Saturday 24 July 2021

නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම

ජුලි 12 ලිව්ව බ්ලොග් ලිපියේ මේ ප්‍රශ්න ටික මම අහල තිබ්බ. ප්‍රශ්න ටික ඇහුවේ සෝවියට් දේශයේ උගත් මගේ මිතුරියක් වන වෛද්‍යවරියක් කොතලාවල  පනතට විරුද්ධව  ප්‍රොෆයිල් එක වෙනස් කරගෙන හිටි නිසා. පස්සේ දැක්ක මගේ යහළුවෝ හරියටම දෙපැත්තට බෙදිලා වග. කට්ටියක් පක්ෂයි. කට්ටියක් විරුද්ධයි. යහපාලනය මේ හා සමාන පනතක් ගේන කොට බයියන් නමින් හඳුන්වන පොහොට්ටු කට්ටිය විරුද්ධ වුනා. "නිදහස් අධ්‍යාපනය" බේරා ගන්න සටන් වැදුන.  දැන් පොහොට්ටු කට්ටිය පනත ගේනවා. ටොයියන්  නමින් හඳුන්වන රනිල් සජිත්  දෙපිලේ රැඩිකල් කියල හිතන් ඉන්න සෙට් එක සටනට බැහැල "නිදහස් අධ්‍යාපනය බේරා ගන්න " සමහරු කියනවා අපි පෞද්ගලික එකට විරුද්ධ වුනත් මේ මිලිටරිකරණයට විරුද්ධයි ලු.  ඒ කියන්නේ මේ දෙගොල්ල නිදහස් අධ්‍යාපනය බේරා  ගන්න සටන් කරන්නේ තමන් විපක්ෂයේ ඉන්න කොට. 

මේ දෙගොල්ල  රට බේරා  ගන්න ජාතිවාදය ගෙනාවෙත් එහෙමයි. දෙමල ප්‍රශ්නය ඔපමණ  දුර දිග ගියෙත් මේ අමන දෙපිටකාට්ටු  වැඩේ නිසා. 

 අපරාදේ කියන්න බැහැ පරණ ජවිපෙ, අලුත් ජවිපෙ සහ  පෙසප පක්ෂ සහ  ආධාරකරුවන් හැමදාම හිටියේ එකතැන. එකම ප්‍රතිපත්තිය.පෞද්ගලික  වෛද්‍ය විද්‍යාල පිහිටෙව්වොත් නිදහස් අධ්‍යාපනයට කෙල වෙනවා කියන එක. දිවි පුදලා හරි ඒක නවත්වන්න ඕනේ කියන එක තමයි තර්කය.  දැන් ඒකට කොතලාවල මිලිටරිකරණයත් අදාල කරගෙන. ඒ විශ්ව විද්‍යාලය  කොහොමත් තිබ්බේ එහමම තමයි. රැල්ල යන පැත්තට ආණ්ඩුවට කොහොමත් බහුතර ජනතාවක්  දැන් විරුද්ධ නිසා හා හරිහැටි ඇමතිකම් නොලැබුන නිසා ශ්‍රීලනිප කට්ටියත් දැන් විරුද්ධයි ලු. 

ඔය අතරේ ජවිපෙ පෙසප සහෝලගේ ළමයි හෝ නෑදෑ ළමයි පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන සාධාරණ චෝදනාවත්  තියනවා. මේ පෞද්ගලික විශ්ව විද්‍යාල  චෙක් රටේ, රුසියාවේ, ඉන්දියාවේ, මැලේසියාවේ , උක්රයිනයේ වගේ රටවල තියෙන්නේ. ඉතා විශාල ලාංකික සිසුන් ප්‍රමානයක් ඉන්නව ඒ රටවල.
පරණ සෝවියට් දේශයේ , කොරියාවේ , කියුබාවේ, චීනයේ විශ්ව විද්‍යාල සිසුන්ට අරගල කරන්න බැහැ. ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. එක්තර ක්‍රමයක මිලිටරි පන්නයේ පාලනයක් තිබ්බේ. හමුදා පුහුණුවටත් යන්න ඕනේ. ජවිපෙ/පෙසපේ පාලනයක් ආවොත් ඒක අනුගමනය අක්රන්නේ නැත්ද?  
 
ආ ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වැනි  විෂයයන්ට පෞද්ගලිකව ගෙවල  ඉගෙන ගන්න පහසුකම් තියනවා.  

කවුද අයියා පොරක්  ඒ අතර ගුරුවරුන්ට "කාලකන්නි " කිව්වලු. කට්ටියක් ඒක සාධාරණී කරණය කරනවා.  කිව්ව එකා කොහොමත් ඉගෙන ගත්තේ එකෙක් වෙන්න බැහැ. දුර හරියට හිතා  ගන්න බැරුව පැනල කකුල කඩා ගත්ත නිසා.  

අම්මලා තාත්තල ශිෂ්‍යත්වේ ට අවුරුදු දෙක තුනකට කලින් ටියුෂන් යවන ළමයින් ගේ ටියුෂන් නවත්වන්නේ ඒ ලෙවල් වලින් පස්සේ.  අපිත් ළමයි යැව්වා එන්ගලන්තේ ඉන්නවා වෙලත්. හේතුව තරඟය  මෙහෙට ඇවිල්ල තියෙන්නේ. සුද්දන් ගෙන් නෙමෙයි. අපේම දකුණු ආසියා සබ් කොන්ටිනන්ට්  එකෙන් සහ චීන දෙමපියන් ගෙන්. මමත් ටියුෂන් දුන්න ළමයි කිහිප දෙනෙකුට.  

ආ අමතක වුනා චීනය  1994 ඉඳන් පෞද්ගලික පාසැල් ඇති කරන්න  අවසර දීලා තියෙන්නේ. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 700 ට වැඩියි. චීන ළමයි බටහිට යුරෝපයේ, එංගලන්තයේ අති  විශාල මුදලක් ගෙවල ඉගෙන ගන්නව.  චීන වාමාංශිකයන්  ඒවා කියන්නේ නැති නිසා ලිව්වේ. කියුබාවේ හා කොරියාවේ විතරයි තවම නැත්තේ සීන් එක. 

ඒ වගේම ගුරුවරු ඉන්නව පාසල් ඉවර වෙලා ඒ පන්තියේම ළමයින ටියුෂන් දෙන. ඒපාඩමට ආවේ  නැතිනම් පලි ගන්න, ආඩපාලි කියන  ගුරුවරුත් හිටියලු. අත්දැකීමක් දෙකක් මටත්  කියල තියෙනවා. 

තනිකරම අච්චාරුවක්. මම දෙයියන්ට කියා කියා හිටියේ අනේ ත්‍රිමා විතානයි අපේ විදුහලේ ඉගෙන ගත් වෙනුරයි ගේන්න එපා මෙතනට කියල. බලනකොට සිසිර යාපා සහෝදරයා ඒකත් මතක් කරලා ලියල. අසූ නමයේ තිබුනට වඩා ප්‍රශ්නය වෙනස්  සහෝ. යුද්ධය ඉවරයි.  

ගොඩක්  මිනිසුන් ගේ ප්‍රධාන ප්‍රශ්නය වෛද්‍ය වෘත්තීය හෝ කොතලාවල විෂව  විද්‍යාලය බේරා ගන්න එක නෙමේ. ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එක පැත්තකින් කොරෝනා මාරයා  , අනිත් පැත්තෙන් රස්සාව කරන එක. පොඩි ව්‍යාපාර ගැට ගහ ගන්නේ කොහොමද කියන එක. සමහරුන්ට ඉතාම සරලව බඩගින්න. 

මෙන්න අර ප්‍රශ්න ටික නැවතත්.


13 comments:

  1. අජිත් කියන තරඟය ඕස්ට්‍රේලියාවත් තියනවා. ආසියානු දෙමව්පියන් තමයි ඒක ලීඩ් කරන්නේ. අපේ කොල්ලත් Selective school එකකට ගියා නමයෙ ඉඳලා.හැම අවුරුද්දෙම පංතියේ ෆොටෝ එක බැලුවහම වීමයි විසි පස් දෙනාගෙන් දෙතුන් දෙනෙක් තමයි යුරෝපීය අය. අනිත් සේරම චීන, වියට්නාම, ඉන්දියන්, ලංකාවේ අය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා තත්වය. මෙහේ තියනව ගැහැණු ළමයින්ගේ ග්‍රැම ස්කූල් එකක් උතුරු ලන්ඩනයේ. අපු ඒකෙ විභාගේටේ දුව අරන්ගිය. එයාගේ ඉහල පංතියේ ළමයි ඔක්කොම දෙමළ එක අයෙක් ඇර එයා චීන . අවුදුරැ දෙක තුනලට පස්සේ ඒ පාසැල ගණිතය හා සමනය දැනුමට අමතරව ඉංග්‍රීසි විභාගයකුත් පවත්වන්න ගත්ත. දැන් අපහු මිශ්‍රණයක් තියනව. මෙහෙ ආණ්ඩුව සුදු අය අඩුවෙනවට කැමති නැහැ. මොකද සියානු ළමයි සයන්ස් වලට විතරයි යන්නේ. අනිත විෂයන් වලට සිසුන් නැතිවෙනවා කියල.

      Delete
  2. ඇත්තෙන්ම ඔය සටන දුප්පත් අයගේ එකක් නොවෙයි, උසස්පෙළ දක්වාම (ටියුෂන් යවන්න පටන් ගන්නේ ශිෂත්වයට නොවෙයි, මගේ මල්ලි දරුවෝ ටියුෂන් යැව්වේ ඉස්කෝලෙට බාරදෙන්නත් ඉස්සරින්, බලංශයයේ උගන්වන ටීචර් තමයි එයාලට ටියුෂන් දුන්නේ නිවැරදිව සිංහල උච්චාරණය පුරුදු කිරීමට, ඉස්කෝලෙදී ඒක උගන්වන්නේ නැතිලුනේ. ඒ ටීචර් ගේ ටියුෂන් ගන්න අයට ඒ ප්‍රසිද්ධ ඉස්කොලෙට ඇතුල් වෙන්නත් පහසුයිලූ.) කියන්න ගියේ ඔයි නිදහස් අධ්‍යාපනය කියන එක වෙනුවෙන් පෙනී සිටින්නේ විශ්ව විද්‍යාලය දක්වාම ළමයින්ව ටියුෂන් යවන අය, ඔවුන්ගේ අවශ්‍යතාව (පැරා මේගැන කාලෙකට පෙර බොහොම පැහැදිලියෙං අමුවට ලියලා තිබ්බා) තමුන්ගේ දරුවන්ට රජයේ වියදමින් ඉගෙන ගැනීමට අවශ්තාව පවත්වා ගැනීම සහ ඔහු ඉහළ තනතුරකට, කියමු දොස්තර වරයකු වුනාට පස්සේ ඔහුට ඇතිවිය හැකි තරඟකාරීත්වය අවම කරගැනීම.

    ReplyDelete
    Replies
    1. ඒක හමයි මමත් කියන්නේ. මේ සටන තව දුරැහැ මේ වැඩ කරන දුප්පත් පන්තියට අධ්‍යාපනය හොයනවට වඩා වරප්‍රසාද සහිත කුලකයක් තියාගන්න කරන සටනක් බව මට පේන්නේ. මේ ආණ්ඩුව ගෙනි යන්න බැරි වෙලාවේ සටන් මවල දෙනවද කොහෙද

      Delete
  3. ආසියාවේ, දකුණු ආසියාවේ අය බටහිර රටවල ඉදිරියට එන එක හොදයි. අපි ඒවාට උපරිම සහය දැක්විය යුතුයි. අජිත් ඔබත් බටහිර ඉන්න ගමන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් මේ කරන සටනට අපගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඇනෝ . කැනඩාවේ ඉහල නිලයන් ශ්‍රී ලාංකික සම්භවය සහිත දෙමල ජාතිකයන් අල්ල ගෙන ඉන්නේ. ඉන්දියන් ජාතිකයන් ඇමෙරිකාවේ සිවිල් පාලනයට ඇවිල්ල ඉන්නේ , පරිගණක ක්ෂේත්‍රයට අමතරව. එංගලන්තෙත් වෙනවා සිංහල බෞද්ධ එක මොකක් වෙතත්. හේ හේ

      Delete
  4. ලංකාවෙ "නිදහස්" වෛද්‍ය ක්‍රමය වගේම ඔය "නිදහස්" කියන අධ්‍යාපනයත් මිරිඟුවක් වගේම මාෆියාවක්. ඔය දෙකෙන්ම යැපෙන සමාජ ස්ථරයක් තියනවා. ඊට අමතරව අපේ ප්‍රජාතන්ත්‍රවාදී "සමාජවාදී", ජාතිවාදී පැසිස්ට්වාදී දේශපාලන ක්‍රමයත් ඕකෙන් යැපෙනවා.

    වරක් මෙහෙට ලඟදී ආපු හාදයෙක්, මට එයාගෙ Resume එක මට පෙන්නුව, උපදෙසක් ගන්න. ඒකෙ තිබුනා "ඉගෙන ගත් පාසල්: කොලඹ ඉහල පෙලේ පාසලක නමක්". මං ඇහැව්වා බොට පයිත්තියන්ද කියලා.

    ඒ පුරුද්දට ලියවුනේ, ලෝකෙ හොඳම රටේදි, ඒකට සෑහෙන වටිනාකමක් තියෙන නිසයි. ධනපති සුද්දා ඕක " two tier system" කියල බැහැර කලාට, අපේ "සමාජවාදී" සහෝදරවරුත් ඕක ලෙසටම රැකලා, ලමයින්ව රට යවනවා. Ignorance is bliss

    ReplyDelete
    Replies
    1. හරියට හරි බකුස් තුමෝ .
      ඕක මාෆියාවක්. හරි වචනේ
      මගේ සීවි එකත් තවම කොලේජ් එක තියනවා බොලේ. එකම තැන අවුරුදු 20 වැඩ කරලා ඒක පුස් කාල

      Delete
  5. විලි ලැජ්ජාවකුත් නැත, හැදියාවකුත් නැත
    ප්‍රතිපත්තියක් නැත, එක දැක්මකුත් නැත
    අනෙකා කරනවා නං එය හොඳම නැත
    උන්-උන් රැකී රට්ටුන් වළටම යවත

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැහැ බං . කාටවත් එක ප්‍රතිපත්තියක් නැහැ

      Delete
  6. මගෙ මතය ඉස්සෙල්ලත් ලිව්වනෙ.
    නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක්ද කියල මං දන්නෙනෑ.
    රජයෙන් හැමෝටම නොමිලේ අධ්‍යාපනය දෙන එක නම් ප්‍රායෝගික හා තර්කානුකූල විදිහට වෙනස් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් ඒකම තමා ප්‍රා දන්නවනේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .