(අළුත බැඳපු කෙල්ල)
මොකෝ , තව කුමර බඹසර තියාගත්ත එවුන් ඉන්නවද?
බිරිඳ වෛද්‍යවරයෙකු වන සැමියාට දුරකතනයෙන් අමතයි.
"දයාබරය, ඔයා කොහෙද මේ වෙලාවේ ?"
එක්තරා වෙබ් අඩවියක සංගීත වාදනයක් සොයාගත හැකි විය. එය හඳුන්වා දී තිබුනේ මෙසේය:
සංසර්ගය සඳහා නොනවත්වා දිවෙන මෙලඩියක්.
දිවෙන සම්පූර්ණ වේලාව විනාඩි 2 තත්පර 29
මේක මොන සංකීර්ණ වැඩක්ද (වාහනයට තෙල් දැමීම)
ටැක්සි රියදුරෙකු ඇම්ඩා වැනි පුංචි කොලු ගැටයෙකු හා ඔහු ගේ මව රථයට නංවා ගත්තේය. කටකාරෙයෙකු වූ කොල්ලා තොර තෝංචියක් නැතිව ඔහේ කියවයි. රියැදුරාට හොඳටම මළ පැනලාය.
කොලු ගැටයා: ඔන්න දැන් මගේ තාත්තා අලියෙක් නම් , මගේ අම්මා ඇතින්න, මම පුංචි අලි පැටියෙක්. එක්කෝ මගේ තාත්ත වෘකයෙක් නම් අම්ම වෘක ධේනුව , මම වෘක පැටියා.ඔන්න තාත්ත මොණරෙක් නම්, අම්ම සෙබඩ , මම පුංචි මොණර පැටියා ..ඔන්න ...වශයෙන් කියවයි.
ඉවසීමේ කෙළවරක උන් ටැක්සි රියැදුරා මෙසේ ඇසීය.
මේ කොල්ලෝ උඹේ තාත්ත බූරුවෙක් නම් අම්ම බූරු දෙන නම් උඹ මොකාද?
කොලු ගැටයා; ටැක්සිකාරයෙක්
ඇමෙරිකන් කාරයෙකුයි, ඉන්දියානුවෙකුයි රුසියානුවෙකුයි අපායට යැවුනලු. තුන් දෙනාම යමයා ට කියනවලු "අනේ අපි මෙහෙ ඉන්න ඕනේ අය නෙමේ, දිව්‍යලෝකේ ඉන්න ඕනේ" කියල.
යමය කීවලු "හොඳයි මම උඹලට ගහනවා මගේ කසයෙන් තුන් පාරක්. උඹල බේරුනොත් මම උඹලව යවනවා දිව්‍යලෝකේ. නැත්නම් අපායේ ගිනි දැල් තමයි. උඹලට ලෝකේ ඕනෑම දෙයක් ආරක්ෂක පළිහක් හැටියට භාවිතා කරන්න පුළුවන්"
ඇමරිකන් කාරය සුපුරුදු විධිහට පැන්නලු ඉස්සරහට. "කජ්ජක් නේ. අපේ රටේ නොයෙකුත් රටවලින් ආපු හොඳම විද්‍යාඥයෝ ටික ඉන්නේ . කියල අපායේ කොමියුනිකේෂන් භාවිතා කරලා ඇමෙරිකාවට කතා කරලා ඩිප්ලිටඩ් යුරේනියම් (ඝනත්වය වැඩි) හෙම භාවිතා කරලා හයි ටෙක් පලිහක් හදල ගෙන්න ගත්තලු. ඇමෙරිකන් කාරය ඒක පිටි පස්සේ හැන්ගුනලු. යමයා ගැහුවලු පාරක්. පොඩි පැල්මක් ආවලු. දෙවෙනි පාර ගැහුවලු . පළිහ දෙකට කැඩුනලු. තුන්වෙනි පාරට ඇමෙරිකන් කාරය කෙලින්ම ගිනි දැල් ගොඩේ ලු.
ඉන්දියන් කාරයාගේ වාරේ. පොර හොඳට අත පය කරකවල යුරෝපේ, ඇමෙරිකාවේ යෝග ක්‍රම හොරකම් කරපු එවුන්වත් නොදන්නා සිරාම සිරා යෝග ධ්‍යානයකට සම වැදුනලු. යමයා දෑත බදලා ගැහුවලු හොඳ පාරක්. මුකුත් නැහැ. දෙවෙනි පාරත් ගැහුවලු. ඉන්දියන් කාරය පොඩ්ඩක් විතර වෙව්ලුවලු. තුන්වෙනි පාරට ඉන්දියන් කාරයට "හුප්" ගෑවුනාලු. එච්චරයි . යමයා හොඳටම සතුටු වෙලා "හා උඹ පලයන් දිව්‍ය ලෝකෙට කියල."
යමය හැරුනලු රුසියානුව දිහාට.
ඉන්දියන් කාරයෝ කියන්නේ හැම මගුලටම හොට දාන එවුන් හින්ද ඉන්දියන් කාරයා කීවලු යාමයට, "අනේ මට අවසර දෙනවද රුස්සගේ පලිහ මොකක්ද ඌ බේරෙන්නේ කොහොමද බලන්. මම අහපු හැම ජෝක් එකේම රුස්සට තමයි හොඳටම කෙළ වෙන්නේ කියල"
යමයත් හා කියල රුස්සට කිවලු, "කෝ උඹේ පළිහ . ලැහැස්ති කරපන් කියල"
රුසියානුව කීවලු "අපි කොහොමත් ටෙක්නොලොජි එක උස්සනව කියලනේ මුන් කියන්නේ. ඒ නිසා අවුලක් නැහැ. මගේ පලිහ තමයි ඉන්දියන් කාරය " කියල.
අපායෙන් ලැබුන ආරංචි වල හැටියට රුසියානුව දෙව්ලොව ගිහින්.
අන්තිම එක සුපුරුදු පරිදි ස්ටාලින් ගේ එකක්.
ස්ටාලින් කතාවක් කරනවලු පක්ෂ සම්මේලනයක. "මම මගේ රුධිරය බින්දුවෙන් බින්දුව කම්කරු පන්තියේ නිදහස සහ විමුක්තිය සඳහා පුද කරන්න ලැහැස්තියි "
ශාලාවෙන් එනවලු පොඩි තුන්ඩුවක්.
"ස්ටාලින් සහෝදරයා , ඔක්කොම එකපාර පුද කෙරුවොත් වඩාත් සුදුසුයි නේද "