සුවොමන්ලීනා (Suomenlinna) යනු දහටවන ශතවර්ෂයේ ඉදි කරන ලද දූපත් බලකොටුවකි . අප එය නරඹන්න යයි කියා ෆින්ලන්තයේ වසන මගේ සොයුරියගේ දියණි මදාරා කීවාය. "ලොකු මාමා ඒක ලස්සන දුපතක් " ඒ අතරේ දසයා (සඳුන් දසනායක) ට කතා කල විටද ඔහුද "අයියේ සුවොමන්ලීනා මරු යන්න" කියා කීවේය. මේ ලීනා හෝ ලින්නා කියා කියන්නේ මොකද්ද කියා ඔහුගෙන් විමසුවෙමි . දසයා කිව්වේ ලින්නා කියන්නේ බලකොටුව බවත් , දූපතේ බලකොටුවක් ඇති බවත්ය. බලාගෙන යනවිට අප නතරවී සිටි පෙදෙසේ නමේ අගද ලින්නා තිබීමෙන් ඒ අසලද බලකොටුවක් තිබුණු බව දැනගතිමි . සුවොමන්ලීනා වචනයේ තේරුම "පින්ලන්තයේ බලකොටුව" බව ගුගල් අයියා ලියා තිබුණි .
කලින් දිනයේ හෙල්සින්කි හිදී අපේ ටුවර් ගයිඩ් මහතා අපුරු කතාවක් කීවේය. සුවොමන්ලීනා යනු මුහුදු බලකොටුවක් බවත් එය දූපත් අටකින් සමන්විත බවත්ය . දහ අටවන ශත වර්ෂයේදී (1748) ස්වීඩනයේ රජු මේ බලකොටු සාදා ඇත්තේ රුසියානු අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීමටය . එක්දාස් අටසිය ගණන් වල මුල රුසියානුවන් ෆින්ලන්තය ආක්‍රමණය කලද ඔවුන්ට එය යටත් කර ගැනීමට නොහැකි වූයේ සුවොමන්ලීනා බලකොටු නිසා බව වටහා ගත්හ. එනිසා 1808 පළමු ෆින්ලන්ත යුද්ධයේදී ඔවුහු මේ දුපත් වට කර මාස දෙකක බ්ලොකේඩයකින් පසු අත්පත් කරගති. ඉන්පසු හෙල්සින්කිය නිකම්ම් වගේ රුසියානුන් අතට ගියේය . රුසියාවේ විසින් ෆින්ලන්තය ග්‍රහණය කර ගත්තේ 1809 දීය. එය ඔවුන් ග්‍රෑන්ඩ් ඩචි ඔෆ් ෆින්ලන්ඩ් යනුවෙන් නම් කර ස්වායත්ත රජයක් පිහිටුවිය.
පළමුවන ලෝක යුද්ධ සමයේ රුසියානුවන්ගේ බෝල්ටික් නාවික හමුදාවේ මුලස්ථානය වූයේ මේ බලකොටුවයි. ලෙනින් ෆින්ලන්ත ස්වයං නිර්ණන අයිතිය පිලි ගැනීමෙන් පසු 1917 දී රුසියානු හමුදා ඉවත් විය. 1991 දී සුවොමන්ලීනා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී .
හෙල්සින්කි සිට පැය භාගයක ගමනකින් සුවොමොන්ලිනා ප්‍රධාන දූපතට ගිය හැකිය. එයට විශේෂ ගෙවීමක් නැති අතර සාමාන්‍ය බසයකට හෝ ට්‍රෑම් එකකට ගෙවන ගෙවිමෙන් එහි ගිය හැකිය. පළමුවෙනි ස්ලයිඩ් එකේ පින්තුර ඇතුළත් කලෙමි. නමුත් මේ පින්තුරය දමන්නේ මෙහි ඇති ගෙවල් බොහොමයක් රුසියානු පන්නයේ ඒවා බව කීමටය. රුසියාවේ දී මේ ආකාරයේම ලීයෙන් සෑදු නිවාස බොහොමයක් මොස්කව් වලින් එපිටට වෙන්නට දැකිය හැකිය .
මෙහි ඇති දහනව වන ශත වර්ෂයේ සාදන ලද රුසියානු ඔර්තොඩොක්ස් පල්ලියේ හැඩය මදක් වෙනස් කොට ෆින්ලන්ත වරුන් අදහන ලුතරෙන් ආගමට අනුව වෙනස් කර තිබේ . 

මේ තිබෙන්නේ මගේ පින්තූර ගොන්නයි. පින්තූර බලා ප්‍රශ්න තිබේ නම් අසන්න .
INSERT HERE :****************
මිට අමතරව එන ගමනේදී ගත් වීඩියෝ දෙකක් මගේ යුටියුබ් චැනලයේ ඇත .
මේ දිනවල නොයෙකුත් වැඩ නිසා බ්ලොග් පෝස්ට් එක කෙටි කිරීම ගැන කණගාටුයි . කොළඹ ගමයා 31/10/2025
මේ ගුගල් වලින් සොයාගත් විස්තරයකි :
සුවොමන්ලීනා බලකොටුවේ ඉතිහාසය
(History of the Suomenlinna Fortress)
සුවොමන්ලීනා (Suomenlinna) යනු විශාල හා නාටකාකාර ඉතිහාසයක් ඇති, ජාතීන් තුනක් යටතේ සේවය කර ඇති, සුවිශේෂී ස්ථානයකි.
ස්වීඩන් යුගය (1748–1808): ආරක්ෂක ව්‍යූහයක් ගොඩනැගීම
මෙම බලකොටුව මුලින්ම ස්වීඩන් රාජධානිය විසින් ගොඩනඟන ලද්දේ ව්‍යාප්ත වෙමින් පැවති රුසියානු අධිරාජ්‍යයෙන් ආරක්ෂා වීම සඳහාය. ඉදිකිරීම් කටයුතු 1748 දී හෙල්සින්කි වෙරළට ඔබ්බෙන් වූ දූපත් සමූහයක් මත ආරම්භ විය. එය 18 වන සියවසේදී ස්වීඩන් රාජ්‍යයේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතියක් විය.
එය මුලින්ම ස්වීඩන් භාෂාවෙන් ස්වේබෝර්ග් (Sveaborg - "ස්වීඩනයේ බලකොටුව") ලෙස හෝ ෆින්ලන්ත භාෂාවෙන් වියාපෝරි (Viapori) ලෙස හැඳින්විණි. එහි සැලසුම ප්‍රංශ හමුදා ඉංජිනේරු වරයෙකු වූ වෝබන්ගේ (Vauban) බලපෑමට ලක් වූ අතර, පාෂාණමය දූපත් වලට අනුවර්තනය වෙමින් විශ්මිත බලකොටුවක් නිර්මාණය විය.
රුසියානු යුගය (1808–1918): යටත් කර ගැනීම සහ ශක්තිමත් කිරීම
පළමු ෆින්ලන්ත යුද්ධය (1808–1809) අතරතුර, මෙම බලකොටුව රුසියානු හමුදා විසින් වටලනු ලැබූ අතර, මාස දෙකක අවහිරයකින් (blockade) පසුව 1808 දී යටත් විය. මෙම අලාභය නිසා, 1809 දී රුසියාව විසින් ෆින්ලන්තය ඈඳා ගෙන ෆින්ලන්තයේ මහා ආදිපාද ප්‍රදේශය (Grand Duchy of Finland) පිහිටුවන ලදී.
රුසියානු පාලනය යටතේ, එය තීරණාත්මක හමුදා කඳවුරක් ලෙස පැවති අතර, බෝල්ටික් බලඇණියට මූලස්ථානයක් විය. ක්‍රිමියානු යුද්ධයේදී (1855) ඇංග්ලෝ-ප්‍රංශ බලඇණිවල බෝම්බ ප්‍රහාරයකින් එයට දැඩි හානි සිදුවිය. පසුව රුසියානුවන් බලකොටුව ප්‍රතිසංස්කරණය කර නවීන කාලතුවක්කු වලින් ශක්තිමත් කළහ.
පළමු ලෝක යුද්ධය සමයේදී, එය රුසියානු අගනුවර වූ ශාන්ත පීටර්ස්බර්ග් ආරක්ෂා කිරීම සඳහා වූ "මහා පීටර්ගේ නාවික බලකොටුව" නම් විශාල ආරක්ෂක පද්ධතියක කොටසක් ලෙස ක්‍රියාත්මක විය.
ෆින්ලන්ත යුගය (1918–වර්තමානය): නිදහස සහ ලෝක උරුමය
1917 දී ෆින්ලන්තය රුසියාවෙන් නිදහස ප්‍රකාශ කිරීමෙන් පසු, අලුතින් පිහිටුවන ලද ෆින්ලන්ත රාජ්‍යය 1918 දී බලකොටුව භාර ගත්තේය. රටේ නව නිදහස් තත්ත්වය පිළිබිඹු කරමින් එය නිල වශයෙන් සුවොමන්ලීනා ("ෆින්ලන්තයේ මාලිගාව/බලකොටුව") ලෙස නම් කරන ලදී.
දශක ගණනාවක් තිස්සේ ෆින්ලන්ත හමුදා කඳවුරක් ලෙස සේවය කළ මෙහි හමුදා භූමිකාව දෙවන ලෝක යුද්ධයෙන් පසු ක්‍රමයෙන් අඩු විය. 1973 දී, මෙම බලකොටුව සිවිල් පරිපාලනයට පවරා දෙන ලදී.
හමුදා ගෘහනිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන උදාහරණයක් ලෙස සලකන සුවොමන්ලීනා 1991 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී. අද වන විට එය ෆින්ලන්තයේ ජනප්‍රියම සංචාරක ආකර්ෂණයක් මෙන්ම හෙල්සින්කි හි නේවාසික ප්‍රදේශයක් ද වේ.
//මේ දිනවල නොයෙකුත් වැඩ නිසා බ්ලොග් පෝස්ට් එක කෙටි කිරීම ගැන කණගාටුයි//
ReplyDeleteඑහෙමටම කෙටියි කියල හිතුනෙ නෑ. අන්තිම ස්ලයිඩ් එක පේන්නෙ නෑ. ආයෙ එන්නම්
එහෙනම් කමක් නැහැ . 10 පළල වැඩි ස්ලයිඩ් එකක්
Deleteපින්ලන්තෙ විකි එකටත් ගිහින් විස්තර ටිකක් බැලුවා. බලකොටුවේ ඉතිහාසය කොටස එකතු කල එක හොඳයි,
ReplyDeleteඒක තමා . මම මුලදී ඒකට දාන්නත් හදල එතකොට කොපියක් වෙන නිසා ඔහොම වෙනම දැම්ම
Deleteහුටා! එහෙම බැලුවොත් මගේ පෝස්ට් 99.99% කොපිම තමයි.🤣😁
Deleteමම ඕව දන්නෙත් නෑ දැක්කෙත් නෑ
Deleteෆින්ලන්තය කියන කොට මෙහෙ අයට මතක්වෙන්නේ අධ්‍යාපනය විතරයි. අපි එක්කත් වැඩ කළා හන්නු ත්වෝමිනන් කියලා ෆින්ලන්ත උපදේශකයෙක්.
ReplyDeleteඔව් අපි ගොඩක් ෆින්ලන්ත අධ්‍යාපනය ගැන කතා කරනවා නේද . මම දැකපු දෙයක් තමා ජපානයට බොහොම සමානයි
DeleteThis comment has been removed by the author.
Deleteආතර්ට උතුර-දකුණ මාරුවී, වැරදි තැන පල කර මැකූ බව සලකන්න.🙏
Deleteආතර් ඔහොම්මමයි
Delete//ෆින්ලන්ත වරුන් අදහන ලුතරෙන් ආගම// එහෙම එකක් ඇහුවමයි. පින්ලන්තයේ වෙසෙන ජාතින් හා ආගම් ගැනත් සුළුවෙන් හරි ලියන්න පුළුවනි නම් හොඳයි.
ReplyDeleteඇයි ලුත්රෙන් ආගම ජර්මනියේ නේ පටන් ගත්ත . මාටින් ලූතර් විසින් . සම්ප්‍රදායික කතෝලික හා ඔර්තොදොක්ස් දෙකෙන් වෙනස්ව . පල්ලි හරිම චාම් , රත්රන් එල්ලල අනම මනම් එල්ලලා නැහැ . ක්රුසිය සහ අලතරය විතරයි . කතෝලික ටැක්ස් ක්‍රමයට විරුද්ධ ව කතා කල කෙනෙක් . මගේ බිරිඳ මුලින් ලුතරෙන් ආගමේ තමා . ප්රෝතෙස්තන්ත්‍ර කියලත් කියනව . රිෆොම්ඩ් චර්ච් එකක්
Deleteහ්ම්.....බලාගෙන ගියාම ලුත්රෙන් ආගම වරදක් නැහැ නෙ? මම බෙනඩික්ට් නිකායෙ චාම් බවට, ආගම එක්කම වැඩ කරන එක වගේ ප්‍රතිපත්ති වලටත් කැමතියි,
Deleteඇත්තටම මමත් ගිහින් තියෙනවා ක්‍රිස්මස් මාස් එකට හෙම හරිම චාම්
Deleteඒ පිළිවෙලයි පිරිසිදු කමටයි මම හෙන ආසයි. පාරවල් පරිසරය එහෙම ඇඳලා වගෙයි.
ReplyDeleteඔව් නේද . හරි ලස්සනයි ඒ පැත්තෙන් . ජපානේ වගේ තමා කුණු බිඳක් නැහැ . ලන්ඩන් වල සමහර තැන කුණු ගොඩ පාරේ
Deleteෆින්ලන්තයේ විසිතුරුකම දමා හැඩ
ReplyDeleteලියා තියෙයි අජිතුන් පෙන්නලා වැඩ
පිවිතුරුකමට එහෙ වාගෙම දිදී ඉඩ
කවදද හැදෙන්නේ සිරිලක වෙලා හැඩ
හොඳ කවියක් ලියල නේ නිදි මැතිතුමා අපේ
Deleteෆින්ලන්තය ලස්සන රටකි මා ගිය හැම තැනම වගේ
සිරි ලක කියන්නේ හැඩ වැඩ ඇති ළඳකි අපේ
තව මොනවා හැදෙන්නද ලස්සන ඒ ඇතිය ඇගේ
සිරිලක් ළඳ හැඩයි රුවැතියි නෙතත් අදියි
Deleteඑනමුත් ඒ අසිරි විහින්ම කා ගනිතෙයි
පිරිසුදුකමත් පරිසරයත් ගැන නොතකයි
ඒවා හදා ගත්තොත් රූ රැජන ඇයයි!
The land of a thousand lakes... one of my bucket list item! nice article as usual
ReplyDeleteයන්න ඕනේ තැනක් . අයිස්ලන්තය අනිත් රට
Deletehttps://en.wikipedia.org/wiki/Sisu_(film)
ReplyDeleteබැලුවා කාලෙකට කලින් . මරු ෆිල්ම් එක
Deletehttps://en.wikipedia.org/wiki/Simo_H%C3%A4yh%C3%A4
ReplyDeleteරුස්ස ඉල්ලන් කෑව එකම යුද්ධේ
Deleteලස්සන සටහනක් . කෙටියි කිව්වට කෙටිමත් නැහැ . හැබැයි ඉතිහාස විස්තරේ එකතු කල එක වටිනවා. තව කොච්චර බලන්න තැන් ලෝකෙ තියෙනවද කියල හිතෙනවා . නැව් කොම්පැනියක හරි ප්‍රධාන ගුවන් සේවයක හරි හිටියනම් කියල හිතෙනවා .
ReplyDeleteඒක ඇත්ත තමා . මගේ බකට් ලිස්ට් එකේ මට තව ලතින් ඇමෙරිකානු රටවලට , ඔස්ට්‍රේලියාවට , කැනඩාවට යන්න තියනවා .උතුරු ඇමෙරිකාවට යන්නේ නැහැ කීයටවත් . කියුබාවට යන්න ඕනේ නිසා , තව ගැලපගොස් යන්න හිටියේ මේ අවුරුද්දේ . මිස් උනා . මොන්ගෝලිය චයිනා - මගේ අම්මෝ . බලමු බලමු .
Deleteඅජිත් මම නම් කැමති ස්ලයිඩ් එකට වඩා ෆොටෝ වෙනම දානවට .. ස්ලයිඩ් එකේ පෙන ෆොටෝ පොඩි වැඩියි .. මේ වගේ චාරිකා සටහන් වලදී ෆොටෝ දිහා බලන්න ආස හිතෙනවා .. නමුත් ස්ලයිඩ් එක ටක් ගාල යනකොට නිදහසේ ෆොටෝ එක දිහා බලන්න තියෙන අවස්තාව නැති වෙනවා කියල මට හිතෙනවා ..
ReplyDeleteඉතිරි කොටසුත් ලියන්න ..
මම ස්ලයිඩ් තත්පර 30 කට දැම්ම . මටත් ටිකක් ඒක හිතුන . සමහර ෆොටෝ පොඩි වැඩියි කියල . ඉදිරියට ලස්සන වගේ පින්තූර බ්ලොග් එකේ දාල විස්තර පින්තුර ස්ලයිඩ් එකට දානවා . එහෙම නැත්නම් ඔක්කොම් පින්තුර අගට දානවා
Deleteදවසක යන්න ආසාවෙන් ඉන්න රටක් අයියේ.ලස්සන ලිවීම්.
ReplyDeleteයන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා . ෆින්ලන්තය කියන්නේ ඉඑගන ගන්න විසා දෙන රටක් . ඔයා තවම තරන නිසා යන්න පුළුවන්නේ . අවශ්‍යනම් ඉන්නත් දෙනවා එයාලා
Deleteහදිස්සියේ කියවල ගියානේ ආයෙත් එන්න හිතාගෙන.
ReplyDeleteඑත් බැරිවුනා...විස්තරේ කියෙව්වා. අර කිව්වත් වගේ පොටෝ වෙනම දානවනම් හොඳයි වගෙත්.
ස්තුතියි , තව යෝජනාව දියුණු වුනොත් ආපහු ෆොටෝ දාන අදහස සලකා බලන්නම්
Deleteලංකාවට වැඩියෙන්ම බලපාපු ෆින් ජාතිකයා තමයි හෙලේනා ලෙහ්තිමකි. හොයල බලන්න.
ReplyDeleteස්තූතියි . එයාව නම් හොයා ගත්ත . මොකද්ද බලපෑම -https://www.linkedin.com/in/helenalehtimaki1/?originalSubdomain=fi
Deleteපොටො, වීඩියො බැලුව හිටං. පිරිසිඳුකටම, පිළිවෙලට හිත ගියා!
ReplyDelete