එක්වෙමුද ඒ වෙනුවෙන් ?
*********************************
රුපියල් හාරදාහක් වගේ
පොඩ්ඩක් එහා මෙහා වෙයි ගාන
දවසේ අනුපාතෙ හැටියට
පහුගිය තෙසතියේම
අපි එකිනෙකා හැකි විධිහට
උදව් කළා නේද
පවුම් සීයේ ඉඳන් පන්දහාටත් උඩින්
නමුත් ඇයි ආයෙත් මේ සොච්චමක්
පොඩි වැස්සකින් තමයි
ලොකු වැස්සක් ආවේ
පොඩි හුළඟකින් තමයි කුණාටුවක් ආවේ
ඒ හැම දෙයක්ම ටික ටික එකතු වෙලා
ඔබ දෙන පවුම් දහයත් ඒ වගේ
එකතු වුනහම ඒ මුදල
අපි හැමෝගෙන්ම ..............
ඔබ උපන් රටේ
ඒ හැමදේ නැති වුනු
ඇඳිවත පමණක් හිමිවුණු
ඒ ආදරණීයයන් ගේ
හිසට වහළක් දෙන්න
බිත්තියකට ගඩොල් ටිකක් ගන්න
පාසලක ඩෙස්ක් පුටු අරන් දෙන්න
පාරක් හදා ගන්න
පොත් පත් ටිකක් දරුවන්ගේ
අතට දෙන්න
හිතට නිවනක් දෙන්න
ඔබට හැකියි
එක්වෙමුද ඒ වෙනුවෙන් ?
ගොඩ නගමු අපේ රට
********************************************************************
පාන්දර 12.00 ට…
අලුත් අවුරුද්ද ලබන කොටම,
මගෙනුත් £10
මගේ මව් රටට..!
Bank name : Bank of Ceylon UK Ltd
Account Name - Sri Lanka High Commission
Sort Code - 40-50-56
Account No - 88000221
IBAN NO- GB06BCEY40505688000221
#myfirstpledge4newyear
There are two accounts we can donate money to:
1.Account name: Sri Lanka High Commission
Account Number: 8000221
Sort Code: 40-50-56
2. Account Name: Central Bank of Sri Lanka
Account Number: 8002149
Sort Code: 40-50-56
It is very important to set the reference to ‘disaster relief’ that is the only way the bank can identify the donations.
පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ සහ අනිකුත් රටවල ජිවත් වන බොහෝ දෙනා තම මව් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් නොයෙකුත් විධිහේ ආධාර දුන්නා . මම නම් බොහෝවිට මුදලින් තමයි උපකාර යැව්වේ . පෞද්ගලිකව ආධාර කරන යහළුවන්ට සහ රජයට . සුනාමි කාලයෙදී භාණ්ඩ යැවීමේදී ඇතිවූ ප්‍රශ්න මත තමා ඒ තීරණය ගත්තේ .
ඊට පස්සේ ඉදිරි අතපසුවූ වැඩ කරන්න ලොකු ගාණක් නැතිව (මොකද හුඟක් අය විශාල මුදල් ප්‍රමාණයන් යව තිබුන නිසා ) පවුම් දහයක් (රුපියල් 4000) වැනි මුදලක් හැමෝගෙන්ම එකතු කරන්න සහ ඒ මුදල තානාපති කාර්යාලයට භාර දෙන්න එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් තීරණය කරලා තිබෙනවා . මේකට අනිත් අයටත් එකතු වුන හැකි . මේ මුදල ඊට පස්සේ මාසෙකට සැරයක් ඒ ගණන හෝ ඊට වැඩි හෝ අඩු ගණනක් එකතු කරන්න බලා පොරොත්තුවකුත් තිබෙනවා .
මා රැකියාව කරන ආයතනය වන "The Access Group" එකත් ආධාර කරලා තිබෙනවා අප සම්බන්ධ චැරිටි ආයතනය හරහා .
ඒ පිලිබඳ පොඩි විස්තරයක් : Sri Lanka has experienced severe flooding and landslides following unprecedented rainfall due to Cyclone Ditwah. These disasters have caused significant loss of life, widespread displacement, and destruction of homes and infrastructure. Many communities are struggling to access necessities, and recovery will take time.
Our thoughts are with everyone affected, including colleagues and customers in the region.
How we’re responding
Based on our Disaster Response Plan, we are initiating a Level 3 response. This means:
A company-wide campaign to raise funds for relief efforts
Matched funding for employee donations to amplify impact
£5,000 grants from the Access Foundation for charities who have supported employees through this crisis
Our response partner
We’ll be fundraising for the Foundation of Goodness (our Sri Lanka Charity of the Year), who are mobilising flood relief through their 22 empowerment centres across the island. They’re deploying essential relief packs to Sri Lanka’s most badly impacted areas, especially in the mountainous central region where flooding and landslides have devastated communities.
Each pack, valued at Rs. 6,000 (around £15 / €18 / $20), includes items such as rice, flour, dhal, sugar, tea, soap, toothpaste, sanitary items, and other essentials. While the value remains the same, the contents may be adapted to meet the immediate needs of families returning from displacement camps to damaged homes.
ස්තූතියි
බිඳෙන් බිඳෙන් ජලේ
ReplyDeleteසෙමෙන් පිරෙයි කලේ
ඇත්තකි එය බොලේ
අල්ලමු අපි 'නිලේ'
සොච්චමකින් වුණත්
සැවොම උදව් කළොත්
මහ ගණනකි එයත්
නංවයි සිරි ලකත්!
යහපත් සිතින් ගුණවත් කමින්, වාද අමතක කර එක්වෙන හැටි අගෙයි. හැකි පමණින් එක්වෙමු ගොඩ ගන්නට දුකට පත්වූවන්.
ReplyDelete++++++++++++++++++++
ReplyDelete