Sunday 11 July 2021

කොතලාවල පනත හා නිදහස් අධ්‍යාපනය

මට ඔය පහල තියෙන පණත ගැන විස්තරය යාළුවෙක් එව්වේ. මම මේ පනතට පක්ෂත්  නැහැ විපක්ෂත් නැහැ. දන්නා කරුණු ප්‍රමාණය අඩු බවයි හැඟෙන්නේ.


මට ප්‍රශ්න  කිහිපයක් තිබෙනවා. දන්නා කෙනෙක් පිළිතුරු ලියන්න.

1. දැන් මේ ලියල තියෙන විධිහට මේක අදාල වෙන්නේ කොතලාවලආරක්ෂණ විද්යාල පනතට විතරක් නෙමේද? ලංකාවේ හැම විශ්ව විද්යාලයටම බල පානවද ?
2. මේකෙන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කොහොමද?
2. a එකේ පන්තියේ සිට උසස් පෙළ දක්වා වන නාමික නිදහස් අධ්යාපනය අහෝසි වෙනවද (ටියුෂන් සහිත)?
2. b ටියුෂන් තහනම් වෙන්නේ නැත්ද?

3. විශ්ව විද්යාල පනත වෙනස් වෙනවද?

4. නැවතත් වෛද්‍ය වෘත්තීය පමණක් රැක ගන්න කරන සටනක්ද? එහෙනම් වෛද්ය සංගමය පෙරමුණ ගත යුතු නැත්ද?
6. එහෙම නැත්නම් විදේශ සංචිත නැතිව, රජය ගෙනයන්න මුදල් නැතිව කඩා වැටී තිබෙන රජය කොහොම හරි ගෙනියන්න ගෙනාපු උප්පරවැට්ටියක්ද?
(රජයට ණය ගෙවන්න වත් මුදල් නැහැ කියන එක පැහැදිලියි)

7. අවුරුදු දෙක තුනක් ජවිපෙ, පෙසප, වමේ චීන සයිඩ් එක මේ විරෝධතාවල ඇදන් ගියාට පස්සේ මේක දීල දාල ආණ්ඩුව ශේප් වෙන්න ගෙනියන ගේම් එකක්ද? ------🧐

8. මට පෙනෙන විධිහට බරපතලම ප්රශ්නය මිනිසුන්ට රස්සාවක් කර ගන්න බැහැ. මිනිසුන් ගේ අතේ සල්ලි නැහැ. රජයට මුදල් නැහැ. උද්ධමනය වැඩියි. රටෙන් භාගයක් දැන් දුප්පත් වෙලා. එහෙම වෙලාවක වම අවුළුවන එක තමා ගැලවිජ්ජාවට කරන්න පුළුවන් හොඳම දේ කියන එක වගේ අත්දැකීම් මිට පෙර තිබුනේ නැත්ද?

9. විමල් සහ උදය කරන්නේ රඟපෑමක් නෙමේද?


උපුටා ගැනීම (ෆේස්බුක්) 

මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

01. උසස් අධ්යාපන අමාත්යාංශය
02. අධ්යාපන අමාත්යාංශය
03. විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව
04. වෘත්තීය ප්රමිති ආයතන (උදා. SLMC, IESL)
05. විශ්ව විද්යාල සනාතන සභාවන් හා පාලක සභාවන්
මේ ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද?
ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්.
තාම ඉවර නෑ... තව තියෙනවා.
1. දැනට ලංකාවෙ ක්රියාත්මක වෙන 1978 විශ්ව විද්යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.
2. ඕනෑම පුද්ගලික විශ්ව විද්යාලයකට, මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්.
3. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්ය නෑ. තමන්ගෙ උපාධි ප්රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්.
4. මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි. මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණය කරන්නෙත් මේ මණ්ඩලය විසින්මයි.
5. විශ්ව විද්යාල විතරක් නෙමෙයි, පාසල් පිහිටුවන්න, ඒවල විෂය නිර්දේශය තීරණය කරන්න, විභාග පවත්වන්නත් සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි. අධ්යාපන අමාත්යාංශය අදාලම නෑ.
6. තව ලස්සන වගන්තියක් ගැනත් කියන්න ඕනෙ.
විශ්ව විද්යාලය ඇතුලෙ සිදුවෙන ඕනෙම විරෝධතාවයක්, ""තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්"" අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණය බලය තියෙනවා. ඒ කියන්නෙ ඕනෑම අසාධාරණයකදි ඔලුව නමාගෙන ඉන්න පුලුවන්.
හරි සංතෝසයි නේද?
මේ දවස් වල, කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන "කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පණත" ගැන සාරංශයක් තමයි මේ කිව්වෙ.
ලංකාවෙ දේශපාලකයන්ට සම්පූර්ණයෙන් විනාශ කරන්න බැරි උනු දේවල් 2යි තියෙන්නේ.
01. නිදහස් අධ්යාපනය
02. නිදහස් සෞඛ්
මේ පණත සම්මත උනොත්, මෙතනින් එකක් ඉවරයි. හැබැයි අධ්යාපනය විකිණීමටත් වඩා භයානක දෙයක් මෙතන වෙනවා. ඒ අධ්යාපන මිලිටරීකරණය. පාසල් මට්ටමේ ඉඳලා විශ්ව විද්යාල මට්ටම දක්වාම.
නිදහසේ හිතන්න පුලුවන්, හරි වැරැද්ද දකින්න පුලුවන් මිනිස්සු වෙනුවට, අණ පිලිපදින, කොන්ද කඩපු පරම්පරාවක් ඉස්සරහට දැක ගන්න පුලුවන් වෙයි...
උපුටාගැනීමකි

16 comments:

  1. එකම කරන්නට දාහක් දෙනා ඇත
    වමත කරන දේ දකුණත දන්නෙ නැත
    නංගිව පෙන්නලා අක්කා දීග දෙත
    'කාසි වඳවීම' විතරක් මුලට එත

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැහැ

      Delete
    2. වාසි කඳවීම තමයි අද ලොක්කන් කරන කොයි දේත් අරමුණ!

      කවිය ගැටළු සහගතවීම ගැන කනගාටුයි, ඒ ගැන කෙළින්ම කීම ගැන ස්තුතියි.

      Delete
    3. නැහැ නිදි මම කීවේ තේරුනේ නැහැ කියල ඔය උද්ඝෝෂණ වලට හේතුව මේකට අදාල වෙන්නේ කොහොමද කියල තේරුනේ නැහැ කියල. වාසි වලට දේශපාලකයෝ හැම දේම කරන බව ඇත්ත

      Delete
  2. ඕක ප්‍රයිවට් එකක් වුනානම් කිසිඳු අවුලක් නෑ, නමුත් පොදු අරමුදල් යෙදෙවෙනව නම් ඒක උසස් අධ්‍යාපනය බාර අමාත්‍යංශය හරහා වෙනත් විශ්ව විද්‍යාල වලට බලපවත්වන අන පනත් වලට අදාලව කළමණාකරනය විය යුතුයි. ඊයේ නිවුස් එකක් දැක්කා එයාෆෝස් එකෙන් ඇනිමල් හොස්පිටල් එකක් පටන්ගත්තය කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් තේරුනේ නැහැ. කැමති නම් කැමැතියි නෙමේද. මේක යහපාලන ආණ්ඩුවෙනුත් ගෙනාපු එකක් කියනවා නේද

      Delete
    2. මගේ මතය මේමයි, මුදල් ගෙවල ඉගෙන ගන්න හැකි ආයතන ගොඩක් තියෙන්න ඕනි, එවා වර්ග කරල එවාට පොදු නීති රීති නියාමනය හදල තියෙන්නත් ඕනි, එබැයි එක ආයතනයකට විතරක් විශේෂිත නීතිරිති වරප්‍රසාද පනවන්න බෑ, යම් වරප්‍රසාදයක් ලබාදෙනවා නම් ඒය ලබාගන්න තවත් ආයතන වලට වගේම ශිෂ්‍යයන්ට හැකි විය යුතුයිනේ.

      දෙවෙනි කාරනය තමයි, පොදු අරමුදල් වලින් නඩත්තුවෙන අධ්‍යාපන ආයතන. එව්වාට බඳවා ගැනීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සහතික කර ඇති මානව හිමිකම් වලට සීමා පනවන්න බෑනේ. එතෙනදී විවාහය, ලිංගිකත්වය, ආගම, ජාතිය, උස මහත, ශරීර හැකියාවේ දුබලතා වගේ දේවල් බලපාන්න බෑනේ. එනිසයි බඳවා ගැනීම සඳහා යම් සීමා පනවන්න සිදුවන හමුදාවල්, සේවාවන් (හෙද සේවාව, ...) වගේ එව්වාට තමුන්ගේ ම විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුත්තේ. ඔවුන්ගේ අවශ්‍යතාව කාඩර් එක පුහුණු කර ගැනීම නම්, ට්‍රේනි ෆැසිලිටි පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නෑනේ.

      මේ හමුදාව කරන්නේ වෙනත් දෙයක්, පොදු අරමුදල් භාවිතා කරල පොදු මහජනතාවට විවෘත නොවූ සුවිශේෂ සේවාවන් පවත්වාගෙන යෑම, එයා ෆෝස් එකේ බලු ක්ලිනින් එකේ සේවාව ගන්න සබඳතාවක් අවශ්‍යයයි නේ, ඒ වගේමයි හමුදාවෙන් නඩත්තු කරන බීච් හෝටල්, එයාලා හැමදාමත් සීමිත සංක්‍යාවකට හොරෙන් කරපු දේවල් නීතියෙන් බේරිලා වඩා පුළුල්ල කරන්න පසුබිම හදාගැනීම

      යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපු එකක්ලූ - සිංගප්පූරු යාගන්න බැරිවුනොත් යන්න බැක්අප් ෆැසිලිටි එකක් තියෙනවට අකමැති මහජන නියෝජිතයෝ ඉන්නේ කොහේද?

      Delete
    3. දැන් දැන් යහපාලන ආණ්ඩුවෙන් ගෙනාපුවා කියල රිලීස් කරනවා පේන්නේ නැත්ද , මේ ආණ්ඩුවට වෙන් විකල්පයක් නැහැ කියල 69 ලක්ෂේට කොහොමත් තේරිලා ඇති . හැබයි ඉතින් කොතලාවල පීඨය තිබ්බෙත් ඔය ඔයා කියන විධිහටමනේ

      Delete
  3. ඉස්සර හුඟක් ලියල තියන නිසා කෙටියෙන් කියන්නම්.
    රජයෙන් නොමිලේ අධ්‍යාපනය දෙන සිස්ටම් එක නම් විකාරයක්. මූල්‍යමය හේතු (ආදායම ) හා දක්ෂතා (විභාග / ක්‍රීඩා ) අනුව විවිධ ස්ථරයේ ශිෂ්‍යත්ව ක්‍රමයක් හා අනිත් අයට අවශ්‍යනම් ශිෂ්‍ය ණය ක්‍රමයක් තමයි ලංකාවට හරි යන්නෙ. ඒකටත් විරුද්ධ වෙන අය ගැන තියන අප්‍රසාදය නිසා සාධාරණ විරෝධතාකරුවන්ටත් ඒතරම් සහයෝගයක් / එම්පති එකක් නැතිවෙනවා

    ReplyDelete
    Replies
    1. ටිකක් තේරුණා. හේ හේ

      Delete
    2. මටත් තේරුනා කියහංකො😂

      මේ කපේදි කරන්න දෙන එකක් නෑ. ලකුණු තියෙන, දශම ගාණක් පමණක් දොස්තරල වෙනවා, බුහුතරය කොන්දොස්තරල වෙනව. පුළුවන් අය රට යනවා, බැරි කට්ටිය බෝට්ටුවෙ යනවා. කැම්පස් ගිය සමහරු පෙලපාලිත් යනවා.

      මේ යල්පැන ගිය ක්‍රමය තමා, අපේ දේශපාලනයෙ කොඳු නාරටිය, ඒක දිවි හිමියෙන් රකින්නෙ ඒකයි.

      Delete
    3. අපේ පුටීන් අයිය කරනවනේ ඕක

      Delete
    4. නිදහස් අධ්‍යාපනය කිය කියා මන්තරයක් වගේ මතුරමින් ඉන්නවා.
      මිලියනයර් බිලියනයර් වුනත් ඕනෙනම් ඒ ලෙවල් ප්‍රතිඵල මත නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුලුවන්.
      පුලුවන් එකා ගෙන් සල්ලි අරන් උගන්නලා බැරි එවුන්ට ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක් හැදුවනම් මීට වඩා ගාණකට නිදහස් අධ්‍යාපනය දෙන්න තිබුන

      Delete
  4. තර්කානුකූලව බැලුවොත් අජිත් ලියන්න ඕනෙ Euro 2020 ගැන නේද. ගේම් එක බල බලද ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා ලියන්නද, පත්තර වල තියෙන්නේ හේ හේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .