මුල් ලිපිය මෙතැනින් කියවන්න.
ලංකා සමසමාජය ගැන කතා කරන විට පොපි මල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහිව සුරිය මල් ව්‍යාපාරය පැන නැගුනු හැටි මතක් කලෙමි. එලෙසම ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයටද පැරණි වාමාංශික නායකයන් මහත් සේ සහය දුන්හ. මිනිසුන්ට ඒ කාලයේ පරිප්පු ඇතුළු සහනාධාර බෙදු හෙයින් ඇන් ඇම් "පරිප්පු මහත්තයා" වශයෙන් ද ප්‍රසිද්ධ විය. එනිසාම ඔහු 1977 දක්වාම රුවන්වැල්ල ආසනය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් සටනේ පුරෝගාමීන් වූයේද ඔවුන්ය. බ්‍රිතාන්‍යයෙන් පුර්ණ නිදහස ඉල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.
බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් සහන ලබා ගැනීම මගින් නිදහස දිනා ගැනීමට එෆ් ආර් සේනානායක ප්‍රමුඛ ලංකා ජාතික සභාව (Ceylon National Congress) කටයුතු කළේය. ඔහු සමග දෙමළ ජාතික පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බි ජයතිලක , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , ඊ ඩබ්. පෙරේරා , එච් ඩබ් අමරසුරිය ආදීන්ද වූහ .
වර්ෂ 1943 දී ඩී එස් සේනානායක මහතා ජාතික සභාවෙන් ඉවත් වූයේ ඔවුන් (ජාතික සභාව) ඩොමිනියන් තත්වයෙන් පමණක් සෑහීමට පත් වීම නිසාය. එක්සත් ජාතික පක්ෂය 1946 දී බිහි වූයේ මින් පසුවය. මේ නිසා ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඇන් ඇම් කොල්වින්ලාගේ සම සමාජයද රටේ පූර්ණ නිදහස උදෙසා සටන් කළහ.
මා පෙර ලිපිය අවසන් කලේ පැරණි වමට සෝවියට් සාහිත්‍යයේ බලපෑමක් සිදු නොවීයයි යන නිගමනයට එළඹෙමින්ය.
පැවති එජාප පාලනය බිඳ දමා බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ 1956 දීය. මේ වනවිට ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳුණු සෝවියට් වාදී එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී. මහජන එක්සත් පෙරමුණ වශයෙන් ඔවුන් හා සම සමාජ පක්ෂය බණ්ඩාරනායක රජයට එක්විය. බණ්ඩාරනායක ආණ්ඩුව කිසිම බල කඳවුරකට නොබැඳී සිටීමේ ප්‍රතිපත්තිය යටතේ සෝවියට් දේශය සහ චීනය සමග තානාපති සම්බන්ධතා 1957 දී අරඹන ලදී. සෝවියට් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය 1959 දී පිහිටුවන ලදී.ඉතා සීමිත ලෙසින් සෝවියට් සාහිත්‍යය හා පුවත්පත් ශ්‍රී ලංකාවට ඒමට පටන් ගත්තේ ඉන් පසුවය. ඔරුවල වානේ කම්හල, මෝදර පිටි කම්හල හා කැලණිය ටයර් කම්හල පිහිටුවීමට ගිවිසුම් අත්සන් කෙරුණේද මේ කාලයේය.
එවකට පැවති දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් වැසියන්ගේ වීරකම් මෙන්ම රතු හමුදාවේ ජයග්‍රහණයන් ලොව පුරා ප්‍රචාරණය කිරීමට "සෝවියට් සතිය " නමින් සඟරාවක් 1942 දී පමණ සෝවියට් විදේශ අමාත්‍යංශය හා සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පළ කරන ලදී. මේවා මුලදී බෙදා හරින ලද්දේ තානාපති කාර්යාල මගිනි. පසුව "සෝවියට් දේශය" යනුවෙන් මාස් පතා පල කෙරුනේ මේ සඟරාවයි.
ස්ටාලින්ගේ මරණයෙන් පසු චීනය සෝවියට් දේශයට ප්‍රතිවිරුද්ධ මතයක සිටියේය. එයට හේතුව නිකිතා කෘෂෙව් (1953-1964) හා ඔහුගෙන් පසු බලයට පත්වූ සෝවියට් ජනාධිපති/පක්ෂ ලේකම් වරු ස්ටාලින් වාදයට විරුද්ධව අදහස් පල කිරීමයි. ලෙනින් අසලම එම්බාම් කර සංරක්ෂනය කර තිබු ස්ටාලින්ගේ මිනියද කෘෂෙව් ගේ අණින් ඉවත් කර ලෙනින් ගේ සොහොන් ගෘහය පිටුපස තාප්පය අසල මිහිදන් කරන ලදී.
නිකිතා කෘෂෙව් ස්ටාලින් විසින් පක්ෂයට කරන ලද ද්‍රෝහී ක්‍රියා ගැන ප්‍රසිද්ධ කතාවක් කරන ලද අතර මේ ක්‍රියාවලිය "ස්ටාලින් ඉවත් කිරීම de-Stalinization" ලෙස නම් කරන ලදී. ස්ටාලින් ගේ අණින් මරණ ලද හෝ සයිබීරියාවේ වැඩ කඳවුරු (ගුලාග්) වලට යවන ලද මිලියන් 20ක පමණ සෝවියට් ජනතාව ගැන ප්‍රසිද්ධියේ විස්තර සපයන ලදී. එසේම ගුලාග් (වැඩ කඳවුරු) වසා දමා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලදී. රුසියාවට අයත්ව තිබූ ක්‍රිමියාව උක්රයිනයට භාර දුන්නේද මේ කෘෂෙව් මය.
මහජන චීන ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ සභාපති මා ඕ සේතුං හා අගමැති චෞ එන් ලායි සෝවියට් දේශය ස්ටාලින්වාදයෙන් පිට පැනීමට විරුද්ධ විය. මේ නිසා සෝවියට් දේශය සහ චීනය අතර මතවාදී විරුද්ධත්වයක් හට ගැනිණි. " මොස්කව් වල වැස්සොත් කොළඹ කුඩ ඉහළනවා" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා පීකිං වල වැස්සොත් කොළඹ කුඩ ඉහලන චීන පිල ලෙසින් බෙදිණි. චීන පිල බිහි වූයේ 1960 පමණය.
සෝවියට් දේශය ස්ටාලින් වාදය ඉවත දමමින් නැවතත් මාක්ස් ලෙනින් වාදයට යාම පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන සමයේ චීනයේ මාඕ සේතුං සංස්කෘතික විප්ලවය දියත් කරන ලදී. (cultural revolution) මේ සමයේ මිලියන් 30 කට අධික චීන ජනතාවක් ඝාතනය වුනි. මාඕ ට සහය දුන් සටන් සගයන් පවා "නැවත ඉගෙනීම" පිණිස අති දුෂ්කර තත්වයන් යටතේ ජිවත් වීමට ගම්වලට පටවන ලදී. (ඩෙන් ෂියා ඕ පින් එවැන්නෙකි)
වසර 1963 දී කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවියට පත් වූයේ මාඕවාදී පොල්පොට්ය. වසර 1979 දක්වා පැවති ඔහුගේ පාලනයේදී "නැවත ඉගෙනීම" සඳහා ගම් වලට යැවුණු මිලියන් 1 සිට 3 දක්වා ජනතාවක් ඝාතනය විය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1962 සභාග ආණ්ඩුවකට පිවිසුණි. එක්සත් වමේ පෙරමුණ යටතේ කොමියුනිස්ට් පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සම සමාජය හා මහජන එක්සත් පෙරමුණ රජයේ සිටියද ඇමති ප්‍රශ්න නිසා එය බිඳී ගියේය. ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සිසුන් 31 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට පිටත් කෙරුනේ මෙම වාමාංශික රජය සමග අත්සන් කළ ගිවිසුමකිනි. ශිෂ්‍යත්ව ලබා දුන්නේ මිත්‍රත්ව සංගමය හරහා වන අතර බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සිසුන්ට පමණක් අවස්ථා ලැබිණි. සමහර විට අයදුම් කරන ලද්දේද ඔවුන් පමණක් වන්නට ඇත.
මෙසේ ගිය එක සිසුවකු වන රෝහණ විජේවීර වසර කිහිපයකින් පසු රෝගී තත්වයක් උඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට ඔහු චීන පිලේ නිසා රුසියානු තානාපති කාර්යාලය වීසා ප්‍රතික්ෂේප කල බව කියති. මේ කතාව පිළිගත නොහැක්කේ සෝවියට් වීසා ලබා දෙන්නේ කාල වකවානුවකට බැවිනි. එම කාල වකවානුව තුළ නැවත පැමිණීමේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්නම් රුසියානු තානාපති කාර්යාලයට යාමේ අවශ්‍යතාවයක් නැත.
මා වඩාත් විශ්වාස කරන කතාව නම් විජේවීර සමග කිසියම් අමනාපයකින් හෝ ඉරිසියාවකින් සිටි සිසුවෙකු හෝ දෙදෙනෙකු ඔහුට එරෙහිව මිත්‍රත්ව සංගමයට චෝදනා කළ පසු ඔහු විශ්විද්‍යාලයෙන් පහ කිරීමට මිත්‍රත්ව සංගමය කටයුතු කල බවය. ඔහුට එරෙහි චෝදනාවල ඔහු චීනයට පක්ෂව කතා කරන බවටද චෝදනාවක් අඩන්ගුවී තිබුනේ යයි කියති. විජේවීර පැහැදිලිව කියා තිබුනේ සෝවියට් දේශය ධනවාදය කරා ගමන් කරන බවත් මාඕ ගේ ස්‌ථාවරය නිවැරදි බවත්ය. විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා ඔහු සෝවියට් දේශයට පැමිණියේ එහි එවකට නායක එස් ඒ වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් බව කියවේ. එසේම නැවත රුසියාවට පැමිණීමට ඔහු පක්ෂයේ උසස් අයගේ උදව් පතා ගියත් එයද නොලැබී තිබුණි.
මිත්‍රත්ව සංගමය හෝ කොමියුනිස්ට් පක්ෂය හරහාත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාත් ගිය සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල හැකි වුයේ අදාල විශ්ව විද්‍යාලයට සහ මිත්‍රත්ව සංගමයටය.
(මේ තත්වය වෙනස් වූයේ 1980 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය සෝවියට් දේශය සමග ගිවිසුමක් ගැසීමෙනි. සෝවියට් ශිෂ්‍යත්ව වල අගය වටහා ගෙන සිටි ජේ ආර් ශිෂ්‍යත්ව සඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමට සෝවියට් දේශය එකඟ කරවාගෙන දෙරටේ අධ්‍යාපන අමාත්‍යංශ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් සංවිධානය කළ සම්මුඛ පරීක්ෂණ දෙකක් හරහා තෝරා යවන ලද්දේ ඉන් පසුවය. මා සම්මුඛ පරික්ෂණයට අයදුම් කලේද මේ ශිෂ්‍යත්ව පිලිබඳ දිවයින පුවත් පතේ පල කල දැන්වීමකට අනුවය.මේ සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ හැක්කේ පක්ෂයකට හෝ මිත්‍ර සංගමයට නොව රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණය.)
කේ ශන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට මුලින් බැඳුනු විජේවීර මහතා ඉන්පසු තමන්ගේම පක්ෂයක් සංවිධානය කළේය. නව වම වුයේ ඔහු විසින් එසේ පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණයි.
වසර 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටවූ සමගි පෙරමුණු රජයට කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ද ඇතුලත් වුනි. වසර 1971 වනවිට සිංහල තරුණයන් බහුතරයක් විසින් වාමාංශික සමගි පෙරමුණු රජයට එරෙහිව කැරැල්ලක් ගසන ලදී. කැරැල්ලේ න්‍යායවාදී නායකයා වූ විජේවීර අනුගමනය කළේ චීනයට හා මාඕ වාදයට පක්ෂ ප්‍රතිපත්තියකි. ඔහුගේ එක පන්තියක් වුයේ ඉන්දියානු ව්‍යාප්තවාදය යන්නය. ඉන්දියාව සමග දේශ සිමා යුද්ධයක පැටලී සිටි චීනය ඉන්දියානු ව්‍යාප්තවාදය තදින් විවේචනය කළ රටකි. (නමුත් සැබවින්ම සිකීමය හා ටිබෙටය ආක්‍රමණය කළේ චීනයයි.) මේ කැරැල්ලට විරුද්ධව සිරිමාවෝගේ රජයට සහය දීමට ඉදිරිපත් වූ එක රටක් වන්නේ සෝවියට් දේශයයි.කැරැල්ලට පක්ෂ යයි සැක කල එකම රට වුයේ උතුරු කොරියාවයි.
රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වන චෙකොව් ගේ පොත් ඒ පී ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද්දේ 1949 තරම් ඈත කාලයේය. (රුසියානු කෙටි කථා) ඉන්පසු බොහෝ රුසියානු සාහිත්‍ය පරිවර්තන කෙරුණු අතර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කල උඩකැන්දවල ශ්‍රී සරණංකර හිමියන් පලකල "නවලෝකය " සඟරාවේ ඒවා පළවන්නට විය. මේ සාහිත්‍ය පරිවර්තන බොහොමයක්ම ප්‍රේමකතා සහ පූර්ව විප්ලවීය සම්භාව්‍ය රුසියානු සාහිත්‍යය කෘති වීය.
විජේවීර මහතා ගේ ලුමුම්බා සමකාලීනයකු වූ පද්මහර්ෂ කුරණගේ මහතා චෙකොව් ගේ මෙන්ම වෙනත් කතුවරුන්ගේද කෘතීන් අනගි ලෙස පරිවර්තනය කරණ ලදුව මොස්කව් ප්‍රගති ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මේවා කිසිවක් රුසියානු විප්ලවයට සම්බන්ධ ඒවා නොවීය. දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන එන්නේ පසු කාලයකය.
මේ නිසා මේ 1971 කැරැල්ලට සහභාගී වූ තරුණයන්ට සෝවියට් සාහිත්‍යයේ බලපෑම එතරම් ප්‍රබල වුවක් යයි කීම ඉතා අපහසුය.මගේ නිගමනය නම් 1971 කැරැල්ල දක්වා වූ කාලය අතර තුර නව වමට බලපෑවේ සෝවියට් සාහිත්‍යය නොව විජේවීරගේ මාඕ වාදය බවයි. ග්‍රාමීය තරුණයන් කැරැල්ල සඳහා විජේවීර සංවිධානය කළේත් මාඕ වාදය අනුව මිස ලෙනින් වාදය අනුව නොවේ. ලෙනින් ඔක්තෝබර් විප්ලවය ට්‍රොස්ට්කි සමග සංවිධානය කලේ පෙත්රෝගාඩ් (සෙන්ට් පිටර්ස්බර්ග්) නාගරික කම්කරුවන් හා සොල්දාදුවන් අතර මිස රුසියානු ග්‍රාමීය ගොවි ජනතාව අතර නොවේ.
~මතු සම්බන්ධයි
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20160304/282510067654331
https://www.thoughtco.com/body-of-stalin-lenins-tomb-1779977
විජේවීර ලුමුම්බාවේ |

ස්ටාලින් වළ දමා ඇති ස්ථානය (පින්තූරය මා විසින් ගත් එකකි) |