතාව විය යුතුය.  ලංකාවේ ඒ දිනවල පළවූ "කුමරි" පත්‍රය හා "තරුණයා " පත්‍රය කියවන ප්‍රේමවන්තයන් ඉලක්ක කොටගත් කෙටි කතා හා නවකතා වල මේ හැඩිම්, වැළපීම් නම් සුලබය.

මාත් මෙවැනි කතා කිහිපයක්ම මගේ බ්ලොගයේ මේ දිනවල ලියන්නේ අනිවාර්යයෙන්ම ඒවා හිට් වේ යයි සිතමිනි.

මා දන්නා අයිත්මාතව් ගේ ගුරු ගීතය ලිව්වේ 1962 දීය (ලෙනින් ත්‍යාගය ලැබුණු) . ඒද ලෙනින් විප්ලවය කර බොහෝ කලකට පසුය.  අයිත්මාතව් ගේ පියා, ටොර්කුල් විප්ලවයට තම දිවිය කැප කළ මුල් කොමියුනිස්ට් වාදියෙකි.  ටොර්කුල් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස ඉතා පසුගාමී කිර්ගිස්ථානයේ දියුණුවට වැඩ කරද්දී  ස්ටාලින් ගේ දරුණු එන්කවද රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ "සුළු ධනේෂ්වර ජාතිවාදියෙකු" ලෙස චෝදනා කරමිනි. 1937 දී "ද්‍රෝහියෙකු" ලෙස බොරුවට හංවඩු ගසා ඔහුව මරා දැමිණි.

ඔහුගේ පියාට ආදරය කළ මිනිසුන් චින්ගීස් පුතා අනාථ කලේ නැත. අයිත්මාතව්, කෘෂෙව් ගේ ප්‍රතිසංසස් කරණ කාලයේදී සියලු "ස්ටාලින්ගේ ද්‍රෝහීන් හා පවුල් " පුනරුත්ථාපනය කිරීමෙන් පසු  මොස්කව් ගෝර්කි සාහිත්‍ය විශ්ව විද්‍යාල මණ්ඩපයට ඇතුලත් වුනි.

තමන්ගේ ජිවිතයේ අඳුරු කාලය  සෝවියට් ක්‍රමයේ වරදක් නොව මිනිසුන් ගේ ස්වභාවික හැසිරීමේ වරදක් ලෙස දුටු අයිත්මාතව් සෝවියට් හා කිර්ගිස් සමාජයේ දුර්වලතා, මිනිසුන්ගේ දෝෂ සහගත හැසිරීම් සෝවියට් ක්‍රමයේ ප්‍රගමනයේදී වෙනස් වනු  ඇති  බවට අවංකවම විශ්වාස කළේය.  ගුරු ගීතය ඒ විශ්වාසය මතම ලියූ කතාවකි.

"පළමු ගුරුවරයා " ලෙස චින්ගීස්  නම් කල කතාවේ දුයිෂෙන් වැඩි උගත්තකු නොවූවත් කොමියුනිස්ට් පක්ෂයේ නියෝගය පිළිපැද ගමට අධ්‍යාපනය ගෙන දීමට පැමිණි තරුණ කොම්සොමෝල් (කොමියුනිස්ට් සංගමය) සාමාජිකයෙකි,  හෙවත් චින්ගිස් ගේ පියා  මෙන් "මුල් කොමියුනිස්ට් කාරයෙකි".

අල්තිනායි ඔහුව අමතක නොකළාය. ප්‍රථම වතාවට නැවත දුයිෂෙන් බලන්නට ගමට පැමිණි ඇයට පොප්ලර් ගස් දෙක බලා සැනහෙන්නට වෙයි. දුයිෂෙන් සෝවියට් දේශය බේරා ගැනීමට යුද්ධයට ගොස්ය.

වරෙක ඇය හදිසි දම්වැල ඇද දුම්රියක් මග නවත්තා දුයිෂෙන් වැන්නකු සොයා දිව ගියාය. යුදයෙන් නැතිවූවන් සොයන්නියක ලෙස මිනිසුන් ඇයට අනුකම්පා කළහ.

කුරුකෙව් ගමේ අලුත් පාසැල විවෘත කිරීමට අර ගමේ උපන් පරසිඳු (කතාව කියන) සිත්තරා  මෙන්ම මොස්කව් වලින් මහාචාර්යවරිය අල්තිනායි ද ගමේ පක්ෂ කවුන්සිලයේ ආරාධනාවට අනුව  පැමිණෙයි. කවුදෝ දුයිෂෙන් ගැන උපහාසයෙන් කතා කරයි. නව සෝවියට් ගම්වැසියන් දුයිෂෙන් ගේ මුල් දිනයේ මෙන්ම ඔහුට උපහාසයෙන් සිනාසෙති.  ගමේ ප්‍රාදේශීය සභා සභාපති, පක්ෂ ලේකම් සිටින රැස්වීමට පැමිණෙන "තැපැල් කරු " දුයිෂෙන් ලියුම් බෙදයි. අවාසනාවකට මේ දුයිෂෙන් අර "දුයිෂෙන්" මය. ලේකම් වරයා ඔහුට ඇතුලට ඒමට ඇරයුම් කරතත් ඔහු වඩා වැදගත් ලියුම් බෙදීමට යයි. සෝවියට් රජයෙන් දෙන මේ අලුත් පාසැල විවෘත කිරීමට, එදා සියලු බාධක මධ්‍යයේ ගමට පැමිණි පළමු ගුරුවරයාට ආරාධනා කිරීමට කිසිවෙකුට මතක් නොවෙයි. පසු කාලින සෝවියට් නිලධාරීන්  "මුල් විප්ලව කරුවන් " අමතක කලේ එසේය.

කොටින්ම අල්තිනායි පවා තම ගුරුවරයා පිළිගන්නට එළියට  ගියේ නැත. අවසානයේ මොස්කව් යන ඇය තම සිතේ ඇතිවන වරදකාරී හැඟීමෙන් බේරෙන්නට සිත්තරාට ලිපියක් ලියන්නිය.  ගම්ලත්ට හසු නොවුනේ මේ සත්‍යයය.  අයිත්මාතව් දිගින් දිගටම ලිව්වේද ඒ ගැනය. 1988 පෙරෙස්ට්‍රොයිකා කාලයේ කිර්ගිස් සමාජයේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන නවකතාවක් ද ඔහු ලිවිය.

උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ඇතැම් ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි.  වර්තමාන (ජවිපෙ) පරපුර ඔයාකාරයේ   ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය.



අයිත්මාතව් මිය ගිය දින ගාඩියන් පුවත්පතේ ලිපිය:
https://www.theguardian.com/books/2008/jul/15/culture.obituaries

68 comments:

  1. මෙය තිබුනේ වෙබ් අඩවියකය ;

    පේරාදෙණියේ සිසු දෙපළක් රුසියානු නවකථාවක් වූ ගුරු ගීතය ඇසුරින් නාට්‍යයක් නිපදවන්නට මුහුරත් උළෙලක් පැවැත්වූ දිනයේ අයිත්මාතව්ගේ රුසියානු කතාව සිංහල වේදිකාවට ගෙන එන්නට තිබූ මුහුරතෙහි ප්‍රධාන ආරාධිතයා අත්තනායක එම්. හේරත්,සර් විය. ඔහු එදා පහත කරුණු කීවේ මගේ කණ්වලට ඇසෙන්නට ය.

    "මේ කතාව, ඒ කියන්නෙ විංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතය නවකතාව කියවපු අපේ කාලෙ හැම කොල්ලෙක්ටම ඕන වුණා දුයිෂෙන් කෙනෙක් වෙන්න. හැම කෙල්ලෙක්ටම ඕන වුණා අල්තීනායි කෙනෙක් වෙන්න. හැමෝගෙම අත්පොතක් වුණා වින්ගීස් අයිත්මාතව්ගෙ ගුරුගීතය!"

    මේක එදාටත් වඩා අදට ගැලපෙනව. අද ළමයි කැම්පස් එන්න කලින් ගමේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට වැඳල ඇවිත් ආපහු හැරෙන්නෙ ඒ ගොල්ලන්ට පයින් ගහන්න බලාගෙන. මේ ගුරු ගීතය ඒකට හොඳ උත්තරයක් දෙනව. නගරයට ගිහින් මහාචාර්යවරියක් වෙලා ගමට එන අල්තීනායි සුලෙයිමානොවා හොයනව දුයිෂෙන් ගුරුතුමා ව. ඔහු ඒ වෙනකොට ලියුම් බෙදනව. ඉස්කෝලෙටත් ලියුම් බෙදල යන්න ගිහිල්ල. අල්තීනායි මහාචාර්යවරිය දුවල ගිහින් එක්ක එනව තමන්ගෙ ගුරුතුමා වුණු දුයිෂෙන්ව. ඒ කරල ඉන්දනව මුල් පුටුවෙ. මෙන්න ගුරුතුමනි ඔබට හිමි තැන කියල"

    චින්ගීස් අයිත්මාතව් වින්ගීස් වී තිබුණේත්, අල්තීනායිට කරන්නට හමුවන්නට නොහැකි වුණු දුයිෂෙන් මුල්පුටුවේ හිඳුවා තිබුණේත් අත්තනායක සර් ය. සභාවේ කිසිදු හාහෝවක් නොවූයේ වෙනත් බොහෝ ආචාර්යවරුන් මෙන්ම සිසු පිරිස් ද ගුරු ගීතය අතින්වත් අල්ලා නොතිබූ හෙයිනි!

    චිංගීස් (විංගීස් නොවේ!) අයිත්මාතව්ගේ ගුරු ගීතයේ අල්තීනායිට දුයිෂෙන් මග හැරෙන්නේ පහත දැක්වෙන පරිදි ය.

    .....අස්ථිර ලෙස හිස එසවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවේලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේ ය.
    "මම එයාට එන්න කිවුවා. ලියුම් බෙදන්න තියෙනවය කියල එයා ගියා. "
    "ඔහෙ ගිහින් බෙදපුවාවෙ. නවත්තන්න උවමනා නැහැ. ... "
    - ගුරු ගීතය - 11 පිට -

    කිසිවක් නොකියවූ සභාවක් ඉදිරිපිට ඕනෑම බොරුවක් නොබියව කිව හැකි බව අත්තනායක සර්ලා දනී. ඕනෑම මොඩලයක් ඇත්ත කර පෙන්විය හැකි බව ද දනී. පේරාදෙණි සරසවියට වඩා 'දොරමඩලාව' සරසවියට ඔහු කැමති ඒක ය. මොඩල් පෙන්වන විට බලන්නට රටම හරි බරි ගැහෙයි. දොරමඩලාව සරසවියකැයි කියා හසන්ත කියූ විටම පිළිගන්නා ජනතාව සූරියප්පෙරුමලාගේ කියුම් කෙරුම් ආදිය සිහිකොට සාදුකාර දී අත්තනායක මොඩල් අසන්නට ගනියි.

    ReplyDelete
    Replies
    1. පේරදෙනි සරසවියට අත්තනායක එම්. හේරත්.... කොලඹ සරසවියට සරත් විජේසූරිය...

      Delete
    2. කතාව නොකියවපු කීප දෙනෙකුම "ඔය කතාව " මට කියල තියෙනවා.

      Delete
  2. //උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි. වර්තමාන පරපුර ඔයාකාරයේ ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය.//
    අජිත් මෙහෙම කියන්නෙ ඇයි කියල පොඩි පැහැදිලි කිරීමක් කරනවද....මේ ෆිල්ම් එකේ පරණ ගතියක් පේන්නෙ අන්තර්ගතයෙන්ද..ඉදිරිපත් කිරීමේ විලාශයෙන්ද..?

    උපාලි අපගේ මිතුරෙක්. ඔහු දක්ෂයෙක්. ඒත් ඔබේ අදහස් කියෙව්වම උපාලි අසාර්ථක වෙලාදෝ හිතුණා.
    රුසියාවේ අත්දැකීම් ඇති ඔබට මෙය හොඳින් දැනෙනවා ඇති.
    අනෙක අපි දෙන්නම ෆිල්ම් දෙකක් ගැන ලියලා. ඒත් අපේ පාඨකයො වගේම බ්ලොග්කරුවොත් ෆිල්ම් ගැන ඒ තරම් උනන්දුවක් නැද්දෝ කියා හිතුණා.

    ReplyDelete
    Replies
    1. //උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි.// ටිකක් ආවේගී පැත්තට බර වෙන්න කරලා තියනවා. ඉදිරිපත් කිරීමේ විලාසය ගොඩක් ලස්සන ආදර කතාවකට සමානයි.උපාලි දක්ෂයෙක් කීම ගැන විවාදයක් නැහැ. ලංකාවට ඔබින්න චිතරපටිය ගහල තියනවා. ඔයාගේ ලිවීම කියෙව්ව. ඒක හොඳයි. චිත්‍රපටිය බලල නැති නිසා හරියට මුකුත් ලියන්න බැහැ.

      Delete
  3. මාත් ඔය මූවි එක නැරඹුවා. මට එහි වැදගත් ම කරුණ වුනේ ලංකාවේ සමහරුන් මැරෙන්න හදන ඔය ගුරු ගීතය කියන පොත මා කියවා නැති නිසයි.

    චිත්‍රපටය ගැන මට කියන්නට තියෙන්නේ ඔබ කියා ඇති දෙයට සමාන දෙයක්. රැසියාවේ දර්ශන ඇති යැයි මා සිතන්නේ නෑ.

    මේ ගැන මා ලියුවේ, සිංහල බ්ලොග් ලෝකයට දුයිෂෙන් ගැන සඳහන් කරනට අවශ්‍ය වුණු නිසායි.

    https://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html

    චිත්‍රපටය ගැනත් පසුව ලියන්න සිතාගෙන හිටියත්, පොත කියවා ම ලියනවා ද, නොකියවා ලියනවා ද කියන ප්‍රශ්නය තවම විසඳා ගන්න බැරිවුණා!

    ReplyDelete
    Replies
    1. පොත කියවලම ලියන්න. ඉංග්‍රීසි එක එවන්නද?

      Delete
    2. ලංකාවෙ තියෙන්නෙ සංක්ශිප්ත පරිවර්තනයක් කියලා එකක් නේද?

      Delete
    3. ගුරු ගීතය මට Gone with the wind, To kill a mockingbird වගේ තමයි. බොහෝ දෙනා කතා කරනවා අසා තියනවා. ඒ ගැන ලියූ දේ කියවා තියනවා. පොත දැක තියනවා. ඕනෙනම් කියවා තියන ලෙස bluff කරගෙන ටිකක් දුරට යන්නත් පුලුවන්. ඒත් මං කියවලා නෑ. :-D

      Delete
  4. Replies
    1. ගුරු ගීතය පොත කියවන්න.

      Delete
  5. පිච්චර් එක තාම බලල නැති හංද පක්ෂව හෝ විපක්සව අදහසක් කියන්න උත්සාහ ගන්නෙ නෑ නමුත් ඔබ ඔය ියන තරම් දොෂ තිබේ නම් ඒ ෆිල්ම් එකට හිතපු තරං ප්‍රතිචාර හම්බෙයිද එයින් අපට වින්දනයක් ලැබේද කියන විචිකිච්චාව ඇතිවුණා..

    උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි. වර්තමාන පරපුර ඔයාකාරයේ ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය///

    සබාවේ මහ හඬින් සිනා

    ReplyDelete
    Replies
    1. //පිච්චර් එක තාම බලල නැති හංද පක්ෂව හෝ විපක්සව අදහසක් කියන්න උත්සාහ ගන්නෙ නෑ නමුත් ඔබ ඔය ියන තරම් දොෂ තිබේ නම් ඒ ෆිල්ම් එකට හිතපු තරං ප්‍රතිචාර හම්බෙයිද එයින් අපට වින්දනයක් ලැබේද කියන විචිකිච්චාව ඇතිවුණා..// බලල නැත්නම් මෙහෙම කියන්නේ කොහොමද?
      // ඒ ෆිල්ම් එකට හිතපු තරං ප්‍රතිචාර හම්බෙයිද එයින් අපට වින්දනයක් ලැබේද කියන විචිකිච්චාව ඇතිවුණා//

      මේ තියෙන්නේ මම හේතුව ලියල.
      //මාත් මෙවැනි කතා කිහිපයක්ම මගේ බ්ලොගයේ මේ දිනවල ලියන්නේ අනිවාර්යයෙන්ම ඒවා හිට් වේ යයි සිතමිනි.
      //

      //සබාවේ මහ හඬින් සිනා// - ලංකාවේ ආසියාතික පසුගාමීත්වය.
      ඔය කියන විධිහට දුයිෂෙන් ව ගණන් ගත්ත නම් අර දැන් බ්ලොගක් ලියන සමන්ත විද්‍යාරත්න මහත් බදුල්ලේ මන්ත්‍රී වෙන්න එපැයි. අන්න නියම දුයිෂෙන් කෙනෙක්. නමුත් මිනිස්සු චන්දෙ දුන්නද? ඔන්න ඕකයි වෙන්නේ. අයිත්මාතව් කියන්නෙත් ඕකමයි. මුල් කොමියුනිස්ට් කාරයෝ එළවල පස්සේ ආපු එවුන් රජවුණා.

      Delete
    2. මම කියන්න දහස් කලේ ජවිපෙ අලුත් කට්ටිය හෝ පෙඑරටුගාමී සමාජවාදී ඉන්න කට්ටිය හෝ පෙරටුගාමී හෝ අලුතෙන් වමට හැරෙන තරුණ පිරිස් ගුරු ගීතය ඔය විධිහට කියවන එකක් නැහැ කියල.

      Delete
    3. අයිත්මාතව්ගෙ ‘‘සමුගනිමු ගුල්සාරි‘‘, ‘‘සුදු නැව‘‘ වගේ නවකතාත් මේ ඛේදනීය තත්වය තදින්ම හිතට දැනෙන විදියට කතා කරනවා.

      Delete
    4. එයාගේ ගොඩක් කට්වල එයාගේ ගම ගැන කියවෙනවා. නමුත් අනඟි දුයිෂෙන් කතාව ශෝකාන්තයක් නෙමෙයි. ඒක ජයග්‍රහණයේ කතාවක්. දුයිෂෙන් පැරදුනේ නැහැ.

      Delete
  6. // "අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද " යන්න ඇගේ ප්‍රශ්නය විය //

    කලින් ම කිවුව එක හොඳයි...

    මොකටද සල්ලි දීලා අඬනවා බලන්නේ.....

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බලන්න පුළුවන්. කලාත්මකයි. අස්සයා පිටේ එන ඒවා හෙම ලස්සනට අරන් තියනවා.

      Delete
    2. // අස්සයා පිටේ එන ඒවා හෙම ලස්සනට අරන් තියනවා.//

      එහෙනම් අහන්න දෙයක් නැහැ.....නාමල් ගේ රත්තරන් අස්සයා වෙන්න ඇති!

      Delete
    3. මේකෙන් මගේ philistineභාවය හෙලිවෙනවා, ඒත් කියල දාන්නම්. මං වඩා ආසවෙයි X-men Apocalypse ට . එක හේතුවක් කොමික් පොත් තාමත් කියවන එක. අනික අඬන සීන් වැඩියි කිව්වහම soap opera ටෙලිඩ්‍රාමා බහුතරය මතක්වුනා.


      පියාඹන අස්සයා මත්තලට බාන සීන් එකත් තියනවා ස රස. :-D


      Delete
  7. අද ගුරු ගීතයට හිමි තැන කලකට පෙර හිමිව තිබුණේ අම්මා නවකතාවටය.හොඳ වෙලාවට අම්මා කතාවෙන් සිංහල චිත්‍රපටයක් හැදුනේ නැත.

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය වැරදියට කියව ගැනීමක් නම් හැමෝම කරලා තියනවා.

      Delete
  8. චිත්‍රපටිය බලන්නේ නැතුව යමක් කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. අර ලංකා ඊ නිව්ස් කතාවට මොකද කියන්නේ.
      //මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.
      එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.// ඔන්න දන්නා කෙනෙක් ගෙන් ඇහුවා?

      Delete
  9. මම කැමතිවුනේ අල්තිනායිට නොවේ ජමිලාටයි.

    ReplyDelete
    Replies
    1. ජමිලා ලස්සන කතාව. අල්තිනායි අන්තිමට ලිව්වේ වරදකාරී හැඟීමකින් කියල මටත් හිතෙන්නේ.

      Delete
  10. අවුරුදු පහකට විතර පස්සේ (ලව් කරපු කාලෙන් පස්සේ) ෆිල්ම් හෝල් එකකට ගිහින් ගිය මාසේ හරි කලින් මාසේ හරි ෆිල්ම් එකක් බැලුවා...
    Jungle Book ඇනිමේසම...
    ඒක බැලුවෙත් පොඩි එකා ආස වෙයි කියල හිතලා, හැබැයි අන්තිමට උනේ ඒකා ෆිල්ම් හෝල් එකේ කළුවරේ එහෙ මෙහෙ දුවද්දී අනිත් අයට කරදර නොවෙන්න එයා පස්සෙන් දුවන්න උනා, වෙලාවට කල්පනා කරලා අයිනේ සීට් බුක් කලේ...

    ඔය ෆිල්ම් එක බලන්න වෙන්නේ නැහැ, ඒ වගේම පොත මට ඉතිරි කරලා තියෙන මතකයට මම කැමතියි...

    ReplyDelete
    Replies
    1. පොත හොඳයි. චිත්‍රපටිය නරක නැහැ. මේ ලියල තියෙන්නේ මම දකින විධිහ.

      Delete
  11. // "අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද " යන්න ඇගේ ප්‍රශ්නය විය //

    කලින් ම කිවුව එක හොඳයි...

    මොකටද සල්ලි දීලා අඬනවා බලන්නේ..... X 2 :)

    ReplyDelete
    Replies
    1. නැහැ. ෆිල්ම් එක බලන්න. නැත්නම් මම කියන්නේ ඇත්තද කියල ඔයා දන්නේ නැහැනේ.

      Delete
    2. හෙල බොග් කලාවේ දීප්තිමත් තරුව වන අප සුමිතුරු අජ්ජා මහතා කිසිදින බොරු නොකියන බව අපට විස්වාසය!

      Delete
    3. සරසා තරම්ම බොරු කියන්නේ නැහැ.

      Delete
    4. I swear to pull the tooth, the whole tooth and nothing but the tooth.

      Delete
  12. මමත් බලන්න ආශාවෙන් ඉන්න චිත්‍රපටියක්.

    අතීත ගුරු ගීතයයි, වර්තමාන දුයිෂෙන් භූමිකාවකුයි සම්බන්ධ කරල නිර්මාණය වුණු ඇහි පිල්ලමක් යට ටෙලි නාට්‍යය මං ආශාවෙන් බැලුව ටෙලියක්... සම්පූර්ණ නාට්‍යයම යු ටියුබ් තියෙනවා. කැමති කෙනෙක් බලන්න.

    https://www.youtube.com/watch?v=26ibh7T4NUY

    ReplyDelete
    Replies
    1. "මිනිසුන්ට ඇස් තියෙනවා. " මිනිසුන්ට පේනවා ඒත් දකින්නේ නැහැ "

      Delete
  13. මම මේ චිත්‍රපටිය නැරඹුවේ නැහැ. හබැයි කොටස් 10 කින් යුත් රුසියානු චිත්‍රපටිය ඊයේ ( 5 වනදා ) බැළුවා. සිංහල චිත්‍රපටිය බලලම කතා කරමු.

    ReplyDelete
  14. දුවට කියන්න තිබුනේ "දුවේ මේක සමාන්තර විශ්වයක සිදුවූ කතාවක්" කියලා :D
    ඉස්සර ස්වර්ණවාහිනී නාලිකාවෙත් ඔය විස්තර කල ශෛලියෙම ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය කලා. එහිදී ජේන් අයර්, සෝං ඔෆ් මියුසික්, වැනි කතා ආශ්‍රයෙන් ඔය ආකාරයේම ටෙලිනාට්‍ය කෙරුනා. ඒවායේ විශේෂත්වය තමයි මුල් කතාවේ පසුබිම් සංස්කෘතිය වෙනුවට වෙනත් සංස්කෘති කිහිපයක් ආදේශ කිරීම සහ මුල් කතාව පදනමවූ කාලය වෙනුවට වෙනත් කාලවකවානු ආදේශ කිරීම. උදාහරණයක් හැටියට රැලි ගවුම් ඇඳි කාන්තාවක් අශ්ව කරත්යක නැගී පරිගණක සහිත බැංකුවකට ඇතුළුවන දර්ශනයක් යම් තැනක ඇතුලත්කල හැකියි. මේක මොකක්හරි ශෛලියක් වියහැකියි.
    මේක රොමාගේ වාසනාව වගේ අනුවර්තනයකට වඩා වෙනස් ක්‍රමයක්.
    නමුත් මටනම් ඒ ශෛලිය ඇල්ලුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. අර රිවොල්වින්ග් ඩොර්ස් ෆිල්ම් එක ඒ වගේ එකක්. එතකොට කොරියන් චිත්‍රපටිය 2046. නමුත් මෙතන උපාලි මහතා කොටස් දෙක ප්ලග් කරන තැන් ගිලිහිලා වගේ ගතියක් දැනෙනවා.

      Delete
  15. මං පත්තිනි බලන්න ආසවෙන් හිටිය. බුකියෙ දැක්ක ඒකට බැනල, වැඩක් නෑ කියපු විචාරයක්.
    මේක බලන්න හිත හිත හිටිය, දැං මෙන්න පත්තු කරල.
    මේම කරන්න හොඳනෑ අජිත් අයියෙ.

    ReplyDelete
    Replies
    1. නංගි, බුකියේ ඒවා දැකලා පත්තිනි නොබලා ඉන්න එපා. බලන්න. මේක දැකලා ගුරු ගීතය නොබලා ඉන්න එපා. බලන්න. විවේචනයක හරි වැරැද්ද තේරුම් ගනන්වත් චිත්‍රපටිය බලලා ඉන්න ඕනේ. නැත්නම් ඒක අධ්‍යක්ෂක වරයට කරන අසාධාරණයක්. ඔයා බලලම තීරණය කරන්න.

      Delete
  16. https://www.youtube.com/watch?v=a7q-JJSQDpo

    Princess Sheherazade කියන කාටුන් එකෙත් ඔය වැඩේම කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. භාෂාව තේරෙන්නේ නැත.

      Delete
  17. කවදා කොහොම සිද්ධ වුණත්, පොතක් කියවීමෙන් අපගේ සිතේ මවා ගන්නා චිත්ත රූප සහිත චිත්‍රපටය, විවාහයකින් කෙලවර නොවූ ප්‍රේම කතාවක් වැනියි. එය සදා අනුස්මරනීයි. චිත්‍රපටයක් පොත ඇසුරෙන් නිර්මාණය වුණොත්, අර ප්‍රේමවන්තයාට හෝ ප්‍රේමවන්තියට ප්‍රපෝසල් එකකින් බඳින්න වුණා වගේ. බොහෝවිට රසවත් වෙන්නේ නෑ. මොකද මේක වෙනත් කෙනෙකුගේ හිතේ මැවුන චිත්ත රූපයක් නිසා. කළාතුරකින් රසවත් වෙන අවස්ථා තියෙනවා. මේ චිත්‍රපටයටත් එහෙමයි. පොත බලපු කෙනෙක් කළාතුරකින් කැමති වෙන්න පුලුවන්. මේක ගුරු ගීතයටත් සත්‍යයි. හඬනු මැන නිදහසටත් සත්‍යයි(Cry Freedom).
    අජිත්ගේ කථාවේ හැටියට කළා අධ්‍යක්ෂණයේ ගැටළුවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ මම පොතේ කතාවම යෙන්න ඕනේ කියල කියන්නේ නැහැ. නමුත් ඒ කටහ්ව ලිව්වා මුලික හේතුව වත් පැහැදිලි වෙන්න ඕනේ. අනික රටවල් දෙකක සම්බන්ධය හරියට තියෙන්නත් ඕනේ.

      Delete
  18. පොත කියෙව්වත් පොතේ මුඛය අර්ථය තමා තෙරුම් නොගන්නේ
    .

    ReplyDelete
  19. sudath kumarasinghe7 June 2016 at 14:37

    මට මතකයි දැදිගම රොද්රිගෝ ගෙ පරිවර්තනය කියවල විඳපු ආශ්වාදය. මුල් පරිවර්තනය නම් කරල තිබුනෙ පළමුවෙනි ගුරුවරයා ලෙසට. පසුව එය ගුරු ගීතය වුණා. පසු කාලෙකදි සෝවියට් දේශයෙදි මෙම චිත්‍රපටිය නැරඹුවා මතකයි под фак එකේදි. කලු සුදු වුණත් ඉතා විශිෂ්ඨ එකක්. මෑතකදි facebook post එකක් හරහා නැවතත් බලන්න ලැබුණා. සිංහළ පිටපත නම් බලන්න ලැබුනෙ නෑ තවම. මට තේරෙන්නෙ නෑ ඇයි ඒ විධියටම රුසියාවටම ගිහින් මෙය කරන්න අවශ්‍ය වන්නෙ. ලංකාවෙ කථාවක් විධියට කලා නම් මීට වඩා අපේ විය හැකිව තිබුනා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමහරවිට සම්පුර්ණයෙන්ම ලනක්වේ කලා නම් මිට වඩා සාර්ථක වෙන්න තිබුන කියල මටත් හිතුන.

      Delete
  20. sudath kumarasinghe7 June 2016 at 14:56

    http://kinofilms.tv/film/pervyj-uchitel/2022/

    ReplyDelete
  21. ගොඩක් තැන්වල මුල්කාලීන චරිතවලට වුණේ ඕකම තමා නේද???????

    ReplyDelete
  22. හුඟ දවසකට පස්සේ බ්ලොග්ස් ඇතුලට ආවේ. මට මෙහෙම අදහසක් තියෙනවා. සිනමාවේ සිනමාත්මක ගුණයට වඩා එහි දේශපාලනික අරුත් එලියට අරන් විච්ඡේදනය කිරීම තමයි බොහෝ විට වෙන්නේ. මේක සිනමාවට විතරක් නෙමේ සබ්බ සකල කලා ක්ශේත්‍රයටම අදාලයි. අපිට බෝවුනා රෝගයක් සියල්ල දේශපාලන ඇහකින් බලන්න. නිර්මානය බල්ලට දාලා, තමන් තමන්ගේ ගුරු කුලවල ඉඳන් රස විඳීම. මේක පිස්සුවක්. අමු පිස්සුවක් මට හිතෙන විදියට. පොලිටිකල් සිනමා සහා පොලිටික්ස් ඉන් සිනමා අපි ප්ටලවාගෙන.

    කලා කෘතියක් එක එක ගුරු කුලවල ඈන්ගල් වලින් බැලීම තමයි විචාරකයෝ කරේ. ඒ නිසාම තමයි ශ්‍රීලාංකික සිනමා විචාරය වෙනස් කෝණයකට ගියේ. ඒ හේතුවම තමයි සිනමාව ගොන් ඇහැකින් බලන්න පූරුදු කලේ.ආර්ට් එකේ දේශපාලනය සෙවීම තමයි අපේ රටට කෙලවිච්ච තැන. ආර්ට් ඊස් ආර්ට්....පොලිටික්ස් ඊස් පොලිටික්ස්. ඔය දෙක අස්සේ ටෝක් දෙන්නේ, තම පැවැත්මට ටෝක් දෙන උදවිය. සිංහල සිනමාවේ ට්‍රැජඩි එක ඔතනයි බං. බොලිවුඩ් හොලිවුඩ් වල ඔය කතාව නැහැ.

    කාලෙකට පස්සේ හොඳ කතාවක් කිව්වා රොශාන් රවීන්ද්‍ර. ඒක තමයි මටත් හිතෙන දේ.

    මේ ලිපිය කියවපන්..අපි තාම අමුතුයි..ඇත්තටම අමුතුයි. කන්නාඩියක් ගාවට ගියාම තමයි මූන පේන්නේ. අමු ගෝත්‍රිකයි. පඩ ටෝක්. වැඩ ෆක්.....

    ReplyDelete
    Replies
    1. පොත කියවන්නෙත් නැතුව , ෆිල්ම් එක බලන්නෙත් නැතුව පඩ ටෝක් දාන්නේ කවුද බන් අපි දෙන්නගෙන් ?

      Delete
    2. සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම් ප්‍රශ්නයක් අහන්නද? පොත කියෙව්වද?

      Delete
    3. ඔන්න අජියා හැමදාම වගේ අදත් පටලවාගෙන. පර්සනලි වැඩේ ඔලුවට දාගෙන.. එහෙම කරගන්න එපා. මම කතා කරන්නේ ශ්‍රීලංකික සිනමා විචාරයේ අබුද්දස කෝලම. සෞන්දාර්‍යමත්ක කලා විචාරකයන් වෙනුවුට, තම තමන්ගේ පොලිටිකල් විව්ස් තුලින් විචාර කිරීමේ අබග්ගය ගැන මිසක්, අනිත් අයගේ ඔලුවල අබග්ගය ගැන නොවේ මම කියන්නේ. ඒ නිසාම තමයි මම රොශාන්ගේ ඉන්ටර්විව් එක කෝට් කරේ (කියෙව්වද මන්දා). සුචරිත ගමලත්ලා වගේ කරපු සිනමා විචාරවලට වඩා, ජයවිලාල් විලේගොඩලා කරපු සිනමා විචාර , සිනමාවට ගෝචර වුනා. ගඟ ගලන්න දෙන්න...වැලි අයිති ගඟට මිස අපට නොවේ කියලා උඹ විතරක් නෙවේ ලෝකයම දන්නවා. ආපහු පටලවගන්න එපා...

      Delete
    4. අජියා...තව අතුරු ප්‍රශ්නයක් අහනවානේ මගෙන්.. පොත කියවලා තියෙනවද කියලා... අජිත් කවදාවත් අහන්න එපා උඹ කියවලා තියෙනවද, උඹ දැකලා තියෙනවද, උඹ ස්පර්ශ කරලා තියෙනවද වගේ ආකාරයෙන්. ඒවා අදාල නැහැ. මොකද ..පානාතිපාතා වේරමණි කියලා කියන්න ඕනම නැහැ, මදුරුවෙක් පුකට විද්දහම. පොත් කියවමු...පොත ඉස්සරහට දාලා ගේන්න හදන ගොන් චූන් එක පස්සට දාමු. පොත නොකියවපු නමුත් සමාජය කියවපු මිනිස්සු, මේ ලෝකයෙ ඉන්නවා. උඹ ඒක දන්නවා...නමුත් උඹ පොත තමයි ලෝකය කියාගෙන ටෝක් දෙනවා...පටලවා ගන්න එපා...මට හිතෙන දේ කියන්නේ. කකුල් දෙක කියන්නේ කුකුල් කටු නෙමේ කියලා බ්ලොග් සත්තුන්ට කියලා දීපන්

      Delete
    5. ///සොරි කියෙව්වේ නැහැයි කියල මම දන්නේ නැහැනේ. එහනම් ප්‍රශ්නයක් අහන්නද? පොත කියෙව්වද?///

      වෘශභ ප්‍රශ්නයකට ගොන් උත්තරයක් දුන්නට 'මසා' වෙයන්

      Delete
    6. මචන් අංක එක: මේක පොතකින් හදපු චිත්‍රපටියක්. එතකොට හරිනම් උඹට පොත නොකියවා මේ චිත්‍රපටිය බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ දරුවෝ දෙන්නම් චිත්‍රපටිය බැලුවේ පොත නොකියව. මම පොත කියවල රුසියානු චිත්‍රපටියත් බලල මේක බැලුවේ. මේ ලියමන් කරන්න කලින් පොත ආයේ කියෙව්වා.
      දැන් සමාජය කියවපු උඹ පොතත් නොකියවා චිත්‍රපටියත් නොබලා මට කියනවා පොත තමයි ලෝකය කියල ටෝක් දෙනවලු. මම කියනන්ද එකක්. මෙතන අඩුම ගානේ මම කියන්න හදන්නේ මොකක්ද කියලවත් උඹට තේරිලා නැහැ එච්චරයි.
      පොත නොකියවා චිත්‍රපටිය බලපු මගේ දූලා දෙනාත් මමත් එකම නිගමනයකට ආවේ කොහොමද කියල උඹට හිතුනද?

      Delete
    7. උපාලි ගම්ලත්ට මෙතන ක්‍රම දෙකක් තිබුණා. එකක් චින්ගීස් අයිත්මාතව් ට සාධාරණයක් කරන්න. අනික තමන්ට සාධාරණයක් කරන්න. අපි ඉන්න එංගලන්තේ අලුත් පරම්පරාව අඬනවාට වඩා කරන්නේ සටන් කරන එක. ඔය පොතේ මුලින් තියෙන්නේ නොයෙකුත් බාධක මධ්‍යයේ පාසලක් පිහිටුවල උගන්වපු දිරිය මිනිහෙකුගේ කතාවක්. ඒ දවස් වල තිබ්බ සෝවියට් ප්‍රචාරක මාධ්‍ය කලාව අනුව ඒ තැනැත්තා පක්ෂ පොරක් කලා. එහෙම නැත්නම් තියෙන්නේ උස්සන් ගිහින් දුෂණය කරලත් පස්සේ ඉගෙන ගෙන ගිය ඉහල තැනකට ගිය කෙල්ලෙක් ගේ කතාවක්. උඹ read between the lines කියෙව්වා නම් චින්ගීස් ගේ අනිත් පොත් වගේම නිලධාරිවාදය නිසා විප්ලවකාරීන් අමතක කරපු සමාජයක් ගැනත් කියවෙනවා. ඔය තුනම අත් හැරලා ගම්ලත් කරනවා ප්‍රේමයේ වියෝගය නිසා කම්පාවට පත්වුණු ගැහැණියකගේ චරිතයක්. එකට පොඩ්ඩක් දෙපැත්තෙන්ම මික්ස් කරලා. පොත කතාවත් සෑහෙන්න අරගෙන.
      අපිට ඉස්සරහ පේලියේ හිටි තරුණ දුවරුන් කිහිප දෙනෙක්ම අල්තිනා චිත්‍රපටියේ හඬන වාරයක් පාසා හිනා වුණා . නමුත් චිත්‍රපටිය අවසානයේ ඇතැම් මැදිවියේ බවලතුන් හඬ හඬා ගියාලු. දැන් උපාලි චිත්‍රපටිය කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ ටාගට් කරලා නම් වැඩේ හරියට හරි. උඹ බැලුව නම් හොඳයි කියයි. මැදිවියේ සමාජයෙන් ඉගෙනේ ගෙන නේ තියෙන්නේ.

      Delete
    8. අඩුම ගැනේ අර දිසා කියූ සමාජ දේශපාලන මෙහෙවර වත් මේ චිත්‍රපටියේ වෙලා තියනවද?
      //උපාලි ගම්ලත්ගේ ගුරුගීතය පිළිඹදව මුහුණු පොතේ මා දක්වා තිබු අදහස් කිහිපයක් පදනම් කොටගෙන මා මිත්‍ර අජිත් ධර්ම කිර්ති විසින් 'කොළඹ ගමයා 'නමැති ඔහුගේ බ්ලොග් එකේ දිග යාන්හෑල්ලක් ලියා තිබෙනු දුටුවෙමි.තමන්ගේ කෙස්වලින් අල්ලා තමන්ම උඩට ඔසවා ගැනීමක් බඳු එකී ලියවිල්ලට කාලවෙලාවේ හැටියට කෙටි පිළිතුරක් ලබාදීම සඳහා දැරෙන උත්සාහයකි මේ. අජිත් සිය ලිපිය පුරාම ඒකාකාරී වචන හරඹයක් සිදුකරනවා මිස අලුත් අදහසක් ඉදිරිපත්නොකරයි.එහි අඩංගුව සැකෙවින් මෙසේය.
      'මට වෙස්ට් ෆිල්ම් මිස ලංකාවේ ෆිල්ම් දිරවන්නේ නැහැ.ඒ අතින් සිංහල සිනමාව ෆේල්.ගම්ලත්ගේ සිනමා නිර්මාණය හරිම පසුගාමි මෙන්ම අසාර්ථකයි.අපේ අයගේ සිතීමේ කලාවේ මාර අඩුවක් තිබෙනවා.ගුරුගීතය ගැන දිසා ඉදිරිපත්කොට තිබෙන්නේ දියාරු සමාජ සංස්කෘතික ප්‍රතිචාරයක්.(එහෙම කියන ගමන්)ගුරුගීතයෙන් උපාලි කරන්න හදන්නේ සමාජ දේශපාලන වැඩක් (ඒක ඇත්ත )දිසාට අනුව ඒක මානවවාදීයි.කොච්චර උත්සාහ කළත් අපේ අයට ලංකාවෙන් ගැලවෙලා යමක් කරන්න අමාරුයි.දිසා කියන විප්ලවාදී ලක්ෂණ යමෙකු තුල තිබුණොත් හරි භයානකයි.ඔහු පුද්ගලික තීරණ අනුව වැඩ කරාවි.(මාර සොයාගැනීමක්)වසර 92ක් පරණ දුයිෂෙන් අපට වැඩක් නැහැ.අපිට ඕන දියුණු මිනිසෙක්. අන්තිමට කියනවා ,අපි ආයෙත් හිතන්න පටන්ගනිමු අවුල තියෙන්නේඑතැන කියලා. අවසානේ no more මාක්ස් කියලත් තිබෙනවා.මේ ලිපිය කියවද්දී එක්වරම මගේ මතකයට නැගුනේ ට්‍රොස්කි පිළිඹඳව ලෙනින් කළ ප්‍රකාශයකි.'දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.ට්‍රොස්කි ගේ වදන් බොහෝ දිලිසෙන ශබ්ධ සහිත නමුත් අර්ථ විරහිතය.
      අබ්යාවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව ගැන හොඳින් දන්න මා මිත්‍ර අජිත් දේශපාලන විෂයේ දී නුල්බෝලයක්සේ පොට පටලවා.ගැනී(ඉකුත් ජනාධිපති වරණයේ දී සිරිසේනට සහය නොදීම ගැන එදා පෙරටුගාමීන්ට එලව එලවා පහර දුන්නේය) තමන්ගේ මනසතුල හටගන්නා සිතුවිලි සියල්ල යථාර්ථයේ පිළිඹිඹුවක්සේ දකින අජිත් ඒ සිතුවිලි වලින් ඇස ගැටෙන හැමදේටම හිතුවක්කාරී ලෙස දමාගසයි.එනිසා ඔහු යෝජනා කරන අලුතින් සිතීමේ ක්‍රියාවලිය පටන්ගත යුත්තේද ඔහුගෙන්ම බව මගේ අවංක හැඟීමයි.
      උපාලි ගේ ගුරුගීතය මාර සවුත්තුයි කියන ගමන්,ගුරුගීතයෙන් උපාලි උත්සහ කරන්නේ සමාජ දේසපාලන වැඩක්.ඒත්.දිසාට අනුව එය මානවවාදී යැයි කෝචොක් කරයි.කින්ඩියට කිවුවත් අජිත්ගේ ලියමනේඇති වැදගත්ම වාක්‍ය එයයි. සත්තකින්ම ගුරුගීතය හරහා උපාලි කරන්නේ සමාජ දේශපාලන මෙහෙවරකි .හත්වලාමේ ඒ නිසානේ අපි එය අගය කලයුත්තේ.සිනමාව කලාවක් වශයෙන් නොව කර්මාන්තයක් වශයෙන් පවතින යුගයක උපාලි කරන්නේ උඩුගම්බලා පිහිනීමකි.(සිනමාව ගැන කියන්න නොදන්න නිසා එහි දේශපාලනඅගය ඉහලට එසවීමට මා උත්සහ දැරුවේ ඒ නිසයි) ජනප්‍රියවාදී රැළි නංවමින් වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ කුණුරස බෙදාහරින ෆිල්ම් එකක් කරලා මල්ල පුරවාගන්නවා වෙනුවට සමාජ උන්නතිය පතා ගම්ලත් විසින් සද්භාවයෙන් දැනුවත්ව සිදුකළ කැපවීම හා මෙහෙවර අපි අගයකල යුතු නැද්ද ?එය ඉහලට එසවියයුතු නැද්ද ?ඔහු දිරිමත් කළයුතු නැද්ද?//

      Delete
    9. පොතක පිටු අතර කියවෙන සිතුවිලි සහ සිනමා පටයක ස්ක්‍රීන් එක මත දිවයන රූප රාමු සේම ගීතයක වඩාත් රසභාවයන් හඳුනාගැනීම පිලිබඳ වින්දනය ගැන නැවතත් කියන්න තියන්නේ තම්න්ගේම වූ පෞද්ගලික රසාඥතාවයම පමනයි. අජියා උඹ කියන්න හදන්නේ සිනමාව කියන ඒ මාධ්‍යට වඩා වෙනස් තැනක ඉඳන්. උදාහරනයකට ශාන්ති දිසානායකගේ නවකතාවක් (ගිරිකුළ හෝ මද්දහන ටෙලිනාට්‍යක් ලෙස ගේ මැද්දට එනකොට මට ඒක පොතක්වත්, කවියක්වත්, ගීතයක්වත්, එහෙම නැත්නම් වාර්තාවක්වත්, දේශපාලන විග්‍රහයක්වත් නොවේ. ඒ තුල 'මා' රස විඳින්නේ ඒ ටෙලිනාට්‍යයේ ගුණ, අගුණයි. එසේ නැතුව ඩඩ්ලි සේනායකගේ ගොවි ජනපද සංකල්පයේ හොඳ නරක නොවේ. ඩඩ්ලිගේ සංකල්ප ගැන කතාකිරීමට යාමෙන් වෙන්නේ ඒ සිනමා පටය හෝ ටෙලිය සම්බන්ද කතාබහ පසෙකට යාමයි. එදත් අදත් හෙටත් සිංහල සිනමා විචාරය දේශපාලන කන්නඩියෙන් බැලීම නිසා විනාශ වෙන්නේ ඒ තුල ඇති සිනමාරූපි බවයි. මා කතා කරන්නේ සිනමාව පිලිබඳ මිසක් කොහේවත් තිබු හෝ පවතිනා දේශපාලනයක් ගැන නොවේ. අජියා හෝ වෙන ඕනෑම කෙනෙක් (දිසා.නෝ මෝ මාක්ස් ) ස්ටීරියෝටයිප් වීම යනු' තවත් සිනමාලෝලි,සිනමාරූපි ඇසක් වැසීමක්' මිස ඇස් ඇරවීමක් නොවේ.

      වර්තමානයේ ටිකට් එකක් අරන් ගොස් පිචැර් එකක් බලනවා සේම, පිචැර්, ටෙලි, ස්ටේජ් ඩ්‍රාමාස් ගැන කියවීමත් වටී. ශ්‍රීලංකීය වර්තමාන වේදිකා නාට්‍ය සහ ටෙලිය .සිනමාව පිලිබඳ මට යම්ලෙසින් යාවත්කාලීනවූ ප්‍රායෝගික කියවීමක් සහ මගේම වූ විචාරයක් තිබේ. එය ඊයේ විකාශයවු නවතම ටෙලිය දක්වා දිව එයි. ලියන්නේ යමක් දැණ මිස ලියන්නන් වාලේ නොවන බවත් සටහන් කරමි.

      Delete
    10. එහෙම නම් උපාලි ගම්ලත්ට මේ චිත්‍රපටිය කරන්නේ නැතුව වෙන එකක් කරනන් තිබ්බ. ඔය උඹ කියනවා වගේ සිනමාත්මක නිර්මාණයක්. ජේන් අයර් හරි නැත්නම් ෂෝලහොව් ගේ කෙටි කතාවක්, නැත්නම් වදරින් හයිට්ස් වගේ එකක්. අනිවාර්ය දේශපාලනිකව ලියූ පොතක් , පෙන්වපු කට්ටිය ම දේශපාලිනික අරුතකුත් තියනවා කියල කෑ මොර ගහපු එකක් එහෙම නොවෙන කොට ඒක ප්‍රශ්නයක්. මම චිත්‍රපටියේ කලාත්මක භාවය හා නළු නිළියන්ගේ දක්ෂකම් ගැන සුභ වාදීව බලල තියනවා උඹට පේන්න ඕනේ. අනික මම කියන්නේ නැහැ කාටවත් බලන්න යන්න එපා කියල. බලලා තමන්ගේ මතයක් හදා ගන්න. හොඳ බොලිවුඩ් ඒවා තියනවා ඔය උඹ කියන විධිහේ. සොමියට විතරක් ලස්සන ගෑනු නටන ඒවා. ඒවා අපි විචාර කරන්න යන්නේ නැහැනේ. බැලුවා අමතක කරලා දානවා මිසක්.

      Delete
    11. උඹගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ලෙනාඩ් වුල්ෆ්ගෙ නවකතාව ලෙස්ටර් බැද්දෙගම ෆිල්ම් එකට ගෙනාපු හැටි හෝ මාටින් වික්‍රමසිංහගේ විරාගය තිස්ස අබේසේකර ෆිල්ම් එකට ගෙනාපු හැටියි මතකද? පොත් සහ චිත්‍රපටි කියන්නේ දෙකක්. සිනමාව සහ දේශපාලනය කියන්නේ තව එකක්. ඔලුව කරවෙන දේශපාලන විචාර සහ සිනමාව කියන්නේ ඊටත් වඩා වෙනස් දෙයක්.

      අන්ද්‍රේ කොන්චෙලොව්ස්කි හදපු """ගුරුගීතය"" ෆිල්ම් එක බලන්න විදිහක් තියනවා නම් මටත් කියපන්.එතකොට පොඩ්ඩක් අයිඩියා එකක් දාගන්න පුලුවන්.

      Delete
    12. මගේ විචාරයේ කිසිම තැනක් පොතේ විධිහට චිත්‍රපටිය කරන්න ඕනේ කියවල නැහැ. එක්කෝ උඹ මේක උඩින් පල්ලෙන් කියවල. නැත්නම් ඕන කමින්ම ඒක අමතක කරනවා. උපාලි ගම්ලත් ට උඹ කියන විධිහේ හොලිවුඩ් හෝ බ්ලිවුඩ් එකක් වුනත් හදනන් තිබ්බා මේකෙන්.
      මෙන්න රුසියන් එක. මේක මම බැලුවේ 1985 විතර.
      http://konchalovsky.ru/works/films/first_teacher/
      ඊයේ පෙරේදත් බැලුවා. මෙන්න අනිත් එක.
      https://www.youtube.com/watch?v=jOzg8GXT7RU
      උඹ අමතක කරන්න එපා මේ චිත්‍රපටිය එලියට යන්නෙත් , දුයිෂෙන් කියල බ්ලොග් එන්නෙත් මදක් දේශපාලිනිකව කියල. දොන් නම් දොන්. සිමන් නම් සිමන්.

      Delete
  23. විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. // සමහර නව නිර්මාණ කරුවන් වලපල්ලට යැව්ව විචාරකයෝ නැතුවාමත් නෙවෙ.

    සිත්ත්රපටය නරමලා නැති නිසා ඒ ගැන කිසි දෙයක් කියන්න බැහැ.
    චිංගීස් ගැන දැන ගන්න ලැබුන පොස්ටුව කියවීමෙන්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .