Sunday, 22 March 2026

යුද්ධයේ සැබෑ තත්වය

created by google gemini
ගුගල් ජෙමිනි විසින් නිපදවන ලද අනාගත අධිරාජ්‍ය වල සිහිනයකි . 

යුද්ධයේ සැබෑ තත්වය  ********************************************************************මා මෙහිදී උත්සාහ කරන්නේ හැකි අයුරින් මධ්‍යස්ථ වීමටය .  ඕනෑම යුද්ධයක මුල්ම කැෂුවල්ටිය (හෙවත් තුවාලකරු) සත්‍යය යයි කියනු ලැබේ. බොහෝ වෙබ් අඩවි ,  ෆේස්බුක් ප්‍රෝෆයිල ,  රුසියානු යුක්‍රේන යුද්ධයේ මෙන්ම ඇමෙරිකා +ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ ද තම තමන් සහය දෙන රටට  පාර්ශ්වීය ලෙස තොරතුරු ලියා දක්වනු පෙනේ.

රුසියානු යුක්‍රේන යුද්ධය ගැන ලියද්දි  කෙනෙකු ලියා  තිබුනේ රුසියාව හිතූ පරිදි දින දෙක තුනකින් දිනුවේ නැති අතර යුක්‍රේන  ජනතාව වීර ලෙස රුසියාවට  එරෙහිව සටන් කරන බවය .  රුසියාවේ මියගිය ප්‍රමාණය අනුව පූටින් දරුණු පරාජයකට මුහුණ පා ඇති බවය .  මේ අදහසේ  මුල් කොටස නිවැරදිය .  නමුත් දෙවන කොටස ගැන එකඟ විය හැකිද ?  දෙවන යුක්රේන යුද්ධය ඇරඹෙන විට රුසියාව ක්‍රිමියා ව අයත් කරගෙන තිබුණි.  නමුත් ක්‍රිමියා අර්ධද්වීපයට ජල සැපයුමක් තිබුනේ  යුක්‍රේනයේ සිට එන උතුරු ක්‍රිමියන් ඇලෙනි. යුක්‍රේනය එය වසා දැමූ පසු ළිං කැපීම හා නැව් වලින් සැපයීම හැරෙන්නට එහි ජනතාවට ජලය සපයා ගැනීමේ  ප්‍රශ්නයක්ද පැන නැගුණි.  එසේම යුක්‍රේනය  වරින් වර තෙල් සහ ගෑස් සැපයුමට බාධා කරන්නටද  විය.  

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන්  පසු යුක්‍රේනය තනිව සටන් කලේ නැත ,  මුළු නේටෝ සංවිධානයේ රටවල් සියල්ලම පාහේ (හංගේරියා සහ ස්ලොවැකියා හැර )  ඔවුන්ට සහය දුනි .  මිසයිල,  ද්‍රෝන, යුධ ටැංකි සහ ආයුධ  සහ මුදල් ලෙසින් ඒ සහය ලැබුණි.  මෙය හරියට සෝවියට් දේශය 1976 දී ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කල විට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මුජහදීන් ගරිල්ලා ව්‍යාපාරයට  සහය දුන් ලෙසිනි . 
ඒ නිසා රුසියාව සමග යුක්‍රේන  යුද්ධය චෙස් ක්‍රීඩාවේ  ස්ටේල්මේට්  (ජය පරාජයක් නැති )  හෙවත් එකතැන නතරවී තිබෙන  බවක් පෙනේ.

නමුත් . ......වර්ග කිලෝමීටර් පනස් තුන්දාහක් වන දොන්බාස් ප්‍රදේශයේ සියයට අසූ අටක (88%) ප්‍රමාණයක් රුසියාව  විසින් අල්ලාගෙන ඇත .  ඒ ශ්‍රී ලංකාවේ භූමි  ප්‍රමාණයට වඩා  වර්ග කිලෝමීටර විසිදහකට අඩු ප්‍රමාණයකි .   එනම් ලංකාවේ ප්‍රමාණයෙන් 70% ප්‍රමානයක් රුසියාව විසින්  අල්ලාගෙන ඇත .  ක්‍රිමියාවට ජලය අර ඉහත කී ඇලෙන් කරදරයක් නැතිව දැන් ලැබේ.  රුසියාව හා නේටෝව අතර බෆර් සෝන් එකක් හෙවත් බාධකයක් ද නිර්මාණය  කර ඇත .  රුසියාව පැරදී ඇතැයි කවුරු හරි කියනවාද? පුටින් මේ සැලසුම් ඇති කරගත්තේ පසුගිය වසර තුල යයි කවුරුන් හෝ සිතනවාද?

පැරදී  ඇත්තේ "බලහත්කාරයෙන් තවත් රටක්  ආක්‍රමණය කර අල්ලා ගැනීමට නොහැකිය" යන අන්තර්ජාතික නීතියයි. මේ ශතවර්ෂය නැවතත් අධිරාජ්‍ය බිහි කරයිද ?  ඉරාන යුද්ධයට පෙර මම  ඒ ප්‍රශ්නය -  සියලු තොරතුරු ඉදිරිපත් කර කෘතීම බුද්ධි ඒජන්ට් කෙනෙකු ගෙන් (මෘදුකාංග)  ඇසුවෙමි .  මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ඒ ලිපිය තිබේ.මට ලැබුණු පිළිතුර වූයේ ඇමෙරිකානු අධිරාජ්‍යය ,රුසියානු  අධිරාජ්‍යය, චීන අධිරාජ්‍ය හා ඉන්දියානු අධිරාජ්‍යය  ඒ අනුව නිර්මාණය වනු  ඇතැයි කියාය .  එය තව දුරටත් එසේ නොවන බව මට පෙනේ. බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය දියවී යනු ඇත . 
 
ලෝකයේ බලහත්කාරයෙන් රටවල් අල්ලා   ගැනීම දහනව වැනි ශතවර්ෂයෙන්  පසු විසිවන සිය වසේ අවසන් වුනැයි අපි සිතුවෙමු .  එහෙත් අමෙරිකානුන් වෙනිසියුලාවේ ජනාධිපති (ඔහු කෙතරම්කුප්‍රසිද්ධ අයෙකු වුවත්  )  බලයෙන් අල්ලා ගැනීම හරහා යුධ බලයෙන් සන්නද්ධ බලවත් රටවල් තමන්ගේ අසල්වැසි රටවල් හෙවත් අල්ලා ගැනීම සාධාරණිකරණය වීමක් සිදුවුණි .      . 

ඉරාන යුද්ධයෙන් දැනට ඇමෙරිකා  එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර මගින්  ඉරාන  ප්‍රධාන නායකයන් ඝාතනය කරන ලදී .  මෙය හඳුන්වන්නේ decapitating strike හෙවත් ගෙල සිඳීම කියාය.  මේ රටවල් දෙක ගුවනින් බෝම්බ දැමීම හා  මිසයිල ආක්‍රමණයක් මිස පූර්ණ හමුදා මැදිහත්වීමක් තවම සිදු කර නොමැත .  ඔවුන් ඉරානයේ  අට දහසකට වැඩි ප්‍රධාන ස්ථාන සංඛ්‍යාවකට බෝම්බ දමා  හෝ මිසයිල මගින් පහර දී ඇත .  ඉරාන ජාතිකයන් 2300 පමණ හා  ඇමෙරිකන්  භටයින් 13 දෙනෙකුත් දැනට මිය ගොස් ඇත.  ඉරානය විසින් මැද පෙරදිග ඇමෙරිකානු කඳවුරු 14 කට පහර දී තිබේ .  එසේම  ඉන්දියානු සාගරයේ දියෝගෝ ගාෂියා කඳවුරට නුදුරින් මිසයිල් දෙකක් පතිත වී ඇත. එය ඇත්තටම ඉරානය විසින් ගැසුවාද, නැතහොත්,  බ්‍රිතාන්‍යය යුද්ධයට ඈඳා ගැනීමට කරන ලද ව්‍යාජ්‍ය මෙහෙයුමකද  (FFO) යන්න පැහැදිලි නැත. මා දන්නා තරමින් ඉරානයට එතරම් දුර යන මිසයිල නැත.  ඇමෙරිකාව කියන්නේ ඉරානය චන්ද්‍රිකා යවන රොකට්ටුවකට වෝ හෙඩ් එක්ක සවිකර යවන්නට ඇති කියාය.  හොරාගේ අම්මාගෙන් පේන අහන්නාක් වැනිය 
      
යුද්ධයක් සාමාන්‍යයෙන් සුමානයකින් හෝ දෙකකීන් අවසන් අවන්නේ නැත .  එක පාර්ශ්වයක අරමුණු සාර්ථක වනතුරු සාමන්‍යයෙන් යුද්ධ දිග්ගැස්සේ. මේ අනුව තවම ඉරානය ජයගෙන නැත .  ඇමරිකා ඊශ්‍රායල සන්ධානය ජය ගෙනද  නැත .  නමුත් දැනට වැඩි වාසිය ඇමෙරිකා -  ඊශ්‍රායල සන්ධානයට  බව පෙනේ .  ඉරාන අහස ඔවුන් නතු කරගෙන ඇත. ඉරානය නිර්භීත ලෙස  ඔවුනට් එරෙහිව සටන් කරයි.  

නමුත් මේ ඊශ්‍රායල සැලසුම දෙස බලන්න .  ඔවුන්ට තර්ජනයක් එල්ල කල හෝ කරන අයට පහරදී අඩපන කිරීමේ උපාය මාර්ගයක්   ඔවුන් රට නිර්මාණය වූ කාලයේ සිටම සියොන් වාදී සංවිධාන විසින්  අනුගමනය කරන  ලදී. ඊශ්‍රායලයට මැද පෙරදිග අවනත කර ගන්නට අවුරුදු 40කට එහා ගිය සැලසුමක් තිබේ යයි කියති .  අද වන විට ඒ සැලසුම් සාර්ථක වී  විරුද්ධත්වයක්  එල්ල කල හැකි සියලු රටවල් විනාශ කර  රූකඩ පාලන බිහි  කර තිබේ.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ  බටහිර සන්ධානය ඉරාකයට පහරදී ඒ රජය විනාශ කරන ලදී ,  දැන් තිබෙන්නේ දුබල රජයකි .  ලිබියාවටද  ලෙසම සිදු වුනි .  අවසානයේ මේ දීර්ඝ කාලින සැලසුමට අනුව පරාජය වූයේ සිරියාවේ අසාද් ය. සිරියාව  බිඳ වැටුනු පසු  බොහෝ අය සිතු හෝ,  බොරු ලිවූ පරිදි  පරිදි රුසියාවට  අලාබයක් සිදු වූයේ නැත . තවමත් ටාටුස් වරාය හා ගුවන් හා පාබල හමුදා කඳවුරක් රුසියාව සතුව පවතී.  ඒව නැතිවී නැත.  නව සිරියන් ජනාධිපති අමෙරිකාවේ ආශීර්වාදය ඇතුව රුසියන් ජනාධිපති හමුවන්නට නොබෝදා ගියේය.  
වත්මන් ඊශ්‍රායලයේ තුනෙන් එකකට වඩා ජනතාවක් රුසියාවෙන් එහි සංක්‍රමණය වූ සෝවියට් යුදෙව්වන්ය .  ඔවුන් බොහෝ විට රුසියන් බස වහරති. සත්‍යය ඔබ සිතනවාට වඩා වෙනස්ය .     
 
මේ අනුව ඉරානය  සම්පුර්ණයෙන්  යටත් කර ගන්නට අමෙරිකවට  හෝ ඊශ්‍රායලය ට අවශ්‍ය නොවන බව ඔබට පෙනෙනු ඇත .  ඒ වෙනුවට ඊශ්‍රායල- ඇමෙරිකානු අධිරාජ්‍යය ට යටත් වීමට සිදුවනු ඇත .  ඇමෙරිකානු බලය මැද පෙරදිග ක්‍රියාත්මක වීම ඊශ්‍රායල අධිරාජ්‍යයයෙන් සිදුවනු ඇත .  ට්‍රම්ප් පිස්සෙකු ලෙස කටයුතු කරන්නේ යයි බොහෝ අය පවසති . නෙතන්යාහු බල උන්මාදයෙන් පෙලෙන අයෙකු යයි බොහෝ අය පවසති .  
වර්ෂ 2000 දී පමණ ට්‍රම්ප් ජනධති වන බවට 'අනාවැකියක් '  සිම්ප්සන්  නමැති විහිළු රුපවාහිනී සීරිස් එකේ පෙන්වන ලදී .ජනතාවට දෙන  මේ මානසික පණිවිඩ ඉබේ හැදුනු ඒවාද ? (මගේ කලාව මගින් අනාගතය ප්‍රකාශ කිරීම: සිනමාව ඇසුරින්' ලිපිය බලන්න ). ට්‍රම්ප් ගේ හැසිරීම හා නෙතන්යාහු හැසිරීම පෙන්වන්නේ දීර්ඝ සැලසුමක ක්‍රියාකාරී නියෝජිතයන් දෙදෙනෙකුගේ ස්වභාවයයි .  

එනිසා ප්‍රබල ඉරාන ප්‍රතිවිරෝධය හමුව උවද ඇමෙරිකන් ඊශ්‍රායල හවුල කිසියම් ජයග්‍රහණයක් දැනටමත්  ලබා ඇත. නමුත් මේ සම්පුර්ණ ජයග්‍රහණයකට හරස් වන්නේ රුසියානු යුක්‍රේන යුද්ධයේ නේටෝ කරන උදව් මෙන් ඉරාන යුද්ධයේදී චීනය සහ  රුසියාව  ඉරානයට නොයෙකුත් අන්දමේ උපකාර කරණ හෙයිනි. මේ බොහෝ උපකාර බුද්ධි තොරතුරු  හුවමාරු කර ගැනීමක් පමණක් වුවද ඉදිරියේදී එය වෙනස් විය හැකිය. 

රුසියාව සහ තවත් රටවල් කිහිපයක් බ්‍රික්ස් සංවිධානය පිහිටුවා ගැනීමට එක හේතුවක් නම් පෙට්‍රො ඩොලරයේ ආධිපත්‍යය සීමා කිරීමයි .  හොමුස් සමුද්‍ර සන්දිය හරහා යන නෞකා වලට  යුවාන් වලින්  ගෙවන්නට යයි ඉරානය පවසන විට ඒ වෙන්නේ කුමක්ද  යන්න වැටහිය යුතුය .  මෑතකදී ශ්‍රී ලංකාවේ  රුසියානු තානාපති යුවාන් වලින් රුසියනු තෙල් වලින්  ගෙවන්න යයි  ශ්‍රී ලංකාවට පවසා ඇත.

සිනොපෙක්  සමාගම හරහා බ්‍රෙන්ට් ඔයිල් හෙවත් දැවි තෙල් පිරිපහදුවක්   ශ්‍රී  ලංකාවේ  ස්ථාපිත කිරීමට යෝජනාවක් පැමිණියත් එයට  ඉන්දියාව විරුද්ධය .  ඒ ආරක්ෂක හේතුන් මත යයි කියමිනි. එසේම  ලංකාවේ වරායවල්  වෙනත් රටක යුධ නෞකා වලට ඉඩ දීම ඉන්දියා ව තර්ජනයක් ලෙස සලකයි. ආයුධ රහිත ප්‍රදර්ශනයකට ආ යුධ නැවකට, අන්තර්ජාතික සාගර නීතියට එරෙහිව ටෝපිඩෝවකින් පහර දීම අනතුරු හැඟවීමකි.        

රුසියාවේ පුටීන් තමන්ගේ රටට ආසන්න රටවල් තමන්ට තර්ජනයක් ලෙස සලකා ආක්‍රමණය කිරීම  බලය පෙන්වීමකි.  ට්‍රම්ප් දකුණු ඇමෙරිකාවේ වෙනිසියුවෙලා හා කියුබා  යන රටවල් වලට තර්ජනය කරන්නේද ඒ අනුවමය. එසේම ඔවුන් විසින්   ඉරානයට පහර දීම අන්තර් ජාතික නීතියට වලංගු නැත.  මේ අනුව චීනය තම රට අසල ඇති තායිවානය ආරක්ෂාවට තර්ජනයක් යයි සලකා  පහර දුන්නොත් කුමක් වේද ?  අපට චීනය විවෙච්නය කල  හැකිද ?  ඉන්දියාව 1987දී මෙන් නැවත එසේ කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ට කළහැකි යමක් තිබේද?  පිළිතුරැ නැත  යන්නය.

නේටෝ රටවල් ඇමෙරිකානු -ඊශ්‍රායල හවුලට සහය දෙන්නෙන් නැත .  එසේම ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් නේටෝ සංවිධානය සම්පුර්ණයෙන් බිඳ වැටෙනු  ඇත .  එවැනි අවස්ථාවක  බෝල්ටික් රටවල් ( එස්ටෝනියා ,  ලිතුවේනියා ,  ලැටිවියා )  හා මොල්දෝවා වැනි රටවල් රුසියානු ග්‍රහණයට නතු වීම වැළැක්විය නොහැකිය . 
මුළු දකුණු අමෙරිකාවම  ඇමෙරිකාවේ  ග්‍රහණයට වැළැක්වීම ද නතර  කල නොහැකිය . 
 
  නතර කල හැකි එක ක්‍රමයක් තිබේ ,  ඒ තුන්වන ලෝක යුද්ධයකට යාමය.    ඉන් බලවත් රටවල් දෙක තුනක් විනාශ වී යාමෙන් සමහර  විට සාමය එළඹිය හැකිය . නමුත් එය ඉතා දරුණු තත්වයකි . 

තවත් ප්‍රශ්නයක් තබේ .  ඊයේ  ඉරානය ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාරයකට ආසන්න තැනකට මිසයිල ප්‍රහාර එල්ල කළේය .  දෙසීයක් පමණ තුවාල  වූ බවද සඳහන්ය. එවැනි න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල  වුවහොත්   ඊශ්‍රායලය වැනි ජාත්‍යන්තර නිතිය තඹ  සතේකට නොසකලන චන්ඩි රටක් න්‍යෂ්ටික අවි වලින්  ඉරානයට පහර දුන්නොත් ඇතිවන්නේ න්‍යෂ්ටික  යුද්ධයකි .  මැද පෙරදිග සම්පුර්ණයෙන්ම විනාශ වී ලෝකය දරුණු  අගාධයකට ඇද වැටෙනු ඇත .  අපට ඇති බිහිසුනම තර්ජනය එයයි .  මේ විනාශකාරී සැලසුම පරාජය  කල යුත්තේ එබැවිනි . 

පින්තුරය නිමවා ඇත්තේ ගුගල් ජෙමිනි වලින් මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසය  .  ලෝක යුද්ධයකින් අධිරාජ්‍ය පහක්  බිහි වුවහොත් ලෝක සිතියම් පෙන්වන්න කියා ඉල්ලීමක් කළෙමි.  

අජිත් ධර්මකීර්ති 22/03./2026

 
   
      
   

Sunday, 15 March 2026

මාක්ස්වාදියෙකු ගේ අව්‍යාජ ප්‍රේමයද , අපයෝජිත තරුණියකගේ ශෝකාලාපය ද

 

බොහෝ කලකට පසු ලියා ප්‍රකාශයට පත්කළ ඉතා කෙටි නවකතාවක් මා අතට පත්විය. ඒ  තිලිණා  වීරසිංහ ගේ  'ආදරණිය දෙවියන් වහන්සේ හා අන්ධකාර රාත්‍රිය' නැමති කුඩා පොතය . ඇගේ නිර්මාණ  වලට  ශ්‍රී ලාංකික පොත් කියවන හා විචාරය කරන සමාජයේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් තිබේ යි දැන ගන්නට ලැබුණි.  වරෙක සියමා පොත දෙමළට පරිවර්තනය කිරීමට එක්තරා යෙහෙළියකට අවශ්‍ය වුවද එහි අන්තර්ගතය කියවීමෙන් පසු ඇය එය ප්‍රතික්ෂේප කලේ 'මට යහළුවන් සිටිනවා'  යයි කියමිනි.  ප්‍රශ්නය ඇත්තේ එතැනය. ඒ කියන්නේ අප ස්පර්ශ කරන මාතෘකාව ශ්‍රී ලාංකික සමාජයට මතභේදාත්මකය.  

නොබෙල් ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ලේඛිකා නඩින් ගෝර්ඩිමර්ගේ  'ගෞරවනීය  අමුත්තා' "A Guest of Honour" නැමැති  දේශපාලනික ප්‍රබන්ධයක් තිබේ. මෙය ගෝඩිමර්ගේ  දීර්ඝතම නවකතාව වන අතර එය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් බැහැර පරිසරයක නිර්මාණය වූ ඇයගේ එකම කෘතිය ද වේ. මෙහි පසුබිම වන්නේ අලුතින් නිදහස ලැබූ ප්‍රබන්ධ අප්‍රිකානු රාජ්‍යයකි

එහි  ප්‍රධාන චරිතය වන්නේ ජේම්ස් බ්‍රේ ය. කර්නල් ජේම්ස් බ්‍රේ එම රටේ යටත් විජිත පරිපාලකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු දැඩි සමාජවාදී/මාක්ස්වාදී අදහස් ඇති හිටපු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෙකි. ඔහු   එරට නිදහස් අරගලයට ඔහු දැක්වූ සහයෝගය නිසා ඔහුව නැවත එංගලන්තයට කැඳවනු ලබයි.  නමුත් ඔහු එරට නිදහස සැමරීම සඳහා, එහි වත්මන්  ජනාධිපතිවරයා වන ම්වේටා නම් තම  මිතුරාගේ ගෞරවනීය අමුත්තෙකු ලෙස නැවත පැමිණේ. එසේම නව රජයේ අධ්‍යාපන උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට ද ඔහුට ආරාධනා කෙරේ.  එහිදී ඔහුගේ පැරණි මිතුරු ජනාධිපතිවරයා විසින් මෙහෙයවන නව රජය  සහ වර්ධනය වන විප්ලවවාදී කණ්ඩායමක් අතර මතවාදීව  සිරවෙයි.

අවාසනාවකට මෙන්, ජනාධිපති ම්වේටා  සහ ඔහුගේ හිටපු දකුණු අත වැනි සහායකයා වූ එඩ්වඩ් ෂින්සා අතර ආරවුලක් හටගනී. බ්‍රේ මොවුන් දෙදෙනාවම හොඳින් හඳුනන්නෙකි. ම්වේටා විදේශ ආයෝජන මගින් ආර්ථිකය පුළුල් කිරීමට උත්සාහ කරන අතර, ෂින්සා ජනතාවට සෙත සැලසීමේ මතවාදයේම රැඳී සිටින බව බ්‍රේ වටහා ගනී. වැඩි කල් නොගොස් ම්වේටා ද අනෙකුත් අප්‍රිකානු නායකයන් මෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවට ආර්ථිකයේ පූර්ණ පාලනය තමන් නතු කරගැනීමේ මාවතට යොමු වේ. ජනතාව යටත් විජිත පාලනය යටතේ සිටියාට වඩා යහපත් තත්ත්වයකට පත් නොවන අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් පමණක් සශ්‍රීක වේ.  බ්‍රේ රජයට එරෙහි කැරලිකාර නායකයෙකු වූ ශින්ෂා  සමඟ එකතු වීමට තීරණය කරයි

මේ අතර, බ්‍රේ තමාගේ කම්මැලි එංගලන්ත විශ්‍රාමික ජීවිතයට වඩා අප්‍රිකාවේ සිටීම ගැන සතුටු වේ. ක්‍රමයෙන් ඔහු ෂින්සාගේ මතවාදය දෙසට නැඹුරු වේ. නිදහස ලැබූ රටක් ක්‍රමයෙන් මර්දනකාරී රාජ්‍යයක් බවට පත්වන ආකාරයත්, එහි කළු ජාතික ප්‍රභූ පැළැන්තිය හුදෙක් සමේ වර්ණයෙන් පමණක් තම සුදු ජාතික පූර්වගාමීන්ගෙන් වෙනස් වන ආකාරයත් ගෝඩිමර් ඉතා විශිෂ්ට ලෙස විස්තර කරයි. මෙය ඇයගේ හොඳම නවකතාවලින් එකක් වන අතර, මෙය දකුණු අප්‍රිකාව ගැන නොවුණද, නිදහසින් පසු බොහෝ අප්‍රිකානු රටවලට පොදු තත්ත්වයකි.  

මේ ලිපියට මට අවශ්‍ය බ්‍රේගේ චරිත නිරූපණය ද මෙම පොත සුවිශේෂී වීමට හේතු වේ. පොත ආරම්භයේ ඇය උපුටා දක්වන ඉවාන් ටර්ගිනිව්ගේ කියමනකට අනුව, "ගෞරවනීය මිනිසෙකු අවසානයේ තමා ජීවත් විය යුත්තේ කොහේදැයි නොදන්නා තත්ත්වයකට පත්වේ."

බ්‍රේ එංගලන්තයේ සිටින ඔලිවියා සමඟ විවාහ වී සිටියද, ඔහු සැඟවී සිටින කාලය තුළ රෙබෙකා  නම් කාන්තාව සමඟ සම්බන්ධතාවයක් පවත්වයි. එම තරුණිය "කැමැත්තෙන් එය කළාද" යන්න පිළිබඳ සැකය විචාරකයින් මතු කරයි. ගෝර්ඩිමර් මෙම ලිංගික සබඳතා හරහා දේශපාලන බලය නිරූපණය කරන බව ඔවුහු පවසති. උසස් දේශපාලන තනතුරක් දරන පිරිමියෙකු සහ ඔහු රැකබලා ගන්නා කාන්තාවක අතර ඇති මෙම බල පරතරය බරපතල ස්ත්‍රීවාදී විවේචනයට ලක් වේ.

 කැරලිකරුවන්ට උදව් කිරීමට යන අතරතුර, ඔහුට දුරස්ථ ප්‍රදේශයක නැවතී සිටීමට සිදු වේ.රෙබෙකා සමඟ ඔහුට සම්බන්ධතාවයක් ඇති වන්නේ මෙහිදීය. ඇය ඔහුට වඩා බෙහෙවින් බාලය. ඇගේ කාර්යය වන්නේ ඔහුට ආහාර පිසීම සහ ලිංගික සුවය ලබා දීමයි. බ්‍රේ තමන් "විමුක්තිදායකයෙකු" ලෙස සිතුවද, රෙබෙකා සමඟ ඔහුගේ සබඳතාවය ඉතා ඉහළ-පහළ උස් - මිටි මට්ටමක පවතී.

බ්‍රේ කැරලිකරුවන් හමුවීමට යන අතරතුර පිරිසක් විසින් ඔහුට පහර දෙනු ලැබේ. ඔහු බේරා ගැනීමට උත්සාහ කරන "පීඩිත ජනතාවම" ඔහුව මරා දමන්නේ ඔහු තවත් එක් සුදු ජාතික යටත්විජිතවාදියෙකු යැයි සිතමිනි. ඔහුගේ මරණයෙන් පසු, ඔහු පාවා දුන් රජයම ඔහුව "වීරයෙකු" ලෙස හංවඩු ගසමින් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනී.

විචාරකයින් පවසන්නේ බ්‍රේ වැනි පුද්ගලයින් "මනුෂ්‍යත්වය" (මානව වර්ගයා) ගැන උදම් ඇනුවද, තමා අසල සිටින සැබෑ මනුෂ්‍යයන්ට (විශේෂයෙන් කාන්තාවන්ට) ගරු කිරීමට අපොහොසත් වන බවයි. රෙබෙකා ට  මෙම පොතේ තමන්ගේම "හඬක්" නැත. ඇය විප්ලවවාදියාගේ අවශ්‍යතා සපුරාලන ලාභ "සම්පතක්" මිස සහකරුවෙකු නොවේ. බ්‍රේ පීඩනයෙන් ජනතාව නිදහස් කිරීමට කැපවී සිටින බව පැවසුවද, ඔහු තමාගේ පෞද්ගලික ජීවිතයේදී කාන්තාවක පහත් මට්ටමක තබා ගනී.

මට මේ පොතේ  රෙබෙකා වැනි කාන්තාවන්ගේ "කැමැත්ත" ඉතාමත් සැක සහිතය. මන්ද ඇගේ අසරණ තත්ත්වය සහ බ්‍රේගේ ඉහළ සමාජ තත්ත්වය හමුවේ ඇයට "එපා" යැයි කීමට සැබෑ අවස්ථාවක් නොතිබූ බැවිනි.

දැන් අපි තිළිනා ගේ පොතට යමු . මාරියා දිළිඳු  පවුලක උපන් දැරියකි .  තම මව පියා හමුවේ විඳින වධ, ඔහුගේ දුෂණ කිරීම් කුඩා කාලයේම අත්  දුටු ඇයගේ ළඳරු හා ග්ටවර ජීවිතය ගෙවුනේ බියෙන් සැඟවී ගෙන දෙවියන් වහන්සේ කෙනෙකුට ඇයව බේරා ගන්නට යාඥා කරමිනි. වැඩි විය පත්වන ඇගේ සොහොයුරා මවට හා ඔවුන්ට පහර දෙන, වධ දෙන පියා වැනි ඵර්ඩිනස් එළවා දමයි. මාරියා කන්‍යාරාමයක ඉගෙනීමට නැවතෙන අතර තුර  සොයුරු රමේෂ් රැකියාවකට යයි.  අධ්‍යාපනයෙන් පසු දෙවියන් වහන්සේ පසෙක ලා සිවිල්  යුධයෙන් ගිනිගෙන දැවෙන ලංකාවේ අග නුවර කරා රැකියාවක් සොයා ගැනීමට ඇදෙයි. සරසවි සිසුන්, පිටත  තරුණ තරුණියන් ඝාතනය වන,  දේශප්‍රේමින් අතින් විරුද්ධ වාදීන් ඝාතනය වන,  දෙමළ සටන්කාමීන් එකිනෙකා මරා ගනිමින් මහා ජාතියට සිය දිවි නසා ගන්නවුන් එවන භීම  සමයකි එය.        

මහා මාක්ස්වාදියා  සිටියේ සැඟවී ගෙනය.  රමේෂ්, සැඟවී සිටින ඒ  නුවණැති,  සකල ලොව නිර්ධනින් ට හා පෑගෙන සුළුතර ජනතාවට ප්‍රේම කරන, මානව ප්‍රේමී ,  සමාජවාදී මාක්ස්වාදියාට උයා පිහා  දීමට,  නිවස පිරිසිදු කිරීමට හා රැක බලා ගැනීමට තම සොයුරිය මාරියා ගෙනැවිත් නවතයි. දැන් ඔබට නදීන් ගේ නවකතාවේ හා තිළිණා ගේ කතාවේ සමානකම් හා අසමානකම් දැකීමට හැකි වනු ඇත . 
   
ප්‍රශ්නය එන්නේ පිටුව 48 දී ය .  
"ඒ අදිසි  උණුසුම ඔහුට අමතක විය හැකිය .  එහෙත් මරියා ට .. සිය සිරුරෙහි උණුසුම පවතින තාක් ..මරියාගේ හදවත් ආදරයෙන් අවදිකර වූ ඔහුගේ පළමු ආගමනය අමතක නොවේ .  "  මරියා සැබෑ චරිතයක් වූයේ නම් මේ අත්දැකීම් සත්‍ය නම් එය සිදුවිය හැකිද? එසේ නැතිනම් තිළිනා වීරසිංහට සමහර විට  තම මාක්ස්වාදී පාක්ෂිකත්වය මත වෙනස් අන්දමකට සිතීමට  නොහැකි වීද?

 ඒ කාලයට සාපේක්ෂව වෙනම රටක් තරමට වූ ප්‍රදේශයක සිට පැමිණෙන ස්ත්‍රීවාදිනිය ට රස මසවුලින් සංග්‍රහ කරන්නේ මරියාය. නිවසේ සංයුතිය වටහා ගන්නා ස්ත්‍රීවාදිනිය තම ජිවිතයට පැමිණ ඇති මරණීය තර්ජනයද  නොතකා ඒ වියවුල් නිවසින් පලා යන්නීය.සටන්කාමීන් අතින් මරුමුවට පත්වන්නට තරම්  තර්ජනයක් ඇති ඇය පලා ගියේ ඇයි? ස්ත්‍රීවාදීනියකට  එවැනි අපයෝජනයක් දරා  ගැනීමට නොහැකි වීමක් විය නොහැකිද? 
 
පැබ්ලෝ නෙරුඩා අප හඳුනන්නේ විප්ලවවාදී සොඳුරු කවියෙකු ලෙසය .  නමුත් චිලි රටේ සන්තියාගෝ  ප්‍රධාන ගුවන් තොටුපල  ඔහුගේ නමින් හැඳින්වීමට එරෙහිව  ප්‍රබල විරෝධතාවයක් ස්ත්‍රීවාදී සහ මානව අයිතිවාසිකම් සංවිධාන වලින් පල විය.  චිලි රජය එම අදහස ඉල්ලා අස් කර ගත්තේය .  හේතුව පහත්  කුලයක දෙමළ කතක් නෙරුඩා විසින් දූෂණය කිරීමය.  ඇය කිසිවක් නොකර නිහඬව සිටියේ රැකියාව අහිමි වීමට බියෙන් බව පැහැදිලිය. නෙරුඩා මෙහිදී බලය ඇති තැනැත්තාය .  ඒ නිසා එතන පැහැදිලි ලෙසම බලය අපහරණයක් සිදුව ඇත . . අසෝක හඳගම ගේ  ඇල්බොරදා සිනමා කෘතියේ පවසන්නේ මේ කතාවයි .  කාලය විසින්  අතික්‍රමනය කල කතාවක කුලහීන කාන්තාවට සාධාරණය ඉෂ්ඨ කිරීමක්  හඳගම අතින් හා චිලියේ ස්ත්‍රීවාදී සංවිධාන අතින් සිදුව ඇත .  
නන්දන වීරරත්න ගේ  'සලෙලු වරම '  කෘතියට විවේචන ගෙන එන්නවුන් පවසන්නේ  එය පරණ කුණු කන්දල් ඇවිස්සීමක් ලෙසය.  නමුත් නන්දන විරරත්න කර ඇත්තේද හඳගම මෙන්ම  කටහඬ අහිමි වූ අයට ඒ හඬ යලි ලබා දීමයි.  කල් පහුවී හෝ  අප අතින් සිදුවිය යුතු ලෙස සාධාරණය ඉෂ්ට කර දීමකි  එය. 

නමුත් කතුවරිය අපට කියන්නේ මාරියා ගේ කැමැත්තෙන්  සියල්ල සිදුවූ බවය . මේ ඒකපාක්ෂික රඟ දැක්වීම ඇත්තේ 54 වන පිටුවේය .  
"ඒ අන්ධකාර රාත්‍රියෙහි ඔහුගේ කුටියට ඇතුළු වීමට . ...මාරියා ගේ හදවතට ..දෙපාවලට දැනෙමින් තිබුණි . " 
මේ තර්කාන්විත නොවන ප්‍රබන්ධය කතුවරිය ගොඩ නගන්නේ ඇයි?

අපි පොතේ මුල් පිටු නැවත මතක් කර ගතහොත්, ඒ මෙසේය . 

"ඇගේ ඇඳුම් සියල්ල විසිරී තිබුණි. ඒ නිසා ඇය සිටියේ නිරුවතිනි ,  දෑත් හා දෙපා දෙපසට විහිදා කුරුසියක ඇණ ගැසූ කලක මෙන් වේදනාබරිත ස්වරූපයකින් . ..' පිටුව 30

.."උඩුබැල්ලෙන් බිම වැතිර සිටි ඉසබෙල් ගේ පැත්තේ එල්ලී වැටී තිබුණු සුදු පැහැති  පියයුරු මත ෆර්ඩිනස් ගේ පයක් පතිත විය .  " පි 33. 

ඉසබෙල් යනු මාරියා ගේ මවය.  මාරියා මව විඳි  දුක් ගැහැට, වධ වේදනා ඇසින් දුටුවාය . එවැන්නියක්, ආසියාතික රටක වෙසෙන්නියක්,  ස්ව  කැමැත්තෙන් තවත් නොදන්නා  මිනිසෙකු සමීපයට රාත්‍රී යාමයේ,   ඇදේ යයි සිතිය නොහැකිය. වධ වේදනා පමණක් දන්නා එවන්නියක්,  එක්කෝ එවන් සිදුවීම් මග හැර  දිවයන්නීය.  නොඑසේනම් මහා පාරට ඇදවැටී අකමැත්තෙන් නගර ශෝභිනියක් වන්නීය. එවැනි සැබෑ කතා අපට බොහෝ විට පසුගිය කාලය තුලම අසන්නට දකින්නට ලැබුණි .   

ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ 'තුන්වැනි යාමය '  චිත්‍රපටය මතකද ?  කුඩා කල ඇතිවුණු බිහිසුණු බියකරු මතකයන් වැඩිමහල් වූ  කළ සිත් තුල  විෂාදයෙන් ඇති කරන බව එහි පෙන්වා දෙයි . 

තිළිණා වීරසිංහ සොහොයුරිය මේ පප්‍රබන්ධය  කරන්නේ  1999 දීය.  අද දවසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ලිංගික අධ්‍යාපනය හා ස්ත්‍රීවාදී කතිකාවතට විරුද්ධත්වය පාන්නේ සිවුරු හා ලෝගු  වැරදීමකින්  පොරවාගත් වනචාරීන් වැනි පිරිසකි.  අද 2026 දී මෙසේ නම්  1999 තත්වය  මීටත් වඩා ගෝත්‍රික විය යුතුය .  ඒ නිසාම කතුවරිය, සුළු ජාතික ප්‍රජාව හා සම්බන්ධ යුදයක් රටේ  පවතින වකවානුවක තම දේශපාලන පිල කෙරෙහි වඩා සනුකම්පාවකින් දැක්මක් ඇති කර ගැනීම ස්වභාවිකය .   
  
මේ පොත ලිවීමේදී නදින් ගොර්ඩිමර් ලෙසින් ඒ කාලය තුල දේශපාලන තත්වය,  එහි අසීරු බව,  කාලයේ බිහිසුණු බව ගැන මීට  වඩා  ගවේෂණාත්මක හා විශ්ලේෂණාත්මක ලෙස ලියන්නට තිබුනා යයි මට සිතේ. නදින් විසින් කළු මුල් ජාතිකයන් අප්‍රිකන් රට භාර ගැනීමෙන් පසු රටේ ඇතිවන වෙනස්කම් හා ඔවුන් විසින් තම සුදු පාලකයන් අනුගමනය කිරීමද ගැන විවේචනාත්මක ලෙස ලියා තබයි .  එය දේශපාලනික වන්නේ එහයිනි .    නදීන් ගේ පොතේ බ්‍රේ ගේ පාවාදීමේ හා ස්ත්‍රී  අපයෝජනයේ භූමිකාව ස්ත්‍රීවාදිනියකට හෝ මානව අයිතිවාසිකම් සඳහා සටන් කරන්නියකට  සම්මුඛ වන්නේ එලෙසය .   තිලිනා ඒ කොටස මග හැර ගොස් ඇත්තේ යන්තම් සඳහන් කිරීම් කිහිපයක් කරමිනි. (පුවත්පත්  කලාවේදියෙකු ගේ මල සිරුර මුහුදෙන් ගොඩ ගැසීම වැනි ) 
         
තිලිනා ගේ  කතාවේ අනිත් ශෝකාන්තය එය පමණක් නොවේ.  මාරියා ඉන්පසු අතින් අත යෑමය. එසේ නැත්නම් 'බඩුවක්'  වීමය.  ඒ වනාහි සිව්වන ජාත්‍යන්තරයේ සමාජවාදී සහජීවනය විය යුතුය. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය ස්ත්‍රී දුෂණ චෝදනාවලින් අනූව දශකයේ විවේචනයට ලක්වුණු අන්දම මතකයට නැගේ .  

කතුවරිය,  මාරියා ගේ පාර්ශ්වයෙන් කතාව  අරඹන  අතර සිව්වන ජාත්‍යන්තරය බේරා ගැනීමටද අනවරත සටනක් කරන්නීය.  නමුත් මාරියා 'ඔවුන් '  අත්හැර ගිය පසු මාරියා 'පව්කාර ස්ත්‍රියක්  ' වීම ගැන අනුකම්පාවෙන් සැලුනාය .  දෙවියන් වහන්සේ නිහඬව බලා සිටිද්දී "සියල්ලෝම ඈ  වෙත ගල් ගැසුවෝය." පි .  82

 සමාජවාදී ,  මාක්ස්වාදී කියා ගන්නා බොහෝ අය තම නිවසේදී  සමානාත්මතාවය අමතක කරලති. සබඳතා වලදී අමතක කරලති.  ඒවා තිබෙන්නේ පොදු මහා ජනතාවට අනුගමනය කරන්නටය .  ස්පා එකකට ගෙවා ගනුදෙනුවක් කර ගන්නා ඊට වඩා ගෞරවනීය නැත්ද? ඔහු කරන්නේ සමහර විට  රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් සපයා දීමය .  මේවට පොලිසිවලින් පනින්නේ ඇයිදැයි මම නොදනිමි .    

පාරට වැටීම එනුවට මාරියා ට රාජ්‍ය නොවන  සංවිධානයක  රැකවරණ ලැබී තිබුණි. ඒවා තුන්වන ලෝකයට සමාන රටවල පිහිටුවා තිබෙන්නේ දේවල්  'ෆික්ස්' කරන්නය. 
  
මට කල්ප කාලයකට  පසූ මා ලිවූ 'සියාමා' පොත මුණ ගැසුණි .  ඒ අසූ පස් වැනි පිටුවේදීය.

"මාරියා ගේ දෑස් ඇගේ දෑස් සමග රහසිගත ආදරයක පැටලුණි . ................ඇගේ දෑස්  හමුවෙහි මාරියා ගේ සිරගත වූ ආත්මය නිදහස්  වූවාය. " ඒ වනාහි සැබෑ අපයෝජනයකට ලක්වන බොහෝ චරිත නිදහස සොයා යාමේදී ඇතුළුවන පෞද්ගික ගුහාය.     අවසානයේදී කතුවරිය නැවතත් මාරියා ගේ පාර්ශවය ගන්නේ ඒ ලෙසිනි.

එසේම මේ කුඩා පොත මගේ සිත කළඹන ලද්දේද  එලෙසිනි. නදින් ට ඇගේ සාහිත්‍ය කෘති වලට නොබෙල් ත්‍යාගය ලැබුනේ ඇගේ දීර්ඝ කෘති මගින් ඈ  විසින් වර්නවාදී දකුණු අප්‍රිකාව හා අප්‍රිකාවේ වර්නවාදී සුදු පාලකයන් පිලිබඳ දැඩි විවේචනාත්මක සාහිත්‍යකරණය නිසාය .  ඒ ලෙසටම ඇය තම 'පාර්ශ්වය '  දෙසද ඒ ලෙසින්ම බැලීම නතර කරන්නේ නැත .  තිළිණා වීරසිංහට අමතකවූ පැත්ත එය විය හැකිය .  නමුත් ඇගේ පොත යම් පමණකින් සාර්ථක වන්නේ මාරියා පිලිබඳ කතාව අපට පැවැසූ හෙයිනි . 

"මේ වගේ කාලෙක ඝාතනය කරපු මිනිසුන්ගේ ගණන් හිලව් කවදාවත් හදන්න බැහැ....
ෆර්ඩිනස්ලා... විප්ලවවාදීන් ..මානව හිමිකම්වේදීන්... මාධ්‍යවේදීන්... මේ අය අතින් සදාකාලයටම විනාශ වන ජීවිත ගැන හොයන්න කවුද කොමිසම් පත් පත් කරන්නේ" පි .  85. 
ආදරණීය තිලිනා ඔබ මේ පොතින් තැත් දරන්නේ  අපයෝජකයා  බේරා  ගැනීමට බව ඔබට වැටහෙන්නේ නැත්ද ?  මී ටූ ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ නොවන්නෙම ඒ නිසාය.  

ඇගේ අනිත් ග්‍රන්ථ ද කොළඹ ගමයා තුලින් හමුවෙමු.




අජිත් ධර්මකීර්ති -15/03/2026    




Sunday, 8 March 2026

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ පිළිතුරු පිළිබඳ විශ්ලේෂණයක්

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ පිළිතුරු පිළිබඳ විශ්ලේෂණයක්

නව දිල්ලියේ පැවැති 'රයිසිනා සංවාදය' (Raisina Dialogue) අතරතුර, විශේෂයෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විමර්ශනාත්මක මාධ්‍යවේදීන් හමුවේ ඉතා දැඩි පීඩනයක් සහිත වටපිටාවක අමාත්‍යවරයාට කටයුතු කිරීමට සිදු විය.

අමාත්‍ය හේරත්ගේ ප්‍රවේශය "ප්‍රතිපත්තිගරුක මධ්‍යස්ථභාවය" මත පදනම් වූවකි. එමඟින් ශ්‍රී ලංකාව සිය ගෝලීය වගකීම් ඉටු කරන අතරම භූ-දේශපාලනික ගැටුම්වලින් ඔබ්බට සිටින බව ඔහු තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ ක්ෂණික ප්‍රතිචාරය මානුෂීය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව හේරත් මහතා අවධාරණය කළේය. බේරාගත් දිවි ගලවා ගත් 32 දෙනා සහ මියගිය අයගේ දේහයන් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රියාවන් දේශපාලනික ප්‍රකාශයකට වඩා සදාචාරාත්මක වගකීමක් ලෙස අර්ථකථනය කළේය. මෙය ඇමරිකා-ඉරාන-ඊශ්‍රායල ගැටුමේදී පැත්තක් ගැනීමට ඔහුට අටවා තිබූ "උගුල්" සාර්ථකව නිෂ්ප්‍රභ කළේය.

ඔහු අවධාරණය කලේ ජාත්‍යන්තර නීතියට (UNCLOS) අනුකූල වීම වඩා වැදගත් බවය .  නෞකාව එම මුහුදු සීමාවට පැමිණියේ ඇයිද යන්න හෝ සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කළ විට, ඔහු නැවත නැවතත් තම පිළිතුරු එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) මත පදනම් කළේය. ශ්‍රී ලංකාව "තදින්ම ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව" කටයුතු කළ බව ප්‍රකාශ කිරීමෙන්, ශ්‍රී ලංකාව නොසලකා හැරීමෙන් හෝ රහසිගතව කටයුතු කළ බවට නැගුණු චෝදනා ඔහු නතර කළේය.

 ශ්‍රී ලංකා වෙරළට ඉතා ආසන්නයේ ඇමරිකානු සබ්මැරීනයක් ක්‍රියාත්මක වීම පිළිබඳව ශ්‍රී ලංකාව "අඳුරේ තබා ඇතැයි" කරන ලද යෝජනාවලට පිළිතුරු  හේරත් මහතා ඉතා ඉවසීමෙන් පිළිතුරු දුන්නේය .  පාන්දර 5:08 ට ලැබුණු ආපදා සංඥාව කෙරෙහි අවධානය යොමු කළ ඔහු, නාවික හමුදාව පැයක් ඇතුළත ප්‍රතිචාර දැක්වූ බව පෙන්වා දුන්නේය. මෙහිදී බුද්ධි තොරතුරු හිඩැස් පිළිබඳ අවධානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වෙත යොමු කිරීමට ඔහු සමත් විය.

විජිත  හේරත් මහතා ඉතා සූක්ෂ්ම ලෙස "සමබර නොබැඳි  පිළිවෙතක්" පවත්වා ගැනීමට සමත් විය. ඔහු තත්ත්වයේ බරපතලකම පිළිගත් අතර (ඉරාන නායකයින් වෙනුවෙන් තානාපති කාර්යාලයේ ශෝකය සඳහන් කරන පොතේ අත්සන් තැබීම පවා සිදු කරමින්), ඒ අතරතුරම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වාගෙන ගියේය. මෙයින් ඔහු ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට මුල්තැන දෙන අමාත්‍යවරයෙකු බව පෙන්නුම් කළේය.

"තොරතුර ලබා දුන්නේ කවුද" හෝ "වැරැද්ද කාගේද" යන්න පිළිබඳව අනුමාන කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්, මාධ්‍යවේදිනිය  බලාපොරොත්තු වූ ආන්දෝලනාත්මක පුවත් මවා ගැනීමට ඔහු ඉඩ නොදුනි. ඔහු විනයගරුකව කරුණු සහ ජාත්‍යන්තර බැඳීම් කෙරෙහි අවධානය යොමු කළ අතර, එම නිසාම මාධ්‍යවේදිනිය ගේ එම "උගුල" අසාර්ථක විය.

හේරත්ගේ අවසාන පිළිතුරු පිළිබඳ සමාලෝචනයක් 

"ඉන්දියන් සාගරයේ අනාගතය" යන සැසියේදී, ඉරාන ජාතිකයන් ආපසු යැවීමේ ගැටලුව පිළිබඳව අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරිණි. විශේෂයෙන්ම ඉරාන ජාතිකයන් ආපසු යැවීමට ඉඩ නොදී "රඳවා තබා ගන්නන්" ලෙස තබා ගැනීමට ඇමරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේද යන්න එහිදී විමසන ලදී.

හේරත් මහතාගේ අවසාන ප්‍රකාශය "උපායමාර්ගික හැරවුමක" විශිෂ්ටත්වය පෙන්නුම් කළේය

"ජාත්‍යන්තර නීතිය" පලිහක් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය: මාධ්‍යවේදිනිය  මෙම ප්‍රශ්නය ඇමරිකාව හෝ ඉරානය අතරින් එකක් තෝරා ගැනීමක් ලෙස පෙන්වීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය:"අපි ජාත්‍යන්තර නීති සහ අපගේ ගිවිසුම්ගත බැඳීම්වලට අනුකූලව සියලු පියවර ගෙන ඇත්තෙමු." 

මෙය නැවත නැවතත් පැවසීමෙන් ඔහු කිසිදු "බලපෑමක්" පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ශ්‍රී ලංකාව යනු බලවත් රටක දුරකථන ඇමතුමකට නොව, නීති පද්ධතියකට අනුව කටයුතු කරන ස්වෛරී රාජ්‍යයක් බව සංකේතවත් කළේය.

දැනට ගාල්ලේ සිටින දිවි ගලවා ගත් 32 දෙනා සහ ත්‍රිකුණාමල

යේ සිටින IRIS Bushehr නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 219 දෙනා වෙත අවධානය යොමු කරමින් ඔහු සිය කතාව අවසන් කළේය. මෙම නාවිකයන් බේරා ගැනීම සහ රැකබලා ගැනීම භූ-දේශපාලනික ආරවුල්වලට වඩා ඉහළින් පවතින "මානුෂීය අවශ්‍යතාවක්" බව පවසමින් ඔහු ශ්‍රී ලංකාව "ඉන්දියන් සාගරයේ වගකිවයුතු ආරක්ෂකයා" ලෙස හඳුන්වා දුන්නේය. (සමහරවිට මෙය ඉන්දීය රජයට දිරවන්නේ නැති විය හැකිය ) 

නෞකා ලුහුබැඳ ගිය ආකාරය පිළිබඳ කතාව ඇදුණු විට ඔහු ඊට හසු නොවීය. ඒ වෙනුවට ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අගය කළ අතර, එහි ගෞරවය විදේශ බුද්ධි අංශ වෙතින් ඉවත් කර ශ්‍රී ලංකාවේ දේශීය හැකියාවන් වෙත යොමු කළේය.

සංවාදය හේරත් මහතා ලැබූ ජයග්‍රහණයක් වන්නේ ඇයි?

පළමුවෙන් ඔහු ජනාධිපතිවරයාගේ ස්ථාවරය ආරක්ෂා කළේය: 'හේග් සම්මුතිය' (Hague Convention) පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මතය සමඟ ඔහු මනාව අනුගත විය. මාධ්‍යවේදිනිගේ  කලකිරීම අවසානයේ කැපී පෙනුණි. ඇමරිකානු බලපෑම් පිළිබඳව "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරු නොදීමෙන් ඔහු රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වීම වැළැක්වීය. ඔහු " ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිගරුක මධ්‍යස්ථභාවය" රැකගත්තේය: ගලවා ගැනීමේ සහ වෛද්‍ය ආධාර සැපයීම හරහා ඉරාන පාර්ශවය සතුටු කිරීමට ඔහු සමත් වූ අතර, ජාත්‍යන්තර මුහුදු නීතිය උපුටා දක්වමින් බටහිර රටවල "රතු ඉරි" උල්ලංඝනය නොකිරීමටද වගබලා ගත්තේය.

අජිත් - මෙය සකස් කලේ වීඩියෝව ඇසුරිනි 


Tuesday, 3 March 2026

කලාව මගින් අනාගතය ප්‍රකාශ කිරීම: සිනමාව ඇසුරින්


මම  මේ දිනවල 'Tehran' ටෙලි කතා මාලාව නරඹමින් සිටිමි. සැබෑ ලෝකයේ සිදුවීම් සිදුවීමට පෙර කලාව මගින් ඒවා පෙරහුරු කරන ආකාරය ඇත්තෙන්ම පුදුම සහගතය. ඉරානයට එල්ල වන ප්‍රහාරයක් සහ COVID-19 වෛරසය අතර සෘජු කුමන්ත්‍රණකාරී සම්බන්ධයක් දක්වන නිල වශයෙන් ප්‍රකාශිත  "චිත්‍රපටයක්" නොමැති වුවද, මාධ්‍ය විසින් නිශ්චිත භූ-දේශපාලනික හෝ වෛද්‍ය අර්බුද "අනාවැකි" පළ කළ කැපී පෙනෙන උදාහරණ කිහිපයක් තිබේ.

ටෙහ්රාන් රුපවාහිනී කථා මාලාව -  (ඉරානය සහ න්‍යෂ්ටික ආයුධ පිලිබඳ  ගැටුම)

2020 දී නිකුත් වූ ටෙහ්රාන්  කතා මාලාව වර්තමාන රූපවාහිනියේ ඇති වඩාත්ම "පූර්ව දර්ශනයක්" සහිත වැඩසටහන ලෙස මට සිතේ. එහි දැක්වෙන්නේ ඉරානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය අක්‍රීය කිරීමට උත්සාහ කරන මොසාඩ් (Mossad) නියෝජිතයෙකු පිළිබඳවයි. මොසාඩ් නියෝජිතයන් ඉරානය තුළ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වෙමින් ගුවන් ආරක්ෂක පද්ධති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කරන ආකාරය එහි නිරූපණය වේ.

 මෙම කතා මාලාව විකාශය වූ වසර වලදී, සැබෑ ලෝකයේ සිදුවීම් කිහිපයක්ම එහි කථා වස්තුවට සමානව සිදු විය. 2020 දී දුරස්ථ පාලක යන්ත්‍ර තුවක්කුවකින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොහ්සන් ෆක්රිසාදේ ඝාතනය කිරීම සහ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු වූ සැබෑ පිපිරීම් මෙයට උදාහරණ ලෙස හැඳින්විය හැකිය.

2024–2026 වන විට, ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු ගැටුම් කොතරම් තීව්‍ර වී ඇත්ද යත්, එහි නිර්මාණකරුවන් පවා පවසන්නේ සැබෑ ලෝකය තම තිරපිටපත් අභිබවා "ඉදිරියෙන් දුවන" බවයි.

කඩාකප්පල්කාරී ක්‍රියා (2020-2021): පළමු වාරය විකාශය වන විට (ඉරාන යටිතල පහසුකම් වලට සයිබර් ප්‍රහාර එල්ල කරන ආකාරය පෙන්වන ලදී ), සැබෑ නටාන්ස් මධ්‍යස්ථානය හිසි ගිනි ගැනීම් ,  පිපිරීම් වැනි  අද්භූත "අනතුරුවලට" මුහුණ දුන්නේය.

"පුපුරන සුලු දුරකථන" කුමන්ත්‍රණය: දෙවන වාරයේදී ඉරාන උසස් නිලධාරියෙකු උගුලක් අටවන ලද ජංගම දුරකථනයකින් ඝාතනය කෙරේ. 2024 අගභාගයේදී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් සිදු වූ "පේජර් සහ වෝකි ටෝකි" ප්‍රහාර හරහා මෙහි සැබෑ අනුවාදයක් ලෝකය දුටුවේය. බොහෝ පේජර් පිපිරී ඒවා රැගෙන යන අය මිය ඉයහ . 

2025–2026 ගැටුම: 2023 දී රූගත කරන ලද තුන්වන වාරය න්‍යෂ්ටික බෝම්බය කරා යන සෘජු තරඟයක් ගැන අවධානය යොමු කළද, 2025 ජුනි මාසයේදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට එල්ල වූ දින 12 ක යුද්ධයත් සමඟ සැබෑ ලෝකය එය පසුකර ගියේය. 2026 මාර්තු වන විට "Epic Fury" වැනි මෙහෙයුම් හරහා ටෙහෙරානයට එල්ල වූ සෘජු ප්‍රහාර කතා මාලාවේ උච්චතම අවස්ථාවන් හා සමාන වේ.

COVID-19 "සැලැස්ම" (Contagion)  

2011 දී තිරගත වූ Contagion චිත්‍රපටය වසංගතය පැමිණි විට ලොව වැඩිපුරම නැරඹූ චිත්‍රපටය බවට පත් විය. එය ප්‍රබන්ධයකට වඩා වාර්තා චිත්‍රපටයක් ලෙස දැනෙන්නට විය. චීනයේ වෙළඳපොළකින් වවුලෙකුගෙන් ඌරෙකුටත් පසුව මිනිසාටත් ශ්වසන වෛරසයක් සම්ප්‍රේෂණය වීම එය නිවැරදිව පුරෝකථනය කළේය. එසේම සමාජ දුරස්ථභාවය, "R-naught" (R_0) සාධකය, වෛද්‍ය සැපයුම් හිඟය සහ අන්තර්ජාලය හරහා පැතිරෙන ව්‍යාජ මතයන් පවා එහි මනාව නිරූපණය විය.

1995 දී තිරගත වූ Outbreak සහ 2013/2020 වසර වල විකාශය වූ Utopia වැනි කතා මාලා ද මෙවැනිම මිනිසා විසින් නිර්මාණය කරන ලද වෛරස පිළිබඳව තේමාවන් ගෙන ආවේය.

අනෙකුත් කැපී පෙනෙන උදාහරණ: 

තනි වෙඩික්කරු - The Lone Gunmen (2001): මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රජයේ රහසිගත ආයතනයක් විසින් මගී ගුවන් යානයක් පැහැරගෙන එය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට (WTC) ගැටීමට සලස්වන ආකාරයයි. මෙය විකාශය වී මාස 6කට පසු සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල විය.

වලිගය වැනූ සුනඛයා   (?) - Wag the Dog (1997): ලිංගික අපවාදයකින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයෙකු ඇල්බේනියාව සමඟ ව්‍යාජ යුද්ධයක් නිර්මාණය කිරීම මෙහි දැක්වේ. මෙය නිකුත් වී සුළු කලකට පසු ජනාධිපති බිල් ක්ලින්ටන් ලෙවින්ස්කි අපවාදය අතරතුර සූඩානයට සහ ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළේය.

සිම්ප්සන්ස් - Simpsons: ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය (2000 දී), 2014 එබෝලා පැතිරීම සහ ඩිස්නි-ෆොක්ස් ඒකාබද්ධ වීම ගැන අනාවැකි කීම සම්බන්ධයෙන් මෙය ප්‍රසිද්ධය. (ට්‍රම්ප් ජනාධිපති පදවියට පස්ත්වන එපිසෝඩ් එක මම නැරඹුවේ ට්‍රම්ප් කවුද  කියා නොදැනය . 

අමුතු ශබ්ද -   White Noise (2022): එහි දැක්වෙන දුම්රිය පීලි පැනීමකින් විෂ වායු පිටවීමේ සිද්ධිය හා සමානම අනතුරක් ඔහියෝ හි ඊස්ට් පලස්ටයින්හිදී මාස කිහිපයකට පසු සැබවින්ම සිදු විය.

චීන සින්ඩ්‍රෝමය The China Syndrome (1979): න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් ගැන කියැවෙන මෙම චිත්‍රපටය නිකුත් වී දින 12 කට පසු, ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර වූ "Three Mile Island" අනතුර සිදු විය.

රජයේ සතුරා - Enemy of the State (1998): එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙළිදරව්වට වසර ගණනාවකට පෙර, NSA ආයතනය ඔවේලියානු ආකාරයෙන් චන්ද්‍රිකා සහ දුරකථන ජාල හරහා පුරවැසියන්ව නිරීක්ෂණය කරන ආකාරය මෙහි නිරූපණය විය.

මේ චිත්‍රපට අනාගතය "පුරෝකථනය" කරන්නේ ඇයි?

වඳුරන් බිලියනයක ගේ න්‍යාය - මෙය ගණිතයේදී වඩාත් නිවැරදිව අනන්ත වඳුරු ප්‍රමේය (Infinite Monkey Theorem) ලෙස හැඳින්වේ .  මේ  මනඃකල්පිත පරීක්ෂණයට අනුව, වඳුරෙකු යතුරුලියනයක යතුරු අහඹු ලෙස අනන්ත කාලයක් තිස්සේ ඔබමින් සිටියහොත්, එමඟින් විලියම් ශේක්ස්පියර්ගේ සම්පූර්ණ කෘතියක්  වැනි ඕනෑම කතා පෙළක් නිසැකවම නිර්මාණය වනු ඇත 

ලොව පුරා සෑම වසරකම චිත්‍රපට 2,500 සිට 3,000 දක්වා ප්‍රමාණයක් නිකුත් වන අතර තවත් රූපවාහිනී වැඩසටහන් පැය දහස් ගණනක් විකාශනය වේ. මෙහිදී "විශාල සංඛ්‍යා පිළිබඳ නියමය" (Law of Large Numbers- LLN) මඟින් ප්‍රකාශ වන්නේ, ස්වාධීන සහ සමාන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වන විට, ඒවායේ සාමාන්‍ය ප්‍රතිඵලය අපේක්ෂිත සෛද්ධාන්තික මධ්‍යන්‍යය (Theoretical Mean) වෙත ළඟා වන බවයි. මෙම ප්‍රමේයය මඟින් අහඹු සිදුවීම්වල දිගුකාලීන ස්ථාවරත්වය සහතික කරයි. එනම්, නියැදි ප්‍රමාණය (Sample size) විශාල වන තරමට, අන්තගාමී අගයන්ගෙන් (Outliers) සිදුවන බලපෑම අවම කරමින් සැබෑ සම්භාවිතාව වඩාත් හොඳින් පිළිබිඹු කරන ප්‍රතිඵල ලබා දෙයි. me  අනුව පෙනී යන්නේ, යම් දිනක යම් චිත්‍රපට කථා තේමාවක් සැබෑ ලෝකයේ සිදුවීම් සමඟ සමපාත වීම අනිවාර්ය බවයි.

නිදසුනක් ලෙස, The X-Files හි අනුබද්ධ කථා මාලාවක් වූ The Lone Gunmen හි පළමු කොටස (මෙය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට මාස හයකට පෙර, එනම් 2001 මාර්තු 4 දින විකාශය විය) සලකා බලන්න. එහි දැක්වුණේ ඇමරිකානු රජයේ දූෂිත සාමාජිකයින් පිරිසක් වාණිජ ගුවන් යානයක් පැහැරගෙන එය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (World Trade Center) ගැටීමට සලස්වන කුමන්ත්‍රණයකි. මෙය අද්භූත අනාවැකියක් මෙන් පෙනුනද, සැබවින්ම ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 1993 වසරේදී ද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී පිටපත් රචකයන් කළේ ඇමරිකාවේ ඇති ප්‍රධානතම ඉලක්කය දෙස තාර්කිකව බැලීම පමණි.

උපදේශකයින්ගේ භූමිකාව:
Tehran සහ The Americans වැනි බොහෝ නිර්මාණ සඳහා උපදේශකයින් ලෙස හිටපු බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ කර ගනී. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) සතුව පවා "විනෝදාස්වාද කර්මාන්ත සම්බන්ධීකරණ කාර්යාලයක්" ඇත. ඔවුන්ගේ කාර්යය වන්නේ චිත්‍රපට නිෂ්පාදකයින්ට තම ආයතනය පිළිබඳව නිවැරදි චිත්‍රයක් මතු කිරීමට සහය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලැන්ග්ලි (Langley) හෝ ටෙල් අවිව් (Tel Aviv) වැනි නගරවල සාකච්ඡා කෙරෙන සැබෑ ලෝකයේ භූ-දේශපාලනික "යුධ ක්‍රීඩා" (War games) චිත්‍රපට තිරපිටපත්වලට ද ඇතුළත් වේ.

බොහෝ පර්යේෂකයන් සහ සිනමා ලෝලීන් මෙය හඳුන්වන්නේ "කලාව ජීවිතය අනුකරණය කිරීම" (Art Imitating Life) ලෙසයි. ලේඛකයින් බොහෝ විට තම කථා විශ්වසනීය කිරීමට බුද්ධි අංශ විශේෂඥයින්, විද්‍යාඥයින් සහ අනාගතවාදීන් සමඟ සාකච්ඡා කරති. ඇතැම් විට ඔවුන් පවසන දේ නිවැරදි වන්නේ, ඔවුන් ද සැබෑ ලෝකයේ පවතින දත්ත සහ නොසන්සුන්කාරී තත්ත්වයන් දෙසම අවධානය යොමු කරන බැවිනි.

යථාර්තවාදී සිනමාවක් මිට වඩා යථාර්තවාදී විය හැකිද ? 

කොළඹ ගමයා - 03/03/2026