කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Sunday, 11 July 2021
කොතලාවල පනත හා නිදහස් අධ්යාපනය
16 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
එකම කරන්නට දාහක් දෙනා ඇත
ReplyDeleteවමත කරන දේ දකුණත දන්නෙ නැත
නංගිව පෙන්නලා අක්කා දීග දෙත
'කාසි වඳවීම' විතරක් මුලට එත
තේරුනේ නැහැ
Deleteවාසි කඳවීම තමයි අද ලොක්කන් කරන කොයි දේත් අරමුණ!
Deleteකවිය ගැටළු සහගතවීම ගැන කනගාටුයි, ඒ ගැන කෙළින්ම කීම ගැන ස්තුතියි.
නැහැ නිදි මම කීවේ තේරුනේ නැහැ කියල ඔය උද්ඝෝෂණ වලට හේතුව මේකට අදාල වෙන්නේ කොහොමද කියල තේරුනේ නැහැ කියල. වාසි වලට දේශපාලකයෝ හැම දේම කරන බව ඇත්ත
Deleteඒක මිස! ස්තුතියි!!
Deleteඕක ප්‍රයිවට් එකක් වුනානම් කිසිඳු අවුලක් නෑ, නමුත් පොදු අරමුදල් යෙදෙවෙනව නම් ඒක උසස් අධ්‍යාපනය බාර අමාත්‍යංශය හරහා වෙනත් විශ්ව විද්‍යාල වලට බලපවත්වන අන පනත් වලට අදාලව කළමණාකරනය විය යුතුයි. ඊයේ නිවුස් එකක් දැක්කා එයාෆෝස් එකෙන් ඇනිමල් හොස්පිටල් එකක් පටන්ගත්තය කියලා.
ReplyDeleteඒකත් තේරුනේ නැහැ. කැමති නම් කැමැතියි නෙමේද. මේක යහපාලන ආණ්ඩුවෙනුත් ගෙනාපු එකක් කියනවා නේද
Deleteමගේ මතය මේමයි, මුදල් ගෙවල ඉගෙන ගන්න හැකි ආයතන ගොඩක් තියෙන්න ඕනි, එවා වර්ග කරල එවාට පොදු නීති රීති නියාමනය හදල තියෙන්නත් ඕනි, එබැයි එක ආයතනයකට විතරක් විශේෂිත නීතිරිති වරප්‍රසාද පනවන්න බෑ, යම් වරප්‍රසාදයක් ලබාදෙනවා නම් ඒය ලබාගන්න තවත් ආයතන වලට වගේම ශිෂ්‍යයන්ට හැකි විය යුතුයිනේ.
Deleteදෙවෙනි කාරනය තමයි, පොදු අරමුදල් වලින් නඩත්තුවෙන අධ්‍යාපන ආයතන. එව්වාට බඳවා ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සහතික කර ඇති මානව හිමිකම් වලට සීමා පනවන්න බෑනේ. එතෙනදී විවාහය, ලිංගිකත්වය, ආගම, ජාතිය, උස මහත, ශරීර හැකියාවේ දුබලතා වගේ දේවල් බලපාන්න බෑනේ. එනිසයි බඳවා ගැනීම සඳහා යම් සීමා පනවන්න සිදුවන හමුදාවල්, සේවාවන් (හෙද සේවාව, ...) වගේ එව්වාට තමුන්ගේ ම විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුත්තේ. ඔවුන්ගේ අවශ්‍යතාව කාඩර් එක පුහුණු කර ගැනීම නම්, ට්‍රේනි ෆැසිලිටි පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නෑනේ.
මේ හමුදාව කරන්නේ වෙනත් දෙයක්, පොදු අරමුදල් භාවිතා කරල පොදු මහජනතාවට විවෘත නොවූ සුවිශේෂ සේවාවන් පවත්වාගෙන යෑම, එයා ෆෝස් එකේ බලු ක්ලිනින් එකේ සේවාව ගන්න සබඳතාවක් අවශ්‍යයයි නේ, ඒ වගේමයි හමුදාවෙන් නඩත්තු කරන බීච් හෝටල්, එයාලා හැමදාමත් සීමිත සංක්‍යාවකට හොරෙන් කරපු දේවල් නීතියෙන් බේරිලා වඩා පුළුල්ල කරන්න පසුබිම හදාගැනීම
යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු එකක්ලූ - සිංගප්පූරු යාගන්න බැරිවුනොත් යන්න බැක්අප් ෆැසිලිටි එකක් තියෙනවට අකමැති මහජන නියෝජිතයෝ ඉන්නේ කොහේද?
දැන් දැන් යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපුවා කියල රිලීස් කරනවා පේන්නේ නැත්ද , මේ ආණ්ඩුවට වෙන් විකල්පයක් නැහැ කියල 69 ලක්ෂේට කොහොමත් තේරිලා ඇති . හැබයි ඉතින් කොතලාවල පීඨය තිබ්බෙත් ඔය ඔයා කියන විධිහටමනේ
Deleteඉස්සර හුඟක් ලියල තියන නිසා කෙටියෙන් කියන්නම්.
ReplyDeleteරජයෙන් නොමිලේ අධ්‍යාපනය දෙන සිස්ටම් එක නම් විකාරයක්. මූල්‍යමය හේතු (ආදායම ) හා දක්ෂතා (විභාග / ක්‍රීඩා ) අනුව විවිධ ස්ථරයේ ශිෂ්‍යත්ව ක්‍රමයක් හා අනිත් අයට අවශ්‍යනම් ශිෂ්‍ය ණය ක්‍රමයක් තමයි ලංකාවට හරි යන්නෙ. ඒකටත් විරුද්ධ වෙන අය ගැන තියන අප්‍රසාදය නිසා සාධාරණ විරෝධතාකරුවන්ටත් ඒතරම් සහයෝගයක් / එම්පති එකක් නැතිවෙනවා
ටිකක් තේරුණා. හේ හේ
Deleteමටත් තේරුනා කියහංකො😂
Deleteමේ කපේදි කරන්න දෙන එකක් නෑ. ලකුණු තියෙන, දශම ගාණක් පමණක් දොස්තරල වෙනවා, බුහුතරය කොන්දොස්තරල වෙනව. පුළුවන් අය රට යනවා, බැරි කට්ටිය බෝට්ටුවෙ යනවා. කැම්පස් ගිය සමහරු පෙලපාලිත් යනවා.
මේ යල්පැන ගිය ක්‍රමය තමා, අපේ දේශපාලනයෙ කොඳු නාරටිය, ඒක දිවි හිමියෙන් රකින්නෙ ඒකයි.
අපේ පුටීන් අයිය කරනවනේ ඕක
Deleteනිදහස් අධ්‍යාපනය කිය කියා මන්තරයක් වගේ මතුරමින් ඉන්නවා.
Deleteමිලියනයර් බිලියනයර් වුනත් ඕනෙනම් ඒ ලෙවල් ප්‍රතිඵල මත නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුලුවන්.
පුලුවන් එකා ගෙන් සල්ලි අරන් උගන්නලා බැරි එවුන්ට ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක් හැදුවනම් මීට වඩා ගාණකට නිදහස් අධ්‍යාපනය දෙන්න තිබුන
තර්කානුකූලව බැලුවොත් අජිත් ලියන්න ඕනෙ Euro 2020 ගැන නේද. ගේම් එක බල බලද ලිව්වෙ.
ReplyDeleteමොනවා ලියන්නද, පත්තර වල තියෙන්නේ හේ හේ
Delete