තරාතිරම් වාදය ගැන මා මිට කලින් ලිපි කීපයක් ලියා තිබේ.
පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1
තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්
තරාතිරම්වාදය 2
අන්තිම ලිපියේ ලියුවේ ඉන්දියානු ගමන ගැනය. නෙළුම් යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දාහක් දීමට කල යෝජනාවට එල්ලවූ විවේචනයක් දුටු මට මේ අත්දැකීම මතක් විනි. මා ගිය ඉන්දියානු චාරිකාවේ සංවිධායක වරයා එක තැනක එක රැයක් පමණක් මට වෙනම කාමරයක් දිය නොහැකි බව පැවසුවේය. එතන එහෙම කාමර නැති පන්සලකි. නිඝන්ටයන් අදහන අයගේ ආරාමයක දේශනා ශාලාවේ මුළු වන්දනා කණ්ඩායම ම නිදා ගත යුතුව තිබුණි. වෙන විසඳුමක් කොහොමත් නැති නිසා මා මෙයට විරුද්ධත්වයක් නොපෑවෙමි.
එදා මදක් පමාවී ආරාමය වෙත බස් රථ පැමිණුනි. සාමාන්‍යයෙන් උදව් කරන ඉවීම කරන කණ්ඩායමේ දෙමළ තරුණ පිරිස ඉවුම් පිහුම් කිරීමට හා ශාලාව ශුද්ධ කිරීමට ගියහ. මම මගේත් මවගේත් ගමන් මාළු රැගෙන ශාලාව තුල තැබීමි. ඉන්පසු මට පෙනී ගියේ වයසක උපාසක අම්මලා හා අබල දුබල අය ඉතා අමාරුවෙන් තමන්ගේ ගමන් මලු අදින බවය.එහිදී මා කළේ වයසක අයගේ ගමන් මළු ශාලාවට ඇද ගැනීමට උදව් වීමයි. සමහර අය මෙහිදී තමන්ගේ සියලුම ගමන් මලු උස්සා ගෙන යාමට මට දුනි. මම මෙය එතරම් ගණන් නොගෙන දුන් සියලුම ගමන් මළු ටික ඇද දුනිමි. ටික වෙලාවකින් මම උදව් කල එක උපාසක අම්මා කෙනෙකු පැමිණ මට ඇපල් ගෙඩියක් දුන්නාය. "ඇපල් කාල ඇති වෙලා. ඇඹරල්ලා ගෙඩියක් වත් තිබ්බ නම්" කියා විහිළුවක් කර එය ප්‍රතික්ෂේප කලෙමි. "මගේ මුනුපුරොත් ඔය පිටකොටුවෙන් ගේන ඇපල් කන්නේ නැහැ" කී ඇය නැවත ගොස් ඇත්තටම ඇඹරල්ලා ගෙඩියක් ගෙනත් දුන්නාය. මම විමතියෙන් එය භාර ගතිමි. "ඕක විතරයි ඉවර නොවී තිබ්බේ. පින් සිද්ද වෙච්චාවේ " කියා ඇය ආපසු ගියාය.
වැඩේ අවසන් කර ඇඟ ටිකක් සෝදා ගෙන ඇලවී පොතක් බලමින් සිටියදී අර උපාසක අම්මා කලබලෙන් මා දෙසට එන බව පෙනිණි. මගේ මවද මා අසලම ඇලවී සිටියාය. "අනේ මහත්තයෝ සමාවෙන්න. මම හිතුවේ සංවිධායක මහත්තයාගේ කෙනෙක් කියල. ඔබතුමා උදව් කරාට ගොඩක් පින්. අනේ මම ඇඹරැල්ල ගෙඩියක් දුන්නට සමාවෙන්න." ඒ පිටිපසින් මා උදව් කළ තව කීප දෙනෙකුද සිටි අතර සියල්ලෝම "ඔබතුමාට" ස්තුති කරන්නට පෝලිමේ පැමිණි අයයි. මදක් එහා මෙහා බැලු විට මට සියල්ල පැහැදිලි විය. මා එංගලන්තයෙන් පැමිණි බව ඉතිරි පිරිසටත් කියූ සංවිධායක වරයාගේ ලේකම් මෙන් සිටි තරුණිය සිනා වෙමින් සිටියාය. ඒ වේලේ මගේ මවද මැදට පැන "එයා ඇඹරැල්ල කන්න ආසයි. එංගලන්තේ නැහැනේ " යයි මගේ රැවීම මැද කීවාය. ඒ මදිවාට අර ශ්‍රංගයා සිටි විශ්‍රාම ශාලාවේ මෙන් පිටු පස සිටි අයද මා වර්ණනා කලෝය. "ඔය පුතා හා අම්මා තමා මෙතන පින් රැස් කලේ. " (මගේ මවද මට ටිකක් මළු ඇද දීමට උදව් කලා ය.) ඔවුන්ට අනුව මට පසුදාම නිවන් යා හැකිව තිබුණි.
මේ "ඔබතුමා" කතාව පසුව මට කරදරයක් විය. තවත් අයෙකුට කෑම පෝලිමේ සිටියදී කෑම බෙදා ගැනීමට පිඟානක් නොතිබුණු බව පෙනී මම මගේ පිඟාන දුනිමි. ඔහු "ඔබතුමාට" හෙවත් මට සෑහෙන්න ස්තූති කළේය. මම මන්තිරි කෙනෙකු නොවන බවත් අජිත් කියා අමතන ලෙසත් කීවෙමි. නමුත් ඔහු කිවේ මන්ත්‍රී කෙනෙකුට වඩා "එංගලන්තයෙන් ආවත් " තම කෑම පිඟාන අනිත් කෙනෙකුට අහර අනුභවය සඳහා දුන් මට ඔබතුමා කියා මා කැමති වුනත් නැතත් කියන බවයි. ඔහු මුළු චාරිකාව පුරාම එසේ ඇමතීය.
මෙම චාරිකාවේදී සාමාන්‍යයෙන් ලැගුම් ගන්නේ හෝටලයක නම් මම මව සමග ආහාර ගත්තේ හෝටලයේ ආපන ශාලාවෙනි. නැත්නම් එලියට ගොස් වෙන තැනකිනි. වෙන විසඳුමක් නැති තැන පමණක් අර හැමෝටම උයන ආහාර ගතිමි. හේතුව ඒවා සැර වැඩි වීමය. නමුත් කෝකියා මෙයට ඇනුම්පද කීවේය. "ඒ මහත්තයට අපේ කෑම හොඳ නැහැනේ. එංගලන්තයේ ඉඳන් ඇවිත් නිසානේ. අර වෙනම කෑම දෙන අනිත් චාරිකා තියෙන්නේ, ඇයි ගියේ නැත්තේ."
ප්‍රශ්නය ඇත්තේ මෙතනය. ලංකාවේ දැන් බොහෝ අයට පිටරට යා හැකිය. එසේම බොහෝ පවුල් වලට කොහේ හෝ පිටරටක නෑදෑයෙක් සිටී. මේ නිසා මේ පිටරට ඉන්න අය දෙස වෙන ඇසකින් බැලීම් අවශ්‍ය නැති අතර පිටරට සිටින අයද මම මෙහෙ අරහේ සිටිනවා කියා ඔලුව උදුම්මා ගත යුතු නැත.
මෙහිදී මට මතක් වන්නේ අපි මුලින්ම සෝවියට් දේශයේ සිට ලන්ඩනයට පැමිණි කාලයයි. 1985 හේ සිට බොහෝ වසර වල අපි පැමිණියෙමු. මට මිතුරකු වරක් පැවසුවේ දේශපාලන උදව් මත පැමිණි අය, බොහෝ ඈත කාලයේ සිට පැමිණි රදල අය මෙන්ම මුදල් වියදම් කර පැමිණෙන පොහොසත් දෙමාපියන්ගේ දූ පුතුන්ද, ඇමති දූ පුතුන් ද මේ රුසියාවේ සිට එන උදවියට කැමති නැති බවයි. වරක් මම ලංකාවේ සිට ගෙනා පාර්සලයක් දීමට ලන්ඩනයේ නිවසකට ගියෙමි. ගෙදර මැදිවියේ ඇන්ටී (ආන්ටි) මට හොඳ කෑම වේලක්ද දී කතාවට වැටුනාය. මා ද සෝවියට් රුසියාවේ සිට අවුරුදු පතා පැමිණෙන අයෙක් බව නොදැන ඇය මෙසේ කීවාය . "අනී බලාන්ඩකෝ මේ හැම තැනම රුසියාවේ හෙම ඉඳාන් එක එකා එනවනේ දැන් මෙහෙ. අපේ ඩැඩි හෙම අපව එව්වේ කොච්චර අමාරුවෙන්ද? ස්කූල් වලට ගෙවල. අපටත් තැන නැහැනේ මේ විධිහට ගියොත්. එංගලන්තේ ඉන්න දන්නා එවුන්ද".
මම සිනහව වළකා ගෙන සිටියෙමි.
මට තේරුම් ගියේ මෙයයි. ඒ ඇන්ටිද එංගලන්ත රජයෙන් සුභ සාධක මුදල් රැගෙන නැනී වැඩක් හොරෙන් කරගෙන ආණ්ඩුවේ ගෙයක් නොමිලේ රැගෙන ජිවත් වන්නියකි. හැබැයි ලංකාවේ ගෙවල් තියෙන්නේ කොළඹ හත පැත්තේය. සේවක සේවිකාවන්ද සිටි. ලංකාවට ගිය විට හැසිරෙන්නේ මහා රැජින සමග ලන්ච් එකට නිතර යන ගානටය. අපි වැනි එවුන් මෙහි පැමිණිය හොත් මේවා මාට්ටුවී ලංකාවට ආරංචි වෙන බයට කියන කතා විය යුතුය.
මුලින් ම කිව යුතු වන්නේ තරුරසී ඇතුළු අනිත් අය යෝජනා කල පරිදි රුපියල් දහස වෙනුවට පොත් තෑගි වශයෙන් දීමට මම එකඟ බවය. මුලදී එසේ යෝජනා නොකළේ මේවා කරන්නට ලංකාවේ පිරිස සොයා ගැනීම අපහසු බැවිනි.
මාතලන්ට සම්මානය ලැබුණු විට ඔහු මුදල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු ඇතුළු තවත් කීප දෙනෙකුම පොත් වවුචර දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රශ්නය වුයේ මේ හැම දෙයම කරන්නට හිටියේ අර හීනි හිමාශියා පමණය. උදේ සිට නොකා නොබී දුව පැන ඇවිදිමින් බ්ලොග් උළෙල සංවිධානය කරන්නට වෙහෙසෙන හිමාෂි වවුචර ගන්න යවන්ටත් බැරිය. (කටුස්සා කියන්නේ සම්පුර්ණ ඇත්තය. හිමාෂි හුලං කකා වතුර බිබී හැම තැනම දුවන්නීය. ) වාහනයක් මගේ අතින් හැප්පීම නිසා එක් දිනක් හැම වැඩක්ම තවත් පරක්කු විය. ඒ අතරේ මාතලන් කතා කල විට වවුචර ගන්නට යවන්න කෙනෙක් නැති බව කීවෙමි. මගේ වාසනාවට මාතලන් ඒ වෙලේ මුදල් ගන්නට කැමති වුනි. ඒ මගේ පහසුව පිණිසය.
මේවා සියල්ලත් සමග නෙළුම් යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දහසක් දීමට ඇතිවුණු විරෝධයේදී එක්තරා "බූරු බේබ් " (ගූගල් නම) කෙනෙක් එල්ල කල චෝදනා වලට මා දුන් පිළිතුරු දරුණු වැඩි බවත් මා සීමාව පැන්න බවත් බ්ලොග් මිතුරන් කිහිප දෙනෙකු විවේචනද කළහ.
මේ ඇගේ මුල් විවේචනයයි.
//රුපියල් දාහකට මොනවද කරන්න පුළුවන් ඇත්තෙන්ම?
සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.
අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි. නැත්නම් විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකටනේ.
ලැජ්ජයි-//බුරු බේබ්
මේ මගේ පිළිතුරයි.
//ඔයාට සල්ලි තියනවනම් තියන් ඉන්න. අපි කාටවත් කඩේ යන්න කියල නැහැ.
මේක ගන්න ඕනේ නැති කට්ටිය එපා කිව්වම ඉවරයි. අපි කාටවත් බල කරලා නැහැනේ. රුපියල් දාහ අපට දෙන්න පුළුවන් ගාන. ඔයාට ඊට වැඩිය දෙන්න ඕනේ නම් දෙන්න. රුපියල් දාහෙන් මුකුත් කර ගන්න බැරිය කියල ඔයා කියනවනම් ළමයෙකුට පැන්සල් පෙට්ටියක් කියාද කියල බලල කතා කරන්න. අපි දෙන්න හදන්නේ නැති කෙනෙකුට මිසක ඔයාල වගේ තියන අයට නෙමේ. දැන් මෙන්න මේ චැරිටියෙන් දෙන්නත් රුපියල් 2000 මාසෙට. www.shareandcare.org.uk
ගූගල් ල ඒවා හැදුවේ නැත්නම් බුරු දෙනවල් ඉන්නවා කියල අපි දැන ගන්නේ කොහොමෙයි? අපි කොහෙවත් යන එවුන් වෙන්නට ඔයා යන තැන දන්නා මාර පොෂ් කෙනෙක්ද?//
මෙහිදී මගේ වැරැද්ද ලෙස මා දකින්නේ "බුරු දෙනවල්" යන වචනය භාවිතා කිරීම යයි සිතමි. බූරු බබා හෝ බුරු බඩුව කියනවාට වඩා බුරු දෙන හොඳ වචනයක් ලෙස මා සිතුවෙමි. එසේ නම් එළදෙන ද නරක වචනයක් විය යුතුය. කෙසේ හෝ වේවා එම වචනය පාවිච්චි කිරීම ගැන කණගාටු වෙමි. විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකට මා කවදාවත් කාටවත් කඩේ ගොස් නැත. මගේ මුදලින් ඒවා ගත හැකිය.
ඉන්පසු ඇය මෙසේ ලීවාය.
//අජිත් සාමාන්‍යයෙන් මම මම ගැන මහ ලොකුවට කියන්න යන්නේ නෑ.
මම කාන්තාවක්. ඉන්නේ යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන්. අද තව වෙනකම් රුපියල් ශත හෝ ඊට එහා කිසිම දේකටවත් විකිණිලා නෑ. පොඩ්ඩක් අහල බලන්නකෝ ඔය වටේ පිටේ ඉන්න බ්ලොගර්ස් ලගෙන්.
මම කොන්දක් තියෙන ගැහැණියක්... ඉන් එහාට ඔයාට මම උත්තර දෙන්නේ නෑ. මේක ඔයාගේ තැන. අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. හැබැයි අපි හැමදාම වගේ කාටවත් කඩේ යන්නේ නෑ.....
එච්චරයි. මනුස්සකමට, ආදරේට එකෙක් මරන්න හරි යයි. එන් එහාට රුපියල් ශත අපි ඩීල් කරන එක නතර කලේ ඉපදෙනකොටමයි-//බුරු බේබ්
මෙය කියවන විටම මගේ මතකයට ආවේ අර ඉහත කි "පිටරටවල" ජිවත් වන ඔලුව ඉදිමුණු අය ගැනයි. මේ නිසා පහත සඳහන් පිළිතුරු දුනිමි.
//ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඉන්නවා කියල මම වෙන කොමෙන්ට්ය් වලිනුත් දැකල තියනවා. මම ඉන්නෙත් අවුරුදු 32 විතර යුරෝපයේ. //
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // මේකට කියන්නේ prejudice කියල හැබැයි. අද ඊයේ ඉන්ටනෙට් ආපු කියල මට කියන්න ඔයා දන්නේ කොහොමොයි. මට ඉන්ටනෙට් ඉස්සෙල්ලම හම්බ වුනේ මින් අවුරුදු 16 කට විතර කලින්. එතකොට බ්ලොග් ගැන දන්නේ ඔයා විතරද? ඔයා දන්නවද මම වෙන නම් වලින් බ්ලොග් ලියල තියනවා කියල. දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්න. ඔයාට කඩේ යන්න කවුරුත් කීවෙත් නැහැ. යන්නත් එපා.
අනික ඔයාගේ කොමෙන්ට් වලින් මම දැකල තියනව යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටියයි කියල ඔයාගේ මහා ඇම්මක් තියනවා කියල. ඔයට ඒ කොමෙන්ට් වලදී ඇනෝ මහත්වරු ඇති වෙන්න දීලා තියනවා මම දැකල තියෙන නිසා මම එතනට යන්නේ නැහැ. අපි අපේ වැඩේ කරන්නම්. ඔය ඔයාගේ වැඩේ කරගෙන යන්න. එංගලන්තේ කොම්පැනි හවුස් එකේ බලන්න චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියන කොම්පියුටර් කොම්පැනියේ ඩිරෙක්ටර කවුද කියල 1994. දැන් ඒක dissolve කරලා තියෙන්නේ
පත්තර මල්ලි මෙහිදී කී දෙයට එකඟ වෙමි. නමුත් නෙළුම් යාය ලංකානිව්ස්වෙබ් අඩවිය හා සම්බන්ධ බව ඔහු දැන නොසිටින්නට ඇත.
//අජිත් බොස්.. පුද්ගලිකත්වය මෙතනට අවශ්‍ය නෑ නේද . ඇයි එතනට වැටෙන්නෙ ??
පත්තර මල්ලිට දුන් පිළිතුර.
මෙන්න මේ කතා දෙක නිසා පත්තර මල්ලි. //
//අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි//
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // ඔය යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටිය අය ඇමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු දෙකක් විතර ඉඳන් ඉන්න අයගේ ටිකක් වෙන්න ඇම්මක් මම දැකල තියනවා. අනිත් අයට කලින් ඒ ගොල්ල කොම්පියුටර දිහා බලන්න ඇති කියල. බූරු බේබ් ගේ කොමෙන්ට් මම කියවා තියනවා සමහර බ්ලොග් වල. . මගේ පලවෙනි ඊමේල් එක මට ලැබුනේ අනූ ගණන් වල. මම හාර්ඩ් ඩිස්ක් එක 20MB තියන මැෂින් වල වැඩ කරලා තියෙනවා 88-91 විතර . මෙයාල තමා බ්ලොග් ඔස්තාර් ලා. මේ නෙලුම් යාය කියල පල කරලා බ්ලොග් කට්ටියට තැන දෙන්න හිතුනෙත් මේ ඔස්තාර් ලා නිසාම තමා . අනික මට ලොකු අමාරුවක් නැහැ අතේ තියන සල්ලි විසි කරන්න. මේකට ගොඩක් අය විරුද්ධ නම් නොකර ඉන්න වුනත් පුළුවන්. නමුත් මොකක් හරි පටන් ගන්නයි මම හදන්නේ.
මෙහිදී දේශකයා මා පටු අදහස් ඇත්තෙක් යයිද බුරු බේබ් ට සෘණාත්මක අදහසක් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇතැයිද පැවසුවේය. මෙහිදී මා කිවේ මේ අදහසට මාතලන්, කල්‍යාණ මිත්‍ර, රූපේ ඇතුළු තවත් කීප දෙනෙකු ද විරුද්ධ වූ අතර එය මා බල පොරොත්තු වූ දෙයක් බවයි. නමුත් මට කරන විවේචනයකදී එයට පිළිතුරු දීමට මට සාධාරණ අයිතියක් තිබේ. මෙය විවේචනය දරා නොගැනීමක් වශයෙන් අර්ථ දැක්වීම වැරදිය. මෙහිදී රයිගමයා, රසික හා චෙෆාකි ගේ අදහස් වලට මගේ විරුද්ධත්වය ක් නැත. ඔවුන් යහළුවෙකු ලෙස සලකන අයෙකුට එල්ල වන විවේචනයකට ඔවුන් ඉදිරිපත් වී කිසියම් චරිත සහතික ඉදිරිපත් කරන ලදී. නමුත් මා දුටු බූරු බේබ් ගේ සමහර කොමෙන්ටු වල මේ පිටරට වල ජිවත් වීම අතිශෝක්තියෙන් උපුටා දමා තිබෙනු නිරීක්ෂණය කලෙමි.
මම සෝවියට් දේශයේ අත්දැකීම් අලලා ලියන ඒවා අනවශ්‍ය තේරුමක් නැති දේ වශයෙන් අරූද වරක් නිර්දය විවේචනයක් මට කළේය.
අවසාන වශයෙන් චෙෆාකි කිවේ රුපියල් දහසකට ගත හැක්කේ රෝස්ට් කුකුලෙක් බවයි. ඔහුට පිළිතුරු වශයෙන් මා කිවේ රුපියල් දහසකට මට පොත් දෙක තුනක් ගත හැකි බවයි. උදාහරණ වශයෙන් වනචාරිනි රුපියල් 400, දියෝනිස් දෙවොල පාමුල රු 500, සොරොව්ව රු 350 බත්තලන් ගුණ්ඩුව , අටවක පුත්තු 450 ආදී වශයෙන් හෝ රොස්ට් කුකුලන් භාගයක්, කාලක් වශයෙන් අර්ථ දැක්විය හැකිය.
වතු කම්කරුවන් ඊයේ පෙරේදා වර්ජන කරන්නට පටන් ගත්තේ දෛනික වැටුප රුපියල් දහස කරන්න කියාය. මහපොළ දෙන ගානේ සිට දාහක් වත් වැඩි කරන්නට සිසුහු ඉල්ලති. අපි කවදාවත් ලංකාවේ පාරේ ඇවිදින විට රුපියල් දාහක් හිඟන්නෙකුට විසි කරන්නේ නැත. මම ලංකාවේ හෝටල් වල නතර වීමට යද්දී රුපියල් දාහක් දෙදාහක් අඩු කර ගැනීමට බලමි. ඇඹරැල්ල ගෙඩිය අර උපාසක අම්මා දුන්නේ හිතේ කැමැත්තෙනි. මා පහත් කිරීමට නොවේ. මගේ මහන්සිය ඇඹරැල්ල ගෙඩියට සම කිරීම ගැන මම අමනාප වුයේ නැත. අප තෑග්ගක් යමෙකුට දෙන්නේ තෑග්ගේ වටිනාකමටත් වඩා ක්‍රියාව හෝ අවස්ථාව අගය කිරීමටය.
හැබැයි මට අමතක වූ කාරණයක් තිබේ. ලංකාවේ චන්දයක් ලංව මෙවන් යෝජනාවක් ගෙන ඒමයි. මට එය ඒ වෙලාවේ මතක් වුයේ නැත. සමහරවිට බූරු බේබ් ඇතුළු විවේචනය කරන අයගේ සිතේ එයත් රඟ දෙන්නට ඇත.
මම මුල්ම රුපියල් දහස පොත් ගැනීමට කියා පිරි නැමීමට සිටියේ යාං හෑල්ල ලියන ශ්‍රන්ගයා ටය. නමුත් යෝජනාව කලා නම් ජුවා හා පුචාට වඩා හොඳ රැකියාවක් හා තත්වයක් ඇති ශ්‍රන්ගයා මගේ ඔලුව පලන්නටද ඉඩ තිබිණි. මේ නිසා මා බේරා ගැනීම ගැන බූරු බේබ් , දේශකයා , රූපේ , මාතා, රසික, රයිගමයා හා චෙෆාකි ට ස්තුති වන්ත වෙමි. එසේම මේ යෝජනාවට සහය පල කල, මගේ නිස්සරණාධ්‍යශය තේරුම් ගත් කවිකාරි මං, කුරුටු, නොකී කතා, බුද්ධික කන්දෙපොල, රසික, මහේෂ් රත්නායක, ලොකු පුතා, මධු මාධවී , මනොෂ් සඳරුවන්, එල ද බ්‍රා , රොහාන් ධනංජය, රාජ් හා තරු රසී ටද මහත් සේ ස්තුති වන්ත වෙමි. චන්දය අවසාන වූ පසු පොත් කිහිපයක් සම්මාන ලෙස සෑම මසකම ලබා දීමට ලංකානිව්ස්වෙබ් කර්තෘ චන්දිම විතානාරච්චි මහතා සමග සාකච්චා කරමි. වෙනත් සෑම වතාවක මෙන්ම පොත් ගැනීමට උදව් කරන අයද සොයාගත යුතුය. මේ සැරේ හිමාශි නම් කීයට වත් බැනුම් අහන්නට නැවත එන්නේ නැත.